නිවන් දුටු හිමි Niwan Dutu Himi - Dr Victor Rathnayake

  Рет қаралды 256,690

Victor Ratnayake

Victor Ratnayake

2 жыл бұрын

Artist : Dr Victor Rathnayake
Lyrics : Premakeerthi De Alwis
Composed: Dr Victor Rathnayake
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්
මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

Пікірлер: 94
@biyankabiyanka6961
@biyankabiyanka6961 10 ай бұрын
ප්‍රේම කීර්ති ද අල්විස් මහා කලා කරුවාණන්ට සසරේ කිසිදු දවසක ඒ වගේ කෲර අමානුෂික ගාතනයකට හසු නොවී නිවන් සුවය ම ලැබේ වා......!!!!!
@user-jg1ps9nk1w
@user-jg1ps9nk1w 7 ай бұрын
එහෙව් මිනිහෙක් මරලා දාපු උන් පව් හෝදලා වගේ කතාව
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 5 ай бұрын
​@@user-jg1ps9nk1wහඩ්සන් සමරසිංහටයි චෝදනා කරන්නෙ ප්‍රේමකීර්තිගෙ පුතා.
@sumithbandula7253
@sumithbandula7253 Ай бұрын
ඒ පවකලෙ කවුද කියා ව්‍යාන්ගෙන් නොකිය හරි දෙය දැන ගන්න .බිරිඳ පුතා කියන්නෙ කැගැ ද සොයාබලන්න .ඔවුන්ට වඩ වෙනකවුරුද දන්නෙ.
@user-ok3ud2xg6q
@user-ok3ud2xg6q 3 ай бұрын
මෙහෙම ගීත කොහොම ලියවුනාද මන්දා... පින්වන්ත ගී පද රචකයා... ඔබට නිවන් සුව....
@thusith1987
@thusith1987 9 ай бұрын
ජීවිතය හැරවුම්‍ ලක්‍ෂයක් කල හැකි ඉතා වටිනා ගීතයක්
@kaziyagallery3311
@kaziyagallery3311 Жыл бұрын
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන්
@nethu6690
@nethu6690 11 ай бұрын
🌼💫🙏
@chaiya1984
@chaiya1984 13 күн бұрын
❤❤
@sanjayaweerasingha3764
@sanjayaweerasingha3764 Жыл бұрын
අගයන්න වචන නැති කරන ගායකයෙකුගේ සහා නිර්මාණකරුවෙකුගේ එකතුව... අමරණීයයි... ❤Legends
@dinushalakmal5628
@dinushalakmal5628 Күн бұрын
වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය සදා අමරනීයයි
@nimalperera6742
@nimalperera6742 Жыл бұрын
ඉදියේදී අපට අහිමිව යන පතාක සංගිත යෝධයන් සමුහයෙන් එක කට හඩක් පමණයි මෙ.70 දශකයේ සිට අපේ මනසට සහන දුන් සහ හැඟුම්බර ගීත රැසක් අප දේශයට දායාද කල ඔබ ඇතුලුව අනෙක් කලා කරුවනටත් මාගේ ස්තුතිය පුද කරමි. දීර්ඝායුෂ පතමි. ❤
@wijemanneraneesha
@wijemanneraneesha 2 жыл бұрын
මලක් අද ඔබ දෙපා පාමුල විදින සිහිලස නොමැත මා හට.. මලක් වු දා මගේ ජිවය ඔබේ පා මුල පරවුනාවේ.. 🙏 සිත නිවන ගීතයක් ❤
@kavindunavod17
@kavindunavod17 2 жыл бұрын
ඔබ තුමාගෙ හඩ සජීවී ව අහන්න පින නැති උනා කොරෝනා නිසා සරස ප්‍රසංගය මග ඇරුනා 🙏
@achinthaasalage633
@achinthaasalage633 5 ай бұрын
ප්‍රේම් අංකල් අද හිටියනන්💔
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 2 жыл бұрын
සුන්දර ගීතයක් .ඔබ තුමා ගෙ මියුරු හඬ අමරණීය yi ...!
@uparathanathero8223
@uparathanathero8223 2 жыл бұрын
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරට කැපී වෙන් වෙන.......කටුක සංකර ඉරි තලපු දෙදරපු නිතර පුපුරන මේ මහා සමාජයේ ජීවත් වෙන එක ලෙහෙසි නෑ.ප්‍රේමකීර්ති ද අල්විස් වික්ටර් රත්නායක සුසංයෝගය ගහට පොත්ත වගේ වෙන් කළ නො හැකි ආධ්‍යාත්මික බැඳීම් දෙකක්.ආදරෙයි දෙන්නටම.ප්‍රේම් ඔබට නිවන් සුව.වික්ටර් ඔබට දිගාසිරි.
@ChamriPerera-vl2rt
@ChamriPerera-vl2rt 14 күн бұрын
ප්‍රේම් මාමාගෙ සිංදුව බණ පොතක් වාගේ
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck Жыл бұрын
මලක් වූදා මගේ ජීවය ඔබේ පාමුල පරවුනා වේ..❤🙏🙏
@Mrlamaka
@Mrlamaka Ай бұрын
මනක්කල්පිතගේ rap එක අහලා ආපු අය ඉන්නවාද❤️
@Inguru_paan_malli
@Inguru_paan_malli Ай бұрын
ඔව් 😅😅😅 හැබැයි මේක දන්නැතුව නෙවෙ හොඳටම දන්න සින්දුවක්❤️
@user-jf2oy1nv9t
@user-jf2oy1nv9t 12 сағат бұрын
නෑ
@Ruwankumara-by6ck
@Ruwankumara-by6ck Жыл бұрын
පන්සලකට ගියා වගේ හිග නිවෙනවා...පුදුම සැනසීමක්❤🙏🙏🙏
@deepikaweerakoon6288
@deepikaweerakoon6288 2 жыл бұрын
මිහිරි අමරනීය හඩ
@nirwanpraba1499
@nirwanpraba1499 21 күн бұрын
මේ පද රචන ගීත හිතින් අසද්දි එන සැනසීම.. ඇස් දෙක පියාගෙන අහද්දි ඇත්ත්ටම හිතේ මැවෙනවා.. මේ බුද්දානු බලෙන් මේ වගේ පද රචකයන් හා ගායකයන් ඉදිරියේදීත් බිහි වේවා...බුදු සරනයි....
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 2 жыл бұрын
ප්‍රේම් වික්ටර් සුසංයෝග ය ...වචන නෑ ඒ තරම් මිහිරිය ..
@ishankahemantha5705
@ishankahemantha5705 6 ай бұрын
මෙවැනි ගිත ගායනාකරන්න පෙර පිං තියෙන්න ඕන 🙏🙏🙏
@user-rb8cv3bl7v
@user-rb8cv3bl7v 4 ай бұрын
දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන්.. ලෝවැසි සියළුම දෙනාටම බුදුසරණම වේවා. 🙏
@senarathsenarath3523
@senarathsenarath3523 3 ай бұрын
වික්ටර් මහතාගේ ගී අතුරෙන් මුල්මගනයට වැටෙන ගීතයක්
@tharumaduwanthi8053
@tharumaduwanthi8053 2 жыл бұрын
🙏🙏සියලු දෙනාටම තෙරුවන් සරනයි🙏🙏🙏
@hermanharmonies2951
@hermanharmonies2951 11 ай бұрын
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූවේ හිමිගේ හඩින් නොව 🌺🙏
@teklapriya2960
@teklapriya2960 2 жыл бұрын
හරිම ලස්සනයි
@upalidhanapala1713
@upalidhanapala1713 Жыл бұрын
මේ තමයි අපේ රටේ ජාතික වස්තු..."ස"ප්‍රසංගය කී වරක් නම් බැලුවෙම්ද....ඔබට දිගාසිරි ...
@user-dj5lt6lk1t
@user-dj5lt6lk1t 4 ай бұрын
අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සෙ ජිවමානව වැඩ වසන සේක්වා
@thiliprabhath7119
@thiliprabhath7119 Жыл бұрын
භාවනාවක් මේ ගීතය. ඔබ තුමාගේ හඩින් අහන විට සිත නිවී සැන සෙනවා. වික්ටර් රත්නායක කළාකරුවාණනී තෙරුවන් සරණයි ඔබ තුමාට. දීර්ඝායුෂ ලැබේවා .🙏
@user-co3yb6rp8v
@user-co3yb6rp8v 6 ай бұрын
නියමයි ❤
@ishankahemantha5705
@ishankahemantha5705 6 ай бұрын
සදා අමරණිය සිංදු
@ishanlakmina-qk1uu
@ishanlakmina-qk1uu 25 күн бұрын
maha pinvath gee pada rachakayaneni obata nivan suva labeva me va ahanakota puduma bakthiyak danenne Gayanayath ehemai ethumath ape hadavathe gayakayek dennatama pin
@kasunrajapaksha4606
@kasunrajapaksha4606 2 жыл бұрын
Great voice
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 2 жыл бұрын
හරිම සුන්දර ගීතයක් මමත් සන්ගීත කරන්නේ මාරම ලස්සනයි❤️🙏
@amilakumara3733
@amilakumara3733 Жыл бұрын
Marama lassana sinduva 🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮
@user-wf9ct5mq9z
@user-wf9ct5mq9z 6 ай бұрын
මගේ ආසම ගීතය සාදූ සාදු
@kelumchathuranga2485
@kelumchathuranga2485 11 ай бұрын
දේශයක ආද්‍යාත්මික රන් ස්වරය 🙏
@chandrapalamalwattha8775
@chandrapalamalwattha8775 4 ай бұрын
අහගන ඉන්න කොටත් කඳුළු එනවා. ඉස්තරම් ගායනයක්
@dinushalakmal5628
@dinushalakmal5628 Күн бұрын
මනක්කල්පිතගේ rap එක අහලා ආපු අය ඉන්නවාද
@Delin477
@Delin477 18 күн бұрын
Common..experiance..visual..is.so.nice.
@user-jh3te7eu6n
@user-jh3te7eu6n 14 күн бұрын
Samma sambudusaranai
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 4 ай бұрын
verybeautiful golden sinhala song thanks myfavourite
@anuradhathennakoon6414
@anuradhathennakoon6414 Жыл бұрын
Very nice
@prabath7621
@prabath7621 11 ай бұрын
අපකීර්තිමත් පව්කාර කාන්තාවකට රැවටී වටිනා ජීවිතය අදුරැ කරගැනීම ඉතාමත්ම කණගාටුයි.
@rasika402
@rasika402 Ай бұрын
excellent song
@user-eg9kk9hb4t
@user-eg9kk9hb4t 5 ай бұрын
Jiwamanawama thilo guru budu wahansa weda innaws wagai mama nam sama wedilai hitiya kadulu anawa math dakata visarada viktar rathnayaka kla karuwanan ni dirgausa niwadaka prama kirthi da Alvis niwadaka Yana ni Ajara mara niwan suwaya me wani wacthana saha thanu nor manaya❤
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 7 ай бұрын
ADHARANEEYA GURUTHUMANI BOHO SUNDHARAI. OBEH. SIYALUMA GEETHA. DEW SUWA SEWA DEEGODA KUMARA. OHUGEH HADIN GAAYANAA KARA VIDIO THIYTNA NISATH OBEH GEETHA. BUDHDHAMA RATHANA HAMUDHURUWO. YOU TUBE CHANEL EKAKA PRACHARAYA KARANAVA. DEEGODA KUMARA GEETHA NAMIN. ENISA. OBEH. ADUWA DHANENNFH NAHA CHIRAN JAYATHU BUDHU SARANAI DHEVIPIHITAI
@prabatharuna2122
@prabatharuna2122 2 жыл бұрын
❤️🙏🌷
@ThushariWeerasinghe1977
@ThushariWeerasinghe1977 24 күн бұрын
🙏🙏🙏
@deepikaweerakoon6288
@deepikaweerakoon6288 2 жыл бұрын
🌹
@nisansalapriyangani6428
@nisansalapriyangani6428 4 күн бұрын
❤️❤️❤️❤️❤️
@30nadie
@30nadie 2 жыл бұрын
Beautiful Song❤️
@chamaramillangoda5110
@chamaramillangoda5110 Ай бұрын
ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා වගේ 🙏🙏🙏
@yeshikanishadhi4165
@yeshikanishadhi4165 Ай бұрын
Ape thaththage asama gayakaya adathaththa na me sindu ahena kota aya mawenawa
@NethulHesara
@NethulHesara Ай бұрын
හිත නිවෙනවා🙏❤️‍🩹
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
ගාන්ධර්වායානෙණි ❤️❤️❤️
@ishiniumandi4138
@ishiniumandi4138 Ай бұрын
❤❤
@dileepajayashinhe9758
@dileepajayashinhe9758 2 жыл бұрын
😍
@anandaweerakoon8537
@anandaweerakoon8537 Ай бұрын
@user-wx2kj9xt1c
@user-wx2kj9xt1c 17 күн бұрын
❤❤😊😊
@pradeeplasantha1778
@pradeeplasantha1778 Жыл бұрын
Asama gayakayek
@ruwancontinental7381
@ruwancontinental7381 2 ай бұрын
🎉,🎉🎉
@roynishshanka9928
@roynishshanka9928 3 ай бұрын
2024 ❤❤❤❤
@ShortPro-ue2ky
@ShortPro-ue2ky 2 ай бұрын
Nice voice 🎉❤😊
@Asha-lb8ri
@Asha-lb8ri 2 жыл бұрын
🌷🌷🌷
@mahindadesilva1295
@mahindadesilva1295 6 ай бұрын
Flute Beast.
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 2 ай бұрын
1:44 ඛණක් වැනිය
@chinthakumari-kc6bx
@chinthakumari-kc6bx 8 ай бұрын
obe hada hamadama vedami niwemi kohomathama apita uruma budu maga pamani
@kanishkalakshan7416
@kanishkalakshan7416 Ай бұрын
🥺
@madushanimadu3222
@madushanimadu3222 Жыл бұрын
❤🌷😃❤❤
@user-rh8vk1eq1p
@user-rh8vk1eq1p Жыл бұрын
❤️❤️🙏❤️❤️
@ChamindaWimalarathne-bs9nh
@ChamindaWimalarathne-bs9nh 8 ай бұрын
Geeyak nowa Baawanaawak
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@RanjiniTennekoon-cq5bs
@RanjiniTennekoon-cq5bs Жыл бұрын
Some more. Somgs
@user-rm3mg3dh2y
@user-rm3mg3dh2y 9 ай бұрын
🌸🌸🌸
@yasawatheemanike9065
@yasawatheemanike9065 5 ай бұрын
❤❤❤
@seelaw7498
@seelaw7498 5 ай бұрын
🙏🙏🙏🎉
@ireshachathurangani-dl7qd
@ireshachathurangani-dl7qd Жыл бұрын
🤙
@milroynishantha6458
@milroynishantha6458 6 ай бұрын
🙏🇱🇰💛💜🧡 🌻🥇🌷
@imandiparami7033
@imandiparami7033 4 ай бұрын
2024/2/24
@tharindupriyamal3570
@tharindupriyamal3570 3 ай бұрын
2024/03/15 07.43
@bimalindrajith5178
@bimalindrajith5178 Жыл бұрын
මෙු🤵👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍❤‍💋‍👨👸👱👨‍👩‍👧‍👧👨‍❤‍👨🎏️️🎆🎇🎖️️🧯
@bimalindrajith5178
@bimalindrajith5178 Жыл бұрын
Ajiigy
@Delin477
@Delin477 19 күн бұрын
There.arelot.of.talktoyou Why Are You.keepin.silence .asata.asa.nogatunu.hiru.purudu. Kam Thibunu.bawa.aththa.neda. .feelsorry
@dulikadulika5191
@dulikadulika5191 2 ай бұрын
වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය සදා අමරනීයයි
@ApeEnglishclass
@ApeEnglishclass Жыл бұрын
❤️❤️
@supunabro1998
@supunabro1998 10 ай бұрын
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 798 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 45 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 15 МЛН
Niwan Dutu Himi cover by Viraj Rathnayaka
5:03
Viraj Rathnayaka
Рет қаралды 10 М.
හිමි සණරාමර | Himi Sanaramara | Ridmika Mendis
4:47
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 692 М.
නිවන් දුටු හිමි Niwan Dutu Himi - වික්ටර් රත්නායක Victor Rathnayaka
4:54
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 36 М.
Nanda Malani Danno Budunge
5:40
Ceylon Hits
Рет қаралды 379 М.
Love Challenge With Mellstroy And Mrbeast
0:19
BigSchool
Рет қаралды 7 МЛН
В поисках семьи😢😱
0:56
Следы времени
Рет қаралды 8 МЛН
Normal vs Psychopath vs Rich How to heal a cut on your finger ☝️❤️‍🩹
0:19
Smart Sigma Kid #funny #sigma #comedy
0:25
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
😨 24 ЧАСА чтобы найти школьную ПИЦЦУ
0:41
Настя, это где?
Рет қаралды 5 МЛН