Рет қаралды 38,273
"මහත්තයෝ සේනානායක සමුද්‍රයේ අලි ගැන නෙමේ බුද්ධංගල පාරේ ඉන්න දුක් විදින අලි ගැන මිනිස්සුන්ට කියන්න.." යනුවෙන් කියා සිටියේ ඉගිනියාගල කඩමංඩියේ දී හිතවත් වූ මාමා කෙනෙක් විසිනි. මා සිත තුලත් ඇති වූයේ කුතුහලයකි. සැබැවින්ම ඒ කියමන ඉගිණියාගල සිටි අප කංඩායම අම්පාර බුද්ධංගල දක්වා රැගෙන යාමට හේතු සාධක විනි.
කෙසේ වෙතත් අම්පාර පසු කර යන අප කංඩායමට සුපුරුදු වර්ශාවට මුහුණ දීමට සිදු විනි. කිලෝමීටර් තුන හතරක දුරක් බුද්ධංගල මාර්ගයේ ගමන් කල අපට හමු වූයේ වම් පසින් සුසාන භූමියක් සහ දකුණු පසින් ඇති කුණු කන්දකි. ඒ වන විටත් හස්තීරාජයින් දෙදෙනකු කුණු කමින් සහ කුණු පිරුණු පොහොර උර එහා මෙහා විසි කරමින් කුණු කන්ද මත ඇති වැසි දියට සක්‍රීය වී ඇති කුණු රොඩු සමග එකතු වී ඇති රොන් මඩ අතර ඔබ මොබ ඇවිදිමින් සිටියේ සති කිහිපයක් තිස්සේ තේජවන්ත අලි ඇතුන් දකිමින් සංචාරය කල අපගේ හදවත් මොහොතකට නවතාලමිනි.
සැබැවින්ම මෙය නම් හදවතක් ඇති මිනිසෙකුට, සොබාදහමට ආදරය කරණ මිනිසෙකුට, සතුන්ට ලෙංගතු මිනිසෙකුට කදුලක් නොහෙලා බලා සිටිය නොහැකි දර්ශනයකි. අප එහි යන විට රැදී සිටි අලි දෙදෙනාට අමතරව තවත් අලි කිහිප දෙනෙකු එම ස්ථානයට පැමිනියේ කුණු කන්දට දකුණු පසින් ඇති නිරන්තරයෙන් විවුර්ත වී ඇති වන මං පෙත දෙසිනි. ඔවුන්ද පෙර අලි දෙදෙනා පරිද්දෙන්ම පැමිනි මොහොතේ සිට ආරම්භ කලේ කුණු කන්දේ ඇති කුණු හාරා එහා මෙහා විසි කරමින් කුණු කෑමටයි.
අප සිටි ඉසව්වේ පැතිර තිබූ අලි වසුරු සියල්ලෙහිම පොලිතින් කොල දක්නට ලැබුනු අතර දන්නා තරමින් පොලිතින් ආහාරයට ගැනීම මේ රටක් වටිනා සතුන් හට අඩු වයසින්ම මිය යා හැකි හේතු කාරණාවකි.
මහ වැස්සේ සුසුම් හෙළමින් බලා සිටි අප "අගලක්" හෝ "විදුලි වැටක්" නොමැති කුණු කන්දට සමු දී නැවතත් අම්පාර දෙසට පැමිනියේ මේ කාරණයේ දී සතුන්ගේ යහපත වෙනුවෙන් බලධාරීන්ට කිරීමට ඇත්තේ කෙතරම් සුලු කාර්යයක්දැයි අප අතරම කථිකාවක් ගොඩනගා ගනිමිනුයි.
පැලද සිටි සෙරෙප්පු අතර රැදී තිබූ රොන් මඩ සහ කුණු කැබලි සහ වර්ශාවෙන් තෙත බරිතව තිබූ පාද මගින් මනසට ගෙන ආවේ දැඩි පිළිකුලකි. එහිම සිට කා බී සිය කාලය ගෙවන අලි ඇතුනට මෙය කෙලෙසකින් දැනෙනවාදැයි ඔවුන්ගේ අයහපතය කෙලෙසකින් බලපානවාදැයි මා තුල ඇත්තේ මහත් වූ කුතුහලයකි.
අප නැවතත් පැමිණියේ ඉගිණියාගල දෙසටයි. ඉගිණියාගල ජලාශයෙන් ගලා එන දිය පහරකට හනි හනිකට පැන නා කියා ගත්තේ මීලග ගමනාන්තයත් අලි ඇතුන් පිරුණු ගමනාන්තයක් වූ නිසාවෙන් රාත්‍රි භෝ වීමට මත්තෙන් එහි යා යුතුව තිබූ නිසාවෙනි. කෙසේ වෙතත් නා කියාගෙන තවත් කිලෝමීටර් තිහක පමන දුරක් ගෙවා දමමින් අප අපගේ මීලග ගමනාන්තය වූ විජේසිංහ මාමාගේ පැලට ලගා වූයේ රාත්‍රි හත පමන වන විටයි.
අලි ඇතුන් බහුල ඉසව්වක විජේසිංහ මාමාගේ පැල සොයා ගමන් කිරීම අනතුරුදායක වුවත් විදුලි පංදම් එළියෙන් සහ ඉතා අවධානයෙන් යුක්තව වනාන්තරය මැදින් විජේසිංහ මාමාගේ පැලට යාමට අපට හැකි විනි. "මේ රෑ නොඈවිත් ඉන්නයි තිබ්බේ..." විජේසිංහ මාමා අපව පිළි ගත්තේ අප කල කාර්‍ය්ය වීරකමක් නොවන බැව් නොකියා කියමිනි. එමින් ගමනේදී රැගෙන ආ කෑම ජාති කිහිපයක් සහ වතුර බෝතල් සියල්ල විජේසිංහ මාමාගේ පැලේ කෙලවරක ඇති ලී මැස්ස උඩින් තබා කුඩා ගිණිමැලයේ එළියෙන් කතාවට වැටුනේ පැලේ ජීවිතය ගැනත් අලි ඇතුන්ගේ වග තුග ගැනත් නොදත් කරුණු කාරණා ගැන විජේසිංහ මාමාගෙන් විමසමිනි.
සියල්ල රූප රචනාවෙන් නරඹන්න.
ආයුබෝවන් මම දිනේෂ්.
This is the last episode we have done regarding the Sri Lankan Elephants. It’s a heartbreaking story as the elephants are affected by human's careless and neglected behaviours. Also, we were lucky enough to stay in a hay house on a village-cultivated land (farmhouse). I hope I have given a message to our society and hope the wildlife will be looked after for the next generations.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“