Рет қаралды 54,060
=====අපහාස කවි=====
අපහාස කවි යනු විදග්ධ සමාජයේ හමු නොවෙන,ප්රාථමික සමාජ සන්නිදවේදනය තුළ හමුවන කවි විශේෂයකි.මේවායේ සංයමය,කරුණ රසය,උපේක්ෂාව ආදී ගුණාංග හමු නොවෙයි.විචාර බුද්ධියෙන් තොර ව කෙනෙකුගේ පුද්ගලික හෝ බාහිර ගති ලක්ෂණ මූලික කරගෙන කරන්නා වූ දොස් පැවරීම ආහාසය නම් වෙයි.මේ අවිචාරවත් නරක තත්වය සිංහල ජන කවි අතර මෙන්ම අන්දරේගේ කවි අතර,ගජමන් නෝනාගේ කවි අතර,කැලෑ පත්තර කවි,දේශපාලන වේදිකා කවි,හිටිවන කවි,වස්කවි,වැසිකිලි කවි මෙන්ම ඇතැම් අනවින-කොඩිවින-යාගහෝම ආදියෙහි කියන කවි අතරද හමුවෙයි.අපහාසය යනු දුර්වල මිනිස් පුරුද්දකි. ජන සමාජය මෙන්ම එහි පවතින ගැටුම් පිළිබඳ විශ්ලේෂණයන්හිදී මෙම අපහාස කවි ඔස්සේ බොහෝ කරුණු කාරණා සපයාගත හැකි වෙයි.
Mahinda Prasad Masimbula: mahinda...
Santhawa Books: www. san...