Me Gindara (මේ ගින්දර) | SASHIKA & MIYURU | OFFICIAL MUSIC VIDEO

  Рет қаралды 1,507,703

Sashika Nisansala

Sashika Nisansala

Жыл бұрын

Artiste - Sashika Nisansala & Miyuru Somarathne
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage
Music Composed - Gayan Randy
Video Director - Chathura Vimarsha Fernando (Cinepiens Production)
------------------------------------------------------------
Audio Production
Mix & master - Gayan Randy
Violin - Amith G Arachchi
------------------------------------------------------------
Video Production
Written & Directed - Chathura Vimarsha Fernando
Editor & Colorist - Thanushka Kahandawala
Production Manager - Harsha Perera
------------------------------------------------------------
Cast
Manoja Fernando
Thilina De Silva
------------------------------------------------------------
- පද --
මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ...
මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ...
හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ...
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ...//
දළ රළ පෙළ මේ යාමේ
හිත බිඳ යයි මේ ආලේ
මේ ස්නේහෙන් හදවත් බිඳුනා...
තරු කැටයම් ඇති අහසේ
සඳ තනියෙන් ඇයි නාවේ
රෑ අහසින් කඳුලක් නිවුනා...
හිතේ තවත් නෑ
දුකක් දැනුන්නෑ
අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ...
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ...
මට මා නැති වුණ යාමේ
ළඟ උන්නේ ඔබ මාගේ
ඒ මතකය කාලෙන් වැසුනා...
අඟ හිඟකම් පිපුණානේ
ඒ මත දුක රැදුණානේ
විශ්වාසය නුඹගෙන් මිදුණා...
මේ ගින්දර...
-- මනු --
------------------------------------------------------------
Please... Comment, Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...
------------------------------------------------------------
More songs...
* Originals - rb.gy/bdtnfc
* Covers - rb.gy/bg2bm5
* Live Performance (Concerts) - rb.gy/alqkqp
* Maestro Kemadasa songs - rb.gy/lvdko0
* Ma Nowana Mama (මා නොවන මම) - rb.gy/8ndjel
* PEO Ledend - rb.gy/dn4uu5
* Theme songs - rb.gy/e06nmf
* බුදු ගුණ ගී - rb.gy/fpkrhb
* කිතුණු ගී - rb.gy/cyfp0j
------------------------------------------------------------
Connect with me on :
* facebook - / official.sashika.nisan...
* KZbin - / sashikanisansala
* Instagram - / sashika.nisansala
* twitter - / sashikamusic
© Sashika Nisansala 2023

Пікірлер: 2 700
@user-jt5xn3xv1b
@user-jt5xn3xv1b 11 ай бұрын
මං රජයේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයාවක්.ඔහු ඉන්ජිනේරුවරයෙක්.අපි අහඹු සිදුවීමකින් මුණ ගැසුණේ.අපි හදුනගෙන ආදරය කරන්න පටන් අරගෙනත් දැන් ගොඩක් කල් වෙනවා.කොහොමහරි තව මාස 5කින් හෝ 6කින් ඔහු විවාහ වෙනවා ගුරුවරියක් සමග.ඒ විවාහ යෝජනාවකින්.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔහු මගෙන් ඈත් වෙනවා.ඉස්සරවෙලාම එයා තමයි මට ආදරය කරේ.ඊට ගොඩක් පස්සේ තමයි මං එයාට ආදරය කරන්න පටන් ගත්තේ.ඔහුගේ පළමු එකම පෙම්වතිය මම.මගෙත් පළමු එකම පෙම්වතා ඔහු.ඉතිං ඉස්සර හවස් වරු වල රෑට වෙලාවක් කලාවක් නැතුව අපි ඔහේ පැයගනන් කියවනවා.වෙන ආදරකතාවලට වඩා අපේ ආදර කතාව හරිම ලස්සනයි හරිම නිදහස්.එයා කේන්ති ගිහින් කෑගහන කෙනෙක් නෙමෙයි.මමත් එහෙම කෙනෙක් නෙමෙයි.ඉතිං අපි නිදහසේ උපරිමයෙන් වින්දා.එයාට රෑට නිතරම නින්ද යන කෙනෙක් ඉතිං එයා නම් කියන්නේ මගේ කටහඩ ඇහෙනකොටත් එයාට නින්ද යනවා කියලා.කොහොම හරි එයා මට කතා කරපු ලස්සන නම් ටිකට මං තවමත් ආදරෙයි.අපේ තිබුන එකම නොගැලපීම අපට හරස් වුණා.ඒ තමයි එයා බෞද්ධ මං කතෝලික.එයාගේ අම්මා ඒකට කැමති නැහැ.එයා ගොඩාක් අම්මට ආදරය කරන කෙනෙක්.මාත් ඉතිං එයාගේ අම්මට විරුද්ධව වැඩ කරන්න කැමති නැහැ.මොනවා වුණත් මං පිට කෙල්ලෙක් ඒ එයගේ අම්මා.ඉතිං කොහොමහරි අපේ මේ සම්බන්ධය තවමත් අපේ ගෙදරින් දන්නේ නැහැ.මං ඉතිං ඒ ගැන කිව්වෙත් නැහැ කියලා වැඩක් නැති නිසා.දැන් කොහොමහරි අම්මගේ බලකිරීම මත එයා තව මාස 5-6කින් විවාහ වෙනවා.එයා දැන් වැඩිය මට කෝල් කරන්නේ නැහැ.කෝල් කරත් තත්පර ගනණකට සීමා වෙනවා.මං message කරොත් එයා reply කරනවා එච්චරයි.එයාට දුක නිසා වෙන්න ඇති.ඉතිං තවම එයා ඒ ගෑනු ළමයව බලන්න ගියේ නැහැලු.තව එයාගේ අම්මා මේ ලගදි ඒ වෙනුවෙන් බෝධි පූජාවක් තිබ්බා කියලා එයා කිව්වා.ඉතිං කොහොමහරි මට ඒ ගැන මතක් වෙද්දි තවමත් ලොකු කළකිරීමක් මානසික පීඩනයක් දැනෙනවා."හිතේ තවත් නෑ දුකක් දැනුන්නෑ අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ" මේ සිංදුව එයා ආසම සින්දු වලින් එකක්.(ඉතිං එයා ආස සින්දු වලට මේ විදියට comment කරලා මං මගේ දුක තුනී කරගන්නවා) සමහරවිට මේ comment එක දැක්කොත් එයා අදුරගනිවී මං මේ comment එක දැම්මේ කියලා.ඒ තරම් අපි ගොඩක් සමීපයි.අවසානෙදි හරි එයා මගේ වුනොත් කියලා මට තවමත් හිතෙනවා.එයාගේ අම්මත් එක්ක මට මේ ගැන එක වචනයක් කතා කරන්න තිබුණනම්.අම්මගේ හිත රිද්දන්නේ නැතුව මට අපේ ආදරේ ගැන අම්මට කියන්න තිබුනනම් කියලා හිතෙනවා.අවසානෙදි ඔහු මගෙම වෙනවම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගැහැණු ළමයා මං වේවි.ලැබුණත් නොලැබුණත් ඉතිං මං හදවතින්ම ඔහුගේ අනාගතයට සුභ පතනවා.ඉතිං අවසන ඔහුත් නොමැතිව මං සදාකාලිකවම විවාහ නොවී ඉන්න තීරණය කරා ඉතිං අවසානයට බෝධි පූජාව ගැන මෙහෙම ලියන්න හිතුනා. "මවක් ඉල්ලයි ලබා දුන මැන බිරින්දෑවක් ඇගේ පුතුහට........ එකම බෝධියේ දෙපැත්තේ හිද මාද ඉල්ලයි ඇගේ පුතු මට........❤🙂💔😔 මේ සිංදුව මට තරම් දැනුණ වෙන කවුරුත් නැතුව ඇති❤
@dush_rupasinghe
@dush_rupasinghe 11 ай бұрын
😥💔
@paradise-qs5os
@paradise-qs5os 11 ай бұрын
ane😔
@rukshiumeshani8038
@rukshiumeshani8038 4 ай бұрын
Ane ekaa🥺🥺. Kiyawanakotath adenwa🥺
@raveenasewwandi7490
@raveenasewwandi7490 3 ай бұрын
Ane🥺❤️
@user-rg1fm1ex9i
@user-rg1fm1ex9i 3 ай бұрын
අම්මට තාත්තට ආදරේ බව ඇත්ත ඒ උනාට තමං ආදරය කරන කෙනවා තෝරාගැනීම කළයුත්තේ තමන් විසින් මිසක් දෙමාපිය මැදිහත්වීමකින් නෙවෙයි . ඒක දෙමව්පියොත් දැනගන්න ඕනි ... මොකද බඳින්නෙ කොල්ල මිසක් අම්ම නෙවෙයිනේ .ආගම ප්‍රශ්නයක් නං ? අම්ම අකමැති නං කොල්ලට තිබ්බා අම්මගෙන් අහලා ඔයාට කැමති වෙන්න 😂💔රාජ්‍ය විශ්ව විද්‍යාලයක medical faculty student කෙනෙක්ට මේ කියමන කොහොම උචිත වෙයිද දන්නෙ නෑ . හැබැයි කොල්ලා ඔයාට ආදරෙයි කියන කාරණාව විතරක්ම ඇති ඔය දෙන්නට එකට ජීවත් වීමට එනිසා හිත රවට්ටාගැනීමෙන් වළකින්න ❤
@SashikaNisansala
@SashikaNisansala Жыл бұрын
මේ නිර්මාණයට කැමැත්ත දැක්වූ, අදහස් දැක්වූ හැම දෙනාටම බොහොම ස්තුතියි 🙏❤️ ඒක අපිට ගොඩක් වටිනව...❤️
@isurikamadusauni5247
@isurikamadusauni5247 Жыл бұрын
❤️❤️❤️
@kavionline2004
@kavionline2004 Жыл бұрын
❤❤️‍🔥😍
@rukiii3707
@rukiii3707 Жыл бұрын
@udenirasika6658
@udenirasika6658 Жыл бұрын
දවසක ඔයා වගේම මියුරුත් මේ වගේ කාට හරි සංගීතයට අත දෙයි.💕💕💕💕
@sanojikokila9180
@sanojikokila9180 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@dhanukakonara8054
@dhanukakonara8054 Жыл бұрын
මොලේ කලත්තල මරන්නද හදන්නෙ.... 😢 comment එක දාන්නෙ 17 වෙනි වතාවට සින්දුව අහල.... මුලකුරු ගැලපුනේ නැති ආදරයක දණගැහුනු මනුස්සයෙක් විදියට ආයෙමත් මතක වංකගිරියක අතරමං වුනා වගේ දැනුන....❤❤
@user-lh8wy5fx8f
@user-lh8wy5fx8f 4 ай бұрын
අද කැලණි කැම්පස් එකේ තිබුන සරසවි උයනෙදි මේ සින්දුව අහලා මේ සින්දුව හෙව්වා..මාරම විදිහට හිතට දැනෙන සින්දුවක්.I love it❤
@LIB-lifeinbudhdha
@LIB-lifeinbudhdha 4 ай бұрын
කැම්පස් ජිවිතේ කොමද
@miyurusomarathne3599
@miyurusomarathne3599 Жыл бұрын
ජීවිතේ ආසවෙන්ම ආදරෙන්ම කරපු වැඩක් ❤️🙏🙏
@rukiii3707
@rukiii3707 Жыл бұрын
Oya marama lucky ❤
@sajith8563
@sajith8563 Жыл бұрын
ආසයි ඕයි අහන්න ලස්සනයි සුපිරී වැඩේ❤❤
@isurujayakodi5430
@isurujayakodi5430 Жыл бұрын
ජයෙන් ජය ❤❤
@ransi7620
@ransi7620 Жыл бұрын
All the very best .Beautiful masterpiece and soulful music❤
@rashanihasanthika6214
@rashanihasanthika6214 Жыл бұрын
most awaited moment 🥰🥰
@MANURANGA
@MANURANGA Жыл бұрын
චන්ද්‍රා පායන්න ගීතය shashika අක්කට ලිව්වට පස්සේ ,ආයෙත් වැඩක් කරන්න අපි කතා කර ගත්තත් ඒක හැමදාම පස්සට ගියා. හැබැයි,පරක්කු වෙලා හරි "මේ ගින්දර" එළියට ආවා. තනියමත් නෙමෙයි ,shashika අක්කගේ voice කණ්ඩායමේ සුපිරිම හඬක් හිමි මියුරු සෝමරත්න සමගින් . තනුව දිනේෂ් ගමගේ/සංගීතය gayan randy පද රචනය මගේන් 🙏❤️
@asankasampath6125
@asankasampath6125 Жыл бұрын
❤️
@himashisanjana3063
@himashisanjana3063 Жыл бұрын
සෂිකා & දිනේෂ් ගමගේ duet එකක් කරානේද ඒකත් ඉක්මනින් ඕනෙ❤️😶
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අපි ශෂිකා මිස් සිංදුවක් රිලීස් කරන කම් බලාගෙන හිටියා
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
❤️❤️❤️
@dinithihashari8538
@dinithihashari8538 Жыл бұрын
️🌎❤️
@tharushikamaduwanthi7201
@tharushikamaduwanthi7201 11 ай бұрын
රුහුණෙ තිබුණ " සරසවි උයන " වැඩසටහනෙන් පස්සෙ මේ සිංදුව හෙව්වෙ.. මාරම ලස්සනයි . මියුරු අයියගෙ වොයිස් එක..❤ ශෂික අක්කෙ ඔයාගෙ වොයිස් එක, නිහතමානීකම ..❤. සුබපැතුම් ඔයාල දෙන්නටම ...❤😍
@ravishannilaweera3730
@ravishannilaweera3730 11 ай бұрын
Mmth me aphu ewith balala ynna awe
@priyangipriyangi2885
@priyangipriyangi2885 9 ай бұрын
ලංකාවේ ඉන්න සංවර නිහතමානී ගායිකාව❤
@skandubodaarachchi2852
@skandubodaarachchi2852 9 ай бұрын
😮😅
@shashisomarathna
@shashisomarathna Жыл бұрын
මගේ ජීවිතේ ආසම කරන කටහඬවල් දෙකක් ❤ ඒ blend එක කියන්න බැරිතරම් ලස්සනයි.ජයම වේවා පොඩි අයියේ.මේ වැඩේ ලංකාවේ උසම තැනකින් අනිවාරෙන් නවතී.🥰
@dm8627
@dm8627 Жыл бұрын
Oyat me wage lassana niramana walin dakinn balaporottu wenaw idiriyata❤
@supunkawmini4113
@supunkawmini4113 Жыл бұрын
Hariyma lassanay vayalin vadanaya
@kasunkalhara7314
@kasunkalhara7314 Жыл бұрын
Jaya wewa shashi ❤
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
ඇත්තටම මෙකත් ලස්සන යි.ඒත් දවසක් මම බැලුවා ශෂිකයි ධුමාලුයී ගෙ musical program එකක්. Chanel එක නම් මතක නෑ. සිරස ද කොහෙද. ඇත්තටම ඒ සින්දු remade කලොත් දුමාල් එක්ක හරිම වටිනවා.හරිම ලස්සන ට තියෙයි කියලා හිතෙනවා.ඉතීන් ශෂිකා මහත්මිය ට ආරාධනා කරනවා ඒ වැඩේ ට.
@ruwinithakshila2656
@ruwinithakshila2656 Жыл бұрын
Mallit me wagema nirmana walin ilmanata dakinna labewa.aiyai malliy dennage song ekak awot.😍😘
@AmithGArachchi
@AmithGArachchi Жыл бұрын
ආසාවෙන්ම සම්බන්ද උන වැඩක්❤️🙏 වයලින් සද්දෙ ගැනත් කට්ටිය අදහස් කොටාගනම යමු.....ජය වේවා සියලු දෙනාටම❤
@chalu7764
@chalu7764 Жыл бұрын
පුදුම ලස්සනයි 😌❤
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
හරිම ලස්සනයි..ඔබට ජය..👍
@harshaniroshila3395
@harshaniroshila3395 Жыл бұрын
හරිම ලස්සනයි
@hansijayasinghe4065
@hansijayasinghe4065 Жыл бұрын
♥️♥️♥️good job..♥️
@samsungung2882
@samsungung2882 Жыл бұрын
Congratulations brother❤👍
@umaa1103
@umaa1103 Жыл бұрын
ඇයි මෙච්චර ලස්සන හිතට කතා කරන සින්දු release කරලා මාසයක් ගිහින් වත් 1 milion views නැත්තේ... හරිම ලස්සන සින්දුවක්... සුභ පැතුම් ශෂිකා මිස් සහ මියුරු... ❤
@wijamunigeyashodha45
@wijamunigeyashodha45 Жыл бұрын
අනේ ඔව් නේද.😔😔
@dinushawijayrathne3867
@dinushawijayrathne3867 11 ай бұрын
Aththamai eken penne minissunge rashchnathawaya thiyana thana neweida?😢
@cinepiensofficial
@cinepiensofficial Жыл бұрын
ශශික අක්කා වගේම මියුරුටත් බොහොම ස්තූතියි අපිව විශ්වාස කරලා Video Production එක අපිට බාරදුන්නට. හරිම ආසාවෙන් වගේම නිදහසේ කරපු ලස්සන වැඩක්. මියුරු වගේ දක්ෂයෙක් එක්ක වගේම ශශික අක්ක වගේ ක්‍රේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම සතුටක් ❤ වීඩියෝ එක ගැන ඔයාලගෙ අදහස් අපිට කියන්න. 😊🤗
@lahiruranasinghe445
@lahiruranasinghe445 Жыл бұрын
සියුම් හැඩතල එක්ක.. සරල, ගැඹුරු, සාර්ථක, නිර්මාණශීලී video එකක් ❤💐
@cinepiensofficial
@cinepiensofficial Жыл бұрын
​@@lahiruranasinghe445 බොහොම ස්තූතියි. ❤
@87sfdo
@87sfdo Жыл бұрын
👍👍🙂🙂 💛💛💛🧡🧡🧡💛💛💛
@SNFC669
@SNFC669 Жыл бұрын
meke behind the seence nadda😊😊
@rukiii3707
@rukiii3707 Жыл бұрын
@@lahiruranasinghe445 Ane oyata puluwan da vdo eka explain karanna Mata nam aththatama therune na
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa Жыл бұрын
Harima lassanai❤️😘
@perfectlife2676
@perfectlife2676 Жыл бұрын
Ane oba thumiya kochara nihathamani kenekda...❤❤
@gayanrandy
@gayanrandy Жыл бұрын
මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණු ලස්සන ගීතයක් හැමෝම අහල බලලා අදහස් දක්වන්න ස්තුතියි .❤🌹🙏
@BlueSky-kh1ng
@BlueSky-kh1ng Жыл бұрын
👍
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
Superb ❤️‍🔥
@uditharupasinghastudionash
@uditharupasinghastudionash Жыл бұрын
@rukiii3707
@rukiii3707 Жыл бұрын
Good job ❤️
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
ගීතයේ අර්තය තේරුනත් visual eka තේරුම් ගන්න try කරන මම.....පිස්සුවක් තනිකරම...පපුව කීරි ගැහිලා යනවා වචන වලට....පට්ට නිර්මානයක්.❤
@mandakini6503
@mandakini6503 Жыл бұрын
ඇත්තටම හදවතින් හිනාවෙන නිහතමානී ගායිකාවක් 🤭 ඒ වගේම හිත නිවන කටහඬක් 😇😍 එක පාරක් අහලා ඉවර කරන්න හිතෙන්නේ නැති තරමට ගීතය ලස්සනයි ..සුබ පැතුම් 💐❤️
@erangamadhushan19
@erangamadhushan19 Жыл бұрын
ශෂිකා නිසන්සලා කියන්නේ අපේ කාලේ අත්දැකීම් බහුල ගායිකාවක් 👍♥️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
ලස්සනයි ගීතය.. වයලීන ඒකල වැයුම් අපූරුයි.. වීඩියෝවත් සිත් ගත්තා.. ආදරණීය සශිකා නැගණිය දක්ෂ ගායන ශිල්පියෙක් වන මියුරුට මේ ලබාදුන් ආශිර්වාදය හදවතින්ම වැළඳගමි..❤ එයයි විය යුත්තෙ.. ඒ සංවේදී කම සෙසු රියැලිටි වැඩසටහන් වල නියමුවන් වෙත පහළ වේවායි කියාද පතමි.. ගීතය ලියූ මනුරංගට තනු හැදූ දිනේෂ්ට වගේම වාදනයෙන් දායක වූ රංගනයෙන් දායක වුනු පිරිස ඇතුළුව දායක හැමට හදවතින්ම සුබ පතමි ❤
@MANURANGA
@MANURANGA Жыл бұрын
🙏ස්තුතියි අයියේ
@yashwinahasaldissanayaka5998
@yashwinahasaldissanayaka5998 Жыл бұрын
හදවතින්ම මේ නිර්මාණය සදහා දායකවුනු සියල්ලන්ටම ස්තූතිය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ .දර්ශන අය්යේ නොකිලිටි හදවතින්ම සුභපැතුම් එක්කල ඔයාට🎉❤❤❤❤❤❤❤
@87sfdo
@87sfdo Жыл бұрын
👍🙂 🧡💛🧡
@nadushkaruwan5753
@nadushkaruwan5753 10 ай бұрын
Aiyage nihathamani kama gena harima sathutui
@danojdanisius7110
@danojdanisius7110 Жыл бұрын
අපේ රටේ තව ඉස්සරහට ගොඩක් දක්ශ ගායිකාවන් බිහිවෙයි නමුත් සශිකා මිනිසුන්ගෙන් ලබන ආදරය ගෞරවය ජනප්‍රියත්වයට සම වෙන්න කිසිම කෙනෙක්ට බෑ❤සශිකා කියන්නේ Brand එකක්👍👍👍
@asankasampath6125
@asankasampath6125 Жыл бұрын
Aniwa😍
@ayeshasammani6754
@ayeshasammani6754 Жыл бұрын
Aniwaryenma
@rukiii3707
@rukiii3707 Жыл бұрын
Eka wenama adarayak
@s.dahanayake3959
@s.dahanayake3959 Жыл бұрын
ඒ නිහතමානීකම😇🥺🥹❤
@SNFC669
@SNFC669 Жыл бұрын
❤❤❤❤
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 Жыл бұрын
ශෂිකාගෙ voice එකට කොහොමටත් ගොඩක් ආසයි ❤️ .. මියුරු දැක්කම පුදුම හිතුණා.. මොනතරම් හැඩ ගීතයක්ද ❤❤ අපූරු හඬ ගැළපුමක්
@senirujayasundara5577
@senirujayasundara5577 Жыл бұрын
හදවතටම දැනෙන lyrics + melody + vocals එක්ක 100% ක්ම අර්තවත් රූප රචනය!!❤️ කවුරුහරි Perfect සින්දුවක් කියන්න කිව්වොත් මේක පෙන්නන්න!!❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
වන්දා පායන්න සිංදුවට වගේ ම මේ ලස්සන සිංදුවටත් පේක්ෂකයන්ගේ හොද පතිවාර ලැබේවා . හැම සිංවකින්ම වගේ ම මේ සිංදුව 01 බවට පත්වේවායි මම පාර්තනා කරනවා
@pawaniamasha5566
@pawaniamasha5566 Жыл бұрын
දන්නවද ඔය ඇස් වුණා මට කවියක් සැනසුනා ඉන් හොරෙන් පොඩි වෙච්ච මනසක් ඇස් අස්සේ හිර වෙච්ච දුක් කදුළු අහුරක් නිවන්නට මට ඉතින් ඇත කදුලු ඔරුවක්.. ඔය පපුවේ සෙනෙහසේ ගැඹුර මම දන්නවා ඒත් ඒ ආදරේ අහිමි දුක දැනෙනවා කප්පරක් හීන නම් හිතේ මග බලනවා සත්තමයි සසරේම මන් නුඹ ව පතනවා මන් කියන දේ නුබට දැනෙන වග දන්නවා නොදැනුනා සේ ඉන්න නුබ හොදට දන්නවා ඔය පපුවේ හිස හොවන් සැනසෙන්න පතනවා හදවතේ නුබ ඉන්න තැන තාම හොයනවා....
@senuuri_N
@senuuri_N Жыл бұрын
" හිතේ තවත් නැ.. දුකක් දැනුන්නෑ.. අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන්නෑ... " i felt it 💔
@samanthiwijerathna1687
@samanthiwijerathna1687 Жыл бұрын
Magnay.amma.deviyo.dunna.giftekak.oya.hanfa.oyata
@bonyranga2961
@bonyranga2961 10 ай бұрын
@mallikaabeykoon7024
@mallikaabeykoon7024 10 ай бұрын
හදවතට දැනෙන ලස්සන වචන. හිත නිවත හැගූමි බර කටහඞ ශෂිකාගේ පරිනත හඩට ඔහුගේ හඩ දෙවියන් දුන් ආශිර්වාදයක් වගේ දෙදෙනාටම සුභ පැතුමි
@krishanishashikala8152
@krishanishashikala8152 Жыл бұрын
අනේ මාරම ලස්සන සිංදුවක්,හදවතටම දැනෙන වචන කටහඩ සංගීතය රෑප රචනය ❤ ඇත්තටම භාවනාවක් ☺️ සිංදුව දවසට 10පාරකට වැඩිය අහනවා ,ඒ හැම වේලාවෙිම පපුව රිදෙනවා ,ඒ තරම් 🔥🔥
@SheronSilva.
@SheronSilva. Жыл бұрын
කියන්න වචන නෑ coach ❤️ “The Voice”වේදිකාවෙන් පටන් ගත්ත ලස්සනම combination එකක් මෙච්චර සාර්ථකත්වයකට ආපු එකටම ගොඩාක් සතුටුයි. ඔබ තුමියගේ මග පෙන්වීම තවමත් ලැබීමම මට ලොකු භාග්‍යයක්. තව තවත් මේ වගේම සාර්ථක ගීත නිර්මානය කරන්න ඔබ දෙපලටම ධෛර්යය ලැබේවා !!!❤️
@kavionline2004
@kavionline2004 Жыл бұрын
❤❤️‍🔥😍
@rukiii3707
@rukiii3707 Жыл бұрын
ඔයා එක්ක වෙනස්ම song එකක් කරයි coach.finalist ඔයානේ❤
@perfectlife2676
@perfectlife2676 Жыл бұрын
Oyath ekkath lokuma wenas deyak karai kiyala balan innawa api... Good luck Sheron..n
@danojdanisius7110
@danojdanisius7110 Жыл бұрын
Final එකේදී මේ song එක ඔයාගෙනුයි කෝච් සශිකාගෙනුයි අහන්න අපි බලන් ඉන්නවා
@asankasampath6125
@asankasampath6125 Жыл бұрын
Oyath me wage lassana song ekak coach ekka karann😍😘
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 Жыл бұрын
මියුරු ගායනාවන් දෙකක් එකතු වීමෙන් සවනට අමෘතයක් නිර්මානය වී ඇත.❤❤❤
@nimeshagimz4908
@nimeshagimz4908 Жыл бұрын
චූටි කාලෙ ඉඳන්ම මං ආසම female singer ❤ මියුරුටත් කැමති voice blind odition ඉඳන්ම ❤ Great work 🔥
@uresharavihari3083
@uresharavihari3083 Жыл бұрын
හරිම ලස්සනයි ගීතය ... සශිකා නංගී ඔයාටත්, මියුරුටත් සුබ පතනවා...❤️❤️
@ranjithdesilva1930
@ranjithdesilva1930 Жыл бұрын
විශිෂ්ඨ ගායිකාවක් තවත් එවැන්නියක අගය කිරීමක් ඉතා නිහිතමානී කමක්
@g.kalpana4696
@g.kalpana4696 Жыл бұрын
ශෂිකා - මියුරු සුසංයෝගයෙන් බිහිවෙන ගීයක් හැමදාම ක් වගේ බලන් හිටියා... ගොඩක් ගොඩක් පිං...❤
@chamara-amarasinghe
@chamara-amarasinghe Жыл бұрын
මියුරු කියන්නෙ ලංකාවේ ඉන්න සුපිරිම ගායකයෙක් ❤🖤 Act එකත් සුපිරි 😍
@Deshaa_R
@Deshaa_R 10 ай бұрын
මට තාම මේ රූප රචනයේ තේරුම හරියටම හිතා ගන්න බෑනේ,සිංදුව නම් පට්ටම ලස්සනයි ,congratulations sashika mis for 1 Million views ❤❤❤
@user-vk8kb5ke6i
@user-vk8kb5ke6i 8 ай бұрын
eka sinduwata gelapenne ne
@lahirudilshan6177
@lahirudilshan6177 7 ай бұрын
Ow meka galapenne na kyla thama matath hithenne
@Noname-pv3xv
@Noname-pv3xv 6 ай бұрын
වීඩියෝ එක ගැන කෙටියෙන්ම කිව්වොත් මෙහෙමයි. යාලුවො දෙන්න එක කෙල්ලට ට්‍රයි කරල.එකෙක් ඒක කෙලින් කියන්නැතුව හන්ගන් ඉන්නේ ඌ කැමති කියල යාලුව දන්නෙත් නෑ.අනිත් එකා කෙල්ලව සෙට් කර ගත්තා ඒත් හිත ඇතුලෙන් කෙල්ලත් අරූට කැමතියි.ඒත් අරූගෙ යාලුව උගෙ හැගීම කියන්නෙ නැතුව හන්ගන් ඉදල දැන් පසුතැවෙනවා
@nimaasewwandi1869
@nimaasewwandi1869 4 ай бұрын
කැලණියේ සරසවි උයනෙදි ඇහුන ඒ සිංදුව ආයෙ ආයෙම අහන්න හිතුණා... ඒ තරම් හිතට දැනුනා..♥
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 4 ай бұрын
Ou🥺❤️❤️
@LIB-lifeinbudhdha
@LIB-lifeinbudhdha 4 ай бұрын
කැම්පස් ජිවිතේ කොමද
@rajithgimhan1788
@rajithgimhan1788 Жыл бұрын
චාමර වීරසිංහගෙන් පස්සේ ශෂිකාට ගැලපෙනම වොයිස් එක ඇහුවේ අද....💖💖 මියුරු වැඩ්ඩෙක්.....තමන්ගේ වොයිස් එකෙන් මිනිස්සුන්ව අඬවන්න පුලුවන් පොරක්...👌💖💖
@nirupamawijayasundara7925
@nirupamawijayasundara7925 Жыл бұрын
මේ කදුලැලි ඒ හිතමත නෑ තව තිබුණේ මේ අතුමත නෑ සුන්දර මල් තව පිපුනේ හිතේ තරම් නෑ වින්ද තැනක් ඈ මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑ සියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑ ඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ... මා මෘදුකල නුඹෙ ආලේ අද බිදයයි මේ තාලේ ඒ ගින්නෙන් හදවත දැවුනා... තනි තරුවක් ඇති අහසේ තනි මැකුමට ඇයි ආවේ පිනි වැස්සෙන් අහසම තෙමුණා... හිතේ තරම් නෑ වින්ද තැනක් ඈ... මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑ සියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑ ඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ... පසළොස්වක සද යාමේ නුඹ උන්නේ නෙතු මානේ ඒ උණුහුම හදවත රැදුණා.... තරු මල් පෙති වැටුනානේ සද කෙමි දිය සැලුනානේ හිත් අහසම කළුවර වූවා.... හිතේ තරම් නෑ වින්ද තැනක් ඈ... මගේ අතින් ලියු ආදර කවියේ පදවැල් ගැළපුන් නෑ සියුම් මලින් පිරි හිත් මානේ නුඹේ දසුන් නෑ ඉතින් තවත් දුර මේ වාගේ ගිහින් පලක් නෑ... ✍️නිරූ❤
@Samarasiri_Widanage
@Samarasiri_Widanage Жыл бұрын
මේක ලියල තියෙනව වෙනස් නේද කියන එකට වැඩිය "ඉතින් තවත් අපි සංසාරෙ ගිහින් පලක් නෑ"
@L.S.Perera
@L.S.Perera 10 ай бұрын
මාස ගානකට කලින් අඩ අඩ අහපු සින්දුවක් 😥 අද අහන්න හිතුනා.අද වෙද්දි නොගැලපෙන කෙනා ඈත් වෙලා හරි කෙනා ලැබුනා😘 හිතින් අපි ගොඩක් ආදරේ කලා දැන් අපි අපේම වෙලා♥️
@gd23ful
@gd23ful Жыл бұрын
මියුරු!...හරිම මියුරුයි! ශෂිකා!....සැමදාම වගේ විශිෂ්ඨයි.. වයලීනය 🎻 ගින්දර! දිනේශ් ගමගේ....අනාගතය සුභයි! මනුරංග ! තවත් හිට් එකක්!
@imeshathathsaraniofficial
@imeshathathsaraniofficial Жыл бұрын
මම ගොඩක්ම ආදරේ කරන හඬවල් දෙක..🥺❤️ හරිම ලස්සනයි Coach , මියුරු අයියේ ❤️🥺
@gaganatharuki850
@gaganatharuki850 Жыл бұрын
ශශිකා නිසන්සලා කියන්නෙ මගේ ආසම ගායිකාව මට තවම අවුරුදු 20 යි ඒත් මන් ආසම එකම ගායිකාව.ඒ ආදරණීය හඩට නිහතමානිකමට හැමදාමත් ආදරෙයි🥰 හරිම ලස්සන නිර්මාණයක්.ජයවේවා දෙන්නටම 🌟🥰
@SNFC669
@SNFC669 Жыл бұрын
Mata wayasa 17 mama eyage die hard fan kenek❤❤❤
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 Жыл бұрын
ලස්සන 🥺❤
@vishmimaduushi4947
@vishmimaduushi4947 Жыл бұрын
හානේ දිගැසි අක්කා...❤😊
@punarawarthanaproductions7092
@punarawarthanaproductions7092 Жыл бұрын
ශසිකා අක්කා ලංකාවෙ ඉන්න මුල ශක්තිමත් ගායිකාවක්, කවදාවත් ඉදිරිලා වැටෙන් නෑ, ඒ වගේ ඇගෙන් පෝෂණය වෙන සංංගීත නිම්නය තෙරක් නෑ, හරිම පලබරයි, මියුරු කියන්නෙ මේ දැවැන්ත වෘක්ෂයේ ආභාසයෙන් ගොඩනැගෙන පදනම ශක්තිමත් කරගන්න නවකයෙක්, මේ නිර්මාණය ශසී අක්කට තව තවත් මේ කලා නිම්නය පෝෂණය කරමින් අපේ රසික හිතට සිහිලසක් ගේන්නටත් හැකි උනා වගේම මියුරු සහෝදරයාගේ අධි භාවත්මක හඩ පෞරුෂය පුදුමාකාර ජීවයක් මේ ගීතයට එක් කලා, අති විශිෂ්ඨ ප්‍රබුද්ධ කලා නිර්මාණයක්. ඔබ දෙපලට සුබ පැතුම්.❤️
@maheshikapiyumali-lr8bj
@maheshikapiyumali-lr8bj Жыл бұрын
හිත් වලට දැනෙන්න, හිත් වලට කතා කරන්න හැමෝටම බෑ.... හිත් වලට කතා කරන කටහඩවල් එකතු වුනාම එක ආය ආය අහන්න තරම් අපිව බැදෙනවා..... දැනුන කටහඬවල් දෙකක් එක්ක වෙනස්ම රහක්.... දක්ෂයෙක් බිහි කරවු විශිෂ්ඨ පුහුණුකාරියක්.......
@ama5557
@ama5557 Жыл бұрын
ශෂිකට ගැලපෙනම කටහඬ මියුරු ❤ කටහඬවල් දෙකම හිත නිවනවා❤❤❤❤
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 Жыл бұрын
Miyuru sangeeth kiyanne meyada
@ama5557
@ama5557 Жыл бұрын
මෙයාගේ නම මියුරු සෝමරත්න. Voice 1st season එකේ coach ශෂිකගේ team finalist
@SuperAdker
@SuperAdker Жыл бұрын
ගැලපෙනම කටහඬ මට නම් හිතෙන්නෙ අමරසිරි පීරිස්
@harshanikumarasinghe8911
@harshanikumarasinghe8911 Жыл бұрын
Math ekamai kiwwe....haarima lassanai..
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
@@SuperAdker dumal warnakulasooriyaget match wenw
@manasichathurya1537
@manasichathurya1537 Жыл бұрын
දවසකට හරි මං මේක Trending 1 වෙනවනං ආසයි🥺 ඊයෙ දවසෙම(04/03) විටින් විට බැලුවෙ Trending 6 වල ඉඳල එකක් හරි උඩට ඇවිත් ද කියල 🥺 අද (04/04) උදේ බලද්දි Trending 04 තිබ්බම මාර සතුටක් දැනුනෙ🥺
@roshan9126
@roshan9126 Жыл бұрын
ඉතින් තවත් අපි සන්සාරේ ගිහින් පලක් නෑ ! කෝච්, මාව knock out කරපු මියුරු මල්ලි ඇතුළු නිර්මාණයට දායක වුණු ඔක්කොටම ගෞරවාදරය.. මනූ අයියට මේ වචන ටික ලිව්වට පින් 🙏🏻♥️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
🔥 මේ ගින්දර 🔥 සිංදුව ගැන කියන්න වවන නෑ .සුපිරි 👍 අතිව්ෂිෂ්ටයි ශෂිකා මිස් . ඔයාට මම හදවතින්ම සුබ පාර්තනා කරනවා .මේ වගේ ලස්සන සිංදු ඉදිරියටත් අපේ පේක්ෂකයන් අතර ගේන්න සක්තිය දයිරිය ලැබේවායි මම පාර්තනා කරනවා
@sandilialahakoon9699
@sandilialahakoon9699 Жыл бұрын
හදවතේ ගායිකාව..ආදරෙයි සශිකා මිස්.. හැමදාම....😘😘😘😘😌 ඒ වගේම මියුරු සහෝදරයා ට ත්...
@chandishashi8570
@chandishashi8570 Жыл бұрын
මියුරු කියන්නේ අති දක්ෂයෙක් ආදරණීය හඩක් ඔහුට පාර කියා දුන් ගුරුවරිය ඔබයි තව තවත් මෙවැනි ලස්සන නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා!! ඔබ දෙදෙනාටම 😍😍
@mthsthisara
@mthsthisara Жыл бұрын
රූප රචනයේ තිබෙන සියුම් තැන් තේරුම් ගන්න ගන්න පද රචනයේ ගැබුර තවත් තේරුම් යනව ... ❤
@achidinuththara3140
@achidinuththara3140 Жыл бұрын
හදවතට කථා කරන අලංකාරවත් හඩවල් දෙකක්❤ ඉදිරියටත් මෙවැනි නිර්මාණය කරන්න තව තවත් ශක්තිය ලැබේවා❤ සශිකා ❤ මියුරු ❤ අතිවිශිෂ්ටයි ❤
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
මේ ගීතය නම් හරිම සුන්දර ගීතයක් සහ ගීතය ගායනා කරපු ගායිකාව ඹහුගේ කට හඩට මම ගොඩාක් ආදරෙයි හැමදාමත් 💕💕💕💕💕💕
@user-bl1ii9vk2q
@user-bl1ii9vk2q 3 ай бұрын
Papuwa athule hirawela thibunu kadulu bindu ekin eka eliyata watila hitha nidahas wuna ..sinduwa ahuwa palaweni wathawema ..❤❤❤❤shashika & miyuru. Greate voice mix...
@sakunmalshan1900
@sakunmalshan1900 Жыл бұрын
නිවෙන්නෙම නැති ගින්දරක් මේ ගීතය නම්..🥺❤️🔥
@gayashakawmini5809
@gayashakawmini5809 Жыл бұрын
සියුම් හැඟුම් අැඳි සීමාවේ නුඹේ හිතක් නෑ.......... ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ.......... Felt it❤
@wiki8580
@wiki8580 Жыл бұрын
කිරට, ගොම බිදක් වැටුනු විට කුමක් වේද එය අමිහිරි වනු මිස කිරට , පැණි බිදක් වැටුනු විට කුමක් වේද තවත් මිහිරි වනු මිස හදවතේ ගායිකාව ඔබයි ශෂිකා මිස්.❤ ඒ හඩ කිසි දින අමිහිරි නැත .එය කිරට පැණි සේමයි.ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා . Voice එකේ හඩ විසිරූ පිරිමි කදුළකින් සැරසූ අමතක නොවනා රුසිරූ ගායකයෙක් විය මියුරු😊 ජයෙන් ජය❤😊
@kesharabandara2447
@kesharabandara2447 Жыл бұрын
Coach Sashikඅ ගෙ නැණ පහනෙන් දීප්තිමත් වූ තවත් පහනක් මියුරු අයියා... ගායනය නම් කියන්න වචන නෑ. හරිම හැඟුම්බරයි. මනුරංග විජේසේකරයන්ගේ තවත් ලස්සන පද වැලක්. ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරල සුගම බස් වහරක් වගේ ම කව්‍යෝක්තිවලින් පිරිපුන් පද වැලක්. ඒ වගේ ම හිරිගඩු පිපෙන 🎻 වයලීන් හඬ ගැනත් කියන්න වචන නෑ. ඉතා සාර්ථක නිර්මාණයක්. සබුද්ධික ප්‍රේක්ෂකාගාරයට විවෘත වූ ගේය කාව්‍යක්. ❤
@mykitchenfood799
@mykitchenfood799 9 ай бұрын
2023 වසරේ relese කරපු ඉතාම අර්තවත් ගීතයක්. සෂිකා මිස්ගේ කටහඩ බවනාවක්මයි.ඒ වගේම මියුරැ අයියගෙත් ,අර්තයක් නැති ගීත බිහිවෙන මේ කාලේ මෙවැනි ගීත දකින්න ලැබීම ඉතාම සතුටුයි. රෑප රචනය අගය කල යුතුමයි. මනෝජා අක්කා ගොඩාක් ලස්සනට එයට දායකත්වය දෙනවා.මාස 5ක් ගිහිල්ලත් මෙච්චර අඩු views ප්‍රමාණයක් ලැබීම ගැන ගොඩාක් දුකායි.සෂිකා මිස්ගෙත් ,මියුරැ අයියගෙත්, මේ නිර්මාණයට සම්බන්ද උන සියලු දෙනාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා.
@chamikasandaruwanofficial5415
@chamikasandaruwanofficial5415 Жыл бұрын
හදවතේ ගායිකාවගේ මේ ගීතයත් ගොඩාක් ලස්සනයි ❤️ බුදුසරණයි අක්ක ❤️🙏
@musicchanal3179
@musicchanal3179 Жыл бұрын
ඒ ආදර කතාවේ මුලකුරු නොගැලපුනාට මේ සිංදුවේ වචනට පණ පොවන තනුවට අපූරුට හඩ ගැලපුනා♥️ හදවතට තට්ටු කරන්න පුළුවන් ලස්සන ගීතයක් අක්කේ all tha best🌹
@rashiyagrapic9699
@rashiyagrapic9699 Жыл бұрын
ආයේ පරන vibe එකටම සෙට් වෙන සිංදුවක් කාලෙකින් ඇහුවා. තව මේ වගේ ඒවා තමයි ඕනේ. සුපිරියක් 🤟
@shashikajanandra7097
@shashikajanandra7097 11 ай бұрын
❤❤❤❤❤ශ්‍රී ලන්කාවේ හදවතේ ගායිකාව ❤❤❤ආදරෙයි ශශිකා අක්කේ...❤❤❤ පපුව හීරෙන වචන ටිකක්.... හරි අපූරුවට ඔබේ හඩින් කියනකොට සත්තයි හරි පරිස්සමට හන්ගගන හිටපු මතක අවුස්සනවා😢😭😭😭 ලොකු අර්තයක් කියන වටිනා ගීතයක්❤❤❤❤
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්.මියුරු සහ ඔබේ ගායන සුසංයෝගය අපූරුවට ගැලපෙනවා. ජය වේවා සශිකා අක්කේ.හැමදාමත් අපේ හදවතේ ගායිකාව❤️❤️ 🙏🙏
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 Жыл бұрын
ශෂිකා මිස්ගෙන් ගුරු හරු කම් ලබන්න luck එකක් තියෙන්නම ඕන ❤❤ ශෂිකා මිස් Favorite ❤ මියුරුගෙ voice එක දන්නවනේ ඉතින් රස ගොඩයි. . ❤
@kmsed6442
@kmsed6442 10 ай бұрын
මේ සිංදුව මේ මාස හතරට අහපු වාර ගාණ නම් ගණන් කරන්න බෑ...මේ මාස හතරෙ මගේ ජීවිතේම තමයි මේ සිංදුවෙ තියෙන්නෙ 😢😢😢😢😢😢😢😢 සියුම් හැඟුම් ඇඳි සීමාවේ නු‍‍ඹේ හිතත් නෑ ඉතින් තවත් අපි සංසාරේ ගිහින් ඵලක් නෑ 😢😢😢😢😢
@ravishannilaweera3730
@ravishannilaweera3730 11 ай бұрын
ඊයෙ සරසවි උයන හැඩ කලේ මේ ගීතය ❤❤❤
@nimchala3611
@nimchala3611 Жыл бұрын
පද රචනය, සංගීතය , ගායනය විශිෂ්ඨයි . හරියටම සියල්ල ගැලපුනාම එන නිර්මාණය අති සාර්ථකයි. සුභ පැතුම් 💐💐 හැමෝටම . ලස්සනයි ගීතය..
@isharaudayanga5392
@isharaudayanga5392 Жыл бұрын
මේ වචන,ගායනය ඈත මන්දාකිනි අස්සෙන් ගලාගෙන ඇවිත් කනෙන් ඇතුල්වෙලා පපුව හූරගෙන යනව වගෙ..මාරම ලස්සනයි දෙයියනේ 🌸💔 ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ..😥💔
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 4 ай бұрын
කැළණිය සරසවියේ දී ඔයාලා දෙන්නවම ඇස් දෙකට බලාගන්න ලැබුන එකට සතුටුයි 🥺❤️
@samithsamiya7491
@samithsamiya7491 Жыл бұрын
ශෂිකා මිස් ඔයාගෙ කටහඬ වෙලාවකට හිතට වද දෙනවා මිස් 🥺 නිදන් කරපු මතක යලි අවුස්සනවා ඒ හඬ නිසා මිස්,හැබැයි මිස් හඬකට පුළුවන් නම් යටි හිතටම කිඳා බෑලා ඒ මතක එකින් එක අවුස්සලා නෙත් දෙක ලඟට ගෙනත් කදුලක් ඇති කරවනවනම් ඒ තමයි මිස් ඔයාගෙ හඬෙ තියෙන අර්තය 🥺♥ මිස් පිරිමින්ට ලේසියෙන් කදුළු එන්නෑ මිස්ගෙ හඬ ඒ කදුළුත් සුන්දර විදිහට හෑරවනවා 🥺 තව තවත් මෙවැනි ලස්සනට ගීත ගායනා කරන්න ලැබේවා මිස් ♥
@user-nk7ph5xr9k
@user-nk7ph5xr9k Жыл бұрын
සුබ පැතුම්! ලස්සන වැඩක්... ගායන ක්ෂේත්‍රයේ නවකයින්ට, දක්ෂයින්ට අවස්ථාව ලබා දෙමින් ඔබ මේ යන ගමන විශිෂ්ටයි සශිකා. එය ඔබ වගේම, ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයින්ට ගරු කරන, නිහතමානී, ආදර්ශමත් කලාකරුවන් පිරිසක් බිහිවීමට උදව්වක් වේවි. සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
@achalahemanthi7696
@achalahemanthi7696 Жыл бұрын
අහම්බයෙන් මේ සිංදුව ඇහුනේ මෙි ලගදි දුකයි මීට කලින්ම අහන්න තිබ්බ සිංදුවක් නිසා ..දවසට කීපරාක් අහනවද මටම මතක නැ මෙි මියුසික් එකට හිතම නිවන්න පුලුවන් ❤️❤️
@MaduMadawalage-fh1wd
@MaduMadawalage-fh1wd 11 күн бұрын
හිතේ තවත් නැ.. දුකක් දැනුන්නෑ.. අපේ නමින් බැදි ආදර කතාවේ ⁣මුලකුරැ ගැලපුන්නෑ....🥺❤️ මේ කොටස හිතටම දැනුන අය ඉන්නවද ..😇🥺✋
@SandunMahesh
@SandunMahesh Жыл бұрын
හරිම ලස්සන වැඩක්..ජයම වේවා මියුරු අයියේ.. මේ blend එක නියමයි.. coach ජයම වේවා..❤️❤️🙏 ලස්සන වැඩ ගොඩක් ඉදිරියට කරමූ..😘❤️🙏
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b Жыл бұрын
😂😂😂😂👍👍
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
මග බලාගෙන හිටියා නිර්මාණයක් එනකම්...වසරේ විශිශ්ඨතම ගායිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ඔබට සුභ පැතුම් 😌❤️මියුරු ඔබේ අනාගතය ටත් සුභ පැතුම්...Trending 1 වේවා...🥰
@rukiii3707
@rukiii3707 Жыл бұрын
ටික දෙනෙක් comment කරල තිබ්බ චන්ද්‍රා පායන්න තරම් trending වෙන් නෑ කියල.ඇත්‍ත ඒත් හැම සින්දුවක්ම ඒ වගේ වෙන්න ඕන නෑ සහ මේ විවිධත්වය artist කෙනෙක්ට අවශ්‍යයි. මට නම් මේ හඩ, වචන,වයලීන් හඩ එක්ක මොකද්දෝ ගින්දරක් පපුවේ තියෙනව වගේ දැනෙනව . Love this song ❤
@charu9180
@charu9180 Жыл бұрын
එක ඇත්ත.ඕක කාටත් වෙනවා. උමාරියගේ මන්ද පමා එක අලුත් සිංදු වලින් මිනිස්සු බලාපොරොත්තු වුනා. වින්ඩි ටත් ඊලග සිංදුවෙන් අයියෝ සාමි මිනිසුන් බලාපොරොත්තු වෙනවා .ඒත් එහෙම සිංදු කරන්න බෑ.මාත් ශශිකා අක්කගෙ මේ සිංදුවට මාර ආසයි
@thibiri8607
@thibiri8607 11 ай бұрын
වයලීන් එක අඩවනවා..❤❤😢
@himashrandil3050
@himashrandil3050 Жыл бұрын
දැනටම 10 පාරකට වඩා ඇහුවා ශශිකා මිස් , මියුරු අයියේ මරු හොදෙ
@HimashRandil
@HimashRandil Жыл бұрын
🥰
@thushanikalubowila2926
@thushanikalubowila2926 Жыл бұрын
පපුව මැද්දෙන් හීනී රිදුමක් ඇවිත් ඇස් දෙක තෙත් වෙලා මටත් නොදැනීම , මේ කටහඬවල් දෙක ඒ වචන එක්ක හරි අපූරුවට මාව ඇඬෙව්වා..😢😢😢
@NatashaWanniarachchi
@NatashaWanniarachchi Жыл бұрын
මං මේ song එක අහන කීවෙනි වතාවද මං දන්නේ නෑ. හරිම ලස්සන හිතට දැනෙන ගීතයක්. ඒ වගේම කවදත් ආදරේ කරපු සශිකා coach ගේ ආදරණීය හඬින් ගීතවත් උනු ගීතයක් අහන්නේ නැති කෙනක් නැතුව ඇති. ඒ වගේම මියුරු සහෝදරයාගේ සම්මිශ්‍රනයත් ඒ ගීතය තවත් ආදරණීය කරලා තියෙනවා. Good luck my dear coach and Muyuru
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
කවදාවත් අහල ඇති නොවන ,නැවත.. නැවත.. අහද්දි ඇස් දෙකට කදුළු එන ගීතයක්,..... අමතක කරන්න හිතන ගොඩාක් දේවල් මතකයට අරන් එන ගීතයක්.,...... සoගීතය ,පදවැල්,ගායනය, සියල්ල එකම ගීතයකින් හදවතට දැනෙන්නම දෙනව කියන්නෙ ,....අමාරු දෙයක් නෙවි බැරි දෙයක්,... ඒත් මේ ගීතයේ සුසoයෝගය අති විශිෂ්ඨයි ..... මේ ගීතයට දායකත්වය දැක්වූ හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි ...❤
@kavionline2004
@kavionline2004 Жыл бұрын
❤️❤️❤️..කියල වැඩක් නෑ සශිකා මිස් ඔබට සැමදාමත් ජයෙන් ජයම වේවා..මෙවැනි වටිනා නිර්මාණයන් අපේ ගී කලාවට එක් කරනවාට..🙏🙏🙏වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම නිර්මාණය ක්...❤️❤️‍🔥
@amilaubs113
@amilaubs113 Жыл бұрын
ඕනෙ ගින්දරක් නිවන්න පුලුවන් ඉතින් මේ කටහඬ ට..1999 ඉදල අද වෙනකල්ම සශික ගෙ සිංදු අහන්න තියන ආසාව එක දශමෙකින් වත් අඩු වෙලා නෑ...❤❤
@kaveeshasajani4132
@kaveeshasajani4132 Жыл бұрын
මං වෙනුවෙන්ම ලියවුණ සිංදුවක් කියල හිතුනා.... එයා වෙන කෙනෙක් එක්ක එකතු වෙලා හැමදේම කරලා ...... ඉතින් මාව එපා උනා.....මං මේ හැමදේම දරාගෙන කසාදෙ කියන අකුරු 3 ඇතුලෙ හිරවෙලා ...
@navishkashamindi6833
@navishkashamindi6833 9 ай бұрын
ශශිකා මිස් කියන්නෙම දැක්කත් හිත නිවන භාවනාවක්...පෙර පිනකින් ලැබුන ලස්සන රූපයක්....ඒ රූපෙටම ගැලපෙන මිහිරි කටහඩක්..ඒ වගේම ලස්සන හදවතක්....හරිම ලස්සන එකතුවක් ඒ ගීතය ඇතුලෙ තියෙනවා...❤
@dush_rupasinghe
@dush_rupasinghe Жыл бұрын
'මේ ගින්දර...' හිතේ ගින්දර අවුලවපු ගීතයක්... සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිත තිබුණා නම් සංසාරයක් නැතත් කෙටි දුරක් හෝ අපිට ඇවිද යන්න තිබුණා... හරියට හඳ පානේ, මද අඳුරේ අත් පටලා ගිහින් හිමිදිරියේ වෙන්වෙන්න හිතුවා වගේ... ඇත්ත, ආදරයේ අගහිඟකම් පිපුණම විශ්වාසය ගිලිහෙනවා තමයි... ඒත් ඔය හිතේ නැතත් මේ හිතේ තාම කවි ගැයෙනවා. නමුත් එදා පෙම් කවි අද විරහ කවි වෙලා... ඒ විරහ කවි තුළ ඇවිලෙන ගින්දරවල මුලකුරු ඔයා ! මෙහෙම සිංදුවක් ඇහෙද්දි මම ආයෙ ආයෙ ඇවිලෙනවා.. ඒත් මම දන්නවා, ඔයා නිවෙනවා ! ඔව්... මේ ගින්දර ඒ කඳු මත නෑ තව නිවුණේ ! එනකල් බලන් ඉදලා ඉදලා, release කල වෙලේ ඉදන් අහලා හිතට දැනුණ බර හැඟීම වචන කරගන්න බැරි එකත් එක්තරා විදිහක අසරණ හැඟීමක්... වචන කරන්න බැරි හැඟීමක් නිර්මාණයකින් දෙනවා කියන්නෙත් බර වැඩක්... ජය වේවා ! ❤️ සශිකා නිසංසලාට අමරසිරි පීරිස්, දුමාල්, චාමර වගේ හොඳින් ම ගැළපෙන හඬක් මියුරුගෙ හඬත්... #dushru
@liniahinsa940
@liniahinsa940 Жыл бұрын
@Dush ඔයාට පුලුවන්ද vissual එකේ තේරුම කියන්න
@kawyagunasekara6357
@kawyagunasekara6357 Жыл бұрын
Shashika's voice is being nicely blended and it makes listeners emotional. Music is used to the peak to promote sweet and dull feelings. Specially the sound of the violin which creates dullness and monotony . Not only that, but also the way that this act is created, that's perfect! They nicely show facial expressions. Indeed this is like a mini film❤
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
ඒ ගර්ල් ගෙ ලස්සන ❤
@slgaming1006
@slgaming1006 Жыл бұрын
මනුරන්ග අයියගෙ ලීරික්ස් දිනේශ් අයියගෙ මෙලඩිය ශශික අක්කගෙ කටහඩ ❤❤❤❤ එතකොට ඉතින් ආයෙ බලන්න දෙයක් නෑ ...වැඩේ සුපිරි❤❤❤
@windy5483
@windy5483 Жыл бұрын
හදවතේ ගායිකාව , නිහතමානී ගායිකාව ඇය ශශිකා මිස්.❤ආදරෙයි.. ගොඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාඩඩාඩාඩාඩාඩාඩාඩාඩාඩාක් ❤🙏 (හදවතේ ගායකයා චාමර වීරසිංහ අයියා ❤)
@DD-nl7rv
@DD-nl7rv Жыл бұрын
Wow!!! This is the real Victory, Miyuru!!! Let the Sashika & Miyuru voice combination last long. No doubt Sashika’s the best coach, her mentoring’s obviously for the life time…Great piece of art ❤
@dilmithisara6223
@dilmithisara6223 7 ай бұрын
ඊයෙ ටීවි එකේ සින්දුව දැකල අද you tube එකෙන් බැලුව ඒ සින්දුව හිතට වැදුන නිසා❤
@sanchalirathnayake3430
@sanchalirathnayake3430 Жыл бұрын
මම ආසම කටහඬවල් දෙකක්..සශිකා නිසංසලා; මගේ ආදරණීය කෝච්..❤❤❤️මියුරු අයියා..❤️❤️❤️ ඒ හඬ සුසංයෝගය ගැන කියන්න වචන නැහැ...🥺❤️❤️❤️
@anushagamage4674
@anushagamage4674 Жыл бұрын
අම්මෝ කියලා වැඩක් සුපිරි වැඩක් වොයිස් එකෙන් බිහිවුණු නියම වැඩ්ඩෙක් ශෂිකා මිස්ගෙයි මියුරු අයියගෙයි හඬ පට්ට පද රචනය සුපිරියි මෙලඩි සුපිරියි රූප රචනය සුපිරියි මේ ඊළඟ ට්‍රෙන්ඩ් එක හැමෝටම සුභ පතනවා ❤❤
@tharindumadusanka1310
@tharindumadusanka1310 Жыл бұрын
සියුම් හැගුම් ඇදි සීමාවෙ නුබේ හිතක් නෑ .. ඉතිං තවත් අපි සන්සාරේ ගිහින් පලක් නෑ ..❤❤❤
@wijamunigeyashodha45
@wijamunigeyashodha45 Жыл бұрын
මේ ලොවට පෑයු නිසංසල සද වූ නුඹ නුඹගේ මිහිරි කටහඩින් ගැයූ ගීත සියල්ල ම සියුම් ලෙස අපගේ හදවතෙහි තැම්පත් විය...💕💕 කෙතරම් ගීත තිබුණත් අසන්නට නුඹගේ ගීත තරම් හිතට දැනුනේ නෑ කිසිම ගීතයක් ...💗💗💗 ශශිකා අක්කි නුඹ ගැයු මලයාලම් ගීතය ඒකනම් පිස්සුවක්..💖💖 මේ ගීතය ගින්දර වගේ සුපිරි... ගීතය පටන් ගද්දිම ඇහෙන වයලින් වාදනයෙන් ඇඟේ හිරිගඩු පිපෙනවා.. ඉතා විශිෂ්ටයි..👍👍 ශශිකා අක්කි ඔයා කිසිදා අමතක නොවෙන ලෙස අපගේ හදවත් තුල අපූරු විදියට කැටයම් කරලා හමාරයි..❤❤❤❤❤❤ සඳ , තරු නැති දවසට මුළු අහසම පාළුයි වගේම නුඹගේ ගීතයක් ඇසූවේ නැති නම් මුළු හදවත ම පාළුයි.❤❤ චිත්‍රයක් ලස්සන වෙන්නෙ අලංකාරවත් ලෙස පාට යෙදිමෙන් එලෙසම ඔබගේ සංගිත දිවි ගමන විවිධ වූ වර්ණ හැඩවලින් වර්ණවත් කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හදවතින්ම සුබ .ප්‍රාර්ථනා කරනවා.❤❤ ඒ වගේම මනු අය්යා ඇතුළු, මේ ගීතයට සම්බන්ධ වුනු සියළු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා මෙවැනි ගීත තවත් නිර්මාණය කරන්නට ශක්තිය , ධෛර්ය , වාසනාව ලැබෙන්න කියලා.❤❤❤ Voice වේදිකාවේ ෆයිනල් එන කෙනා සමග මෙම ගීතය අහන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා..❤❤ තවත් අලුත් නිර්මාණයක් ඕන ශශිකා අක්කි... ඉංග්‍රිසි සිංදුවක් අහන්න ආසයි.. ගෙඩාක් ආදරෙයි.. ❤ ගායිකාව . 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chiranjayathu8989
@chiranjayathu8989 Жыл бұрын
මොනවද ශෂික අක්කෙ මේ කරන්නෙ ..රෑ හීනෙනුත් පේන්නෙ මේ සින්දුව ..අහනව අහනව ඉවරයක් නෑ ..අක්කට සුබපතනව සියලු කටයුතු සාර්ථක වේවා කියල ..🌹🌹👍👍👌👌
@Official_subhashwasala
@Official_subhashwasala Жыл бұрын
මියුරුයි අයියේ🙏හරිම ලස්සනයි.ජයමවෙන්න ඕන.❤❤❤
@himansimiyushara8020
@himansimiyushara8020 Жыл бұрын
ඒ 2නගෙ කටහඩ ගැලපෙන තරම් භාවනාව වගේ ....හැමදාම අහනවා එපා වෙන් නෑ කොච්චර ඇහුවත්....❤ ...මියුරු අයියා ආසම කටහඩ මගේ ශශිකා මිසුත් ආසම ගායිකාව...
@nuwanthakshala2255
@nuwanthakshala2255 11 ай бұрын
Request ekak thiyenawa shashika miss . Please dont skip this . Puluwannam abhisheka miss ekka song ekak karannako . Eka mage dream ekak . Oyala denna ekata kiyana song ekak ahanna . Oyala denna thama mage favoritema singersla denna ❤️❤️❤️
@Lochana-t5h
@Lochana-t5h 16 күн бұрын
හරිම ලස්සන සින්දුවක්.දහපාරකට වඩා ඇහුවා.රිදුන හිතක් සුවපත් කරගන්න ගැලපෙන සින්දුවක්.විරහව පමණක් අවසානෙ ඉතුරු උන ආදර කතා වලට හිත හදාගන්න පුළුවන් සින්දුවක්. " හිතේ තවත් නෑ දුකක් දැනුන් නෑ... අපේ නමින් බැදි ආදර කතාවෙ මුලකුරු ගැලපුන් නෑ... සියුම් හැගුම් ඇදී සීමාවේ නුඹේ හිතත් නෑ ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ..." වචන හිතට ගොඩක් දැනුනා.සින්දුවේ වචන ඔක්කොම හරිම ලස්සනයි
@SinduSagareAjithPremalal
@SinduSagareAjithPremalal Жыл бұрын
අග්‍රගණ්‍ය නිර්මාණයක්💖 . Tamil Song එකක රහ වගේ හිතට දැනෙනවා . සශිකා නංගි උපරිමයෙන් ගයා තිබෙනවා . Male voice එකත් superb 👌. වයලීනය මහඟු මෙහෙවරක් මේ නිර්මාණය තුල කර තිබෙනවා 🎻 . Song mixing පට්ට 👍
Karamba Mal (කරඹ මල්) | BACHI & SASHIKA | OFFICIAL MUSIC VIDEO
4:08
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
Samanala Wewa (සමනල වැව) | SASHIKA | OFFICIAL LYRIC VIDEO
4:12
Best Of Miyuru | The Voice Sri Lanka
29:52
The Voice Sri Lanka
Рет қаралды 110 М.
Эй Рамазан # DamirAgroDizel
0:16
DamirAgroDizel
Рет қаралды 7 МЛН
СДАЧА (смешное видео, приколы, юмор, поржать)
1:00
Натурал Альбертович
Рет қаралды 3,1 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
0:55
Stokes Twins
Рет қаралды 44 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
0:34
Паша Осадчий
Рет қаралды 1,6 МЛН