Kande Lande @ Tone Poem with Rohana Baddage

  Рет қаралды 131,780

Roo Tunes

Roo Tunes

Күн бұрын

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition

Пікірлер: 71
@ජීවක
@ජීවක 2 жыл бұрын
අපේ පුංචිකාලය,..අපේ ගේ තිබුනේ වෙල්යායක් පටන්ගන්න තැනක,,උදේපාන්දරට මීදුම ,.අපේ තාත්තා හරක් බඳින්න යන වේලාව,.. මේ සින්දුව ගුවන් විදුලියේ උදේ යනවා,.. අපිත් පොඩි හරක් පැටව් අරගෙන යනවා ,..වෙලට ලංවෙන විට හරක් පැටවුන්ගේ දාංගලේ වැඩිවෙනවා,,,අපිවත් ඇදගෙන තමයි උන් වෙල දිගේ දුවන්නේ,..වෙලේ මඩ නාන්න කැමති නිසා අපි කොහොමත් හිතා මතාම වැටෙනවා,,, සමහර වෙලාවට අපි ඇඳගෙන හිටපු සරම නෑ ඇඟේ ,.ඒ අපවත් ඇදගෙන දුවන වේගයට අපි වෙලේ වැටි වැටි තමයි දුවන්නේ සරම ඇඳගන්න තරම් වේලාවක් නෑ,. අපේ ගේ තිබුනේ දැවැන්ත කුඹුක් ගහක් ලඟ පලාතම හෙවන කරගෙන එයා,,. කුඹුක් ගහ යට ලිඳක් තියෙනවා ,,ඉස්සර මුලු ගමම නෑවේ ඒකෙන් ..ඒකෙ වතුර ඉතිරිලා පිටාර ගලනවා ජුනි අගෝස්තු ඇරැනම අනිත් සෑම මාසයකම,.. කවුරුවත් නැති උනාම අපි ඒ ලිඳේ පැනලා නානවා,.ඒක අඩි පහලොවක් දිග අඩි අටක් විතර පලල ඇති අඩි විස්සක් පමණ ගැඹුරු ලිඳක්,,.පසුකාලීනව ලිඳට වැටුනු බාල්දි ගන්නේ මං තමයි,,,. ඒ වෙලෙන් එගොඩහ තිබුනේ අපේ ඤාතිවන කෙනෙකුට අයිති අක්කර දහඅටක රබර්,කුරැඳු තිබුනු ඉඩමක් ඒ ගෙදර ඔක්කොම ලිඳේ වැටි මියගිහින් තිබුනා ,.අපි ලොකු වෙන තුරැම ඒ ඉඩම කැලෑවට ගිහින් තිබුනේ ,..අපි පාසැල් ගිහින් ගෙදර ආවම වැඩිපුරම හොරාපොලිස් සෙල්ලම් කරන්න යන්නේ ඒ කැලෑවට ,.අඹ ,මාදං කීනපේර, කීන,වරකා, අන්නාසි, රත්මල්, බෝවිටියා,ගොඩපර ඕනෑතරම් ඒ කැලෑවේ අපට කන්න තිබුනා,. අද එහි කඳු මුනේ අක්කර දහයක ප්‍රමාණය හැර ගෙවල් ඉදිවී ඇත ,,.වෙල අද කුඹුරැ නොකලත් තාමත් එලෙසම පුරන් වෙමින් තියෙනවා ,.. අපිට බෝල ගහන්න තැන් තුනක් තිබුනා ඉන් එකක් අක්කර දහයක පොල් වත්තක් අනික පංසල් වත්ත අනික ප්‍රාදේශීය සභාවෙන් හදන ලද පොදු පිට්ටනිය අක්කර දහයේ පොල් වත්ත ඒක අපේ ගමේ හැමෝටම අයිතියි ,අපි බෝල ගහලා කුරුම්බා කඩනවා එක්කෙනාට කුරුම්බා ගෙඩි හතරක් පහක් සමහර දවස්වල සමහර දවස්වල මූන හෝදනවා අපි කුරුම්බා වතුරෙන්,,අපි තරම් කුරුම්බා කාපු අය ලංකාවේ තවත් නැතිව ඇති,,,අපි ලොකු වී රස්සා වලට යන තුරුම එහි පොල් කඩන්න ලැබුනේ නෑ,,,කැඩුවානං ඒ අපි තමයි අපට අවශ්‍ය බෝල ගන්න කඩයප්පන් කෑම සඳහා,,, ඒත් එදා වෙලේ ඕනෑම තැනකින් වතුර බිව්ව අපිට අද ඒ භාග්‍ය අහිමිවී ඇත,.යම්තම් ගෙයක් දොරක් තිබූ ලස්සන පිටිසර ගම අද නවීකරණය නිසා හෝ ජනගහනය නිසා ලඟින් ලඟ ගෙවල් සෑදී අඩි පාරවල් මහා පාරවල් වී ඇත,,.දංඩියෝ,තිත්තයෝ ලූලා මගුරා බුලත් හපයා කොරලියා ආදී වශයෙන් හිටිය මාලු අද සුලබව නැත,,. කොරවක්කෝ,මඩකොක්කු,කිරිකොක්කු,ඇටිකුකුළා පොල්කිච්චා, දෙමලිච්චා, කබරගොයා තලගොයා නයා පොඟවා පිඹුරා ආදී බහුලව දැකියහැකිවු ඒ සතුන් අද කොහේදෝ හැංගී ඇත සුන්දර පිටිසර ගම කොහේ ගියාද මන්දා,,.,අඩියක් තරම් මහත බිත්ති සහිත ගමඋලු සෙවිලි කල අපේ මහා ගෙය අද දකින්නට නැත.ඒවෙනුවට නවීන පන්නයේ ගෙයක් ඉදිවී ඇත,. කොස්ගස් 28 ක් තිබු අපේ ඉඩම අද එකම කොස්ගහකට සීමාවී ඇත අපෙ ඉඩමෙන් බොහෝ කොටස් අද අපේ ඤාතීන් අල්ලාගෙන ඇත,.එදා අපට අපේ වත්තෙන් පොල් කොස්,කුරැඳු,ගම්මිරිස් කෝපි ,කහ ,ඉඟුරු ,කෙසෙල්,උක් කොහිල කොහිල දලු, එරමුදුදලු අලවර්ග ,බතල ,මඤ්ඤොක්කා,දෙල් මේ සෑම දේම ලැබුනි,. පූංචිම කාලේ මට අකුරැ කියෙව්වේ ලියන හැටි කියා දුන්නේ අපේ ඤාතිවන ගමේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ වන අතිපූජ්‍ය රන්දොඹේ වජිරඤාණ ලොකු ස්වාමීන් වහන්සේයි, උන් වහන්සේ ආරෝහපරිනාහ රන්වන් දේහ සම්පත්තියකින් හෙබි පුණ්‍ය වන්ත ස්වාමීන් වහන්සේ නමක්,,,කවදාවත් සෙරෙප්පු දැම්මේ නැ දෙවුර වහගෙන බිම හෙලු ඇස් ඇතිව පාත්‍රා ඇති දෑතින් යුතුව පිණ්ඩපාතේ වඩිනවා දිනපතාම ඒ උදේපාන්දරට අපට දකින්න ලැබු දර්ශනයයි,,,පසලොස්වක අමාවක සෑම පෝයකටම ස්වාමීන් වහන්සේලා එකතු වී ඇවැත් දේසනාක රගෙන උපොසථ විනය කර්මය කරනවා ලොකු ස්වාමීන් වහන්සේ වැලිමලුවේ අතින් වැලි සමතලා කර "අ" යන්න ලියා මගේ පුංචි ඇඟිලි ස්වාමීන් වහන්සේ අතින් අල්ලාගෙන අයන්න ලියෙව්වා මට අද දක්වාම හොඳට මතකයි,,,පෙර පාසල ඒ පන්සලේමයි තිබුනේ ලමයි පනස් හතරක් හිටියා,,,හැමදාම උදේ දහයට අපට කිරි තේ සමග කැවුම්,කොකිස්,මුංඅතිරහ,කලුදොදොල් ආදී කැවිලි වර්ග සහ කෙසෙල්ගෙඩි හම්බ වෙනවා,,, අපේ අයියා බක්කි කරත්තෙන් පාසල් ගියේ සමහර දවස්වලට අපිත් යනවා බක්කිය ඇතුලේ ලමයින් සියලු දෙනාගේ කකුල් දාගෙන යන්නේ අපි කකුලීවලින් ගහගන්නවා පොරකනවා මම ගියේ වෙනත් පාසැලකට අවුරැදු දොලහක්වන විට තනියම කි.මීටර දෙකහමාරක්පමණ අපි පයින්ම පාසලට ගියේ අද අපට තාත්තා නැත සහෝදර සහෝදරියන් සහිතව හිටී අප වෙන වෙන ගම්මානවල රට රාජ්‍යයන්හි පදිංචිවී ඇත,.කාලය මැවූ වෙනසක අරැමය,...මේ තමයි අපේ ඒ සුන්දර ලමා කාලය ඔබ සැමට දැනගැනීමට යම්තං දෙයක් කුරුටු ගෑවේ,,.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
මේ ලස්සන විස්තරයට මගේ කතාව සමානයි. නම් ගම් විතරයි චුට්ටක් වෙනස්. මගේ ළමා කාලය ගෙවුනෙත් හද්දා පිටිසර ගමක. පොල් අතු සෙවිලි කළ වහලවල් සහිත කටු මැටි බිත්ති වලින් සමන්විත ගෙවල්. අඹ, ජම්බු පේර කෙහෙල් රඹුටන් මැංගුස් ගස් හතර වටේටම. හැමදාම වගේ වන මුල් පලාඵල එක්ක ගත කරපු දවස්. උදේ පාන්දරින්ම අවදි වෙලා අඟුරු කෑල්ලක් කාලා දත් මදින අපි ලිඳට යන්නේ පනිට්ටුව ක් අරගෙන. මූණ කට හෝදාගෙන වතුර එකක් අරගෙන ගෙදර එන්න ඕනෑ. දිය මැස්ස උඩ තියෙන කලයට පුරවන්න. සුද්ධ කරපු පොල් කට්ටකින් කලය වහලා තියෙන්නේ. මැටි කලේ වතුර පිපාසෙට අමෘතය වගේ. අවුරුද්දකට සැරයක් විතර දහයියා ගොඩේ දාලා කල පුච්චනවා. අම්මා කියන්නේ නැවුම් බව ඇති වෙන්න කියලා. කොස් ගෙඩියක් කැඩුවාම ඒකේ කොහොල්ලෑ තලිය ගහක අලවන්නේ කල පිරියම් කරන්න.
@madushani673
@madushani673 4 жыл бұрын
මේ වගේ සිංදු ඇහෙනකොට පුදුම තරම් සතුටක් දැනෙන්නේ
@mithila77w
@mithila77w 5 жыл бұрын
වස්දඬු රාවය මාව වෂීකෘත කළා!! බැද්දගේ ගුරැතුමාගේ හඬ හා මුසු වූ සංගීතය ඇත්තටම ශ්‍රාවකයාව මෝහනයට ලක් කරමින් ඒ ගැමි අසිරිය හිතේ මවා පානවා!!!
@pabalipahasara7550
@pabalipahasara7550 3 жыл бұрын
Ane ow math harima asa karana katahadawal thama🥰
@chandimakumara5611
@chandimakumara5611 2 жыл бұрын
මේ සිංදුව ලියපු, කියන, තනු නිර්මාන කරපු, සහ වාදනය කරන උතුම් මිනිසුනි ඔබට බුදුසරණයි, විශේෂයෙන් මෙම වැඩසටහන වෙනුවෙන් වස්දඩුව වයන එම වාදකයා මගේ ඇහැට කඳුලක් ගෙනාවේ ඵම වාදනයේ අතිවිශිෂ්ට බව කියාපාමිනි.
@amilamadushani8094
@amilamadushani8094 2 жыл бұрын
පොඩි කාලේ ඉඳලා ම ආස සින්දුව ක්.. අදටත් එහෙම යි... ❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායු වේවා!!
@padmasirid2639
@padmasirid2639 2 жыл бұрын
මෙ ගීත වල වටිනාකම කියල නිමකරන්න බැහැ ..ඉතාම රම්නීයයි
@ImeshiniPiyumikaMadana
@ImeshiniPiyumikaMadana Жыл бұрын
මේ සිංදුව අහ අහ කොළඹ ඉදන් ගම මතක් කරන මම😢♥️
@sameeraja4917
@sameeraja4917 4 жыл бұрын
ඇස් වහගෙන රසවිඳින ගීතයක්.. ❤️❤️
@gesandiworld7782
@gesandiworld7782 5 жыл бұрын
මේ ගීත හැමදාමත් පවතීවා.මගෙ පොඩි කාලෙ අපි දැකපු ලස්සන ගම ඇස් ඉස්සරහා මැවෙනව
@wonderworldrr9443
@wonderworldrr9443 3 жыл бұрын
Aniwarenma loke kohe hitiyath hamadama amathaka karanna bari podi kalaya ❤️😞
@wonderworldrr9443
@wonderworldrr9443 3 жыл бұрын
Siravatama machan
@sumedhalakruwan9386
@sumedhalakruwan9386 3 жыл бұрын
ගමක් නැතිව සින්දුව මනසෙ අපුරු චිත්‍රයක් මවනවා...
@ruwanchandika4353
@ruwanchandika4353 4 ай бұрын
බට නලාව..අපේ පුංචි කාලේ සුන්දර ගමට ගෙනියනවා♥️♥️
@ramikalisal2696
@ramikalisal2696 3 жыл бұрын
මේ ගීතය රසවිඳින විට සුන්දර ගම්මානයකට සිත ගමන් කරනව...
@kingkv6966
@kingkv6966 2 жыл бұрын
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
@shanthkumara93
@shanthkumara93 Жыл бұрын
මම ආදරේ කරන බැද්දගේ ගුරුන්නාන්සෙ .දීර්ඝායුෂ ලැබෙිිවා ..
@darkwolvesacousticmusicban6886
@darkwolvesacousticmusicban6886 5 жыл бұрын
Ambo lassana menna sindu Ane sirta pin
@lakshanviduranga4324
@lakshanviduranga4324 2 жыл бұрын
කියන්න වචන එන්නෙ නෑ❤️❤️❤️
@chathuranganisamudrika3270
@chathuranganisamudrika3270 Жыл бұрын
Rohana baddage mahaththaya lassanatama kiyanaya hithata wadinna😊😊
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 4 жыл бұрын
Harima lassanai.mata mage gameth issara tibuna sundarathwaya mevee penunna!!!!’
@lasithadulaj8196
@lasithadulaj8196 5 жыл бұрын
one of my favorite songs ever. I love to hear it again and again but that never ends.
@BhagyaSamarasekara-ng9cn
@BhagyaSamarasekara-ng9cn Жыл бұрын
මේ සිංදුව ගායකයිනකීප දෙනෙක්ගෙ හඩින් ඇහුවා, හැබැයි මේ හඩට ගහන්න හඩක් නෑ, සැබෑම රසය දැනෙන්නෙ මේ හඩ තුල පමණයි
@RuwanHettiarachchi-s3w
@RuwanHettiarachchi-s3w 3 ай бұрын
මතක් වෙනවා ලස්සන අතීතය...ආයෙත් ගමට යන්න තියෙනවනම්..❤❤
@manjuladisanayaka6137
@manjuladisanayaka6137 3 жыл бұрын
Budusaranai sir
@senakaseneviratne3861
@senakaseneviratne3861 6 жыл бұрын
Truly amazing Rohana Sir ... & what a justification Dinesh & the crew
@asangakarunarathna9276
@asangakarunarathna9276 4 жыл бұрын
Hitha nivila yana hada wagema lassanama vachana saha thanuwa
@dailymind
@dailymind 6 жыл бұрын
Amazing work...!! Long live Mr. Rohana Beddage
@pavithrabeligala5226
@pavithrabeligala5226 2 жыл бұрын
lassana geethayak mama asama sinduva.
@athuathukoralage9534
@athuathukoralage9534 8 ай бұрын
Rohana baddage mathithumani obata dheergayu wewa. me sinduwa wena kauru kiwwath rasayak naa. oba thumage handin gayena eka tharam wena katawath gayanna baa. oba thuma amaraneeyai mathithumani.
@nilusulehanilusuleha1701
@nilusulehanilusuleha1701 3 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති
@balasuriyage
@balasuriyage 6 жыл бұрын
Godak lassanai
@supunmaduranga3513
@supunmaduranga3513 4 жыл бұрын
man asama kena...aitj mewa ahan leben ona apita
@priyaldesilva1677
@priyaldesilva1677 3 жыл бұрын
මේ සිංදුවත් unlike කරපු උන් ඉන්නවා.අනේ මංදා මොන ජාතියේ උන් ද කියලා . මේ සිංදුව මොනතරම් ලස්සනද❤️
@tharinduwa1294
@tharinduwa1294 3 жыл бұрын
මිනිස්සුනම් වෙන්න බෑ😒
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Attatama mona jatiyeda un
@RuwanHettiarachchi-s3w
@RuwanHettiarachchi-s3w 3 ай бұрын
අම්මා ගෙන් කිරි නොබීපූ උන්..
@manodyasasmina1149
@manodyasasmina1149 2 жыл бұрын
lassanai mama hamadama ahanawa
@vimukthi789
@vimukthi789 5 жыл бұрын
අද දෙවෙනි ඉනිම බලලා මේ සිංදුව search කරපු අය Like එකක් දාගෙන යන්න..❤️❤️❤️ විමුවා 💕💕
@NaveeNS
@NaveeNS 5 жыл бұрын
Ado sirawata❤️
@vimukthi789
@vimukthi789 5 жыл бұрын
@@NaveeNS elazz❤️❤️❤️
@hirudilhanihiru275
@hirudilhanihiru275 5 жыл бұрын
Aththtama ow
@vikumliyanaarachchi9892
@vikumliyanaarachchi9892 5 жыл бұрын
Math
@nilakshanilaksha8416
@nilakshanilaksha8416 5 жыл бұрын
මාත්🙂
@udakarathudugala7624
@udakarathudugala7624 4 жыл бұрын
කන්දේ ලන්දේ. ගඟුලැල්ලේ පේනා තෙක් මානේ... මනබැන්දේ වින්දේ සුවපහසේ වාසේ ගම්මානේ... // වෙල් යායේ දොල පාරේ නිල්වන් ජලාශේ ගං තීරේ ගුරු පාරෙ සිරි දෙව් සිනාවේ. // ඒ මව් තුරුල්ලේ සුරූපී.යොවුන් ලාලනී. සංකේත වූ ප්රාර්ථනාවේ ගම්මානේ... කන්දේ ලන්දේ... ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැළේ විහාරේ පූජාවෙ බෙර නාදේ ගැමි ගීත රාවේ. // මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දර්ත්වේ යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ... කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පෙනෙනා...//
@amithadasanayake1961
@amithadasanayake1961 3 жыл бұрын
කියන්න වචන නැහැ හිත අතීතයටම යනවා
@walnera123
@walnera123 5 жыл бұрын
Adarei..
@chathuranganisamudrika3270
@chathuranganisamudrika3270 Жыл бұрын
Kanata ahenna ona niyama siduwak
@madhusankha8773
@madhusankha8773 Жыл бұрын
🙏💖🌹
@ishanabeyrathna8238
@ishanabeyrathna8238 5 жыл бұрын
❤️❤️❤️❤️
@srinathasiri
@srinathasiri 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 Жыл бұрын
Háďata Sameepa Gamiwahara.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 9 ай бұрын
I wish you all a happy New Year!!!2024.
@pasindunimsara7351
@pasindunimsara7351 5 жыл бұрын
❤️❤️❤️❤️👍
@tharinduwa1294
@tharinduwa1294 3 жыл бұрын
❤️❤️
@ChathuDilhan
@ChathuDilhan 2 ай бұрын
Neinage suduwa
@dananjayabandara307
@dananjayabandara307 3 ай бұрын
💙🌿
@pavithrabeligala5226
@pavithrabeligala5226 2 жыл бұрын
😀🌹🌼🎈🎉🎊
@dilshan8094
@dilshan8094 3 жыл бұрын
Mata me sinduva ahana kota puduma dukak danenne hitata
@Nawathuma
@Nawathuma 3 жыл бұрын
me sinduwa gana api karapu geetha vicharayak ahanna me link ekata yanna...Thank You... Link - kzbin.info/www/bejne/iWHWiIOgeNx-grs
@kingkv6966
@kingkv6966 2 жыл бұрын
Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition
@sandeepakorale2471
@sandeepakorale2471 6 жыл бұрын
Godak lassanai
@sandeepakorale2471
@sandeepakorale2471 6 жыл бұрын
Oba ape ratata loku sampathak
@chalanikaushalya7656
@chalanikaushalya7656 2 ай бұрын
❤❤❤❤❤
@manjuladisanayaka6137
@manjuladisanayaka6137 19 күн бұрын
❤❤❤
@surangasampath-k9v
@surangasampath-k9v 3 ай бұрын
❤❤❤❤
කන්දේ ලන්දේ - Kande Lande (Rohana Baddage) Lyric Video
4:13
චිරන්තන - Chiranthana
Рет қаралды 141 М.
Lamba Sawan Ran Patin @ Tone Poem with Sunil Siriwardena
6:39
Roo Tunes
Рет қаралды 508 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
Kavi Seepada @ Tone Poem with Chandana Liyanaarachchi
5:13
Roo Tunes
Рет қаралды 1 МЛН
Me Gammane @ Tone Poem with Rohana Beddage
4:25
Roo Tunes
Рет қаралды 15 М.
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 2,7 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН