කඩොල් ඇතා Kadol Tusker ලස්සන දෙරණ Lassana Derana

  Рет қаралды 24,999

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Жыл бұрын

#කඩොල් #kandula #දුටුගැමුණු
අතීත යුද සටන්වලදී හීලෑ කළ සතුන් විවිධ යුද කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රමුඛ විය. රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගෙන තිබිණි. පක්ෂීන් දූතයා කරගනු ලැබූ සන්දේශ කාව්‍යය කිහිපයක් (සැළලිහිණි, ගිරා, කොවුල්, හංස, පරෙවි) ගම්පොළ යුගයෙන් පසුව ලියැවෙන්නේ ඒ අතීත පරිචයට සාහිත්‍යමය මුහුණුවරක් එක් කරමිනි.
අතීත යුද සටන්වලදී අශ්වයන්ටද විශේෂ තැනක් හිමි වූයේ චතුරංගනී සේනාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ නිසාය. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවය. මෙරට අතීත යුද කටයුතුවලදී ඇත් අස් සේනාවන්ගේ දායකත්වය පිළිබඳ වංශකථාවේ සඳහන් වුවද මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයන් අතරින් වංශකථාවේ නාමිකව සඳහන් වන පළමු සත්වයා ලෙස හඳුනාගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතුය.
ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2175කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නිසාය.
මහාවංසයට අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංශයේ එන පරිදි, “ඒ බිසව් සුදුසු කළ පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවු ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී. ” (මහාවංසය. පරි 22, ගාථා 59-63)
මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමු වූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කලපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්ලාගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදි කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවරු කරයි.
මේ වීඩියෝව කඩොල් ඇතා පිළිබදව වැදගත් තොරතුරු කිහිපයක් විමසා බැලීමකි.

Пікірлер: 22
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
මුතුරාජාට කොහොමද? kzbin.info/www/bejne/l2Tcfa1ojrt1kLc
@chandimagunasekara7921
@chandimagunasekara7921 11 ай бұрын
කඩොල් ඇතා තමයි දැන් අපේ වාසනා.....🙏🙏🙏🙏.❤❤❤🌷🌷🌷💖💖💖💖🌹🌹🌹🌹🐘🐘🐘
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
ගොඩක් අය කියනවා කතරගම වාසනා තමයි කඩොල් ඇතුගේ පුනරුත්පතිය කියලා..එයා කදිර දිව්‍යරාජ Film එකේ කඩොල් අතාට ඉන්නවා..මේ අවුරුද්දේ ලංකාවේ දළදා පෙරහරේ ඉදන් ඔක්කොම පෙරහරවල් වල කරඩුව වඩම්මවන්නට යෙදුනේ එයා..දැනට චයිත්‍ය 6 කට මුල්ගල් තියලා තියෙනවා..නැදුන්ගමුවේ රාජාට පස්සේ මිනිස්සු ආදරේ කරන්නේ එයාට..ලෝදිය හලලා සහ නන්දිමිත්‍ර යෝධයගේ ප්‍රහාරයෙන් බේරුණ කඩොල් ඇතා වගේම වාසනත් වෙඩි තියලා බෝම්බ ගහලත් නැති කරන්න බැරි උන කඩොල් ඇතා වගේම වාසනාවන්තයෙක්..කඩොල් ඇතාගේ වගේම කවදාහරි කතරගම දේවාලේ වාසනාගෙත් දළ යුගල තැන්පත් කරාවි...ඒත් තව චිරාත් කාලයක් කරඩුව වඩම්මවන්නට වාසනාව ලැබේවා ඇත් රජුට ..❤
@dasunkariyawasam333
@dasunkariyawasam333 9 ай бұрын
අනිවර්‍යෙන්ම
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Tanks good video ❤❤❤❤❤❤❤❤❤❤
@tharidumadushanka6307
@tharidumadushanka6307 6 ай бұрын
Utum sathyayaneni obata namaskaaraya yeyaa. Diyya raajayekuya ipida ratath sambudda raajyayath aaraksha karathyaa🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤺🤹‍♂️
@nadeen3154
@nadeen3154 10 ай бұрын
ක්ඩොල් 😎😎😎🤩
@sriyanimenaka9529
@sriyanimenaka9529 4 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@tharuwasala2814
@tharuwasala2814 9 ай бұрын
💎🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DharmarajaDharmaraja-wv2qq
@DharmarajaDharmaraja-wv2qq 7 ай бұрын
🎉
@DharmarajaDharmaraja-wv2qq
@DharmarajaDharmaraja-wv2qq 7 ай бұрын
😮
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
දැනුත් ඉන්නවා කණ්ඩුල/කඩොල් කියලා ඇතෙක් කැළණියේ..වත්මන් කඩොල් ඇතු කියලා කියන කතරගම වාසනා අද 09.09.2023 කෝට්ටේ පෙරහරේ සදාතුක කරඩුව වඩම්මවන්නට ගිහින් ඉන්නේ..ඒ දෙන්නම මේපාර දළදා කරඩුවත් කතරගම දේවාලේ දේවාභරණත් වඩම්මලා ඉන්නේ..මට මොකක් හෝ අතීත සම්බන්ධයක් පේනවා..කොහොම උනත් මේ පිංවත් බෝසත් වරු කියලා නම් මට කියන්න පුලුවන් ..❤👑🙏
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 10 ай бұрын
එවන් ඇත් රාජයෙක් මේ වෙනතෙක් බිහි වී නොමැත . ❤❤❤❤❤
@user-el2vz6ji7w
@user-el2vz6ji7w 9 ай бұрын
Api vijithapure thamai kande thamai balakotuwa elarage
@minushakumara2022
@minushakumara2022 Жыл бұрын
💪
@kavindavimukthi748
@kavindavimukthi748 Жыл бұрын
❤❤❤
@panamurenayo958
@panamurenayo958 Жыл бұрын
👌❤️❤️❤️
@AKI44444
@AKI44444 Жыл бұрын
😊😊😊❤
@alwok
@alwok Жыл бұрын
🙏🙏🙏
@user-el2vz6ji7w
@user-el2vz6ji7w 9 ай бұрын
Oya kathewe lodiya halapu thena weradi eka egeta wetenne ne eken beraganne ara yodaya kandula etha tharaha thiya ganna yodaya eya thamai ita passe thamai hakke thiyan hitapu pol gediya bima demme
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
❤💛❤❤💛🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷
@niranjalawasanthi9150
@niranjalawasanthi9150 10 ай бұрын
🎉
දුටුගමුණු රජතුමා දස මහා යෝධයෝ Ten Giant Warriors of King Dutugemunu
10:38
Siyasa TV ලොවම දකින ඔබේ ඇස
Рет қаралды 242 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Nine Arch Bridge ආරුක්කු නවයේ පාලම Lassana Derana ලස්සන දෙරණ
10:02
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 18 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27