ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් | Fresh Water Fishes of Sri Lanka | Wildlife Documentary | Full HD

  Рет қаралды 51,247

Wawekale

Wawekale

Ай бұрын

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් | ප්‍රථම දිඟහැරුම | Fresh Water Fishes of Sri Lanka | Episode 1
ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුදාවලිය ලත් පාරාදීසයයි.
මෙම සුන්දර දිවයින, ගංඟා ඇළ දොළවන් ස්වභාවික ජල ප්‍රභව වගේම මිනිසා විසින් කෘතිමව නිර්මාණය කළ වැව්, ජලාශ වැනි මිරිදිය ජල ප්‍රභවවලින්ද ඉතාම පොහොසත්.
මිරිදිය පාරිසරික පද්ධතිය අප ජීවත්වන භෞමික පරිසර පද්ධතිය මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූනයි. එයිනුත් මිරිදිය මත්ස්‍ය සම්පත ප්‍රමුඛස්ථානය ගන්නවා. මෙතැන් පටන් ඇරඹෙන මෙම රූප රචනාවේ අරමුණ වර්ග කිලෝමීටර් 65610ක් තරම් වූ මෙම කුඩා දිවයිනේ මිරිදිය මත්ස්‍ය සම්පත පිලිබඳ ගවේෂණය කිරීමයි. මිරිදිය මත්ස්‍යයින් සොයා ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමටත්, ඔවුන්ගේ වාසස්ථාන අධ්‍යයනය කිරීමටත්, අප අවට පරිසරයේ සිට වැසි වනාන්තරවල ඈත ‌අන්තයන් දක්වා අප ගමන් කළා. අපේ ගවේෂණ චාරිකාවේ සුන්දර සොයාගැනීම් රැසක් මෙම රූප රචනාව ඔබට තිලිණ කරාවි.
දූපතක් වූ ශ්‍රී ලංකාවේ වෙරළබඩ තැනිතලාව, අභ්‍යන්තර තැනිතලාව සහ මධ්‍යම කඳුකරය යන අනන්‍ය භූ සැකැස්ම මත පදනම්ව ගංඟාවල් 103ක්, එවායේ පෝෂක දිය ධාරා රාශියක් සහ අධික දියඇලි ඝණත්වයක් නිර්මාණය වෙනවා. එක්දහස් නවසිය අසූ ගණන්වලදී මෙරට බෙදා වෙන් කළ මත්ස්‍ය පාරිසරික කලාප, එනම් නිරිතදිග කලාපය, වියළි කලාපය, මහවැලි සහ අතරමැදි කලාප ඔස්සේ මිරිදිය මත්ස්‍ය ගවේෂණයේ යෙදීම ගවේෂණ කණ්ඩායමේ බලාපොරොත්තුවයි.
🎉 Exciting News! 🎥🐟 Thrilled to announce the release of the first episode of "Sri Lankan Freshwater Fishes: A Scientific Documentary" on January 1st, 2024! 🌊🐠
Dive into the diverse world of Sri Lanka's freshwater ecosystems as we explore the intricate web of life and ecology that sustains these incredible fishes. 🌏📽️
Join us on this educational journey filled with stunning visuals and fascinating insights into the hidden realms beneath the water's surface. 🚀🔍
Catch the premiere on our KZbin page "Wawekale" and let's embark on this adventure together! Don't miss out 🗓️👁️‍🗨️
#SriLankanFreshwaterFishes #Documentary #Ecology #Biodiversity #Wawekale #Science #ExcitingTimesAhead #visitsrilanka #endemicspecies #srilanka #fish #wildlife #wildlifedocumentary 🌿📹
Contains 36 fresh water fish species in Sri Lankan waters including,
1. Indian long finned eel (Anguilla bengalensis)
2. Freshwater garfish (Xenentodon cancila)
3. Common spiny loach Lepidocephalichthys thermalis)
4. Filamented barb (Dawkinsia filamentosa)
5. Black ruby barb (Pethia nigrofasciata)
6. Red side barb (Plesiopuntius bimaculatus)
7. Swamp barb (Puntius thermalis)
8. Long snouted barb (Puntius dorsalis)
9. Red eye barb (Puntius kelumi)
10.Cherry barb (Rohanella titteya)
11. Silver barb (Bhava vittata)
12. Asoka barb (Systomus asoka)
13. Martenstyni's barb (Systomus martenstyni)
14. Black lined barb (Systomus pleurotaenia)
15. Olive barb (Systomus sarana)
16. Giant danio (Devario malabaricus)
17. Kithulgala danio (Devario micronema)
18. Broad striped rasbora (Rasbora dandia)
19. Deccan mahseer (Tor khudree)
20. Ceylon stone sucker (Garra ceylonensis)
21. Tiger loach (Paracanthocobitis urophthalma)
22. Banded mountain loach (Schistura notostigma)
23. Day's killifish (Aplocheilus dayi)
24. Dwarf snakehead (Channa kelaarti)
25. Walking snakehead (Channa orientalis)
26. Spotted snakehead (Channa punctata)
27. Mozambique tilapia (Oreochromis mossambicus)
28. Scribbled goby (Awaous melanocephalus)
29. Ceylonese combtail (Belontia signata)
30. Rainbow trout (Oncorhynchus mykiss)
31. Striped dwarf catfish (Mystus nanus)
32. Sri Lanka bagrid catfish (Mystus zeylanicus)
33. Walking catfish (Clarias brachysoma)
34. Stinging catfish (Heteropneustes fossilis)
35. Wet zone butter catfish (Ompok argestes)
36. Marbled spiny eel (Mastacembelus armatus)
Story & Concept | Nilanga Ranatunga
Camera | Nilanga Ranatunga, Buddhika Prabath Abeyrathne
Narration by | Sandeepa Nilupul Edirisinghe
Background Music | Tunetank.com
Drone operator | Srinith Prabhatha
Edited by | Nilanga Ranatunga
Produced by | Nilanga Ranatunga, Buddhika Prabath Abeyrathne
Directed by | Nilanga Ranatunga
Special Thanks | Indrakeela Madola, Amila De Silva, Ishara Sandamal, Dulan Mahendra
Next episode will be "The critically endangered fish fauna of Sri Lanka". Stay tuned.
සංකල්පය සහ තිර රචනය | නිලංග රණතුංග
කැමරාකරණය | නිලංග රණතුංග, බුද්ධික ප‍්‍රභාත් අබේරත්න
කථනය | සංදීප නිලූපුල් එදිරිසිංහ
පසුබිම් සංගීතය | Tunetank.com
ඩ්‍රෝන පටිගතකිරීම් | ශ‍්‍රීනිත් ප‍්‍රභාත
සංස්කරණය | නිලංග රණතුංග
නිෂ්පාදනය | නිලංග රණතුංග, බුද්ධික ප‍්‍රභාත් අබේරත්න
අධ්‍යක්ෂණය | නිලංග රණතුංග
විශේෂ ස්තූතිය | ඉන්ද්‍රඛීල මාදොල, අමිල ද සිල්වා, ඉෂාර සඳමාල්, දුලාන් මහේන්ද්‍ර
අප හා රැඳී සිටි ඔබට බොහෝ ස්තූතියි. ශ්‍රී ලංකාවේ තර්ජිත මත්ස්‍යයින් පිලිබඳ තොරතුරු රැගත් මීලග රූප රචනාවෙන් හමුවෙමු. අමිල සොබාදහම දිගුකල් රැකේවා.

Пікірлер: 668
@amila_pathirana
@amila_pathirana Ай бұрын
නිදහස් අධ්‍යාපනයෙන් අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිටත් රටටත් ණයක් නැති වැඩක් කරපු සෙට් එකක් තමයි මේ. මේ දේවල් තමයි ඉගෙන ගත්ත කොල්ලන්ගෙන් වෙන්න ඕන. මේ දැනුම තමයි අපිට දෙන්න ඕනේ. ඒකෙන් තමයි මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. මෙතනින් මේක නවත්තන්න එපා, ලංකාවේ මේ වගේ හැම දෙයක් ගැනම දන්න හැමදේම කියලා දෙන්න.
@wawekale4850
@wawekale4850 Ай бұрын
අපිව දිරිමත්ම කිරීම ගැන බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම අපි උත්සාහ කරන්නම්. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@Wheresshanaka
@Wheresshanaka Ай бұрын
ගොඩක් මහන්සියෙන් කරපු වටින වැඩක් 😍❤️
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි මිත්‍රයා
@suniljayawickrama9665
@suniljayawickrama9665 Ай бұрын
👍
@sampathperera5953
@sampathperera5953 Ай бұрын
හරිම වටිනවා ලංකාවේ පරිසර පද්ධති ගැන දිගටම වැඩ සටහන් කරන්න...දරුවන්ට ගොඩක් වටිනවා....ස්තූතියි...
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@KosalachandimaSenevirath-bq2ty
@KosalachandimaSenevirath-bq2ty Ай бұрын
සුපිරි වැඩක් පුතාලා
@HarshMesh
@HarshMesh Ай бұрын
නියමයි රුපවාහිනියේ සැරිසර වැඩසටහෙනින් පසුව දුටු ලස්සන වැඩසටහනක් ❤❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි.
@ChandralalEdirisinghe
@ChandralalEdirisinghe Ай бұрын
ගොඩක් මහන්සිවෙලා ...කල වැඩසටහනක් .ඔබ සියලු දෙනාගෙම. කැපවීම ට ගොඩක් ස්තුතියි ......
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@AnimalWorldKM
@AnimalWorldKM Ай бұрын
ගොඩක් මහන්සියෙන් කැප විමෙන් කරපු වටින විඩියෝ එකක් ජය වෙවා ❤️❤️❤️🙏
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@AnimalWorldKM
@AnimalWorldKM Ай бұрын
@@wawekale4850 අනිවාර්යයෙන් ඉන්නවා ❤️👌
@ranganadilakshana9784
@ranganadilakshana9784 Ай бұрын
ගොඩාක් හොඳ වැඩක්, මෙයාලා සංරක්ෂිත වැඩ satahanukth ක්‍රියාත්මක kara num maru❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. සංරක්රෂණ ක්‍රියාවලියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@wfanjana
@wfanjana Ай бұрын
ඕගොල්ලෝ කරලා තියෙන්නේ නම් සුපිරි වැඩක් ජය වේවා!..
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි. මෙහි දෙවන කොටස මෙම වසර අවසාන වීමට මත්තෙන් ලබාදීමට කටයුතු කරනවා. අප සමග දිගටම එක්වන්න.
@ruwanbandara4123
@ruwanbandara4123 Ай бұрын
මෙවන් සුන්දර පරිසරයක ආශ්වාදය ලබා දුන්නාට බොහොමයක් ස්තුතිය .(එවන් පරිසරයක 😷 මාස්ක් පැලද ඉදීම දැකීම ?)
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. සමහර රූගත කිරීම් කොරෝනා වසංගත අවධියේ සිදුකරපු නිසා පිටිසර ගම්මානවලට ඇතුළුවීමේදී ගම්වාසීන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය ඇතිකරගැනීම වෙනුවෙන් අපි ඒලෙස කටයුතු කළා.
@SanjayaGalwaduge
@SanjayaGalwaduge Ай бұрын
නියම වැඩසටහන වටිනා ගොඩක් දේවල් අපට දැන ගැනීමට පුලුවන් තවත් වීඩියෝ එකක් දාන්න 😊
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@dulinajayadinu767
@dulinajayadinu767 24 күн бұрын
ඉස්සෙල්ලම කිහිල්ලෙ මයිල් ටික අයින් කරපන් . මාන පදුරක් වගේ
@akeindinuwara13
@akeindinuwara13 Ай бұрын
ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@dilsaramadhumal1826
@dilsaramadhumal1826 Ай бұрын
ගොඩක් වටිනවා. විශේශයෙන්ම. මාලුන්ගෙ වාසස්තාන හටියටම කියපු නැති එක වටිනව.❤🔥
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි
@gunaratna123
@gunaratna123 7 күн бұрын
බොහොම ස්තුතියි. මේ ජලය යට සැඟවුණු සුන්දර අහිංසකයින්ගේ තොරතුරු සහ දර්ශන ලෝකයාට පෙන්වූවාට. මම ළමා කාලයේ සිට සිංහරාජ පරිසරය ආශ්‍රිත අපේ ගමේ මසුන් දැක තිබෙනවා. ජිවිතයේ එකම වතාවක් දුටු තෙලියා දෙවන වතාවට දැක්කේ මේ වැඩ සටහනින්. සාමාන්‍යයෙන් මේ සුන්දර දේවල් මේ තරමට පැහැදිලිව කාටවත් දකින්නට ලැබෙන්නේ නැහැ, මේ අය වැඩිපුර ලංවූ සැනින් පැන යන නිසා. ඒ නිසා මේවා දුර්ලභයි. මෙහි පෙන්වූ තරම් මගුරන් සහ කනයින් එක තැන දකින්නට නැහැ. පුදුමයි දකින්නට ලැබීමත්! අපි උන් දකින්නේ ඉක්මනින් ජලාශ සහ ලිං වල ඇති කුඩා ගුහාවල මත්ස්‍යයින් ලෙස. ඉස්සර අපේ ලිංවල තිබු කරදරයක් ඔය මගුරන්! වැඩ සටහන හරිම වටිනවා, තාක්ෂණයත් ඉහලයි. වාර්තාමය සවරූපය මෙන්ම කලාත්මක බැවින්ද පිරිපුන්. තව ඉදිරියට බොහෝ දේ පෙන්වාවි යයි අපේක්ෂා කරනවා. ස්තුතියි.
@wawekale4850
@wawekale4850 6 күн бұрын
බොහොම ස්තූතියි. ‌මෙහි දෙවන කොටස සැප්තැම්බර් මස ඒළි දක්වනවා. ඒයත් නරඹන්න. අප සමඟ රැඳී සිටින්න.
@nipunafernando1922
@nipunafernando1922 Ай бұрын
නියමයි 2 වන කොටස බලාපොරොත්තුවේන් ❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@ShehanVijith
@ShehanVijith 21 күн бұрын
අපට ආඩම්බරයි මේ වගේ වැඩසටහනක් කිරිම ගැන ස්තුතිය 🙏🙏මෙවැනි වැදගත් වැඩසටහන් කිරිම පිලිබදව. මෙවැනි දේ ඉදිරියටත් කිරිමට හැකි වේවා🎉🎉🎉❤
@wawekale4850
@wawekale4850 18 күн бұрын
බෙහෙවින් ස්තුතියි....!!!
@sahansachintha1429
@sahansachintha1429 Ай бұрын
නියම වැඩක් දිගටම ඔන❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි.
@rozzpolitv
@rozzpolitv 15 күн бұрын
බොහෝම ස්තූතියි ලස්සන වැඩසටහනක් අපිට බලන්න සැලැස්සුවට..අපි පොඩිකාලේ රූපවාහිනියේ සිංහල හඩකැවූ වයිල්ඩ් අමෙරිකා වැඩසටහන ආසාවෙන් බලපු කාලේ මතක් වෙනවා..දිගටම මේ වගේ ලස්සනට කරන්න ශක්තිය ලැබෙන්න සුබ පතනවා..❤❤
@wawekale4850
@wawekale4850 11 күн бұрын
බෙහෙවින් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
@lakpriyabandara2623
@lakpriyabandara2623 Күн бұрын
හරිම රසවත් වැඩසටහනක්.ඉදිරියටම කරගෙන යන්න! ජය වේවා.කාන්තාරයේ වායු සමීකරණ කාමරේ සිට විනාඩි 50 කට මම ලංකාවේ සොබාවික පරිසරයේ සැරිසැරුවා....! වැස්ස වහින සද්දයට නිදිමතක් ආවා.අපේ රටේ අගය දැනෙන්නේ මේ වගේ කිසිම සොබාවික සම්පත් නැති රටවලට ආවාම.හැමොම පරිසරයේ වටිනාකම තේරුම් ගන්න දවසට පරිසරය අපිව රකියි.කටාර් සිට.❤
@harithanbalachandra1571
@harithanbalachandra1571 Ай бұрын
Great Documentary. Keep it up
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@Etoile576
@Etoile576 Ай бұрын
විශිෂ්ඨයි! 👏👏👏
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@avrrlubandara6152
@avrrlubandara6152 Ай бұрын
ඉතාමත් වෙහෙස මහන්සියෙන් ගොඩනගල තියෙන මේ වීඩියෝව හරිම වැදගත්. අපේ රටේ කරල තිබ්බ මිරිදිය මසුන් පිළිබඳව දැනුවත් කරන ඉතා වටිනා හොඳම ගණයේ වැඩසටහනක්. ස්තුතියි ඔයාලට. තව තවත් මේ වගේ වැඩසටහන්වලින් ජනතාව දැනුවත් කරමු.
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් වලට. ඉදිරි වාර්තා වැඩසටහන් එක්කත් එකතුවන්න.
@Diluz482
@Diluz482 Ай бұрын
පට්ට චැනල් එක වටිනවා ජය වේවා ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@milankarathnayake3382
@milankarathnayake3382 Ай бұрын
I was waiting for this documentary. Thank you for doing this. ♥
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Your requests made us to do so. Stay tuned.
@uvinduakalanka8425
@uvinduakalanka8425 11 күн бұрын
මනරම් කට හඩ ක් අ හන් ඉන්න ආසයි බලල්ලත් ආසයි අපිව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියනවා ට බොහොම පින් මහත්වරුනි
@wawekale4850
@wawekale4850 11 күн бұрын
බෙහෙවින් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
@sanjanachandupa
@sanjanachandupa Ай бұрын
Great Documentary ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much
@oceanadventure007
@oceanadventure007 17 күн бұрын
ඉතාමත් හරවත් වැඩසටහනක් . බොහොම ස්තූතියි මෙවැනි සාරවත් වැඩසටහනක් වෙනුවෙන් කැපවුණු සැමට.
@wawekale4850
@wawekale4850 17 күн бұрын
ස්තුතියි....!!!
@PraDeeYa_
@PraDeeYa_ Ай бұрын
සුපිරි Documentary එකක් ඒක 🔥
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි. දිගටම අප සමග රැදී සිටින්න.
@vikumherath9635
@vikumherath9635 Ай бұрын
2nd episode ekat ikmanatama karamu meke english eka baluwa dan meka aaye balanagaman inne supiriyak lankawe fresh water fish wenuwee mehema doc ekak krna eka patta ,thanks ,keep it up ❤❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොමත්ම ස්තුතියි. දෙවන දිගහැරුම ඉක්මනින් බලාපොරොත්තුවන්න
@anuraedirisinghe3571
@anuraedirisinghe3571 28 күн бұрын
ඉතාම ලස්සන වැඩ සටහනක් මෙවන් වැඩසටහන් කිරිමට ඔබලාට දිරිය ශක්තිය ලැබෙවා
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@NawodthHewamanage
@NawodthHewamanage 17 күн бұрын
කාලෙකින් දැක්ක වැදගත් වගේම සුපිරි වැඩසටහනක් ♥️🔥
@wawekale4850
@wawekale4850 17 күн бұрын
ස්තුතියි....!!!
@jayodrashmika8327
@jayodrashmika8327 Ай бұрын
මේකෙ දෙවන දිගහැරුමත් ඉක්මනින් බලාපොරොත්තු වෙනව ❤,බොහොම ස්තූතියි
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි. දෙවන කොටස මෙම වසර අවසන් වීමට පෙර ලබාදෙනවා .
@jayodrashmika8327
@jayodrashmika8327 Ай бұрын
@@wawekale4850 ජය ✌
@prasangabuddikahettiarachc9828
@prasangabuddikahettiarachc9828 Ай бұрын
Superb Educational video
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much
@kaligumalaka8571
@kaligumalaka8571 Ай бұрын
ඒක නම් පට්ට සුපිරි...❤❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@bharathamotors4716
@bharathamotors4716 Ай бұрын
the best program I had ever watched in youtube ❤️❤️
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Great inspiration for us. Stay tuned.
@anushkarajeev5922
@anushkarajeev5922 Ай бұрын
සුපිරියක්.වටින වැඩක්.දිගටම කරමු.අපි ඉන්නවා ඔයත් එක්ක ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න
@MSRflan
@MSRflan Ай бұрын
Thank for sow beautiful fish 🐠 for Sri Lanka I’m never see like this fish my life in Sri Lanka 30 years old I’m but not like thanks
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@tharinduliyanagoda3765
@tharinduliyanagoda3765 Ай бұрын
පට්ටම වටින වීඩියෝ එකක්...ඉවර වෙනව දැනුනෙ නෑ...❤ ගං ආරා,ලූලා ,ආදො වර්ග, තෙලියො වර්ග ගැන පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න✌️
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@FactHog
@FactHog Ай бұрын
adoo meeka supiri lee thihthayage kathawa aththa math malu allanna giyama dakapu deyak thamai eeka kale athulata yanna yanna lee thiththayage coliti eka wadi colors wadi
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you. Natural Biotope eka thama Color booster eka.
@wasanthawasanthawasantha
@wasanthawasanthawasantha Ай бұрын
Niyamai malliyo ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@nirmalaserasinghe980
@nirmalaserasinghe980 Ай бұрын
පසල් ළමුන්ට ගොඩක් ප්‍රයොජනවන්. සාර්ථකව කරල තියෙනවා ඉංග්‍රීසියෙන් උප සිරස්තල දැම්මනම් විදෙශිකයින්ටද වටිනාකමක් තියෙනවා නේද.
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි. මෙහි ඉංග්‍රීසි බසින් හඬකැවීම් කල වැඩසටහනට මෙතනින් පිවිසිය හැකියි kzbin.info/www/bejne/nmirg5V4f5Z9oq8. අප සමග දිගටම එක්වන්න.
@thivaminaperera9917
@thivaminaperera9917 Ай бұрын
Godak watina video ekak. Mahasi wela me wagedewal apa wetha laba denawata bohoma isthuthi
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොමත්ම ස්තුතියි.දිගටම අප සමග රැදී සිටින්න.
@surajsaliya4771
@surajsaliya4771 2 күн бұрын
Most amazing documentary program i ever seen in sri lanka. Best of luck guys 🎉
@dimuthulakshan9976
@dimuthulakshan9976 14 күн бұрын
සුපිරි වැඩක් මචං.. මේකට English subtitles දාන්න අනිවාරෙන්. පුලුවන් නම් English audio narration එකක් දාලා English version එකක් release කරන්න. මේක international level එකේ වැඩක් ❤
@wawekale4850
@wawekale4850 11 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට. මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවූ වාර්තා වැඩසටහනට මෙම ලින්කුව හරහා පිවිසිය හැකියි. kzbin.info/www/bejne/nmirg5V4f5Z9oq8
@ravinanayakkara7918
@ravinanayakkara7918 Ай бұрын
Really enjoyed your beautiful documentary .Keep up your good work
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much!
@Aus-traveller
@Aus-traveller Ай бұрын
Amazing job. Good luck
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@udararathnayake8016
@udararathnayake8016 Ай бұрын
Great and unique work
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much.
@roshanhemachandra2645
@roshanhemachandra2645 Ай бұрын
Excellent work ,keep it up.
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@Lusha999k2v
@Lusha999k2v Ай бұрын
The Best documentary I have ever seen about nature in srilanka❤ Love this 👌
@wawekale4850
@wawekale4850 28 күн бұрын
Thank you very much
@user-je3ng3jo5v
@user-je3ng3jo5v Ай бұрын
Super vedio machan..❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much.
@rohanahalpagoda4727
@rohanahalpagoda4727 Ай бұрын
සුපිරි වැඩක් ❤️❤️❤️
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොමත්ම ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@DanLahrrr
@DanLahrrr Ай бұрын
Great Documentary
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much
@malinduehelagasthenna8547
@malinduehelagasthenna8547 Ай бұрын
This is a great documentary. I wish you all the best and keep doing this great work.
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@treetopsjunglelodgewildlif5142
@treetopsjunglelodgewildlif5142 Ай бұрын
ලස්සන වීඩියෝ එකක් මල්ලි ගොඩක් මහන්සි වෙලා, සංචාරක කර්මාන්තයේ ඉන්න අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබට පුළුවන් නම් english වලිනුත් මේ වීඩියෝ එකම කරන්න, වියලි කලාපයේත් මෙවැනි රිසර්ච් එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි අදහස් වලට. ඉංග්‍රීසි භාෂාවෙන් කරන වැඩසටහන මෙම ලින්ක් එක හරහා නරඹන්න. kzbin.info/www/bejne/nmirg5V4f5Z9oq8
@chass_ran
@chass_ran Ай бұрын
නියමයි !!!🤩 ආවේණික aquarium plants ගැනත් video එකක් කරන්න පුළුවන් නම් වටිනවා ...
@wawekale4850
@wawekale4850 21 күн бұрын
Thank you very much your valuble thoughts....!!!!
@warnakaranasinghe990
@warnakaranasinghe990 Ай бұрын
Well done ✌. keep it up.
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@sanjayasuranga1620
@sanjayasuranga1620 Ай бұрын
හරිම වටිනා වැඩක්
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න
@ashikmohamed7402
@ashikmohamed7402 22 күн бұрын
වචන වලින් කියලා නිමකරන්න පුලුවන් වැඩක් නෙමෙයි. නියමයි 👏👍
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@channabandara5415
@channabandara5415 Ай бұрын
Grate job❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much.
@oshadhiwijerathne8099
@oshadhiwijerathne8099 Ай бұрын
❤❤❤superb...
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much.
@sahansachintha1429
@sahansachintha1429 Ай бұрын
සුපිරි ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@prabodanamadushan934
@prabodanamadushan934 Ай бұрын
ලස්සනයි .ගොඩක් දේවල් දැනගන්නට ලැබුනා...තව මෙ වගෙ වැඩසටහන් කරන්න...ශක්තිය ලැබෙවා ..❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@kalanadilshan4897
@kalanadilshan4897 Ай бұрын
Waiting for next episode.❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@hwasanthawijjethelaka-sp4lt
@hwasanthawijjethelaka-sp4lt 12 күн бұрын
ඉතා..අගනා..වැඩක්..බොහොම..පින්..ඔබලා..නියම..මහත්තුරැ
@wawekale4850
@wawekale4850 11 күн бұрын
බෙහෙවින් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
@hasithbuddhima4803
@hasithbuddhima4803 Ай бұрын
Keep up the good work brothers . Just subscribed to you
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@kurunegalazenoi
@kurunegalazenoi Ай бұрын
වටින වැඩක් සහ ලොකු විෂයක්
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොමත්ම ස්තුතියි
@Clips477
@Clips477 3 күн бұрын
නියමයි දිගටම කරන් යම්
@niroshfernando2984
@niroshfernando2984 9 күн бұрын
Mekanam watina wedak.godak dewal igena gatta. A wagema ape rate lassanath dakka. Maluwange nama video danna kiyala podi illimak karanawa. Thank you ❤
@wawekale4850
@wawekale4850 6 күн бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට
@hsjayasri
@hsjayasri 27 күн бұрын
නියමයි. නම් දානකොට හැකිනම් තිරයේ සටහන් කරන්න නම් තුනම.❤ හැකිනම් ලංකාවේ ජලාශිත් පැලෑටි ගැනත් මේවගෙ එකක් කරන්න. 🎉
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@ashanjayamaha5731
@ashanjayamaha5731 29 күн бұрын
වටින වැඩක්..ජයෙන් ජයම වේවා.
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@lenperera6851
@lenperera6851 10 күн бұрын
Very well done documentary, greatly appreciated. Thank you so much from Canada.
@wawekale4850
@wawekale4850 6 күн бұрын
Many thanks!
@OmegaFoods-hs6vv
@OmegaFoods-hs6vv 23 күн бұрын
Great work,harima adambarai,jakson mahaththayahe gaga dige ewata passe balapu hodama gaweshanathmaka wadasatahana.
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@abhishekasurendrakumar7139
@abhishekasurendrakumar7139 Ай бұрын
මේක නම් ඇත්තටම ගොඩාක් වටින දෙයක්. මුහුද වගේම ලංකාවට ලැබිලා තියන ලොකුම දායාදයක් තමයි මේ මිරිදිය මත්ස්‍ය සම්පත. ඒ ගැන අද සමාජයේ ගොඩක් අය දන්නෙ නෑ ඉතින් මේ සම්පත ගැන මේ වීඩියෝව කරාට ගොඩාක් ස්තූති.
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@TharangaUdagedara
@TharangaUdagedara Ай бұрын
Excellent! all inone video...thanks a lot
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much
@praveenmadhubhashana4185
@praveenmadhubhashana4185 24 күн бұрын
මේ වගේ මිරිදිය ජල පද්දති වල සබන් භාවිතය නිසා pH අගය වෙනස් වීම මොවුන්ගේ අභිජනනයට බලපෑම ගැන වීඩියෝ එකකින් ජනතාව දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව කියල හිතෙනව ❤
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. ඉදිරි වැඩසටහනකින් තොරතුරු එක කරන්නම්. අප සමග එක්වන්න.
@user-sh8rf4hs8d
@user-sh8rf4hs8d Ай бұрын
Amazing ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you! Cheers!
@dushankaushalya5266
@dushankaushalya5266 Ай бұрын
Aththatama watina wadak....danne nathi godak dewal danagatta
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@samanpremathilaka4189
@samanpremathilaka4189 Ай бұрын
පට්ට පට්ට ආආආආආආආආ ❤❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න.
@TharaC9394
@TharaC9394 Ай бұрын
Woow😍😍 laasana wadak👏👏👏 godak mahansi wela thiyenawa ❤️
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොමත්ම ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@unseenearth.
@unseenearth. Ай бұрын
Great ducumentry guys. Keep it up❤❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@shashika119
@shashika119 Ай бұрын
ඔබගේ කැපවීමට අපගේ උත්තමාචාරය ❤️❤️❤️
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@AquaLabdilshanwishmitha
@AquaLabdilshanwishmitha Ай бұрын
I am very happy to see such a good program. I really appreciate all your hard work❤.May you all have strength and luck to bring more such quality and valuable programs. " Long Live Mother Nature 🌍🌱"
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay with us for the upcoming episodes.
@dilanprageeth1952
@dilanprageeth1952 Ай бұрын
ඩිස්කවරි වැඩ සටහනක් බැලුවා ව⁣ගේයි හරිම වැදගත් අධ්‍යාපන වැඩ සටහනක් ස්තුතියි ❤❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@chanakaprasad6548
@chanakaprasad6548 Ай бұрын
සුපිරි මහන්සියෙන් කරපු වැඩක් ❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි. මෙහි දෙවන කොටස මෙම වසර අවසාන වීමට මත්තෙන් ලබාදීමට කටයුතු කරනවා. අප සමග දිගටම එක්වන්න.
@danushkaniroshan8695
@danushkaniroshan8695 Ай бұрын
ඉතා අනර්ගයි ...බොහොම ස්තුතියි
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@user-bs9dy6tn3b
@user-bs9dy6tn3b 16 күн бұрын
Ado supiri bung.supiriyatama supiribung...
@wawekale4850
@wawekale4850 15 күн бұрын
ගොඩක් ස්තුතියි
@heladerana6219
@heladerana6219 Ай бұрын
සුපිරි ..තව තවත් මෙවැනි විඩියෝ කිරිමට විර්ය ශක්තිය ලැබේවා ..ජයවේවා ....
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@kaveeshadeshan4270
@kaveeshadeshan4270 Ай бұрын
බොහොම මහන්සියෙන් කරපු.ගොඩක් වටින වැඩක්.ඔයාලා හැමෝටම සුබ පතනවා.දිගටම මේ වැඩේ කරගෙන යන්න 💓
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@TikiriAndCo
@TikiriAndCo Ай бұрын
Beautifully captured and presented! Thank you and wishing you the best to do more content! 👏🏾👏🏾
@wawekale4850
@wawekale4850 28 күн бұрын
Thank you very much
@HirdaramaniResQ-hj3gu
@HirdaramaniResQ-hj3gu Ай бұрын
සුපිරි....... පට්ට ........ මරු........ එක හුස්මට skip නොකරම බැලුවා...........
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි. දිගටම අප සමග රැදී සිටින්න.
@SRIONE
@SRIONE 29 күн бұрын
ගොඩක් ස්තූතියි !!! දෙවෙනි දිගහැරුම බලාපොරොත්තුවෙන්... ❤ අමිල සොබාදහම දිගුකල් රැකේවා..!! ❤ ඔබ සැමට ජය..!! ❤
@wawekale4850
@wawekale4850 21 күн бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අප සමග එක්වන්න.
@SRIONE
@SRIONE 21 күн бұрын
@@wawekale4850 අනිවාර්යයෙන් !!! ❤🫶
@MaheshGomaa
@MaheshGomaa Ай бұрын
සෑහෙන්න මහන්සිවෙලා කරපු වැඩක්🥰❤️
@wawekale4850
@wawekale4850 Ай бұрын
බොහොම ස්තූතියි. ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න
@sanathnherath
@sanathnherath Ай бұрын
supiri wadak kollo, thanks❤
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@lasikasenaratne3204
@lasikasenaratne3204 Ай бұрын
thanks I enjoyed a lot! fantastic!! keep up the good work!
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much
@TheCashman007
@TheCashman007 Ай бұрын
This is one of the best videos i have seen from Sri Lanka, this reminds me of early 2000's Discovery Chanel !
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much
@supunsanithri1032
@supunsanithri1032 Ай бұрын
Excellent work!!
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Stay tuned.
@ICS-ic9gr
@ICS-ic9gr Ай бұрын
ගොඩක් වටින, බොහොම ලස්සනට කරපු වැඩක්.
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි.
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 Ай бұрын
මෙවැනි වටිනා වීඩියෝවක් හරහා අපව දැනුවත් කලාට බොහොම 🙏 ස්තුතියි
@wawekale4850
@wawekale4850 Ай бұрын
ගොඩක් ස්තුතියි. දිගටම අපත් සමග එක්වන්න.
@nuwanpathirage6860
@nuwanpathirage6860 Ай бұрын
හරිම වටිනවා ස්තුතියි 🎉
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@hemsampathi671
@hemsampathi671 Ай бұрын
Salute ❤, හරිම වටිනව .
@wawekale4850
@wawekale4850 Ай бұрын
බෙහෙවින් ස්තුතියි වටිනා අදහස් වලට. රසවත් දෙවන දිගහැරුමත් ඉක්මනින් ඔබ වෙත ගෙනඒමට බලාපොරොත්තු වෙනවා.
@ANJANALAKMAL
@ANJANALAKMAL Ай бұрын
great video. which camera did you use for underwater footage
@wawekale4850
@wawekale4850 Ай бұрын
Thank you very much. Gopro Hero 7
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 24 М.
හොද්දට මාළු @wishwatiyubaya  🙄🙏😎
17:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 70 М.
бим бам бум💥💥 типа..
0:18
Ma1x1
Рет қаралды 8 МЛН