ලක්ෂපාන ඇල්ලෙන් පහලට පනිමුද Lakshapana Rope Jump

  Рет қаралды 12,043

Flying Me

Flying Me

5 күн бұрын

share/wgposN...
www.tiktok.com/@themarvelsril...
ඔන්න ඉතින් බලාගෙන හිටපු දවස උදාඋනා.... ජුනි 08 වෙනිදට එලි වෙන්න කොටුව station එක ගාවට අපිව ගන්න එනව කිව්ව බස් එක එන්න තිබ්බෙ පාන්දර 03 ට... මට ඉතින් කවදාවත් නැති පිස්සුවක් හැදිල රෑ 12 වෙද්දිම කොටුවට ගියා.... ඒ යද්දි ඉතින් අනේ තව යාලුවො ටිකකුත් හම්බ වුනා... එයාල ඇහුවෙත් පිස්සුද කියලම තමයි 😁 කොහොමින් කොහොම හරි පැය තුන ගෙවුන දන්නෙවත් නැතුව... මොකද ඒ තරම් නොඉවසිල්ලෙන් හිටියෙ මම නම්....
පාන්දර 03 වෙන්නත් කලින් ලස්සන A/C bus එකක් ආව එතනට.... එච්චර හොඳ වාහනයක් එයි කියල හිතුවෙ නෑ මම නම්...
ඉතින් අපේ coordinator අපරාදෙ කියන්න බෑ "හෙලෝ නම මොකක්ද" කියල හැමෝටම කතා කරල හැමෝම එනකන් ඉඳල තමයි පිටත් උනේ...
ඈත කඳු අස්සෙන් ඉර එලිය ලාවට වැටීගෙන එද්දි මීදුම් අස්සෙ බාගෙට හැංගිච්ච තුරුලතා දිහා බලාගෙන තමයි ඔන්න ඇහැරෙන්නෙ හැමෝටම.... එතන ඉඳන් ඉතින් පාර දිගටම ලස්සනයි .... පොඩ්ඩ පොඩ්ඩ සප්ත් කන්‍යාවියො ටික පේන්න ගන්නව.... ඊටත් පොඩ්ඩක් එහාට ගියාම ඔන්න පේන්න ගන්නව අපේ target එක... ලක්ෂපාන දිය ඇල්ල....
ඉතින් උදේ බස් එක නතර කල ගමන් අපිට change කර ගන්න පහසුකම් washroom පහසුකම් තියෙන පොඩි hotel එකක room එකක් ලැබෙනව... ඒව කරගෙන එද්දි කෑම මේසෙට ඇවිල්ල... ඒ කෑමත් කාල ඔන්න ඉතින් දැන් තියෙන්නෙ වැඩේට බහින්න.... එදා මං සරන්නා ඉඳුනිල් මල්ලිත් ඇවිල්ල පනින්න ඉතින්...ආ ඔන්න එතනදි සංකල්ප මල්ලිත් ඔන්න ඉන්නව... ඒ කියන්නෙ ලස්සනම drone shots ටිකක් ලැබෙනව අපිට....
දැන් අපිව ඇල්ල උඩට බහින තැනින් ආව බස් එකේම ගෙනල්ල දානව... දැන් හැමෝටම life jacket helmet දීල තියෙන්නෙ... ඕවගෙන් සැරසිලා දැන් තියෙන්නෙ ඇල්ලෙ වතුර පාර තරණය කරන්න....ඔන්න එතන ඉඳන්ම safety first... ඒක cross කරන්නත් rope එකක් දාල... guide ල තුන් දෙනෙක් විතර එතන ඉඳන් එක එක්කෙනාව පරෙස්සමෙන් එගොඩ කලා... දැන් මම ඇස් හරවන හරවන පැත්තෙ මට පේන්නෙ ropes... 😁 අම්මෝ මෙච්චර කඹ ගොඩක් කියල කියවුනා.... ඊට වඩා ඉන්න guide ල ගොඩ... 15කට එහා පිරිසක්... ඉතින් එච්චර කඹ ගොඩක් එක්ක එච්චර guide ල ගොඩක් එක්ක මොන බයක්ද අනේ... පනින්නමයි දැන් නම් ඕනි... ඒ අස්සෙ දැන් කෝ මේ රොක්ස්.. ආ ඉන්නව ඉන්නව මේ සේරගෙම ලොක්ක දැකල තියෙන සුපුරුදු angle එකෙන්ම ඉනට අත් දෙක තියන් 😁....
ඔන්න දැන් ඉතින් අපි සේරටම වාඩිවෙන්න කියල සේරම instructions ටික දීල කිව්වෙ "Give us a big smile and Jump" කියල... ඒකෙන්ම තේරුන මේ වැඩේ The Marvel Srilanka Adventures & Expeditions team එක කොච්චර confidence එකකින් කරනවද සහ අපිට කොච්චර confidence ඇතුව මේ දේ කරන්න පුරුදු කරනවද කියල....
ඔන්න පලවෙනි jump එක.... Marvel team එකේ Hiran Rajitha ගෙන්... back flip එකකුත් එක්කම.... දෙවෙනි jump එක කෙල්ලෙක් 😍 බබාල දෙන්නෙක් ඉන්න අක්ක කෙනෙක්.... ඒ අක්කගෙ මහත්තය තමයි අක්කව එක්කන් ආවෙ... ඒ අයිය බබාල දෙන්නවම එක්කන් ඇවිල්ල තිබ්බ අම්ම පනිනව පෙන්නන්න... ඒ වගේ මහත්තයෙක් තමයි ජීවිතේ දිනන්න ආස හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි ❤
ඔන්න මගෙ වාරෙ.... ඊට කලින් කන්න බොන්න දේවල් ආපහු ගෙනල්ල මෙයාල... refreshments 😁... මට ඉතින් refreshment එක වැස්සනෙ... පනින්න හදද්දිම වර්ෂානිට මෙහෙදිත් වැස්ස .... Full body harnesses එක අන්දල tight කරල ඔන්න ඉතින් rox එක්කන් යනව හරිම පරෙස්සමෙන් step by step.... වැහැල ගල් ලිස්සනව දැන් නම්... ඒත් පොඩි වත් වැරැද්දක් වෙන්න නම් අවස්ථාවක් නෑ... බය කියන දේ තාම දැනෙන්නෙ නෑ... ඔන්න හරි පරෙස්සමෙන් rox මාව edge එකට එක්කන් ඇවිල්ල.... දැන් තියෙන්නෙ පනින්න... ආ ඔන්න දනුෂික මල්ලි ඒ අස්සෙ photo ගන්නව... ඇත්තටම අපිට කිසි දෙයක් කරන්න නෑ.... photo ගන්න වෙනම කෙනෙක්... drone වලට වෙනම කෙනෙක්... අපිට තියෙන්නෙ පනින්න විතරයි... අනික් සේරම එයාල කරනව....
3-2-1 jump කියල rox කියද්දිම ඔන්න කෙල්ල පැන්න.... පලවෙනි තප්පර දෙක නම් දැනුන feeling එක ජීවිතේ කවදාවත් දැනිලත් නෑ... දැනෙන එකකුත් නෑ... ඒක මරන බයක් නෙවෙයි... වෙන බයකුත් නෙවෙයි... ඒක වෙනස්ම හැඟීමක්.... නිකන් මම මේ ලෝකෙන් වෙන ලෝකෙකට ගියා වගේ... තුන් වෙනි තප්පරේ ඉඳන් තමයි මගෙ ජීවිතේ ලස්සනම තප්පර කීපය උදා වෙන්නෙ.... ජීවිතේ පලවෙනි පාරට flying me ඇත්තටම පියෑඹුව.... පියාඹනව කියන්නෙ පට්ට අත්දැකීමක්... ඇත්තටම පාවෙනව.... ඒ මදිවට පේන දර්ශනේ... හැරෙන හැරෙන අතට පේන්නෙ පිස්සු scenery.... එහෙන් දිය ඇල්ලෙ වතුර ඇඟට වදිනව.... අත් දෙක දෙපැත්තට දාල මම මගෙ ජීවිතේ උපරිම නිදහස වින්ද එ මොහොතෙ.... තාම බයක් නෑනෙ... 😁 දැන් ඉතින් ඔන්න පාවි පාවි හිටපු මාව පොඩ්ඩ පොඩ්ඩ පහලට ගන්නව rope එකෙන්ම.... පහලට එද්දි දිය ඇල්ලෙ යටට තමයි ඉතින් වැටෙන්නෙ... කවදාවත් පුළුවන් ද දිය ඇල්ලක් යටට යන්න... අනික ලක්ෂ්පාන වගේ ඇල්ලක්.... පහලින් ගල් ටික කකුල් දෙක touch කරද්දිම පේනව ඔන්න තව guide කෙනෙක් ඉන්නව අපිව අල්ල ගන්න.... එයා කකුල තියන තැන ඉඳන් කියනව... අල්ල ගන්න පුළුවන් උන තැනදිම පරෙස්සමෙන් අපිව අල්ලගෙන බටර් වගේ ගල් ගොඩ උඩින් පට්ට පරෙස්සමෙන් එක්කන් ඇවිල්ල අන්තිම point එකේදි තමයි rope එකයි harnesses එකයි එයා ගලවන්නෙ... ඒක එහෙමම උඩට යවනව...
ඔන්න ඒ පාර kayak එක ඇවිල්ල...
"නංගි පීනන්න පුළුවන් ද" 😁😁
"බෑනෙ අයියෙ 🤭🤭"
ආ එහෙනම් kayak එකේ handle එකෙන් අල්ලන් කකුල් දෙක kayak එක උඩින් දා ගමු... කෙලින්ම කෙල්ල පැන්න වතුරට... දිය ඇල්ල යටින් ඔන්න ඉතින් එගොඩ කලා...
දැන් වැඩේ ඉවරයි.... ආ දැන් දවල් වෙලානෙ... එතනින් උඩට ආව ගමන් අර පොඩි hotel එක... එතනින් wash දාල change කරන් එද්දි කෑම මේසෙ උඩ.... (දිය ඇල්ල ලඟ ඉන්න අයට මේ වෙද්දි කෑම ලගටම ගිහිල්ල හොඳේ 😌😌)
ලංකාව ඇතුලෙ අපිට මෙච්චර ආරක්ෂාවක් ඇතුව මේ වගේ ලස්සන අත්දැකීමක් දෙන්න ඔයාල කන පට්ට කට්ටට මේ මගෙන් පුංචිම පුංචි ආදරණීය තෑග්ගක්.... ඔයාල වෙනුවෙන්... ගොඩක් ස්තූතියි Marvel team එකේ හැමෝටම ❤
විශ්වනී

Пікірлер: 104
@babusara1809
@babusara1809 3 сағат бұрын
පිරිමියෙක් වෙලත් ඒක දැකල මගේ පන ගියා, ලක්ශපාන ඇල්ලෙන් බිමට පැන්න එක. ඉතාම නිර්භීත තරුණියක් ජය වේවා !
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u Күн бұрын
මන් සරන්නාගේ වීඩියෝ එකත් බලලා ඔයාගේ විඩියො එකත් බලන්න ආසාවෙන් හිටියෙ❤
@amilapremanath
@amilapremanath 4 күн бұрын
දිය ඇල්ලක් ඈත ඉදන් බලනකොට ලස්සනයි...... දිය ඇල්ලක් පටන්ගන්න,පහලට වැටෙන තැනට ගියාම තවත් ලස්සනයි.... දිය ඇල්ල වැටෙන තැන පහලට ගියාම ගොඩාක් ලස්සනයි...... දිය ඇල්ල වතුරත් එක්ක....... ඒ පිනි කැට අස්සෙන්..... සීතල අස්සෙන්..... පාවෙවී පහලට වැටෙන එක මාරම ලස්සනයි..... ජයවේවා රකිමින් විදින්න විදිමින් නිවෙන්න නිවෙමින් ඉගිලෙන්න... 🌲🌱☘️🍀
@anjaleeprabodha940
@anjaleeprabodha940 3 күн бұрын
මං සරන්නාගේ මේ වීඩියෝ එක බලලා මේක බලන මම😊❤ 5:40
@user-rt9vs4lp4o
@user-rt9vs4lp4o Күн бұрын
Sirvtm😂❤
@madusilva1021
@madusilva1021 2 күн бұрын
හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක් 💚
@Suddi-1015
@Suddi-1015 4 күн бұрын
අනෙ හරි ලස්සනයි අක්කි ඔයා🥺❤️පුදුම තරම් ජීවිතේ විඳින්න වාසනාවක් තියන කෙල්ලෙක් ඔයා❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 күн бұрын
Wow super sonic awesome fantastic Amazing vlog Thank U so much Dear 👌👍🤩🤗
@kushanijayasinghe3757
@kushanijayasinghe3757 4 күн бұрын
ඒක සුපිරියක් හොදේ❤❤❤❤
@SandayaGamachchi
@SandayaGamachchi 3 күн бұрын
නිර්භීත කෙල්ලෙක් ඔයා.බුදු සරනයි ඔයාට
@dulzvaz
@dulzvaz 2 күн бұрын
Mh brave girl🥺❤️ අද තමයි හරියටම fly කරේ😻
@user-hd2vq1dd6f
@user-hd2vq1dd6f Күн бұрын
බුදුසරනයි දුව ❤❤
@anurathennakon6246
@anurathennakon6246 3 күн бұрын
❤💖අම්මෝ ඒක නම් මාරම අත්දැකීමක් මමත් ආසයි මේ වගේ වැඩ වලට..❤ මේ දුවට නම් කිසිම බයක් නැතුව පැන්න ඒ කියන්නේ ආත්ම විශ්වාසය. ❤ සැමට සුභ පැතුම්.. බුදු සරණයි 🌹❤️
@chandanaliyanage6656
@chandanaliyanage6656 2 күн бұрын
Wonder Girl.... Appreciate your courage.. 👍👍👍
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 4 күн бұрын
අනේ පලවෙනි කමෙන් එක මගෙන් මත් ඇවිත් තියනවා ඔතනට කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි මගේ නෑයෝ ඉන්නවා ඔහේ
@thyaga_N_thilan
@thyaga_N_thilan 3 күн бұрын
Apit yanna barid
@padmamalani6352
@padmamalani6352 3 күн бұрын
පරිස්සමින් ජයවේවා.❤❤❤👍👍
@madumaliwijesinghe9088
@madumaliwijesinghe9088 4 күн бұрын
හරිම ලස්සනයි නංගි බබා ❤️♥️පරිස්සමින් ආදරෙයි ❤️
@remonaelders8997
@remonaelders8997 3 күн бұрын
You are Excellent, keep it up, may god keep you safe
@Yashini_Wijesinghe22
@Yashini_Wijesinghe22 3 күн бұрын
Flying me ම තමයි ...😁❤️
@kaminidesilva705
@kaminidesilva705 Күн бұрын
I am so happy for you and all the boys and girls, too. Enjoy your life when you are physically fit. ❤❤
@dayanandaimbulaani3313
@dayanandaimbulaani3313 3 күн бұрын
හරිම වටිනවා මේ වැඩසටහන. ඉදිරිපත් කරන ඔබ ඉතා ලස්සන ට කතා කරනවා. පනින කණ්ඩායමත් හරිම ශක්තිමත්. කැමරාගුණයත් ඉතා ඉහලයි. මගේ උණුසුම් සුබ පැතුම් ! ❤❤❤❤❤❤හැබැයි එක ම දෙයක් අනාගත යේ සිදුවේවි. ඔබතුමන්ලාගේ කණ්ඩායම ඒකටත් වැඩපිළිවෙලක් මේ මාධ්‍ය ඔස්සේ ම කලින් කලට ඉදිරිපත් කෙරුවොත් අනාගත යටත් මේ පරිසරය මේ විධියට ම තියෙයි නේද ? ඔබ සියළුම දෙනා ටම සුබපැතුම්! දයානන්ද ඉඹුලානි ( නන්ද ඉඹුලගොඩ )
@dilkikavindya2596
@dilkikavindya2596 3 күн бұрын
Niyamai akkee...😍❤️
@chamtvlanka8367
@chamtvlanka8367 2 күн бұрын
Sister, you are super talented. I watched all your videos since then. I also have a daughter... I sent her your videos to see... A woman is like a flower, the only one who holds the world. She is life. You have given a new meaning to that flower... that this world is always you, with this nature... In addition, woman is the greatest strength in the world. She is the one who can change the world.. I sent her to watch your video so that my daughter can understand that... Women like you are a pride for my mother land.
@kaminidesilva705
@kaminidesilva705 Күн бұрын
If all the women can run the world, there won't be any wars.
@sachithsameera4036
@sachithsameera4036 4 күн бұрын
❤ paressamen oyata thawa dewal karanna shakthiya dhayirya labewa
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 Күн бұрын
නියමයි සහෝදරිය ❤ 🌿
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 3 күн бұрын
හරිම ලස්සනයි 🌷 අම්මා තාත්තා මේක දැක්කද..... එයාලට නම් බය හිතෙන්න ඇති😊
@Hit-View
@Hit-View 3 күн бұрын
හුරතල් මූණු පොඩිත්ත පරෙස්ස්මින් හොදේ....
@isharachamika8628
@isharachamika8628 3 күн бұрын
most awaited video 😍😍Superd😍😍
@Roam_Together
@Roam_Together Күн бұрын
wow eka maruu 🤩
@ranmimadara2412
@ranmimadara2412 4 күн бұрын
සුපිරියි akke❤❤❤
@user-ut9gf8de5o
@user-ut9gf8de5o Күн бұрын
Superb. Sis❤
@Tishimeegaswaththa
@Tishimeegaswaththa 3 күн бұрын
මාරම ලස්සනයි අක්කි 💚💚💚💚💚
@nilminiwijetilake9682
@nilminiwijetilake9682 4 күн бұрын
You are excellent ,you are unique 👍
@nisansalavithanage5945
@nisansalavithanage5945 3 күн бұрын
බුදුසරණයි ❤
@kanthigodage5348
@kanthigodage5348 3 күн бұрын
Amazing 👍👍👍👍
@bhanukanirman2218
@bhanukanirman2218 4 күн бұрын
Good luck
@forza_craft
@forza_craft 4 күн бұрын
ගම 🌿
@ManojiKulasena
@ManojiKulasena 2 күн бұрын
😊
@ShashikalaKavindi-wk9cn
@ShashikalaKavindi-wk9cn 3 күн бұрын
Woww..nice akkiii 😍❤👌
@dilariranasinghe545
@dilariranasinghe545 4 күн бұрын
God bless you duwa ❤❤❤
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 4 күн бұрын
වෙනදා වගේම මායි පැටියයි දෙන්නම හරිම ආසාවෙන් බැලුවේ එයත් දවසක ලස්සනට ජීවිතේ විදින කෙනෙක් වෙයි ❤❤❤ බුදුසරනයි flying me ❤
@SamanPradeepp
@SamanPradeepp 3 күн бұрын
සුපිරියි ❤❤❤
@thilinikosala5170
@thilinikosala5170 2 күн бұрын
❤️👍
@fernandosarath4694
@fernandosarath4694 4 күн бұрын
Niyamai❤❤❤❤ From Italy
@DestinationDiariesSl
@DestinationDiariesSl 4 күн бұрын
Niyamai akke enakal balan hitiye v eka 🥰🥰🥰
@campingwithwife
@campingwithwife 3 күн бұрын
Superb video❤❤❤❤
@maheshika2002
@maheshika2002 4 күн бұрын
Supiri 👌👌
@user-dc5rd2so9y
@user-dc5rd2so9y 3 күн бұрын
Wow❤❤❤
@anusharajangana4138
@anusharajangana4138 3 күн бұрын
සියලු දෙවියන්ගෙ පිහිටයි💗💗💗💗💗💗
@l.s.geekiyanage6266
@l.s.geekiyanage6266 4 күн бұрын
එළ එළ සුපිරි 🔥
@kumuduph883
@kumuduph883 3 күн бұрын
@sarathsen1
@sarathsen1 3 күн бұрын
That’s really great ! Admire your courage with the challenges and enjoying the life , the moment. I like the most are living this moment, letting go and protecting the natural environment. That’s your identity 😊 . Keep going . All the best . ☘️💚
@y.mmadushani6471
@y.mmadushani6471 3 күн бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sanjeewa_Arunasiri
@Sanjeewa_Arunasiri 4 күн бұрын
නියමයි ❤❤❤❤
@lasindusathsara857
@lasindusathsara857 3 күн бұрын
Next vlog හරිත පාරාදීසය😂
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 3 күн бұрын
❤❤❤
@user-fk8zg2zx6u
@user-fk8zg2zx6u 4 күн бұрын
Kohoma hari flay kera neda.....congratulations
@user-sy8hb6db6v
@user-sy8hb6db6v 4 күн бұрын
👍👍
@Transasia925
@Transasia925 3 күн бұрын
Well done ❤❤
@nethmikajayakodi
@nethmikajayakodi 4 күн бұрын
Ammoo...maru❤️💚parissamen akka
@user-ly7lj2ev8u
@user-ly7lj2ev8u 4 күн бұрын
😊😊❤❤
@lankeshwickramarathne
@lankeshwickramarathne 3 күн бұрын
Maru maru 🎉
@PemiduDinakara
@PemiduDinakara 4 күн бұрын
akka 💐
@chathurijayasinghe52
@chathurijayasinghe52 4 күн бұрын
හරිම ලස්සනයි අක්කා පරිස්සමින්❤
@chamaraperera1357
@chamaraperera1357 3 күн бұрын
Ow neda ❤
@TheSolivagant.
@TheSolivagant. 3 күн бұрын
💚
@dineth1024
@dineth1024 3 күн бұрын
👍👍👍🥰
@sanjuvlogs1.01m3
@sanjuvlogs1.01m3 3 күн бұрын
ආදරෙයි අක්කේ ❤❤❤
@sujeewa640
@sujeewa640 3 күн бұрын
Woow😮
@slrapers47
@slrapers47 3 күн бұрын
Hodatm parakkui 💗
@maheshika2002
@maheshika2002 4 күн бұрын
😍😍
@sadram4084
@sadram4084 3 күн бұрын
ජීවිතේ පරෙස්සමින් මගෙ නංගි 🥺🥺🥺🥺🫶🫶🫶🫶❤️
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 3 күн бұрын
❤❤❤❤❤
@ShamaliGunathilaka-id9vk
@ShamaliGunathilaka-id9vk 3 күн бұрын
😮adarei nangiyo kiyanna wachana ne.
@sureshrajapaksha-br1uu
@sureshrajapaksha-br1uu 4 күн бұрын
❤❤🎉🎉
@TravelRonde
@TravelRonde 3 күн бұрын
යන්නම ඕනි ගමනක් 🔥
@yudinolan4415
@yudinolan4415 3 күн бұрын
අම්මෝ එ experience එක. ඒ අතින් ඔයා වසනවන්තයි..👌 👌👌
@mrleshin2900
@mrleshin2900 4 күн бұрын
❤❤
@sadram4084
@sadram4084 3 күн бұрын
Paressaming fling 😊😊😊
@affordbay6700
@affordbay6700 3 күн бұрын
එඩිතර කමට 💪❤
@chathuskiprabartha
@chathuskiprabartha 3 күн бұрын
Oya asa view ekk nuwaea tiyenawa
@Ewww_y
@Ewww_y 3 күн бұрын
😮😮😮😮❤
@anjaleeprabodha940
@anjaleeprabodha940 3 күн бұрын
Akka❤ 0:20
@CharithDilshan-d4c
@CharithDilshan-d4c 4 күн бұрын
Ape patthata awila tiyenne akki ❤
@CharithDilshan-d4c
@CharithDilshan-d4c 4 күн бұрын
❤ akka hamadama oy video danna mn me lagadi balanna patn gatte karna hamadrma පරිස්සමෙන් ❤
@Thushans_Diary
@Thushans_Diary Күн бұрын
Superb💐🤍
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 2 күн бұрын
අනේ ඕව කරන්න එපා දැක්කම ඔයා ගැන බය හිතෙනව අනතුරක් වෙයි කියල😮
@Tharii1599
@Tharii1599 3 күн бұрын
Travel ජෝඩුවගේ video ekath blnn asa hithei 😁
@buddikanuwan9992
@buddikanuwan9992 2 күн бұрын
ඔයත් ගියාද..❤❤❤❤❤
@indikasemasinghe5043
@indikasemasinghe5043 3 күн бұрын
wow very nice.. habai ara efect eka nam aaya daanta epa.. aha kana wenawa.... serious...
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 3 күн бұрын
Parissamin duwa bs ammo dakiddith bayai
@twosisters6984
@twosisters6984 3 күн бұрын
Price kohomd akke
@isharaudayangani4086
@isharaudayangani4086 3 күн бұрын
ekata dakinna mara asawen hitapu dennek
@arunithilakarathna934
@arunithilakarathna934 3 күн бұрын
Mn panna nm camara bima mata klin
@user-de9vo4qx6o
@user-de9vo4qx6o 3 күн бұрын
Okata kiyak witra ynwd akke
@Greenflix1
@Greenflix1 4 күн бұрын
පිස්සුවක් 🌿🥀
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 4 күн бұрын
අපිට නං ලිදට දාන කබයක් ඇති 36000 තවත් ගරානක් 😂😂😂😂😂 අපි ගියා නං අර මිනිහ බුටි කනවා කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ ඉංග්‍රීසි 😠🐂
@dulzvaz
@dulzvaz 2 күн бұрын
Mh brave girl🥺❤️ අද තමයි හරියටම fly කරේ😻
@user-ew6bt1cb8j
@user-ew6bt1cb8j 3 күн бұрын
😍❤
@maliya9402
@maliya9402 3 күн бұрын
@dinujayamethsara24
@dinujayamethsara24 3 күн бұрын
🤍
@anurathennakon6246
@anurathennakon6246 3 күн бұрын
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 11 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,3 МЛН
උමංදාවේ යෝධ නෙළුම් මල්
16:14
වැදුනු ලොකු ගිරවා බේර ගන්න දුන්න ගේම 🇦🇺 | Australia Sinhala vlogs
11:12
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 4,8 М.
මාධවගේ උපන්දිනය | Madhava’s birthday
9:27
Madhava Wijesinghe
Рет қаралды 131 М.
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 11 МЛН