Рет қаралды 164,212
රජ සියක්කාරයන් සොයා තලෙයිමන්නාරම තොටේ සිට ඉංදියාවේ රාමේෂ්වරම් දක්වා ඇති වැලි දූපත් වලට බෝට්ටුවෙන්.
මේ අප ගමන් ගන්නේ සිහින සංචාරයක ආරම්භයටයි. නාවික හමුදා මෙරීන්ස් ඒකකය විසින් ආරක්ෂා කරණු ලබන වැලි දූපත් වලින් එක් කොටසක් ඉංදියාවටත් අනෙක් කොටස ලංකාවටත් අයත් වේ. විශේෂ අවසරයකින් තොරව ඇතුලුවීම තහනම් කොට ඇති ප්‍රදේශයක් වන ආදම්ගේ පාලම හෙවත් වැලි පර ආසන්න වෙරළ කලාපයේ මේ මොහොතේදීත් දැඩි ආරක්ෂක විදි විධාන ක්‍රීයාත්මක වන්නේ, ලංකාව සහ ඉංදියාව අතර වන මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි දෑ සිදු කිරීමට ඇති පහසුම ප්‍රදේශය මේ ප්‍රදේශය නිසාවෙනි. මක්නිසාද යත්, තලෙයිමන්නාරම සිට රාමේෂ්වරම් (ධනුෂ්කෝඩි) දක්වා ඇත්තේ සැතැපුම් 18ක් පමණි. එයත් වැලි දූපත් වලින් සහ උපරිමය මීටර දහයක්,පහළොවක් පමණ ගැඹුරින් ඇති වෙරළ තීරයකි.
කෙසේ වෙතත් උදෑසන හිරු කිරණ තලෙයිමන්නාරම වෙරළ සිප ගනිද්දී තලෙයිමන්නාරම කලපුව ප්‍රදේශයේ කුඩා සංචාරයකින් පසු අප තිදෙනා ගොඩ බට වූයේ වැලි දූපත් දක්වා ගමන් කිරීමට නිසි අවසර ගැනීමකින් පසුව නාවුක හමුදාව විසින් ලබා දී තිබූ බෝට්ටුවට යි. ලා නිල් පැහැ වූ පැහැදිලි මුහුදු ජලය මත ඉදිරියට ගමන් ගත් අප රැදී සිටි බෝට්ටුව කෙමෙන් කෙමෙන් තලෙයිමන්නාරම තොටට සමු දී ලගා වූයේ වැලි දූපත් පෙනෙන මානයට යි.
පළමු වැලි දූපත දක්වා පා ගමනින් ගමන් කල හැකි අතර, අප පෙර දින හිරුගේ නික්ම යාම දක්වා සැදෑ කාලය ගෙවා දැමුවේ මේ පළමු දූපතේ කෙලවරේ සිටයි. දෙවන දූපත තරමක් කුඩා දූපතකි. තෙවන දූපත තරමින් වර්ග කිලෝමීටර දෙක තුනක තරම් වූ අතර එහි මදකට නතර වූයේ ඈතින් දුටු "රජ සියක්කාරයන්" රංචුවක් නෙත ගැටුනු පසුවයි. මේ දූපත "කුරුළු දූපත" නමින්ද සංචාරකයන් හදුන්වන අතර ජායාරූප ශිල්පීන්ගේත් සුප්‍රසිද්ධ ගමනාන්තය කි.
පැහැදිලි සහ සීතල මුහුදු ජලය මතට පැන ගත් අප සුදු පැහැ සිනිදු වැලි මත ඒ මේ අත ඇවිද ගියේ තවත් ග්‍රහලෝකයකට ගොඩ බට වූවාක් වැනි හැගීමක් පෙරදැරිව යි. තුන්වන දූපතේ සිට ඈත බැලූ කල ඉන් ඉදිරියට ඇති සෑම දූපතකම "රජ සියක්කාරයන්" අරක් ගෙන තිබුනේ දෑසට මනස්කාන්ත දසුනක් එක් කරමිනුයි.
නැවතත් බෝට්ටුවට ගොඩ බට වූ අප ඒ දෙසට කෙමෙන් කෙමෙන් ලගා වූයේ "රජ සියක්කාරයන්" ගේ සොදුරු ඉරියව් කිහිපයක් ඔවුනට බාධාවක් නොවන සේ ජායාරූප ගත කර ගැනීමටයි. මනස්කාන්ත වූ පක්ෂි සමූහයක් මෙලෙස වැලි දූපතකට වී කුමක් කරණු දැයි පැනයක් ඔබ හදවතේ පැන නැගුනාක් මෙන්ම, මාගේ හදවතේ ද පැන නැගුනේ මීට මාසයකට පමණ පෙර සිට මේ සංචාරය සදහා පිඹුරුපත් සකස් කොට සැළසුම් කල දිනයේ සිටයි.
පක්ෂි විද්යාඥයින්ගේ මතය නම් පක්ෂීන්ගේ ආරම්භය ඩයිනෝසරයන්ගෙන් පැවතගෙන එන වගයි. තවද පෙර ගාත්‍රා සහිතව ආරම්භ වන පක්ෂීන්ගෙන් ආරම්භය මීට වසර මිලියන එකසීය හැටක පමණ කාලයක් දක්වා දිව යයි. ඉන් පසුව පක්ෂීන්ගේ ප්‍රථමයා බිහි වී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් උරගයකුට තටු ලැබුනාක් මෙන්,කෙමෙන් කෙමෙන් විකාශනය වී අද මුලු මහත් ලෝකය පුරාම සිටින පක්ෂීන් විශේෂ ප්‍රමාණය දස දහසක පමණ වේ. තවත් දෙදහසක් පමණ වද වී ගොසිනි.
කෙසේ වෙතත් ලංකාවේ තලෙයිමන්නාරමට ආසන්න වැලි දූපත් දක්වා මෙම "රජ සියක්කාරයන්" එසේත් නැතිනම් "ෆ්ලෙමින්ගෝස්" පක්ෂීන් පැමිණෙන්නේ ලෝකයේ ඈත දේශයන් හී සිට කිලෝමීටර දහස් ගනනක් පියඹා විත් ය. ඒ පැමිණෙන්නේ ඉංදියාවේ නැගෙනහිර වෙරළ තීරය දිගේ රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර වැලි දූපත් සමූහයට යි. තවත් පිරිසක් යාපනයට ආසන්න ප්‍රදේශයන් දක්වා ගමන් ගනී. ශීත කාලය ගෙවී යන තුරු වැලි දූපත් වල සහ මන්නාරම අවට කලපු තීරයේ නිදහසේ කාලය ගත කරණ "රජ සියක්කාරයන්" විසින් මේ වැලි දූපත් වලට සහ ශ්‍රී ලංකාවට ගෙන එන්නේ අපූරු වටිනාකමකි.
අප උදෑසන සිට සැන්දෑ වන තුරුම ලංකාවට අයත් වැලි දූපත් සමූහයේ කෙලවරටම ගමන් කල අතර ඉන් එහා ගමන් කිරීමට නම් අපට විදේශ ගමන් බලපත්‍රයක් අවැසි බව විහිලුවකට මෙන් පැවසූවේ අප බෝට්ටුව පදවාගෙන ගිය නාවුක හමුදා නිළධාරියා විසිනි. තවද වැලි අතර සැගව සිටිනා වැලි පොළගුන් ගැනත් අනතුරු ඇගවූයේ ඔවුන්ට නිරන්තරයෙන් ම මුන ගැසෙන කරදර රහිත සහ විශ සහිත වැලි අතර කාලය ගෙවන තවත් මිත්‍රයකු ලෙසයි.
වෙනස්ම සුන්දරත්වයක් සහ වෙනස්ම පරිසර රටාවකින් හෙබි වැලි දූපත් වලට ඉහලින් රාත්‍රි කාලයට ඉංදියාවේ විදුලි එලි දැක ඇති නාවුක සහෝදරයන්ගේ අත්දැකීම් ගැන සහ තොරතුරු ගැන විමසමින් අප නැවතත් එන්නට පිටත් වූයේ "රජ සියක්කාරයන්" නිදහසේ කාලය ගෙවනා සොදුරු තෝතැන්නක් වූ වැලි දූපත් දෙස බලා සුසුමක් හෙළමිනුයි.
සුන්දර ගමනක අවසානය එසේ සනිටුහන් කල අතර තලෙයිමන්නාරම පුරා තවත් දිනක් හෝ දෙකක් සංචාරය කිරීමට කතිකා කරගත් ලොකු පීරිස් සහ මම වෙරලට ගොඩ බට වූයේ මුහුදු සැතැපුම් ගනනාවක් අප රැගෙන ගිය නාවුක නිලධාරීට සහ සාගරය සහ දේශය දිවි හිමියෙන් රැක ගැනීමට ඇප කැප වී සිටින මුලු මහත් "නාවුක හමුදාවටම" හද පිරි ස්තූතිය පුද කරමිනි.
ආයුබෝවන් මම දිනේෂ්.
A Journey to legendary dancing Islands of Adam’s Bridge || Rama Setu || Unforgettable Trip to far Tip of southern Sri Lanka
This was an incredible journey where we travelled through the thick jungle of Wilpattu and ended up in a once-in-a-lifetime opportunity to visit the talaimannar sand Islands. With proper permission, we were fortunate to get into a Navy boat to ride to 8 sand islands belonging to Sri Lanka. Another highlight of this video is it was the season for many migrant birds, especially Flamingos. It was unforgettable memory when we touched crystal clear sea waters on white beaches. I hope you will enjoy the thrill of the boat ride and the beauty of white beaches along with the wildlife of incredible Sri Lanka.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"