Рет қаралды 5,226
මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
අන්න ඒ ගමනේ තවත් අඩියක් ඉස්සරහට තියලා ආපහු එන්නයි මේ සූදානම් වෙන්නෙ. මම අද මගෙ හයවෙනි රටට සමුදෙනවා. ඒ තමයි පිලිපීනය. ගිණිකොනදිග ආසියාවට අයත් සුන්දර දූපත් රාජ්‍යයක් වන මේක, ලෝකයේ දූපත් වැඩිපුරම අයිති රටවල් වලින් 14 වෙනි තැන දිනාගෙන ඉන්නවා. මේ දූපත් වලින් මම මගේ සන්චාරයට තෝරගත්තෙ Cebu Island. Cebu කියන්නේ පිලිපීනයේ ධනවත්ම නගරය. ඒ වගේම රට ඇතුලෙ තියන අපූරු භූ විෂමතාවයත්, සුන්දර දියඇලිත් මේ සන්චාරයට Cebuම තෝරගන්න හේතුවුණා.
මම මේ ගමනට තෝරගත්තේ Cebu Pacific Airline එක. මේක Budget Airline එකක් විදියට මේ කලාපයේ සෑහෙන්න ජනප්‍රිය Airline එකක්. අපි අද ඒකෙන් කන්නයි මේ සූදානම් වෙන්නෙ
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
---------------------------------------------------------------------------------------------------------------------
I'm Kasun, from planet 361 stories KZbin channel. The most of you got to know me because of my video game analysis and news channel @Planet361. I am creating this planet 361 stories channel to share my life experiences with you and to encourage those who are exploring the world out of the box.
And I have a big goal in my life, to visit 100 countries in the world before I die. The purpose of this planet 361 stories is to share the experiences of those journeys with you and to help you if you have a similar goal.
This is an another step forward in my circumnavigation of Earth. Today I am going to visit my sixth country, Philippines. This is a beautiful island nation belonging to Southeast Asia, and it is the 14th country with the most islands. I chose Cebu Island for my exploration among those 7000+ islands. Cebu is the richest city in the Philippines. Also, the wonderful topography and beautiful waterfalls in the country made Cebu to be chosen for this trip. This will be one of the most beautiful destinations.
So let's explore the world beyond the 360 degrees with planet 361 stories. Cheers!
#cebu #philippines #kawasanfalls #cebucity #planet361