Saman Lenin - හත්තිLove (HaththiLove) | Official Music Video

  Рет қаралды 122,358

Saman Lenin

Saman Lenin

Күн бұрын

Saman Lenin - හත්තිLove (HaththiLove) | Official Music Video
Stream & Download: band.link/Hath...
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SamanLe...
ගංගොඩේ ගියා වැලක් සොයා ගන්ට කියා
ඉද්ද, සමන් වැල් තිබෙන්නා
පොහොට වැල් තිබෙන්නා
මදු වැල්, කටු වැල්, කරවිල, පතෝල, වට්ටක්කා, පත්තක්කා, වැටකොළු, පිපිඤ්ඤා
තුරුලතා ද නාරිලතා ද
කුසුමලතා ද සෙනෙහෙලතා ද
මොන හත්තිලව් ලතාවක් ද කියන්නට
මං දන්නේ නෑ
ප්‍රේමලතා අරගත්තා මගේ හිත..//
ගිණි විජ්ජුම්බරයයි අප්පේ දැන් නම්
මේඝ ලතා - විජ්ජු ලතා
වාන් බැම්ම උඩ හිටියට නොකර කතා
මාත් එක්ක තරහ නොවන් ප්‍රේමලතා
හෝ හෝ හෝ හෝ
යාන් ඔයේ රැළි ගානේ නෙරිය තියා
හීන් සැරේ යන ගමනට ආල වෙලා
හීන් එතන ගේ මිදුලෙදි දැම්ම කතා
ඕං දැනී අප්පච්චී උරණ වෙලා
අප්පච්චී උරණ වෙලා උරණ වෙලා උරණ වෙලා
වාන් බැම්ම...
හෝස් ගගා ඇවිලෙන පලි සෝලි අසා
ඩෝං ගිහින් අම්මණ්ඩි ත් පරල වෙලා..//
දෝස්මුරේ හැම පැත්තෙන් ඇහෙන නිසා
හූම් කියන බකමූණා වගේ වුණා
වාන් බැම්ම....
හෝ..හෝ...හෝ..හෝ...
රූං හඬින් හැම්මේ යන සියොතුන් හා
කෝං ගහෙන් රූටද්දී ඉර දෙයියා
හීං සැරෙන් එන්නම් යන්නට කැන්දා
ආං එතෙක් හිටු නොම වී තරහා
ගායනය : සමන් ලෙනින්
ගී පද : මහාචාර්ය J A P ජයසිංහ
සංනාද : සමන් ලෙනින්
Artist: Saman Lenin
Lyricist: Prof. J.A .P. Jayasinghe
Music: Saman Lenin
Copter cam operator: Shalitha Jayasundara
Photography: Saman Lenin & Navod U Niriella
Cast
Saman Lenin
Nilakshi Helapitiya
Lakshani Amarathunga
Nishan Sadeepa Kariyawasam
Madushani Kaushalya Herath
Hemamali Weerasuriya
Lighting: Navod U Niriella
Editor: Hasitha Prabhath
Colorist: Madhushan Rajapaksha
Boys troup
Jeewantha Pramod
Vijitha J Jayasekara
Thilina Rodrigo
Samidu Lakshan
Akash Nadun Madhuwantha
Girls troup
Dilani Madushika Amarasinghe
Pawani Malhari
Sapna Gamage
Thushani Chanika
Dhanu Thotawaththage
Makeup & Art
Chamara Anudath Rajapaksha
Make up Assistant : Madhuka Nuwan
Dance choreography: Neel Senanayake
Costumes
Hasangi Sewrangi
Chamara Rukshan
Musicians
Flute and Melodika : Indika Rajintha
All guitars : Mahendra Pasqual
All keys: Sugath Hettiarachchi
Violin: Madushanka Rathnayake
Drums and percussion: Saman Lenin
Track recorded at Susara studios & Arutha studios.
Mixed and mastered by Sugath Hettiarachchi.
Special thanks
Hemamali Weerasuriya,
Dayanimal Gunathilaka Of
"Weediyagida wlawaa"
Special thanks
Saman Kumarathunga,
Dean of the faculty of dance,
University of visual and performing arts,
Sri Lanka.
Ananda Bandara
Gaya Ramya Alwis
Song logo design by
Solutions Lanka (Pvt) Ltd.
Sudath Arangala, Managing Director
Chaminda Chandrakumara - CMO
Elmo Perera - Creative Manager
Special thanks :
Sahan Ranwala
Melani Perera
Liyana Pathirana Siriwardena
Thamara Nishanthi De Alwis
Niranjala Anurudhika Wijayarathna
Wasantha Bandara
Sankha Jayalath
Production manager : Liyana Pathirana Siriwardena
Follow Saman Lenin on Social Media;
Wild Life page: / singingclicks
Wild Life KZbin channel: www.youtube.co...
Facebook: / samanfolk
Instagram: / samanlenin
TikTok: / samanlenin
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3yad6BO
Spotify: spoti.fi/3roa60D
Follow Nilakshi Helapitiya on Social Media;
KZbin: bit.ly/Subscri...
Facebook: bit.ly/Nilaksh...
Instagram: / nilshihelapitiya
TikTok: / nilakshihelapitiya
#හත්තිLOVE #හත්තිlove #HaththiLove
#haththilove #haththilaw #haththilau #hasthilove
#sinhalasongs #sinhalafolksongs #sinhalanewsongs

Пікірлер: 394
@samanlenin
@samanlenin Жыл бұрын
ඔබගේ වටිනා අදහස comment කරන ගමන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි නිර්මාණය රසවින්දාට!
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
හැමදාමත් ඔබේ නිර්මාණයක් රස විඳින්නෙ අර්ථසම්පන්න චිත්‍රපටයක් රසවිඳින්නා සේයි ... මේ නිර්මානයයත් ඒ වගේමයි .. හැමෝගෙම දක්ශතා ඉහලයි ... excellent sir .. 💫💖❤️‍🔥
@sonakshi2017
@sonakshi2017 Жыл бұрын
Super
@Travelwitfamily
@Travelwitfamily Жыл бұрын
ඔබතුමන්ගේ නිර්මාණ ගැන අදහස් කියන්න තරම් අපිට හැකියාවක් නැ. ඒ ඒවා ඒ තරම්ම උසස් නිර්මාණ . 🙏🙏🙏 ඔබට බුදු සරණයි ..
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
වෙනදා වගේම සුපිරි හත්තිලව්වක්ම තමයී!!! උපරිමෙන් රස වින්දා.. කියලා වැඩක් නැහැ හැමෝමගෙම දායකත්වය ඉතා අනගීයී. ජයෙන් ජයම වේවා!!!!!
@pradeepkumaragp
@pradeepkumaragp Жыл бұрын
හොද අර්ථවත් විකාරූපී නොවන නිමැවුමකි. ජනසංගීතය හා මුසුව තිබෙන නිසා ඒක තවත් ලස්සනයි
@dinucreocreo2797
@dinucreocreo2797 Жыл бұрын
ලතාගේ හත්ති love. හැමදාම වගේ සිංහල ගීයේ ලකුණ ලෙනින් ♥️🇱🇰♥️
@ursulanigomez1605
@ursulanigomez1605 Жыл бұрын
සිංහල භාෂාව නැති වෙලා යන කාලේ...... මේ වගෙ ලස්සන සින්දු කරන එකට ගොඩක් ස්තුතියි!
@M.සංජීවනී
@M.සංජීවනී Жыл бұрын
අර්ථවත් නිර්මාණ බිහිකරනන්ට වෙහෙස වන ඔබ සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි.අපේකම මියෙන්නට නොදෙන ඔබතුමාට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
මහාචාර්ය ජේ ඒ පී ජයසිංහ කියන්නේ දශක ගණනාවක් තිස්සේ දේශීය නාට්‍ය කලාවට හා සංගීතයට පද රචනාවෙන් දායකත්වයක් දුන් මේ යුගයේ දක්ෂතම ගීත රචකයෙක්. ආරම්භයේ දී සාම්ප්‍රදායික සිංහල සාහිත්‍යයට නැඹුරුවී ගීත රචනා කළත් ගීත සාහිත්‍යයේ මෑත යුගයේ තරුණ පරපුර අතරේ ජනප්‍රියම ශිල්පියා බවට පත්වී සිටින සමන් ලෙනින් ශිල්පියාට අමුතුම මාදිලියේ ගීත සම්ප්‍රදායක් බිහිකිරීමට අත දෙන ආකාරයෙන් මහාචාර්ය ජේ ඒ පී ජයසිංහ මහතා විසින් ලියා ඇති පදමාලාවට සමන් ලෙනින් ශිල්පියා විසින් සපයා ඇති තනුව හා සංගීතය තුළින් සිංහල ගීත සාහිත්‍යයේ හා සංගීත ක්ෂේත්‍රයේ කර ඇත්තේ සැබැවින්ම විප්ලවයක්. බටහිර රැප් කලාව ඔස්සේ දේශීය අනන්‍යතාවයට අතාර්කිකව අභියෝග කරන නූතන තරුණ පරම්පරාවට විකල්පයක මුහුණුවරින් කදිම විසඳුමක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය ජයසිංහ හා සංගීතවේදී ගායන ශිල්පි සමන් ලෙනින් සමත්වී ඇත. තනුව හා ගායනය ඔස්සේ තරුණ පරපුරට දේශීය ආරයට බරවූ "රැප්" සංගීතයක් ඉතාමත් සාර්ථක අන්දමින් හඳුන්වා දී ඇත. එක් අතකින් බැලූවිට මෙම උත්සාහය කාව්‍යකරණයේ හා සංගීත ක්ෂේත්‍රයේ නවීකරණයක් සනිටුහන් කරන ඓතිහාසික කඩඉමකි. අනෙක් අතින් බලන කල යුගයේ අවශ්‍යතාවයක් සම්ප්‍රදායට හානි සිදු නොවන අන්දමින් ඉටු කර ඇති සමාජ සාධාරණත්වයකි. දක්ෂයින් දෙදෙනකුගේ පර්යේෂණාත්මක උත්සාහයක මල්ඵල ගැන්වුණු මොහොතක් ලෙස මෙම ගීතය හඳුන්වාදීමට මම පසුබට නොවෙමි. බටහිරකරණයට තිතක් තබන්න කලාකරුවෙකුට තනිව කළ නොහැක. එහෙත් එම සමාජ විපර්යාසය අපගේ සංස්කෘතික අනන්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සකසාදීම කලාකරුවන්ට කළ හැකි බව මෙම ගීතයෙන් මනාව ඔප්පු කර ඇත. (මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා) 14.02.2023
@samanlenin
@samanlenin Жыл бұрын
බොහොමත් ම ස්තුතියි දයාබර එඩ්වඩ් මහාචාර්ය තුමණි!
@manuwa6438
@manuwa6438 Жыл бұрын
@wasanthakumara4580
@wasanthakumara4580 Жыл бұрын
යතාර්ථය මෙයම නෙමේද.දෙමාපියන් දාල ගිහින් තමනුත් දෙමාපියන් උන දාට සියල්ල පැහැදිලි වනු ඇත.
@easycraft970
@easycraft970 Жыл бұрын
❤ශ්‍රී ලාංකීය ගීත කලාවේ 🇱🇰 " සිංහල සලකුණ"🇱🇰 ඔබතුමා වගේ කෙනෙක් මේ රටට බිහි කරපු අම්මටත් තාත්තටත් ජාති ජාතිත් ගොඩක් පින් 🙏 ගීතයකට කොයිතරම් දුරකට මිනිසුන්ගේ හිත් තුළට කිඳා බැහැලා ඔවුන්ගේ චින්තනයට කොතෙක් දුරට බලපෑම් කරන්න පුළුවන්ද කියලා පෙන්නන්න පුලුවන් දැනට අපිට ඉන්න කිහිප දෙනෙක් අතරින් ඔබතුමා ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් .🥇 🌹🌹🌹ඉදිරියත් ඔබට ජයෙන් ජය 🌹🌹🌹
@anujaleekodagoda817
@anujaleekodagoda817 Жыл бұрын
"සමන් ලෙ⁣නින් "කියන්නේ බ්‍රැනඩ් එකක් සර්.ලාංකික සංගිත කලාවේ හැරවුම් ලක්ෂයක් ඔබතුමා.හැමදාම වගේ අනර්ඝ නිර්මාණයක් .හදවතින්ම සුභ පතනවා සර් තව මෙවැනි නිර්මාණය කිරිමට.තෙරුවන් සරණයි සර් ♥️❤️‍🔥💚
@prageethadhikari218
@prageethadhikari218 Жыл бұрын
සුපිරි මහත්තයෝ ඒකනම්..... මේවගේ music, lyrics, visuals තියෙන නිර්මාණ ඉස්සරහට එන්නම ඕනේ 💙
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ලාංකේය ජනවිංඥානයේ අවශ්‍යතාව හා ස්වභාවය අවබෝධ කරගත් කලා නිර්මාණ අතලොස්සක් පමණ අප දැක ඇත්තෙමු. මෙයද එකී නිර්මාණ ගෝනනට අයත්වන අති අලංකෘත භාව ප්‍රකාශන නිර්මාණ අංගයකි. කිසියම් රටාවකට වියන ලද ගෙත්තමක් සේ හැඩ දමා ඇති පදවැලකට හීන් සීරුවට මුතු පබළු අල්ලන්නාක් මෙන් ස්පර්ශ කළ නාද මාලාවන් හා සමන් ලෙනින් වැනි මධුර සරභංඥයෙකුගේ ස්වර සංකලනයන් අපූරුවට ඔපදැමූ නිර්මාණශීලී නිමැවුමකි...👌👌👌👌
@samanlenin
@samanlenin Жыл бұрын
බොහොම ස්තුතියි ❤️🤝
@rumeshherath5349
@rumeshherath5349 Жыл бұрын
හත්තිලව්වේ..ගමේ තියෙන වැල් (ලතා) ඔක්කොම මේ ගීතයේ නේ..හරිම අපූරු පද රචනයක්..ගායනය ,සංනාද,එයටම ගැලපෙන වීඩියෝව..හරිම ලස්සනයි..එතෙක් මෙතෙක් මා අැසූ බැලූ වෙනස්ම විදියේ වෙනස්ම රසයකින් යුත් අපූරු නිර්මාණයක්..සමන් සර් අැතුළු කණ්ඩායමේ සියලුම දෙනාට සුබ පතනවා ..තෙරුවන් සරණයි..!හැමෝටම..🙏👌🔥❤❤❤
@ThakshilaUdani-qp7pn
@ThakshilaUdani-qp7pn 24 күн бұрын
ගීතයේ අලංකාරය කොමෙන්ටුවකට සීමා කරන්න හරි අමාරු නිර්මාණයක් 😊 ආදරය විරහව සෙනෙහස ආදී සෑම දෙයක් ම කැටි උන අනර්ඝ නිර්මාණයක්‌ ♥️
@chamoddilanka5794
@chamoddilanka5794 Жыл бұрын
මේක ඇයි මට මගහැරුණේ දවස් 6ක් යනකන්..
@madushanmadushan5658
@madushanmadushan5658 Жыл бұрын
ඉඳලා ඉඳලා එකක් දානවා ඉතිං හත්පොලටම හෙනගැහුවා ව⁣ගේ තමයි.වැඩේ ලස්සනයි ලෙනින් මාමා.🖤
@TechwithSandaruwan
@TechwithSandaruwan Жыл бұрын
විනාඩි පහ හයට නිකන්ම අතීත ගම්මානේකට ගියා වගේ
@Traditionalsuperfood
@Traditionalsuperfood Жыл бұрын
මේවා අහන්න රසවිදින්න හැමෝටම පින නෑ. අපේ ගීත. ජයවේවා අපේ ඇදුරාණෙනි.
@edwardpereradr.3514
@edwardpereradr.3514 Жыл бұрын
මහාචාර්ය ජේ ඒ පී ජයසිංහ කියන්නේ දශක ගණනාවක් තිස්සේ දේශීය නාට්‍ය කලාවට හා සංගීතයට පද රචනාවෙන් දායකත්වයක් දුන් මේ යුගයේ දක්ෂතම ගීත රචකයෙක්. ආරම්භයේ දී සාම්ප්‍රදායික සිංහල සාහිත්‍යයට නැඹුරුවී ගීත රචනා කළත් ගීත සාහිත්‍යයේ මෑත යුගයේ තරුණ පරපුර අතරේ ජනප්‍රියම ශිල්පියා බවට පත්වී සිටින සමන් ලෙනින් ශිල්පියාට අමුතුම මාදිලියේ ගීත සම්ප්‍රදායක් බිහිකිරීමට අත දෙන ආකාරයෙන් මහාචාර්ය ජේ ඒ පී ජයසිංහ මහතා විසින් ලියා ඇති පදමාලාවට සමන් ලෙනින් ශිල්පියා විසින් සපයා ඇති තනුව හා සංගීතය තුළින් සිංහල ගීත සාහිත්‍යයේ හා සංගීත ක්ෂේත්‍රයේ කර ඇත්තේ සැබැවින්ම විප්ලවයක්. බටහිර රැප් කලාව ඔස්සේ දේශීය අනන්‍යතාවයට අතාර්කිකව අභියෝග කරන නූතන තරුණ පරම්පරාවට විකල්පයක මුහුණුවරින් කදිම විසඳුමක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය ජයසිංහ හා සංගීතවේදී ගායන ශිල්පි සමන් ලෙනින් සමත්වී ඇත. තනුව හා ගායනය ඔස්සේ තරුණ පරපුරට දේශීය ආරයට බරවූ "රැප්" සංගීතයක් ඉතාමත් සාර්ථක අන්දමින් හඳුන්වා දී ඇත. එක් අතකින් බැලූවිට මෙම උත්සාහය කාව්‍යකරණයේ හා සංගීත ක්ෂේත්‍රයේ නවීකරණයක් සනිටුහන් කරන ඓතිහාසික කඩඉමකි. අනෙක් අතින් බලන කල යුගයේ අවශ්‍යතාවයක් සම්ප්‍රදායට හානි සිදු නොවන අන්දමින් ඉටු කර ඇති සමාජ සාධාරණත්වයකි. දක්ෂයින් දෙදෙනකුගේ පර්යේෂණාත්මක උත්සාහයක මල්ඵල ගැන්වුණු මොහොතක් ලෙස මෙම ගීතය හඳුන්වාදීමට මම පසුබට නොවෙමි. බටහිරකරණයට තිතක් තබන්න කලාකරුවෙකුට තනිව කළ නොහැක. එහෙත් එම සමාජ විපර්යාසය අපගේ සංස්කෘතික අනන්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සකසාදීම කලාකරුවන්ට කළ හැකි බව මෙම ගීතයෙන් මනාව ඔප්පු කර ඇත. (මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා) 14.02.2023
@pjayasin
@pjayasin Жыл бұрын
👃👃👃
@samanlenin
@samanlenin Жыл бұрын
බොහොමත් ම ස්තුතියි දයාබර එඩ්වඩ් මහාචාර්ය තුමණි!
@chamikasewwandi4207
@chamikasewwandi4207 Жыл бұрын
සිංහලකම රැකගෙන අලුත් නිර්මාණයක්.ලස්සනයි ❤💐..............මේක හත්තිලව්වක්.✌️
@weerappuligegayankosalafer2519
@weerappuligegayankosalafer2519 Жыл бұрын
හදි ගැහෙනා කලට හරියට සැපයි සිතා කැන්දා ඒවි හනි හනිකට සේල ඔතා පහුවෙන කලට මතුවේවී ඇතුලෙ සතා ඔය කොයි ලතත් එකවාගෙයි සමන් පුතා.
@kavindujayaweera6293
@kavindujayaweera6293 Жыл бұрын
Ambooo... eka 😅
@samanlenin
@samanlenin Жыл бұрын
👍❤️😀
@rkkavinda7617
@rkkavinda7617 Жыл бұрын
ඔයගොල්ලන්ගෙ හැම නිර්මාණයක්ම හරිම අර්තවත් ✌️🖤ඉදිරියටත් මෙවැනි වටිනාකමකින් යුතු නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏 #ජයවේවා ..❤️
@අකුරුරූප
@අකුරුරූප Жыл бұрын
හැමදාම නුඹේ නිර්මාණය රස විඳිනවා මයෙ පාසැල් සගයා..තෙරුවන් සරනයි ..ඉහලින් රස ..ආඩම්බරයක් බොහොම ...ජයවේවා හැමදාම
@thusharafrenando3615
@thusharafrenando3615 Жыл бұрын
නියමයී...,🥳🎁👑️ අපේ කමක් දැනෙන්න ඒ තාලෙනුත් තියේ එහෙනන්😊😊😊
@oshanaloka7229
@oshanaloka7229 Жыл бұрын
අද මෙලෝ රහක් නැති නව පරපුරේ ගීත එක්ක බලනකොට , ඉතා වටිනා අර්ථ ගැබ්ව ඇති ගීත, අතීතයට අපිව එක්ක යන ගීත ඉදිරිපත් කරන ඔබ ඉතා වටිනා පුද්ගලයෙක් මේ රටට...අනික් කාරණේ මේ ගීත කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. සංගීතය උනත් ඒමයි❤❤❤❤
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
ලස්සනයි ලෙනින් 🥰 film එකක් බැලුව වගේ මරු විශුවල් එක
@tharusha4351
@tharusha4351 Жыл бұрын
Athal 😌🤨w##l deep meaning ekk thiyenawa kiyala hithenne mata විතරයි ද??
@samithsvidanapathirana3206
@samithsvidanapathirana3206 Жыл бұрын
@Lakshani අක්කේ ගිණි විජ්ජුම්බරයයි.. .... good luck ඈ 😂 ..... ♥️♥️♥️♥️💐💐💐
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
අර පස්ස පස්ස කියලා ජරා,වල් සිංදු එක්ක හැප්පෙන්න , මෙහෙම සිංදු ත් හදන්න ඕනෑ ,නැත්නම් දැන් සද්ද විතරයි සිංදු වෙන්නේ , එල එල එල,,👍
@sumudu9876
@sumudu9876 Жыл бұрын
අයියෙ පුලුවන් නම් ශිව තාන්ඩය ඝණ තියල කියන්න......... 🙏🙏🙏🙏
@gayu__2005
@gayu__2005 Жыл бұрын
ඒක ලස්සනයි 😍මේ වගේ ලස්සන නිර්මාණ තව කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🤗සමන් සර්ගෙ මම ආසම සිංදුව 1818 අරගලය ඒකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.😊❤️✨
@winnervoicestudio-bma
@winnervoicestudio-bma Жыл бұрын
ඇත්තටම හුගක් ලස්සනයි කියන්න වචන නැහැ සමන් අයියා ❤🙏👌
@indikajayawardana4952
@indikajayawardana4952 Жыл бұрын
හැමදාම වගේ අලුත් වැඩක් සියලුම දෙනාට බෙහෙවින් ස්තතියි.
@janithperera8035
@janithperera8035 Жыл бұрын
අමුතු රහක් තියෙන්නෙ
@Nirwana360
@Nirwana360 Жыл бұрын
ලයනල් රන්වල සහ රෝහණ බැද්දගේගෙන් පස්සේ උම්බ නියමෙට ඒ සම්ප්‍රදාය නැවුම් ආකාරයන් ඉදිරියට ගෙනියනවා. පට්ට හත්තිLoveවේ!!
@ranjansilwa7509
@ranjansilwa7509 Жыл бұрын
Asama waddek..
@kavhewapathirana1390
@kavhewapathirana1390 Жыл бұрын
ලස්සන වෙනස් නිර්මාණයක්.ආසාවෙන් රසවින්දා.තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය දර්‍ය්ය ප්‍රාර්ථනා කරමි .
@watawalagenuwanyomal5245
@watawalagenuwanyomal5245 Жыл бұрын
හරිම වෙනස් ආරක්.
@megodawatte6734
@megodawatte6734 Жыл бұрын
හීන් සැරෙන් එන්නම් යන්නට කැන්දා... ආං එතෙක් හිටු... නොම වී... තරහා...♥️♥️♥️
@virajiniamarakoon980
@virajiniamarakoon980 Жыл бұрын
හැම නිර්මානයක්ම බලනවා හරිම ලස්සනයි මං ඔබතුමා කලුතර ජාතික සාහිත්‍යය සහතික ප්‍රධානෝත්සවය දවසෙ තමයි මුලින්ම දැක්කෙ එදා මම තමයි පද්‍ය රචනාවට ප්‍රතම ස්ථානයට සහතිකය ගත්තේ එදා ඉදල අද වෙනකම් ඔබේ හැම නිර්මානයක්ම බැලුවා ❤❤
@saminthamihirani4210
@saminthamihirani4210 Жыл бұрын
🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰🌞😘😘😘😘💗💗💗
@djrookie7162
@djrookie7162 Жыл бұрын
Superb.. ..something different .. u always rock brother ...all the best and good luck..mal sindu kale oyala unta adarshayak brother...do this different change the music industry ..jayen jaya ...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
විශුවල් හැදුවේ කවුද , පට්ට , නැටුම් ටිකෙන් මියුසික් එක නැගලා යන්නේ
@gd23ful
@gd23ful Жыл бұрын
රෝහණ බැද්දගේ ශූරීන්ගෙන් බැට්න් එක අරගෙන ඉදිරියටම යන්න ශුභ පැතුම්!
@prasadmanjula9649
@prasadmanjula9649 Жыл бұрын
ඔබේ නිර්මාණ අහනකොට දකිනකොට මට මතක් වෙන්නේ ලයනල් රන්වල මහත්මයා ඔහුත් ඔහුටම අවේනික ශයිලයකින් නිර්මාණ කලා ඔබත් ඒවගේ
@roshankurukulasuriya3440
@roshankurukulasuriya3440 Жыл бұрын
ගීතයේ වචන , සමන් ලෙනින් මහතාගේ කටහඩ , සංගීතය , රූප රචනය සියල්ලම විදින්න පුළුවන් නිර්මාණයක් . ස්තූතියි මේ සදහා සහභාගී වූ සියළුම දෙනාට. සංකල්පයට පණ දීමට සෑම අයුරකින්ම සහය වූ සැමට අනන්ත විශ්වයේ ආශිරි බහුලව ලැබේවා !!!
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
නැටුම් ටික ලස්සනට ගැලපෙන විදියට හදලා, මියුසික් එක ට මැච් වෙනවා , ඇක්ටින් සුපිරි , සිංදුව එලකිරි , බෑග්‍රවුන්ඩ් සුපිරි , 👍👍සමන් සුපිරි පිරි 👏👏👏
@malisandamali
@malisandamali Жыл бұрын
හරිම අපූරු සුන්දර නිර්මාණයක්. බලනකොට විරුද්ධ වෙලා තියෙන්නෙ හඳපානෙ ආපු ඈයො මයි. තව කීප සැරයක් බලන්න ඕනේ. ඊට පස්සේ මොනවා හරි කියන්නම්. 😍😍❤❤❤
@samanlenin
@samanlenin Жыл бұрын
😀🤝
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
කොයිතරම් ලස්සනයිද.❤. කියන්න වචන මදි.අතීතයේ සක්මන් කලා මගේ හිත.ඔබ තුමාට ගොඩක් ස්තූති .තවත් ලස්සන නිර්මාණ බිහිකරන්නට ශක්තිය ලැබේවා .
@lpsiriwardana7358
@lpsiriwardana7358 Жыл бұрын
ඇඟට දැනෙන අගැයීමකට lak kalauthu නිර්මාණයක් . Jaya වේවා මල්ලි ,නංගී
@sadanthidesilva7636
@sadanthidesilva7636 Жыл бұрын
ඔබේ සංගීත ජීවිතේ turning point එකක් වෙයි මේ සිංදුව. සුභ පැතුම් ❤️
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
නගරයේ තියෙන්නේ හත්තිලව් ලතාම තමයි..😐 සීපද ආරෙට ලස්සනට ගලපා තිබෙන ගීතයක් ඔබගේ ගීත තුළ ආදරේ අමිහිරි බව ගැබ් වෙලා තියෙනවා ❤️🖤 සුබ පතනවා ඉදිරි නිර්මාණ වලට 🙏
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
අම්මට මතක නැහැ එයාවත් හදපානේ කැන්දන් ආ හැටි! ඔය වැඩිහිටියො ඔහොමයි නයිදෙ! තමන් වැරදි කරල පොඩි එකාට හරි පාරෙ යන්න අච්චු කරනවා! 😁
@samanlenin
@samanlenin Жыл бұрын
@sewwandilakmali6591
@sewwandilakmali6591 11 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණ අපට රසවිදින්න දෙනවට👍
@malindadesilva1801
@malindadesilva1801 Жыл бұрын
නියමයි.. මචං කියන්න දෙයක් නෑ.. ❤❤ මම එක පාරටම දැක්කේ ජෝ අබේවික්‍රම වගේ.. 😂
@prasadkumarakbgdh9505
@prasadkumarakbgdh9505 Жыл бұрын
අලුතින් ගීතයක් එන්න ඇයි පරක්කු කියල බල බල හිටියේ, අපේ කමට වටිනාකමක් දෙන්න එකට බොහොම පිං ❤️
@erandasmart2375
@erandasmart2375 Жыл бұрын
යාන් ඔයේ රැළි ගානේ නෙරිය තියා.. හීන් සැරේ යන ගමනට ආල වෙලා...❤💓💗
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
මාමේ ගදඹ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ පුදපු තාලම් 32 ගායනාවක් අද කොතැනකවත් හොයාගන්න නැහැ.හැකි නම් ඒ අඩුව ඔබතුමා හෝ සම්පූර්ණ කරන්න.අනේ ඒ තාලම් හරිම ගාම්භීරයි.ඒවා ඔබේ හඬින් ගැයෙද්දි ඒවාට හිමි නියම වටිනාකම ලැබේවි.❤🙏
@isuruliyanage8520
@isuruliyanage8520 Жыл бұрын
ආයුබෝවන් ඔව් මග බලන් ඉන්නවා මාත්
@danajayagarusinhe2018
@danajayagarusinhe2018 Жыл бұрын
නූතනය එක්ක යන සුබාවිත නිර්මාණ වේවා ,,සමන් ලෙනින් හරියටම නිල අල්ලනවා ❤️❤️❤️❤️
@harisanweerahannadige2222
@harisanweerahannadige2222 Жыл бұрын
ඔයාට සුභ පතනවා ඉදිරියට කරන්න වැඩ ගොඩක්ම ඔයා අතේ.
@niranjalawijayaratna8676
@niranjalawijayaratna8676 Жыл бұрын
කියන්න වචන නෑ. සුපිරිම තමයි. වෙනස් වන ලෝකයේ, අපේකම රැකගන්න වෙර දරන, දුලබම කලාකරුවෙක්.......ජයවේවා.
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
සමන් ලෙනින් නමටත් ආදරෙයි.. ඔබේ ගීත මාර ගැම්මක්... අපේ. කම රටේ කම... අදටත් ගැලපෙන අතීතයටත් ගැලපෙන... අනාගතේටත් ගැලපෙන..ඔබේ ගීත රසය සුපිරි 💞💞💞💞💞💞💕
@namalwijesooriya9008
@namalwijesooriya9008 Жыл бұрын
ඔයාගේ KZbin එකේ තියන එකක් නෑර බලනවා,මේකත් අනර්ගයි ❤❤❤❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අප්පා කල දේ නොකොලොත් ඌ නොට්ටිගේ පුතාලූ .😁😁😁
@bhagyarajapaksha755
@bhagyarajapaksha755 Жыл бұрын
ඒක හරිම ලස්සනයි 🥺❤ මම saman sirge song වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ, ඒවා හරිම වෙනස් , රැල්ලට යන අඩා වැටෙන සින්දු වගේ නෙමෙයි, ඇස් වලට ලස්සනයි කන් වලට සනීපයි❤ ගමේ දේවල් දකිද්දී,
@priyanthajayathilaka3108
@priyanthajayathilaka3108 Жыл бұрын
අළුත් එකක් එන කල්තමා බලාගෙන හිටියෙ.(ලාහුගල)
@rasikanatureboy117
@rasikanatureboy117 Жыл бұрын
Your song is really good, but the colour grading is quite unsatisfying, Dancing is not suitable for your song i guess. Congratulations for your hard work.
@janakasaman5333
@janakasaman5333 Жыл бұрын
අපේකම අරන්...ලෙනින්..❤️❤️🔥🔥
@shalani.....
@shalani..... Жыл бұрын
මේ කටහඩ ඇහුවත් ඇති...බාවනාවක් මට න්ම්
@mithulamadushanka7406
@mithulamadushanka7406 Жыл бұрын
Lassanai..aneee..monthly song ekak release karanna..asai ahanna oyage me wage arthawat songs
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
ගිනි විජ්ජුම්බරයියි හත්තිලව්වෙ.. මාරම ලතාවක් ඒක. ගැමි සුන්දරත්වය වචනවල වගේම හඬෙත් ගැබ් වෙලා. ❤️❤️❤️❤️❤️❤️❤️
@fifteenseconds1487
@fifteenseconds1487 Жыл бұрын
මම ඒකට පට්ට love ❤
@isiwaraya
@isiwaraya Жыл бұрын
ලස්සනයි
@Pethumseya1
@Pethumseya1 Жыл бұрын
ලස්සනයි මේ නිර්මාණ වල⁣ට පිං
@tharangatc4811
@tharangatc4811 Жыл бұрын
මොන හත්තිලව් ලතාවක් ද කියන්නට මං දන්නේ නෑ 😂😂😂
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 Жыл бұрын
මල හත්තිලව්වයි 🤩
@nalineustasfernando4874
@nalineustasfernando4874 Жыл бұрын
ඔබ තුමාගේ නිර්මාණ හරි ලස්සන වගේම අර්ථවත් මේ වගේ අලුත් දේ කරන්න වැඩි වැඩියේ අවස්ථාව උදාවේවා ජේසු පිහිටයි!
@isharaamarasinghe3185
@isharaamarasinghe3185 Жыл бұрын
හැමදාම වගේ හරිම ලස්සන නිර්මාණයක් අයියෙ ♥️
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Ape kamata thenak labadhun obathumage geetha semada itha sathutin rasa windha. Harima lassanai ♥️. Jayen jaya wewa.
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Жыл бұрын
අර්ථාන්විත යුගයට අවශ්‍ය සුන්දර නිර්මාණයකි ෴ උණුසුම් සුභ පැතුම් 🏵️🌹🏵️🌹🏵️🌹🏵️
@kiaragraphics3193
@kiaragraphics3193 Жыл бұрын
ela.. obathumata dennama liyapu geethayak tiyenawa. kohomada denne?
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
ඔබතුමාගෙ නිර්මානයක් එනකන් හිටියෙ රසවිදින්න ❤️
@naadamusicworld1968
@naadamusicworld1968 Жыл бұрын
ආසම හඬක්,චරිතයක් සමන් ලෙනින් මහත්මයා❤️
@suroiranga9068
@suroiranga9068 Жыл бұрын
ගැමි සුවදත් එක්ක පුදුම විදිහට දැනෙන ගීතයක්... ස්තුතියි සමන් ලෙනින් ඇතුළු පිරිසට
@bsmusicstudio.
@bsmusicstudio. Жыл бұрын
❤❤කියන්න වචන නෑ. සුපිරිම තමයි. අපේකම රැකගන්න වෙර දරනකලාකරුවෙක්.......ජයවේවා❤❤
@nimnaluvi1214
@nimnaluvi1214 Жыл бұрын
කලින් වගෙම අදත්...ගායනය,වාදනය,රග දැක්වීම මැනවින් මුසුකර හොද සුසංයෝගක්... ජය වේවා!❤️✨️
@sacheevindya3445
@sacheevindya3445 Жыл бұрын
Ekath harima lassanai
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ඇතුලාන්තයටම විදින්න පුලුවන් විදිහට තමයි ඔබ නිර්මාණ බිහි කරලා තියෙන්නෙ එකින් එකට වෙනස් නිර්මාණ .ගැමි පරිසරය ,ගැඹුරු කට හඩ,👌🤩❤❤❤💐
@kamalajewa
@kamalajewa Жыл бұрын
පුදූම රසවින්දනයක්..තූති ගෝඩාක්
@thamaranishanthi8273
@thamaranishanthi8273 Жыл бұрын
Mare maru...... acting, singing, visual okkoma maru..... me wage niyama sinduwak enakam maga balan hitiya.... jaya wewa
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
Mara gammak ..mn harima priya karana gayakayek ...dan dakke song eka ❤❤❤❤❤
@tharangatc4811
@tharangatc4811 Жыл бұрын
මොන හත්තිලව් ලතාවක් ද කියන්නට මං දන්නේ නෑ 😂😂😂
@gayaramyaalwis9197
@gayaramyaalwis9197 Жыл бұрын
සැමදා භාවාර්ථ බහුල නිර්මාණාත්මක ගීත බිහි කරන්නට දරන ප්‍රයත්නය පැසසුම් කටයුතු යි. ජයවේවා !
@samanlenin
@samanlenin Жыл бұрын
ඔබ තුමා වැන්නෙක් මෙසේ ඇගයීම අපට මහත් සතුටකි. තෙරුවන් සරණයි!
@rumeshherath5349
@rumeshherath5349 9 ай бұрын
සදා අමරණීය සටහන්...ගයා රම්‍ය අල්විස් මහත්මයා...🙏🌼🙏😥
@chamararuwan5748
@chamararuwan5748 Жыл бұрын
Woow Patta boss
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
මම ආසම ඒ පරණ තාලෙට.... 🥺🤍💛
@sarathjayasinghe4826
@sarathjayasinghe4826 Жыл бұрын
ඉතාම රසවත් වගේම හාස්‍යජනකයි ,තව තවත් වටිනා රසවත් දේ අපිට දෙන්න ,ස්තූතියි .
@shalisrilanka9701
@shalisrilanka9701 Жыл бұрын
දළදා සමිදු පිහිටයි ... ජයම වේවා ....
@Dilum_Dissanayaka87
@Dilum_Dissanayaka87 Жыл бұрын
එක පාරටම දැක්කේ වෙන එකක් බං අයියේ
@SuperRoadend
@SuperRoadend Жыл бұрын
කෙටියෙන් ම කිව්වොත් ..හැමදේම තියෙනවා හරියට ම...නියමයි .
@radeeshkavinga5133
@radeeshkavinga5133 Жыл бұрын
ගෞරව කරන චරිතයක්❤️😻
@gaminijayasinghe1094
@gaminijayasinghe1094 Жыл бұрын
පට්ට නියමයි අයියේ ලස්සනයි. ජයවේවා. බුදු සරණයි!
@thegames8821
@thegames8821 Жыл бұрын
Lassani thavath getha godak ona lenin aiye.ape ubalage jevitha subaru ne.a hinda puluvan tharam nirmana one.adare hinda kiyanne.ape parana praveen a aya parana sindu tikama kiyanava.aluth ekak kiyanne ne
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,5 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
තනියම තමා ලේලි ඉරුවා
5:51
SL Today
Рет қаралды 131 М.
Saman Lenin | Lankare 2023
23:45
Pearl of Lanka Australia
Рет қаралды 5 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН