Horton Plains National Park | Documentary | වළාකුළු වනාන්තරයක දින හතරක් | 4K

  Рет қаралды 204,897

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

සීතල හෝර්ටන්තැන්නේ දින හතරක්
පලමු කදවුරු බැදීමෙන් පසු දෙවන දිනයේ අප අපගේ සොදුරු නවාතැන්පොළ කරගත්තේ "ගිණිහිරිය" සංචාරක නිවස්නයයි. ඔහිය පිවිසුමට මදක් ආසන්නව පිහිටා ඇති ගිණිහිරිය සංචාරක නිවස්නය ඉතා සොදුරු සහ පහසුකම් වලින් පරිපූර්ණ වූ කතා රාශියකට මූල බීජය වූ සීත මාලිගයක්. ලද විවේකය මනාව විදගෙන පසුදා උදෑසනම වනගත වූයේ තොටුපොළ කන්ද සොයාගෙනයි. අධික සීතල මධ්‍යයේ මීදුම පිරුණු වන මං පෙත් ඔස්සේ ගමන් කිරීම සොදුරු සහ අමතක නොවන අත්දැකීමක් උවත් මෙම මාර්ගය වැටී ඇත්තේ කදුකර කොටියන්ගේ රාජධානියක් මැදින් වීම නිසා කංඩායමේ සියල්ලන්ටම වෙනදාටත් වඩා සැළකිල්ලෙන් වන මංපෙත හරහා ගමන් කිරීමට සිදුවිය.
ගහ කොල සහ වර්ශාව සමගින් ඒ ලද සොදුරු අත්දැකීම් සමූහය අමිලය. ඉන් පසු අප නැවතත් ගමන් කලේ හෝර්ටන්තැන්න මධ්‍යයට වන්නට පිහිටා ඇති මහ එළිය සංචාරක නිවස්නයට යි. කදුකර කොටියන් නිතර යන එන ඉසව්වක පිහිටා ඇති මෙම නිවස්නය අධික සීතලකින් සහ මීදුමකින් වෙලා ගෙන තිබුනේ වෙනදාටත් වඩා වෙනස්ම වූ සුන්දරත්වයකිනි. කෙසේ වෙතත් එහි තවත් සීතල රාත්‍රියක් ගත කල අප ඉනික්බිතිව නැවතත් වනගත වූයේ හෝර්ටන්තැන්න පිළිබඳ සිත තුල පැවතුනා වූ පැනයන් සමූහයකට පිළිතුරු සොයාගෙනයි.
ආයුබෝවන් මම දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 740
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
ලොකු පීරිස් ටික ටික කතා කරනවා දැක්කම පොඩි සතුටක් එනවා 😁❤️
@amilawarnakawijethun
@amilawarnakawijethun Жыл бұрын
මොන ට්‍රිප් එක ගියත් ඔයාලා අරක්කු සිගරට් බොන්නේ නෑ,ඒක නම් පට්ටයි අපේ තරුන සෙට් එකට අරක්කු නොබී ට්‍රිප් එකක් ගිහින් ජීවිතේ විදින විදිය කියල දෙනවට බොහොම ස්තූතී❤❤
@MsShantha
@MsShantha Жыл бұрын
දිනේශ් මල්ලි, ලොකු පීරිස් ඔයාල beach පෙන්නුවත් වෙන ගොඩනැගිලි පෙන්නුවත්, වෙන campaign site පෙන්නුවත්, වෙන කදු පෙන්නුවත්, ඒ මොකකටවත් horton plains වලට සම කරන්න බැහැ. මගේ අදහස ලොවෙත් නැහැ මේවගේ තැනක්.♥️♥️♥️♥️ thanks
@travelsoul2842
@travelsoul2842 Жыл бұрын
ලංකාවේ film එකකවත් නෑ දිනේශ් අයියගෙ වගේ shots❤ මේකත් ඉතින් හැමදාම වගේ Film එකක්ම තමා♥️💚
@kazzmi_editzz
@kazzmi_editzz Жыл бұрын
ස්වභාවධර්මය විසින් මැවූ අපූරු මිනිසා . Dinesh A Pathum ❤❤
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd
වැස්ස බාදාවක් තමයි අයියෙ එ වුනාට වැස්සත් එක්ක මාරම ෆිලින් එකක් තියනවා නෙද ❤️🤔
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
ආයුෂ බොහෝ වේවා දිනේෂ් අයියා.. අපේ රටේ වටිනාකම සෞන්දර්ය ලෝකෙට පෙන්නන්න ශක්තිය තව තවත් ලැබේවා.. හදවතේ සොදුරු සංචාරකයා... ආදරෙයි අයියේ හැමදාම.. 💚
@kavindushengraphics3611
@kavindushengraphics3611 Жыл бұрын
හෝටන්තැන්න කියන්නෙම මගේ ජීවිතේ දකින සුන්දරම පරිසර පද්ධතිය 🥺😍
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
ගහ කොළ, වැස්ස,සුළඟ,මීදුම කියන්නේ සොබාදහමට අයිති දේවල්..... දැන් දිනෙශ් අයියා කියන්නෙත් සොබාදහමෙම කොටසක්.... 💚🍃🍃🍃🍃 ඔයා හරිම වාසනාවන්තයි, අපිත් වාසනාවන්තයි ඔයාගේ වීඩියෝ වලින් මේ පුංචි පරාදිසයේ ලස්සන තැන් දකින්න..ආදරෙයි අයියේ 💚 කට්ටියටම ජය වේවා
@Gamingtoddleryaeli
@Gamingtoddleryaeli Жыл бұрын
ඒ මීදුම. ඒ වැහි පින්න. ඒ අදුරු බව. අනේ ඒ කාලගුණය හරිම සරාගීයි ..🥺🥺
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
හිත ගිනිගන්නවා එක එක දේවල් වලින් ඒත් "ආයුබෝවන් මම දිනේශ්"මේ වදන් පෙල ඇහුන සැනින් ඒ ගින්න නිවිල යනවා.......
@sksolo4363
@sksolo4363 Жыл бұрын
සීතල වැඩි අවස්තා වලදි ශරිර උෂ්ණත්වය නියමිත අගයක පවතවා ගැනීමට වැඩි ශක්තියක් වැය වෙන නිසා තමය් අපිට වැඩිපුර බඩගිනි දැනෙන්නෙ....❤
@geetheranthaa-xo6kl
@geetheranthaa-xo6kl Жыл бұрын
"හදවතේ සංචාරකයා.❤"
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
මගේ රට තරම් වෙන සුන්දර රටක් වෙන කොහෙද..❤️🇱🇰 සීතල මීදුමෙන් වසාගත් කොළපාට ගහකොළත් එක්ක මේ සොබාදහම වචනවලට ගලපලා ලියන්න බැරි තරමට
@prabodanigamage9163
@prabodanigamage9163 Жыл бұрын
මග හැර යන්න නොහැකි සුන්දර චාරිකාවක්❤
@champitheexplorer1425
@champitheexplorer1425
දිනේශ් පුතේ. දින ගණනක් නිවාඩුවට ගෙදර හිටියා අතරතුර බලන්නට හැකිවුන ඉතා අපුරු රෑප රචනා ටිකක් ...හරිම ආසාවෙන් නැරඹීමට හැකි වුනා ...හරිම ලස්සනයි
@meedumagraphics301
@meedumagraphics301
Godaaak lassana wadak....Suba Pathanawa......
@arunakrishan8670
@arunakrishan8670 Жыл бұрын
සුපිරියක් ම තමයි ඉතින් හැමදාම වගේ..... ❤
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
2007 වගේ කාලෙක අපි Leo club එකෙන් බස් 3 ක් පුරවගෙන ගිහින් කෑම්ප්ව් 3 රැ දෙකක් ඉදල යුලෙක්ස් ආක්‍රමණ ශාකය ගලවන්න ගියා. හරිම සුන්දර අත්දැකීමක්.
@12nalitha
@12nalitha
wow.. niyamai
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 14 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Tips for Wildlife Photography in Horton Plains
22:57
Prasad Hapuarachchi
Рет қаралды 3,4 М.
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 372 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН