Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට

  Рет қаралды 57,269

Dinesh A Pathum

Dinesh A Pathum

9 ай бұрын

කල්පිටිය සිට "රස්සාවේ" යන ධීවර බෝට්ටු වලින් කොටසක් උච්චිමුනෙයි තුඩුවට පැමිණෙන්නේ දැල් ආම්පන්න සදහා අවශ්‍ය වැලි උර වැලි වලින් පුරවා ගැනීමටයි. මෙම ධීවරයන් "රස්සාවේ යනවා" නැතිනම් "රස්සාවට යනවා" යනුවෙන් ගරු කොට පවසන්නේ ධීවර රැකියාව සදහා බෝට්ටුවෙන් මුහුදු යෑමයි. "කල්පිටියෙ ඉදන් ද එන්නේ....?" මා එක් ධීවරයෙකුගෙන් විමසූවේ තොරතුරු ටිකක් දැන ගැනීමටයි. "ඔව් ඔව්... හැමදාම දැලට ඕන වැලි උර ගහගන්නේ මෙතනින්.. අපරාදෙනේ කල්පිටියෙ ඉදන් බර පටවගෙන එන්නේ.." ඔහුගේ පිළිතුර විනි. "උදේ ගිහින් රෑද එන්නේ..?" මාගේ ප්‍රශ්න නම් අවසාන නොවේ. "වෙලාවක් නෑ මහත්තයෝ.. වාසියක් උනේ නැත්තම් රෑ වෙනකම් හරි ඉදලා එන්නේ.." එසේ කියා සුසුමක් හෙළමින් බලාපොරොත්තු සහිතව වැලි උරය ගැට ගැසුවේ අපට පිටත් වීමට කාලය එළබ ඇති බැව් අතින් සංඣා කරමිනි. "සුභ ගමන්.." කියමින් අප ඔවුනට සමු දුන්නේ අප පමණක් ඉතිරි වූ නිදහස් වැලි තුඩුවට වී,සොබාදහමේ සුන්දරත්වය සමග කාලය ගත කිරීමටයි.
තේ පානයෙන් අනතුරුව එහා මෙහා පෙනෙන නොගැඹුරු මුහුදට පැන සිත් සේ නාකියා ගත්තේ ඒ මේ අත පිහිනා යමිනි. කෙසේ වෙතත් දූපතක තනි වූවාක් මෙන් නිදහස් හැගීමක් උච්චිමුනෙයි තුඩුවට වී කාලය ගත කල අපට හැගෙන්නට විය. දිය නා අවසාන වූ පසු කූඩාරම් සියල්ල නැවතත් හකුලා ගමන් මලු සමග මෝටර් සයිකල් වලට තබා ගැට ගසා ගත්තේ අප කංඩායම නැවතත් කිලෝමීටර් පහළොවකට වැඩි දුරක් කල්පිටිය දක්වා දුශ්කර මගක් ඔස්සේ පැමිණිය යුතු නිසාවෙනි.
උදෑසන දහය පමණ වන විට අප කණ්ඩායම උච්චිමුනෙයි වැලි තුඩුවට සමු දී ආපසු ගමන් ඇරඹූ අතර,අප ඒ එන අතරවාරයේ මුලින්ම ගොඩ වැදුනේ වැලි තුඩුවේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් පිහිටා ඇති උච්චිමුනෙයි පාසල වෙතයි. අප යන විටත් කුඩා දරු දැරියන් අසූවකට ආසන්න සංඛයාවක් ගුරුවරුන් සමග ක්‍රීඩා කටයුතු කරමින් පසු වූ අතර ඒ සියලුම දෙනා පාසලේ මායිම ලෙස පිහිටා ඇති දැල් වැට වෙත දිව ආවේ අප ගමන් ගත් යතුරු පැදි දෙස පුදුමයෙන් මෙන් බලමින් මින් පෙර නොදුටු විරූ පුදුම සහගත දෙයක් බලන්නට එන්නාක් මෙනි.
කෙසේ වෙතත් වැට මායිමේ නතර වූ අප එක් දරුවකුගෙන් විමසා සිටියේ "කෝ පුතේ ටීචර් පුතාලගේ..?" යනුවෙනි. දරුවා පිළිතුරු දීමටත් මත්තෙන් එක් ගුරු බවතෙක් වැට මායිම ආසන්නයට පැමිණි අතර එතුමාට අප කල්පිටියෙන් ‍රැගෙන පැමිණි පෑන්,පැන්සල්,ඉරේසර් සහ කටර් වැනි පාසල් උපකරණ කිහිපයක් ලබා දුන්නේ "බයික් වලින් ගේන්න පුලුවන් විදිහට අරං ආවා සර් අපි.." කියමිනි. "අපිත් ගොඩක් දුර ඉදන් එන්නේ මේ ළමයි වෙනුවෙන්.. අර බෝල දාන්නේ මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්.. අද තමා අපි ලෝක ලමා දිනේ වෙනුවෙන් ළමයින්ට සෙල්ලම් කරන්න දුන්නේ.." යනුවෙන්,ගුරුතුමා අප සමග පවසා සිටියේ ඈත දුශ්කර පාසලක අදටත් කාරුණික හදවත් ඇති ගුරුවරුන් සිටිනා බවට සාක්ෂි සාධක සපයමිනුයි.
පාසලට සමු දී පැමිණෙන විට මද්‍යහනය ලං වී තිබූ අතර හිරුගේ රශ්මියත්, රත් වූ වැලි නිසාත් ගමනේ දුශ්කර බව තවත් වැඩි විනි. කෙසේ වෙතත් අප කෙමෙන් කෙමෙන් කිලෝමීටර් ගණනාවක් ගෙවා දමමින් කුඩා ධීවර වාඩි කිහිපයක් සමීපයට ලගා වූයේ කුඩා විවේකයක් ලබා ගැනීමටයි. තැනින් තැන නතර කරණ ලද යතුරු පැදි ලගම වාඩි වී සිටි අපගේ නෙත ගැටුනේ කුරුම්බා වලු වලින් ඵල බර වී ඇති පොල් ගස් කිහිපයකි. "සල්ලි දීලා කඩාගමුද?.." මාගේ අදහස විනි. "ගියොත් වචනයක් ආවොත් කුරුම්බා" කියමින් කෝලිත මල්ලී ධීවර වාඩියක් වෙත ඇවිද ගියේ අව් කූටේ පැමිණි අපට කුරුම්බා ගෙඩියක් බීම සැබැවින්ම දිව්‍ය ඔෂධයක් හා සමාන වන නිසාවෙනි.
"මේ අපිට කුරුම්බා කඩන්න එපා කිව්වා.. එයාලා කඩලා දෙන්නම් කිව්වා.. ඒක නෙමෙයි වැඩේ පාන් කන්න පරිප්පුවත් ඒ නැන්දාම හදලා දෙන්නම් කිව්වා.." යැයි කියමින් නැවතත් කෝලිත මල්ලි අප වෙත පැමිණියේ කණ්ඩායමේ සියලුම දෙනාට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව සළසා දෙමිනුයි.
මේ සොදුරු සංචාරය රූප රචනාවෙන්ම නරඹමු
ආයුබෝවන් මම දිනේෂ්.
The second episode of one of the most adventurous motorcycle rides I have ever done. This video begins from the second morning we spent at the uchchamunai. It was a glorious sunrise on that day. We had our morning tea there, and while that was, we met a few fishermen who came to Uchchamunai to make sandbags for their fishing purposes. After that, since we had to leave this beautiful place, we cleared our campsite. While on our way, we stopped at the only school in this area and handed over a few school supplies which we brought. After that, we were fortunate to have a beautiful hospitality from one of the village families. This was a memorable experience-my gratitude to Ceylon Adventure Tours.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 373
@malindumihisara09
@malindumihisara09
මේක තමයි මගේ ජිවිතේ දැක්ක සුපිරිම ට්‍රැවල් චැනල් එක ලංකාවේ....සම්මාන දෙන්න ඔනේ මෙවට...ආදරෙයි අය්යෙ ❤
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06
හරිම ආසාවෙන එනකම් හිටිය රූපරචනාවක්.. ඒ වගේම මනුස්සකම් පිරුණු මිනිසුන් දුටුව රූපරචනාවක්... දුෂ්කර ගමනම අවසානය හරිම සුන්දරයි... රටේ මෙච්චර ලස්සන තැන් තියෙන බව දැනගත්තේත් DAP ගෙන් තාමයි.. ස්තූති හැමෝටම මෙච්චර ලස්සන රූපරචනාවක් ගෙන්න කල ඒ කැපකිරීම් වලට. තවත් ලස්සන තැන් හොයන් යන්... සීමාවක් මායිමක් නැති සුන්දර ගමන් යන්න ඔබේ සීමාව මායිම ඔබමයි. ජයවේවා 🌻💚
@neetharanjani1692
@neetharanjani1692
ජීව්තය ව්දින්න ම්නිසුන් අහිතකර දේවල් වලට අබ්බැහි වෙනව සොබාදහමට නැබුරැවෙලා සුන්දරත්වයට ආදරය කරල අපි ලබන මානසික සුවය කිසිම දේ කින් ලබාගන්න බැහැ ඒ සැනසුම සතුට නිරෝගී මනසක් හදනව මම අබ්බැහිවෙලා මේ වගේ ඉසව්වලට ඉතින් නුබට බොහොමයක් පින් මේ සොබාදහම්‍ රසය අප වෙත රැගෙන එනවාට🌷සියලු දෙනාටම තෙරැවන් සරනයි
@HadeanEon7917
@HadeanEon7917
දිනෙෂ් අයියේ යාලුවෝ මොනතරං වටිනවද නේද? මම දකින්නේ ඔයාගේ දක්ෂ කමත් එක්ක මිතුරුකම ලෝකෙට හොඳ පඩමක් කියා දෙනවා කියලයි...සුපුරුදු පරිදි ඔබ සියලුදෙනාට ජය.....💚💥
@BeautifulSoul17
@BeautifulSoul17
භාවනාවක් වගේ හිත සනසනවා 💚🌿 ආයූබෝවන් මම දිනේෂ් 🥰 ඒ වචන , හඩ ඇහුනාම දවසම ලස්සනයි ❤️පරිස්සමින් හැමදාම🙏❤🌿
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108
මට හිතෙන්නෙම ඔයාලා යුධගමුදා සෙට් එකක මිතුරන්.
@RavinduMalshan9890
@RavinduMalshan9890
කාටවත් කරදරයක් නැති එකම ඇබ්බැහි වීමක් ❤👣🤗🍃
@vinduindiwari1106
@vinduindiwari1106
මේ රට කොච්චර ලස්සනයිද .... බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම ❤❤❤❤
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f
සොදුරු දුෂ්කර ගමනාන්තයක් නිමාව .... අපේ රටේ පාරාදීසයක ට අපිවත් ගෙන ගියා ට දිනේෂ් අයියා ලොකු අයියා ඇතුලු ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි ජය වේවා🙏
@nirmanianuradha1213
@nirmanianuradha1213
රූප රචනාවේ ඉතිරි කොටසත් ඇත්තටම ලස්සනයි. වෙනස්ම අත්දැකීමක්.. ලංකාවේ ඉන්නකොට කෑලැ පල්ලියට ගිය මතකයන් අලුත් උනා වගේ දැනුනේ. Thank you dinesh අයියේ. පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි ❤️💚
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv
සංචාරය පුරාවට අපිත් හිටියා වගේ දැනුනා ...අපේ රටේ මෙච්චර ලස්සන තැන් දකිද්දි මාර හැගීමක් දැනෙනවා...
@sachinithehani5615
@sachinithehani5615
චූටි කාලේ කියවපු 'කල්ලන්දූවේ මුතුකොල්ලය' ආයෙමත් මතක් වුනා මේ රූප රචනාවෙන්. හරිම ලස්සනයි අයියේ ❣️
@danushkasadaruwan3690
@danushkasadaruwan3690
පරිසරයට ආදරය කරන මිනිසුන්ට දිව ඔසුවක් 💚🍃
@somawikramasinghe8215
@somawikramasinghe8215
Harima asawen balanna api dannawa mewa apata pennanna oyala wena mahansiya nodekapu de balana apita harima satutui oyala hemotama budu saranai devi pihitai parissamin.
@DilihiEkanayake
@DilihiEkanayake 21 күн бұрын
ඔයාගෙ video s කිපයක් penඑකට අරගෙන විවෙක විට පවුලේ අයත් සමග ලොකු TV න් ඛලනවා සූපිරි❤❤❤❤❤❤
@chathu979
@chathu979
ආයුබෝවන් මම දිනේශ් .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති වචන පෙල.❤❤❤
@nethmiperera3644
@nethmiperera3644
හරිම ලස්සනයි 🍃
@1994-g4h
@1994-g4h
සොබාදහම එක්ක මුහු උනු සුන්දර මනුස්සකම.. ඒක හරි ලස්සනයි...😍
@Nethsara-138
@Nethsara-138
හදවතටම කොඳුරන හදවතේ සංචාරකයා ❤️😌
@Mudith_Vancouver
@Mudith_Vancouver
බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН