Рет қаралды 9,518
අහසට බයේ ද
පොළොවට බයේ ද
පාගපං මස්සිනේ...
සුළඟින් පුරෝපු
යකඩින් නමාපු
සයිකලේ ගැස්සුනේ
මම නෙවෙයි
සයිකලේ ගැස්සුනේ....
සක් දෙවිතුමා ද
අන්තිම වුණාම
පෑගුවෙත් සයිකලේ..
ඇයි ඔහෙ බයේ ද
කලිසම කොහේද
පාගපං මස්සිනේ
මගෙ නෙවෙයි
පාගපං මස්සිනේ...
කණ්නාඩි කුට්ටම
දුර ඈත දැක්කම
ඇස් දෙකත්
ලෙඩ වෙලා...
වැටුණත් උළුකුව
තෙල් ගා වැළකුව
පරපුරේ ඉපදිලා
පරපුරේ ඉපදිලා....
ලංකාව මා ළඟ
ඔහෙ ප්‍රංශෙ යනව ද
සයිකලේ නව නවා...
මොනවද හිතවත
දොඩවන්නෙ කටමැත
මගෙ දෙපා ගැහෙනවා
මගෙ දෙපා ගැහෙනවා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ රෝයි ද සිල්වා
චිත්‍රපටිය : ටොම් පචයා (1977)
ඉදිරිපත් කිරීම :ආර්. එස්. චිත්‍රපට
නිෂ්පාදනය : අයි. එම්. ඉබ්‍රාලෙබ්බේ / සුමනා අමරසිංහ
සම අධ්‍යක්ෂණය : රෝයි ද සිල්වා / ස්ටැන්ලි පෙරේරා