Numba Aran Yanna | නුඹ අරන් යන්න - Karunarathna Divulgane

  Рет қаралды 147,083

Dr Jayan Udugama

Dr Jayan Udugama

Күн бұрын

• Numba Aran Yanna | නු...
ආදරෙයි මහ හුගක්......
ඇස්පිල්ලමක් යට සැගවුනු ඔබේ ආදරේ මට මහ මෙරක් තරම්....
වරෙක එය......
ජීවිතයට හුස්ම පිඹි ප්‍රේමයයි..........
ගිලිහෙන්නට නොදී තදින්ම අල්ලාගත් ප්‍රේමයයි...........
අහිමිවන බව දැන දැනම පපුතුරේ මිහිදන් කළ ප්‍රේමයයි....... ගිලිහෙන්නටම ලොඹ බදිනා ප්‍රේමයයි........
ඉදින්.......
නුඹ අරන් යන්න ඒ ප්‍රේමයේ සැමරුම් සියල්ල.........!
------නුඹ අරන් යන්න-----
=============
නුඹ අරන්යන්න
ඒ ආදරයේ සැමරුම් සියල්ල
නුඹ තබායන්න
නුඹ දුන් කදුලැලි මගෙ තනි රකින්න
මගෙ නෙතු පියෙන්න කලියෙන්
නුඹ මා දමායන්න
නුඹ තබායන්න
නුඹ දුන් සෙනෙහස මගෙ තනි මැකෙන්න ..................
දැන් ඉතින් යන්න
හිත නෑ නුඹ ලග තව සුසුම් ලන්න
සද එපා එන්න
හෙට මම විතරයි ඇය නෑ මට තනිරකින්න
මගෙ නෙතු පෙගෙන්න කලියෙන්
නුඹ මා දමායන්න
නුඹ තබායන්න
නුඹ දුන් සෙනෙහස මට තනි මැකෙන්න ..............
හිරු මැකීයන්න
ඇය නෑ මා ලග සිත සනසවන්න
හිත හදාගන්න
ඇය නැති මග මන් තනියම දුර පිය නගන්න
මගෙ නෙතු පෙගෙන්න කලියෙන්
නුඹ මා දමායන්න
නුඹ තබායන්න
නුඹ දුන් සෙනෙහස මට තනි මැකෙන්න ...................
නුඹ අරන්යන්න
ඒ ආදරයේ සැමරුම් සියල්ල
නුඹ තබායන්න
නුඹ දුන් කදුලැලි මගෙ තනි රකින්න
මගෙ නෙතු පියෙන්න කලියෙන්
නුඹ මා දමායන්න
නුඹ තබායන්න
නුඹ දුන් සෙනෙහස මගෙ තනි මැකෙන්න ......................
Artist : Karunarathna Divulgane
Lyrics : Dr Jayan Udugama
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @
Sage StudioZ
Orchestra :
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar : Mahendra Pasquel
Drums : Niresh Perera
Percussion : Dhananjaya Somasiri / Priyakumudu Medawaththa
Key Boards : Priyantha Gamage / Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Violins : Sanath Sathischandra / Madushanka Rathnayaka / Thisara Bandara

Пікірлер: 248
@sandaaa-or4wi
@sandaaa-or4wi 2 жыл бұрын
මගෙ නෙතු පෙඟෙන්න කලියෙන් නුඹ මා දමායන්න.. නුඹ තබා යන්න නුඹ දුන් සෙනෙහස මට තනි මැකෙන්න.. සමහර සිංදු තියෙනවා අපිත් නොදැනම අපේ අතීතයට අපිව අරන් යන. මේ ළයාන්විත හඬ,මේ දැනෙන වචන මාව අතීතයට අරන් ගියා මටත් නොදැනීම. ❤️❤️❤️❤️
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ඔබේ ඇගයීම අපට හයියක්...ස්තුතියි ❤️❤️❤️ සහෝදරී
@ajithnishsankha5900
@ajithnishsankha5900 8 ай бұрын
විරහව කියන්නේ මොකක්ද කියලා උපරිමයෙන් ම දැනුනා.ඔබ ඇතුළු සම්බන්ධ සියලුම දෙනාට බොහෝ මත්ම පිං.
@induudugama4870
@induudugama4870 8 ай бұрын
ඔබේ ඇගයීමට ❣️🙏 බොහොමත්ම ස්තුතියි .....❣️ පින්
@MalkanthiWaliwita
@MalkanthiWaliwita 15 күн бұрын
එදා ඒ ආදරය ගිලිහී ගියේ හිතාගන්න බැරි විදිහට අතින් අල්ලා ගන්න තරම් මම එදා ආදරය ගැන වැටහීමක් තිබුණෙ නෑ. අහිමි උනා ආදරය අද මගේ ඉස්සරහට එනවනම් 😭❤️❤️❤️❤️🤔🧡
@drjayanudugama2067
@drjayanudugama2067 12 күн бұрын
නුඹේ ප්‍රේමය........ ❤️ ආදරෙයි ❤️❤️
@sujathaedirisinghe7805
@sujathaedirisinghe7805 2 жыл бұрын
අපූරු අගනා නිර්මාණයක් . විරහවත් සුන්දරයි . මෙවැනි අපූරු ආදරණීය නිර්මාණ ඉදිරියේදීත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඊට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !💐💐💐
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤🙏💕💕ඔබේ ඇගයීම
@erindslive818
@erindslive818 7 ай бұрын
❤❤❤❤❤
@achirasenadheera8091
@achirasenadheera8091 2 ай бұрын
පද රචනය අති විශිෂ්ටයි....🙏 ගායනය පුදුම තරම් සංයමයකින් යුක්ත අති විශිෂ්ටයි. කටහඬ පුදුම තරම් ප්‍රේමණීයයි..... සංගීතය සිත් නිවා සනහාලයි......❤❤❤❤
@induudugama4870
@induudugama4870 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි සහෝ 💗💗💗🙏🙏
@raviwijerathna101
@raviwijerathna101 2 жыл бұрын
සුපිරි සහොදරයා... ආදරේ ලග තබා ඈ ගිය ගමන යලි මතක් කලා..... සුපිරි සහොදරයා තව නිර්මාණය වලට ආශිර්වාද වෙවා...ජය ශ්‍රී......
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤💕💕🙏🙏 සහෝදරයා
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
සුබ පතමි ආදරනීය වෛද්‍යතුමනි
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ......ආදරණීය ගාන්ධර්වයානණි .........නුඹේ මියුරුසර මේ ගීතය අතිශය අලන්කෘත කර ඇත.....එසේමා මා ගීත රචකයෙකු කිරීමේ පූර්ණ කාර්‍යබාරය නුඹ සිදුකොට ඇත.....ඒ සියල්ලට මගේ ආදරණීය ගෞරවය ❤❤❤❤🙏🙏🙏🙏
@harshanakumara1807
@harshanakumara1807 2 жыл бұрын
දිව්ල් අපිව හැමදාම කරනව අව්ල්.❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි නැවකට
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා ❤️❤️❤️ ඔබේ ඇගයීමට
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
ශ්‍රී ලාංකික ගීතයට නව ජවයක් එක්කරනා "දර්ශන වික්‍රමතුංග ", සිය තෙළිතුඩින් මිහිරි නදින් අකුරු , සප්ත ස්වර අතරට ගෙන, හැගීම් බර කරනේ ගීතයේ අර්ථයට හානියක් නොවන අර්ථය සියුම් ලෙස පිළිබිඹු කරනා චිත්ත රූ සිත් පුරා ගෙන එන ආකාරය නම්, වදනින් ලිවීමට නොහැකිය. රසික මා දෙසවන් ගීතය වරක් නොව සිය වරක් ඇසීමට සිත යොමු කරයි. වත්මන ගීත කලාව නවමු ආකාරයකට රැුගෙන යෑමට මහත් වෙහෙසක් ගන්නා දර්ශණ ඔබට මගේ ස්තුතිය පුදමි. පේ‍්‍රක්ෂකයාගේ රසඥතාවයෙහි වෙනසක් ඇති කල ඔබ හෙළයේ පිනට පහලවු අගනා සංගීතඥයෙක් බව නම් නොකියාම බැරිය. .විරහ රසය, එහෙමත් නැති නම් ශෝකී රසය, භාවයන් පදනම් කොට පහළ වන දෙයක් ගීතයේ අන්තර්ගතය එයම නොවෙද?. සහෘද රස වින්දනයට හානියක් නොවෙන අයුරින් :කරුණාරත්න දිවුල්ගනේ" ශූරින් ගීතයට ප්‍රවිශ්ට වෙද්දී ගීතයේ රසඥතාවය රසික සිත් දෙවරක් නොසිතා වැළද ගනි. එතුමාගේ හඩෙහි ඇති ප්‍රබලවුත් කෝමල, ලාලිත්‍යය ප්‍රතිභාපූර්ණ බව ගීතය වචනයේ පරිසමාප්ථාර්ථයෙන් සහෘදයන්ට සංවේදි ආස්වාදයක් අත්පත් අත්පත් කරයි. ගී ලොව දිදුලන තරුවක්වු..ගී ලොව පෝෂණය කළ සොදුරු මිනිසෙක්..දිවුල්ගනේ. කියන්නේ එතුමා.. ප‍්‍රාසාංගික භාවයෙන් කිසිදු අඩුවක් නොමැතිව සිනමා සිත් රූ රසික සිත් පුරා විචිත්‍රවත් කරමින් ගීතය ගී ලොවට දායාද කිරීම ගැන නම් ඔබ තුමාට මගේ හද පිරි ස්තුතිය පුදමි. අවසානයේ අසන්නම වෙනවා අකුරු මෙතරම් රූමත් කරමින් සංවේදි කරමින් මේ සමාජයේම පවතින ප්‍රේමය, විරහව, විප්‍රයෝගයේ සියුම් තැන් ස්පර්ශ කරමින් ඔබ කෙළෙස ලීවාද කියා. ගී පද ලීවාද කියා නම් ? හෙළ බස සාහිත්‍ය රසය, සංගීතය සමග එක්වුවාම ඊටම සරිලන හඩක් එක්වූවාම, . ගීතයක නාද මාධූර්ය දෙසවනට ඇසෙන මොහොතේ සිට ගීතයේ විචිත්‍රවත් බව, මිහිර රසිකයාගේ මනෝභාවයන් ප්‍රබෝධයට පත් කරමින් රසික සිත ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යයි. මේ එවන් අගනා ගීතයක් බව නම් මා මට සිතෙනා ආකාරයට ලියා තබන්නම්...ගීතය රසික අප වෙත යොමු කළ ඔබට මගේ ස්තුතිය පුදමි.
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏🙏❤❤❤ සහෝදරී ඔබේ භාවාත්මක විවරණය
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 2 күн бұрын
හැඟීමි බරයි .ඉතාමත් .😢දුක්බරයි
@drjayanudugama2067
@drjayanudugama2067 2 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤️
@sumedhaperera7004
@sumedhaperera7004 2 жыл бұрын
ආඩම්බරයි යාළුවා උඹ ගැන අනාගතයේදී තව තවත් මෙවැනි ම විශිෂ්ට නිර්මාණ උඹේ අතින් බිහි වේවායි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ....❤❤ සහෝදරයා
@subaniabeyanayake9563
@subaniabeyanayake9563 2 жыл бұрын
0
@induudugama4870
@induudugama4870 8 ай бұрын
ස්තුතියි ❣️❣️
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 3 күн бұрын
kalpaya gevila giyath me geetha vala rasaya, nivena gunaya venas venne na. me geetha ahanna therum ganna rasa vindinna pin karala thiyenna oni.
@drjayanudugama2067
@drjayanudugama2067 3 күн бұрын
බොහොමත්ම ස්තූතියි සහෝ 🙏❤️
@nilankarajapaksha-m5h
@nilankarajapaksha-m5h 2 ай бұрын
මේ සංගීතය ට හිත සමාදි ගත වෙනව. ගායනය පද ඒකට හොදට පෑහෙනවා
@induudugama4870
@induudugama4870 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි සහෝ ❤🙏
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 2 жыл бұрын
Beautifully written . All the best Dr! My most favourite singer. Congratulations to both of you.
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤❤ බොහොමත්ම ... සොයුරිය
@tharangapriyadarshani8673
@tharangapriyadarshani8673 Жыл бұрын
පිස්සු හැදෙනවා මෙතුමාගේ මොන ගීතය ඇහුවත්...❤️❤️
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️❤️ සහෝදරී
@kamalawijesinghe7312
@kamalawijesinghe7312 Ай бұрын
ඔය තරම්ම වේදනාවක් අපිත් වි.ඳිනවා මෙහෙමවත් කියන්න බැරුව කෙනෙක් නැතුව.
@induudugama4870
@induudugama4870 Ай бұрын
දුකින් පෙළෙන සිත් නිවී සැනසේවා ❤️❤️ බොහොමත්ම ස්තූතියි 💗
@wijithakarunatilaka951
@wijithakarunatilaka951 Жыл бұрын
මොනවා කියන්නද ජිවිතයම පාළුයි ලස්සනයි .❤❤❤❤❤❤
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️❤️
@tharasalooncosmetics2602
@tharasalooncosmetics2602 Жыл бұрын
ඉතින් නුබ අරන් යන්න එ් ප්‍රෙරේමයේ සැමරැමි සියල්ල ❤❤❤
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️
@ranjiththilakarathne4559
@ranjiththilakarathne4559 6 ай бұрын
අපේ අතීතයේ ආත්ම ප්‍රකාශනය මේ හැටි සුන්දර ලෙස ලියැවී ඊටම සැසඳෙන තනුවක සැඟවී භාවාත්මක හඬකින් සවන වෙත පැමිණීම සිතා ගන්නට බැරි තරම් හැඟීමක් දනවනවා. නිර්මාණයට සම්බන්ධ වු ඔබ ත්‍රිත්වයටම හෘදයාංගම ස්තුතිය.
@induudugama4870
@induudugama4870 5 ай бұрын
බොහොමත්ම ❣️🙏 ස්තුතියි ❣️ ආදරණීය අදහස් වලට ❣️❣️
@sanjeewathalgahagoda9804
@sanjeewathalgahagoda9804 2 жыл бұрын
විරහවේ සුන්දරත්වය සියුම්ව ස්පර්ශ කරමින් විශ්ව භශාවේ මිහිරිබව සන්සුන්ව විදගන්න ඉඩ හල ඔබට ජය.....මගේම සහෝදරයා සුභ ගමනක් යං....
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි .......මගේම සහෝදරයා ......💕💕💕💕
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 2 жыл бұрын
හරිම ලස්සනයි.....🧡අරුත්බර පදවැල් , සුමිහිරි තනුව.....ඒ ව⁣ගේම ලයාන්විත සුගායණය... හරිම සතුටුයි මගෙ මිත්‍ර ජයාන් උඩුගම සොයුර ඔබ ගැන... දක්ෂ පද රචකයෙක් ඔබ. කලා හැකියාවන් තව තවත් වර්ධනය වී ඔප් නැංවේවා 🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤💕💕🙏🙏🙏 සහෝදරී
@tms9415
@tms9415 2 жыл бұрын
දිවුල් ගනේ වයසට ගිහිල්ලා
@seethairangani5779
@seethairangani5779 2 жыл бұрын
කට හඩ එදා වගේමයි ඔබට දීර්ගායුශ.....!
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
@@seethairangani5779 ඇත්තෙන්ම ❤❤
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Harima Lassana,viraha geethayak, very nice voice, Lyrics. Music chamarie Madurapperuma
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤💕💕🙏🙏🙏
@akilasubasinghe2881
@akilasubasinghe2881 2 жыл бұрын
It's a Great song... Another great song by Divulgane sir...... beautiful lyrics and music...... congratulations to all who contributed....🌼🌼
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thanks brother ❤❤💕
@MahendraSagara
@MahendraSagara 11 ай бұрын
විරහවේ සුන්දරත්වය (තම අද්දැකීමෙන් ම දෝ 🙂) සියුම්ව ස්පර්ශ කරමින් අපටත් එය සන්සුන්ව විදගන්න ඉඩ හල Dr Indu Udugama අපගේ ආදරණීය පාසල් මිතුරාට දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්..!✍🎀🏆
@induudugama4870
@induudugama4870 11 ай бұрын
ස්තුතියි 🙏❤️ ආදරණීය සහෝදරයා
@darshanarajapaksha8149
@darshanarajapaksha8149 2 жыл бұрын
Very good.. feelingful & meaningful creation.good luck every body for participating in this creation..♥️♥️♥️👍
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thanks ❤
@piuliyanage3742
@piuliyanage3742 2 жыл бұрын
ලස්සන තනුවක්, ලස්සන පද රචනයක්, සංවේදී
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏💕💕❤❤
@jayatilakapallikondage5280
@jayatilakapallikondage5280 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@drjayanudugama2067
@drjayanudugama2067 12 күн бұрын
බොහොමත්ම ස්තූතියි 🙏❤️
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
අර්ථවත් ,සොඳුරු පදවැල් සුභාශිංෂණ ! ඔබතුමාට
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤🙏 සහෝදරී
@manorijayawardhana7377
@manorijayawardhana7377 2 жыл бұрын
Love....it's a kind of meditation .. True love fills with all those tears, laughters and memories ... How nice to hear the meditational voice with fantastic lyrics and music. Congratulations Dr.
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thank you very much .... Madem
@KwPadmalatha-mw8dl
@KwPadmalatha-mw8dl 9 ай бұрын
Heart broken sensitive songs.everyone has worries in hearts with their first love at the fast .
@induudugama4870
@induudugama4870 9 ай бұрын
🙏❤️ Thanks dear
@shanthajayathilake8067
@shanthajayathilake8067 2 жыл бұрын
ආඩම්බරයි.. ආදරයෙන් ඉඩකඩ තියාගන්න හමුවන දවසක බෙදාගන්නට... මේ කඩඉමක තතු.. දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්..! ජයෙන් ජය ජයාන්
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි
@tharangapriyadarshani8673
@tharangapriyadarshani8673 Жыл бұрын
Papuwa pelenna enawa ahanakota...kee serayak ehuwath Aayeth ahanna hithenawa.
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤️ ඔබේ ඇගයීමට .......! 💔
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 Ай бұрын
athmaye siyumma than geethayakata sparha karanna athi hakiyava harima pudumai. e hande athi nivena, danena rasaya loveth na. ethuma sabavinma jathika vasthuvak. e handata me kalpedi adeshaka na.
@induudugama4870
@induudugama4870 Ай бұрын
බොහොමත්ම ස්තූතියි ආදරණීය ඇගයීමට ❤️❤️🙏🙏
@ShanikaKumari-r1d
@ShanikaKumari-r1d 7 ай бұрын
මගේ මැණික❤ ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න❤
@induudugama4870
@induudugama4870 7 ай бұрын
❣️❣️❣️🙏❣️❣️❣️
@econleasieconsinhalapadam773
@econleasieconsinhalapadam773 2 жыл бұрын
ඉතාම මිහිරි පද වැලක් ❤️❤️❤️
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️❤️ සහෝදරයා
@jayagraheeranasinghe
@jayagraheeranasinghe 2 жыл бұрын
Congratulations doctor..... Great work...... A Very beautiful song...
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thanks ...sir❤
@SampathThennakoon-k7j
@SampathThennakoon-k7j 4 ай бұрын
Thawamath obe handa puduma mihiriy..❤❤
@induudugama4870
@induudugama4870 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@manjularanasingha7604
@manjularanasingha7604 5 ай бұрын
ලස්සනයි ........🥲😘
@induudugama4870
@induudugama4870 5 ай бұрын
බොහොමත්ම 🙏❣️ ස්තුතියි
@dilanthiabeywardena3182
@dilanthiabeywardena3182 2 жыл бұрын
ඒක නම් නියමයි අයියේ..මාරම ලස්සනයි ....හද පිරි සුභ පැතුම්
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි
@nelumkumari890
@nelumkumari890 Жыл бұрын
පද පෙල ඉතා විශිශ්ටයි .
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤️
@himalisumanasiri1225
@himalisumanasiri1225 Жыл бұрын
ඉතා සොදුරු නිර්මාණයක් .ඔබට සුභ පැතුම් හා නව නිර්මාණයන්ට දිරිය
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️ සහෝදරී
@senethmendis7834
@senethmendis7834 Жыл бұрын
Another great song ....by Divulgane......... fantastic lyrics and Music............. Congratulations to both of you
@induudugama4870
@induudugama4870 Жыл бұрын
Thanks brother ❤️
@ajithchulakabandaraekanaya6155
@ajithchulakabandaraekanaya6155 Жыл бұрын
අතිසුන්දරයි....ඇස්දෙක පියාගෙන අහනකොට දැනෙන මිහිරියාව කියන්න වචන නෑ.... 👌❤
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️ ආදරණීය මිත්‍රයා
@cyberzone8616
@cyberzone8616 Жыл бұрын
හදවතට දැනෙන සංකල්පනාවක්. විඳින්න පුළුවන් ගීතයක්. අගෙයි.
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම 🙏❤️ ස්තුතියි
@samanthavidanage2193
@samanthavidanage2193 2 жыл бұрын
Mage mulu shareerama hiri vetila hadawatha siravela newathunada? Eheth denethin kadulu geluwe kohomada ?mage mithure Nuba a deya kele kohomada? Nubata theruwan saranai
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏❤💕💕 මෙවැනි අදහස් හදවත කලම්බවයි❤❤💕💕
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
Hart touching song.very beautiful.
@induudugama4870
@induudugama4870 Жыл бұрын
Thanks 🙏❤️❤️
@arunasameera164
@arunasameera164 Жыл бұрын
Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa diulgane ape ekek anurada pura galnawa diulgane suppiriiiiiii...
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම 🙏❤️ ස්තුතියි
@sarojahewavitharanamusic
@sarojahewavitharanamusic Жыл бұрын
පදමාලාව, සංගීතය , ගායනය සුපිරියි . තිදෙනාටම මගේ සුබ පැතුම් ! තෙරුවන් සරණයි ! 🙏
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️ සහෝදරී
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
අතීතය මතක් වෙලා දුකයි
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ඔබේ අතීතය හා මගේ අතීතය 💔
@lakshmiliyanage9490
@lakshmiliyanage9490 Жыл бұрын
Apurumay . Harima lassanai. Katahanda da esemaya ❤️❤️
@wasumanasekarawasumanaseka5116
@wasumanasekarawasumanaseka5116 Жыл бұрын
@induudugama4870
@induudugama4870 11 ай бұрын
බොහොමත්ම ❤️🙏 ස්තුතියි
@achirasenadheera8091
@achirasenadheera8091 2 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🐾🍂
@induudugama4870
@induudugama4870 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤❤❤
@vihangageeandaheraya4113
@vihangageeandaheraya4113 7 ай бұрын
අහන්න අහන්න ආසයි...පද හඬ නද ත්‍රිත්වයම අනර්ඝයි.
@induudugama4870
@induudugama4870 7 ай бұрын
බොහොමත්ම ❣️🙏 ස්තුතියි ❣️
@hemalsendanayake9850
@hemalsendanayake9850 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්.පද, සංගීතය, ගායනය සියල්ල ලස්සනයි.සිත් ගන්නා සුළුයි
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏❤ සහෝදරයා
@sujanipiyumika-wb8nh
@sujanipiyumika-wb8nh 2 ай бұрын
Puduma lassanai godbless
@induudugama4870
@induudugama4870 Ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️🙏
@samansuraweeraarachchi3561
@samansuraweeraarachchi3561 2 жыл бұрын
නුඹ දුන්න ආදරය අපි බලාගන්නම්❤
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතිය 🙏
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
හදවතට දැනෙනවා ඇස් වලට කදුළු එනවා මොන ගීතය ඇහුවත්
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️ සහෝදරී
@chanaka461
@chanaka461 3 ай бұрын
❤❤❤
@induudugama4870
@induudugama4870 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි 🙏❤️
@ereshatube
@ereshatube 2 жыл бұрын
සුපිරි නිර්මාණයක් බ්‍රෝ... Keep it up..❤️
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thanks brother ❤
@kokilakarunathilaka5635
@kokilakarunathilaka5635 2 жыл бұрын
හරිම සතුටුයි ,ඔබ තුමාගෙන් ආයෙත් ලස්සන අලුත් ගීත අහන්න පුළුවන් උනා. 🙏
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤🙏 ගීතය රසවින්දට
@kaushi1143
@kaushi1143 2 жыл бұрын
ලස්සන පද මාලාවක් ...ලොකු අර්ථයක් තියෙන
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤💕
@agra7142
@agra7142 Жыл бұрын
💚💕💕💚💕💕💕
@induudugama4870
@induudugama4870 Жыл бұрын
Thanks 🙏❤️
@s.dilshan8338
@s.dilshan8338 2 жыл бұрын
සඳ එපා එන්න.... හෙට මම ව්තරයි... ඇය නෑ මට තනි රකින්න...❤️❤️
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
මගෙ නෙතු පෙගෙන්න කලියෙන් නුඹ මා දමායන්න ...... ස්තුතියි 🙏❤💕 සහෝදරයා
@mudithaabeysiriwardana9659
@mudithaabeysiriwardana9659 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් අයියේ… තව තවත් හොඳ නිර්මාණ සදහා දායකත්වය ලබාදීමට හැකිවේවා !!!
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ........සහෝදරයා ❤❤❤
@Achira.Senadheera
@Achira.Senadheera 8 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්.....❤❤❤
@induudugama4870
@induudugama4870 8 ай бұрын
බොහොමත්ම ❣️🙏 ස්තුතියි ඔබේ ඇගයීමට
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz 2 ай бұрын
Supiriyak
@induudugama4870
@induudugama4870 2 ай бұрын
බොහොමත්ම ස්තූතියි සහෝ ❤💜
@ddkddk4229
@ddkddk4229 Жыл бұрын
❤❤🌹
@induudugama4870
@induudugama4870 6 ай бұрын
බොහොමත්ම ❣️🙏 ස්තුතියි
@gayanvimukthi3554
@gayanvimukthi3554 2 жыл бұрын
මේ හඩනම් භාවනාවක් ඒකටම හරියන පද රචනාව බුදු සරණයි හැමෝටම!
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏🙏❤❤❤ සහෝදරයා
@NalakaPriyantha
@NalakaPriyantha 2 жыл бұрын
මිහිරි පද පෙලක්, මියුරු ස්වර හා සුන්දර හඬක් සමග මුසු වන අපූරුව...අයියා, ලියන්න තවත් මෙවන් මිහිරි, සුන්දර පද පේලි...❤
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි අදරණීය ....සහෝදරයා
@tharangapriyadarshani8673
@tharangapriyadarshani8673 Жыл бұрын
පිිස්සු හැදෙනවා දෙවියනේ අහනකොට....දිරිඝායුෂ ලැබේවා ඔබට❤
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි 🙏❤️ ඔබේ ආදරණීය ඇගයීමට 👍
@MallikaJayasuriya-oi4sv
@MallikaJayasuriya-oi4sv 9 ай бұрын
Oyath mawa dala geyane duwa sada dukey oyage amma
@induudugama4870
@induudugama4870 6 ай бұрын
කවද හරි ඒවි බලන්න❤❤ ලොව දහම එහෙමයි
@achinibbandara5075
@achinibbandara5075 11 ай бұрын
ලස්සනයි ...
@induudugama4870
@induudugama4870 11 ай бұрын
බොහොමත්ම 🙏❤️ ස්තුතියි
@MusicLanka46
@MusicLanka46 Жыл бұрын
One of my favourite singers💖 Beautiful song with heart touching and sensitive lyrics, melody and the voice. Congratulations 🎉💐
@induudugama4870
@induudugama4870 Жыл бұрын
Thanks 🙏❤️ very much❤️
@dhammasamarasinghe3124
@dhammasamarasinghe3124 Жыл бұрын
What a beautiful song
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤️
@withanagepramukahirushan5372
@withanagepramukahirushan5372 Жыл бұрын
ammooo apuri wishishtai
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤️❤️
@nipunimadhushani1469
@nipunimadhushani1469 Жыл бұрын
👍👍👍
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤️
@preethishirani9664
@preethishirani9664 2 жыл бұрын
Hithath gathath suvapath karana suva viruvanani harima agei.neerogi suvaya samaga deegayu.jesu pihitai.
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏❤ සහෝදරී
@kumarisenevirathna9906
@kumarisenevirathna9906 Жыл бұрын
පදවැල් හරිම සුන්දරයි .ගීතයත් මිහිරියි .
@induudugama4870
@induudugama4870 Жыл бұрын
බොහොමත්ම ❤️❤️ ස්තුතියි
@thushudugama6459
@thushudugama6459 2 жыл бұрын
රස විදින්න පුලුවන් නිර්මාණයක්... . ..❤❤❤
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤
@Agni-rythme
@Agni-rythme Жыл бұрын
ආදරනීය ගායකයානනී,තෙරුවන් සරනයි
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️ ඔබට
@asangasudaraka
@asangasudaraka 2 жыл бұрын
Great work!
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤❤
@marianshamina9760
@marianshamina9760 Жыл бұрын
beautiful song❤
@induudugama4870
@induudugama4870 Жыл бұрын
Thanks very much 🙏❤️
@user-vt3gb6is9x
@user-vt3gb6is9x 2 жыл бұрын
Maaara lassanaiiii.... E wachana tikaaaaaaa... 💗
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 💕💕❤❤🙏🙏❤💕💕
@dandeniya1975
@dandeniya1975 2 жыл бұрын
Lassanaai godak. Subapatum thawa liyanna
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏❤❤ බොහොමත්ම සහෝදරයා
@manjulajayasuriya321
@manjulajayasuriya321 2 жыл бұрын
Wow....නියමයි .....congratulations ...
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏🙏❤❤❤
@prasadmenura5349
@prasadmenura5349 Жыл бұрын
Last massage 😢😢😢
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි .......බොහොමත්ම ❤️
@frankfrendo238
@frankfrendo238 Жыл бұрын
I lie you voice👍🌹
@induudugama4870
@induudugama4870 Жыл бұрын
Thanks 🙏❤️
@PrasannaWeerathunga
@PrasannaWeerathunga 2 жыл бұрын
ලස්සනයි ඔහොම යමු Doctor
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ❤❤💕💕 සහෝදරයා
@dilanthashamindaka4079
@dilanthashamindaka4079 2 жыл бұрын
Excellent my Dear Friend Dr. Jayan Udugama
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thanks brother
@dananjayamaduwantha9253
@dananjayamaduwantha9253 2 жыл бұрын
ඒ වචන ගැන කියන්න වචන මදි ❤️❤️❤️👌👌👌
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 සහෝදරයා ❤❤💕 ඔබේ ද්‍රිරිගැන්වීම අපට මහත් ආශිර්වාදයක් ❤💕💕💕
@geethanisangakkara2901
@geethanisangakkara2901 2 жыл бұрын
💔💔
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 💕💕🙏❤❤
@erindslive818
@erindslive818 7 ай бұрын
Wow beautiful song ❤very very ❤❤❤❤❤
@induudugama4870
@induudugama4870 7 ай бұрын
Thank you ❣️❤️🙏 Very much💖💖 dear
@erindslive818
@erindslive818 5 ай бұрын
Wow ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@induudugama4870
@induudugama4870 5 ай бұрын
Thanks 🙏❣️ dear
@induudugama4870
@induudugama4870 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@melanmsg6903
@melanmsg6903 2 жыл бұрын
It's very meaningful and nice song sir.
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
Thanks 💕💕💕❤
@hcuakarunarathna9434
@hcuakarunarathna9434 2 жыл бұрын
Wirahawa koi taram soduruda... Addiyathmikai
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
විරහව විදීම....... ස්තුතියි 🙏 ❤❤💕💕
@manonisastudio364
@manonisastudio364 2 жыл бұрын
නියමයි.මේවා තමයි සිංදු කියන්නේ
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි 🙏❤❤❤❤
@Bundlesofjoy2
@Bundlesofjoy2 2 жыл бұрын
ඉතා හොඳ නිර්මාණයක් , ඔබ සියලු දෙනාටම සුභ පැතුම් !!
@induudugama4870
@induudugama4870 2 жыл бұрын
ස්තුතියි ...💕💕❤❤ දිරිමත් කිරීමට ❤
@piyumiliyanage549
@piyumiliyanage549 9 ай бұрын
Heartiest congrats 🎉🎉
@induudugama4870
@induudugama4870 9 ай бұрын
ස්තුතියි ❤️🙏 සහෝදරී
@user-janaranjana
@user-janaranjana 3 ай бұрын
Budusarani sr.adambari sr.❤❤❤❤
@induudugama4870
@induudugama4870 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි 🙏💕💓😊
@pradeephappitiya2406
@pradeephappitiya2406 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️ සහෝදරයා
@janakawaidyanatha8877
@janakawaidyanatha8877 11 ай бұрын
සරලවම " රහයි "
@induudugama4870
@induudugama4870 11 ай бұрын
බොහොමත්ම 🙏❤️ ස්තුතියි සහෝදරයා
@jani967
@jani967 Жыл бұрын
😢😢😢
@induudugama4870
@induudugama4870 Жыл бұрын
ස්තුතියි ❤️🙏
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 75 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Sadraddin - Aq koilek | Official Music Video
2:51
SADRADDIN
Рет қаралды 4 МЛН
Marhaba Sabi - Qyz Bozbala (Official lyric video)
3:10
Marhaba Sabi
Рет қаралды 20 М.
Kazybek Kuraiysh - Баяғы
3:16
Kazybek
Рет қаралды 550 М.
Shiza - bvlbrown (Lyrics Video)
3:33
SHIZA
Рет қаралды 684 М.
Amre - Сағынышым менің
3:43
Amre Official
Рет қаралды 259 М.