#Yatiyana_Walawwa_යටියන_වලව්ව_ලංකාවේ_අත්භූත_වලව්

  Рет қаралды 23,679

SL RR PRODUCTION CHANNEL

SL RR PRODUCTION CHANNEL

Күн бұрын

#yatiyana_Walawwa_යටියන_වලව්ව
අත්භූත යටියන වලව්වේ නොදත් කතාව
වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වැනසී ගොස් තිබුණත් කලකට පෙර මෙරට බලය තේජස පැතිරවුයේ වලව්වල උදවියයි. ඒ නිසාවෙන් අදටත් අපි එම සංස්කෘතිය ගැන කතා බහ කරනවා.ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටියන ප්‍රදේශයේ පිහිටා තිබෙන තවත් අත්බුත වලව්වක ස්වභාවය උසුලන සිසිරගිරි වලව්ව හෙවත් යටියන වලව්ව ගැන.යටියන තවමත් නොදියුණු ගම්මානයක් වුව ද, යටියන යන නාමය දෙස් විදෙස්හි පවා ප්‍රචලිත වූ නමක්. එය එසේ සිදුවීමට හේතුව වූයේ යටියන මහත්තයා නමින් හැඳින්වූ පුද්ගලයෙක් නිසායි.
යටියන මහත්තයා
"""මාතර ඉඩම් හිමි විශාල ධනවතකු වූ යටියන මහත්තයා ලෙස හැඳින් වූ ඩී.ඒ.රණවිරට අයත් නිවස තමා සිසිරගිරි වලව්ව ලෙස හඳුන්වන්නේ. මුලින්ම සිසිරගිරි වලව්ව ලෙස හැඳින්වුවත් පසු කාලීනව එය යටියන වලව්ව ලෙස ප්‍රසිද්ධ වුණා. දෙමහල් නිවසක් වූ මෙය එංගලන්ත වාස්තු විද්‍යාත්මක සැලැස්මකට අනුව ඉදි කර තිබෙනවා. යටියන මහත්තයා සුදු වේට්ටිය සහ කබාය හැඳි ගැමියකු වූ අතර ඔහු එවකට එංගලන්ත සුදු ජාතිකයින් හා තරග කර වෙනම වතු අධිරාජ්‍යයක් බිහිකළ ධනවතෙක් බවටයි පැවසෙන්නේ .
පසුව ඔහු මහනුවර රැජන හෝටලය ද මිලදී ගෙන තිබෙනවා. ඔහුට මාතර, හැටන්, නුවරඑළිය ආදී ප්‍රදේශ රාශියක තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා තනි අයිතිය යටතේ තිබුණු බව පැවසෙනවා. ඩී.ඒ.රණවිර කලක් මොලොද්දුව ගම් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
යටියන වලව්වෙ අභිරහස
යටියන කියන නම දේශීය වගේම විදේශීයවද ජනප්‍රිය නමක්නේ . ඒ යටියන මහත්තයා නමින් හැදින්වූ පුද්ගලයෙක් නිසායි. ඔහු මහා ගාම්භීර තේජසක් සහිත පුද්ගලයකු බවත් මෙරට තේ වතු රබර් වතු බොහොමයක තනි අයිතිකරුවා වූ බවටත් පැවසෙනවා.ඒ අනුව ඔහු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියූ පුද්ගලයෙක්.යටියන මහත්තයට මෙලෙස විශාල ධනස්කන්ධයක් ලැබීම ගැන ප්‍රචලිත කතාව ඉතා රසවත්.
යටියන මහත්තයා මුලින්ම ජීවත් වෙලා තියෙන්නෙ යටියන කියන ඉඩමේ ඉහළ කදු මුදුනක තිබුණ පුංචි නිවසකයි.ඒ කාලයේ ළග පාත තිබුණු ඉඩමක ළිඳකින් තමයි ඔවුන් වතුර අරගෙන තිබුණෙ.දවසක් යටියන මහත්තයගෙ බිරිඳ ඒ කියන්නෙ කම්බුරුපිටිය හාමිනේ වතුර කළයක් ගේන්න ගිහින් එනකොට ඇදගෙන හිටිය රෙද්ද ලිහිල් වෙලා.පස්සෙ හාමිනෙ එක හදා ගන්න කළය බිම තියෙලා.ආපහු කලය ගන්න බලද්දී හාමිනේට අමුතු දෙයක් දකින්න ලැබිලා තියෙනවා.ඊට පස්සෙ යටියන හාමිනේ හයියෙන් කෑ ගහලා තියෙනවා.ඒ සද්දෙට යටියන මහත්තයා හාමිනේ ඉන්න දිහාවට දුවගෙන යද්දී යටියන මහත්තයත් පුදුමයට පත්වෙන දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තමයි කම්බුරුපිටියෙ හාමිනේගේ වතුර කළය බුබුළු දමමින් උතුරනවා ඔහු දකිනවා.යටියන මහත්තයා වහාම මේ ගැන නැකැත් කරුවන්ගෙන් විමසනවා. කලය උතුරපු ස්ථානය ඉතා බලවත් ස්ථානයක් බවත් ඒ නිසා එය මැදි වෙන්න නිවසක් හදන ලෙසත් ඔවුන් උපදෙස් දීලා තියෙනවා.
යටියන මහත්තයා ඒ උපදෙස් පිළිපදිමින් එම ස්ථානයේ නිවසක් ඉදි කරලා.එතනින් පස්සෙ තමයි ඔවුන් ඉතා ධනවතුන් වෙන්න පටන් අරං තියෙන්නෙ.පසුව මහනුවර ක්වීන්ස් හෝටලය පවා ඔහු මිලදී අරගෙන තියෙනවා.
SL RR PRODUCTION ..

Пікірлер: 46
@krishnasamankumari5042
@krishnasamankumari5042 9 ай бұрын
මේ වලව්වට මම මාරම ආදරෙයි....ඒක වචනයෙන් කියන්න තේරෙන්නේ නෑ.....මගේ හිත බැද ගත් වලව්වක් ....ආදරෙයි.....අදටත් ආසයි ....අරලියගස් පේලියට මම....
@kavikavi2245
@kavikavi2245 Жыл бұрын
අද තමයි යටියන වලව්ව ගැන විස්තර දැනගත්තේ . නියමයි වීඩීයෝ එක
@nethminethmi7047
@nethminethmi7047 Жыл бұрын
ඇත්තටම හරිම වැදගත් ඉදිරිපත් කිරිමක්
@kanchanapethiyagodaslt.v.1041
@kanchanapethiyagodaslt.v.1041 Жыл бұрын
නොදන්න දෙයක් දැනගත්තා ස්තුතියි අයියෙ
@m.h.ksandarekha8365
@m.h.ksandarekha8365 Жыл бұрын
හොද ඉදිරිපත් කිරීමක් . ජය වේවා
@KumariKumari-yx9xt
@KumariKumari-yx9xt Жыл бұрын
ගොඩක්ම වැදගය්හ් කරුනු ඇතුලත්. වටිනා වීඩියො එකක්🍎🍎
@kavindimawananehewa8544
@kavindimawananehewa8544 Жыл бұрын
ගොඩක් වටින තොරතුරු ටිකක් . ස්තූතියි
@samathakumarac3450
@samathakumarac3450 Жыл бұрын
Very beautiful videos thank you 🙏🙏🙏🙏
@sadamalisadamali1333
@sadamalisadamali1333 Жыл бұрын
හොද දැනුවත් කිරිමක්
@eliteunlimited4690
@eliteunlimited4690 Жыл бұрын
ඉතා වටිනා වැදගත් වීඩියෝ එකක්.
@UpulHettiarachchi-oy5cm
@UpulHettiarachchi-oy5cm Жыл бұрын
මාරම ලස්සනයි පුදුම අතීතයක්..කිසිම .පරම්පරා වේ..කිසිම කෙනෙක් නැද්ද ...
@MalkanthiMalkanthi-lh3ll
@MalkanthiMalkanthi-lh3ll 10 ай бұрын
මට නම්. හරි. කනගාටු වක් ඇති. වෙනවා. ඉතිහාසයේ. ලස්සන. නටබුන්. විනාශ. වෙනවා. අපි. දැනටත්.දැකලා නැහැනේ
@NihalSarath-g3w
@NihalSarath-g3w 2 ай бұрын
Good explained.thank you.
@historyacadamy-priyadarsha9887
@historyacadamy-priyadarsha9887 Жыл бұрын
BALANNA HAMA VALUVAKAM ARLIYA GAS THEYENVA OVA HENDA VALU VALATA KARADARA LEDADUK VADI UNA VATHU PALU VENA GAHAK ARLIYA KYANNE GODAK KARADARA AVA VALU VALATA ARIYA HTAVAPU NESA ARALIYA APE RATAT A URUMA GAHAK NEME. E NESA GASVAL GEDI MAL PALA DARIMA ADU UNA ENNA AYATA HAME LEDA AVA ETHKOTA EVEYE ENNA BARUVA GYA ARLIYA BAYANKA GAHAK EKAI MARNA DANVIM KOLAVALA PAVA ADTATH THIYENNE
@සහොදරයෝසහොදරයෝ
@සහොදරයෝසහොදරයෝ Жыл бұрын
harima lassana idiripsth kirimsk
@nilukanikuka6141
@nilukanikuka6141 Жыл бұрын
thank for sharing this video
@thusharajayamanna9254
@thusharajayamanna9254 Жыл бұрын
repeating same narration again and again..
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
mga gama❤
@DarmadasaHoranage-dx9xi
@DarmadasaHoranage-dx9xi Жыл бұрын
Ft Zcf
@blessitapeiris6240
@blessitapeiris6240 Жыл бұрын
දැන් මේ වලව්ව අයිති කාටද
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 9 ай бұрын
දැන් ඕක අයිති මට...
@shanthadias7764
@shanthadias7764 4 ай бұрын
අයිති අයගේ දුරකථන අංක ඔිනද 😂
@runabegum7633
@runabegum7633 4 ай бұрын
යම්කිසි ෙදයක් දැන ගැනිමට අැසුවිට ෙමවැනි පිලිතුරු ෙදන එක හරි නැහැ ෙන්ද?
@hidayamohamed3929
@hidayamohamed3929 Жыл бұрын
අපූරු වැඩසටහනක් .ස්තුති RR production . මගේ නිගමනය අනුව කාළයත් සමඟ වලව් සංස්කෘතිය ගරා වැටුණා. මිළ කළ නොහැකි වටිනාකමක් සමග ඒවා ගරා වැටෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා මම තාම හිතන්නේ . ඒවගේම දරු පළ ගොඩාක් අඩුයි. කළුතර රිච්මන්ඩ් කාස්ල් මන්දිරය දරුවෙක් නැතුවම විනාශ වෙලා ගියා.
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි ආදරණියම අක්කේ මේ ලබාදෙන නිහතමානි ලෙන්ගතු ශක්තියට ඇත්ත ඒ තුල ඇදහිය නොහැකි ගැටලු කිපයක් තියෙනවා මටත් දැනුන අක්කේ ..❤️🙏
@shayamalialuthge3556
@shayamalialuthge3556 Ай бұрын
කොයිතරම් ජයබිමක් උවත්.අද පාලුවට ගොස්. මෙහි වර්ථමාන හිමි කරැවන් කව්රැන් ද.නැතිනම් මෙය මහාබාකරැ යටතේ පවතින්නේ ද
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh 9 ай бұрын
Murakaruta padigewane kauda mawanavita
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 Жыл бұрын
වලවුව අභාවයට යාමට හේතුව එම විශාල නිවෙස් පසු කලෙක නඩත්තු කිරීමට නොහැකි වීම නිසාය. එමෙන්ම පරම්පරාවට දරුවන් නොමැති වීමත් එක හේතුවක්
@малинкидом
@малинкидом Ай бұрын
ඒ ඒවායේ ඉඳගෙන කරපූ දහජරා වැඩ වලට හාමූලා විසින් ගමේ සිටින තරුණියින් දූශණය කරපූ අනුන්ගේ ඉඩම් තුට්ටුවට දෙකට කඩා වඩා ගත්තූ සේවකයින් තලා පෙලා මරලා වැඩගත්තූ
@wanasinghepathmasiri8518
@wanasinghepathmasiri8518 5 ай бұрын
මෙම වලව‍් ප්‍රතිසංස‍් කරනය කර අනාගත ප‍රම‍් පරා වෙනුවෙන‍් ඉතිර‍ික‍රන‍්න😮
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 4 ай бұрын
මේ වලව්වට 1989 ජ්.වී.පී.එකෙන් ගිනිතබා විනාශ කල බවක් ප්‍රකාෂ උනා.එය ඇත්තක්ද එහෙම කරන්ට තිබු අවශ්‍යතාවය කුමක්ද කියා මෙම වලව්ව අවට සිටින කෙනෙක් වී නම් දැනුවත් කරනවද
@konceptmedia168
@konceptmedia168 Ай бұрын
jeppo kiyanna amuma amu sakkili. rata winasa karapu kaalakanni thama jvp kiyanne
@samanthikumaria775
@samanthikumaria775 Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් 🙏🙏🙏
@neturenest1076
@neturenest1076 Жыл бұрын
This is a very beautiful place, There is no any ghost or any disturbance. Actually I very much like this place, The owner of this place should rebuild this precious house and keep their names to the Nation
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
Actually, I also really like to share the ancient things that we have inherited, that's why I wanted to find it and add it to the society. Thank you very much for your kind comments.🙏❤
@isurudananjaya4950
@isurudananjaya4950 Жыл бұрын
Good information . Thank you for sharing this video with us
@isuruisuru5582
@isuruisuru5582 Жыл бұрын
Very important video . Good sharing
@digafernando7001
@digafernando7001 3 ай бұрын
Dan aithi katada mema niwasa
@ictpath6449
@ictpath6449 Жыл бұрын
Very informative n' valuable content
@tharukawi7292
@tharukawi7292 Жыл бұрын
Good content...
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
Thank u
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
Thanks🙏
@kavindudeshan1957
@kavindudeshan1957 2 ай бұрын
😊❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,4 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 89 МЛН
REVEALED Of Dikkanda Walawwa (Full Video) | Subtitle Included
26:03
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 333 М.
"පාණදුරාවාදය" - (Panadurawadaya Documentary)
14:33
Bauddhaloka Foundation
Рет қаралды 20 М.
ඇල්ල ළග වලව්ව Ella Langa Walawwa 1
17:20
Madhawa Wijesekara
Рет қаралды 264 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН