Upper Bambarakanda Camping Night | Uda Bambarakanda | Sri Lanka | Couple Camping Night

  Рет қаралды 1,272

Maliyai Raviyai

Maliyai Raviyai

Жыл бұрын

ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලෙහි උඩ කඳවුරු රාත්‍රිය.
බඹරකන්ද දිය ඇල්ල යනු ශ්‍රී ලංකාවෙහි උසින් වැඩිම ඇල්ල වන අතර එහි උස මීටර් 263 කි. බලංගොඩ, කළුපහනෙහි පිහිටා ඇති මෙම සුවිසල් දිය ඇල්ල ඉතාමත්ම සුන්දර දසුන් මවනා දිය ඇල්ලකි. දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ දිය ඇල්ලක් වන බඹරකන්ද ඇල්ලට පිවිසීම සඳහා කළුපහන හංදියෙන් හැරී කිලෝමීටර 4ක පමණ දුරක් යා යුතුය.
අපි දෙන්නා ගිය වර සංචාරය කරනු ලැබුවේ යක්ෂයාගේ පඩිපෙලහි වන අතර එය කිලෝමීටර 24 ක පාගමනක්. ඒ සංචාරයේදී අපි දෙන්නා ලංකා ඇල්ල, උඩ ලංකා ඇල්ල, බඹරකන්ද ඇල්ල සහ වැලිවංගුවෙහි කෑම්පින් කලා. නමුත් අපි දෙන්නට එදා එක තැනක් මිස් උනා. ඒ තමයි උඩ බඹරකන්ද ඇල්ල. ඒ නිසා ඒ සංචාරයෙන් හරියටම මාස 5 කට පමණ පසු අපි දෙන්නා මෙවර සංචාරය සඳහා උඩ බඹරකන්ද ඇල්ල තෝරාගත්තා. උඩ බඹරකන්ද ඇල්ල කියන්නේ නම් මාරම ලස්සන තැනක්. උඩ බඹරකන්ද ඇල්ලේ පොඩි ලස්සනම ඇල්ලක් තියෙනවා. අපි දෙන්නා කෑම්ප් කරේ ඒ ඇල්ලේ පාමුල. බඹරකන්ද ඇල්ලේ උඩ පොඩි වීව් පොයින්ට් එකක් තියෙනවා. ඒ වීව් පොයින්ට් එකට ගියාම අපි දෙන්නා මීට කලින් තරණය කරන ලද වංගෙඩිගල කන්ද පැහැදිලිව දක්නට ලැබුනා. මීට අමතරව මීට පෙර අපි දෙන්නා සංචාරය කරන ලද යක්ෂයාගේ පඩිපෙල මාර්ගය ද පැහැදිලිව දක්නට ලැබුනා. බඹරකන්ද ඇල්ලේ ඉඳන් උඩ බඹරකන්දට නගින්න යන්නේ විනාඩි 15 ක් වගේ. පයිනස් කැලේ ඇතුලෙන් උඩට නගින්න තියෙනවා. ඒ මාර්ගයේම ගියොත් උඩහට වැලිවංගුවට පවා යන්න පුලුවන්. ඔයාලත් යනවානම් බඹරකන්ද විතරක් බලලා හැරිලා යන්න එපා. උඩහට ගියාම තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. කළුපහන හංදියෙන් උඩ තියෙන්නේ මාරම ලස්සන පාරාදීසයක්. ඔහියට එනකම් ආපු අය දන්නවා ඒ සුන්දරත්වය.
ඔබත් එහි යනවානම් එම සුන්දර පරිසරය විනාශ කිරීමෙන් වලකින්න. පා සටහන් පමණක් එහි තබා මතකයන් ඇතුලුව අනෙකුත් සියලුම දේ රැගෙන යන්න.
මෙවැනිම සුන්දර සංචාරයකින් නැවත හමුවෙමු. ඇවිදින ජීවිතයට ජය!
මලී
------------------------
Travel Video Toolkits
- GoPro Hero 8
- Boya By M1
- GoPro Hero 5
Edited By
- Adobe Premiere Pro CC
- Adobe Photoshop CC
.
.
.
.
Thanks for Watching!

Пікірлер: 28
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 Ай бұрын
@TravelPisso92
@TravelPisso92 4 ай бұрын
supiri
@ayomalgoonasekara1805
@ayomalgoonasekara1805 11 ай бұрын
Amazing brother ❤️
@maliyairaviyai1148
@maliyairaviyai1148 10 ай бұрын
Thank you bruhh 💖🌹🥀
@ShihabdeentheCyclist
@ShihabdeentheCyclist Жыл бұрын
Brother welcome to Sembuwatha matale with your friends
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Sure. ✌️
@saranisandeepa8691
@saranisandeepa8691 Жыл бұрын
Awesome ❤
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Thank you! Cheers!
@nimasvlogs6764
@nimasvlogs6764 Жыл бұрын
Awesome 🇱🇰🌿🥰
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Thank you! 😃
@ShihabdeentheCyclist
@ShihabdeentheCyclist Жыл бұрын
Supiri brother
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Thanks
@saranisandeepa8691
@saranisandeepa8691 Жыл бұрын
Awesome ❤🎉
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Thank you! Cheers!
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi Жыл бұрын
සුන්දර ගමනාන්තයක්
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
අනිවාර්යයෙන් 💖
@The_traverler
@The_traverler 4 ай бұрын
Matara koheda oyala
@ShihabdeentheCyclist
@ShihabdeentheCyclist Жыл бұрын
Don't take noodles much instead of use some dry food such as rotty pre made from home with a tuna salad
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Sure. We prepare noodles cuz its really easy to prepare. ✌️
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 Жыл бұрын
Ane e ballata kanna mokuth dunne nadda?
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
Apith ekke hitiye api knne bonne dunne nisa thamai. ✌️🙏🏻
@chamodigayathri1193
@chamodigayathri1193 10 ай бұрын
Oyala koi kaleda giye?
@maliyairaviyai1148
@maliyairaviyai1148 10 ай бұрын
31/05/2023
@ShihabdeentheCyclist
@ShihabdeentheCyclist Жыл бұрын
Tea eke kahata aasaawatath dekalwath nea ne 😂
@maliyairaviyai1148
@maliyairaviyai1148 Жыл бұрын
තේ කොල ගේන්න අමතක උනා. 😁✌️
@chefaSL
@chefaSL 2 ай бұрын
Othana safe da inna
@maliyairaviyai1148
@maliyairaviyai1148 2 ай бұрын
වහින කාල වලට පොඩ්ඩක් අවදානම්. ඒ කාලෙට පයිනස් කැලේ කෑම්පින් කරන එක තමයි හොඳම.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 466 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 25 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
HIKE එක (Types of Hikers)
5:14
Meanwhile in SL
Рет қаралды 1,8 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 466 М.