යල් පැන ගිය සංස්කෘතික කුරුසය බිම තියෙන තුරු රටට ගැලවීමක් නැත # Nishantha Kamaladasa 109

  Рет қаралды 149

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

බොහෝ දෙනා රට හදන්නට ඉදිරිපත් වී ඇති නමුත් රට ඉදිරියට නොයන ප්‍රධාන හේතුව අපේ සංස්කෘතික මනස්ගාත බව දන්නේ නැත. සමහරු ඒ ගැන කතා කරන්නට ද බය ය. ඒ ඡන්ද අහිමි වේ යැයි සිතා ය. එහෙත් මේ ගැන කතා නොකර මේ කුරුසය බිම තියන්නට මිනිසුන් පොළඹවන්නට බැරි ය. මෙය ඉබේ ගැලවෙනු ඇතැයි සිතන බොහෝ දෙනා පසුගාමී සංස්කෘතියක්ට කොතරම් කාලයක් තිරිංග තද කර ගෙන සිටිය හැකි ද යන්න ගැන දන්නේ නැත.

Пікірлер: 4
@RasanSamarasinghe
@RasanSamarasinghe Ай бұрын
හොඳ විශ්ලේෂණයක්! ඔබ සඳහන් කරල තියෙන විදියටම මේ ගැන කතා නොකර හොඳ වෙනසක් ඇති කරන්න අමාරුයි. කතා කරන්න ගියොත් පහර එල්ල වෙනවා. මුරන්ඩු එකා, හීලෑ කමක් නැති එකා, ක්‍රමයට අනුගත නොවෙන එකා, EQ නැති එකා කියල. මට අත්දැකීම් තියෙනවා! හොඳට බැලුවොත් මේ ක්‍රම වලින් වාසි ගන්න පිරිස තමයි එහෙම කරන්නෙ. ක්‍රමය වෙනස් කරන්න ගිහින් විනාශ වෙනවට වඩා රැල්ලට අනුගත වෙලා යන එක තමයි සාර්ථක වෙන්න පුලුවන් හොඳම ක්‍රමය කියලා ඔවුන් විශ්වාස කරනවා.
@magehithasundarai9931
@magehithasundarai9931 Ай бұрын
ඔබ කියන සංස්කෘතික කුරුසයේ පැති 04 මේවා.. 01.ලොක්කො සොක්කො.. 02අපේකම. 03.නැතිබැරි කෙනෙක් හැටියට සිටිය යුතුය, මතුවීමට උත්සාහ නොකිරීම. 04.අවදානම් නොගෙන සිටිය යුතුය.. 🔴 මේ තත්ත්වය ලංකාවට පමණක් අදාල සංස්කෘතිකමය තත්ත්වයක්ද? 🔴 කෘෂිකාර්මික සමාජය කියල එකල සමාජය හඳුන්වන්න පාදක කරුණ හෝ කරුණු මොනවද? ඔබේ දැරීමද නැතිනම් පොතේ පතේ දක්වලා තියෙන සමාජයට ඒත්තු ගන්වලා තියෙන දැරීම එසේය කියන තැන ඉඳලද ඔබ එම සමාජය කෘෂිකාර්මික කියන්නෙ?
@Nandadewa1
@Nandadewa1 Ай бұрын
මේ සම්බන්ධතා පොදුවේ වැඩවසම් සමාජ වල තිබුණු සම්බන්ධතා. ඒ ඉඩම් ප්‍රමාණය මත සම්පත් හා බලය තීරණය වුනු සමාජ. මුදල් විසින් පසු කාලෙක ඉඩම් වල තිබු ඒ ප්‍රධාන වටිනාකම පැහැර ගන්නව. මේක තමයි ධනවාදය කියල කියන්නෙ. මේ පරිවර්තනයට අවශ්‍ය සංස්කෘතික වෙනස බොහෝ රටවල දාර්ශනික තලයේත් ආගම තුළත් සංස්කෘතිය හා කලාව තුළත් ඇති වෙනවා. යුරෝපයේ පුනරුදය කියවන්න. ඒත් අපේ රටේ ඒ මානසික පරිවර්තනය වෙන්නෙ නෑ. ඒකට එක හේතුවක් වන්නේ සුද්දට තියෙන විරුද්ධත්වය හරහා පැරණි ඉතිහාසය නැවත හදා ගන්න අපට තිබුණු මානසික උවමනාව වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් සුද්දන්ට තිබුණේ නැහැ.
@magehithasundarai9931
@magehithasundarai9931 Ай бұрын
@@Nandadewa1 ඔබ සමඟ 100%ක්ම විසම්මුතික හැඩයක මම නෑ..අවිවාදිත කරුණු තිබෙනවා..නමුත් ඔබ මතුකරන පැති 04 දි "අපේකම" වගේ සංකල්ප දිග හැරෙන පරාසය රටවල් එහෙම පිටින්ම ඇති කිරීම හෝ නැතිකිරීම දක්වාම පුළුල් පරාසයක දිවෙනවා කියල කියන්න පුළුවන්..වර්තමාන මොහොතට අදාලව සුද්දන්ට ප්‍රතිවිරෝධි ආකල්පයක ලංකාවේ ජන මනස අංශු මාත්‍රිකව හෝ නැතය කියන්න කරුණු බොහොමයි..ප්‍රත්‍යක්ෂව දැනෙන මිනුම් දඬු තමයි ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආනයන අපනයන සබැඳි වෙළඳ ශේෂ හිඟය පුනරාවර්තන ප්‍රාග්ධන වියදම් සබැඳි ගෙවුම් ශේෂ හිඟය වැනි කරුණුවලදි රට මීට වඩා යහපත් තැනක තිබිය යුතුය කියල පැහැදිලියි සුද්දන්ට විරෝධී අපේකමක් ලංකාවෙ මුල් බැස්සනම් 48 න් පස්සෙවත්..කට වාචාල අපේකමක් නෙවේ මම අදහස් කරන්නෙ..ඒ වෙනුවෙන් වූ ක්‍රියාකාරී සහභාගීත්වයක් නෑ අදටත් පුරවැසි වගකීම තුල සුද්දන්ට විරෝධීව.. ඊළඟ කරුණ තමයි රටවල්වල කෘෂිකර්මය කියන කොටසට කාලානුරූප හැඩයක් දීලා ලඝු කරපු ගමන්ම ආයෙ හිරවෙනවා. රටක ආහාර සුරක්ෂිතතාව අනිවාර්යයි..කාලීන හැඩ නොමැතිවම..පරාක්‍රමබාහු යුගය අදටත් ලංකාවේ තිබිය යුතුම ස්වයංපෝෂිත බවේ එකල නිරූපණයයි කියල ගත්තෙ නැති අවුල තියෙන්නෙ..ඒ වෙනුවට කලේ එකල තිබ්බා දැන් බෑ,දැන් කොහෙද ඒවා දැන් තියෙන්නෙ සේවා ආර්ථිකයක් ගොවිකම අත හැරලා සිවිල් සේවයට ආවෙ නැත්නම් බැරිය වගේ අමන තත්ත්වයක්..නිදසුනක් කිව්වොත් කොළඹ සහ ගම්පහ පොලොන්නරුවට අනුරාධපුරයට ඔරවල ඔච්චම් කරල ගන්න වින්දනයෙ කාලය උපරීම සතියයි තියෙන්නෙ නිෂ්පාදනවල කාලරාමු, සේවා ආර්ථික, සමාජ තත්ව තුල සීමාරේඛා ගැහුවොත්..අන්තර් සම්බන්ධිත අවිවාදිත ස්ථරවල තට්ටු ගැලවිල්ලෙ පරිප්පු කෑවෙත් කන්න වෙන්නෙත් පෝලිමෙ ගිහින්.😊
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 35 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
මීළඟ ජනපති ලෙස ඔබ තෝරන්නේ කවුරුන් ද ? - Rev.  Dr  Julian Patrick
42:02
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 4,7 М.
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН