Maha Bala sampanna Seth pirith desana|උදෑසන අවදිව රාත්‍රී නින්දට පෙර මේ බලගතු පිරිත විස්වාසයෙන්

  Рет қаралды 1,876

wiswa siyapatha-විශ්ව සියපත

wiswa siyapatha-විශ්ව සියපත

Күн бұрын

.The ‘Paritta’ contains several powerful ‘Suttas’, which are the wisdom put into verses with power and protection, offering blessings throughout the reciting of the ‘Paritta’.The practising of reciting the Buddha's verses has been since the beginning of the Buddhist history by the Buddhist monks, as the Buddha himself had recited them during the times of epidemics and plagues to bring peace and tranquility to the humankind.It is believed in the Buddhist culture that the reciting these Buddha’s ‘dhamma’ the Buddha’s wisdom, can bring healing power protection and peace to the mind of anyone. May all living beings be blessed with this blessing and reciting of this ‘Paritta’ and let this
උදෑසනට සහ රාත්‍රී නින්දට පෙර අසන්න
උදෑසන අවදිව රාත්‍රී නින්දට පෙර මේ බලගතු පිරිත විස්වාසයෙන් ශ්‍රවණය කරන්න සියලු ලෙඩ රෝග දුරුවී නිදුක් නිරෝගී සතුට සැනසීම නිරන්තරයෙන් ලැබෙන
. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදු හිමි වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදු හිමි ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍ද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම් වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ. පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි.
පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුහිමිගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදු හිමි වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදු හිමි භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදු හිමි ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදු හිමි වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ “දීඝායුකො හොතු” යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
පිරිත් අසා සිටින විට පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි බුදු හිමි අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ.

Пікірлер: 1
@tharushiweerasooriya2837
@tharushiweerasooriya2837 Жыл бұрын
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН