Chando Ma Bilinde චන්දෝ මා බිලිඳේ ගායනා 6- Replaced with

  Рет қаралды 1,708

Chiran Windsor

Chiran Windsor

Күн бұрын

Will be deleted - forgot to give credit to Anura Salgadu who edited Suchithra Mithra Version
1drv.ms/b/s!Ar...
කොටු වරහන් තුළ දමා ඇත්තේ වි බොහෝ විට වැරදියට ලියැවෙන වචන.
පතර බලැති සිරි කුන්ද විදාරණ
විතර බලැති සිරිධර පංච තාලෙන [පංච පාලන]
බාලොලි ලොල් - ලොලි ලොල්ල බිලින්ඳේ
නාඬන් දැන් එනු දෑ [බෑ]
චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ9 කොමළත නිරිඳුට දා වුන් //
දැන් දෙවිඳුන් මට දුන් දරු [ගරු] රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන් ගිරගින් පායයි මුළු දීපා
මන්මද බැන්දලු සුන්දර රූපා
චන්දෝ මා බිලිඳේ...
තැන තැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා
චන්දෝ මා බිලිඳේ...
අවර18 වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුළිඳු හඬලන්නා
චන්දෝ මා බිලිඳේ...////
පද: පුරාණ සිංහල දරුනැලවිල්ලක්
තනුව සහ සංගීතය: ඩබ්ලියු. ඩී. අමරදේව
ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව සමග විවිධ ගායිකාවන්
1947 කාව්‍ය සංග්‍රහව හෙවත් කව් සඟරාවේ 280 වන පිටේ - ලුවිස් ද සොයිසා වන්නි හත්පත්තුවේ වැද්දන්ගෙන් එකතු කළ කවි පන්තියක් ලෙස අඟවමින් පල කළ කවි පන්තිය
1947. චන්ද්‍රා බා බිලිඳේ
කෝන් ගචේ මුල ඉහලට ජානා
හීන් ගචේ ඉඳ හා හූ ගානා
පැන්න කලට [කුකුලන් හඬලන්නා]
ඔන්න බිලිඳු බකමූනු අඬන්නා
1948. වත්ත පහල ඉඳ හෙමින් අඬන්නා
අපොයි කියා බඩරුජා කියන්නා
හෙමින් ඇවිත් අගු කොනම අඬන්නා
ඔන්න බිලිඳු බෝදිලී අඬන්නා
1949. චන්ද්‍රා බා බිලිඳේ
ගඩි ගිඩි ගාමින් බඩ ගොරවන්නා
මහ ගච පොඩිකර බිමත ලවන්නා
වට චිටි පැටියන් ලග කැදවන්නා
ඔන්න බිලිඳු ඇත් රැල බිඳ එන්නා
1950. චන්ද්‍රා බා බිලිඳේ
[පැන පැන අතු අග කොළ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට චිටි පැටියන් ලග කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන එන්නා] ගීතයේ දෙවන අන්තරා කොටසට සමාන කවිය
1951. [චන්ද්‍රා බා බිලිඳේ නුඹ නාඩන්
ඉන්ද්‍රා කොමලත් නිරිඳුට දාවූ
බාලොලින් නාඩන් බිලින්දේ
නාඩන් දැන් එත්දෑ] ගීතයට යොදා ගත් ස්ථායී කොටසට සමාන කොටස
1952. පිටනන් ඔහුගේ පත්‍ර කිතුල්ලා
කටනන් [sic කගනන්] ඔහුගේ කුනු කෙල මල්ලා
කොටකම් බුච්චා ඉචුරු මහල්ලා
ගෙට පැනලා හිට ගෙනියති අල්ලා
“ලුවිස් ද සොයිසා මහමුදලි තුමා වන්නි හත්පත්තුවට ගිය කාලෙදි වැද්දන්ගේ කව්, සිලෝ, ගීතිකා, දරුනැලවිලිද ඔවුන් විසින් ඔප්පු කර තිබේ. එයින් වැදගත් කීම් එකොළොසක් මෙහි අන්තර්ගත කර ඇත්තේය.”
1953 දී පල කිරීම ආරම්භ කළ “සංස්කෘති සඟරාවට” කිරිහාමි මොහොට්ටාල සැපයූ කවි පන්තිය
පතැර බලැති සිරි කුන්ද විධාරණ
විතර බලැති සිරිධර පංච තාලෙන
බාලොලි ලං ලොලි ලන්න බිලින්දේ
නාඩන් දැන් එන්දෑ
දැන් දෙවිඳුන් මට දුන් දරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිරගින් පායයි මුළු දීපා
මන්වද දැන් දරු පෙම් බැඳි රූපා
චන්ද්‍රෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්ද්‍රෝ කොමලත නිරිඳුට දාවුන් //
බාලොලි ලං ලොලි ලන්න...
උන්නු ගසේ ඉඳ ඌටම ජානා
මෙන්න ගසේ ඉඳ හා හූ ගානා
පැන්න කලට කුකුළන් අඬලන්නා
ඔන්න බිලිඳු බකමූණු හඬන්නා
චන්ද්‍රෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්ද්‍රෝ කොමලත නිරිඳුට දාවුන්
පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ළඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිළවුන් පැන යන්නා
චන්ද්‍රෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්ද්‍රෝ කොමලත නිරිඳුට දාවුන් //
බාලොලි ලං ලොලි ලන්න...
ගිඩි ගිඩි ගාමින් බඩ ගොරවන්නා
ගස් බිඳ පොඩිකර ඇද එලවන්නා
වට සිටි පැටවුන් ළඟ කැඳවන්නා
ඔන්න බිළිඳු ඇත් රැළ පන්නන්නා
චන්ද්‍රෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්ද්‍රෝ කොමලත නිරිඳුට දාවුන් //
බාලොලි ලං ලොලි ලන්න...
අවර වෙන්ඩ පෙර ගසට නගින්නා
උදා වෙන්ඩ පළමුව අඬලන්නා
සදා පැටව් වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැව්ලිඳු අඬලන්නා
චන්ද්‍රෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්ද්‍රෝ කොමලත නිරිඳුට දාවුන් //
බාලොලි ලං ලොලි ලන්න...
කිරිහාමි මොහොට්ටාල -
1966 දේවාර් සූර්ය සේනගේ "ලංකා ගීතාවලිය" පොතේ 12-13 පිටේ පල කළ 1931 ආසන්න වසරක උඩුනුවර ගෙලිඔය ආශ්‍රිත හන්දෙස්සේ පදිංචි ජී.ජී. මුදියන්සේ ගායනා කළ කවි පෙළ
චංදෝපම බිලිඳේ නුඹ නාඩන්
චංදෝපම බිලිඳේ
ඉන්දෝ කමලක නිරිඳුට දා වූ
බයි බාලොලි නාඩන්න බිලිඳේ
දැන් ඒවිය නාඩන් පා
දැන් දෙවිඳුන් මට දුන් තුනු රූපා
චන්දන කුන්ද සමන් සිරි සේ පා
වන් පිරිසිඳු යසසින් සුමනාපා
මන්මද දැන් දරු පෙම් බැඳි රූපා
කොක්කන පයියක් උරයක එල්ලා
දික් සැඩ පළු දස අතට අවුල්ලා
සක් ගෙඩියක් පිට ඇවිද තුමුල්ලා
ලක්ගල ආඬි ගුරුන් යයි අල්ලා
චංදෝපම...
බඩ නම් ඔහුගේ පොතු කොල මල්ලා
පිට නම් ඇද මහ පත්‍ර කිඳුල්ලා
කෝඩි සබුක් සහ විසුලු මහල්ලා
ගෙට ඒ විය දැන් පැන යයි අල්ලා
චංදෝපම...
පැන්න තැනම කුකුළන් හඬලානා
කන්නට බත් ලැබ ඌ සැම තෑනා
ගොන්න ගහේ ඉඳ හා හූ ගානා
ඔන්න ඇවිත් පැනපිලු බකමූණා
චංදෝපම...
1986 නොවැම්බර් 17 වන දින සංස්කෘතික අමාත්‍යංශයේ - ජන ගී පටිගත කිරීමේ වැඩසටහන යටතේ - මාතලේ දිස්ත්‍රික්කය යටවත්ත මධ්‍යස්ථානයේ දී - ගම්මුල්ලේ පදිංචි - හේරත් මුදියන්සේලාගේ උඩගෙදර හීන් බණ්ඩා ගායනා කළ කවි පෙළ
බාලොලි ලං ලොලි ලොල්ල බිලින්දේ
උඹ ලොලියන් ලොලි ලොල්ල බිලින්දේ
වන්න ගහේ ඉඳ හා හූ කියනා
ඔන්න කියා පැන්නලු බකමුණා
බාලොලි ලං ලොලි ලොල්ල බිලින්දේ
උඹ ලොලියන් ලොලි ලොල්ල බිලින්දේ
පැන්න කලට කුකුළන් හඬලන්නේ
හඬගා කුකුළෝ ඉගිලී යන්නේ
බාලොලි ලං ලොලි ලොල්ල බිලින්දේ
උඹ ලොලියන් ලොලි ලොල්ල බිලින්දේ
සම්මත ජන කවි" විකිපොතේ පල කළ, ප්‍රකාශන වර්ෂය, කතෘ වසර, ආදී විස්තර නැති කවි පෙළ
ච‍න්දෝ මා බිළි‍ඳේ නුඹ නාඬන්
චන්දෝ මා බිළි‍ඳේ
බයි ලොලි ලන් නාඩන්න බිළින්ඳේ
බයි ලොලි ලන් නාඬන්
කොක්කන පයියක් උර එල්ලා ගෙන
ගම්වල කොල්ලන් ඔක්කොම අල්ලන
බයි ලොලි ලන් නාඩන්න බිළින්ඳේ
බයි ලොලි ලන් නාඬන්
පිට නම් ඌගේ පත්‍ර කිතුල්ලා
ගෙට දැන් පැනවිත් ගෙණ යති අල්ලා
බයි ලොලි ලන් නාඬන්න බිළින්‍ඳේ
බයි ලොලි ලන් නාඬන්
අත්තක් පිට සිට හා හූ ගානා
පැත්තක් නෑරම ඇවිදින් හඩනා
බයි ලොලි ලන් නාඬන්න බිළින්‍ඳේ
බයි ලොලි ලන් නාඬන්

Пікірлер: 9
@Ananda_Jagoda
@Ananda_Jagoda 3 жыл бұрын
මේ දුර්ලභ ගී එකතුව විස්තරාත්මකච සහ අනු පිළිවෙලට සැකසීම පිළිබඳව ඔබට බොහොමත්ම ස්තූතියි!
@ChiranWindsor
@ChiranWindsor 3 жыл бұрын
පස්සේ තව වීඩියෝවක් දැම්මා - ඊටත් පස්සේ නීලා-අමරදේව ගයන මේ ගීතේ ලස්සනම වර්ෂන් එකත් හමු වුනත් පරක්කු වැඩියි. හම්බු නොවෙච්ච එකම එක විමලා-අමරදේව ගායනය.
@wijithagorakanage4560
@wijithagorakanage4560 4 жыл бұрын
Rare collection. Thanks for all the hard work done bringing them to one place.
@ajithnanayakkara6194
@ajithnanayakkara6194 2 жыл бұрын
හරිම අපූරුයි බොහොම ස්තූතියි දයාබර ඔබට...🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 7 ай бұрын
Great Chiran Windsor 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@මියුරසවින්දන
@මියුරසවින්දන 4 жыл бұрын
B3 - The voice is that of Mr. Sunil Sarath Perera. He presented these two songs in one of his weekly Iridaa Sangrahaya (ඉරිදා සංග්‍රහය) programs, around 2006 when he was the Chairman of SLBC.
@dinkal
@dinkal Жыл бұрын
Thank you so much for this. For putting all this hard work. Very fascinating!
@randikawijerathne3306
@randikawijerathne3306 10 ай бұрын
Nice work
@fattavideos7227
@fattavideos7227 11 ай бұрын
❤❤❤❤
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 22 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 35 М.