Hanoi Train Street | Vietnam | වියට්නාම් සංචාරයේ අමතක නොවන අත්දැකීම |

  Рет қаралды 35,806

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

I am thrilled to share the first video from my Vietnam tour with you. The journey began in the captivating city of Hanoi, the capital of Vietnam. Hanoi is a bustling city with an array of attractions and vibrant markets to explore. One of the most memorable experiences for me was visiting the train street, where visitors gathered around small chairs beside the railway track to watch the train passing by while enjoying a meal or a drink. The feeling of the train passing just inches away is truly unforgettable.
During my time in Hanoi, I also visited a war museum and memorial, as well as a prison, which provided a deeply moving and eye-opening experience. To conclude my day, I wandered through the old market street and savored a delightful Vietnamese meal at a renowned restaurant in Hanoi.
I have immortalized these moments in the video and I hope that you will find joy in watching it.
Greetings,
I am Dinesh
සොදුරු මිටියාවතේ වීර දේශය "වියට්නාමය"
සංචාරයේ පළමු කොටස -
උරහිස්සේ ගෑවී ගිය "හැනෝයි කෝච්චිය"
මා එහි ගමන් ගන්නා විටත් මාර්ගය දෙපසින් පොලිස් මාර්ග බාධක යොදා කිසිවෙකුටත් දුම්රිය මාර්ගයට ඇතුලු නොවන ලෙස පොලිස් නිලධාරීන් පවසා සිටියත් දුම්රිය පැමිනීමට පැයකට පමන පෙර ඒ සියලු බාධක ඉවත් කොට සංචාරකයින් සදහා දුම්රිය මාර්ගයට ප්‍රවේශ වීමට අවසර ලබා දෙන්නේ දුම්රිය මග දෙපස ඇති කුඩා කඩපිල් වෙත ගොස් මොහොතක් ගත කිරීමට එහි පැමිනි සංචාරකයන්ගේ අත්පොලසන් මැදයි.
විවිධාකාර වූ සැරසිලි සහ මෝස්තර වලින් හැඩ ගන්වා තිබූ කුඩා කඩපිල් සෑම එකකම පාහේ ආහාර ගැනීමට සහ වාඩි වී දුම්රිය පැමිනෙන තෙක් රැදී සිටීමට කුඩා පුටු තබා තිබෙන්නේ දවස පුරා එහි පැමිනෙන සංචාරකයින් වෙනුවෙනුයි. මාද ඉන් එකක අසුන් ගත් අතර දුම්රිය පැමිනෙන තෙක් බීම වීදුරු කිහිපයක් පානය කරමිනුයි. ඈතින් හූ හඩ නංවමින් පැමිනි දුම්රිය සැබැවින්ම කඩ පිල් අතරින් රිංගා ගියේ එහි රැදී සිටි සංචාරකයින් අමන්දානන්දයට පත් කරවමිනුයි. මක්නිසාද යත් උරහිස සහ දුම්රිය අතර ඇති ඉතා අඩු ඉඩත්,දුම්රිය ගමන් ගන්නා මොහොතේ ලබා ගන්නා ජායාරූපයක ඇති වටිනාකමත් එහි පැමිනෙන සංචාරකයන්ගේ සංචාරක ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ද වන නිසාවෙනි.
දුම්රිය ගොස් සුලු මොහොතකට පසු නැවතත් සුපුරුදු පරිදි මාර්ගය වසා තබන අතර මාද "train street" එකට සමු දී පිටත් වූයේ මීලග ගමනාන්තය වෙතයි.
මාගේ මීලග ගමනාන්තය වූයේ හැනෝයි නගරයේ ඇති හමුදා කෞතුකාගාරයයි. ඇමරිකානු හමුදා විසින් ගුවනින් හෙළන ලද විශාල බෝම්බ සහ වියට්නාම් හමුදාවේ තිබූ යුධ උපක්‍රම පිලිබද මනා අවබෝධයක් ලබා ගැනීමටත් ඒවා සියැසින් දැක ගැනීමටත් මා හට එහි දී හැකි විනි. තවද වියට්නාම් හමුදාව විසින් අත්පත් කරගත් ඇමරිකානු අවි ආයුධ පිළිබදවත් වියට්නාම් බිමේ දී ඇමරිකානු සොල්දාදුවන් මරා දැමීමට ඉදි කොට තිබූ වනගත උගුල් පිළිබදවත් දැනුමක් ලබා ගැනීමට "හැනෝයි හමුදා කෞතුකාගාරය" ඉතා කදිම තෝතැන්නකි.
හමුදා කෞතුකාගාරය තුල දහවල් කාලය ගත කල මා එහි ඇති පැරණි සහ නවීන ගොඩනැගිලි සහ අවි ආයුධ සියල්ල නරඹා අවසාන කොට ඉන් පසු ගමන් ගත්තේ වියට්නාම් සිර කදවුරක් වෙතයි. ප්‍රංශ ජාතිකයන් විසින් ඉදි කොට තිබූ එම සිර කදවුර සැබැවින්ම වධකාගාරයකට සමාන එකක් වූ බව ඒ පිළිබද වව්නයක් හෝ ලිවීමට පෙර කිව යුතුමය.
වියට්නාම් යුධ සිරකරුවන් සහ දේශපාලනික වශයෙන් සිර භාරයට ගත් අයවලුන් සිර කොට තැබිමට අතීතයේ යොදා ගෙන තිබූ අතර ඉතා විශාල පවුරකින් වට කොට ඇති සිර කදවුර තුල කුඩා සහ මහා පරිමාණයේ සිර මැදිරි මේ වන විටත් දැක ගත හැකිය. ඉතා විශාල සිරකරුවන් සංඛ්‍යාවක් මෙම සිර කදවුර තුල දී මිය පරළොව ගොස් ඇති බවත් ඔවුන් ඝාතනය කිරීම සදහා යොදා ගන්නා ලද ගෙල කදෙන් වෙන් කල හැකි චිත්‍රපට වල දී පමනක් මා දැක ඇති පෝරකයක් ද මෙහිදී දැක බලා ගැනීමට මා හට හැකි විනි.
සිර කුටි තුලත් සිර කදවුර තුලත් සවස් වන තෙක්ම රැදී සිටි මා රාත්‍රි කාලයේ දී සංචාරය කිරීමට යොදා ගත්තේ වියට්නාමයේ පැරණි නගරයයි. පැරණි මාර්ග සහ වෙළද පොළ වලින් පිරී ගිය මෙම ප්‍රදේශය සංචාරකයින්ගෙන් සෑම විටකම පාහේ පිරී පවතින්නේ එම ඉසව්වත් සංචාරක ගමනාන්තයක් වී තිබීම හේතුවෙනි.
මගීන් රැගෙන යා හැකි ලෙස සකසා ඇති බයිසිකල්, ලී කද කරේ තබාගෙන වෙළදාම් කරමින් එහා මෙහා යන වෙළෙන්දන්, වියට්නාමයට ආවේනික හිස් වැසුම් වලින් සැරසී ගත් වෙළෙන්දන් මෙහි දී ඉතා සුලභව දැක ගත හැකිය. ලෝකයේ ඇති ඕනෑම ජනප්‍රිය සන්නාමයකට අදාල ඇදුම් ආයිත්තම් මෙහි දී ඉතා අඩු මුදලට අලෙවි වන අතර කෑම බීම වලින් ද කිසිදු අඩුවක් නොමැති වීම මේ ඉසව්ව මෙතරම් සංචාරකයන් පිරිසකගේ ජනප්‍රියත්වයට පත් වීමට හේතු සාධකය වූවාට සැක නැත.
රාත්‍රි වන තෙක්ම මා එහි රැදී සිටි අතර රාත්‍රි ආහාරයද ලබාගත් පසු නැවතත් මා රැදී සිටි හෝටලය වෙත ගමන් ගත්තේ මද විවේකයක් ලබාගෙන හෙට දිනයේත් උදෑසනින්ම හැනෝයි සිට කිලෝමීටර් තුන්සියයක පමන දුරින් පිහිටි "කිං කොන්ග් ගම්මානය" දක්වා ගමන් කිරීමට සැළසුම් සකස් කරමිනුයි.
මහා වනාන්තරයක බට ඔරුවක නැගී හිරි ගල් ගුහා අතරින් කිං කොන්ග් ගම්මානය වෙතත්, දකුණු ආසියාවේ උසම තඹ බුදු පිළිමය වැද පුදා ගැනීමටත්, වියට්නාමයේ ඇති උස කදු මුදුනක ඉදි කොට ඇති කුඩා පැරණි පංසලක් සොයා යාමටත් මීලග රූප රචනාවෙන් මුන ගැසෙමු.
එතෙක් "ආයුබෝවන්" මම දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2024]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 281
@Malithvidushan
@Malithvidushan 19 күн бұрын
නැවතත් රූප රචනාවකින් ඒ සොදුරු සංචාරකයා DAP❤👣
@user-mh2mz9yo6q
@user-mh2mz9yo6q 19 күн бұрын
Dineshetta very informative and interesting video. Thank you so much. I can't understand your language , but I like to watch your videos, because DAP is special.Love from Kerala 🌴🇮🇳❤️💚😘🥰🧢👍👌. You are so handsome man.pls come to Kerala also 🌴🌴.
@IsuruKapuliyadda-wq8eq
@IsuruKapuliyadda-wq8eq 5 күн бұрын
🥰💞
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 19 күн бұрын
බලන්න ආසාවෙන් හිටිය රූපරචනාවක්.. ආස රටක ආස රූපරචනා පෙළක ආරම්භය.. ජයවේවා.... 🌻💚
@champikasilva2997
@champikasilva2997 18 күн бұрын
වියටිනාම සුන්දර අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්ත ඔබට බෙහෙවින් ස්තුති අපිත් ඔබ සමග සන්චාරයේ යෙදුන හැගිමක් දැනුනෙ අපූරු අත්දැකීමක්
@nethmini0519
@nethmini0519 19 күн бұрын
පුදුම ඉවසිමකින් අපි හිටියෙ හොදෙ😂
@Viduuuh
@Viduuuh 17 күн бұрын
ඇත්ත😂❤
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
නියමයි සහෝ සොදුරු සංචාරයක් , පරිස්සමින් යන තැනක ❤❤❤❤
@chamalipriyadarshani2596
@chamalipriyadarshani2596 18 күн бұрын
හරි අපූරු , ලස්සන සංස්කෘතියක් තියන රටක සුන්දර සංචාරයක් ❤️
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 11 күн бұрын
ලෝකෙ කොහේ ගියත් හොද හිතකට මුණ ගැහෙන්නෙ සොදුරු මිනිස්සුම තමයි❤❤
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 19 күн бұрын
ඇත්තටම වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ .සොදුරු සන්චාරයක්,නොගිය තැන්වලට අපිව අරගෙන යන ඔබට ගොඩක් ස්තුතියි .🙏
@swarnasuraweera283
@swarnasuraweera283 18 күн бұрын
මිත්‍රශීලි සූහදශීලී මිනිස්සු.👍🏾👍🏾
@travellifesrilanka
@travellifesrilanka 19 күн бұрын
දානකන්ම බලන් හිටපු සුන්දර චාරිකාවක් ❤❤❤❤❤
@ishialo18
@ishialo18 18 күн бұрын
ලස්සන ට පැහැදිලි කරලා දෙනවා..අනිවාර්යයෙන්ම අයියේ ඔයාගේ පොතක් එනකම් බලන් ඉන්නවා.. රට රටවල් වලින් යාලුවෝ හම්බෙන එකත් වාසනාවක්.... අයියා අපේ රට ගැන එයාලාට ත් ආසාවක් ඇති කරනවා.... අනිත් රූප රචනාවන් ඉක්මනින් බලන්න අපිත් මග බලන් ඉන්නවා.... 💗 DAP 💗 is the best traveling brand in 🇱🇰
@asankaperera9682
@asankaperera9682 18 күн бұрын
හරිම ලස්සනයි අය්යා. අපිට යන්න බැරි උනත් අය්යාගේ රුප රචනා බලලා ගොඩක් සතුටු වෙනවා. බොහොම ස්තූතියි අයියා 😘🧔❤️
@traveldreams8814
@traveldreams8814 19 күн бұрын
අනේ මලේ සතියකට එකක්වත් දාපන් බං❤️❤️ එක හුස්මට බැලුවා ❤️❤️❤️
@chathuridhanapala9244
@chathuridhanapala9244 18 күн бұрын
❤️
@sasikanamal5245
@sasikanamal5245 17 күн бұрын
අර කට්ටියට හොඳට රිදෙන්න ගහපු සෙට් එකක් තමයි වියට්කොන්ලා 👏🥰👌
@dharshanalevan5848
@dharshanalevan5848 8 күн бұрын
මොළෙන් යුද්ධ කරපු ජාතියක් ...
@user-vs6km6qr5b
@user-vs6km6qr5b 18 күн бұрын
❤️❤️ balagenama hitpu vedeo ekk ..
@captainnemo3958
@captainnemo3958 18 күн бұрын
❤❤❤😊😊😊
@tharushapathirana8812
@tharushapathirana8812 18 күн бұрын
Tarvel & Music👌❤
@nirmanianuradha1213
@nirmanianuradha1213 17 күн бұрын
පොඩි පොඩි කඩ තියන විදීය හරිම ලස්සනයි 😍😍😍 street food, පොඩි පොඩි බඩු තියන කඩ. වෙනම vibe එකක්.. Vietnam වල සිරකුටි ගැන දැනගත් දේවල් නම් හරිම දුක්බරයි. .Thank you dinesh aiya share this with us. Hope part 2 soon. Good luck❤️🎉🥰🥰🥰 god bless🌻
@user-yn2cp1vo1g
@user-yn2cp1vo1g 13 күн бұрын
dakshayo godak welawata nihadai...😍😍 (trip pissonta kiyanna thiyenneth ochcharai)
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 18 күн бұрын
මොකක් දෝ නොතේරෙන සාංකාවක් ෆෝන් එක පුරාවටම තිබුනා. අද ඒක හරි. නිදුක් නිරෝගී සුව ලැබේවා මල්ලියේ. 👍
@user-hc7kn6zc7x
@user-hc7kn6zc7x 18 күн бұрын
හරි ම ආසාවෙන් හා කුතුහලයෙන් බැලුවා ,වැදගත් vedio එකක් .මෙවැනි vedio තවත් ගේන්න .👍
@shiraniinoka4182
@shiraniinoka4182 18 күн бұрын
❤🌿
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 17 күн бұрын
වීඩියෝ එක සුපිරී අයියන්ඩී, ඊලග එකත් ඉක්මනට ඕනේ❤❤❤
@nishanthialwis7274
@nishanthialwis7274 18 күн бұрын
❤❤❤❤ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියේ ....ලස්සනයි
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 16 күн бұрын
සුන්දර සංචාරයක් ❤
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 15 күн бұрын
ලස්සනයි ❤😍
@KumariIndrani-p7m
@KumariIndrani-p7m 19 күн бұрын
❤❤❤ ලස්සන රූපරචනාවක් ❤❤❤ ස්තුතිය ඔයාට මේවා අපිට බලන්න ලබා දෙනවාට බලන ගමන් ඉන්නෙ
@theruwansaranai6029
@theruwansaranai6029 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@ThiliniDissanayake-bv1gi
@ThiliniDissanayake-bv1gi 18 күн бұрын
එනකම් බලාන හිටියේ ඔයාට තෙරුවන් සරණයි
@amithsampath
@amithsampath 18 күн бұрын
😍😍
@hashinidilsha7592
@hashinidilsha7592 16 күн бұрын
හරිම. ලස්සනයි දී නෙෂ් අයියෙ ඔයා ගෙ රුප රාචනාව අපිට. යන්න. බැරි. උනත්. ඔයාගෙ. රුප. රචනා වෙන් හරි ඒ දෙවාල් බලලා ගොඩාක් සතුටු වෙනවා. ඔයාට බොහොම ස්තූතියි අයියේ . ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ හදවතින්ම ඔයාගෙ අනාගත යට සුබ පතනවා.❤❤❤🎉
@sankasong9557
@sankasong9557 18 күн бұрын
🥰💖
@user-np4kt3md1s
@user-np4kt3md1s 17 күн бұрын
@kasunkalhara2728
@kasunkalhara2728 18 күн бұрын
❤❤අයියේ ටිකක් පරක්කු උනා...දැන් බැලුවෙ...❤❤❤🎉
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 18 күн бұрын
වෙනත් රටක වෙනස්ම වූ අලුත් අත්දැකීම් ලබා දුන්නා ට ගොඩක් ස්තුති යි
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 19 күн бұрын
අයියන්ඩ් ❤
@DineshAPathum
@DineshAPathum 19 күн бұрын
Malli ❤
@lithumbusvideo488
@lithumbusvideo488 17 күн бұрын
patta ayye asayi dawasaka hambenna❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 19 күн бұрын
ගොඩාක් දවසකින් අලුත්ම, වෙනස්ම අත්දැකීමක් ❤️🌿😍 🇻🇳
@nalakanalaka3650
@nalakanalaka3650 18 күн бұрын
සුපිරි
@shakthimanamperi115
@shakthimanamperi115 19 күн бұрын
Gammak Dinesh Ayya..! Jaya..!
@dithmiAnuththara-lu6sx
@dithmiAnuththara-lu6sx 19 күн бұрын
Video ekk enakan bln hitiye harima lassnai video❤️
@NiluThilakarathne19
@NiluThilakarathne19 19 күн бұрын
වියට්නාම වැසියන් ඔබ කියු පරිදිම ලෙන්ගතු මිනිසුන්. මටත් ඒ සම්බන්ධ අත්දැකීමක් තියෙනවා. රූප රචනාවකට කලින් ඔබ චිත්ත රූප මැවෙන සේ සකසන සටහන ඉතා අගය කරනවා. 👍❤
@IbbaTraveller
@IbbaTraveller 19 күн бұрын
බලන් හිටපු සංචාරය...❤❤❤..සතුටුයි නිහතමානි සංචාරකයා...💞...දිනේෂ් අයියා💚
@nethmi.nanayakkara
@nethmi.nanayakkara 19 күн бұрын
Finally ❤🎉
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 19 күн бұрын
❤❤❤❤❤❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 16 күн бұрын
ඒක නම් වෙනම එකක් අයියෙ. මරු😍
@nadikarajapaksha768
@nadikarajapaksha768 19 күн бұрын
Ati yantham 💚
@SewwandiDharmadasa
@SewwandiDharmadasa 17 күн бұрын
හරිම ලස්සනයි .❤🎉
@tharindujaythunga4982
@tharindujaythunga4982 13 күн бұрын
Super Brother ❤❤❤❤❤❤
@ashajayawickrama2506
@ashajayawickrama2506 17 күн бұрын
ඔයා අපිව වියට්නාම් එක්කරගෙන ගියා. ස්තූතියි බොහොම ❤❤❤❤
@user-iu1rw2sm7p
@user-iu1rw2sm7p 5 күн бұрын
Adarei bro
@Deepinaussie
@Deepinaussie 19 күн бұрын
Yaluwo set eka nam supiri aiya❤😍
@thiliniliyanage4089
@thiliniliyanage4089 18 күн бұрын
දිනේෂ් කොතනද වැස්ස එතන 😊😊 අද දවස පටන් ගත්තේ මේ වීඩියෝ එකෙන්... දැන් ඉතින් වියට්නාම් පිස්සුවකුත් හදාගමුකෝ... යාලුවො ටිකනම් ලස්සනයි ❤❤❤❤
@shanukathiwanka8212
@shanukathiwanka8212 18 күн бұрын
නියමයි සුපිරියක් 💪🙏🇱🇰
@somalatha3761
@somalatha3761 18 күн бұрын
මෙ සුන්දර රටෙ සුන්දරත්වය ඔබ විදි අත්දැකීම් අප සමගින් බෙදා ගත්තාට බෙහෙවින් ම ස්තූතියි සියළු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි දෙවපීහිටයී
@inokajayathunga143
@inokajayathunga143 19 күн бұрын
බුදු අම්මෝ එපා වෙලා හිටියෙ ...අපේ හදවතේ සංචාරකයා එනතුරු ....
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv 18 күн бұрын
ඊළඟ රූප රචනාව දානකම් බලන් ඉන්නව... ❤❤❤❤❤
@deshandesilva4510
@deshandesilva4510 Сағат бұрын
Late una blanna.adai blanne aiye😘❤
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs 19 күн бұрын
Great job 👍❤❤❤
@Natasha_Fernando
@Natasha_Fernando 15 күн бұрын
හදවතේ සංචාරකයා ❤
@dilumsandesh9311
@dilumsandesh9311 14 күн бұрын
එනකම් බලන් හිටියේ 🙈❤️
@sahanmadawa4847
@sahanmadawa4847 19 күн бұрын
Aluth video eka ❤ iyeth request Kara aluth video ekak ona Kyla. Aware siripa video ekakuth ona ayye lgdima ❤
@prasadhmadhusanka
@prasadhmadhusanka 18 күн бұрын
බලාගෙන ඉදිය එකක් ❤🎉
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 17 күн бұрын
නන්නාදුන මිනිස්සුන්ගෙ ආසම මනුස්සයා ❤ දිනෙශ් අයියා 🌿
@ShameeraRajapaksha
@ShameeraRajapaksha 19 күн бұрын
Very nice 👍🏾
@Mahesh.Suranga
@Mahesh.Suranga 19 күн бұрын
Stunning ❤
@DineshAPathum
@DineshAPathum 19 күн бұрын
Thank you! 😊
@vishanuthpala9815
@vishanuthpala9815 18 күн бұрын
අම්මෝ බලාන් හිටිය තරමක් 😇
@prabathsudarshana1068
@prabathsudarshana1068 13 күн бұрын
✌️✌️👌👌👌👍👍👍
@AyeshaRajapaksha872
@AyeshaRajapaksha872 18 күн бұрын
💚Dinesh Aiya Beautiful Vedio ❤
@knowledge_evolution
@knowledge_evolution 16 күн бұрын
Ada akanam patta
@lasidukavida7017
@lasidukavida7017 16 күн бұрын
දිග දවසකට පසු නැවත පැමිණිමක් හදවතේ සංචරකය ❤❤❤❤❤ ඔබට ජය😊
@chanuraimalka4679
@chanuraimalka4679 17 күн бұрын
දානකම් ඉදියේ බලන් අයියේ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 18 күн бұрын
ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ඔයාලා ගැන මන් ඊයෙත් මැසේජ් එකක් දැම්මා හොදින් ඇති කියලා බලන්නම් මේ සොදුරු රූපරචනාව ❤️ පරිස්සමින් ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! 🙏 ජයෙන් ජයම වේවා ! දිනේෂ් අයියේ අපි හැමදාමත් ආදරෙයි මේ සොභාදහම අපේ ජීවිතය ජීවත් කරවන අපූර්වත්වය පිරි ඇත.
@dush_95
@dush_95 19 күн бұрын
සුපිරි ❤😋
@yakdessalk
@yakdessalk 15 күн бұрын
නියමයි අයියේ 😍😍😍😍
@user-cl7ow2yw6t
@user-cl7ow2yw6t 17 күн бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙය් දිනේෂ් අයියා.💚💗❤️✨️😘
@heshanialuthge5713
@heshanialuthge5713 18 күн бұрын
❤️❤️❤️
@austin-hn9on
@austin-hn9on 14 күн бұрын
❤️‍🔥
@travelwithnalaka9563
@travelwithnalaka9563 18 күн бұрын
Supuri 😍
@harshanuwan1679
@harshanuwan1679 18 күн бұрын
ඉවසුමක් නැතුව ඉදියේ වීඩියෝ එකක් දෙනකම්. නියමයි අයියේ❤️❤️❤️
@HattersDiary
@HattersDiary 19 күн бұрын
වෙනස් අත්දැකීමක්, ආස හිතෙන ගමනක් . ජය වේවා අයියේ ❤❤❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 18 күн бұрын
පසු ගිය නිවාඩු දිනවල අපි මස්කෙලියෙ ගියා. ඔයගේ විඩියෝ නිසයි garud more fall එක වගෙ ලස්සන සොයගන ගියේ❤ ජය වේවා !❤❤❤❤
@foodmafia1819
@foodmafia1819 19 күн бұрын
‍යන වියදම් ගැනයි, බඩු වල ගනන් ටිකක් එහෙම කියන්න පුලුවන්නම් තව වටිනවා 😊
@dilshanlakshitha716
@dilshanlakshitha716 18 күн бұрын
Definitely
@nelumgunawardena6717
@nelumgunawardena6717 17 күн бұрын
👍♥️
@TharinduNiranjan-e2u
@TharinduNiranjan-e2u 19 күн бұрын
Ela eka para
@travelrosa
@travelrosa 18 күн бұрын
Pissuwak aiye🍃😍
@kanthiambawatta6123
@kanthiambawatta6123 18 күн бұрын
Anee Harima Lassanai Godak Sthuthi Pin Theruwan Saranai Parassamen Enna ❤
@IsuruSisila
@IsuruSisila 9 күн бұрын
💚
@chamindukulawansha6737
@chamindukulawansha6737 12 күн бұрын
ලස්සනයි දිනේෂ් මල්ලී එන්න කොරියාවේත් මෙහෙත් ලස්සනයි වියට්නාම් අය හොදයි ..❤️👌👌තෙරුවන් සරණයි ..👉🇰🇷
@ishankadilshan10
@ishankadilshan10 18 күн бұрын
🥰🥰🥰
@kavindamunasingha
@kavindamunasingha 18 күн бұрын
Maga balan idala idala .. athi yanthan Supiri ❤ Jayawewa malliye ❤🙏🙏🙏🙏
@DilaniJayaweera-jq8dw
@DilaniJayaweera-jq8dw 17 күн бұрын
❤️🙏
@Royal-Freedom
@Royal-Freedom 19 күн бұрын
After long wait😢😢😢
@Anurasg
@Anurasg 18 күн бұрын
Sundara sancharayak. Mata mathak una mama Hong-Kong 🇭🇰 hitapy kaale. Thank you. Jayawewa ❤❤
@KamaniSamanthika
@KamaniSamanthika 18 күн бұрын
තවත් ලස්සන රෑ රටාවක් මල්ලි ඔයාටා ගොඩක් ස්තුතියි ජයවෙිවා
@chithrairangani7771
@chithrairangani7771 19 күн бұрын
Mama blana hitiya putha vidio danakam❤❤❤❤❤
@tharusha_rajarathna
@tharusha_rajarathna 17 күн бұрын
🥰💜
@nadeeshvlogssrilanka
@nadeeshvlogssrilanka 18 күн бұрын
හෙන ඉවසීමකින් හිටියේ හොදේ
@chamindujayamal7192
@chamindujayamal7192 18 күн бұрын
නියමයි අයියේ🥰. පුලුවන්නම් කොරියාවෙ සංචාරකයක් කරල වීඩියෝ එකක් දෙන්න ❤❤🇰🇷
@chamindukulawansha6737
@chamindukulawansha6737 12 күн бұрын
කොරියාවත් ලස්සනයි යාලුවා ලස්සන තැන් ගොඩායි.❤
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 122 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 72 МЛН
Catch & Cook Seafood Mukbang 😲 අම්මෝ... සීෆුඩ්  😛 @wishwatiyubaya 👣🎣😎
49:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 87 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 51 МЛН