Man Nubemada [මං නුඹෙමද] Official Music Video | Jagath Wickramasinghe ft. Thilina Ruhunage

  Рет қаралды 2,761,050

Voizy Music

Voizy Music

Күн бұрын

🎧Listen/Download: link.airxone.c...
(Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
» Song | Man Numbemada (මං නුඹෙමද)
» Artist | Jagath Wickramasinghe
» Music & Melody | ‪@ThilinaRuhunage‬ [ THILINA R ]
» Lyrics | Rachitha Wakista
» Recorded / Mix & Mastered | Thilina Ruhunage (THILINA R Studio)
» Video | Chathura Rathnayaka & Shenal Maddumage
» Camera | Gayan Shanaka
» Editor | Nishan Buddhika
» Cast | Tharuka Wanniarachchi , Dananjaya Siriwardane , Saheesha Divakara , Dasan Lokuge
» Artworks | MalindaG at Agosto Cinematography 'n Creations
» Thilina Ruhunage Creation & Voizy Music Production 2015
#jagathwickramasinghe #mannubemada #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
✍️ Lyrics Of The Song - Rachitha Wakista ✍️
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවිරුත් තව නෑ
අපි අපේ විතරනම්
අපි අපේ විතරනම්
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any KZbin channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
☛ Spotify - spoti.fi/3mmpk4w
☛ Apple Music - apple.co/3mfKFN7
☛ KZbin - @ThilinaRuhunage
☛ Facebook - / ​
☛ Instagram - / ​
☛ Website - voizymusic.com/​
☛ TikTok - vm.tiktok.com/...
Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 828
@chamilawansappriya659
@chamilawansappriya659 Жыл бұрын
මේ සින්දුව ඇතුලෙ ජීවත්වෙන්නෙ මන්.මගෙ මහත්තය මාව බදිනකොට දරුවට අවුරුදු 8යි.දැන් තව එක්කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ.දෙවිවරු වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නව
@madushani6769
@madushani6769 Жыл бұрын
❤️❤️
@briyanmackgyver3768
@briyanmackgyver3768 Жыл бұрын
Wow❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
ඒක නම් ඇත්ත ❤️‍🔥
@chalaniuresha7841
@chalaniuresha7841 Жыл бұрын
Mawa hasband marry karaddi mage puthata 7.dn ekkenata 1/6.eth Dan eya mata adare na.eyagen labunu daruwata adarei. Eyage ammata adarei. Mn hamadamath vindawana gahaniyak vitharai....
@indikakruppu9023
@indikakruppu9023 Жыл бұрын
❤❤❤❤
@LakinduAdeesh
@LakinduAdeesh 7 ай бұрын
2024 වෙලත් තාම අහනවා❤
@kush5708
@kush5708 4 ай бұрын
මම බැඳලත් නෑ, කෙල්ලෙකුත් නෑ, ඒත් මේක අහනවා, 😂 මේ සින්දුව ඇතුලේ මාරම හිත නිවන ගතියක් තියෙන්නේ.ටකරන් සින්දු වගේ නැති සංගීත රසේ, වොයිස් එක දෙකම මාරම ලස්සනයි ❤️
@SamadhiHeshani
@SamadhiHeshani 4 ай бұрын
Same 🙂💔
@Peter-qq7zk
@Peter-qq7zk 3 ай бұрын
Mn a/l kollek ,same bn 😅
@kusalsenarath7088
@kusalsenarath7088 Ай бұрын
eka aththa math me sinduwata marama asayi lyrics wala marama calm gathiyak danenawa hithata.
@kusalsenarath7088
@kusalsenarath7088 Ай бұрын
මේ වීඩියෝ එක දැක්කම පොඩි සටහනක් දාන්න හිතුනා. හැබියි ඉතින් මේක බලලා ටිපර් වෙන්න නම් එපා . 😂 ටිපර් උනත් ඉතින් මට කරන්න දෙයක් නෑ මොකද මං දැම්මෙ මට හිතුන සහ හැඟුන දේ. පොඩි වෙලාවක් වෙන් කරල මේ දේ කියවන්න. පිරිමි උන අපෙන් පොඩිම පොඩි දේවල් ටිකක් වෙන්න ඕන එයාලට. අපිට පුලුවන් වැඩ ඇරිල ආවට පස්සෙ පොඩි වෙලාවක් වෙන් කරල එයාල එක්ක දවසේ සිදුවුන දේවල් කථා කරන්න ගෙදර වැඩ කරන ගමන්. අනිත් එක තමයි කාන්තාව කියන්නෙම දුක් කන්දරාවක් උහුලගෙන තමන්ගෙ පිරිමියව සතුටෙන් තියන්න උත්සහ ගන්න කෙනෙක්. පිරිමි වෙච්ච මම සහ ඔයාල තමන්ගෙ එකී ගැන හොයල බලන්න ඕන නේද? ඔයාල දන්න දෙයක් තමයි මසකට වරක් කාන්තාවන්ට මුහුණදීමට වන ඔසප් චක්‍රය පිරිමි වෙච්ච උබල එදාට මොකද්ද කරන්නෙ උබලගෙ ආශාවන් ඉටු කරගන්න උබල එදාටත් වද දෙනව නේද අදත් ඕන කියල වැලලෙන්න හදනව නේද එදාට කොන්ඩම් එකක් යූස් කරල හරි උබල උබලගෙ වැඩේ කරගන්නව නේද? අන්න එදාට මෙන්න මේ ටික කරල බලන්න වෙනදාටත් වඩා එයාට ලං වෙලා සිප වැලදගෙන , වෙනදටත් වඩා වැඩි කාලයක් එයා එක්කම ඉන්න... මොකද එයාලට ඒ තත්වයට පත්වෙන්න පිරිමි වෙච්ච අපිත් වග කියන්න ඕන. ඔසප් චක්‍රය කියන්නෙ කෙල්ලෙක් වැඩිවියට පත් වුන දා ඉඳන්ම ඇගේ ගර්භාශය දරු ප්‍රසූතියක් වෙනුවෙන් සූදානම් කරන එක. ඒ දුක ගැහැනියට උරුම වෙලා තියෙන්න ස්වභාවධර්මය විසින්ම. එදා ඉඳන් මසකට වරක් ඒ දෙය සිදුවෙනවා. මධුසමය දවසට පිරිමි ඇදේදි වදදෙන්නෙ නැතුව ( තිරිසනෙක් වෙනේනෙ නැතුව ) එයාල කියන දේටත් පොඩ්ඩක් අවනත වෙන්න ඕන. පිරිමි වෙච්ච අපි තේරුම් ගන්න ඕනි ආදරය සහ විවාහ ජීවිතය කියන්නේම ඕක කරන එකම නෙවෙයි කියල. තව දෙයක් තමයි කන මදයා වගේ බීගෙන ඇවිත් රන්ඩු කරන එක කවරදාකවත් ඒ දේ නම් කරන්න එපා. මොකද බිරිඳ කියන්නෙ නෑදෑ සංහරේම දාල එකම එක පිරිමි ප්‍රාණයක් වෙනුවෙන් තමන්ගෙ ජීවන රටාව වෙනස් කරගෙන ජීවත් වෙන කෙනෙක් . හැබැයි ඉතින් ඒදේට නම් ගැහැනියත් තමන්ගෙ ස්වාමිපුරුෂයට අවනත වෙලා අවංක වෙලා ඉන්න ඕන මේ සමාජය විශම සමාජයක් හැබැයි හොඳට තිබුන සමාජය විශම සමාජයක් බවට පරිවර්ථනය කලේ කව්ද? මං පහල කියපු විදියට පිරිමි වෙච්ච අපෙන් ඉටුවිය යුතු දෙවල් ටික තමන්ගෙ භාර්යාවට කරල බලන්න අනිවාර්යෙන්ම වෙනසක් වෙයි. ඉතින් මේ ටික හවසට බීල ගෙදර යන එවුන්ට බීල යන එක වෙනුවට ඒ දේ නවත්තල කඩල ගොට්ටක් අරන් ගිහින් ඒක ඔයාගෙ බිරිඳට දීල මෙහෙම කියල බලන්න. එක සතියක් මේ දේ හදවතින්ම කරල බලන්න. " ඔයා අද හරිම ලස්සනයි " එහෙම කියල ආදරෙන් කතා කරල සිප වැලද ගන්න... එහෙම කරල බලන්න එයාගෙ රිප්ලයි එක මොකද්ද කියල. ඔයාට අදහන්නත් බැරිවේවි. මේදේ කරල බලල හරිගියොත් තවත් අයට මේ පණිවිඩය පතුරුවන්න... " අපි ආදරයෙන් පුරවමු හැම නිවසක්ම - එතකොට ප්‍රශ්න අඩු වේවි හැම නිවසකම " "අපි ජීවත් වෙන ටික කාලයේ අන් අයට වැඩදායී සහ තමන්ටත් වැඩදායී විදියට ජීවත් වෙමු , නිදහස තිබෙන පොඩිම පොඩි වෙලාවක් හරි අපි අපේ ආදරනීයන්ට වැය කරමු" ජයවේවා ඔයාලට තෙරුවන් සරණයි.
@Peter-qq7zk
@Peter-qq7zk Ай бұрын
@@kusalsenarath7088 atta 👏
@nadeekahashini4231
@nadeekahashini4231 Жыл бұрын
මගෙ මහත්තය මාවයි දුවවයි බාර ගන්නකොට දුවට අවුරුදු 4යි. එයා මටත් වඩා දුවට ආදරෙයි. දුවත් එහෙමයි. මටත් වඩා මහත්තයට ආදරෙයි. දැන් මැරුනත් මට බයක් නැ මගෙ හුස්ම ආරක්ශා කරන්න දෙවි කෙනෙක් අහසින් පොලවට වැඩල ඉන්නේ. තිස්තුන්කෝටියක් දෙවියො මගෙ රත්තරං මහත්තයව ආරක්ශා කරත්වා..
@GurukateGedarSujatha
@GurukateGedarSujatha Жыл бұрын
❤❤❤
@Dilmiamaya678
@Dilmiamaya678 Жыл бұрын
Aniwaren
@waneshadon4276
@waneshadon4276 Жыл бұрын
❤❤❤❤
@SamsungJ-cw1vl
@SamsungJ-cw1vl 10 ай бұрын
සතුටින් ඉන්න ඕනි හැමදාම පරිස්සමෙන්
@chamindaperera7890
@chamindaperera7890 9 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@chinthakapethum8441
@chinthakapethum8441 Жыл бұрын
මම පුතාව.බිරිදව කසාද බදිද්දි පුතා මෙ විඩියො එකෙ ඉන්න දරුවාගෙම ගාන දැන් ලොකු පුතා 7 වසරෙ පොඩි පුතා 1ක වසරේ මෙ සිංදුව ඇතුලේ අපියි ජිවත් වෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ ඉදන් මෙ සිංදුව අහානවා බලනවා එත් අද හිතුනා හිතෙ ඇති දෙ ලියන්න ....ආදරෙයි මගෙ බිරිදට. ලොකු පුතා පොඩි පුතා ඹක්කොටම තාත්තා ❤️
@madushani6769
@madushani6769 Жыл бұрын
❤️❤️
@samantha6964
@samantha6964 Жыл бұрын
Malla a
@lakmalsasantha5465
@lakmalsasantha5465 Жыл бұрын
Mamath ❤️ Favorite
@melanibaduraliya1972
@melanibaduraliya1972 Жыл бұрын
බුදු සරණයි ඒ පව්ලට
@dilaoffical3
@dilaoffical3 Жыл бұрын
ජේසු පිහිටයි❤️
@KanchuBro
@KanchuBro 9 ай бұрын
2024 අහන අය ඉන්නව ද.❤
@S.A.R.N.S
@S.A.R.N.S 7 ай бұрын
🙃🙋
@SamithaBro
@SamithaBro 7 ай бұрын
අනිවාර්යයෙන්
@SamithaBro
@SamithaBro 7 ай бұрын
අනිවාර්යයෙන්
@chitha6018
@chitha6018 7 ай бұрын
මේ ඉන්නො
@diluksha123
@diluksha123 7 ай бұрын
ඉන්නවා බන් ❤
@sudusudu6666
@sudusudu6666 3 жыл бұрын
කෝ බලන්නද jagath වික්‍රමසිංහට ආදරේ අයෙක් මමත් ඔහුගේ රසිකාවිය කි
@shammichamodini9686
@shammichamodini9686 3 жыл бұрын
ජගත් වික්‍රමසිංහයන්ගෙ රසිකාවක් මමත්, ඒ හඬ පුදුම ලස්සනක් තියෙන්නෙ.. මේ සිංදුව ලියලා තියෙන්නෙත් මගේ යාළුවෙක්.. එයාටත් අපි හරිම ආදරෙයි.. මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕනෙ...!!! 🙏💐
@sarangabadhuge7884
@sarangabadhuge7884 Жыл бұрын
Innawooooo
@dude2759
@dude2759 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් රසිකයෙක්
@Damiya635
@Damiya635 Жыл бұрын
මමත් ඔහුට ගොඩක් ආදරෙයි. මගේ හදවතේ ගායකයෙක් ඔහු ❤
@p.5629
@p.5629 3 жыл бұрын
අසරණ ගැහැණිය කට ආදරණීය සැමියෙක් වෙන්න පුළුවන් නම්, චූටි පුතු පැටියෙක් ට හරි දූ පැටියෙක් ට හරි තාත්තෙක් වෙන්න පුළුවන් නම්, ඒ තරම් පිනක් නැතුව ඇති පිරිමියෙක් ට කරගන්න.
@kumudukumudu1960
@kumudukumudu1960 3 жыл бұрын
👍❤️
@Chem_Zzy
@Chem_Zzy 3 жыл бұрын
ඇත්තටම 🤗❤️‍
@niroperera1990
@niroperera1990 3 жыл бұрын
A wagema thama gahaniyakatath a dema karsnna puluwa.
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
එහෙම කරන පිරිමි අද කාලේ නෑ
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
Sacrificed human bean
@kumarasherath3881
@kumarasherath3881 3 ай бұрын
මේ සිංදුව මෙච්චර හිතට වදින්න මේකේ රූප රචනය ‌උපරිමයෙන් දායක වෙලා තියෙනවා. මේ වගේ අගේ කල යුතු නිර්මාණ වලට ලංකාවෙ සම්මාන ලැබෙන් නෑ.
@nipunsuranga1583
@nipunsuranga1583 2 жыл бұрын
සුරූපී බිරිඳ ක් වැන්දබුව ක් කුඩා පුතෙකු පිය සෙනෙහස ආදේශකයක් වන්නට කරන ඉල්ලීම තුළ ඔහු සහ ඇය කරන කැප කිරීම විටෙක දාන පාරමිතාවක් හා සමානය ...
@NadeeshaPeiris-k7g
@NadeeshaPeiris-k7g 8 ай бұрын
2024 තාමත් මේ සින්දුව අහනවා.ඉස්සරහට ත් අහනවා
@86upsmaya
@86upsmaya 3 жыл бұрын
තප්පර ගාණෙන් කඳුළු පැන්නා. සුන්දර සංකල්පනාවක්, ලයාන්විත හඬකින් ගලපලා තියෙනවා.
@olerahomekitchen9566
@olerahomekitchen9566 Жыл бұрын
2023ත් මේ සිංදුව අහනවා.. එතරම් හදවතට සමීප ගීතයක් ❤️❤️❤️🥰🎧
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
අනිවාර්යයෙන්
@Hirun_X
@Hirun_X Жыл бұрын
❤️
@gamingkenzoyt8808
@gamingkenzoyt8808 Жыл бұрын
අනිවා
@isharadushanthi1370
@isharadushanthi1370 Жыл бұрын
❤❤
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 2 жыл бұрын
මං නුබෙමද අහන හිතින් නුබ මගෙමද හිතනවනම් මන් විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම් සඳ අහසට රළු පොළව දුරයි කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවිරුත් තව නෑ අපි අපේ විතරනම් අපි අපේ විතරනම් මං නුබෙමද අහන හිතින් නුබ මගෙමද හිතනවනම් මන් විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම්
@DanukaFerndo
@DanukaFerndo Жыл бұрын
Thx ❤
@malathiewijayananda7100
@malathiewijayananda7100 10 ай бұрын
Superb singing...Nice voice.....Heart touching song.....Like to listen over and over again.❤
@AnnimaliaSL
@AnnimaliaSL 9 ай бұрын
❤❤❤
@k24tv89
@k24tv89 2 ай бұрын
@yohanliyanageofficial2596
@yohanliyanageofficial2596 2 ай бұрын
@@k24tv89 😊
@nilushaweerasinghe7750
@nilushaweerasinghe7750 11 ай бұрын
මගේ පුතාට අප්පච්චි ගේ ආදරේ නැති වෙනකොට එයාට අවුරුදු 4 යි දැන් එයාට අවුරුදු 12 යි තාමත් එයාට අප්පච්චි ගේ ආදරේ නෑ එයා ඉස්සර නම් අප්පච්චි හෙව්වා දැන් එයා ඒකට හුරු වෙලා එයාගේ අම්මයි අප්පච්චි දෙන්නම මම තමයි 😢😢😢😢😢😢
@nadeshanijagoda278
@nadeshanijagoda278 10 ай бұрын
Ane mage puthatat 😢😢😢
@Pasi831
@Pasi831 10 ай бұрын
🥹
@chamindaperera7890
@chamindaperera7890 9 ай бұрын
😢😢😢
@RaveeshaAbesiriwardana-ly8nh
@RaveeshaAbesiriwardana-ly8nh Ай бұрын
Mage daruwatath ehqmai😢
@RelaxMind-n5t
@RelaxMind-n5t 29 күн бұрын
Thaththa wage puthata adare karana kauruth nadda
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ඒ හඬ 💖👌🔥තව අවුරුදු 50 ක් ගියත් සුපිරිම තමයි 🔥😎👍 Superb Song 💖🔥👌
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
THank you so much
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 3 жыл бұрын
💯
@shareemawijesuriya8662
@shareemawijesuriya8662 2 жыл бұрын
Ane ඇත්තෙන්ම ,ඉතාමත්ම මිහිරි ,ලයාන්විත හඬක් ,මගෙත් කැමතිම ගායකයෙක් තමයි. ඔහුගේ ගීත හදවතට ම දැනෙනවා❤❤❤🙏
@bhagyakumari5345
@bhagyakumari5345 2 жыл бұрын
මාත් එකගයි❤️❤️
@JagathChana-uq7wf
@JagathChana-uq7wf 8 ай бұрын
මගේ පන වගේ ආදරෙයි මේ සින්දුවට. මගේ අත්දැකීම් එක්කම මගේ හදවතම මිලක් නියම නොකර සින්නේටම ගත්තා. ඒක දුක මුසු උන මතක ගෙනාවත් ලස්සනම වේදනාවක්.. විඳින්න.. විඳින්න.. ආස හිතෙනවා....
@reshankavinda4241
@reshankavinda4241 Ай бұрын
මේ සින්දුව ඇතුලේ තියෙන සිද්ධිය කොහෙත්ම මට සම්බන්ධ නෑ...ඒත් මේ සින්දුව අහද්දි මගේ අතීතේ උන සිදුවීම් ගොඩක් මතක් වෙනවා...🥹
@chathurangadilshan2441
@chathurangadilshan2441 2 жыл бұрын
2022 වෙලත් තාම අහනවා ❤️🎼 හදවතට දැනෙන්නම සිංදුව කියනවා
@Shanii224
@Shanii224 2 жыл бұрын
අපිත් ♥️
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
2022 November 19 a.m 08.36 👌👌🧡🧡
@kasunemoik2085
@kasunemoik2085 Жыл бұрын
Sirawatama ❤
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
Ow kasun aiye 💛💛💛
@amilarathnayake1788
@amilarathnayake1788 Жыл бұрын
23th ahanawa🙏❤
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 3 жыл бұрын
*දූපතෙන් එහා හිතන උන්ට.... මොලෙන් හදවතට කතා කරන සිංදුවක්.*
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Meh comment eka 👌🏾👌🏾👌🏾🔥
@tharindumalshan4074
@tharindumalshan4074 3 жыл бұрын
හා සර්.😹😹
@mothersirlanka2479
@mothersirlanka2479 3 жыл бұрын
Apita adare karanna kenek na mehema sindu wala giyata
@mihirajmunasinghe7096
@mihirajmunasinghe7096 Жыл бұрын
@@rawana-bk4qq නෑ italy
@Vishva_Viraj
@Vishva_Viraj 2 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ ඇහුව්වෙ🥺❤️ මේවගේ සිංදු ආයෙ එනවනම්❤️
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
වීඩිඕ එක බල බලා සිංදුව ඇහුව්වාම කදුළු පිරුණා ඇස් දෙකට ...ලස්සනයි ජගත් සර්ගේ හඩ සහ පද රචකයත් ...
@exoticcarlovers6820
@exoticcarlovers6820 3 жыл бұрын
2021 අන්තිම වෙලත් තාම අහනවා..... ♥️♥️♥️මේ කාලේ තියෙන ජරා කිසිම අර්ථයක් නැති වැඩකට නැති songs අතරේ මේ song එකනම් ආගමක් 🔱😌😌♥️♥️...
@dpk9795
@dpk9795 2 жыл бұрын
2021 December 31❤️
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 Жыл бұрын
2022 ...මේ ගීතය මුල්කාලයේද මා කුවෙට් දේශයේ අදත් එම රටේ ඉදන් මෙම ගීතය අසනවා ...මාගේ හීන හැබැකරන මේ පිංබිම කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇱🇰🇱🇰💖💖🌹🌷🌷
@samithkahandagama1800
@samithkahandagama1800 2 жыл бұрын
රෑප රචනය අමතක කොට ඇස් පියාගෙන අහද්දී... මං නුඹේමද අහන හිතින් නුඹ මගෙමද හිතනවා නම් මං විතරද අහන මුවින් මගේ විතරද කියනවා නම් සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනවා නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම් සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවුරුත් තව නෑ අපි අපේ විතර නම් අපි අපේ විතර නම් - - - - - - - - - - - මං අයිති ඔයාටද කියලා අහන හිතින්ම, ඔයා හිතන්න මං ඔයාගෙමද කියලා මට ඉන්නෙ ඔයා විතරයිමද කියලා අහන්න කලින්, ඔයාට ඉන්නෙ මං විතරමද කියන්න ගගක් ගලන්නෙ සාගරය බලා - ඒක නියතයක් ඒ නියතය වගේම, මං ඔයාගෙ,ඔයා මගේ,අපි අපේම විතරක් නම් වෙන කාටවත්ම අපි අතරේ ඉඩක් නෑ අහසයි පොලවයි කවදාවත්ම මුණ ගැහෙන් නෑ - ඒක නියතයක් ඒත් ගංඉවුරක එකම පැත්තෙ ඉන්න අපි දෙන්නා පුලුවන් කම තිබිලත් තැන් දෙකක ඉන්නෙ ඇයි කියලා හද අහසෙන් අහනවා? ගගේ වතුර පහලට ගලන්නෙ - ඒක නියතයක් ඒ නියතය වගේම, අපි අපේ විතරක් උනා නම්, අපි ගැන අපි තරම් දන්න වෙන කෙනෙක් තවත් ඉන්න බෑ.. අපි අතරට වෙන කාටවත්ම එන්නත් බෑ..
@amashani
@amashani 3 жыл бұрын
කවදාවත් මැකෙන්නෙ නැති ගීත. ජගත් සර් කියන්නෙ මගෙ ජීවිතේ Inspiration එකක් කිව්වොත් හරි. තිළිණ අයියා කියන්නෙ ගීතයක් , තනුවක් එක්ක මිනිස්සුන්ගෙ හැගීම්වලට කතා කරන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙක්. මේ නිර්මාණ නොකඩවා ම මිනිස්සුන්ගෙ ආදරේ දිනන්නෙ ඒ නිසා 💖💆
@milroybopearachchi3613
@milroybopearachchi3613 Жыл бұрын
Beautiful song and singing
@kithmiganganatha6004
@kithmiganganatha6004 Жыл бұрын
ජගත් වික්‍රමසිංහ කියන්නේ මගේ ආසම ගායකයා .. 2022 වෙලත් තවම අහනවා .. අහන හැම වෙලාවකම කඳුලක් වැටෙන්නේ මොලෙන් හදවතට කතා කරන ලස්සන සින්දුවක් නිසා ..
@metusinhga9481
@metusinhga9481 Жыл бұрын
මෙ සින්දුව විදියට හමොම හිතුවා නම් අද අඩන කාන්තාවො කොයිතරම් අඩුද මෙ ලොකෙ..❤❤❤
@Fashion_2K
@Fashion_2K 18 күн бұрын
කාන්තාවන් අවංකව ආදරේ කරනා නම් විදවන පිරිමිත් අඩුයි මේ ලෝකේ
@nadunnimalsha7407
@nadunnimalsha7407 10 күн бұрын
මේ සින්දුව මම අනිවාරෙන් දවසට එක පාරක් හරි අහනවා.. ඒකට හෙතුව මේ සින්දුවෙන් කියවන දේ වත් මේ සින්දුවේ අර්තයවත් නෙවෙ.. මේ සින්දුව රිලීස් උන කාලෙ දි මට අහම්බෙන් හම්බුනා ලස්සන පුංචි ගෑනු ලමයෙක්.. හැබැයි මට එයා එක්ක ඉන්න හම්බුනේ සතියක් විතර පොඩි කාලයක් විතරයි .. ඒ කාලෙට මන් එයාට ආදරේ කියලත් එයා මට ආදරේයි කියලත් අපි දෙන්නට දෙන්නම දැනන් හිටියා.. හැබැයි කවදාවත් අපිට ලන් වෙන්න ..එකතු වෙන්න බෑ කියලාත් අපි දෙන්නා දැනන් හිටියා.. ඔයාලට හිතෙනව ඇති ඇයි ඒ කියලා .. මොකද ඒ මගෙ තාත්තා ඩ්‍රයිවින් වැඩේ කරන ගෙදර මහත්තයගෙ දුව නිසා.. දැන් අවුරුදු තුනක් ගෙවිලා ගිහින් .. හැබැයි එදයින් පස්සෙ මන් ආයිම එයා දැක්කෙ නැ කවදාවත් .. එයාගෙ නම්බර් එකක්වත් මන් එදා එයාගෙන් ඉල්ල ගත්තේ නැත්‍තෙ මිරිගුවක් පස්සෙ ගිහින් වැඩක් නැති හින්දා .. හැබැයි මන් එදා එන දවසෙ එයා මට එයාගෙ ලේන්සුවක් දුන්නා.. එ ලේන්සුව අදටත් මන් ගාව පරිස්සමින් තියනවා.. මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ අවුරුදු තුනකට කලින් ඒ ගෙවුන ලස්සන සතියක කාලේ.. 🥰❤❤
@ShehaniNavodya-xi6uk
@ShehaniNavodya-xi6uk 10 ай бұрын
සද අහසට රලු පොලව දුරයි කියනවා එක ඉවුරේ දෙතනක ඇයි අහනවා ..❤️‍🩹🥺
@peumaniwijemanna2152
@peumaniwijemanna2152 3 ай бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් .....❤හදවතට දැනෙන ලස්සන කටහඩකට මේ වගේ පද රචනයක් තනුවක් එකතු උනාම හැමදාටම එක වගේ හදවතට දැනෙනවා කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ ❤❤
@la.k.sha.ni.
@la.k.sha.ni. 2 жыл бұрын
මං ගොඩක් ආසාවෙන් අහන සිංදුවක් . ඇත්තටම මෙ සිංදුව මට මගෙ ජීවිතෙ අමතක කරපු අතීතයක් ආයෙ මතක් කරනවා.ඇස් වලට කදුලු එනවා මට මේ සිංදුව අහද්දි.
@kavisadun9498
@kavisadun9498 2 жыл бұрын
ම්ම්ම් අක්කෙ
@thiliniprashadani381
@thiliniprashadani381 11 ай бұрын
මගේ ජීවිතේ මේ සිංදුව වගේ. ඇත්තටම එයා දෙවි කෙනෙක් 🙏
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
වැඩක් නොගත් සුපිරිම හඩක්. සමහර ගීත අහද්දී , හිත නවතිනවා වගේ,...
@suraingamage5770
@suraingamage5770 3 жыл бұрын
Visual එකට lyrics අමතක උනා. ආයිත් අහන්න ඔන.
@anushipurnima296
@anushipurnima296 3 жыл бұрын
ආදරණීය හඩත් ..... ආදරණිය පද රචනාවත් සුන්දරයි. 🙏🙏🙏🙏🙏♥️♥️👍
@indika0052
@indika0052 Жыл бұрын
හරියට හරි ✔✔👌👌🤩
@LaLa-jo2xp
@LaLa-jo2xp 3 жыл бұрын
ඉස්සර ඉඳන් ආස කරපු සින්දුවක්..ආපහු මතක් වෙලා ආව.😍
@CR_FERNANDO
@CR_FERNANDO Жыл бұрын
Masterpiece 🥺❤️ අපිත් හොදටම Emotional වෙනවා ❤️😔
@IsuruDilshan-h3f
@IsuruDilshan-h3f Жыл бұрын
මෙ සිංදුව අව දවසෙ ඉදන් අහනවා. එත් අද තමයි video එක බැලුවේ. සුපිරි ❤❤
@jayasanka-cd9tc
@jayasanka-cd9tc 5 ай бұрын
මාරම ලස්සනක් තියෙන්නෙ ඒ කටහඩ😘🥺
@madoq8434
@madoq8434 3 жыл бұрын
ලස්සනයි එ හඩ .මම හිතුවෙි අලුත් ගයකායේක් කියලා .සිංධුවා අැහුවාට අද තමයි දන්නේ කවුද එ ගායකය කියලා හරිම ලස්සනයි එසිංධුවා
@sampathathula373
@sampathathula373 3 жыл бұрын
මං නුඹෙම ද අහන හිතින්.. නුඹ මගෙම ද හිතනව නම්.. මං විතර ද අහන මුවින්.. මගෙ විතරද කියනව නම්.. සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනව නම්.. මං නුබේ නුබ මගේ.. අපි අපේ විතර නම්... ගොඩාක් ලස්සනයි 😊.. Thank you !!!!! 🙏
@kusalsenarath7088
@kusalsenarath7088 Ай бұрын
😘
@exoticcarlovers6820
@exoticcarlovers6820 3 жыл бұрын
අහන්න අහන්න තව තවත් ආස හිතුන හිතට විතරක් නෙමේ හදවතටම දැනුන පුදුම ලස්සන සින්දුවක්..... ♥️♥️♥️😢😢..
@chanushadinushama5039
@chanushadinushama5039 2 жыл бұрын
ඒක හරී ආදරණීය හැඟීමක් , හැමොටම ගැහැණියක් ඉන්න දරුවෙක් ලඟට ගිය පලියට හැඟීමකින් ජීවත් වෙන්න බැහැ... එතන බැඳීමක් ඇතිවෙන්න ඕනා.... අපි හැමෝම ලෙ මස් ඇට නහර තියෙන මිනිස්සු..... ජීවීතය තෙරුම් ගත්ත මනුස්සයො වෙන්න ඕනා..
@mihirihatharasinghe6335
@mihirihatharasinghe6335 Жыл бұрын
Athta❤
@ananthaamayuru
@ananthaamayuru Жыл бұрын
2023 ටත් අහනවා ඇත්තමයි මෙ සිංදුව පට්ට ලස්සනයි ❤️❤️
@kgachanaka7609
@kgachanaka7609 3 жыл бұрын
භාවනාවක්...❤❤❤❤🎵🎼🎶
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
ආදරණීය ආදරය, කැපකිරීම් , සහ පරිත්‍යාගය . හරිම ලස්සනයි ❤❤
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
පරාර්ථකාමී ගීතයක් ❤
@buddhinibhagya2180
@buddhinibhagya2180 Жыл бұрын
අවුරුදු 2ට පස්සේ මේ සිංදුව අහන මා වාගේ තවත් අය සිටිද?..❤️‍❤️💫
@nklakshan1419
@nklakshan1419 2 жыл бұрын
මතක විදියට 2015 release උනේ , අදටත් මාරම විදියට දැනෙන සිංදුවක්❤
@Dilshansudharaka
@Dilshansudharaka 16 күн бұрын
පිස්සුවෙන් වගේ අහන සින්දු ඇබ්බැහි වෙලා ඉන්නෙ❤🥺
@Fashion_2K
@Fashion_2K 18 күн бұрын
සමහර සින්දු කීප වරක් ඇහැව්වාම ආයේ අහන්න හිතේන්නේ නෑ. එත් මේ සිංදුව අදටත් අහනවා
@forexsinhalatrading
@forexsinhalatrading Жыл бұрын
Mage sandu.. mage manika me හුස්ම පොද ඉවරවෙනකම්ම ආදරෙයි රත්තරන් ...❤❤❤
@hirushasaduranga5199
@hirushasaduranga5199 Ай бұрын
Eyaga magi love ekata hariyatma labana maseta masayai 🥺❤️💗💓💓eyata mama kiwwa meka ahanna kiyala
@rangamadhushan9543
@rangamadhushan9543 2 жыл бұрын
සාගරේ හඩ ඩිගේ මේ ගඟ ගලනවා නම්❤️❤️
@rashmiperera562
@rashmiperera562 20 күн бұрын
සින්දුවයි විශුවල් එකයි දෙකම මාර ලස්සනයි 💖 මං බලපු ලස්සනම විශුවල් එකක්❤
@anuradhaanu20
@anuradhaanu20 3 жыл бұрын
මන් නුඹේ... නුඹ මගේ ... අපි අපේ විතරනම්.... හම්මෝ හදවතට දැනෙන තරම් කියලා වැඩක් නැහැ මම ආසම ගීතයක්
@HelloOfficialYT
@HelloOfficialYT Жыл бұрын
දැන් මේ වීඩියෝ එකේ ඉන්න බබා ලොකු ඇතිනෙ!🤩 හරිම ලස්සන සින්දුවක්!
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මං නුඹෙමද අහන සිතින්..😌
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
නුඹ මගෙමද හිතනවනම්...............
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
@@darshanahettiarachchi1151 😊💜️
@isurudushan680
@isurudushan680 3 жыл бұрын
2021 අහන අය මේ කොනට❤️❤️❤️🎶🎶🎶
@sanjeewadharmasekera4427
@sanjeewadharmasekera4427 Жыл бұрын
Ada 2023 .1.4
@madushani6769
@madushani6769 Жыл бұрын
2023
@thinking.lk_
@thinking.lk_ Жыл бұрын
2023 now ❤️
@user-nileka2006
@user-nileka2006 Жыл бұрын
2023 ❤
@ggg-tc7th
@ggg-tc7th 2 жыл бұрын
Adare hari pudumayi ❤
@umesha_anuradhi
@umesha_anuradhi 9 ай бұрын
ඇත්තටම ඒ වචන හරි ආදරණියයි 😢❤
@ajithfernando9882
@ajithfernando9882 3 жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo 🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤
@sachinisemasinghe9715
@sachinisemasinghe9715 2 ай бұрын
❤❤❤❤❤❤ lassanai 🎉
@mahensrimal
@mahensrimal 19 күн бұрын
මැරෙනකම්ම අහන්න පුලුවන්..❤
@SHANUKA
@SHANUKA 3 жыл бұрын
❤️😍 ඒක තාමත් තියනවා..
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
Thank you 😊
@SiranthiJayamali
@SiranthiJayamali 7 ай бұрын
Lassanai❤❤❤
@sithakamadushan5444
@sithakamadushan5444 7 ай бұрын
ආසම හඩක් ජගත් ❤
@namalpathmakumara2800
@namalpathmakumara2800 Жыл бұрын
අම්මට දරැවට තාත්තෙක්ගෙ අඩුව පුරවන්න බෑ කවදාවත් ...ඒ වගේමයි තාත්තට අම්මෙක්ගෙ අඩු ව පුරවන්නත් බෑ...ඒ දෙන්නගෙම ආදරය රැකවරණය දරැවට ගොඩක් ඕනමයි...❤ඒ නිසානෙ දෙවියො අම්මා තාත්තා කියලා දෙන්නෙක් මේ ලෝකෙට මවලා දීලා තියෙන්නෙ ...තනිවුන දරැවෙකුට ආදරණීය ම මවක් වෙන්න හරි පියෙක් වෙන්න හරි හැකි නම් කියන්න බැරි තරම් පිනක් ලැබේවි.
@kavi8261
@kavi8261 2 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා...🥺❤
@thimiraruhishan5273
@thimiraruhishan5273 2 жыл бұрын
2015 ගියපු සිංදුවක් අදටත් අහනවා❤️
@BathiyaSandaruwan
@BathiyaSandaruwan 3 жыл бұрын
Ahanna deyak ne mewa...hadawathe tiyena sindu me.❤❤
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
Godak sthuthiy ❤️
@Cric_Buz21
@Cric_Buz21 Жыл бұрын
හිතට දැනුනු ලස්සන සින්දුවක් ♥️😍
@MalithDhishan
@MalithDhishan 7 ай бұрын
2024th me sinduva ahanava❤❤
@nadeeshadulanjaneepeiris1881
@nadeeshadulanjaneepeiris1881 Жыл бұрын
2023 වෙලත් තාම අහනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .
@radical1455
@radical1455 3 ай бұрын
තිලින දෙයක් කලෝත් නාඩී තමයි... දෙවි පිහිටයි තිලින,මේ වගේ ගීත මැරෙන්න නොදි යාවත්කාලීන කරනවාට...සහන්ගි හංසන්ජලී වෙනුවෙන් දෙයක් කරන්න..ඔබට පිං...❤❤❤
@frankdimuthu8102
@frankdimuthu8102 Жыл бұрын
අර්ථවත් පද පෙළයි VOZY music එක්කයි Jagath Wikramasinghe ගෙ මියුරු හඬ එකතුවයි සිත සනසන හද නළවන භාවනාවක්"
@KavindyaSathsarani-dx8hm
@KavindyaSathsarani-dx8hm 8 күн бұрын
Mge adare mgema wewa❤
@sadeepal.gunasekare6417
@sadeepal.gunasekare6417 3 жыл бұрын
ආසායී
@wathsalareksni6335
@wathsalareksni6335 3 жыл бұрын
Puduma lassanak thiyenne.
@sachinimadushika7426
@sachinimadushika7426 2 жыл бұрын
සඳ 🌙 🤗🌾•°•°``´ අහසට රලු පොලව දුරයි....😍 කියනවා..😕
@nethunayo189
@nethunayo189 Жыл бұрын
ඇත්තටම හුගක් ආස සින්දුවක්‌ .අර්ථයක් ඇති වටිනා සින්දුවක්... ❤️
@sadu4205
@sadu4205 Жыл бұрын
පන තියෙන තුරා මේ හිතට සදා නුබමයි ඕනේ s💕
@Sayuvlogs681
@Sayuvlogs681 3 ай бұрын
තාමත් අහන සිංදු මතක මතක් කරන සිංදු 😔❤️
@dulanjanilakmali-z7k
@dulanjanilakmali-z7k Жыл бұрын
මෙ සුන්දුව මටම ලියපු එකක් වගේ
@chamilamoramudali7912
@chamilamoramudali7912 3 жыл бұрын
රූප දකින්න කලින් තේරුම දැනුන හදවතට හෙමින් තට්ටු කල සින්දුවක්.කවර් එකක් ආසවට කලා ඒක නිසා
@chathuracr4683
@chathuracr4683 6 ай бұрын
Issara meka ganam gaththe ne eth den mara lassanak me sinduwe penne❤
@kokilaaberathne7934
@kokilaaberathne7934 2 жыл бұрын
Wow!!!!
@Travelwith398
@Travelwith398 2 жыл бұрын
හරිම ලස්සන සින්දුව 💞💖 and nice voice 👍👍👍
@dinuperera537
@dinuperera537 Жыл бұрын
Hari ලස්සනයි voice eka adari ❤❤
@නිමේෂා-ඬ9ල
@නිමේෂා-ඬ9ල 3 жыл бұрын
ලස්සනයි 😘
@ishanjayalath5526
@ishanjayalath5526 3 жыл бұрын
සුපිරිම නිර්මාණයක් සහෝ....
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍
@apsaralakmali8289
@apsaralakmali8289 5 ай бұрын
Ammo A sinduwa nam pissuwak 🥺❤
@Sahil__733
@Sahil__733 10 ай бұрын
සාගරෙ හඩ දිගේ මේ ගග ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපෙ විතරනම් 🥺🫶🏻
@samanthinayana3949
@samanthinayana3949 6 ай бұрын
ජීවිතේ thiyenakalma me sonh eka අහන්න aasaiiii❤❤❤
@sampaththilina9347
@sampaththilina9347 Жыл бұрын
Mage jeewithayata wadaathma match wena song eka greatest
@nillunillu4503
@nillunillu4503 2 жыл бұрын
සිපිරි ගිතයක් 👌 👌👌👌👌👍
@denethrehan6956
@denethrehan6956 8 ай бұрын
මම නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම් ❤
@GimhaniDilrukshi-h4u
@GimhaniDilrukshi-h4u 8 ай бұрын
මේ ගීතය හරි ලස්සන
@msa3964
@msa3964 4 ай бұрын
හදවතෙ සින්දු කියන්නෙ මෙවට ❤
@imeshapiumi8512
@imeshapiumi8512 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 75 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Pemvanthayen -  Visharad Jagath Wickramasinghe |J.S.L
5:10
Jagath Wickramasinghe Official
Рет қаралды 1,3 МЛН
Iwasaida Manda - Athula Adhikari, Samitha Mudunkotuwa
3:54
Plus Lanka
Рет қаралды 2,9 МЛН