Nature Trails of Paradise Ceylon | A Solo Journey Thorough Magnificent Sri Lanka | දින 5, කි.මී.850

  Рет қаралды 130,244

Dinesh A Pathum

Dinesh A Pathum

2 жыл бұрын

වර්ශාවත් සමග ආරම්භ වූ මේ සංචාරය තනිව යෑමට සිදු වූයේ කිසිදු සැළසුම් කිරීමකින් තොරව ආරම්භ කල එකක් නිසාවෙනි. කාර්යබහුලත්වය නිසාවෙන් සංචාරය කිරීමට කාලයක් සහ වේලාවක් සොයා ගැනීම අපහසු කාල වකවානුවක ලැබුනා වූ අස්වැසිල්ලෙන් උපරිම ප්‍රථිපල ලබා ගැනීමට හැකි වූ බව මා හට හැගේ මක් නිසාදයත් කිලෝමීටර 850ක් දුර, සුන්දර ගමනාන්තයයන් හතරක්,දින පහක් ගත කිරීමට ලැබීම ඉතා සොදුරු අත්දැකීමක් වූ නිසාවෙනි.
පළමු දින කොළඹ සිට ඇබර්ඩීන් දිය ඇල්ල දක්වා ගමන් කල අතර මීදුමෙන් වැසී ගත් කදු වැටි මැදින් ගලා හැලෙනා මීටර 98ක් උස ඇබර්ඩීන් දිය ඇල්ල ඉදිරියේ එදින පහන් කිරීමට හැකි වීම මා ලැබූ අමතක නොවන අවස්ථාවකි. දිය ඇල්ල ඉදිරිපසට වී ආහාරයට ගත් ගමේ රසින් රස ගැන්වුනු පොළොස් මාලුවකින් රස කල උනුසුම් රොටී මතක් වන විටත් කටට කෙල උනන තරම් රසවත් ය. ඉර බැස යාමට මත්තෙන් සීතල වතුරින් නා කියා ගත් අතර මා මේ සුන්දර නැවතුමේදී ලබා ගත් අත්දැකීම ඕනෑම අයකුට ලබා ගැනීම අපහසු නොවේ.
ඉක්බිතිව මා ගමන් ගත්තේ සුන්දර ලිදුල ප්‍රදේශයටයි. දෙවන දිනය උදෑසනම ගමන් ඇරඹූ මා ලිදුල ප්‍රදේශයේ කදු වලල්ලක් මධ්‍යයේ ඇති තනි කදු මුදුනක නතර වූ අතර. නිස්කලංක වූ පරිසරය පුරා පැතිර තිබුනේ කුරුල්ලන්ගේ කිචි බිචිය පමනකි. නුවරඑළිය දක්වා ඈතට දිස් වන කදු වළල්ල රන් පැහැ ගන්වමින් හිරුගේ නික්ම යාමත් පසුදා සීතල මීදුම් අතරින් කදු මුදුන් අතර රැදුනු වළාකුලු අතරින් දුටු හිරුගේ ආගමනයත් මා මෙතෙක් දුටු සුන්දරම දර්ශන වලින් එකකි.
මාගේ මීලග ගමනාන්තය ලෙස තෝරාගත් ඇල්ල දක්වා මා ගමන් ගත්තේ නුවරඑළිය,අඹේවෙල හරහා වූ අතර අඹේවෙල සීතල මීදුම මධ්‍යයේ ගමන් කිරීම විඩාව සන්සිදුවන ප්‍රතිකර්මයක් වැනිය. අඹේවෙලින් බන්ඩාරවෙලටත් බන්ඩාරවෙලින් ඇල්ලටත් ගමන් කිරීමට සැළකිය යුතු කාලයක් ගත වූ අතර ඇල්ල වන මැද පිහිටි මාගේ මීලග සොදුරු ගමනාන්තයට ගමන් කිරීමට මා හට වෙනත් ජීප් රථයක් ලබා ගැනීමට සිදු විය.
ජීප් රථයෙන් කිලෝමීටර 4.5 ක පමන දුරක් ඉතා දුශ්කර මාර්ගයක ගමන් කිරීමෙන් පසු මුන ගැසෙන්නේ දිගු කේබල් යොදා සකස් කර ඇති කේබල් කාර් නැවතුමකි. එහි ඇති කේබල් කාරයකට ගොඩ වූ පසු එය කෙටි වේලාවකින් කිරිදි ඔය හරහා ගොස් නතර වන්නේ කදු වලල්ලකින් වට වූ වෙල් යායක් මධ්‍යයේ පිහිටා ඇති මාගේ මීලග ගමනාන්තයෙනි.
රාවණා ඇල්ල පසු කොට පහලට ගලා හැලෙනා දිය දහරට වරකා ආර ඇල්ලෙන් ගලා හැලෙන දිය දහර එකතු වී මා සිටි සුන්දර නවාතැනට ඉහලින් කිරිදි ඔය නිර්මාණය වී පහලට ගලා බසී. රාවණා ඇල්ල මා ඉතා සමීපන දැක ඇතත් වරකා ආර දැල්ල මා මනසට ගෙන ආවේ කුතුහලයකි. මීලග දිනයේ උදෑසන ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව කාලය සකසා ගත්තේ වරකා ආර ඇල්ල සොයා යාමටයි. මා සිටි කිරිදි ඔය ගං ඉවුරේ සිට කිලෝමීටර 1.5 ක් පමන දුර කැලය මධ්‍යයට වන්නට තට්ටු කිහිපයක් ලෙස කඩා හැලෙනා වරකා ආර ඇල්ල කඩා හැලේ. එහි තැන තැන මීටර දහය පහලොව ගැඹුරු සොබාවික තටාකයන්‍ ය. මධ්‍යහ්නය වන තුරුම ඒ සුන්දර තටාකයන් තුල පිහිනා යාමට අමතක නොකල මා දහවල් ආහාරය ලබා ගැනීමට නැවතත් මා සිටි නැවතුමට ගොඩ බට විය.
එදින සැන්දෑ වන විට මා ඇල්ල සිට කතරගම දක්වා ගමන් ආරම්භ කල අතර මා ගමන් කිරීමට යොදා ගත්තේ බුත්තල-කතරගම මාර්ගයයි. වන සතුන් ගැවසෙන මාර්ගය අනතුරුදායක උවත් කොල පැහැති පරිසරයත් නිදහස් නිස්කලංක සොබාදහමත් අතරින් ගමන් ගැනීම සැනසිලිදායක විය. වනාන්තරය හරහා ගමන් කිරීමේදී හමු වන අලි ඇතුන් විටෙක මාර්ගය හරස් කොට සිටින්නේ මෙහි හිමි කරුවන් ඔවුන් බව හගවමිනි. කෙසේ වෙතත් කිසිදු හිරිහැරයකින් තොරව සුන්දර හස්තිරාජයන් දෙදෙනෙකු පසු කොට කතරගමට පැමිනීමට සංචාරකයාට හැකි විය.
මා කතරගම පේන මානයේ වැඩ සිටි කන්දට මුහුනලා නවාතැන් ගත් අතර පසු දින පාන්දරින්ම ගමන් ගත්තේ කිරි වෙහෙරටයි. උදෑසන හිරුගේ ආගමනයත් සමග කිරි වෙහෙර සමීපයේ රැදී සිටීමට ලැබීම මනසට සිසිළක් විය. කිරිවෙහෙරෙන් කතරගම දේවාලයටත් කතරගම දේවාලයෙන් නැවත මා නැවතී සිටි සුන්දර ගමනාන්තයටත් ගමන් ගත් අතර දහවල් ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් පිටත් වූයේ මාගේ ගමනේ අවසානයටයි..
තවත් මෙවන් ගමනකින් හමු වෙමු. මේ සුන්දර සංචාරයේ රූප රචනාවයි.
DAP - දිනේෂ්.
මා නැවතී සිටි සුන්දර ගමනාන්තයන් පිළිවෙලින්
⚫️ Aberdeen Feel Resort-
goo.gl/maps/Hk1fFQqxJPFMhnN47
⚫️ Citadel Lindula-
goo.gl/maps/F1rHm9aZoivFJfwp6
⚫️ Ella Jungle Resort
goo.gl/maps/ifw5Z178iDn6it1E7
⚫️ Grand Tamarind Lake
goo.gl/maps/rc5s5PYX877ME7sw8
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
#aberdeenwaterfall
#bestvacationsrilanka
#travelideaswithnaturesrilanka
#ginigathhenasrilanka
#strwberrysrilanka
#windfarminambewela
#ellasrilanka
#ellajungleresort
#farmstaysrilanka
#kirindioyasrilanka
#hotelsfacingriversinsrilanka
#organicfoodinreaortsinsrilanka
#rainforestsinsrilanka
#foresthikessrilanka
#adventureresortssrilanka
#wakeupwithbirds
#wildelephantsrilanka
#wildanimalssrilanka
#thissamaharamesrilanka
#katharagamasrilanka
#kiriweheratemplesrilanka
#warakaellasrilanka
#untouchedmountainssrilanka #travelvlog#travelsrilanka#beautifulsrilanka
#hikingsrilanka
#Mountaineering
#nature
#travelphotography
#travelvlogger
#travelblogger
#vlogger #youtube
#travelblogsrilanka
#travellingsrilanka
#wanderlust #traveltheworld #youtuber #traveller #adventure #photography #explore #nature #traveler #trip #traveladdict #travelgoals #travelstories

Пікірлер: 957
@baddon5340
@baddon5340 2 жыл бұрын
I'm living USA...I had seen,travel more than 60 country's as a seaman.. but ever never seen such a pearl..my matherland... siw helaya,siri lankawa,hela bima....rakagamu sundara lankaa...thanks dinesh..real paradise
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Thank you so much
@travelrosa
@travelrosa 2 жыл бұрын
බහුතරය රට දාලා යන්න සූදානම් වෙද්දී. මේ රටේ මොනාද තියෙන්නෙ කියලා අහද්දි සංචාරකයො වුන අපිට දෙන්න හරි ලස්සන පිලිතුරක් තියනවා. "සොබාදහම" 🍃🇱🇰කවදා හෝ මේ සුන්දර කුඩා රටට ආදරේ කරන පාලකයන් පැමිනේවි. අපි හැමෝම අපේ ආකල්ප සංවර්ධනය කරගමු. වෙන කවුරුන් හෝ බිම දැම්ම ටොපි කොලයක් පවා ඇහිදලා කුනුකූඩයකට දමන තරමට. එදාට අපිට හම්බෙයි අලුත් පාරාදීසයක්❤️🇱🇰
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත මල්ලි... ❤️🥺🌿
@travelrosa
@travelrosa 2 жыл бұрын
@@DineshAPathum ❤️🇱🇰
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 2 жыл бұрын
අරියටම අරි අපේ රටට ඕන ආකල්ප ව්ප්ලවයක්
@anjanamadusanka6882
@anjanamadusanka6882 Жыл бұрын
Ekanm eththa bro
@user-eh7tr4bu6x
@user-eh7tr4bu6x 6 ай бұрын
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
😍😍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ❤️🇱🇰
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
රටට අදර්ශවත් මනුෂ්‍යත්වය පිරිපුන් උණු ලස්සන හදවතක් තියන ලංකාවේ සොබාදහම කොයි තරම් අගය කළයුතුයි ඔබතුමාට හදවතින්ම ආදරය කරන පුතෙක් බුදු සරණයි
@namalgunawardana5399
@namalgunawardana5399 2 жыл бұрын
හිතේ හැම ප්‍රශ්නයකම අමතක කරන හදවතේ සංචාරකයාට ස්තුතිය ❤❤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰👏
@jaffnaaaththal2619
@jaffnaaaththal2619 2 жыл бұрын
kzbin.info/www/bejne/sHvQaXaBdrR4bNU
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 жыл бұрын
හුස්ම ගන්න වාරයක් පාසා මිහිකත සුවපත් වේවා... පරිස්සම් කරනවනම් මේ වගේ රටක් ලෝකේ තවත් නෑ...
@GamingIsuru220
@GamingIsuru220 2 жыл бұрын
කන්න නැතුව මැරුණත් මේ ශ්‍රී ලංකාව දාලා යන්නේ නෑ . මාරම ආදරෙයි දිනේෂ් අයියේ පුළුවන්නම් තව තවත් ලස්සන තැන් අපිට පෙන්නන්නකෝ. ඔයාට බුදු සරණයි. 🙏❤🦋🌻🌱🌴🍈
@lakmalvidu945
@lakmalvidu945 Жыл бұрын
Thank you so much for taking us to all these beautiful places. You will be protected by nature.....
@hasithawejesundara4164
@hasithawejesundara4164 2 жыл бұрын
හරිම ලස්සනයි පුතා .මේ video එක බලපු තුන්වැනි පාර හැම වීඩියෝ එකක්ම බලනවා කීප සැරයක්ම.හැම එකක්ම හරිම සුන්දරයි .පුතා ගේ නිහතමානී සුන්දර හදවත වගේ .ඔබ වැනි සුන්දර මිනිසකු බිහිකළ මාතාවට මගේ ප්‍රනාමය .🙏❤️❤️❤️
@chamaraudayanga5233
@chamaraudayanga5233 2 жыл бұрын
ජීවිතේ විදවන මිනිස්සුන්ට ජීවිතේ විඳින්න හුරු කරන අපේ හදවතේ සංචාරකයා.. ❤️ 🖤 ඔයා ඇත්තටම මේ රටට සම්පතක් අයියෙ🤜🤛!!!
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි..❤️🌿🇱🇰
@nayanitheekshani1963
@nayanitheekshani1963 2 жыл бұрын
පිට රට කරපු vlog වලට වඩා ගොඩක් ආසාවෙන් බලන්නේ ලංකාවේ සුන්දරත්වය පෙන්වන vedio ,මේකත් ඒ ගොඩින් ලස්සන vlog එකක්....ජයවේවා DAP production .....👍😍❤️❤️💪
@pushpamoorthy5634
@pushpamoorthy5634 Жыл бұрын
I LIVE IN UK PRESENTATION OF OUR BEAUTIFUL COUNTRY IAM VERY PROUD OF U BLESS U
@tharinduneranjan2531
@tharinduneranjan2531 2 жыл бұрын
මේච්චර ලස්සන රටක් නේද පාලකයන් සහ රටේ මිනිස්සු එකතුවෙලා තමන්ගේ වාසිය වෙනුවෙන් විනාස කරේ?? ආයම අපි ගොඩනැගෙමු රටේ ලස්සන බලන්න හිතේ හැටියට යන්න පුලුවන් වෙන තත්ත්වයකට❤️❤️✌
@manjuk9561
@manjuk9561 2 жыл бұрын
මෙච්චර ලස්සන තැන් පෙන්වන ඔයාලට යහපතක්ම වෙන්න ඕන. ඔයාලගෙ පරිසරයට තියෙන ආදරය සියල්ලන්ටම ආදර්ශයක් වේවා.... මේ වගේ රටක් පරාජය කරන්න අවශ්‍යව ඇත්තේ ටික දෙනෙකුගේ කුහක කම නිසාම වෙන්න ඇති ....
@ishialo18
@ishialo18 11 ай бұрын
අපේ රටේ ඉන්න හැම මනුස්සයෙක්ටම අපේ රටේ මේ සුන්දරත්වය විදින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒත් ලැබිය යුතුමයි.... විදේශිකයන් මේ රටේ සුන්දරත්වය විදින්න කෝච්චි වල යන විදිය දැක්කාම අපි ගැන හරිම දුකයී.....ඊර්ෂ්‍යාවකුත් එනවා.. දවසක මේ අසිරිය විදින්න කොහොම හරි යන්න හැමෝම.. ගොඩක් ස්තූති දිනේෂ් අයියේ අපේ රටේ ලස්සනම දේවල් ගැන අපිට පෙන්නනවට ❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
උතුම් කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 සාදු !! 🙏🙏🙏 දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔබට පින් 🙏
@sirilakasawariya3310
@sirilakasawariya3310 2 жыл бұрын
කොච්චර බැළුවත් එපාවෙන්නේ නැති විඩියෝ ටිකක්💕💕💕 ආදරෙයි දිනේෂ් අයියේ සොබාදහමට මෙච්චර ලෙන්ගතු වෙනවට.පරිසරය කියන්නේ අපේ අම්මා. ශ්‍රී ලංකාවේ පරිසරය කියන්නේ ලොකේ කොහේවත් නැති තරම් සුන්දර මනස්කාන්ත පරිසරයකින් තියෙන්නේ ඒක රැකගන්න උත්සහ ගමූ ටොෆී කොළයක්වත් නොදමන්නේනම් ඒකේ වටිනාකම වචනවලින් කියන්න බෑ...පරිසරය සුරකිමූ💕💕💕🇱🇰🇱🇰🇱🇰 love you sri lanka 🇱🇰💕💕
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. විනය සහ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නෙ ගුණවත් මිනිස්සු
@sirilakasawariya3310
@sirilakasawariya3310 2 жыл бұрын
ඔයාගේ විඩියෝ එකක් බැළුවනම් ඇති පොඩි දරුවෙක්ට උනත් තෙරුම් ගන්න පරිසරය කොච්ක්ගර වැදගත්ද කියලා.වපුරන දේ තමා අපිට අස්වැන්න විදිහට ගන්න තියෙන්නේ..ඔයා ඔය වපුරන්නේ කියාගන්න බැරි තරමට වටිනා අස්වැන්නක් ගන්න පුළුවන් දෙයක්.මොකද වචනයෙන් නෙවේ ක්‍රියාවෙන් පරිසරයට ආදරේ කරන මනුස්සයෙක් දැක්කාම මට ඉන්න බෑ ඒකට ස්තූති කරන්නේ නැතුව.ඔයා මේ කරගන්නේ කුසල කර්මයක් ඒක ඔයාට මෙලොවදී හෝ පරලොවදී අනිවාරයෙන්ම පල දෙනවා...
@janithsihilal665
@janithsihilal665 2 жыл бұрын
මොන තරම් ප්‍රශ්න ආවත් මේ ලස්සන පුංචි රට දාලා යන් නැ ❤️🇱🇰💪
@Sophialatha
@Sophialatha Жыл бұрын
Sasara vasana thuru... 😍
@malkidias311
@malkidias311 2 жыл бұрын
ගෙඩාක් සතුටුයි ලන්කාවෙදි දැකිම.නිතරම කියනවා කුරුල්ලන්ගේ සද්දෙ,වතුර හැලෙන විදිහ ,සිතල සුලග මෙ හැමදෙයක්ම ලස්සනට කියල දෙනවා ස්තුතියි 👌.ලගදිම මෙ හැමතැනම කටම යනව🤗🤗
@iruwansirimilco5923
@iruwansirimilco5923 2 жыл бұрын
රොම්බ තෑන්ක්ස් මචන් . අපි දැකපු නැති තැන් පෙන්නුවාට. ජයවේවා
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 2 жыл бұрын
ජීවිතේ විදින්න ලොකු ලොකු දේවල් ඕනි නැ . දිනේශ් අයියා වගේ මේ විදිහට මේ රටේ තියෙන ලස්සන විදින්න තිබ්බා නම් ඇති 😌 . ජය වේවා දිනේශ් අයියේ 💚 .
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම මේ සරළ නිදහස අපිව හැමදාමත් සතුටින් තියනවා.. ඉතිං ගොඩාක් ස්තූති❤️
@dananjayagamage1763
@dananjayagamage1763 2 жыл бұрын
ලොකු ලොකු දේවල් නම් ඕන්නෑ සල්ලි තිබ්බ නම් ඇති 😂😂
@malithi103
@malithi103 2 жыл бұрын
සල්ලි නැතුව ඔය මොකුත් බැ bro
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
@@malithi103 මීලග වීඩියෝ එක බලන්න.. සල්ලි නැතුව කරන්න පුලුවන් දේ බොහෝමයි. ❤️🥺
@malithi103
@malithi103 2 жыл бұрын
@@DineshAPathum බලාගෙන ඉන්නේ Video ඒක දාන්න ❤
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඇත්තටම අපේ රට කොච්චර ලස්සනද හිතා ගන්නවත් බෑ ❤ දිනේෂ් අයියගෙ බලපු හොදම ලස්සනනම වීඩීයො වලින් එකක් . එකෙන්ම ජය වේවා ආදරෙයි හැමදාම ජය වේවා ❤💪 ඉක්මන්ට දාමු තව බලන් ඉන්නවා ❤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි... ඉක්මනටම තව සුන්දර ගමනාන්තයකට යමු
@priyangikamadubhashini7671
@priyangikamadubhashini7671 2 жыл бұрын
මීට වසර නමයකයට කලින් මම ඔය දිය ඇල්ල බලන්න ගියා. View point එක තියන පැත්තෙන් නෙමෙයි. ගම මැදින් යන කැලෑ පාරෙන්.පරිසරය විදිමින් ඒ ලබපු අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ. හරිම සුන්දර දිය ඇල්ලක්. නැවත එතනට අපව රැගෙන ගියාට ගොඩාක් ස්තූති.
@malithmalith7942
@malithmalith7942 2 жыл бұрын
හුග කාලෙකින් සුන්දර ලංකාවෙ වීඩියෝ එකක්. 😍🍃❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම මාස තුනකට පස්සෙ මේ ලංකාවෙ කරක් ගැහුවේ..
@vihangasadakalum4616
@vihangasadakalum4616 2 жыл бұрын
" කවදා හෝ සොභාදහමට ආදරේ පාලකයෙලක් පැමිනේවී"🙏💚ජයවේවා අයියේ 🌿
@travelwiththanushka9508
@travelwiththanushka9508 2 жыл бұрын
ඩුබායි එමීර් රාජ්‍යයේ ගමනාන්තයෙන් පස්සෙ මව් බිමේ සුන්දර ගමනාන්තයක් ඔයාට ජයෙන් ජය දිනේෂ් අයිය💚 keep it up 💚💚💚
@teacuploversusa2495
@teacuploversusa2495 2 жыл бұрын
හැම වෙලේම මම දෙර tv බොහොම නිවි සැනසිල්ලෙ බලන සුන්දර විඩියෝ මිත්‍රයා ජයම වේවා 👊🇺🇸
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@dhanushkalakshan3774
@dhanushkalakshan3774 2 жыл бұрын
මම දැකපු සුපිරිම හා අවංකම චරිතයක් Dinesh aiya.❤️.💚🤝|Respect|🤝💚.❤️
@prashanthifonseka2403
@prashanthifonseka2403 2 жыл бұрын
මං දැකපු අයියාගේ videos වලින් ලස්සනම එකක්..අපේ ලංකාව කොච්චරනම් ලස්සනයිද❤️❤️
@mofaz8372
@mofaz8372 2 жыл бұрын
Hi Dinesh I live in uk. But born in Sri Lanka The way of describe and showing my mother land to world is excellent. It’s really appropriate. And also please drop a massage of where you stay at close by water fall. Thanks for your effort 👍
@umeshaamarasinha8734
@umeshaamarasinha8734 Жыл бұрын
මම හැමදාම ඔයා ගේ වීඩියෝ බලනවා හරිම ලස්සනයි.කොච්චර බැලුවත් එපා නම් වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️🇱🇰🙏
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 2 жыл бұрын
ඉස්සර රජකාලේ "ඇබයා" කිියලා වැද්දෙක් මේ දියඇල්ල ලග පැලක් හදන් ජීවත් වෙලා තියෙනවා. දවසක් රජතුමාට මේ දියඇල්ල ගැන අරංචි වෙලා මේක බලන්න ඇවිත් තියෙනවා. දියඇල්ල දැකපු රජතුමාට මේ දියඇල්ලට ආස හිතිලා තියෙනවා. දියඇල්ල ලග තියෙන පැල දැකපු රජතුමා විස්තර අහද්දි දැනගෙන තියෙනවා ඇබයා කියන වැද්දා තමයි ඒ පැලේ ඉන්නේ කියලා. රජතුමා ඇබයා ගෙන්නලා අහලා තියෙනවා මේ දියඇල්ල මට දෙන්න කැමතිද ඒ වෙනුවට ඇබයගේ බරට කහවනු දෙන්නම් කියලා. ඒක අහපු අබයාට ගොඩක් සතුටු හිතලා රජතුමාට කියලා තියෙනවා මේ මොහොතෙ ඉදන් මේ දියඇල්ල ඔබතුමාට මම භාරකරනවා කියලා. කාලයක් යද්දි ගමේ මිනිස්සු මේ දියඇල්ලට කිවුවලු "ඇබයා දීපු ඇල්ල" කියලා. ලංකාවට සුද්දෝ ආවට පස්සේ මේ දියඇල්ලෙ නම අහද්දි එයාලට ඇහිලා තියෙන්නේ "ඇබර්-ඩීන් ඇල්ල" කියලලු. ඒක හරියට මහනුවරට "කන්ද" කියලා කියපු එක "කැන්ඩි" කියලා භාවිතා කලා වගේ. ප.ලි - දියඇල්ලට සිංහල නමක් තිබුනානම් හොදයි කියා දිනේෂ් අයියා කියූ විට මාගේ සිතේ ඇති වූ සිතුවිල්ලක් මත ගෙතූවක් වන අතර, සත්‍ය කතාවක් නොවේ. එහෙත් අබර්ඩීන් ඇල්ල වෙනුවට ඇබයා දීපු ඇල්ල සිංහල වහරට වඩාත් හුරු බව මගේ අදහසයි. මෙය සමාජගත කිරීම හෝ නොකිරීම ඔබට භාර කරමි.
@apsamila
@apsamila 2 жыл бұрын
Niyamai..
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
හොඳ අදහස, යස අදහස. නියම ට ගැලපෙනවා....!!!!
@gwnimalsiri9592
@gwnimalsiri9592 2 жыл бұрын
Eli Dhona Ella
@kalpanallahandi5931
@kalpanallahandi5931 2 жыл бұрын
So far the best Sri Lankan vlogger! Hats off!
@chithranjayathunga1411
@chithranjayathunga1411 2 жыл бұрын
හිතේ හැම ප්‍රශ්නයකම අමතක කරන හදවතේ සංචාරකයාට ස්තුතිය
@krishi7660
@krishi7660 2 жыл бұрын
මෙම වීඩියෝ එක බලල අපි ගියා ඇබඩීන් බලන්න. කියන්න වචන නෑ. මේවගේ ලස්සන තැන් අපිට හොයල දෙනවට ගොඩාක් පින්. ජයවේවා..
@banujamadusanka1153
@banujamadusanka1153 2 жыл бұрын
ගමේ හිටිය ඒ අහිංසක කම ගැමි කම.ඒ අම්මලට බුදුසරණයි ❤️ රසය කියන එක උපරිමයෙන්ම වින්ද දිනේෂ් අයියි.ජය❤️💪🙏
@sujee1425
@sujee1425 2 жыл бұрын
හරිම සුන්දරයි අයියේ ඔයාට ගොඩාක් පිං අපිට මේවා දැක ගන්න ලැබෙන්න සැලැස්සුවාට තෙරුවන් සරණයි ඔයාට 🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි.. තෙරුවන් සරණයි
@sandaminijayasundara8577
@sandaminijayasundara8577 2 жыл бұрын
කවදා හෝ මාත් මේ විදිහටම ලස්සන අත්දැකීම් ටිකක් ලබාගන්නවා ගොඩාක් තැන්ක්ස් අයියේ මේ විදිහට හරි ලංකාවෙ ලස්සන අපිට පෙන්නනවට.😌😍😍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති ... "කවදහරි" කියන වචනය ගොඩාක් දුරයි. අදම සැළසුම් කරන්න පටන් ගන්න. මොකද "කාලය" ඉක්මනටම ගෙවිල යන නිසා..
@ruwanchamara2552
@ruwanchamara2552 Жыл бұрын
ඔබගේ කටහඩ සියලූ විඩාවන් නිවා දමනවා..නිහතමානී මනුස්සයෙක්
@prabathdissanayaka1121
@prabathdissanayaka1121 2 жыл бұрын
මගේ රට තරම් ලස්සන රටක් නෑ තවත්.. සාමකාමී අරගලයට ජය ❤️🇱🇰🇱🇰🇱🇰
@stunt2901
@stunt2901 2 жыл бұрын
අම්මෝ ඒ වචන ටික ඇහෙද්දී 🍀☘️ විඩියෝ එකක් එනකම් බලන් හිටියේ අයියේ ❤️
@kumuduniwasantha230
@kumuduniwasantha230 2 жыл бұрын
අපිට ලංකාවට එන්න ලැබෙයිද මේ වතාවරනයත් එක්ක.. අවුරුදු 4කින් අම්මා තාත්තා දැකලා නැ 😥😥😥😥 තැන්ක්ස් ඔයට ලංකාවේ අසිරිය අපිට පෙන්නනවට බුදුසරණයි මල්ලි ඔයට ..
@lahirux.
@lahirux. 2 жыл бұрын
මේක තමා මාත් හොයන ජීවිතේ, ලොකෙ දකින්න ඕනිත් ඔය විදියටම තනියම❤😍
@farajfaraj6571
@farajfaraj6571 2 жыл бұрын
ඔයාගේ බලපු පළවෙනි video එක ඔන්න මාත් සප් එකක් දුන්නා ❤
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති .... අපි එකතු වෙලා මේ සොබාදහමට,රටට ස්ප් එකක් දෙමු.! 🌿
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 2 жыл бұрын
නියමයි සහෝ ගොඩ දවසකින් නේ බලන් හිටියේ අපේ රටේ ලස්සන තැනකට යන්න බලාගෙන.ජයවේවා 🔥💪
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
Once again a wonderful presentation of our beautiful country. We are very proud of you Dinesh, keep up the good work. I hope and wish our Sri Lankans will learn a lesson not to destroy our Motherland. God Bless you.
@chamathpriyashan2617
@chamathpriyashan2617 2 жыл бұрын
හැමදාමත් අපිව ලස්සන තැන් වලට එක්ක යනවට අයියට පිං ඒ වගෙම ගොඩක් ස්තූතියි ❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.......❤ගොඩක් ආසාවෙන් මමනන් බලන්නෙ❤❤❤
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
හරිම ලස්සන video එකක් සහෝදරයා නියමයි 👊👊👊 ජය වේවා 🇱🇰අපේ දේශය 🇱🇰
@sumii03
@sumii03 2 жыл бұрын
පොතක් පතක් බලන් එක දිගට වැඩ කරන්න ගන්න කලින් කරන භාවනාව 💆❤️
@tharusha_rajarathna
@tharusha_rajarathna 2 жыл бұрын
දිනේෂ් අය්යේ ඔයාගෙ videos මට නම් භාවනාවක්..ඒ වගේම හිත සතුටෙන් පිරෙනවා..මගේ රටේ සුන්දරත්වය එක්ක අපේ හිත් නිවනවාට ගොඩාක්ම ස්තූතියි..හැමදාම අලුත් දෙයක්, හොඳ ගුණධර්මයක් කියාදෙනවට බොහොම පින්..ජය වේවා 🍃💚
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි.. සොබාදහම එක්ක බැදිච්ච මිනිස්සු ටික්ක් ඉන්න එක ගැන තියෙන්නෙ පුදුම සතුටක්
@dilakmathennakoon7287
@dilakmathennakoon7287 2 жыл бұрын
Lassani aiya oyage vediyos.api gdak asawen balanwa.😍
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ලොකු පිරිස් අයියා නැද්ද.. එයාට කියන්න එයාට තිබ්බ ගෞරවය ආදරය තවත් වැඩි උනා කියලා.. යුද හමුදා විරුවෙක් ඔහු.. 🙏🙏🙏🙏 ඒකත් දැනගත්තෙ ඔයා නිසා...
@gimhanithathsarani8744
@gimhanithathsarani8744 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ....ඔයාට බුදුසරණයි .. හැමදාමත් වගේ අපේ රටේ ලස්සන තැන් අපිට පෙන්නනවට...❤️
@jananianupama7426
@jananianupama7426 2 жыл бұрын
ලංකාවේ මොනාද තියෙන්නේ ඇහුවොත් මෙන්න තියෙනවා ඒ සුන්දරත්වය.අපේ රට තරම් සුන්දර නිස්කලංක රටක් තව කොහෙන්ද🌸🇱🇰ස්තූතියි අයියේ♥️
@Chamila_J007
@Chamila_J007 2 жыл бұрын
අයියගෙ වීඩියො බලන්න ගත්ත මුල් දවසෙ ඉදල හැම එකක්ම මග නොහැර බැලුවා.සුපිරි ❤️ බුදුසරණයි ❤
@thiwa8719
@thiwa8719 2 жыл бұрын
මට නිදහසක් ලැබෙන හැම වෙලාවකම කාලය ගෙවෙන්නෙ අයියගෙ නිදහසෙ ගෙවන ජිවිතෙ අත්දැකිම් එක්ක.. ♥️💯
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
අපෙ සුන්දර ලන්කාවද කියල හිතෙනව . අපෙ රට කොච්චර ලස්සනට හදන්න පුලුවන්ද දෙවියනෙ .දෙසපාලනයක් නිසා කොච්චර අගාදෙකට වටිලද අපෙ සුන්දර ලන්කාව. 👍👍❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
වාසනාවන්ත රටක්.. අවාසනාවකට පාළනය කරන්නෙ රටට ආදරයක් නැති මිනිස්සු කොට්ටාශයක්
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
අයියා දකින කොට මාර සතුටුයි. Dawask වුණත් බලන්න පුළුවන් අයියා vlog eka ..වැඩි කතා ඕනි නැ..රත්තරන් හදවතක් තියෙන සුන්දර,සරල මිනිහෙක් ...ආදරෙයි හැමදාමත් අයියා ..අයියාව kawadaka hari දකිනවා saththamai ..mage ලොකු dream ekak ...ජය වේවා ❤🔥 🇱🇰 💪🤟❤
@tharukabimsara1606
@tharukabimsara1606 2 жыл бұрын
මේක බලද්දි අපිට හැගෙන්නේ අයියා එක්කම ගමනක් යනවා කියලා ඒ තරමට වටාපිටාවේ ඉන්න තැනත් අමතකයි...ප්‍රශ්නත් අමතකයි....♥️😍🍃
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 2 жыл бұрын
New look is really handsome . We are waiting for the new videos .keep it up aiya 💗🔥😍❤️‍🔥
@kavindubiness563
@kavindubiness563 2 жыл бұрын
යකාගේ පඩිපෙළේ වීඩියෝ එක පස් වෙනි වතාවටත් බල බල ඉදියේ, මේකෙ නොටිෆිකේෂන් එක එද්දී🥰🌿❤
@viveka4238
@viveka4238 2 жыл бұрын
සමාවෙන්න අයියේ බලන ගමන් හිතුනා අද video එක promotion එකක්ද කියලා අන්තිම වචනයෙන් තෙරුම් ගත්තා රට ට ආදරේ නිසාමයි මේ කියලා.මේ video එක බලලා විදේශීකයන් බොහෝ පිරිසක් අපේ රටට පැමිණේවා.අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰.තෙරුවන් සරණයි දිනේෂ් පරිස්සමින්
@vibetravelers9462
@vibetravelers9462 2 жыл бұрын
මෙ ගෙන්දගම් පොලවෙ , ස්වභාවදර්ම අම්මාගෙ ලස්සන අඩුවක් නතුව පෙන්නන ඔබට ගොඩක් පින්.වැඩිහිටි අම්මා සහා තාත්තා වරුන්ට යානොහැකි තැන් ඔබ පෙන්නීම ඔවුන්ට කරන ලොකුම මෙහෙයක්.සන්චාරකයෙක් හැටියට ඔබට මාගේ හදපිරි උත්‍තමාචාරය. ලොකුපීරිස් මෙ සන්චාරයට අවෙනැතෙ ඇයි කියල කැමතිනම් ඔබ කියන්න.ඔවුනුත් සිටියනම් සන්චාරය තවත් සුන්දර වේයැයි සිතනවා.
@nimalchaminda1865
@nimalchaminda1865 2 жыл бұрын
Great video 👏👏👏👍👍 watching from italy🇮🇹🇮🇹🇮🇹🇮🇹
@Hirusha2522
@Hirusha2522 2 жыл бұрын
හදවතින් පොහොසත් මිනිස්සු ඉන්න රටක් ❤️
@-avidanyan
@-avidanyan 2 жыл бұрын
අපේ රට කොයිතරම් ලස්සන රටක්ද. එ සොබාදහමේන් හරියට වැඩක් ගන්න පුලුවන් උන දවසක හො ඒ වාට්නා කම තේරුන්ගත්න පාලනයන් අපේ රට් බ්හිවේවා .🍀ලස්සන ගමනාන්තයක් සහෝදරයා ජයවේවා 💪
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
මගෙත් පාර්ථනාව එයමයි... ගොඩාක් ස්තූති ❤️🌿
@tharumilapanchalee8834
@tharumilapanchalee8834 Жыл бұрын
අය්යගෙ videos හරිම පිළිවෙලයි...ඒව බලද්දි හිත අමුතුම ලෝකෙක නවතිනව..ස්වභාව ධර්මයට අවංක වෙන්න, ආදරේ කරන්න පුරුදු උනේ අය්යගෙන්....තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනව අය්යට...
@travelsoul2842
@travelsoul2842 2 жыл бұрын
වෙනදා වගේම සුපිරී අයියේ😍😎 ගොඩක් දේවල් ඉගෙනගන්න චැනල් එකක්😎
@shashithpraveen7909
@shashithpraveen7909 2 жыл бұрын
Srilankan number #01 travaler ❤️
@rawithudeepa
@rawithudeepa 2 жыл бұрын
Drone shot ⁣ටික සුපිරියක් 😍❤️
@chandupananayakkara7185
@chandupananayakkara7185 2 жыл бұрын
මං පුරුද්දක් විදියට කරන දෙයක් මේක.මන් කවදාවත් අය්යා වීඩියෝ එකක් දාපු ගමන් බලන්නැ.මොකද මගෙ ඔලුව අව්ල් වෙලා ස්ට්‍රෙස් වැඩි උනාම මට මීට වඩා දෙයක් ඔලුව නිදහස් කරගන්න දෙයක් නෑ.මන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි පාන්දර 1.28යි.ටිකක් කල්පනා කලා අපේ හීන හරි සරල පොඩි ටිකක් තිබ්බෙ ඒ අතරේ යාලුවෝ එක්ක කොහෙ හරි යන එක නිතර ඔලුවේ තිබ්බා. අන්තිමට ඒ ඔක්කොම හීනම විතරක් උන හැඩක් දැනෙන්නෙ.මන් මේක ටයිප් කරන්නෙ ඇස් වල කඳුලු පුරවන් මගෙ රටට මෙහෙම කරන්නෙපා කියලා මුං ඔක්කොම ඉස්සරහ කෑ ගහලා කියන්න ඕන මට.
@sithumpathum3530
@sithumpathum3530 2 жыл бұрын
අම්මෝ දිනේෂ් අයියා ගොඩ දවසකින්, ❤️❤️ ලස්සනයි ජය වේවා 🙏 මේ වගේම තව ලස්සන වීඩියො එකක් ඕන
@enurakashmira5864
@enurakashmira5864 2 жыл бұрын
හැමදාම වගේ වීඩියෝ එක නම් සුපිරියක් අයියා. 🖐💖 ජයවේවා💯🤟
@malithishashikala9888
@malithishashikala9888 2 жыл бұрын
ආසාවෙන් අහන් ඉන්න පුළුවන් .. හරිම පැහැදිලි සහ ලස්සනයි 🖤
@thanugapabasara6120
@thanugapabasara6120 2 жыл бұрын
ගොඩක් කල් බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකන් ❤️❤️❤️
@mptechlk5595
@mptechlk5595 2 жыл бұрын
නියමයි අයියා ගොඩක් කල් බලන් හිටියා video එකක් දානකල්❤ good luck aiya❤
@isuwariamarasinghe7966
@isuwariamarasinghe7966 2 жыл бұрын
අනේ ගොඩක් කාලෙකින් අයියේ ,,ලස්සනයි හැමදාමත් වගේ හිත නිවන තවත් වීඩියෝ එකක් ගෙනාව ඔයාට ගොඩක් ස්තූතියි.❤🥰
@nishageeganage3159
@nishageeganage3159 2 жыл бұрын
Yet another excellent video, so proud to be a Sri Lankan. Thanks for showing these beautiful scenes and we all enjoyed them virtually along with you.
@vasanthasrikantha6512
@vasanthasrikantha6512 2 жыл бұрын
thank you for sharing this story. I wish I could watch this in big screen
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
මෙ පාර විඩියෝ එක නම් සුපිරි අයියා . කියන්න වචන නා විඩියෝ එකක් එනකල් බලන් හිටියේ. . මාරම ලස්සනයි හමදාම මෙ වගෙ ලස්සන විඩියෝ කරන්න සක්තිය ධෛර්යය ලබේවා. බලන්න බලන්න ආසයි .මටනම් බාවනාවක් . ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️ජයෙන් ජයම වේවා 👍👍👍 ඉස්සරහට ලස්සන විඩියෝ වලින් හම්බෙමු අයියා 👍👍👍👍👍👍👍🙏
@crownbrothers7303
@crownbrothers7303 2 жыл бұрын
Best travel youtuber ive ever seen that loves the nature soo much
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
ඔයාගේ අනිත් වීඩියෝ වගේ ම බොහොම සුන්දර වීඩියෝ එකක් අයියෝ..🌱🥰 නියමයි keep it up 🌺🌱
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 2 жыл бұрын
සමහරු කියනවා මෙයානම් වසනාවන්තයි සල්ලි ඇති, අපිට කොහෙද ඔහොම චාන්ස් කියලා, නෑ මෙ අවුරුදු ගානක් විදපු දුක් මහන්සියෙ ප්‍රතිපල, ලංකාවෙ හතර වටෙම අස්සක් මුල්ලක් නෑර අත පය කඩාගෙන කදු නැගලා සොබාදහම පස්සෙ දුවලා ලබා ගත්ත දෙවල්, පරිසරයට ආදරය කරලා ලබා ගත්ත දෙවල්, හැමදාම පරිසරය වෙනුවෙන් ජිවත් වෙච්ච මනුස්සයෙක්, හදවතෙ සංචාරකයා❤️ සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ඇත 🌿
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්ත ඒකයි....👏😊❤️
@nimeshikafernando3323
@nimeshikafernando3323 2 жыл бұрын
Harima lassanai oyage voice eka oya wagema .. 💜 oyage videos maru aiye.. balannna balannna asai.👌👌oya harima nihathamani aiye...👍❣️
@maheshkumara6667
@maheshkumara6667 2 жыл бұрын
වෙනදා සේම සුපිරියක් අයියා .. ලස්සනයි ... පලවෙනී විඩියෝ එකේ ඉදලාම ඔයාගෙ එක්ස්ප්ලෙන් නම් මරූ .. ඔයාගේ වීඩීයෝ එකක් කරන්න කලින් සූදානම සුපිරි නොදන්න ගොඩාක් දේ අපි ඉගෙන ගන්නවා ජය වෙවා
@sheneshdewmina1352
@sheneshdewmina1352 2 жыл бұрын
මාරයි අයියේ video එක නම් ජය වේවා ජේසු පිහිටයි 🧡🧡
@Anurasg
@Anurasg 2 жыл бұрын
Harima sundarama sancharayak Asaneepa wela inna mata mahamerak, Thank you Jayawewa
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
Thank you so much aiya.. Ikmanatama suwapath wewa..!
@shashikachathuranga9960
@shashikachathuranga9960 2 жыл бұрын
ලස්සනායි අයියා ඉදිරියටත් මේ වගේ ලංකාවේ ලස්සන සුන්දර තැන් අපිට බලන්න සලස්සන්න ඔයාට සුබ පැතුම්
@chageethedirisinghe430
@chageethedirisinghe430 2 жыл бұрын
මම දැකපු videos වලින් මම ආසම ලස්සනම ගමනාන්ත එකතුවක් කියන්න වචන නෑ හරිම ලස්සනයි Dinesh අයියේ .! ඔයාට සුබ පතනව මේ වගේ ලස්සන ගමනාන්ත වලින් ලස්සන videos කරන්න ලැබේවා කියල 🔥🍃❤️
@yohansenadheera682
@yohansenadheera682 2 жыл бұрын
හදවතේ සංචාරකයා❤️ තවත් නියම වීඩියෝ එකක්🔥 හැම මනුස්සයම රටට ආදරේ කලා නම් මීට වඩා රට ලස්සන වෙන්න තිබ්බා🧡
@kishankaminda3
@kishankaminda3 9 сағат бұрын
harima lassanai oyage hema video ekakma... Jayawewa dinesh malli ❤❤❤
@nishu6959
@nishu6959 2 жыл бұрын
Very beautiful brother,i appreciate your dedication and hard work and i wish you the strength and courage to continue to do things like this 💚❤
@EMMAMOTIVATION123
@EMMAMOTIVATION123 2 жыл бұрын
අපිටනම් ඕක දිව්‍ය ලෝකයක් .හැමවලේම ඔය විව් එක ගේ ඉස්සරහා 😍🍃❤️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
වාසනාවන්තයි
@lahirumadhubhashana174
@lahirumadhubhashana174 2 жыл бұрын
හැමදාමත් වගේ ලස්සනයි අයියා. නිහතමානී සංචාරකයා❤️🙏🙏 බුදු සරණයි
@nigelrf17
@nigelrf17 2 жыл бұрын
Really nice to see our country Paradise well captured and narrated . Best wishes for many more !
@bassa9820
@bassa9820 2 жыл бұрын
සුන්දර දවස් කීපයක් එක හෝරාවකින් අප වෙතට ගෙන ආ ඔබට ස්තුති අයියේ 💙💙
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 2 жыл бұрын
Great content , Good luck Dinesh aiya ❤ really appreciate your effort !
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
හී කොන්ඩෙ දික් වෙලා..😊😊වීඩියෝ එක නියමයි අයියා..
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
Drone Shot ටික නියමයි.ලස්සන ගමනාන්ත සියල්ලත් එක්ක ,ලංකාවේ ස්වභාවධර්මයේ අලංකාරත්වය පෙන්වමින් සංචාරක ක්ශේස්ත්‍රය නගා සිටුවන්න Travels ල විදිහට අපි මේ ගන්න උත්සාහයට අතිවිශාල සාධාරණයක් කලා කියල කිව්වොත් මන් නිවැරදියි...මගේ සුන්දර රටට සුබදායී කාලවකවානූවක් උදා වේවා .ජය වේවා දිනේශ් අය්යා ♥️🇱🇰🍃
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
වීඩියෝවේ ඇත්තම අදහස මෙයයි.. අපේ යුතුකම කල පසු හිත නිදහස්.. මේ වීඩියෝ එක ඇත්තටම කරේ එක විදේශීකයෙකු හෝ මේ හරහා ලංකාවට ඒවී., දුක් විදින මිනිස්සුන්ට පුංචි හරි සහනයක් වේවි යන උතුම් අදහස පෙරදැරිවයි.. ගොඩාක් ස්තූති සහෝ.. ඔබේ පැතුම එසේම වේවා..!
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
@@DineshAPathum අනිවාරෙන්ම අය්යේ..පුලුවන් උපරිමෙන් අපි අපිට පුලුවන් දෙ රට වෙනුවෙන් කරමු .අය්යගෙ පැතුමත් එ විදිහටම ඉශ්ට වේවා.. ♥️
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
අමිමෝ වස්තුවෙි ආදරෙයි ඇැැැ♥️♥️♥️
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 6 МЛН
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2,9 МЛН
Это реально работает?!
0:33
БРУНО
Рет қаралды 1,1 МЛН
小丑的猫咪摇太可爱了!#天使#小丑#家庭#搞笑
0:26
家庭搞笑日记
Рет қаралды 12 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 26 МЛН