බෞද්ධ අපට miss වුන ආනන්ද හාදුදුරුවන්ගේ පණිවුඩය # Nishantha Kamaladasa 110

  Рет қаралды 413

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

ආනන්ද හාමුදුරුවන්ගේ බුදුන්ගේ අග්‍ර උපස්ථායකයා වූවාට අමතර ව ධර්ම භාණ්ඩාගාරික යන තනතුර ද දැරී ය. බුදුන්ගේ ධර්මය මේ යැයි පිරිසිඳ දත හැකි පිණිස ධර්ම සංඝායනාවක් පැවැත්වූ අවස්ථාවේ සියලුම භික්ෂුන් භික්ෂුණීන් වහන්සේලා පිලිගත්තේ ආනන්ද හිමියන් කී වචන ය. අනෙක් අතට ආනන්ද හිමියන්ට බුදුන් පිරිනිවන් පාන තුරු ද රහත් වීමට නොහැකි විය. මේ සියල්ලෙන් ආනන්ද හිමියන්ගේ චරිතය අපට වැදගත් පණිවුඩයක් ගෙනෙන්නේ ය. අවාසනාවට අපට මුණ ගැසෙන බොහෝ බෞද්ධයන්ට ඒ පණිවුඩය මග හැරී ඇති බවක් පෙනෙන්නේ ය. ඒ කුමක් ද?‌ මේ ඒ ගැන ය.

Пікірлер: 11
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
මගේ comment එක ගියේ පළමු comment එකට reply එකක් විදියට..මේ සම්බන්ධ මගේ මතය ඒ comment එක..
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
"ඇලීම ගැටීමෙන් දුරු වීමෙන් නිවන ලැබෙනවා කියන අවබෝධය ලැබීම." යනු මෝහය නැති වීම යයි කමලදාස මහත්තය කියයි. වාහනයක් පෙට්‍රල් වලින් දුවයි කියන අවබෝධය ආවම වාහනය දුවයි ද ? ඔබගේ තර්ක නූගතුන්ටද ? ගොලුවන්ටද ? ඇලීම ගැටීම නැතිවීමෙන් නිවන ලැබේ කියල ඔබට ප්‍රත්‍යක්‍ෂ වෙන එක නිවන නෙවෙයි. මෝහය හෙවත් "ඇත්ත නොදැනීම​" නිසා තමයි එහෙම ප්‍රත්‍යක්‍ෂ වුනත් ඒක කරගන්න බැරි. මෝහය නැති කරගැනීමට අරි අටඞ මග පුරුදු පුහුනු කල යුතුයි. ලෝභ ද්වේශ දැනගැනීම නිවන නම්, බුදු කෙනෙක් ලෝභ ද්වේශ මෝහ කියල තුනක් දේසනා කරයිද ?බුදුහාමුදුරුවන්ටත් වඩා ඔයා ලොකු ගුරුවරයෙක් ද ?
@Nandadewa1
@Nandadewa1 2 ай бұрын
මෝහය කියන්නෙ ලෝභ ද්වේෂ තියා ගෙන ඒක සැපයි කියල හිතා ගෙන ඉන්න එකට. මෝහය දුරු කරනව කියන්නෙ ඒ දෙකෙන් වියෝ වුනහම නිවෙනවා කියන අවබෝධයට.
@kudusilva9498
@kudusilva9498 2 ай бұрын
@@Nandadewa1 ද්වේශය සැපයි කියල හිතන්න පිස්සෙක් වෙන්න ඕන​. ඇත්ත වශයෙන්ම ලෝභයවත් සැපයි කියල හිතෙන්නෙ කොහොමද ?යමක් නැති කෙනෙකුට දුන්නම සැපක් හිතෙන්නෙ නැද්ද ඔබට ? සැපයි කියල හිතෙන්නෙ ඔය දෙක ම නොවෙයි. ස්පර්ශය​. බුදු දහම ඉගෙන ගන්න​.
@kudusilva9498
@kudusilva9498 3 ай бұрын
සෝවාන් වී සිටි ආනන් ද හාමුදුරුවො අවබෝධයක් නැතුවද හිටියෙ ? Stream Entry හෙවත් සෝවාන් මාර්ගයට පිවිසීම තමයි ප්‍රධානම අවබෝධය​. මොකද ඊටපසු ඒ stearm එක දිගේ දිගටම යන නිසා. නැවතත් ඔබ කලේ පොඩි කෑල්ලකින් ලොකු පණිවිඩයක් හදන එක​. ඇලීම ගැටීම කියන්නෙ ලෝභ ද්වේෂ කියල ගමු. එතකොට ඔබ කියන් දේ 66.6% ඇත්තයි වගේ පේනවා. ඔබ කියනවා ඇලීම ගැටීම නැත්නම් 100% නිවන කියල​. හැබැයි 0% කියල මම කියනවා. මොකද "මෝහය​" නැති කිරීම තුලිනුයි ඇලීම ගැටීම නැතිවන්නෙ. පරලොවක් නෑ කියන් එකාගෙ "මෝහය​" නැද්ද ? ඇලීම ගැටීම කියන්නෙ ලෝභ ද්වේෂ කියල ගමු. එතකොට ඔබ කියන් දේ 66.6% ඇත්තයි වගේ පේනවා. ඔබ කියනවා ඇලීම ගැටීම නැත්නම් 100% නිවන කියල​. හැබැයි 0% කියල මම කියනවා. මොකද "මෝහය​" නැති කිරීම තුලිනුයි ඇලීම ගැටීම නැතිවන්නෙ. පරලොවක් නෑ කියන් එකාගෙ "මෝහය​" නැද්ද ? පරලොවක් නැහැ කියල හිතුවත් වැරදි අඩුවෙන් කරන ඉතාම යහපත් මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඕනෑම ආගමක ඉඳ එය කල හැකියි. එහෙම වෙන කොට ඇලීම ගැටීම ඉතාම් අඩු කරගත යුතුයි. හැබැයි බුදු දහම කියන්නෙ ඊට එහා ගොස් මෝහය උපුටා දැමීම තුලින් ඇලීම ගැටීම මුලිනුපුටා දැමීමයි. එසේ නැතිනම් දුක නැතිවීම සිදු නොවනු ඇත​. ඔබට නිබ්බානය සිදුනොවෙනු ඇත​. ඔබට විශාල ඇලීමක් තියෙනවා මිනිස්සුන්ට උගන්වන්න​.
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
කමලදාස මහත්මයා, පාළු ගෙවල්වල වළං නම් බිඳින්න එපා හොඳේ..😂 01.ඔබ ළඟ තියෙනවා පුරුද්දක් අසූචි හකුරු එක්ක ඔතල දෙන්න.. හකුරු රසයි..ඒ නිසා නම් අසූචි කන්න බෑ මහත්මා හොඳේ.😂 ඒක අලුත්ම රටාවක් මේ සමාජය කනපිට හරවන්න දඟලන අයගේ.. 02.ඔබ කළමණාකරණය ඉගෙන ගෙන තියෙනවානෙ. කළමණාකරණයට අදාල මූලික සිද්ධාන්තමය කරුණක් හෝ කරුණු ඔබ ඉදිරියේ වැරැද්දුවොත් ඔබ කියනවද ඔහුට හෝ ඇයට ඔහු හෝ ඇය කියන මතය හරියි කියල..මම හිතන්නෙ නෑ ඔබ එහෙම කරයි කියලා..ඔවුන් ඔබට කිව්වොත් ඔබ වැරදියි ඔවුන් හරියි කියලා? සහ ඔබ ඔවුන්ගේ ඇද හොයනවා කියල? එතකොට මොකක්ද තත්ත්වය හරි වරද ගැන තත්වය? එතකොට මම ඒ දීපු කරුණට අදාල සංවාදයේ සම්මුතියකට එන්න නම් විය යුතු කල යුතු දේ මොකක්ද?😮 ළාමක කියවීම් නම් කරන්න එපා මනෝ ලෝකවල අතරමං වෙලා..ඉල්ලීමක්.🙂
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
ඔබේ කරුණ සත්‍යයක්..මගේ අතින් වැරදීමකින් ඔබට ප්‍රතිචාරය ලෙස මගේ comment එක ඇවිත්..සමාවන්න.🤝
@Nandadewa1
@Nandadewa1 3 ай бұрын
ඔබ අඩක් හරි. ලෝභ ද්වේෂ මෝහ කියන තුනෙන් ම නිදහස් වෙන්න ඔ්න. ඒත් මෝහය කියන්නෙ මොකද්ද? ඇලිම ගැටීම සොඳුරු දෙයක් හැටියට සැලකීමට. මෝහයෙන් දුරු වෙනව කියන්නෙ කුමක් ද? ඇලීම ගැටීමෙන් දුරු වීමෙන් නිවන ලැබෙනවා කියන අවබෝධය ලැබීම. ඉතිරි අවලාද වල ගත යුත්තක් නෑ. අවසානයෙ ඔබ සඳහන් කරනව උගන්නන එකේ ඇලිලා ඉන්නෙ කියල. ඔබ ඒ චෝදනාව බුදුන් වහන්සේටත් කරන්න ඉඩ තියෙනව නොදැනුවත් කමින්. ඒ නිසා ඒ ගැන නැවත සිතන්න.
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
​@@Nandadewa1ධර්මය තුල පුද්ගල විවිධත්වය දක්වල තියෙන්නෙ කොහොමද? ඇයි ආනන්ද හාමුදුරුවන් තුල බහා ධර්මය කියවන්න ඔබ යෝජනා කරන්නේ? එලෙස කල හැකිද ධර්මයට අනුව?
@magehithasundarai9931
@magehithasundarai9931 3 ай бұрын
​@@Nandadewa1බුදුන් වහන්සේට ඒ චෝදනාව කරල තියෙනව මාරයත්.දීල තියෙන පිළිතුර ඔබට මතකද? මතුකරන කාරණය defend කරනවා නම් පුද්ගල ස්වභාවයන් මත, ඔබ යෝජනා කරන "සංවාදය" ගොඩ නැඟෙන්නේ කොහොමද?🤔
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 8 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН