No video

Another Sunday Special - Chicken Biriyani with Raita / බිරියානි එක හදපු මෙනු එක

  Рет қаралды 65,173

Cook with Love

Cook with Love

Күн бұрын

ඉරිදා හදපු විශේෂ කෑම වේල
ගෙවුන ඉරිදාවෙත් මං හැදුවේ විශේෂ කෑම වේලක්.. ඉක්මනින් හදාගන්න පුළුවන් කෑම වේලක්.. කුකුල්මස් බිරියානි එකක් හදලා, රයිතා එකකුත් හදලා මිංචි සම්බෝලයක් හදලා බිත්තර තැම්බුවා. අතුරුපසට වටලප්පන් එකක් හැදුවා.. වටලප්පන් එක හැදුවේ මේ සැරේ මං ස්ටීම් කරලා මුල්ම වතාවටයි ස්ටීම් කරලා හැදුවේ.
🔹වටලප්පන් එකට ඕන දේවල්
▪️වතුර කෝප්ප භාගයක්
▪️හකුරු ග්‍රෑම් 350
▪️කරදමුංගු 2 ක්
▪️කරාඹුනැටි 2 ක්
(කරාබුනැටි කරදමුංගු වංගෙඩියේ දාලා කෙටුවා)
▪️බිත්තර 6 ක්
▪️පොල්කිරි කෝප්ප 1 ක්
‍රස වැඩි කරගන්න කජු මුදුරස්පලම් දාන්න මං එකතු කරේ නෑ..
🔹රයිතා එකට ඕන දේවල්
▪️ගර්කින් ගෙඩි 2 ක්
▪️කැරට් අලයකින් භාගයක්
▪️ලූනු ගෙඩියකින් භාගයක්
▪️තක්කාලි ගෙඩියකින් භාගයක්
▪️ගම්මිරිස්කුඩු තේහැදි කාලක්
▪️ලුණු කුඩු තේහැදි භාගයක්
▪️දෙහි යුශ තේහැදි එකක
‍▪️යෝගට් මේසහැදි 3 ක්
🔹මිංචි සම්බෝලේ ට ඕන දේවල්
▪️මිංචි කොල කෝප්ප 1 ක්
▪️ළූනු ගෙඩියකින් හතරෙන් පංගුවක්
▪️අමුමිරිස් කරල් 2 ක්
▪️සුදුලූනු බික් 2 ක්
▪️පොල් කොප්ප භාගයක්
▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක්
▪️දෙහි යුශ තේහැදි 1 ක්
▪️ලුණුකුඩු තේහැදි භාගයක්
🔹බිරියානි එකට ඕන දේවල්
කුකුල් මස් ටික මැරිනේට් කරන්න
▪️කුකුල්මස් කිලෝ 1 ක්
▪️ලුණුකුඩු තේහැදි 2 ක්
▪️සුදුලූනු පේස්ට් තේහැදි 1 ක්
▪️ඉගුරු පේස්ට් තේහැදි 1 ක්
▪️අමු මිරිස් කරල් 4 ක් වංගෙඩියේ හීන් වෙන්න කොටලා
▪️බිරියානි මික්ස් එකෙන් මේසහැදි 2 ක්
▪️එලවලු තෙල් තේහැදි 1 ක්
‍▪️යොගට් මේසහැදි 3 ක්
බත උයාගන්න
▪️බාස්මති හාල් කෝප්ප තුනක්
▪️බේලීව් 2 ක්
▪️කරදමුංගු 3 ක්
▪️කරාඹුනැටි 3 ක්
▪️ස්ටාර් ඇනිස් 2 ක්
▪️එලගිතෙල හරි බටර් හරි මේසහැදි 1 ක්
▪️වතුර කෝප්ප 6 ක්
▪️ලුණුකුඩු තේහැදි 2 ක්
කුරුදුපොතු කෑල්ලකුත් දාන්න මං ගාව කුරුදුපොතු ඉවර වෙලා තිබුන නිසා දාන්න බැරි වුනා..
බිරියානි එක ගාර්නිශ් කරගන්න
▪️ලූනු ගෙඩියක් හීනියට කපලා රන්වන් පාට වෙන්න තෙලේ බැදලා
▪️කජු ටිකකුත් රන්වන් පාට වෙන්න තෙලේ බැදලා
▪️මුදුරස්පලම් ටිකකුත් තෙලේ බැදලා
▪️කොත්තමල්ලි කොල කොප්ප් බාගයක්
▪️මිංචි කොල කොප්ප භාගයක්
▪️නැවුම් කිරි කොප්ප කාලකට කහපාට කලරින් පොඩ්ඩක් දාලා දියකරන් ( saffron නැති නිසායි එහෙම කරේ)
එලගිතෙල් තේහැදි 2 ක්
රතුපාට කොලපාට ෆුඩ් කලරින් මං මගේ කැමැත්තට දැම්මේ. ඉදලා හිටලා බිරියානියක හදන්න පාවිච්චී කරන නිසා. ඒක ඔයාලාගේ කැමැත්‍ත අනුව කරන්න. අවශ්‍ය දේ විතරක් අරන් අනවශ්‍ය දේ බැහැර කරන්න❤️
කුකුල්මස් බිරියානි රෙසපි එක මට කියලා දුන්නේ මගේ යාලුවා නවාල් මිශාරීගෙන්..
සතුටෙන් විඩියෝ එක බලන්න.. පරිස්සමෙන් ඉන්න..
ආදරෙන්,
හෂී🌸
🔹Cook with Love 'Instagram'
/ homeyfoodies
igshid=YmMyMTA2M2Y=
🔹Cook with Love 'Tiktok'
www.tiktok.com/@homeyfoodies
🔹Cook with Love 'Facebook'
/ madebyhashi

Пікірлер: 60
@anjuyapa1202
@anjuyapa1202 Жыл бұрын
හෂී අක්කෙ ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න අයාන් බබාලා වගේම, ඔයාව ලබන්න දහම් අයියත් හරිම ලකී.. අපේ ගෙදර නං කවදාවත් මට උයන්න උගන්නන්න අම්මට වෙලාවක් තිබුනෙ නෑ. සුකුරුත්තම් කෑම හදන්නත් එයාට වෙලාව තිබුනෙ නෑ.ජොබ් එකත් එක්ක එයාලා ඉතිං බිසී වෙද්දි මම තේ එකක්වත් හදන්න ඉගෙනගත්තෙ මටම හිතෙන විදියට ට්රයි කරලා.. ඔයා දකිද්දි මට ආස හිතෙනව පවුලක් කියන්නෙ කොච්චර ආදරණීය හිත් එකතුවක්ද කියල හිතෙනවා.. පොත්පත් පැත්තක තියල ඔයා වීඩියෝ එකක් දාපු ගමන් දුවගෙන එන්නෙ පුදුම ආසාවකින්.. පවුල කියන්නෙ කොච්චර ආදරණීය තැනක්ද..❤තැන්කිව් ❤
@englishwithtips9402
@englishwithtips9402 6 ай бұрын
Puy0u poo😅😊😊
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
අද දවල්ට මේ recipes දෙකම අනුගමනය කලා.මොකද මගේ පොඩි පුතා 23දා පේරාදෙණියේ engineering degree එකට යන්න ඉන්නෙ.එයාට තනියම වැඩකරගන්න මේ දවස්වල මම උගන්වන්නස්වා.ඉගෙනගන්න කාලෙ සියලුම වැඩ මම කලා,දරුවො ඉගෙනගත්තම විතරයි.මට ඕනෙ ගෙදර සුන්දර මතක දරුවන්ට දෙන්න.වටලප්පම ස්ටීම් කරල මම කලින් හදල තියෙනවා .oven එකට වඩා රසටම එන්නෙ ස්ටිම් කරාමමයි. මට හිතෙන්නෙ .ගෙදර හැමෝගෙම අවදානම ගන්න එකම රහස රස කෑම වේලම තමයි.ඉතින් පුතේ ඔයාගෙ video එකෙන් මම උපරිමෙන් රසවිදපු තව අවස්තාවක් මේ.නවාල් කියල දුන්නත් ඔබගේ හඩ මම මේ කෑමවේල හදාගෙන සතුටෙන් විදින්න යොමුකරා.ඔබට බොහෝම ස්තූතියි පුතේ video එක share කලාට ....❤මේ දැන් රෑ,අද දවල් කෑම ගැන ගෙදර හැමෝම මාව හොයාගෙන ඇවිත් ස්තූති කරා...ගොඩාක් මහන්සියෙන් අලුත් recipes try කරන්නෙත් මම ආසයි මම උයන කෑම වේලෙන් හැමෝම සතුටු කරන්න...මම නැති කාලෙකත් අම්මගෙ රස එයාලගෙ මතකයේ ලියල තියෙනවට....
@kavishaherath887
@kavishaherath887 5 ай бұрын
Ane akkiyo kiri කෝප්ප 1k kiynne adu koppada
@KanchanaWickramaarachchi
@KanchanaWickramaarachchi 19 күн бұрын
Very nice your videos are very beautiful I like to watch god bless you all
@isurudanusha8230
@isurudanusha8230 Жыл бұрын
Kewe nathi unath rasa kiyanna puluwan akka.hemadama wage godak asawen adaren video eka beluwe. Okkoma prashna amathakai akkage katahada ehunama.e tharam adaraniyai..budusaranai akka💕💕💕💕💕💕💕
@IsharaPiyumi-no8fn
@IsharaPiyumi-no8fn 8 ай бұрын
පුළුවන් නම් මේකට reply කරන්න ...කොහොමද punchi gedarak පිළිවෙළට thiya ganne..හාල් .අල..ලූනු වගේ ඒවා කොහොමද store karan inne කොහොමද ..
@menakakumari8076
@menakakumari8076 7 ай бұрын
lassanai akki oyage hada♥💖💖
@asafernando6290
@asafernando6290 10 ай бұрын
ඇත්තටම ඒ ක්‍රමය ගොඩක් හොදයි. Tkz u n. Ur friend ❤❤❤
@user-wn9pj1pd9h
@user-wn9pj1pd9h 9 ай бұрын
ගොඩාක් ලස්සනයි අක්කියෝ.
@ruveebernard3570
@ruveebernard3570 Жыл бұрын
Ane oygen thamai mn igena gaththe galapena kama menu .
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයි අක්කි
@shashinathudayangana2363
@shashinathudayangana2363 7 ай бұрын
Akke mata asai oya hadana kama welaka rasa balanna.man hithanawa oya kawadaka hari lankawata apu dawasaka.oya mata katha karai kiyala.api hithenne oya apema kenek kiyala.oyage kata hada hariyata bawanawak wage.akke hama dama sathuten hinawela inna.oyata budusaranai .❤❤❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Harima rasa patai akki...❤❤❤
@user-yp2xv9op3c
@user-yp2xv9op3c 3 ай бұрын
කීරී සම්බා ගත්තොත් කොහොමද අක්කේ හදන්නේ
@srinathmuthumalmuthumal4774
@srinathmuthumalmuthumal4774 9 ай бұрын
ජේසු පිහිටයි
@malshishivanthika2354
@malshishivanthika2354 Жыл бұрын
Akki oyage wada hari piliwelai .katahadath hitha niwen katahadak .adarei oyata 🥰
@aahh1958
@aahh1958 Жыл бұрын
Nangi.....chicken tika rice cooker eke mattam karala baageta uyapu bath tika udin demmoth hari yannethi weida....???
@chandrazoysa4616
@chandrazoysa4616 Ай бұрын
Thanks
@dulmitharusha1729
@dulmitharusha1729 Жыл бұрын
Hal kilo 1ta chicken kilo kiyakda akki danna one ?
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 8 ай бұрын
Nicely explained. Thank you
@user-us9rz8oe6i
@user-us9rz8oe6i 2 ай бұрын
Thanks 🥰❤️🥰
@vindula20
@vindula20 7 ай бұрын
වටලප්පන් මිශ්‍රනේටම කජු ටිකක් හරි රටකජු ටිකක් හරි දාලම ස්ටීම් කරන්න ගොඩාක් රසයි අපි හදන්නෙම ඒ විදිහට හරිම රසයි 😊❤
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 Жыл бұрын
Nicee
@sandalivandana3572
@sandalivandana3572 4 ай бұрын
❤❤❤❤❤❤❤
@queendeepikapadukone2363
@queendeepikapadukone2363 Жыл бұрын
Wowww akki ....❤❤❤❤❤❤
@prabathchanaka5681
@prabathchanaka5681 6 ай бұрын
❤❤❤
@kaveevinodani329
@kaveevinodani329 6 ай бұрын
Hashee akke oya jpn wl kohed inne anee 😍❤️
@hirushi2357
@hirushi2357 Жыл бұрын
First comment😍 akkiyo❤
@shanthiweettaea1540
@shanthiweettaea1540 8 ай бұрын
👍👍👍
@nisansalamadhumali1723
@nisansalamadhumali1723 7 ай бұрын
@fathimamifra7449
@fathimamifra7449 Жыл бұрын
Vanilla essence tikak dhanda one akka
@kanthiyapa7413
@kanthiyapa7413 8 ай бұрын
Akkiyo oya pasta akak hadala dannako
@dilshanmadushanka5953
@dilshanmadushanka5953 Жыл бұрын
Akki thawa vidio dannako ikmanata
@kashmiranikeshani7709
@kashmiranikeshani7709 Жыл бұрын
💖💖💖💖💖 thanks akiyo 😘😘🍰
@ifaanailyas6841
@ifaanailyas6841 Жыл бұрын
Happy to see our Muslims menu akkiyo. ❤️❤️
@thathyanaediriweera6656
@thathyanaediriweera6656 11 ай бұрын
😍
@mathiyz___d2304
@mathiyz___d2304 Жыл бұрын
thanx you naval❤
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu Жыл бұрын
😍🥰
@indivaridefonseka5326
@indivaridefonseka5326 Жыл бұрын
♥️👍💐
@lahirusampath222
@lahirusampath222 Жыл бұрын
Rasa patai akki
@kasunidinuththarawijesingh2827
@kasunidinuththarawijesingh2827 Жыл бұрын
💐💐💐💐
@kawishathejitha1464
@kawishathejitha1464 8 ай бұрын
You should give the correct recipe 🙏😢
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow superb meal 🙏 Thank U so much darling
@nisansalamadhumali533
@nisansalamadhumali533 Жыл бұрын
Akki oya use karana biriyani masala eka mokadda
@thanujareji6544
@thanujareji6544 Жыл бұрын
👍❤️❤️❤️
@kamilawahab7742
@kamilawahab7742 Жыл бұрын
What is the briyani mix used for the beef
@tharukarashmi6765
@tharukarashmi6765 Жыл бұрын
akke fb page eka wada neneee
@sajithbandara7975
@sajithbandara7975 Жыл бұрын
Sadde madi 😕
@shashikatharangani6216
@shashikatharangani6216 Жыл бұрын
❤❤
@menakakumari8076
@menakakumari8076 7 ай бұрын
lassanai akki oyage hada♥💖💖
@geethanjalianuradha5452
@geethanjalianuradha5452 Жыл бұрын
❤❤❤
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
❤❤❤❤❤❤
@chamikaranasinghe2872
@chamikaranasinghe2872 Жыл бұрын
👍👍👍
@RandimaMaduwanthi-xb2qm
@RandimaMaduwanthi-xb2qm Жыл бұрын
❤️❤️❤️
@giftforyou4386
@giftforyou4386 Жыл бұрын
❤❤❤
@sitharamadushani-tu5gz
@sitharamadushani-tu5gz Жыл бұрын
❤❤❤
@nikeshalaranathunga3460
@nikeshalaranathunga3460 Жыл бұрын
💜💜
@nawodamudunkotuwa1237
@nawodamudunkotuwa1237 Жыл бұрын
❤️❤️❤️
@diluninadeesha5391
@diluninadeesha5391 Жыл бұрын
❤❤❤
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 561 М.