Рет қаралды 3,993
1994 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ පවත්වන ලද ජනාධිපතිවරණය මෙරට තුන්වන ජනාධිපතිවරණයයි. මෙම ජනාධිපතිවරණයට තරඟ වැදීමට එක්සත් ජාතික පක්ෂයෙන් තෝරා ගනු ලැබූ ගාමිණී දිසානායක මහතා හදිසියේ ඝාතනයට ලක් වීම නිසා මෙම ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මැතිනියයි. මෙම ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "පොදු ජන එක්සත් පෙරමුණෙන්" එවක අග්‍රාමාත්‍යවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද තරඟ වැදුනු අතර එහිදී අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙරට ජනාධිපතිවරිය වීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට හැකි වුණි. #chandrikakumarathunga #chandrikabandaranaike #politics