Рет қаралды 27,608
#budupatuna #sanchaarakaya #srilanka
මින් පෙර ඇවිද ගිය, තනි වූ ගෙපැල් ඇති අත්හල ගම්බිම්, හිස් මුදුනටත් වඩා උස් වූ ගල් බිත්ති මතින් ඇදී ඇල වේලි, ඒ හා ගෙතී ආ පුරාවෘත, යටගියාවන් සොයා යාමේ මා සිතේ වූ අශාව දිනෙන් දින පෝශණය කරන්නට විය. කෙතරම් අසීරු මගක වුවත් පුරාවෘතයක ඉවක් ලදොත් එය හඹායාමට තරම් ඒ ආශාව මෝරා වැඩී ඇත.
පෙර ව්‍යායාමයන්ට වඩා හාත්පස වෙනස් පුරාවෘත්තයක් මෙවර මාගේ දෑසට සම්මුඛ වී ඇත. එය නමින් බුදු පටුනයි. තොරතුරක් සොයා ගැන්ම කෙතරම් අපහසු වී ද යත් පිහිටි ඉමක් දැනගැන්මට පවා මා හට හය මසක් ගතවිය. අසලම වූ ගම් පියසක හිසකේ පැසුනෙකුගෙන් වුවද බුදු පටුනට යා හැකි මගක් විමසුවහොත් ඔහුගේ මුව විමතියෙන් විවර වෙයි. එවැනි කතාබහක් බොහෝ විට අවසන් වූයේ බුදු පටුනේ මා දන්නා පුරාවෘතය ඔහු වෙත ගෙන හැර පෑමකිනි.
කෙසේ හෝ අවසන පියවරෙන් පියවර මං පෙතේ විස්තර, බුදු පටුන මින් පෙර දැක තිබූ දුෂ්‍යන්ත අයියාගෙන් ලබාගැනීමට හැකිවිණි. ගුරුමුෂ්ටියක් නොමැතිවම සියල්ලම ලබා දුන් ඔහු, ඔහුට ද මග පෙන්වූ ගුරුතුමා අපට ද අඬගසා දෙන්නට තරම කාරුණික විය. ඔහුත් සමග මමත් ගමන් සගයාත් බුදු පටුන වැඳ පුදා ගැනීමට දින නියම කර ගත්තෙමු.
"මහත්තුරු අද හෙටම ගමන යොදා ගත්ත එක හොඳා, ඊයේ හැන්දෑවෙත් වැහි කෝඩයක් ගියා. මේ පෝය පැන්නා කියන්නෙ වැහි කෝඩේ, ආයේ ඉතින් ඔයට බහිනවා බොරු." රාත්‍රි බසයෙන් පිටත් වූ අපව අලුයමින් මුණගැසුණ ගුරුතුමා පිළිගත්තේ එලෙසයි. අප එනතෙක් අසළින් වූ පොල් අතු හෙවිල්ලූ කඩපිලේ මුල්ලක වූ කුඩා බංකුවක අසුන් ගෙන සිටි තරුණ වියේ වූ ප්‍රියමනාප පුද්ගලයෙක් විය.
"අද යන්න බාධාවක් නෑනේ" නිදි ගැට කඩමින් මා හනික විමසුවේ දෛවය සරදම් කරාවිදෝ හැකයෙනි.
" අපෝ... එක වැස්සකට ඇහැකියැ විල ඔය පුරවන්න. ඒකට මෝසම මේ අහ එන්නම ඕන " ඒ ගුරුතුමා. මෙතැන් සිට ඔහු නමින් ජනිත්. කුඩා දෙවටක් ඔස්සේ පැමිණි අප ජනිත්ගේ ගෙපැලට සේන්දු වන්නට විය. අරුණළු වැටෙනතෙක් හාන්සි වන්නට අවැසි කලමනා ඔහුගේ මව ඒවන විටත් සූදානම් කර තිබුණි.
නිදි ගැට කඩා විහිරුවාලූ හිරැ ගම්පියස එකලු කරන්නට ලකලැහැස්ති වන්නට විය. ඉන් අපගේ යාත්‍රාවත් රත් පැහැයෙන් දිලිසිණි. වනගත මාර්ගයක් වූයෙන් එහි ගමනාගමනයට ට්‍රැක්ටරය තරම තවත් රථයක් නොවිණි. "අපි පිටත් වෙමු ද" මාගේ යෝජනාවට එකඟ වූ සියල්ලෝ රථයට ගොඩවිය.
අපගේ පළමු වෑයම හිස්ව තිබූ බූලි දෙකකුත් වතුර බෝතල අටකුත් පුරවා ගැනීමයි. එක් අයෙකුට දෙක බැගින් වතුර බෝතල බෙදී යයි. මන්ද යත් විල ඔය තිබූ තැනැකුද සොයා ගත නොහැකි ලෙස සියළු වතුර පානම බලා ගොස් අවසන්ය. තවත් සැතපුම් දෙකක් හේන් මැදින් ගමන්ගත් අපට වනාන්තරයේ මුවදොර සම්මුඛ විය.
කුරුළු තුඩක මිහිරියාවත්, වලසකුගේ කොටියෙකුගේ නිය පහරක භීතිකාවත් හරි හරියට මුසු වෙච්ච මහා වනය, සිහිල් සුලඟකින් අපව පිළිගත්තේ නුඹලාට අසානාසියක් නැහැ කියාන්නාක් මෙනි. මහා ගස් එකින් එක පසු කරමින් තවත් ඉදිරියට ඇදුණු අප සිහිල් ගොම්මනක රථය නවත්වා කුස පුරවා ගන්නට වූයේ ඒවන විටත් අටේ කනිසම පසුකොට සිටි නිසායි. ඒ අතර විහඟුන් හරි හරියට ගැයූ ගීයෙන් අපගේ උදෑසන සප්පායම සාදයක ජවනිකාවක් බඳු විය.
එතැන් පටන් එළඹි හෝරාව සුවපහසු නොවුණේ අපගේ ඉතීරි ගමන්මග වැටී තිබුණේ කටු පඳුරු බහුල ඉමක වීමෙනි. ටේලරයේ දිගා වුවත් අතරින් පතර වූ කටු ගස් මා හට ඉත්තෑවන්ගේ ආදරයේ අත්දැකීම ගුරු මුෂ්ටියක් නැතිවම ලබා දෙන්නට විය. ඇතැම් කටු ගස් අපගේ හිස්වැසුම් පවා සොරා ගන්නට විය. කෙතරම් කටුක ගමනක් වූවත් එය බොහෝ සෙයින් විනෝදජනක අත්දැකීමක් විය.
මෙතැන් පටන් ආරම්භ වන්නේ පා ගමනින් ගමන් කල යුතු වූ කොටසයි. ආරාධනා කරනවා එන්න යන්න මාත් එක්ක බුදු පටුන වැඳපුදා ගන්න යන්න.