Thun Man Handiya (තුංමං හංදිය ) | Sinhala Film | Joe Abeywickrama

  Рет қаралды 324,018

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 283
@DilangaKariyawasam
@DilangaKariyawasam 4 ай бұрын
මෙවැනි විශිෂ්ට නිර්මාණ යු ටියුබ් දමා අනාගත පරපුරට බලන්න සැලස්විම ලොකු දෙයක් බෙහෙවි ස්තුතියයි ❤🙏
@msridancetroupe9391
@msridancetroupe9391 8 ай бұрын
මට අවුරුදු 21යි මම මෙක බලන්නෙ 2024.. දැන් කලේ. Films වලට වඩා මොකද්දො අමුතු හැගිමක් එනවා බලන්කොට. එ ප්‍රෙවින නලුවෝ අද හිටියන්ම්🥺 ජො අබේ වික්‍රමසිංහ මහාතා 🙏. මම තුන්මං හන්දිය පොත කියවලා තියනවා.. බොහොම ස්තුති එ හිතේ මාවගතු රුප දැක බලාගැනිමට සැලැස්වුවට❤
@ranjithwickramarathna4754
@ranjithwickramarathna4754 5 ай бұрын
ඒක ඇත්ත
@AllInonexnxx
@AllInonexnxx 3 ай бұрын
Ela
@Ushankbudd
@Ushankbudd 19 күн бұрын
ජෝ අබේවික්‍රමසිංහ නෙවෙයි, පුතා ජෝ අබේවික්‍රම
@NimeshaSandeepani-m9f
@NimeshaSandeepani-m9f 4 ай бұрын
මේ වගේ යුගයක ජීවත් වෙන්න අපිට පින නෑ කොච්චර දුශ්කර උනත් මාරම සුන්දර❤යි
@kanchanaperera5800
@kanchanaperera5800 Жыл бұрын
මම හරිම ආශාවෙන් මේ comment එක ලියන්නෙ !!!!! මගෙ සිත 60 දශකයේ මුලටම ගමන් කළා . රදාවාන මා ගේ උපන් ගම . ගැමි කම උතුරා ගිය ගමක් එකල .!!!! කුඩා කල අකුරු කළ පාසැල , ඒ අසල තිබූ විශාල පැරණි අම්බලම , කොස් ගස් සෙවන , තු0 ම0 හන්දිය මැද තිබූ අතු පතර විහිදුණු විශාල අන්දර ගස , හන්දිය මායිමේම තිබූ පොල් මෝල !!!!සියල්ලම අතීතයෙන් එබී බලන සුන්දර මතකයන් !!!! ගස් කොලන් ගහන , පොල් අතු සෙවිලි කළ කුඩා කඩ මණ්ඩිය !!! ඉතා කලාතුරකින් පමණක් වාහනයක් ගමන් කළා මතකයි . ගොවිතැනම පෙරටු කර ගත් ගැමි සමාජය !!!! අද එම පරිසරය සෑහෙන අය්‍රකින් නවීකරණය වී ඇත . මහා කලාකරු මහගමසේකරයන් ගම අළලා නිපැයූ මේ සිනමා පටය රූ ගත් කිරීම් බැලීමට කුඩා දැරියකව සිටියදී වැඩිහිටියන් සමග ගියා මතකය . එදින තිබුණේ කඩය තුල දර්ශනයයි . ගැමුණු විජේසූරිය , ස්වර්ණා මල්ලවාරච්චි පෙනී සිටි එම දර්ශණය කිහිප වරක් රූ ගත කරන අයුරු අප එදා බලා සිටියේ කුතුහලයෙන් මඩනා ලද සිත් වලිනි !!!! අප ගම වෙනුවෙන් මහගමසේකරයන් දැක්වූ කෘත ගුණ භාවයට මාගේ ප්‍රණාමය සැමදා පුදමි !!! තු0ම0 හන්දියේ බිම් කඩ තුල දී පැවති ඔහු ගේ අවමන්ගල්‍යය ද අද මෙන් මා මනසේ තැන්පත් වී ඇත මළ හිරු බසිනා සැන් දෑ යාමේ ඔහු තු0ම0 හන්දියෙන් සදහටම සමු ගත් අයුරු !!!! ගොම්මන් අදුරේ බටහිර අහසේ රත් පැහැ වළාවන් එක්වී තිබුණි . එදා මෙන් අද ත් නෙතට කදුළක් එක්කල තු0 ම0 හන්දිය සිනමා පටය සදා මතකයේ රැදෙනු ඇත . ඒ වෙනුවෙන් තම හැකියාවන් කැප කළා වූ සැමටම මාගේ ගව්‍රරවනීය ප්‍රණාමය පුදමි !!!!!
@indi107
@indi107 11 ай бұрын
😥😥😥
@gayankumara7848
@gayankumara7848 10 ай бұрын
ඔබතුමාගේ පදිංචිය කොහෙද
@nisansalakumara1461
@nisansalakumara1461 6 ай бұрын
හරිම ලස්සනයි comment එක❤
@amilasadaruwan5516
@amilasadaruwan5516 5 ай бұрын
හරිම ලස්සනයි comment එක ❤❤❤❤❤
@Renuka-n3k
@Renuka-n3k 5 ай бұрын
දැන් පදින්චිය ගම්පහ .... නමුත් තරුණ කාලය ත් පසු කර ජීවත් වූ ගමට මම සදා ආදරය කරමි ..... මා එදා විදි නිසන්සල , සුන්දර පරිසරය අද එහි ඇත්තේ අල්ප වශයෙන් ..... ඉමක් නොපෙනෙන පාලු පොල් වතු වැසෙන්නට අද ඇත්තේ ගොඩනැගිලිය ..... තු0ම0 හ0දිය සිනම පටයෙහි පිලිඹිබු දන්නේ එආ මා දිවි ගෙවූ ගම ය .... කාලය සියලු දේ වෙනස් කර ඇතැයි මම සිතමි .....
@Nishaya722
@Nishaya722 Жыл бұрын
සරල ජීවිත....අපි මොනවා පස්සෙද මේ වේගෙන් දුවන්නේ.. මේ ඉන්න ශිල්පියෝ කී දෙනාද ජිවතුන් අතර අද ඉන්නෙ 😔
@isurudananjaya510
@isurudananjaya510 10 ай бұрын
😥
@iamknoxpresley
@iamknoxpresley 10 ай бұрын
ජෝ අබේවික්‍රම මහතා තරම් ගැමි කම පෙන්නපු තවත් නළුවෙක් ලංකාවට බිහි උනේ නැහැ❤ රටක් විදිහට ආඩම්බරයක් ඔබ වන් අයෙක් ලංකාවෙ ඉපදුණු එකට සර්❤
@ChathuraSubash-vy6zn
@ChathuraSubash-vy6zn 2 ай бұрын
😍☺️☺️
@ChathuraSubash-vy6zn
@ChathuraSubash-vy6zn 2 ай бұрын
@sehanisewwandi2
@sehanisewwandi2 7 ай бұрын
මම තුංමං හන්දිය පොත කියෙව්වට පස්සේ ඒ කතාව ට ගොඩක් ආස හිතුණා. මං ආසම ලොකු මාමා ට එයාව මට දැනෙන්නේ මගේ පවුලේ කෙනෙක් මං දන්න කෙනෙක් වගේ ඇත්තටම මට මේ කතාව හිතේ මැවිලා තිබ්බා. මං හරි ම ආසාවෙන් හිටියේ මේකෙ film එකක් එනවනම්. පස්සෙ දැනගත්තේ film එකක් තිබිලා කියලා. ඇත්තටම මේක හදවතට දැනෙන කතාවක් ❤❤❤
@Chanu-c6x
@Chanu-c6x 6 ай бұрын
මමත් ආසම ලොකු මාමා ට. ඇත්තටම කතාව හිතට දැනෙන වා
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
මුලු චිත්‍රපටයම එකම වීඩියෝවකට ඇතුල් කර ප්‍රේක්ෂකයා තෘප්තිමත් කිරීම ගැන ටොරානා අධිපතිතුමා ඇතුලු සියලුම දෙනාට ස්තුතියි.
@buddhismagainstnature8930
@buddhismagainstnature8930 10 ай бұрын
මේක නම් පුදුම ලස්සන චිත්‍රපටයක්. හරිම මානුෂික හැඟීම් ...... තාත්වික රංගනයන්.... හරිම ලස්සනයි . ඔබට ගොඩාක් ස්තුතියි
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 4 ай бұрын
ජෝ අබේවික්‍රමගේ තවත් සුපිරි රංගනයක්.
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 9 ай бұрын
මට මේ film බලද්දි හිතෙනවා ඇත්තටම ලංකාව වෙනස් උනේ අපරාදේ කියලා...ඉස්සර වගේම ඉන්න තිබුනානම් කියලා.😢
@asankaupul6569
@asankaupul6569 4 ай бұрын
ඇත්තටම 😢 ඇත්ත
@mangalikapriyanthi9762
@mangalikapriyanthi9762 2 ай бұрын
Ow habai viyali kalpea nathuwa baddegama kiyawanakota gam epawenawa
@Slbigchein-go2dj
@Slbigchein-go2dj 2 ай бұрын
සිරාවටම❤
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 Жыл бұрын
බොහෝ පින් මේ වගේ චිත්‍ර පට දානවට 🙏❤️
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 6 ай бұрын
මම තුන් මං හන්දිය පොත දහ පාරකට වැඩිය කියවා ඇත❤❤❤ සාමාන්‍ය පෙළ රසාස්වාද විභාගයට ආසාවෙන්ම ලීපු රසාස්වාදය එයයි❤❤
@w.athilinawathie4957
@w.athilinawathie4957 11 ай бұрын
පාසල් කාලෙට ආපහු ගෙනියන පරන නොවෙන කලාකෙත්.... රැක ගත් සැමටත් ඉදිරිපත් කළ සැමටත් ස්තුතියි !
@Athapaththu88
@Athapaththu88 Жыл бұрын
සේකර චරිත වලට පණ දීල තියෙන විදිය මාරයි.ඒ චරිත වලින් එලියට එන වචන තුන්කල් විනිවිදින සුළුයි.ඒ චරිත සමාජෙ එක එක පැලැන්ති ළඟදි ඔවුනුත් නොදැනම එක එකා ළඟදි අසරණ වෙන විදිය තුන් මං හන්දියේදි හරි ලස්සනට පෙන්නල දෙනව.තවත් දෙයක් සේකර මේකෙදි අපිට පෙන්නනව.ඒ තමයි අපේ රටේ තියෙන දේශපාලනික ආර්ථික සහ සමාජයීය බංකොලොත්භාවය.සේකර මේ චිත්‍රපටය කරන්නෙ 1970දි විතර.මේකට වස්තු විෂය සමහරවිට ඊටත් එහා සමාජ අත්දැකීමක් විය හැකියි සේකරගෙ.මේකෙ එක දෙබසක මෙහෙම කියනව.. "තමුසෙ දැනටමත් රුපියල් විස්සක් ණයයි.අපිත් සල්ලි දීල එපෑ මේව ගේන්න.ඕං නිකං ගේනව නම් නිකං දෙන්න පුළුවනි...." "ඇත්ත තමයි මුදලාලි...කොළුවට හොඳටම අමාරුයි...බෙහෙත් ගේන්නවත් සල්ලි නෑ." "තමුසෙලට වගේම තමයි අපිටත්.." මම මේ කමෙන්ට් එක ලියන වෙලාවෙදි අපේ රටේ තුන් මං හන්දිය චිත්‍රපටය හැදිල අවුරුදු 53ක් ගිහිං...😊😊ඒ වගේම 2023 වෙද්දිත් අපි ලෝකෙට ණයයි ආර්ථිකව සමාජයීයව මෙන්ම දේශපාලනිකවත්වත් අපි බංකොලොත් මේ වෙද්දිත්.
@ShashiniWharsha-t3s
@ShashiniWharsha-t3s 22 күн бұрын
oya wage aya ratata adarshayak
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
අහම්බෙන් හම්බුනා ලස්සන ඇමතුම හැගීමක් අපේ ලස්සන පැරණි සිංහල සිනමාව... මාරම වටිනවා 🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️
@samithsuranga9428
@samithsuranga9428 10 ай бұрын
Aniwa
@tv6076
@tv6076 9 ай бұрын
✨✨✨
@ChanakaPrtyasanka
@ChanakaPrtyasanka 8 ай бұрын
Yes
@ThusithaGamlath
@ThusithaGamlath 8 ай бұрын
Apita adatath ithuruwela tiyenne pArana dewalwitharai
@susanthakumara6312
@susanthakumara6312 2 ай бұрын
Oya koheda,
@gnhettinayaka8956
@gnhettinayaka8956 10 ай бұрын
1982 03 25 වෙනිදා අපේ ගෙදරට මුල්ම දවසේ ගෙනාපු ටීවී එකේ බලපු මුල්ම චිත්‍රපටය ලස්සන ෆිල්ම් එකක්
@HAKPerera
@HAKPerera Жыл бұрын
කඳුලක් ආවා ජෝ අබේවික්‍රම ශූරීන් සහමහගමසේකරයන් වෙනුවෙන්
@bandara153
@bandara153 9 ай бұрын
අපි ගුරු ගීතය ගැන කතාකරත් අපිට තුංමංහන්දිය අමතක උනා... අබිලිං සිඥ්ඥොගෙ කැපකිරීම, සමහර පරමාදර්ශී ජීවිත තුළද යම් යම් අඩුපාඩු ඇති බව ඒවගෙ හොද පෙරාගෙන අඩුලුහුඩු කම් අයින් කරගෙන ජීවිතය ජයගන්න හොද ආදර්ශමත් පෙලක්.... වෙලාවකට හිතුනා තණමල්විල කොල්ලෙක් එකෙත් ඒකද උනේ කියලා.
@mrbeanmrbean-xo7bm
@mrbeanmrbean-xo7bm Жыл бұрын
මෙම චිත්‍රපටය මේ විදිහට හරි මිනිසුන් අතරට යන එක ගැන මට ඇත්‍තටම ආඩම්බරයි... සීයගෙ තව චිත්‍රපටයක් තියනව "සත් සමුදුර" කියල... ඒකනම් youtube එකේ තිබුණ...❤
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 8 ай бұрын
කවුද සීයා...🤔
@Ushankbudd
@Ushankbudd 19 күн бұрын
එදත් අදත් කවදත් මහගමසේකරයන් අමරණීයයි..❤❤❤❤❤.අද කාලෙ ළමයින්ට බලන්න මෙහෙම හරි මේ වටින නිර්මාණ තිබීම ගැන මේවා පලකරන ඒ උතුම් මිනිසුන්ට ස්තූතියි..ජෝ අබේවික්‍රම කියන්නෙ අපේ රටේ සිනමාවෙ හිටපු දැවැන්තම චරිතයක්..ඒ ප්‍රතිභාවට සමකරන්න කෙනෙක් නෑ..ඒවගෙම ශාන්ති ලේඛා මහත්මිය එකවර හැඟීම් 100ක් වත් පෙන්නන මූණක් ඇයට තියෙන්නෙ
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
පසු ගිය දිනක මම ගියා රදාවානේ මේ තුං මං හන්දියට . එතන දැන් හරි දියුණුයි. එතන මම දැක්කා මහගමසේකර මහතාගේ පිළිරුවක් තිබුනා. මේ තැන යක්කල හංදියෙන් කිරිදිවැල පාරේ (මාර්ග අංක 231 ) ගියාම තමා තුංම්මංහන්දිය හමුවෙන්නෙ.
@PriyanthaKumara-yn9pq
@PriyanthaKumara-yn9pq Жыл бұрын
Very good and very nice bro
@ar1920
@ar1920 Жыл бұрын
😌thank you very much
@YameeraKumara-wh2gr
@YameeraKumara-wh2gr Жыл бұрын
Àñà àsài
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කරාට ❤😊🎉
@callofthewild6514
@callofthewild6514 Жыл бұрын
❤❤❤❤❤
@dsengineering145
@dsengineering145 Жыл бұрын
ඒ සියලු නිර්මාපකයින්ට බොහොම ස්තූතියී.❤.
@sithijahasarel4406
@sithijahasarel4406 Жыл бұрын
නොමියෙන ජෝ තාත්ත්වික රංගනයක්. ලස්සන ෆිල්ම් එකක්
@BandaraDisanayaka-wp4jq
@BandaraDisanayaka-wp4jq Ай бұрын
ඇත්තටම විශිෂ්ට නිර්මාණ මෙවා 🙏❤ අගය කල යුතුයි 💯
@sriyaranasinghe5088
@sriyaranasinghe5088 Жыл бұрын
මේ මගේ ගම.මගේ පාසල. ඒ කාලෙ නම රදාවාන මහ විදුහල.සතුටුයි දැක්කම තුන්මන් හන්දිය.
@GimsharaVibuthi
@GimsharaVibuthi 10 ай бұрын
මේ film එක කරලා තියෙන්නෙ රදාවාන ගමේමද? ඔය පාසැල තාම තියෙනව ද?
@kamalapiyasili3009
@kamalapiyasili3009 10 ай бұрын
ඔව්
@gayankumara7848
@gayankumara7848 10 ай бұрын
මොක්කද පාසලෙ නම
@kamalapiyasili3009
@kamalapiyasili3009 10 ай бұрын
මහගමසේකර මහ විදුහල
@palithachathuranga7713
@palithachathuranga7713 Ай бұрын
@@sriyaranasinghe5088 kawuda sirisenata inna actor
@indikabandaradiwarathna2350
@indikabandaradiwarathna2350 Жыл бұрын
මේ ෆිල්ම් අපිට ගොඩක් වටිනවා..මේ වගේ ෆිල්ම් නිෂ්පාදනය කරපු වර්ෂය නිෂ්පාදකයන් ප්‍රධාන නළු නිළියෝ ගැනත් විස්තරයක් මුලින්ම දාන්න..සමහර දේවල් අත්තටම අපි දන්නෑ..ස්තූතියි ඔබට ඔබතුමාට
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
අග්‍රගණ්‍ය නලු නිළියන් රැසක් දැක්කෙමි.හරිම සතුටුයි
@ven.sellakataragamagnanala6960
@ven.sellakataragamagnanala6960 10 ай бұрын
අද සංකල්ප දුප්පත්කම කොච්චර ද කියලා තේරුම් යන්නේ මෙවැනි යුගයක මෙවැනි නිර්මාණයක් බැලීමෙන්.
@lakmalisilva6678
@lakmalisilva6678 11 ай бұрын
මා සිත් ගත්තාවූ ඒ ලාලනි විජේරත්න වරකාගොඩව අදුර ගන්නත් බෑ ඒ කාලෙ films කොච්චර ලස්සනද
@AshanPasindhu
@AshanPasindhu 6 күн бұрын
තුන්මං හන්දිය...ඔබ කුමන දිශාවකට ගියද අවසානය එකම නැවැතුමක් වේ...!!! යතාර්ථය ..!!!දුලභ මනුශ්‍යස්වාභාවයන්..!!!
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 Жыл бұрын
මේ මම බලපු අපේකම අපට දීපු හොඳම චිත්රපටිය .එක පාරක් නොව කීප වාරයක් බැලුවා .ඒත් එපා වෙන්නෑ.
@jayanathlk
@jayanathlk Жыл бұрын
තවත් පරන මේ වගේ ෆිල්ම් දාන්න අපි ගොඩාක් ආසයි පරන ෆිල්ම් වලට ස්තූතිය ඔයාලට 🙏
@ashandihara3814
@ashandihara3814 Жыл бұрын
රදාවානේ මහගම සේකර පාසලට ගිය රදාවානේම ඉන්න මන් ❤
@geewananda
@geewananda Жыл бұрын
How wonderful. My father taught there while Sekara was a student!
@kanchanaperera5800
@kanchanaperera5800 Жыл бұрын
I too studied there until 1967 . Radawana is my home town . Sekera , K .Jayathilaka , and D.D Dias ( author of silumina paper ) all studied at Radawana Maha Vidyalaya those days . Calm and quiet , uncorrupted era has gone now .!!!!!
@kanchanaperera5800
@kanchanaperera5800 Жыл бұрын
These three studied at the same period at this school as far as i know .
@JpanLIFE35447
@JpanLIFE35447 Жыл бұрын
Me also sekara
@LIFe-ig8zz
@LIFe-ig8zz 11 ай бұрын
ඒ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මගෙ සීය. දසනායක ඉස්කෝලෙ මහත්තය.
@RangaPriyantha-mz9ig
@RangaPriyantha-mz9ig Жыл бұрын
තුංමං හන්දියේ අබිලිං අප්පුහාමි ත් මං වගේ ඇස් කදුලින් පිරුනා මගේ හිත කියවපු චිත්‍රපටයක්...ජෝ අබේවික්‍රමයන් ගේ විශිෂ්ට රංගනයක් පුදුම ආදරයක් ඇතිවුනේ...අපේ රට දුයුනු නොවී මේ වගේ තිබ්බනම් මේ වගේ පරාර්තකාමී මිනිසුන් කොච්චර බිහිවෙයිද
@kosalakekulandara8919
@kosalakekulandara8919 10 ай бұрын
පොතත් අරන් කියවන්න
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 9 ай бұрын
Ai oya wage kiyanne
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 8 ай бұрын
ඔය දියුණු නොවී තිබුණා නම් කීවේ වෙන රටක් ද නැත්නම් ඔයාට දෝදු
@RangaPriyantha-mz9ig
@RangaPriyantha-mz9ig 8 ай бұрын
@@arawindaranasinghe1121 විමලරත්න කුමාරගම ගේ අයියනායක කවිපන්තියේ එන මොලයෙන් තමා ලෝකේ සුවය නැතිවුනේ.අන්න ඒගැන මම කිවුවෙ යාලුවා
@peshaladumidu1718
@peshaladumidu1718 11 ай бұрын
මෙවැනි ලස්සන රටකට රාජපක්ෂ හොර හැත්ත කරපු අපරාධයක් 😭😭😭😭😭😭
@rvandephili
@rvandephili 8 ай бұрын
Anivaryen
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
දැන් දරුවන් ට දඬුවම් කාලාම ගුරුවරුන් ට ගහන්න එනවා මේ දර්ශනය කොච්චර ලස්සන එදා සුන්දරත්වය අද ස්වභාවික පරිසරයේ th නෑ අතිතය කොච්චර සුන්දර ද
@sanjayafernando7941
@sanjayafernando7941 9 ай бұрын
ගුරුවරු කරන වැරැදි වලට දඬුවම් කරන්න බැරිද එතකොට ?
@RaniduJayanga
@RaniduJayanga 3 ай бұрын
ඒ කාලේ දෙමාපියන්ට ඕනේ වුනේ තමන්ගේ දරුවෝ ලැජ්ජා බය ඇතුව හදාගන්න. දැන් එහෙම ළමයි ගොඩයෝ වගේ අම්මලාට හිතෙන්නේ
@lakmalisilva6678
@lakmalisilva6678 11 ай бұрын
මමත් මේ කාලෙට වඩා කැමති ඒ කාලෙට හරිම සුන්දර කාලයක්
@MahindaThilakarathna-hu1ff
@MahindaThilakarathna-hu1ff 10 ай бұрын
සිරිසේනට ඉන්න කොල්ල හරිම ලස්සනයි ❤️‍🔥
@iamknoxpresley
@iamknoxpresley 10 ай бұрын
ඇත්තටම අබිලිං අප්පුහාමිල වගේ ගොඩක් අය ඒ කාලෙ හිටිය😢
@altair_1983
@altair_1983 5 ай бұрын
මේ ෆිල්ම් එක 1970 රූ ගත කරාට පෙන්නන්නෙ 1970 කාලෙ වගේ නෙවේනෙ.මොන කාලෙද මේ
@piyushanmalaka9585
@piyushanmalaka9585 Жыл бұрын
වටිනාම සිනමා නිර්මාණයක්❤️
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 5 ай бұрын
මට තාම හිතාගන්න බෑ මෙයාල රගපානවද නැත්තං කවුරුහරි ඇත්ත සිදුවීම් හොරෙන් වීඩියෝ කරලද කියලා. එච්චරට තාත්විකයි. දැන් ඉන්න සීනිබෝල එක්ක මෙයාල මොනතරම් විශිෂ්ඨද. අති විශිෂ්ඨයි
@jagunasena6928
@jagunasena6928 Жыл бұрын
හොඳ චිත්‍රපටයක් පසුබිම් සංගීතය තොරතෝංචියක් නැතිව සවනට වද දෙයි.අපට රසවිඳින්නට එය මහා බාධාවක්
@chandanisubhasingha8172
@chandanisubhasingha8172 9 ай бұрын
rasawidinna yanna epaaa
@gamisuwada2389
@gamisuwada2389 Ай бұрын
Music එක තියෙන්නෙ එ වචන වල භාවයන් ඉස්මතු කරන්න.එහෙම හිතලා රසවිදින්න.ලොකු වෙනසක් දැනෙයි🫂
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
නියම චිත්‍රපටය ❤
@asankanuwan4723
@asankanuwan4723 11 ай бұрын
හරිම ලස්සනයි පරන චිත්‍රපටි.කොච්චර බැලුවත් එපා වෙන්නැ.
@GimsharaVibuthi
@GimsharaVibuthi 10 ай бұрын
ලෝක සිනමාව ජයගන්න පුලුවන් තරන් නිර්මානයක් . ජො අබේවික්‍රමයන්ගෙ රගපෑම හිතා ගන්න බැරි තරම් විශිෂ්ටයි. පුතාට රගපාන කෙන ගැන විස්තරයක් නැද්ද....?
@palithachathuranga7713
@palithachathuranga7713 Ай бұрын
Ane kawuda a
@shadiraamani2466
@shadiraamani2466 6 ай бұрын
සිංහල සිනමාවේ යුග පුරුෂයා ජෝ අබේවික්‍රම.❤
@kavindananayakkara5125
@kavindananayakkara5125 10 ай бұрын
අතිශය උසස් නිර්මාණයක්. සේකර වැනි විශිෂ්ඨ පෞරුෂ අද සමාජය හරි හැටි කියවා නොමැති කම නිසා අපට ගත හැකි මහගු වටිනා ආදර්ශ කාලයේ වැලි තලාවෙන් මැකී ගොසිනි. ඔබට නිවන් සුව නොපතමි. නැවත අප අතර ඉපදී සමාජයක් කලාවෙන් සුවපත් කරන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි.
@susanthakumara6312
@susanthakumara6312 2 ай бұрын
ගැමි ජිවිතය කොච්චර ලස්සනද,,,,,,,
@Renuka-n3k
@Renuka-n3k 4 ай бұрын
මහගමසේකරයාණෙනි , තු0ම0හ0දියට අදට ත් ඔබ අමතක නැත . කාලය බොහෝ වෙනස්කම් සිදුකර ඇත ... එදා ගොම්මන් සන්ධ්‍යාවේ තු0ම0හ0දියෙන් ඔබ නික්ම ගියේය ... " ඔබ මළ ත් ඔබේ ගී නොමළ බැවින් අපි කෙසේ ගී ලියම් ද ?" එදා සනිටුහන්ව තිබූ වැකිය අදට ත් මා මනසෙහි රැදී ඇත .. සෝ සුසුම් හද පත්ලෙන් නැගී ආවේ ගිනි දලු ලෙසිනි... මැන්දිස් රෝහනධීර වියතාණන් අවමගුල් සභාව මෙහෙයවමින් සිටියේය ... මළහිරු බැසයමින් තිබෙද්දී චිතකය ගිණි ගැනුණි ... කදුලුවැල් රූරා වැටෙමින් තිබිණ.... අමරදේවයන් ගේ "මළ ඉර බසිනා සැන්දෑයාමේ " ගීතය ඔබේ පදවැල් ය ... එය පසුබිමින් වාදනය වෙද්දී අදුර ත් සමග ඔබ යන්නම ගොසිනි .... එදා තාරුණ්‍යයේ අභිමුව සිටි මම සොවින් බරව , හුදකලාවම නිවස කරා පිය නැගුවෙමි ... ඈත අහස අග්ගිස්සෙන් රත් පැහැ හිරු නොපෙනී යනු මා බලා සිටියේ වාවා ගත නොහැකි ශෝකයකිනි ... අඩ සිය වසක් ගත්වූවද එදා අත් විදි ශෝකය අදටත් දැනෙන්නා සේ ය ... රදාවාන නිජ භූමියෙන් බිහි වූ තවත් එක් කලාත්මක , සන්වේදී හදවතක සිතිවිලි මෙලෙසින් සටහන් කරන්නෙමි !!!!!
@VishmithaDenuwan
@VishmithaDenuwan 10 ай бұрын
කොච්චරක් දේවල් උගන්නන්න හැදුවත් ගෙදර වෙච්ච මළගෙදර අන්තිම අකුරු පහ හය ගහන්න ඉතුරු වුනේ මාමගෙ අකුරු ශිල්පය...❤ අපිට හිතන්න තැනක්...
@altair_1983
@altair_1983 5 ай бұрын
ෆිල්ම් එකේ මුල් ටිකේ ඉන්න ලමයා - 🧒 උගෙ කටහඩ - 🧔‍
@Renuka-n3k
@Renuka-n3k 3 ай бұрын
Film එක රූ ගත කරන කාලයේ එයා ළමාවියේ .... හඩ කවන කාලෙ ( ඩබින් ) එයා තරුණ වියට එළඹෙමින් ඉන්නෙ .... මේ film එක නිම කරන්ඩ කලක් ගතවුනා ... රූ ගත්කිරීම් කළේ රදාවාන ( මගේ ගම ) අවට ප්‍රදේශවල ... මම රූ ගතකිරීමක් බලන්ඩ ත් ගියා ... ඒ කාලෙ මට වයස අවුරුදු 7 යි !!!!
@altair_1983
@altair_1983 3 ай бұрын
@@Renuka-n3k wow ❤️😀
@harithwalisinghe1028
@harithwalisinghe1028 10 ай бұрын
හැම සතියෙම වගේ යන එන තැනක්. තුමංහන්දිය ❤
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ගොඩක් ස්තූතියි.
@nimalr5111
@nimalr5111 11 ай бұрын
A great movie. I am from Millathe, Kirindiwela which is very closer to Radawana thum man handiya. Almost all actors except Wijeratna Warakagoda are deceased. Great artists and Mahagama Sekara gets the best credit.
@IranganiBandara-x9u
@IranganiBandara-x9u 4 ай бұрын
Maarama watinawa. Jeewithaya gena supiriyatama pahedili wena nawakathawak . ❤❤❤❤❤❤❤❤❤❤
@sampathsampathroo8672
@sampathsampathroo8672 Ай бұрын
අනර්ඝ නිර්මාණ 🎉🎉🎉🎉
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
මම තුංමංහන්දිය බලන 6යවෙනි පාර❤❤
@pereraperera2100
@pereraperera2100 Жыл бұрын
ඉස්සර සෙලෝ පට පුදුම ලස්සනයි ❤😘🌹
@warunadissanayake
@warunadissanayake Ай бұрын
තුංමං හන්දිය පොත ගැන අහලා කිබුනට කියවලා නැ අද අහම්බෙන් දකින්න ලැබුනා එදා සමාජය මොන තරම් සුන්දරයිද..❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මෙච්චර කාලයක් තුං මං හන්දිය නොබැලූ මං 🤪
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 Жыл бұрын
එකමසාදුකාරයකින්හසුරුවන්නපුලුවන්රටක්අදකොතනද....බුදුන්ට.අපහාසකරන.එකදැන්උගතුන්බුද්ධිමතුන්යයිකියාගන්නාඅවජාතක.අමණයින්ගේස්ටයිල්එකක්වෙලාමිසවෙනදියුනුවක්නෑඋගතුන්ගෙන්සිවුරක්අල්ලගනතර්ක.කරනව
@econsukitha127
@econsukitha127 11 ай бұрын
අපේ පැරණි ගම්වල අපේ ජීවිත කතා
@damithlakmal3208
@damithlakmal3208 Жыл бұрын
පින් සිද්ධ වෙනවා ❤ කෙල්ලෙක් ඒ හැමදෙනාටම
@NalikaKalpani
@NalikaKalpani 2 ай бұрын
2024 බලන්නේ. ගොඩක් ලස්සනයි
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 11 ай бұрын
R A සිරිසේන කියන්නේ මහගම සේකරගේ ජීවිත කතාව බව හැගෙයි
@shanakasuriyaarachchige451
@shanakasuriyaarachchige451 Жыл бұрын
A Wonderful tribute to Mahagamage Sekara. This is the time we should read more about Sekara. Thank you Torana Team.
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
පුදුම සතුටුයි...සේකර මහත්තය ට නිවන්සුව .....
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ආ පරණ එකක්. බොහොම ස්තූතියි මහත්තයා.
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 2 ай бұрын
ලස්සනයි
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 Жыл бұрын
අපේ සිනමා ලකුනක්❤
@samanthakandamby6799
@samanthakandamby6799 Жыл бұрын
Parani adatath ashawen balanna puluwan nirmana thanks torana
@tuan4u71
@tuan4u71 9 ай бұрын
Old is gold flim thanks torana
@hughglass8281
@hughglass8281 10 ай бұрын
SriLnkan best ever joe❤
@ruwanmadushanka886
@ruwanmadushanka886 10 ай бұрын
මේ වගේ චිත්‍රපට බලන්න මාරම ආසයි
@sasikanisansala989
@sasikanisansala989 8 ай бұрын
Mn radawane.mahagamasekare iga aganna labima satutak you ❤❤❤❤❤adarei mage widu bimata .mage rameshuth mta muna gahune pasalen
@NimeshaSandeepani-m9f
@NimeshaSandeepani-m9f 4 ай бұрын
කතාව කියවල තිබුන නිසාම් බලන්නත් ආසම හිතුනා..❤
@dissawije8544
@dissawije8544 Жыл бұрын
අපේ ගමෙත් මේ වගේමයි.හැබැයි ඔච්චර දියුනු නෑ.හේන් ගොවියො තමයි වැඩිපුර.දඩයම් කතාබස් හරිම රසවත්
@naradamadushanka5044
@naradamadushanka5044 Жыл бұрын
Koheda
@Nethu..9726
@Nethu..9726 Жыл бұрын
Kohed gama👀
@nuwanchameera1272
@nuwanchameera1272 9 ай бұрын
Godaak sthuthi mewanu watina film 🎥 🎞 pradarshanaya karanwata🙏🙏🙏
@sandyatharangani1474
@sandyatharangani1474 10 ай бұрын
Enna ape gamata Api Radawana Thumman handiye ❤ Sekara hitapu dakapu than balanna
@udeshdilshan3837
@udeshdilshan3837 4 ай бұрын
ලස්සන කතාවක් ❤❤
@KeshmaSwetha-qo4he
@KeshmaSwetha-qo4he Жыл бұрын
mahagam sekara nomiyana namayaki ape hada thula ❤️‍❤️‍
@Micmahesh-o4x
@Micmahesh-o4x 11 ай бұрын
මෙව්වා සිනමා❤❤❤ ජෝ
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj Жыл бұрын
මේවා එච්චර කාලයක් දැකගත්තා අයට පින් සිද්ධ වෙන්න ඕන
@chathurkaweerasinghe
@chathurkaweerasinghe 7 ай бұрын
dn tiyana film wlt wda mewa kochchara lassanada❤❤❤❤❤ one of my favourite❤
@pasinduweerasuriya6136
@pasinduweerasuriya6136 11 ай бұрын
ලස්සනයි ❤️ රගපානවද කියල හිතන්නවත් බෑ
@RuwanSenayaka
@RuwanSenayaka 9 ай бұрын
Godak lassana fillm ekak..mage hitha wasata ganak athethayata gena giya..as kadulin theth una nodanèma
@tvkaludeliyatv5171
@tvkaludeliyatv5171 Жыл бұрын
මගේ අම්මගෙ ගම මේ...
@SithuminaGroups
@SithuminaGroups Жыл бұрын
ස්තුතියි මැතිතුමනි
@swetha744
@swetha744 5 ай бұрын
🥺❤
@ranjithkumara8449
@ranjithkumara8449 Жыл бұрын
තුන් මං හන්දිය ❤❤
@wasanthadasanayake2961
@wasanthadasanayake2961 7 ай бұрын
Great Film. Great Director
@chandanakumara251
@chandanakumara251 8 ай бұрын
අපරාදෙ ලංකාව,,මෙ ෆිල්ම් එක වගේ තිබ්බා නම් මගේ රට කොච්චර ලස්සනද,,,මගේ පොඩි කාලෙ අතීතෙට අරංගියා,තුංමංහංදිය,,
@nethyajanithma325
@nethyajanithma325 9 ай бұрын
දැන්ද දුයුණු ද කියලා හිතෙනවා. ඉස්සර හරි සරලයි 😂
@thamiramadusanka5868
@thamiramadusanka5868 4 ай бұрын
අනේ පිඪුසිටානෝ... අනෙ අනෙ අනෙ.😂😂😂
@MaheshikaKumarii
@MaheshikaKumarii Ай бұрын
Mn me balana palaveni vathawa. ❤
@dumindasamarawickrama3795
@dumindasamarawickrama3795 Жыл бұрын
thanks for the uploading , old is gold
@sellakkaraya574
@sellakkaraya574 Ай бұрын
රගපානව නෙවෙයි චරිත ඇතුලෙ ජිවත් වෙනව
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 9 ай бұрын
Joe Abeywickrama❤
WeliKathara ( වැලි කතර ) | Sinhala Full Movie
2:07:28
Torana Video Movies
Рет қаралды 182 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 269 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 420 М.
පරිණත | Hiru Tele Films | 2024 -08 -03
1:05:42
Hiru TV
Рет қаралды 125 М.