Рет қаралды 7,837
මලවුන් අතරින් මෙක්සිකෝවට 🇲🇽💀 Día de muertos | අපි කාපු mexican කෑම 😍 තනිකරම CoCo Film එකක්
මෙක්සිකෝව කියන්නේ ලංකාව වගේම හරි ලස්සන පොහොසත් සංස්කෘතියක් තියන රටක්. එයාලගේ හරි ලස්සන උත්සව ගොඩාක් තියනවා. ඒ අතරින් හරිම විශේෂ උත්සවයක් තමා día de muertos කියන්නේ. නැතිනම් මලවුන් සිහිකිරීමේ උත්සවය කියන්නේ. ඉතිං මගේ මෙක්සිකන් යාලුවෙක් මට ආරාධනා කලා එයාලා එක්ක ඒ උත්සවය සමරන්න එන්න කියලා.
ඇත්තටම ජීවිතේ පලවෙනි වතාවට තමා ඒ වගේ ලස්සන උත්සවයකට සහභාගි වුණේ. Coco Film එක බලපු දවසෙ ඉඳලා හරි ආසා වුණා ඒ culture එකට. අවසානෙදි ඒ අත්දැකීමත් ලබාගන්න පුලුවන් වුණා. ඒ විතරක් නෙමෙයි ඔයාලටත් අරගෙන ආවා ඔන්න.
එහෙනම් අපි හැමෝම යමු මලවුන් අතරින් මෙක්සිකෝවට !
💀 🇲🇽