Uchchimuni | Kudawa to Uchchimuni Sand Road | මෝටර් සයිකල් වලින් ගිය උච්චමුනෙයි සංචාරය |

  Рет қаралды 113,558

Dinesh A Pathum

Dinesh A Pathum

8 ай бұрын

සිනිදු වැල්ල මත අවුත් ගැටෙනා කෙටි රළ නංවන ශබ්දය හැරෙන්නට හාත් පස වැලි තුඩුවම නිහඩ ය. හිරුගේ නික්ම යාමට මත්තෙන් මුලු අහසම රන් පැහැ ගැන් වී ඇත්තේ තැනෙන් තැන ඇති ලා නිල් සහ සුදු පැහැ ගත් වළාකුලු මතට නෙක නෙක වර්ණ එක් කරමිනුයි. ලා නිල් පැහැති මුහුදත් රන් පැහැ ගත් අහසත් සැබැවින්ම නෙත් ඉදිරියේ මවාපෑවේ දිව්‍යලෝකයක හැඩයි.
හිරු නික්ම යන තෙක්ම බලා සිටි අප හිරු නික්ම ගිය පසුත් ඉතිරි වන කුඩා එළියෙන් හනි හනිකට වැලි තුඩුවේ මධ්‍යයට වන්නට රැගෙන පැමිනි කූඩාරම් කිහිපය අටවා රාතී ආහාරය සූදානම් කර ගත්තේ කුඩා ගිණි මැලයක ආධාරයෙනි.
රාත්‍රියේම මුහුදට පැන නා කියා ගත් පසු සූදානම් කර ගත් රාත්‍රි ආහරයත් ගෙන කදවුරු භූමිය මධ්‍යයට වී ඈතින් පෙනෙනා විල්පත්තුවේ වන මායිම දෙසත් බත්තලංගුංඩුව දූපත් දෙසත් බලා සිටිමින් කතිකාවකට වැටුනේ දුශ්කර මාර්ගයක අවසානයේ ඇති සොදුරු ඉසව්වක ඇති මිහිරියාව සහ නිහඩ නිස්කලංක භාවය ගැනයි.
රාත්‍රී නමය හමාර දහය පමන වන විට වර්ශාවක් ඇද හැලුනේ වෙහෙස වී සිටි අපට රාත්‍රියේ නින්ද ඉතා සුවපහසු සහ කනට මිහිරි වර්ශාවේ සංගීතයත් සමගින් ගෙවා දැමීමට අවස්ථාවක් සොබාදහම විසින් ලබා දෙමිනුයි. කෙසේ වෙතත් හෙට උදැහැනැක්කේම විල්පත්තුවට ඉහලින් නැගෙනහිර අහසින් හිරු පායා එන සැටි නරඹා උච්චිමුනෙයි පාසල වෙතත් මාලු වාඩි වෙතත් යා යුතුය. එමෙන්ම කළපුව සහ මුහුද අතර ඇති පටු වෙරළ තීරයේ ඇති ලිදකින් පිරිසිදු සහ ලුණු මිශ්‍ර නැති ජලය සොයා පානය කල යුතුයි. මෙවන් බලාපොරොත්තු ගොන්නක් හදවතේ තබාගෙන මා මේ වන තෙක් රචනා කල පොත් පිංචත් පැංසලත් කූඩාරමේ පසෙකින් තබා නිදි මල්ල තුලට රිංගා ගත්තේ කංඩායමේ අනෙක් අයට සුභ රාත්‍රියක් කියමිනුයි.
ආයුබෝවන් මම දිනේෂ්
Located in the far-end corner of the North Western province of Sri Lanka, Uchchamunai is a 1400 Acer Island belonging to Sri Lanka. This was one of my dream tours. We planned this trip for around one good year on and off. Finally, it became true. It was a memorable and one of the most challenging rides we ever took, as it became more and more difficult to ride on sandy coastal trails from our motorbikes. However, what more we can say other than this is an incredible paradise to spend your holiday. Kite surfing is one of the eye attractions on this island. After a harrowing ride, we camped on the edge of the Uchchamunai beach. The painted sky at twilight gave us lifelong memories, and I hope this video will inspire you to explore this beautiful place soon.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 656
@BeautifulSoul17
@BeautifulSoul17 8 ай бұрын
සීමාවක් නැති ඇබ්බැහිවීමක්😍❤හැමදාම විශේෂ දෙයක්,වෙනස්ම විදිහකට​ අරගෙන ඇවිත් අපිව පුදුම කරවනවා.ආදරණීය හදවතේ සංචාරකයා❤🌿පරිස්සමින් හැමදාමත්,බුදු සරණයි🙏 රත් පැහැවුනු ලා හිරුරැස් ගලාගෙන, රටා ඇන්දා අහස් ගැඹම වසාගෙන,නිල් සයුරේ රළ පෙළ හඩ අසාගෙන,බලා ඉන්න ඇත්නම් නුඹ ලගින් හිද❤
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූති
@BeautifulSoul17
@BeautifulSoul17 8 ай бұрын
@@DineshAPathum ❤️🌿
@chalithajayasanka1976
@chalithajayasanka1976 8 ай бұрын
ඒ විඩියෝ කොලිටිය .. තමා අපිව පිස්සු වට්ටන්නේ ❤ 100%
@somalatha3761
@somalatha3761 8 ай бұрын
යුදගිනි මැද වෙහෙසකර මනසට මේ රූපරචනාව බලද්දී මේ මගේ මවුරටෙ අසිරිය නේද කියල දැනෙද්දී හදවතට හරිම සැනසිමක් දැනෙනවා පුතාල හැමෝටම තෙරුවන් සරණයි
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
පරිස්සමෙන්. ගොඩාක් ස්තූති. අපිත් පාර්ථනා කරණවා ඉක්මනටම සාමය උදා වෙලා හිතේ සැනසීමෙන් කාලය ගත කරන්න ලැබේවා කියලා
@HadeanEon7917
@HadeanEon7917 8 ай бұрын
දිනෙෂ් අයියා ඔයාලා මේ ලබාදෙන මානසික සහනයට බෙහෙවින් පින් සිදුවේවා. සුයලුම දෙනාගේ මහන්සියට ස්තූතියි..සදා ජය.... 💚💥
@thilinadarshana6050
@thilinadarshana6050 8 ай бұрын
පිට රටක ජිවත් වෙන අපිට ලංකාවේ අසිරිය මේ විදිහට පෙන්නනවට ගොඩක් පිං දිනේෂ්, ලොකු ඇතුලු සෙට් එකට. අපේ මහංසිය විඩාව තනිකම ටිකකට හරි නැති වෙන්නේ මෙ දේවල් නිසා ❤❤
@sagarapeiris1571
@sagarapeiris1571 8 ай бұрын
❤❤❤
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
බෙහෙවින්ම ස්තූති. ඒ වගේම ඈත රටක ඉදන් තමන්ගේ රටට ආදරය කරණ එක ගැන ඇත්තටම සතුටුයි. අපි හැමෝගෙම උපන් දේශයේ සුන්දරත්වය මේ විදිහට ලෝකෙටම පෙන්වන්න ගන්නා ලද පුංචි උත්සාහයට ලබා දෙන අගය කිරීමට සහ සහයෝගයට නැවත වතාවක් ස්තූති. පරිස්සමෙන් වැඩ ටික කරගන්න අපිත් සුභ පතනවා මව් බිමේ සහෝදරයන් විදිහට ❤🎉
@BeautifulSoul17
@BeautifulSoul17 8 ай бұрын
@@sagarapeiris1571ලොකු අයියා 😇💚🌿🙏
@supunlakmallakmal4965
@supunlakmallakmal4965 8 ай бұрын
❤❤❤❤❤❤
@gayang1773
@gayang1773 8 ай бұрын
API Maha idan oyaga video balala satutu wanawa dinash ayya apa rata harima lassanai nada
@harshanuwan1679
@harshanuwan1679 8 ай бұрын
රූප රචනාව එන කම් ඉවසුමක් නැතුව ඉදියේ . කියන්න වචන නෑ අයියෙ එකෙන්ම සුපිරි ❤️❤️❤️❤️❤️. අපි හැමෝගෙම හදවතේ සංචාරකයා DAP❤️🌿
@DineshAPathum
@DineshAPathum 7 ай бұрын
ගොඩාක් ස්තූති
@anjanachamathkara5028
@anjanachamathkara5028 8 ай бұрын
මම ගොඩාක් ආදරේ කරන ලස්සනම ලස්සනම වචන වලින් පිරිපුන් සොදුරු මිනිසෙක්.....දිනේෂ් මාමේ ඔයා වගේම අපේ ලංකාවෙ ලස්සන විදින්න ලොකූ හීනයක් තියනවා.....❤❤ ඒ හීනෙ ගෙනල්ල දුන්නට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මාමේ.....❤
@GamingIsuru220
@GamingIsuru220 8 ай бұрын
මේ වගේ අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්නනවට ගොඩක් පින් අයියේ DAP 💚 සොබාදහමට ආදරය කරන අපි වගේ අයට මේ ලන්කව තරම් සුන්දර රටක් නැහැ ඔයාලා ඔක්කොටම බුදු සරණයි පරිස්සමෙන් DAP 💚🌱 ඉක්මනට ඉලග විඩියෝ එක ඔනෙ පරිස්සමෙන් ඉන්න ❤ මේක මගේ රට 🇱🇰
@thiliniliyanage4089
@thiliniliyanage4089 8 ай бұрын
කුරුල්ලෙක්ට තටු හම්බුනා වගේ නෙමෙයි, දිනේෂ් අයියට තටු හම්බුනා වගේ 😍😁 මොළෙන් වැඩ ගන්න මිනිසුන් පරපුරක් ඉක්මනින් බිහිවෙන්න ඕනේ, මේ රට ලෝකේ පෝසත්ම ලස්සනම රට වේවි එතකොට ❤️🙏 හැමදාම වගේ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ඇත්තටම හරි. බෙහෙවින්ම ස්තූති
@indikaudayashantha4181
@indikaudayashantha4181 8 ай бұрын
ලංකාවේ ඉපදීම මට ලොකු ආඩම්බරයක් ... ලංකාව කොච්චර සම්පත් දරා ඉන්නවා ද?...දිනේෂ් පරිසර වේදියා ඔබ නිසා එම සුන්දර දසුන් විදිනවා...ස්තුතිය සහොදරයා ❤️❤️🧡🧡❤️❤️ ලොකු පීරිස් ..දිනේෂ් ට ලැබෙන හයියට ඔබ පට්ට සහොදරයෙක් ස්තුති ලොකු පිරිස් ..🙏🙏🙏👍 ලංකාවේ ලස්සන බලන්නට දුන්නට ආදරෙයි ❤❤❤❤❤🌄⛰️⛰️🏞️🏞️
@ruwansenadeera6680
@ruwansenadeera6680 8 ай бұрын
හදවතේ සංචාරකයන් දෙදෙනා කෝලිත, දිනේෂ් ජයවේවා ❤ දුෂ්කර වුනත් සුපිරි ගමනක්.
@TRAVELGUIDESRi
@TRAVELGUIDESRi 8 ай бұрын
Mn hithuwe ලොකු පීරිස් aiya ne kiyla. Den ලොකු පීරිස් aiya දිනේෂ් aiyage vedios wala dakinnama oni kenek wela❤
@nalleaiya6603
@nalleaiya6603 8 ай бұрын
බයික් ටික නම් ගමනට ගොඩක් ගැලපෙනවා. 💚💚💚🇱🇰
@chamothchamoth8593
@chamothchamoth8593 8 ай бұрын
ස්වභාවධර්මයේ ආශිර්වාදය නොඅඩුව ලැබුණු මගෙ රට ගැන ආඩම්බරයි. හැමදාවත් වගේ හදවතේ සංචාරයකයාගෙන් තවත් ලස්සන සංචාරයක් ❤️💚
@sanuwaranimnath613
@sanuwaranimnath613 8 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.මේකනම් සුපිරියක්.💚🌳🌍🍃❤😊.
@anjalidesilva4629
@anjalidesilva4629 8 ай бұрын
සුපිරියක් දිනේශ් අයියේ ❤😍 අපිටත් යන්න ආස හිතෙන විදිහටම ඔයා අපිව ඒ ඒ තැන් වලට එක්කන් යනවට ගොඩක් ස්තූතියි ❤ හදවතේ සංචාරකයා 🥰
@poornisenanayaka7640
@poornisenanayaka7640 8 ай бұрын
අමුතුම අමුතු ,බොහොම වෙනස් ඉතාමත් ජවසම්පන්න සංචාරයක්.ජය වේවා ❤️
@nethmiperera3644
@nethmiperera3644 8 ай бұрын
මනස සුවපත් කරන රූප රචනාවක් 💆🍃🌊 හරිම ලස්සනයි 👌🥰
@maduka_s
@maduka_s 8 ай бұрын
ආදරේයි srilanka .. අපි මොකටද අනුන්ගේන් හිඟා කන්නේ මෙි තියෙන්නේ අපේ සමිපත්❤
@sandakelumpriyashan1457
@sandakelumpriyashan1457 8 ай бұрын
මේකනම් පිස්සුවක් අයියේ...සුපිරි..කල්පිටි ඔච්චර ලග ඉදලත් ඔහෙට යන්න බැරි වුනා...පුලුවන්න්ම් දොලුකන්දෙත් යන්ඩකෝ කුරුණෑගල..ඒකෙ උඩට ගිහින් නෑ..ඔයා ගියොත් අපි ගියාටත් වඩා එහෙ ලස්සන බලන්න පුලුවන්...❤🎉...
@isurirajapaksha522
@isurirajapaksha522 8 ай бұрын
Wow ඒ අහස ❤❤❤
@nethmini0519
@nethmini0519 8 ай бұрын
රූප රචනාව එනකන් ආසාවෙන් බලන් හිටියේදිනෙශ් අයියේ💗 මම ජනවාරි වල විබාගෙට ලියන්න ඉන්න කෙනෙක් පාඩම් කරලා ඉවර උනාම මම කරන්නෙ අයියාගේ විඩියෝ බලනවා ලන්කාවේ ලස්සන බලන්කොට ඇත්තටම සැනසිමක් තියෙනවා ඔලුවත් නිදහස් වෙනවා අයියාගේ කටහඩ අහන් ඉන්න හිතෙන කටහඩක් ❤අයියාටයි ලොකු පිරිස් අයියටයි දෙන්නටම තෙරුවන් සරනයි ❤🙏
@WildTVSrilanka
@WildTVSrilanka 8 ай бұрын
මේක මරු දිනේශ් අයියේ ❤
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූති
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 8 ай бұрын
මේ තරම් සුන්දරත්වයක්..❤❤❤අපි රට රැක ගමු නේද ස්වභාව ධර්මය ඇසට දෙන වර්ණ සංකලනය වෙන කොහෙන්වත් ගන්න බෑ😘🥺 ජය වේවා අයියේ❤ හැම රූප රචනාවක්ම පුදුමාකාර විදිහට දනවනවා❤💚💕
@nirangahimaya1885
@nirangahimaya1885 8 ай бұрын
අයියේ අදයි බලන්න වෙලාවක් සෙට් උනේ.සුපිරි අදත්..
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 8 ай бұрын
Stunning adventure ❤✌️ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාහට🙏 .මනසට සුවපත් කරනවාට. මගේ මව් බිම මේ මිහිපිට ඇති,දිව්‍ය ලෝකයක් ❤
@lasanthalaksiri3591
@lasanthalaksiri3591 8 ай бұрын
සුපිරි සුපිරි aiye
@Ruwan12345
@Ruwan12345 8 ай бұрын
🎉සොබාදහමේ සුන්දරත්වය මුළු ලෝකෙටම මුළු ශ්‍රී ලංකාවටම කියමින් ඔබ මේ කරන සේවය අති උතුම්❤❤❤
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 8 ай бұрын
මගෙ රටේ මේ වගේ marvelous තැන් තියනව කියල මේ video එකෙන් තමයි දැක්කෙ.අනේ ගොඩක් පින් දිනේෂ් අපට යන්න බැරි තැන් මේ විදියට හරි බලන්න සුන්දර දුකක් විදගෙන ගිහින් අපට පෙන්වනවට.ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරණයි. ❤
@priyangikasewmini6507
@priyangikasewmini6507 8 ай бұрын
අනිත් ඒවා වාගේ ම කියන්න දෙයක් නැ මේකත් ලස්සන රූප රචනාවක් 🍂💫🌺🍃
@dhanushkasamaraweera8008
@dhanushkasamaraweera8008 8 ай бұрын
හරිම ලස්සනයි අයියේ .යුද්ධය කාලෙදී යන්න හිතන්නවත් බැරිව තියෙන්න ඇති ඔය පැති වල.සන්චාරය කරන අතර අහින්සක දරුවන් වෙනුවෙන් කරපු උපකාර වලට හැමෝටම ගොඩක් පින් ලැබේවා !!!. හමුවෙමු ඊලග රූප රචනවෙන්.එතෙක් හැමෝටම සියලු දෙවි රැකවරණයි....❤️❤️❤️❤️
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
ඕවට අද බයක් නැති ව යන්න දිවි කැපකරපු රණවිරුවන් ගැන පොඩි වචනයක් වත් කියපු නැති එකනම් වැරදියි. අට පාස් ආමි කාරයෝ නේ, සමහර වෙලාවට මේ අරගල කාරයෝ වෙන්නැති, ඉතින් හමුදාවේ අය ඒ කාලයේ කරපු දේවල් වැඩක් නැති ඇති.
@dhanushkasamaraweera8008
@dhanushkasamaraweera8008 7 ай бұрын
@@barneycasting8331 ehema deyak naha.eyala kohomath mihipita dewiwaru.kiwuwath nokiwath eyala nisa thamai me hamadeyakma.aragalai arakai meka mekata gawanna epa. Mama lankikayek.eka ekata kade yana paksha pata kula agam gana hithana kenek nemei.ketiyen hithata danena de hamadama comment karanne dinesh ayiyata. Echcharai.oya kawuru unath mata adala naha.minissunta chodana karala a manussayage page eka chater karanna epa plz
@dhanushkasamaraweera8008
@dhanushkasamaraweera8008 7 ай бұрын
@@barneycasting8331 hamudawe ayata ata pass army karayo kiyala nigaru karanna epa.lajjai oya gana.
@RollerGuideX
@RollerGuideX 7 ай бұрын
දැන් යුද්දයේ සේයාවන් නොපෙනෙනා නිසා ඒක ගැන කතා නොවෙන්න ඇති ඔය හරියෙන් ltte එක අරන් දැම්ම ඊළාම් යුද්දයේ අවසන් අදියරයට ගොඩක් කලින් මෙතන ගොඩබිම ඉවර වෙන තැනින් එහාට මුහුදෙන් යද්දී පොඩි දූපත් කීපයක් හම්බවෙනවා ඔය එකක ගම වැසියන් 20කට වගේ එහා ගානක කොටි කැති පිහි වලින් කොටලා මරල දාල තිබ්බා මම ඔය දූවට කයාක් එකකින් ගිහින් තියෙනවා. දැනට නාවික හමුදාවෙන් තමයි එතන හිටියේ @@barneycasting8331
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 8 ай бұрын
යක්කු ගොඩක් එක්ක ගිහිපු ගමනක් ඉතින් හදවතින්ම ආදරෙයි දිනේශ් අය්යෙ , ඔයා අහිංසක ළමයි වෙනුවෙන් කරපු උපකාරවලට නම් බොහොම ස්තූතියි ඒවගේම කරන උදව් වලට කැමරාව ගාවගත්තෙ නැති එක නම් ඇත්තටම හොඳයි , ඉතින් යන හැම ගමනක්ම පරිස්සමෙන් යන්න ලැබේවා ආදරෙයි හැමදාමත් 💛
@Cine_matics
@Cine_matics 8 ай бұрын
ඇත්තටම ලංකාව ලසනයි කියල හිතුවට මෙච්චර ලස්සනට දැක්කෙ අදමයි ....ඔයාට ගොඩාක් ස්තූතිය ❤
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 8 ай бұрын
දුශ්කර ගමනාන්තය ක් මැදින් සුන්දර පාරාදීසයකට රැගෙන ගියාට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි පරිස්සම ගැන ත් හිතන්න
@LaLaLa-rx5vn
@LaLaLa-rx5vn 8 ай бұрын
Another marvelous video..❤😊
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 8 ай бұрын
ඇත්තටම කොච්චර අපි නොදන්න ලස්සන තැන් මේ පුන්චිරට ඇතුලේ තියෙනවද. ඒ ලස්සන අපිට ගේනවට බොහොම ස්තූතියි අයියේ..හැමදාමත් වගේම ඉතින් ජයම වේවා.🔥❤💪
@RollerGuideX
@RollerGuideX 7 ай бұрын
Nice ride and great to see a vintage 2 stroke MTX 200 too :)
@user-ub3jo3mt7o
@user-ub3jo3mt7o 7 ай бұрын
බුදු සරණයි රත්තරං ඉස්සර සසෙයි කියලා Ltte see lider තමයි ඔය උව්ව මුනි බත්තලංගුණ්ඩුව ගගේ වාඩිය පළු ගහතරේ පොම්පරිප්පු පාලනය කරේ අපි තමයි පැටියෝ ඇල්ලුවේ 2008❤❤❤❤❤❤❤❤❤❤❤
@shewonfdoz407
@shewonfdoz407 8 ай бұрын
හරිම ලස්සනයි අයියේ ඔයා නියමයි 🇱🇰 අපේ රට ගොඩක් ලස්සනයි ජය වේවා ❤ ආදරෙයි ඔයාට මේක දිව්‍යමය ලෝකයක් ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී ඔබට දිනේශ් අයියේ හැමදාම ඔයා එක්ක ඉන්නවා මම අපි ඔක්කොම . ලොකු පීරිසුත් ඉන්නවා හරිම ආදරණීය ගමන් සගයෙක් හිතේ බයක් නැතුව යන්න පුලුවන් යෝද ශක්තියක් ලොකු පීරිසි කියන්නේ
@Nirwandewmin2012
@Nirwandewmin2012 8 ай бұрын
ඔයා හරිම වාසනාවන්ත යි අපෙ රටේ සුන්දරත්වය සොයා අපි ට පෙන්නනවට.පරිස්සමට.බුදු සරණයි.
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූති. අපි හැමෝම වාසනාවන්තයි මෙච්චර ලස්සන රටක ඉපදෙන්න
@suchithraperera2452
@suchithraperera2452 8 ай бұрын
පුතාට සහ ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට ස්තුතිය ප්‍රකාශ කරනවා, දුෂ්කර මාර්ගයක් මත අපේ නෙත් ලංකාවේ තවත් අසිරිමත් ස්ථානයක් මෙන්ම සොබාදහමේ අසිරියන් ගෙන ආවට. එමෙන්ම පුතා cowboy movie එකක් මතක් වුනා. බුදු සරණයි සැමට පරිස්සමෙන් 🙏
@tiktokathal6717
@tiktokathal6717 8 ай бұрын
මිස්ට පීරිස් මට හැගෙනවිදිහට හිටපු යුද හමුදා සෙබලෙක් වගෙයි . ඔහු සැම විටම විමසිලිමත් . ඔනම දෙයක් ඔහු හසුරවනව වගෙයි .. ඔබලාට බුදු සරනයි ආදරෙයි හැමදාමත්
@pulasthirathnayaka7794
@pulasthirathnayaka7794 8 ай бұрын
හදවතේ සොඳුරු සංචාරකයා..DAP ජය...❤❤
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 8 ай бұрын
😮wow කියා නිමකල නොහැක 👍👍🙏
@sanidudilantha3326
@sanidudilantha3326 8 ай бұрын
video eka baladdi apu feeling eka kiyann wachana naa... supirii..
@pabasaradil4295
@pabasaradil4295 8 ай бұрын
ඇත්තටම දිනේෂ් මාර ම ලස්සන ,සුන්දර රූප රාමුවක් .අපේ දෑස් නොදකින දේ ඔබේ දෑස් තුලින් දැකීමට සලස්වනවාට බොහෝ පින්.ඇත්තටම ඔබ නිදහසේ පියඹන කුරුල්ලකු හා සමානයි.ඉතින් හැමදාමත් සතුටින් ලෝකය පුරාම සැරිසරන්න ලැබේවා !!.💖💖
@mayurithakshila4352
@mayurithakshila4352 8 ай бұрын
බලන්නත් කලින කියන්න පුළුවන් සුපිරියක් කියලා .අසනිපවෙලා ගෙදර ඉන්න මට 👍👍👍🥺😊❤
@INS_gaming
@INS_gaming 8 ай бұрын
😢
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 8 ай бұрын
මේ වගේ ලස්සන තැන් ලංකාවේ තියෙනවා කියලා දකිද්දී....අම්මෝ කියා ගන්න වචන නෑ පුදුම ලස්සනයි.දිනේශ් මල්ලි ඔයාලට පින් මේවගේ ලස්සන රූප රචනා අපිට ගේනවට....ස්තුති හදවතේ සංචාරකයනි....තෙරුවන් සරනයි...❤❤
@nishanthidarshani4310
@nishanthidarshani4310 8 ай бұрын
Lassana sancharayak e wagema godak dewal danagatha amuthu parisarayak samajaya danuwath karapu eka watinawadakkam me lankawada kiyala hithenawa obata athulu samadenatama dalada samidu pihitai
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
thank you so much . තෙරුවන් සරණයි
@chathurangabandara8236
@chathurangabandara8236 8 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe 8 ай бұрын
රූප රචනා නම් මේවා තමයි... වෙනද වගේම අදත් සුපිරියක්... ලංකාවෙ සුන්දරත්වය තව තවත් අපිට පෙන්නන්න හැකි වේවා... ජය වේවා දිනේශ් අයියා ❤✅
@pereradenuwan4465
@pereradenuwan4465 8 ай бұрын
මාත් දවසක හොද Job එකක් කරලා සල්ලි ටිකක් හොයාගෙන පුලුවන් පුලුවන් වීදිහට දිනේශ් අයියගෙ Videos ටික බලාගෙන යනවා ලංකාව වටේම😍✊🎯
@Navodk
@Navodk 8 ай бұрын
ඒ වීඩියෝ එක මරු දිනේෂ්...
@nayanirasangi169
@nayanirasangi169 8 ай бұрын
අම්මෝහ් යන්න මග බලාගෙන හිටපු ගමනක්..දැන් නම් ඉතින් එතනට ගියා වගේ දැනෙනවා.අයියාගෙ විස්තර කිරීම හරිම වටිනවා සහ හරිම පැහැදිලිව හැමදේම කියා දෙනවා.බොහොම පින් සිද්ධ වෙනවා අයියා.ඒ වගේම ඔයාල හැමෝටම තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේ වගේ ලස්සන සහ වටින අත්දැකීම් ලබන්න සහ අපිටත් ඒව දකින්න අවස්ථාව ලබා දෙන්න.ඉතින් බොහොම ස්තූතියි සහ පරිස්සමෙන් ඔයාලගෙ ගමන යන්න..ජය වේවා.❤❤
@ChiranthaLaksri
@ChiranthaLaksri 8 ай бұрын
Aiya sport eka “Kitesurfing”. Super video ekk. 💙✌️
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
Thank you so much
@lasithperera2159
@lasithperera2159 8 ай бұрын
ඔයාගෙන් බලාපොරොත්තු උන වීඩියෝ එකක් අයියා,යක්කු ටිකක් එක්ක යක්කු ටිකක්,ටුවරින් නම් බාජා තමයි ❤️😈 සුබ සුබ,යක්කුත් එක්ක කන්දකත් යමු ළගදිම💕
@thilininsg3175
@thilininsg3175 8 ай бұрын
Marama happy ekak eka digata videos ❤. ❤ adarei dinesh aiye oyalata. Parissamin jaya wewa set ekata❤❤
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 8 ай бұрын
හමොටම ගොඩක් පින් මහන්සයට..අපෙ වින්දනය වෙනුවෙන්.
@Ruwan12345
@Ruwan12345 8 ай бұрын
🎉ජය වේවා දියුණුවෙන් දියුණුවටම පත්වේවා🎉🎉🎉
@Dinuwantha_Samarathunga
@Dinuwantha_Samarathunga 6 ай бұрын
වෙලාවක් ලැබෙන කම් බලන් හිටියේ මේ වීඩියෝ ටික බලන්න. අන්තිමට කොරෝනම වේලාව හදලා දුන්නා. තව දවස් පහක් තියේ ඔක්කොම බලනවා❤❤❤❤. හැමදාමත් වගේ මාරම ලස්සනයි වීඩියෝ❤
@ashenmenuka3286
@ashenmenuka3286 8 ай бұрын
අම්මෝ හීනයක් වගේ 🖤🌿🏍️තෙරුවන් සරණයි...!🖤
@SahanKawshalya-vx3yu
@SahanKawshalya-vx3yu 8 ай бұрын
Supiri video eka
@manelkumari-cq4qj
@manelkumari-cq4qj 8 ай бұрын
Wow it's amazing. Thanks for showing these beautiful places to us. Best wishes dinesh.
@kavindugayashan8455
@kavindugayashan8455 8 ай бұрын
Palaweni comment eka magen ❤❤🎉🎉adarei forever 🎉❤
@jani17
@jani17 8 ай бұрын
Super. Thank u Dinesh malli n team. Apitanam kohomath yanna bari than pennuwata istuti.
@SanujMdiyagahage
@SanujMdiyagahage 8 ай бұрын
බොහෝම සුන්දර රූප රචනාවක් අයියා💚 පරිස්සමින් අයියා දිගටම කරගෙන යමු බුදුසරණයි ❤❤
@aravinda19
@aravinda19 8 ай бұрын
තවත් ලස්සනම සංචාරයක් ❤
@supunsandaruwan3686
@supunsandaruwan3686 8 ай бұрын
එන්න එන්නම විඩියෝ සුපිරි සුභපැතුම් හදවතේ සංචාරකයා.❤
@levindulasith5954
@levindulasith5954 8 ай бұрын
ආසම travel + බයික් + කෑම්පින් = 🧘‍♂️🍃♥️
@sadunishara9864
@sadunishara9864 8 ай бұрын
පට්ටම ලස්සනයි සහා අමුතුම අත්දැකිමක් අයියේ ❤️❤️
@aravindhigamage7457
@aravindhigamage7457 8 ай бұрын
Hi Dinesh, Thank you for making such an amazing video !! The crystal blue water and the scenery is magnificent.Even though you may not understand the Tamil language or speak it, the generosity of the Tamil people was amazing. Looking forward to next video , take care :))
@chandrikaperera6969
@chandrikaperera6969 8 ай бұрын
අනේ කියන්න වචන නැ අපේ පුන්චි රටෙ ලස්සන රටින් පිට ඉන්න අපි වගෙ අයට කොයි තරම් වටින විඩ්යොද මේ ඔයාට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය සොහොයුර 💐💐💐💐
@hashenchamindu7607
@hashenchamindu7607 8 ай бұрын
Video එකේ Trailer එක බලද්දිම හිතුනා මේක සුපිරියක් වෙයි කියලා...ඒ හිතුවා වගේම වීඩියෝ එක පට්ට🤩💯
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූති මල්ලි
@vinduindiwari1106
@vinduindiwari1106 8 ай бұрын
ඒක නම් වෙනස්ම වීඩියෝ එකක්. හරිම ලස්සන පරිසරයක් . බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු කණ්ඩායමට.❤❤❤ තෙරුවන් සරණයි
@Ruwan12345
@Ruwan12345 8 ай бұрын
🎉ස්වභාවදහම කියලා කියන්නේ සුන්දර දෙයක් ඒකෙ සුන්දරත්වය අපට කියලා නිම කරන්න බෑ
@ishanijayakody7265
@ishanijayakody7265 8 ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම අපුරු රූප රචනාවක් අයියේ . අනේ බිච් කැම්පෙන් එක මරු. මාත් මාරම ආසම දසුනක් ඉර බැහැගෙන යන මුහුද දිහා බලන් ඉන්න. සැනසෙන්න පුලුවන් සොබාදහම නිසා ඔයා හරි. 💚🦑🐚🐡️😘🌹😘 ඉලග රූප රචනාවත් ඉක්මනට ඕනා
@roshandeshappriya8707
@roshandeshappriya8707 8 ай бұрын
සුපිරි අදනම් වන්ඩි ටිකේ බැස්සේ නේ .බුදු සරණයි❤❤❤❤❤❤
@darshanipriyangika7031
@darshanipriyangika7031 8 ай бұрын
හරිම ලස්සනයි පුතාලා සියල්ලටම ස්තුතියි
@sitharafernando4177
@sitharafernando4177 8 ай бұрын
පුදුමාකාර ලස්සනයි🥺♥️
@chandimaperera8962
@chandimaperera8962 8 ай бұрын
Dear Dinesh and team thank you again beautiful place ❤ love every bit of it ❤ lassnai
@databooks8395
@databooks8395 8 ай бұрын
❤lassana manussayek lassana ratak. Apita oywa hambei travel karana atharathura
@dinushikadinurukshi3252
@dinushikadinurukshi3252 8 ай бұрын
දෙයියනේ ලස්සන ,හරිම පැහැදිලී , නියමයි 🌼
@nilanthajayasundara3013
@nilanthajayasundara3013 8 ай бұрын
පලවෙනි කමේන්ට් එක මගෙන්..හදවතේ සංචාරකයා🍀❤️🤟🌿
@pasindulakshanmaduranga3444
@pasindulakshanmaduranga3444 8 ай бұрын
බොහෝම ස්තුති...දිනෙෂ් අයියේ ඔයාට ❤
@rohinigunasekera128
@rohinigunasekera128 8 ай бұрын
Hi Dinesh pathum, I want to thank you for exploring the beautiful nature of paradise island. It's nice to watch from my living room here in Canada all the videos you post on KZbin. 😊
@jetcrazy7773
@jetcrazy7773 8 ай бұрын
හරීම අපුරු අත්දැකිමක් ම්ත්‍රයා. බොහොම ස්තුතියි. දුරු රටක ඉඳලා වුනත් මෙහෙම විඳින්න ලැබුනු එකට.
@mdmarlonmd
@mdmarlonmd 8 ай бұрын
Wooow.... Man Dakka Thawath Lassanama Wedasatahanak....Suba Pathum Mithraya...Api Meelaga Wedsatahana danakan Balan Innawa. Jesu Pihitai.
@nirmanianuradha1213
@nirmanianuradha1213 8 ай бұрын
ගොඩක් කාලෙකින් වෙනස් විදියේ video එකක්. හරිම ලස්සනයි😍 ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියලා දැනගත්තේ මේ video එකෙන්. Thank you දිනේෂ් අයියේ.❤gb.
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 8 ай бұрын
❤❤❤ mama Dinesh ❤❤❤,, adath api Dinesh ekka,, ikmanin balanna oneee,, ❤ Dinesh oya nam pissuwak tamai,, ,,,,, budu saranai Dinesh,,,❤
@surangikagunarathna
@surangikagunarathna 8 ай бұрын
මව්රට මේ තරම්ම සුන්දරයි කියා දැක බලාගන්න හැකි වුනේ ඔබ නිසයි.. හදවතේ සොඳුරු සංචාරකයාණනි ඔබටත් ඔබේ කණ්ඩායමටත් බොහොම පිං.. එකකට එකක් නොදැවෙනි සොඳුරු ස්ථාන දවසින් දවස අපි දකිනවා පුදුම ලස්සනක් මගේ රට 🇱🇰❤
@lakruwankatugaha5751
@lakruwankatugaha5751 4 ай бұрын
වීඩියෝව අන්තිමේ හිතට සතුටක් දැනුනා හරියට මන් ඒ තැනට ගියා වගේ🥺
@dennaekka
@dennaekka 8 ай бұрын
ටික දවසකට කලින් බැලුවේ අද තමා කමෙන්ට් කරේ ජයවේවා සුභවේවා ❤️❤️
@thenukadhamsri9796
@thenukadhamsri9796 7 ай бұрын
අයියෙ ඔයගෙ විඩියො හරිම ලස්සනයි.මඅරම ලස්සනයි 😍මමත් අසයි අය්යගෙ ගමනකට එකතු වෙන්න.අනෙ මවත් එක්කන් යන්න්කො අය්යෙ.😥
@chamodkawshalya9590
@chamodkawshalya9590 8 ай бұрын
Video eka apu gaman baln mn ❤
@janithdilshan234
@janithdilshan234 8 ай бұрын
හදවතේ සොදුරැ සංචාරකයා ❤ DAP හැමදාමත් හදවතින්ම ආදරෙයි❤
@warunavijayantha8130
@warunavijayantha8130 8 ай бұрын
video එකක් දානකන් බලන් ඉන්න මම. Love you Dinesh aiyee. ඉස්සරහටත් මෙහෙම දේවල් කරන්න ශක්තිය ඔයාට ලැබෙනවා 😍😘🎊🎉🥰 ජය වේවා 😘❤
@Vibrant_441
@Vibrant_441 8 ай бұрын
Intro eka wow❤
@yamankohehari
@yamankohehari 8 ай бұрын
බලාගෙනම හිටපු එක..❤❤❤ කියන්න වචන නෑ...සුපිරියක් ❤❤❤❤❤💯
@RavinduMalshan9890
@RavinduMalshan9890 8 ай бұрын
කියන්න වචන නෑ අයියෙ වීඩියෝ එකනම් මරු හොදේ💚😌😍
@neetharanjani1692
@neetharanjani1692 8 ай бұрын
හරිම ලස්සනයී ඔබට පින් සිදුවන්න අපිත් ඇස නොගැසුනු තැන් බලා ගන්නව ස්තුතියි 🐘🐘🐘🐘 අමතක කරන්න එපා කුනු දමන්නේ සමහර නගර සබාවලින් තවත් ස්ථාන තිබෙනවා
@bauddaya6152
@bauddaya6152 8 ай бұрын
Mara lassanai dinesh aiyee...❤❤❤❤
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
마시멜로우로 체감되는 요즘 물가
0:20
진영민yeongmin
Рет қаралды 10 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 3 МЛН
Хитрая МАТЬ делит НАСЛЕДСТВО между ДЕТЬМИ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 10 МЛН