Eda Meda Thura | එදා මෙදා තුර - Cover by

  Рет қаралды 1,036,185

YAKKU

YAKKU

Күн бұрын

ශ්‍රී ලාංකේය සංගීත ක්ශේත්‍රයේ නොමැකෙන සළකුණක් වූ, සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් අප අතරින් සමුගත්තේ කිසිවෙකුගෙන් යළි පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමින්. නවක ගායක ගායිකාවන් සමඟ ඉතා කුළුපගව කටයුතු කළ එතුමා පිළිබඳව අපට ඉතිරිව ඇත්තේ ඉතාම ආදරණීය මතක ගොන්නක්.
එතුමාගේ හඬින් අප නෙතඟට කඳුලක් කැන්දූ මේ අමරණීය ගීතයට නැවත ගැයුමක් අප විසින් කළකට පෙර පටිගත කර තිබුණද, එයට වීඩියෝවක් රූපගත කිරීමට නොහැකි වූ නිසා අන්තර්ජාලයට එක් කිරීමට දිනෙන් දින පමා වුණා.
ඒ නැවත ගැයුම අද මෙසේ ඔබ හා බෙදාගන්නා මොහොතේ අපේ පැතුම,
ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් හට නිවන් සුව ලැබේවා..!
Disclaimer : no copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
Mr. Vimal Jayashantha, Prof. Sanath Nandasiri
Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
YAKKU Official Facebook | / yakkumusicsl
YAKKU Official Instagram | / yakku.music
Contact us : 077 015 8231 | 071 400 9314
#yakkumusic #cover #edamedathura

Пікірлер: 363
@thiwafilmmaker
@thiwafilmmaker Жыл бұрын
අපි මචන් නමින් අපි පටන් අරගෙන කරපු මුල්ම covers කීපය අතරින් "දඟකාර ඔය දෑස" ගීතය ගොඩක් අය ආදරයෙන් වැළඳගත්තා. අපි හිතුවෙ සමහර ප්‍රවීණ කලාකරුවෝ වගේ එතුමාත් අපිට ප්‍රශ්ණයක් ඇතිකරයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. එතුමා අන්තිමේදී අපේ ප්‍රසංගයක නරඹන්නෙක් විදිහට ඇවිල්ලා ගීත පවා ගායනා කරා. ඔහු කවදාවත් වයසට නොගියේ ඒ නිහතමානී කම නිසාමයි. ඒ කටහඬ නැවත කවදාවත් සජීවීව අහන්න ලැබෙන්නේ නෑ කියලා දැනෙන එක ලොකු වේදනාවක්. ඔබ වැනි නිරහංකාර ප්‍රවීණ කලාකරුවෙකුගේ අහිමිවීම අපේ රටට ලොකු පාඩුවක්. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවාණෙනි, ඔබට සුව නින්දක් !
@Crimsonblushag
@Crimsonblushag Жыл бұрын
ඇත්තෙන්ම! ❤️🙏🏼
@deenz15
@deenz15 Жыл бұрын
එතුමා වයසට නොගියෙ ඒ නිහතමානීකම නිසා කියලා කිව්වා , ඒ කතාව මං හිස් මුදුනින් පිලිගන්නවා .මම නිව්යෝක්වල කාලයක් ජීවත්වුනා , මා මිත්‍ර මනෝජ් පීරිස් ( එතුමාගේ මස්සිනා ) 1995 හේ දෙසැම්බර් වල මහාචාර්ය සනත් නන්දසිරි මහතා සහ මල්කාන්ති මැතිනියගෙ අතේ මට තබ්ලා ජෝඩඅවක් එවලා තිබ්බා . Flight එකේ ඇතුලට යද්දි අතේ ගෙනියන්න මේක වදයක් කියලා හිතුවෙ නෑ .කාගෙවත් හිත රිදෙන්න වචනයක් කතා කරන්නෙ නෑ . මේ වගේ නිහතමානී නිරහංකාර මානුෂ්‍ය ගතිගුන වලින් පිරුනු කලා කරුවෙක් මට හමුවෙලා නෑ .එතුමාට නිවන් සුව .මේ ගීතය ඔයාලා අමුතුම රහකට ගයලා , අහන්න .. අහන්න ආසයි . නෝමන් මං එක්ක uk වල හිටපු යාලුවෙක් . ගායනයට වගේම වාදනයටත් අති දක්ෂයෙක් .. ඔයාලා හැමෝටම හදවතින්ම සුබපැතුම් ❤
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
❤🙏
@thiwafilmmaker
@thiwafilmmaker Жыл бұрын
@@deenz15 බොහොම ස්තූතියි ♥️
@gmpinnagoda
@gmpinnagoda Жыл бұрын
😊😊
@SachiPriyadarshani
@SachiPriyadarshani Жыл бұрын
එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා දැස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින් එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්රියේ එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා
@NisalSutheekshana
@NisalSutheekshana Жыл бұрын
මෙවන් ලස්සන නිර්මාණ අපිට දායාද කර, ලස්සන හදවතක් හිමි ඔබ අපි අතරින් සමූගැනීමම දේශයේ අභාග්‍යක්.. ගුරුතුමණි ඔබට නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
@CIL9727
@CIL9727 Жыл бұрын
@Crimsonblushag
@Crimsonblushag Жыл бұрын
❤️
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
❤️❤️❤️
@akalanakahettiarachchi8273
@akalanakahettiarachchi8273 Жыл бұрын
Harima lassanai malli😇
@ralindra_95
@ralindra_95 Жыл бұрын
n m karanna cc n. b coco xv
@ct3049
@ct3049 Жыл бұрын
ඒ පද පේලි වල විරහව උපරිමයට තියෙනවා....ඒත් දැන් ඉන්න උන් හොටු පෙරාගෙන බිම පෙරලි පෙරලි අඬ අඬ විරහ ගීත කිව්වත් ඒ විරහව දැනෙන්නේ නෑ හිනා යනවා මිසක්!
@chathushkanipuna6741
@chathushkanipuna6741 Жыл бұрын
තව අවුරුදු 400ක් යනකොට මේ සින්දු අහන්න අපි කවුරුවත් නැතිවෙයි..නමුත් ඒ වෙද්දිත් මේ ගීත අපෙ අනාගත පරංපරාව රස විදී❤️
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙂 hm
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
​@@ruu-og6jdhm aka atta
@DayanEngineeringWorks
@DayanEngineeringWorks Жыл бұрын
අනාගත පරම්පරාව රස වින්දොත් හොඳයි ❤
@manthila-A12
@manthila-A12 11 ай бұрын
දැන් තියෙන සින්දු වලට වඩා මේකක් අහනකොට මාර නිදහසක්‌ දැනෙනවා....
@nirofernando9234
@nirofernando9234 Жыл бұрын
සංගීත් නිපුන් ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණනී,ඔබට ස්වර්ග රාජ්‍යයේ දොරටු විවර වේවා..🙏🏽🙏🏽❤️🥺
@manushikaprabodhani
@manushikaprabodhani Жыл бұрын
හැමදාම කියනවා වගේ මුළු හදවත පතුලටම මේ ලස්සන කටහඬවල් ටිකේ රහ මාර විදිහට දැනෙනවා...ආදරෙයි හැමදාමත් මගෙ යක්කු ටිකට 🥺❤️🌍 ඒ වගේම අපි අතරින් වියෝවුණ සනත් නන්දසිරි අසහාය ගායන ශිල්පියාට මේ ගීතය උපහාරයක්ම වේවා 🥺❤️
@smusic677
@smusic677 Жыл бұрын
Yes
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
ඇය :අවසරයි සමුගන්න ඔබේ ලොවෙන් මට, යළිත් නොඑන්නම පුරුදු ලෙසින්... නිමා කලා ඔබ හා මා ගෙවූ කාලය තනිවම යමි මා සොදුර ඉතින් ... යලි හමුවෙමු අපි තව එක් භවයක බැදෙනට සුහදව සෙනෙහෙ සිතින්... පිවිතුරු ආදරයේ රස විදිනට යලි අපි අපේම වෙමු ආදර මැණික පෙමින්..😥💐 2023.05.03 💜️
@s.i.t.h.i.
@s.i.t.h.i. 9 ай бұрын
@hwasanthakumara1
@hwasanthakumara1 Жыл бұрын
දෑත ලයේ බැඳි අවසන් ගමන නොකියාම ගිය එතුමා.. අප හදවත් තුල හැමදාම ජීවත් වෙනවා . . ❤️❤️
@achininperera1600
@achininperera1600 Жыл бұрын
ආයේ දවසක.. එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.. ♥️
@avishkamaduranga3092
@avishkamaduranga3092 Жыл бұрын
"ඈත්ව යන්නට සමුගෙන ඔබගෙන්" that part singer have a pure gold voice❤️
@pathmagamage1374
@pathmagamage1374 Жыл бұрын
🙏🙏🙏❤එතුමා වෙනුවෙන් ඔබලාගේ හදපත්ලෙන්ම නැගුණු ශෝකය, සන්තාපය මෙලෙසින් ප්‍රකාශ කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය ඔබසැමටම. එතුමා "අමා මහ නිවනින් සැනසීමට පත්වේවා" ඔබසැමටම තෙරැවන් සරනයි
@sarathgamage4973
@sarathgamage4973 Жыл бұрын
ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණන් හට නිවන් සුව ලැබේවා..!
@madhawadasanayaka5317
@madhawadasanayaka5317 Жыл бұрын
මෙකනම් පට්ටම ලස්සනයි අයියා ❤දැනට කීපරක් ඇහුවද දන්නෑ ❤ ජය වේවා තව මේ වගේ ඒවා කරමු❤
@dilshikapriyadarshani6088
@dilshikapriyadarshani6088 Жыл бұрын
මේ සිංදු ව කොච්චර ඇහුවත් ඇති හිතෙන්නෙ නැ හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනව හැමදාම 💖🥺💖🥺 . යූ ටියුබ් එකට එන හැමවෙලේම අහනවා 🥺💖
@shehanjoseph6701
@shehanjoseph6701 Жыл бұрын
උබලා සිරාවටම යක්කු ටිකක් ඒ voice ටිකෙන් දෙන feel එක මාරම මාරයි🍂 editor&colorist💥😘 💡👌
@dr_demel
@dr_demel Жыл бұрын
හරිම ලස්සනයි 👌එතුමාට උපහාරයක්ම වේවා🙏. ආදරණීය යක්කු ටික බොහොම ස්තුතියි ඔයාලට 🙏💞💞💞💞 සනත් නන්දසිරි මහතාණෙනි ඔබ‍ට නිවන් සුවය ලැබේවා
@roshinikaushalya8724
@roshinikaushalya8724 Жыл бұрын
ලස්සනයි , නෝමන් අයියා නැති අඩුව නං පුරවන්න බෑ කියලා හිතෙනවා.
@redhummer8166
@redhummer8166 Жыл бұрын
හැමදාම වගේ සුපිරි.. නිවන් සුව ආචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණනි
@awindukdampahala8454
@awindukdampahala8454 Жыл бұрын
මාත් මගේ හිතටත් ඔබ සුවදයි.ඈත් නොවේ මැයි එ සුවදින් ❤
@PKDLyrics
@PKDLyrics Жыл бұрын
සුපිරියි. ජයවේවා අප ද සංවේදී කරන යක්කු ! ❤
@YAKKUmusic
@YAKKUmusic Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ 🥰♥️
@UmeshIHewavitharanaClearsky
@UmeshIHewavitharanaClearsky Жыл бұрын
Great work brothers. කරන්න පුළුවන් හොදම උපහාරයක්.
@waruniperera1941
@waruniperera1941 Жыл бұрын
ආයෙ දවසක එක් හිත් ඇත්නම් ව් අපි ඉපදෙමු එකට ප්‍රියේ 🎵🎶 හරිම ලස්සන යි🌹 මගෙ ආසම සිංදුවක් . හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏
@darshanabandara3019
@darshanabandara3019 Жыл бұрын
අමා මහ නිවනින් සැනසේවා කලාකරුවානෙනි
@nadeeshannadeeshanmaduwant2458
@nadeeshannadeeshanmaduwant2458 Жыл бұрын
පට්ට .....පරන සිංදු වල මාර තේරැමක් තියෙන්නේ ...හිතට මාර විදිහට වදින්නේ....
@banu6012
@banu6012 7 ай бұрын
සනත් නන්දසිරි ❤️ මහත්මය සතුටුවෙනව ඇති එහෙ ඉඳන්...
@chathurikabandara7009
@chathurikabandara7009 Жыл бұрын
Yakku set eka adarei...❤️❤️❤️❤️ සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණෙනි ඔබට නිවන් සුව...
@achalapriyangani7637
@achalapriyangani7637 Жыл бұрын
එතුමාට උපහාරයක් ම වේවා... 💕💕💕
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
මන් ආසම සෙට් එක අනේ හිතට පුදුම සැන සීමක් මේ ගීතය හරිම සුන්දරව ගයනවා මල්ලීලා ටික ගුඩ්ලක් සැමදා ඔබලා සමගයි..කියන්න වචන නෑ සිගින් .No.1..ගුඩ්ලක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 9 ай бұрын
සුන්දරත්වය මොනතරම්ද ඉස්සර ට වඩා ඔයාලගෙ ගොඩක් සොඳුරු කටහඬවල් ගොඩක් ස්තූතියි ❤❤❤❤ අපිව මේ තරමට සනසනවාට ඔයාලාට ❤❤❤❤❤❤
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Me denuth,, as walata kadulu enawa. Merena kamma ehemai eka mage jeevithe sathaya as decimal.. 🌹🌹🌹🙏🙏🙏🙏🙏obata godak pin.
@madhawarupasinghe5536
@madhawarupasinghe5536 Ай бұрын
මගේ බිරිඳ මිය ගියේ ඉතාමත් මෑතකදී , මෙම ගීතය ඇසෙන සැම විටම ඇය මිය ගොස් සිටි අයුරු සිහිවේ
@ranilperera7191
@ranilperera7191 Жыл бұрын
ලස්සනයි ගොඩක්,ආදරණිය කලාකරුවාණනි ඔබට නිවන්සුව ලැබේවා
@jayathuperera7477
@jayathuperera7477 Жыл бұрын
ලස්සනයි Intro සහ inter වලට sax හරි clarinet එකක් ආවනම් පට්ටයි
@oshadhawijerathna3382
@oshadhawijerathna3382 Жыл бұрын
සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවාණනි ඔබට නිවන් සුව 🙏
@rusiruperera848
@rusiruperera848 Жыл бұрын
ඔයාලගේ කටහඩවල් නම් ඇත්තෙන්ම භාවනාවක් ජයවේවා අයියලා ටිකට තව දේවල් කරන්න හැකියාව ලැබේවා
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
නිතරම අහනවා. ඔය කටහඩින් තව සින්දු ඕනා. මිහිරි හඩ....❤පුතාට තෙරුවන් සරණයි!
@oshadhawijerathna3382
@oshadhawijerathna3382 Жыл бұрын
මාර රහක් තියෙන්නේ ❤️❤️❤️ ඒ කට හඩවල ❤❤❤
@surangahemachandra
@surangahemachandra Жыл бұрын
සනත් නන්දසිරිගෙ කැමතිම සිංදුව❤
@anomadissanayake1758
@anomadissanayake1758 Жыл бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි...
@TRX828
@TRX828 Жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️
@wasanahewage6141
@wasanahewage6141 Жыл бұрын
ඒකහරි රහයි 💜️💐 සොදුරිය මට නොකියාම ගියා
@HarshaYapa-20
@HarshaYapa-20 Жыл бұрын
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ....
@tharushidhananjana9690
@tharushidhananjana9690 Жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️☺️
@jagathsamarakoon4991
@jagathsamarakoon4991 Жыл бұрын
හදවත් ආමන්ත්‍රණය කරන ගායනයක්...❤️
@thanurirajapakshe3455
@thanurirajapakshe3455 Жыл бұрын
Hamadama wage lassana cover song ekak ❤❤ Me song eka thamai mage thaththage most favourite song eka 💗💗 RIP legend 🙏🙏
@madurangahera5012
@madurangahera5012 Жыл бұрын
ලස්සන දුකබර කතාවක් කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරය කරනව ඒත් කෙල්ලගෙ ගෙදරන් ඒ සම්බන්ධයට කැමැත්තක් තිබ්බෙ නෑ ඒ නිසාම කාලෙකදි ඒ සම්බන්ධය නවතා දමනව කාලයක් ගත උනා පෙම්වතාට කෝල් එකක් එනව පෙම්වතියගෙ තාත්ත "ගෙදර ඇවිත් යන්න එන්න" පෙම්වතා හරිම සතුටින් තාත්ත කැමැත්ත දෙන්න තමා එන්න කියන්න ඇත්තෙ පෙම්වතා හොදට ඇද පැලදගෙන පෙම්වතියගෙ ගෙදර යනව එහි මලගෙයකි පෙම්වතිය මිය ගිහින් ආරාධනය මල ගෙදරට දෑත ලයේ බැද අවසන් ගමනක සොදුරිය මට නොකියාම ගියා -Sanath Nandasiri
@moon.1111.
@moon.1111. 9 ай бұрын
😢❤
@preethiColambage-x5g
@preethiColambage-x5g 8 ай бұрын
එතකොට හොල්මන ද කෝල් කරලා තියෙන්නෙ 😢
@Dinaka.07
@Dinaka.07 3 ай бұрын
​@@preethiColambage-x5g kellge thththne cl ek gnne🙄
@rathmalaneananda4515
@rathmalaneananda4515 Жыл бұрын
හරිම ලස්සනයි ...
@jagathc22
@jagathc22 Жыл бұрын
ගති වැඩක් ❤ ජයවේවා !!
@dumindu200
@dumindu200 Жыл бұрын
අගය දැනේනකොට වෙන්නඔන දෙවල් වෙලා ඉවරයි! ඉන්න ටිකේ පුලූ පුලු වන් විදිහට එකතුවෙලා ජීවිත ගමන සරු කරගමු! දුකයි එත් ඉතින් මොනවා කරන්නද ! Masterpiece ❤ these notes and the voices hits me so hard ❤
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😥👌
@kavisaradias2101
@kavisaradias2101 9 ай бұрын
මේ ගිතයනම් මාර විදිහට හදවතට දැනෙනවා.ඔයාල මේ ගිතය හරි ලස්සනට ගායනා කරනවා.සුභපතනවා ඔයාලගෙ ගමනට.🎉🎉🎉
@DarshanaMahesh-qw2mb
@DarshanaMahesh-qw2mb Жыл бұрын
ඒ පද පෙල එක්ව ඇදුරන්ගේ හඩ ද මුසුව හදවත පසාරු කරන්වා. ඔබලත් එය කිසිදු පලුද්දක් නොකොට මිහිරට ගයනවා ජය වේවා 💕🙏
@DushanthaIndunil-h6i
@DushanthaIndunil-h6i 16 күн бұрын
අපි මචන්,උබලාගේ සින්දු සේරම වගේ අහලා තියෙනවා,යක්කු අලුත් වෙනසක්❤
@hansiudari2753
@hansiudari2753 3 ай бұрын
හේතුවක් නැතිවම හිත රිදෙනවා නියමයි ❤ 💪
@sharmi6955
@sharmi6955 Жыл бұрын
ඇබ්බැහියක් මල්ලිලා...ආදරෙයි හැමදාම .. භාවනාවක් වගේ මේ හඩ.. බුදු සරණයි ඔයාලට.
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
වෙනස්ම රහකට හදවත ස්පර්ෂ කලා ❤
@uniquemusic5745
@uniquemusic5745 Жыл бұрын
තවත් මෙවන් නිර්මාණ කරන්න yakku band....❤❤❤
@dileepawelagedara7707
@dileepawelagedara7707 Жыл бұрын
මාරම වොයිස් ටිකක්❤❤❤
@RivinduHarshana
@RivinduHarshana 6 ай бұрын
මේ නිර්මාණය ඇතුලේ ලොකු කතාවක් තියෙයි 😔❤️
@MynNeon
@MynNeon Жыл бұрын
මාර රහක් තියෙන්නේ😍😍😍
@lakshanlakshan3234
@lakshanlakshan3234 6 ай бұрын
ඒ සින්දු ❤️....දැන් සිංදු වල ලගින්වත් තියන්න බෑ.....හොටු පෙරන් අඩන ඒවනෙ තියෙන්නෙ...
@shootingeye7179
@shootingeye7179 Жыл бұрын
ලස්සනම ලස්සන සිංදුවක් ඔයාලගේ කටහඬින්.
@kasunsampath2219
@kasunsampath2219 2 ай бұрын
2024 මං වගේ මේ සින්දු තාමත් අහන අය ඉන්නවද😊
@NadeerangaVidanagamage
@NadeerangaVidanagamage Жыл бұрын
ලස්සන වැඩක්.❤
@NandanaDahanayake-ms6cf
@NandanaDahanayake-ms6cf Жыл бұрын
පට්‍ටයි BRO
@ChamilaEdirisinghe
@ChamilaEdirisinghe Жыл бұрын
Realy goood..... Nice
@smerandi5369
@smerandi5369 Жыл бұрын
godak lassanai...theruwan sarany oyala hamotam.
@priyanwadapiyumali6132
@priyanwadapiyumali6132 Жыл бұрын
දවසට සැරයක් අහනවාමයි. මගේ හොදම යාලුවා නැතිවෙලා මාසයයි.අහන හැම මොහොතකම අක්කා මතක් වෙනවා.😢😢
@YAKKUmusic
@YAKKUmusic Жыл бұрын
😥
@moon.1111.
@moon.1111. Жыл бұрын
😔♥️
@isharamelbourne
@isharamelbourne Жыл бұрын
😢😞🙏🏼
@harshaabesekara2728
@harshaabesekara2728 Жыл бұрын
Enakan blan hitiye video ekk❤
@vinod_izuru
@vinod_izuru Жыл бұрын
supiriyak bro ❤🔥
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
Very beautiful song my cogratulations sanath ta upaharayak wewa
@ranganijayasinghe3744
@ranganijayasinghe3744 Жыл бұрын
ලස්සනම ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@ayomahennayaka323
@ayomahennayaka323 Жыл бұрын
Again outstanding touching hearts
@Calie-c5c
@Calie-c5c Жыл бұрын
කොහෙද යක්කුනේ ගිහින් හිටියේ. ඇති යන්තම් ආපහු ආවා. Best of the best. Congrdulations to all of you. Amazing. Keep it uo.
@sachi5396
@sachi5396 Жыл бұрын
Keep going forward 💜️💖💗❤️‍🔥
@chinthanilanthidesilva1366
@chinthanilanthidesilva1366 8 ай бұрын
ආදරෙයි යක්කු.....අහන්න ආසයි....❤
@thushanifonseka-
@thushanifonseka- Жыл бұрын
ලස්සන bond එකක් ❤️❤️❤️
@tharushadilshan408
@tharushadilshan408 4 ай бұрын
ලස්සනයි song ekh😊😢
@KarunathilakaUdagePradeepChand
@KarunathilakaUdagePradeepChand Жыл бұрын
Timely....Superb as Always.....
@expertvimu8148
@expertvimu8148 Жыл бұрын
අපූරුයි ❤
@sajithmadusanka7057
@sajithmadusanka7057 Жыл бұрын
Wonderful Cover 💛 Great Tribute to Legendary Singer ❤️💐
@symphonyofnavod
@symphonyofnavod Жыл бұрын
What a melodious cover.The best tribute that can be given to the Veteran musician Sanath Nandasiri sir.May he attain the supreme bliss of Nibbana
@putteraweb
@putteraweb Жыл бұрын
Beautiful Singing, Amazing background work and production 😍💐😊
@ruthdesilva2284
@ruthdesilva2284 Жыл бұрын
Athi wishishtai....😢❤❤❤Athishaya ramaneeya gayanawak oba apata thilina kale....Nisakayenma agaya kara yuthu nirmanayak..Sada amaraneeya geethayak....😢😊😊😊sitha sanwedi swabhawayak ek karata oba samata sthuthi.. Original ekata honda sadaranayak itu karala thiyenawa....ekata hisa nama achara karanawa...
@YAKKUmusic
@YAKKUmusic Жыл бұрын
බොහොම ස්තූතියි ❤
@akilapeiris69
@akilapeiris69 Жыл бұрын
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ... ❤️ yakku 🔥
@thusharisamaleeranasinghe5462
@thusharisamaleeranasinghe5462 Жыл бұрын
Sinduwa lassanai 👍🏻
@ishaliyanage8797
@ishaliyanage8797 Жыл бұрын
අපිට කොහොම මොන වෙලාවක ජීවිතේ අහිමි වෙයිද , වෙන් වෙලා ඉන්න වෙයි ද ,දුරින් ඉඳන් බලන් ඉන්න වෙයිද කියන්න අපි නොදැනුවත්. සමහරවිට කොයිතරම් ආදරේ කරත්, දුන්නත්, ලැබුනත් එකම එක දවසකින් පස්සෙ එක්කෙනෙක් විතරක් වේදනාවක් ලබන ජීවිතයක් කියන්නෙ ඒ මනුස්සයා ජීවිතේ ලබන කටුකම දවස්... එතනින් එහාට ඉතුරු වෙන්නෙ තමන් කරන ප්‍රාර්ථනාවල් විතරයි. එදා මෙදාතුර කඳුළට විවරවු දෑස් පියන්පත් කවුළු වසා... ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා.... මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා.... දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා..... දැස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්... කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්... ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්... මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින්... ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ... හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ... ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ... ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ... වචනවලට මනුස්සයෙක්ව අඬවන්න පුලුවන් බව දැනගෙන හිටියා උනත් අත්දැකීමක් නොලබපු, ඒත් සමහර වචන ඇහෙද්දි හිතට දැනෙන සමහර වේදනාවල් මොකක්දෝ කියලා වෙන්කරගන්න බැරුව ඉකි ගගහා අඬන්න තරමට දුකක් දැනෙන සිංදුවක් කියන්නෙ හරි පුදුමාකාර නිර්මාණයක්... හැම සිංදුවකටම එහෙම බැරි උනත් බොහොම අතලොස්සක් සිංදු අතරෙ මගේ ජීවිතේ මං අහ අහ පුදුමාකාර වින්ඳනයක් ලබන සිංදුවක් තමයි මේ... "ආයේ දවසක එක හිත ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ...." කවදා හරි මොකක් හෝ හේතුවකට නොහිතපු වෙලාවක කාගෙන් කාට වෙන් වෙන්න උනත් මගේ ප්‍රාර්ථනාව මෙච්චරයි... (මොන හේතුවකටද මංදා මට මේ සිංදුව අහද්දි මගේ නැතිවුනු සීයයි තාමත් ජීවත් වෙන මගේ සුදු ආච්චි අම්මවයි මතක් වෙනවා... දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඇයට) -ඉෂූ - 14.07.2023
@kapilanishantha9045
@kapilanishantha9045 Жыл бұрын
සපිරි ම⁣ voice ❤❤❤❤
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Eda medal thura.beautiful voice amazing,waited for a new vedio thanks. All the best always.❤
@mallikafernando7975
@mallikafernando7975 Жыл бұрын
Well done keep it up
@shanukademel414
@shanukademel414 Жыл бұрын
හරිම ලස්සනයි ❤️
@eranthagunawardena2638
@eranthagunawardena2638 Жыл бұрын
Wonderful as always. Splendid honor for the legend.
@deminthewijewardena111
@deminthewijewardena111 Жыл бұрын
Brilliant Work, Keep it up! Deminthe Wijewardena
@shakiladamith6335
@shakiladamith6335 Жыл бұрын
නොමැරෙන ගීත❤❤
@mohanmunasinghe5728
@mohanmunasinghe5728 Жыл бұрын
Congratulations යක්කු
@DewPaba
@DewPaba Жыл бұрын
භාවනාවක් ❤️
@FiveBullet-ox1mv
@FiveBullet-ox1mv 24 күн бұрын
Supiri ❤❤❤❤
@rangaprabath-j6p
@rangaprabath-j6p Жыл бұрын
මාර ලස්සනයි
@sdillangakoon
@sdillangakoon Жыл бұрын
Congradulations! Yakku!
@CHANULA.2011
@CHANULA.2011 Жыл бұрын
Wow, as always♥️
@hiruniranaweera8137
@hiruniranaweera8137 Жыл бұрын
ආයේ දවසක එක හිත ඇත්නම් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ❤
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Sanda Andura covered by Api Machan
4:56
Api Machan
Рет қаралды 2,6 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН