රත්නගිරියෙන් ඇටන්වලට km 50 නකල්ස් වන මැඳින්.

  Рет қаралды 940

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

9 ай бұрын

මට හිතුනා මේ ගමන ගැන පොඩ්ඩක් ලියන්න, වෙන මොකුත් හින්දා නෙවෙයි මේ ගමනේ සුන්දරත්වය සහා දුෂ්කර බව හෑමොටම ටිකක් පෙන්නලා දෙන්න.
ඉතින් මේ මගෙ තුන්හිස්ගල ගිය දෙවැනි පාර, පළවෙනි පාර ගමන ගැනත් පොඩ්ඩක් කියලා ඉන්නම්, ඒක මෙහෙමයි උනේ අවුරුද්දකට වගේ කලින් නුවරගල ගිහින් ගෙදර එද්දි මට කෝල් එකක් එනවා අයියා අපි හෙට kmp තුන්හිස්ගල යනවා අපිත් එක්ක යන්ද කියලා, මට හික් ගෑවුනා යකෝ 26 km විතර ඇවිදලා කකුල් දෙක මැන්ඩලීන් ගගහා තිබ්බේ, ඕන මගුලක් කියලා මම හා කිව්වා 😜. හරි ඉතින් රෑ වෙද්දී ගෙදර ආවා පහුවදා උදේම ආයේම යන්න පිටත් උනා. ගමනේ සාරාංශය ඉතා කෙටියෙන් කියන්නම් 🙏. ගමන පටන් ගද්දිම ගමේ (රත්නගිරියේ අවසාන ලයිම) අය කිව්වා යන්න එපා, වැස්ස වැඩි හින්දා කූඩැල්ලොගෙන් බේරෙන්න බැරි වෙයි කියලා, දාගත්ත ගමන යන් නැතුව කොහොමද, ඕන මගුලක් කියලා ගියා. ගීයා තමා පාරවල් දන්නෙත් නෑ ඒ මදිවට කුඩැල්ලො දෙනවා පාර අපිට දුවන්න 🤣. හිතුවෙම පාර වැරදිලා කියලා kmp වාඩියට එද්දි හවස 6.30 ට වගේ ඇති. කූඩැල්ලො අයින් කරන්නම පැය බාගයක් විතර ගියා. රෑ කාලා බිලා පහුවදා උදෙත් කාලා අපි ගියා තුන්හිස්ගල නගින්න. අපේ කරුමෙට මහතුන් මාමා හිටියෙත් නෑ වාඩියේ පාරක්වත් අහගන්න 😥. ගමනේ සෙට් එක ඔක්කොම පහයි. පටන් ගත්ත තැන ඉඳන්ම පාර වැරදිලා ඒහාට යනවා මේහාට යනවා ඊට එහා කූඩැල්ලොන්ගෙන් වදේ, පහෙ සෙට් එකෙන් තුන් දෙනෙක්ම උන්ට බෑ කියලා ආයේ වාඩියට හැරුනා 😥 මටත් හිත ආයෙ හැරිලා යන්ඩමයි, කොහෙද අනිත් එකාට යන්ඩම ඕනේ කිව්වනේ මටත් ඉතින් බෑ කියන්න බැරි උනා, දැන් යනවා පිස්සො දෙන්නෙක් වගේ ඉස්සරහට, දන්නවා පාර වැරදිලා කියලා. කෑලේ අතඇරලා දාපු වාඩි ගොඩයි අතුරු පාරවල් ගොඩයි, කරන්නම දෙයක් නැති තැන පාරේ යන එක නතර කරලා නැග්ගා කන්ද පැත්තට. දැන් නිකන් මහගිරි ඳඹේ වගේ, දනිහ ගෑවෙනවා පපුවේ. නැග්ගා තමා උඩටම මල කෙලියයි එතනින් එහාට යන්න බෑ ලොකු ඇල්ලක් 😥, අරූට මාර ඉත්තෑවෙක් 🤣 මෙන්න මේකා නගිනව ගහක් දීගේ උඩට. අයියා අයියා මෙහේ වරෙන්, මේකා කෑ ගහනවා, ගහෙන් නැගලා උඩට ගීයාම පාර හම්බ වෙලා , මාත් නැග්ගා ඉතින් ගහ දීගේ නියපොත්තකුත් බාගෙට ගැලවුනා 😥 අම්මටසිරි වැරදුන පාර සෙට් උනා. අපි දෙන්නට පට්ට සතුටුයි, ඉතින් නැග්ගා තුන්හිස්ගල උඩටම, අන්තිම ටිකනම් පට්ට බෑවුම ඒ මදිවට කුරු ගස් තියෙන්නේ, ගස් වල මුල් පැටලෙනවා කකුල් දෙකේ. හරි දැන් දෙන්නම උඩ ඉන්නේ, පැයක් වගේ හිටියා උඩට වෙලා අරං ගිය පාන් බාගයත් කාලා බහින්න පටන් ගත්තා. හැමදේම උනේ අපිට අවාසියටම තමයි කිසිම දෙයක් පේන්නෙත් නෑ, ඒ තරම් මීදුම 😥. කොහොමහරි හරි පාරත් බාගයක් දුරට දන්න හින්දා අමාරුවෙන් ආවා කොහොමහරි වාඩියට, මරුම සීන් එක කියන්නේ අරුන් තුන්දෙනා ඇවිල්ලා තියෙන්නෙත් අපිට පැය බාගෙකට වගේ කලින්, උන්ට ආයේ පාර වැරදිලා 🤣. දැන් plan එක තිබ්බේ පහුවදා දූවිලි ඇල්ලේ යන්නනේ, මොන යනවද සෙට් එකේම කූඩැල්ලො කාලා ඇඟට පනම නෑ. ආයේ ඉතින් පහුවදා ගියා පාරෙම ඒ කියන්නේ ලෙබනන් වත්ත පැත්තෙන්ම ආවා ගමන ඉවර කරලා, මගේ වීඩියෝ එක බැලුවනම් ඔයාලා දන්නවා ඇති සීන් එක. කකුල් දෙක බකල් ගැහෙනවා ඇවිදිද්දි 😥, ඔන්න ඕක තම පළවෙනි පාර තුන්හිස්ගල ගමන .
දැන් පටන් ගන්නම් අලුත් ගමන ගැන, කලින් හෙන විස්තරයක් තුන්හිස්ගල ගමන ගැන කිව්ව හින්දා මේ පාර kmp ඉඳලා දූවිලි ඇල්ල, infinity pool, දුම්බර ඇල්ල පැත්තෙන් ඇටන්වල ගමට ආපු විස්තරේ කියන්නම් 🙏.
මේ පාරනම් ඉතින් පාරවල් සුවර් මොකඳ සඳුවා එක්කනේ ගියේ ඒ යකා හත් අට වතාවක් දැන් ඕකේ බඩගාලා ඇස්දෙක වහන් යන්ඩ පුලුවන් සීන් එකේ ඉන්නේ 🤣. Kmp වාඩියට ලං වෙද්දිම මෙන්න මහතුන් මාමා මල්ලකුත් කරේ තියන් ගම පැත්තට එන්ඩ පිටත් වෙලා අතරමගදි හම්බ උනා, මාමාට ගමට යන්ඩත් නෑ අපි හින්දා ආයේ අපිත් එක්කම ආවා වාඩියට. අම්මටසිරි වෙනවා වාඩිය දැන් පට්ට පිලිවෙලයි, ලස්සන පොඩි ගෙවත්තකුත් තියනවා. මොකද අපි කලින් වතාවේ යද්දි මාමා හිටියේ නෑනේ. මම හිතන්නේ මාස පහ හයක්ම මාමා ගමට ගිහින් ඉඳලා තියෙන්නේ, දන් නෑ අයි කියලා. ඒක හින්දා ඒ කාලේ වාඩිය ගරා වැටිලා තිබ්බේ, ඒකටත් එක්ක දැන් සෑහෙන දුරට පිලිවෙලට මාමා වාඩිය තියන් ඉන්නවා, ඒ වෙනුවෙන් මාගේ හදපිරි මෙව්වා එක මහතුන් මාමාට. යන් යන් ආයේ කතාවට, අපි ගිය ගමන්ම මාමා වතුර එකක් එහෙම පැහෙන්න තිබ්බා නිකක් ගෙදරට ආපු අමුත්තන්ට තේ හදලා දෙන්න වගේ. ඉතින් තේ එකක් එහෙම බීලා සෙට් එකම රෑ කෑම හදන්නයි සුදානම, කස්ටිය පුලුවන් විදිහට කෑම හදාගත්තා, ලොකු දෙයක් නෑ ඉතින් බතුයි පරිප්පුයි සොසේජස් කරියකුයි තමා 😋. කන්න ඉන්නවා දන්සලක පෝලිම වගේ, 18ක් කියන්නේ ලේසියක් ඈ 🤣. හිගන්නෙක් වගේ බත් පිඟන් තුනකට විතර සාධාරණයක් කරලා මමනම් කලින්ම නිදා ගත්තා, මට අහෙනවා සෙට් එකම මහතුන් මාමව කයියට සෙට් එක කරගෙන කියලා. ඉතින් එක එකා නනාප්‍රකාර ප්‍රෂ්ණ අහනවා මාමාගෙන්, ඇයි මාමා මේ වාඩියකට වෙලා තනියම ඉන්නේ. කොච්චර කාලයක් ඉන්නවද, එපා වෙන් නැද්ද, අලි එන් නැද්ද වගේ එක එක පුරස්න, මාමාත් ඉතින් සෙට් එකටම උත්තර බැඳ බැඳ ඉන්න අතරේ මටනම් දන් නැතුවම නින්ද ගිහින් පහුවදා උදේ තමා ඇහැරුනේ.

Пікірлер: 18
@sameerakumara9176
@sameerakumara9176 3 күн бұрын
❤❤❤
@pasindusda..6359
@pasindusda..6359 7 ай бұрын
මරු අයිය ජයවේවා 💖❤️
@dennaekka
@dennaekka 7 ай бұрын
මලේ බොහොම ස්තුතියි ❤️❤️❤️
@-bonaapi8072
@-bonaapi8072 9 ай бұрын
හෙන කාලෙකින් දැක්කෙ බන් සුපිරි ❤
@dennaekka
@dennaekka 9 ай бұрын
ගොඩ කාලෙකින් ගමනක් ගියේ. දැන් වේලාවක් නෑ මලයා ❤️❤️❤️
@dilshanthrusha7731
@dilshanthrusha7731 9 ай бұрын
1st 💙💙
@dennaekka
@dennaekka 9 ай бұрын
❤❤❤❤❤❤
@user-ge9kq2uy3g
@user-ge9kq2uy3g 6 ай бұрын
ඒ ගයිඩ් අයියගෙ නම්බර් එකක් දෙන්න පුලුවන්ද❤️
@anushagunasekara838
@anushagunasekara838 9 ай бұрын
Godak kalekin neda.vedio eka nam niyamai.
@dennaekka
@dennaekka 9 ай бұрын
ඔව් දැන් වැඩිය ඇවිදින් නෑ 🙏😥❤❤❤❤
@anushagunasekara838
@anushagunasekara838 9 ай бұрын
@@dennaekka Ane ehema karanna epa.api vedio ekak danakan balan inne
@dennaekka
@dennaekka 9 ай бұрын
වේලාවක්නෑ මලයා බලමුකො ඉස්සරහට 🙏❤️❤️❤️❤️❤️❤️
@anushagunasekara838
@anushagunasekara838 9 ай бұрын
Ayyo man malli kenek newei.edath kiwwa
@dennaekka
@dennaekka 9 ай бұрын
@@anushagunasekara838 🤣🤣🤣🤣 ඔව්මනේ ❤️❤️❤️❤️❤️❤️
@kanushkaimantha3890
@kanushkaimantha3890 8 ай бұрын
අයියේ දවස් දෙකෙන්ද ගියේ
@dennaekka
@dennaekka 8 ай бұрын
Ow bn night dekai dawas thunai
@kaushika555
@kaushika555 7 ай бұрын
please mata watsup no eka daanna mr. sadushange
@dennaekka
@dennaekka 7 ай бұрын
+94 71 218 6386
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 135 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 103 МЛН
ලංකාවේ පුංචි එංගලන්තය #littleenglandcottages #nuwaraeliya #luxurycottage
25:07
රෑ 12 ට කකුළුවෝ කාපී ‼ @wishwatiyubaya 🦀😲🙏
26:22
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 2,4 М.
ලංකාවේ ග්‍රීසීය | talalla blue beach villa
14:39
Denna Ekka දෙන්නා එක්ක
Рет қаралды 5 М.
Can You Draw A PERFECTLY Dotted Circle?
0:55
Stokes Twins
Рет қаралды 42 МЛН
БУДЕТ ЗНАТЬ КАК ОБИЖАТЬ БАБУШКУ
0:18
МАКАРОН
Рет қаралды 1,8 МЛН