Mageth premaya Liyapan | Sanjeew Lonliyes මගෙත් ප්‍රේමය ලියාපන් | Audio Song

  Рет қаралды 27,649

AMU MUSIC LIFE

AMU MUSIC LIFE

Күн бұрын

Пікірлер: 179
@KeheliyaK
@KeheliyaK 3 күн бұрын
මේක මේ සිංදුවට ලියන විචාරයක් නෙමෙයි. මේ වගේ ලස්සන නිර්මාණයකට විචාරයක් ලියන්න තරම් හැකියාවක් මට කොහෙත් ම නෑ. ඒත් මේ පද වැල් ටික මුලින්ම අහපු දවසේ ඉඳලා අද වෙනකනුත් ආය අයෙත් මේ වචන ඇහෙද්දී මගේ හිතට ආපු අදහස් මේකේ කොමෙන්ටුවක් විදිහට කොටන්නේ නැතුව ඉන්න මට හිත දෙන්නේ නැති නිසා මෙහෙම ලියන්න හිතුනා. අපි අද ජීවිතේ මොන තරාතිරමක, මොන stage එකක හිටියත්, අපිට වැඩියෙන්ම ආදරේ හම්බෙලා තියෙන්නේ අපේ දෙමව්පියන්ගෙන්. හැබැයි සමහරවෙලාවට ඊටත් වඩා දයාවක් ආදරයක් මතු වෙන තැනක් තියෙනවා නම් ඒ ආච්චිලා , සීයලාගේ ආදරේ. අම්මලා තාත්තලා සමහරවිට ළමයි ගැන හිතලා තමන්ගේ ආදරේ දරදඬු කරගද්දී අපේ ආච්චිලා සීයලාගේ ආදරේ දෝරේ ගලනවා. "පොසොන් දන්සැල් තෝසෙ නත්තල් කේක් හැන්දක් කවාපන්" සීයෙක්ට තමන්ගේ පුංචී මිණිබිරී කැමති ම කෑමක් නොදී ඉන්න හිත හදාගන්නේ කොහොමද? තමන් මේ ලෝකේ දැකපු,විඳපු, ගරුකරපු විවිද විචිත්‍ර රසවල්, සංස්කෘතීන් පුංචි මිණිබිරියට රසකරන්න, රසවිඳින්න නොදී කොහොමද? රසවිඳින්න පුරුදු නොකර කොහොම ද? මට මොකක් හරි හේතුවකට මේ වචන ටික ඇහෙද්දී මතක් වෙන්නෙ, ටවුමේ තියෙන රස ම කඩචෝරු ටික අම්මලාට හොරෙන් පුංචි මිණිබිරී ට ගෙනත් දෙන සීයා කෙනෙක් . මොකක් හරි හේතුවකට මේ සීයා ට ඒ දේ කරන්න බෑ. හේතුව අපි පස්සේ බලමු. ඉතින්, දෝණිට ආදරේ ට අම්මලා දාන නීති නිසා මේ රසවල් දෝණිට විඳින්න නොදී ඉන්න එපා, ගැලපෙන කාලෙට දෙන්න කියලා තමයි මෙතන ඉල්ලනවා ඇත්තේ. වාරණ නීතී ඕනෙවට වඩා හොඳ නෑ කියලා අත්දැකීමෙන් ම දන්න නිසාත් වෙන්න ඇති මෙහෙම කියන්නේ. "අපි එකතුකල ඉරටු මිටියෙ මැද්දකින් ඈ තියාපන්" ලස්සනට හදපු ආදරණීය ම පවුලක හයිය එකමුතු කම. පවුලේ අය තම තමන්ගේ fields වලින් ලෝකේ දිනද්දී ඒකට අඩිතාලම හැදුනේ පවුලෙන් ලැබුන ආදරෙන්. අමාරුම වෙලාවල් වල පවුලේ අයගෙන් ලැබුන හයියෙන්. ඒ හයිය හදන්න මුල් වුණේ සීයා. ඉතින් තමන්ගේ පුංචි මිණිබිරීත් ඒ ආදරේ සෙනෙහස ආරක්ෂාව මැද්දෙම හදන්න, ඒයාගේ හයියත් මේ එකට එකතු වුණ ඉරටු මිටියම තමයි කියලා කියලා දෙන්න කියලා තමයි සීයා කියන්නෙ. "මගෙ පුතේ උඹේ චූටි දෝනිව මගේ තුරුල්ලෙත් හොවාපන් උඹේ උණුහුම උබේ හීතල දුන්නෙ මන් බව කියාපන්" දැන් ඉතින් අපිට තේරෙනවා නේ මේක සීයෙක් ගේ මිණිබිරි ආදරයක් ගැන ලියවුණු ගීතයක් කියලා. සීයා, තමන්ගේ කතාව පටන් ගන්නේ හරිම ආදරණීය ඉල්ලීමක් කරලා. තමන්ට මැණිකක් වගේ වුණු තමන්ගේ පුතාට දුවක් ඉපදිලා. ඉතින්, සීයා දන්නවා, ඒ දුහිතෲ සෙනෙහසේ තරම. ඉතින්, දූගේ තාත්තා තමන්ගේ තුරුලෙම හොවාගෙන රකින මේ මැණික, සීයාගේ තුරුල්ලෙන් පොඩ්ඩක් තියන්න කියන ආදරණීය ඉල්ලීමෙන් තමයි, පද පේලිය පටන් ගන්නේ. ඒත්, එච්චර වටින මැණික තමන්ගේ තුරුළෙන් තියන්න ඉල්ලන්නෙ ඇයි? සීයා දන්නවා දූ ට තාත්තාගෙන් ලැබෙන උණුසුම ම සීයාගෙනුත් ලැබෙනවා කියලා. දෙවනි පදපේලිය හරිම ලස්සනයි. "උඹේ උණුසුම, උඹේ සිසිලස" - දරුවෙක් ට උණුසුම් වෙලාවේ සිසිලත්, සීතල වෙලාවේ උණුසුමත් දෙන්නේ දෙමව්පියෝ. ඉතින් මෙතන රචකයා කොටින්ම කියන්නේ, දූගේ තාත්තා, තමන්ගේ දූට දෙන හැම හොඳ දේම දෙන්න ඉගෙන ගත්තේ තමන්ගේ අප්පච්චිගෙන් කියලා. එහෙනම්, මේ කියන්නේ, මේ කතාව කියන්නේ මේ පුංචි දෝණිගේ තාත්තගේ තාත්තා කියන එක
@KeheliyaK
@KeheliyaK 3 күн бұрын
"ඈගෙ හුරතල් කෝල තාලෙට මා කැමතිබව හිතාපන් ඒත් නිතරම කහට වැටි කිරි තේ ඇබිත්තක් පොවාපන්" කවුරුත් පුංචි දෝණියෙක් ගේ ආසාම දේ තමයි හුරතලේ. පුංචි දෝණියක් කෝලම් කර කර හුරතල් වෙද්දී තියෙන හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යනවා තමයි. ඒ සුකුමාල සියුමැලි හුරතල් කෝලම් අතරේම මේ ලෝකේ තියෙන කර්කශ ඇත්තත් විඳින්න දෙන්න , ඒ කර්කශ රසය රසයක් විදිහට විඳින හැටි පුරුදු කරන්න කියලා තමයි මෙතන කියනවා ඇත්තේ. ඒ අතරේම මට හිතෙනවා සීයා දෝණිගේ හුරතලේ ට වගේම කහට වැටි කිරි තේ වලටත් ආසයි කියලා මතක් වුණ නිසා, සීයා රසටම හදන කිරි තේ උගුරක් ඒ රහටම හදලා පොවන්න කියලා කරන ඉල්ලීමක් කියලත්. "හිතේ හයියෙන් අහස උස්සන් දූගෙ ලොව ලොකු කරාපන් අම්මා ලඟ ඇති මගේ රහසක් ඇගෙන් ඒගැන අහාපන්" මේ නිර්මානයේ මම ආසම ලස්සනම තැනක්. මේ නිර්මාණයට layers කීපයක් තියෙනවා. Perspectives කීපයක්. ඇත්තටම මේ පද වැල් ලියැවෙන්නේ දෝණි ගේ තාත්තා අතින්. හැබැයි දෝණිගේ සීයා නෑ, කොටින්ම දෝණි ඉපදෙද්දිත් සීයා නෑ. දෝණිගේ තාත්තා දන්නවා සීයා දූ ලාට කොච්චර ආදරේද කියලා. හැබැයි ඒ ආදරේ තරම හරියටම රචකය ට දැනෙන්න ඇත්තේ තමන්‍ගේ දූ ඉපදුනාම. මම හිතන්නෙ, අන්න එදා තමන් ගේ අප්පච්චි හිටියනම් කියලා රචකයාට දැනුන සිතුවිල්ල මේ නිර්මාණෙට වස්තු බීජය වෙන්න ඇති කියලා. ඉතින් ඇත්තටම මේ නිර්මාණේ පුරාවටම රචකයා වචන කරන්නේ, තමන්ගේ දෝණි ගැන තමන්ගේ බලාපොරොත්තුවලයි, තමන්ගේ අප්පච්චිගේ ආදරේ ගැන තියෙන මතකාවර්ජනයෙයි සුසංයෝජනයක්. තාත්තා කෙනෙක් ගේ එක ම හීනේ, තමන්ගේ දරුවන්ගේ ලෝකේ ලොකු කරන එක. ඉතිං මුල් පදයෙන් කියවෙන්නේ ඒ ලේසි නැති බලාපොරොත්තුව. ඒකම තමයි තාත්තගේ ජීවිතේ අභියෝගෙත්. දෙවැනි පදෙන් කියවෙන්නෙ තමන්ගේ ලෝකේ ලොකු කරපු තමන්ගේ අප්පච්චි ගැන තියෙන ආදර ගෞරවය. අර අභියෝගේ තමන්ගේ අප්පච්චි අම්මත් එක්ක එකතු වෙලා සාර්ථකව කරා නේද කියලා රචකයාට මතක් වෙන්න ඇති. අම්මත් එකතු කරගෙන එයාලා කරපු හාස්කම ගැන මතක් වෙන්න ඇති. ඒ දේ කරේ කොහොමද කියලා දන්න අනික් කෙනා අම්මනේ. ඒක තමයි අම්මා දන්න රහස. ඒ අතරෙම අදටත් මගේ හයියට අම්මා ඉන්නවානේ කියලා සැනසුම් සුසුමක් හෙලද්දි ඒ සිතුවිල්ල අප්පච්චිගෙන් ආපු පණිවිඩයක් විදිහට වචන කරන්න ඇති. "මා දුරකදැයි ඈ ඇසූවොත් මස්සිනා ලඟ තියාපන්" සීයා ට තමන්ගේ උණුසුම මිණිබිරීට දෙන්න බැරි වුණා ට සීයා මතක් කරනවා, තව සීයෙක් ඉන්නවා නේ කියලා. දූ ගේ අම්මා ගේ තාත්තා(ලේලී ගේ තාත්‍තා). සීයාලා දෙන්නා ඉතින් දෙමස්සිනා ලා නේ. ඇත්තට ම මේතනදී රචකයා මතක් කරන්නේ තමන්ගේ අප්ච්චි නැති අඩුවත් , මිණිබිරීට සීයා නැති අඩුවත් පුරවන්නේ තමන්ගේ අලුත් අප්පච්චි, බිරිඳගේ අප්පච්චි නේ කියලා. ඉතින් ඒ ලොකු ම ලොකු ගෞරවපූර්වක ස්තූතිය තමයි ලස්සනට එක පදයක කැටි කරලා තියෙන්නේ.
@KeheliyaK
@KeheliyaK 3 күн бұрын
‍"රෑට හීනෙන් හිනාවෙන්නෙ මා සමඟ බව කියාපන්" ඔන්න ඉතින් රචකයා මුල ඉඳලාම ඉඟි කරන සීයා, එයාලගෙන් වෙන් වෙලා කියන එක, හරිම ලස්සනට වචන කරලා තියෙන්නේ මෙතනින්. සීයා ට තමන්ගේ පුංචි මිණිබිරිය වෙනුවෙන් කරන්න ආසා හැමදේම කරන්න කියලා දෝණිගේ තාත්තාට කියන්න වුණේ ඒ නිසා නේ. ඉතින් මෙතන හරි ලස්සනට කියනවා සීයා භෞතිකව එයාලා එක්ක නැති වුණත් සීයාගේ ආශිර්වාදය හැමදාමත් තියෙනවා කියලා. අනික් අතට රචකයාට හිතෙනවා ඇති, තමන්ට ජීවිතේ හම්බුන ලස්සන ම මනුස්සයා - "අප්පච්චී" දූට හීනෙන් හරි මුණ ගැහෙනවා නම් කියලා. තමන්ගේ ජීවිතේ ලස්සන වුණා වගේ දූගේ හීනත් හිනාවෙන් පිරෙන්නේ ඒ නිසයි කියලා. "මාගේ දූටත් දූගෙ දූටත් හිතේ ඉඩ වැඩි කරාපන් ගලප ගලපා අකුරු කෙරුවොත් මගෙත් ප්‍රේමය ලියාපන්" මේ මුල් පදය තමයි මේ නිර්මානෙට පාදක වෙන්න ඇත්තේ කියලා මම හිතනවා. රචකයාට දූ ඉපදෙනකොට දැනුනු, අවබෝද වුණු අප්පච්චිගේ දුහිතෲ ප්‍රේමයේ ඉම මේ පදයට කැටි කරන්න උත්සාහ කරලා තියෙනවා. දැනට ම අපි දන්නවා මේ සීයා දූලාට ගොඩක් ආදරෙයි කියලා. ඉතින්, තමන්ගේ පුතා, ජීවිතේට සහකාරියක් හොයාගද්දී මේ අප්පච්චිට හිතෙන්න ඇත්තෙ, පුතා පවුලට තව දුවෙක් ගෙනාවා කියලා. රචකයා මෙතන, "මගේ දුව " කියන්නේ, තමන්ගේ අප්පච්චි , බිරිඳට තිබ්බ ආදරේ තරම මතක් වුණ නිසාම වෙන්න ඇති. තමන්ගේ ලෙයින් උපන් දුවකට වගේ, අප්පච්චි බිරිඳට සලකපු විදිහ මතක් වුණ නිසාම මේ වචන පාවිච්චි කරන්න ඇති. ඉතින් ඒක තමයි අන්තිම පදයෙන් කියන්නේ. රචකයා කියන්නේ දැන් තමන්ගේ හදවතට අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආදරණීය බිරිඳ, අනික් කෙනා දූ. ඒ නිසා නේ හදවතේ ඉඩ වැඩි කරන්න වෙන්නෙත්. ඉතින් සීයා කියන්නේ ඒ හදවතේ තියෙන ආදරේ වචන කරන දවසක, තමන් කවදාවත් වචන කරපු නැති ආදරෙත් වචන කරන්න කියලා. කොටින්ම රචකයා කරන්නේ තමන්ගේ අප්පච්චිගේ වචනය ට නොනැගුනු ඉමක් නැති ආදරේ මතකාවර්ජනයත්, තමන්ගේ දූ ගැන ඉපදුනු වචන කරන්න බැරි ආදරයත් හිතාගන්න බැරි තරම් ලස්සන වචන කීපෙකට කැටි කරන එක. මේ නිර්මාණය හැඟීම් මහ පොදියක්. ඒ පොදිය දිග අරින එක මට නම් හරි අමාරු දෙයක්. ඒත් අහන හැම වතාවක ම එකතු වෙන අදහස් දරාගෙන ඉන්න එකත් අමාරු නිසා ඒ වචන මට දැනෙන විදිහට වචන කරා. මේ පද ඇහෙද්දී කියවද්දී දැනෙන අමාරුම දේ තමයි, මටත් කවදාවත් සීයෙක් ඉඳලා නැති නිසා, මෙහෙම ලස්සනට වචන කරේ නැතත් මගේ අප්පච්චිගේ අම්මගේ අදහසුත් මේ පද ඇතුලේ අනිවාරෙන්ම ඇති නේ කියන එක. ඉතින් ධීෂන, බොහොම ස්තූතියි වියැලෙමින් තිබ්බ මගේ සිතුවිලි දාරාවකට පණ දුන්නට.
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 3 күн бұрын
@@KeheliyaK❣️👌
@chathurikaliyanage2693
@chathurikaliyanage2693 3 күн бұрын
​@@KeheliyaK සුපිරියක් ..
@chathurikaliyanage2693
@chathurikaliyanage2693 3 күн бұрын
@LIYANAGEMAHESH-v3t
@LIYANAGEMAHESH-v3t 23 сағат бұрын
මරු රවී රොයිස්ටර්ගෙ කටහඬින් අහන්න ආසයි.
@prasannasathyapala8175
@prasannasathyapala8175 2 күн бұрын
❤එලම❤
@chathurikaliyanage2693
@chathurikaliyanage2693 9 күн бұрын
මං දැකපු ලස්සනම හදවතක් තිබුන මනුස්සයෙක් ගැන ලියපු සිංදුවක්... ඒ ආදරේ ලියන්න අමාරුයි.. සිංදුව අහන්න ඊටත් වඩා අමාරුයි .. My bro.❣️ Dheeshana Koswatte *ලියාගෙන යන ප්‍රේමය* මගෙ පුතේ උඹෙ චූටි දෝනිව මගෙ තුරුල්ලෙත් හොවාපං.. උඹේ උණුහුම උඹේ හීතල දුන්නෙ මං බව කියාපං.. පොසොන් දන්සල් තෝසෙ නත්තල් කේක් හැන්දක් කවාපං.. අපි එකතු කළ ඉරටු මිටියේ මැද්දකින් ඈ තියාපං.. ඈගෙ හුරතල් කෝල තාලෙට මා කැමති බව හිතාපං.. ඒත් නිතරම කහට වැඩි කිරි තේ ඇබින්දක් පොවාපං.. හිතේ හයියෙන් අහස උස්සන් දූගෙ ලොව ලොකු කරාපං.. අම්ම ළඟ ඇති මගේ රහසක් ඇගෙන් ඒ ගැන අසාපං.. මා දුරකදැයි ඈ ඇසූවොත් මස්සිනා ළඟ තියාපං.. රෑට හීනෙන් හිනාවෙන්නේ මා සමග බව කියාපං.. මගේ දූටත් දූගෙ දූටත් හිතේ ඉඩ වැඩි කරාපං.. ගලප ගලපා අකුරු කෙරුවොත් මගෙත් ප්‍රේමය ලියාපං..
@nirmalpramodya5066
@nirmalpramodya5066 7 күн бұрын
මේකනම් හදවතටම දැනෙනව කියන්න වචන නෑ fantastic @magical voices 👌❤️🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@kastalsrilal1434
@kastalsrilal1434 3 күн бұрын
හිතේ හංගල තියෙන කදුලු දන්නෙම නැතිව වැටෙන්න ලියපු පද පේළි ..ලස්සනයි සහෝදරයා ...මරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 8 күн бұрын
හුස්මෙන් හුස්මක් ගානේ මිනිස් හිත් කියවනවද බොක්ක...ලස්සනයි ඈ..අද අහලා මතුවටත් අරුත ගැන හොයන්න හිතෙන විදියේ අමු නිර්මාණ තව කරාපන් අයියේ❤❤❤
@NaveenEkanayake-w6h
@NaveenEkanayake-w6h 2 күн бұрын
Wow❤️❤️
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 6 күн бұрын
2025 අහපු මුල්ම සිංදුව.. අරුත්බර හිතන්න යමක් ඉතුරු කල ගීයක් නිර්මාණය කිරීම ගැන ඔබට මුලින්ම තුති සහෝ. රැකියාවට අනුන්ගෙ ප්‍රශ්ණ දුක් කම්කටොලු අපේ කරගන්නා මන් වැනි වූවන්ට මෙවැනි කතාන්දර බොහෝයි.. නමුත් ඇඩුම් සුසුම් කදුලු අස්සේ අහන ඒ ප්‍රශ්න වලට වඩා සංගීත රසයක් තුල ධ්වනිගත කල මේ ප්‍රශ්නය රසවිදිමි..❤❤
@surangasampath819
@surangasampath819 7 күн бұрын
2025 පලවෙනි පාරට අහපු පලවෙනි ගීතය❤
@lakmali8694
@lakmali8694 6 күн бұрын
Me too
@nirodharathna
@nirodharathna 6 күн бұрын
මාත් එහෙමය් ලස්සනය් ලස්සනය්
@sandalitharika3691
@sandalitharika3691 6 күн бұрын
Math ehmai.❤
@nadeekule9133
@nadeekule9133 6 күн бұрын
Math
@DahamsaRathnayake
@DahamsaRathnayake 6 күн бұрын
Math එහෙමයි godak lassanai2parakma ahuwa
@Pathagama
@Pathagama 6 күн бұрын
2025 අහපු පළවෙනි සින්දුව... පිටකවරෙ , යකඩ මනමාලි, පිහිතුඩෙන් ආදරෙ, කැනබීස් ප්‍රේමය සෙට් එකට පස්සෙ බොක්කටම වැදුනු සින්දුව.... තාත්ත කියන්නෙම සසරක් ❤
@MyDinesh1987
@MyDinesh1987 8 күн бұрын
සත්තරනේ උඹ ආයිත් හරිම පා⁣රේ යනවා දකින්න ආස අපි එදා ⁣වගේම අදත් ආසයි. අමු රහට අපි ආවේ Trend එකට නෙවෙයි රහ හොයාගෙන. ඇත්තමයි ආයිත් අමු අමුවට අහනවා. 💕💕💕🥰 ආදරෙයි යකූ
@nawodamalki2225
@nawodamalki2225 2 күн бұрын
මේ අදහස් ඇත්තටම කොහෙන්ද එන්නෙ .ලස්සන පද පෙලක් .ලස්සන අනාගතයක් .ඉස්සරහට තව ලස්සන වැඩ කරන්න පුලුවන් වේවා !!!❤
@manjulapradeep9589
@manjulapradeep9589 6 күн бұрын
මේ අවුරුද්දේ අහපු පලවෙනි අලුත් සින්දුව ❤ සින්දුව ගැන කියන්න වචන නෑ ... හරිම අරුත්බරයි.. සින්දුව අහනකොට ඇස් තෙමෙනවා
@Pathagama
@Pathagama 6 күн бұрын
සජීව් අයියේ මේක පිස්සුවක් බොසා... 2025.01.01 වගේ දවසක අහම්බෙන් අහලා එක දිගට 10පාරක් ඇහුව.. දැං කට පාඩම් මේක... මේව තමයි අපි ඔයාගෙන් ඉල්ලන්නෙ.. ඒ රහ වෙනස් නොකර මේ වගම ඉදිරියට නිර්මාණ කරන්න අයියේ. ජය වේවා සුභ, සුව, ජය , ගුනාත්මක රසවත්, හරවත් නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න පුලුවන් වෙන අවුරුද්දක් වේවා අයියේ❤🍻
@rangapixelx2710
@rangapixelx2710 15 сағат бұрын
Mage duwatath duge dutath kiyaddi mata hithenne mamandi benata kiyana kathawak wage.. mara widiyata feel wuna akanm
@thilaksha9
@thilaksha9 3 күн бұрын
Beautiful lyrics. ❤❤❤
@NadeeshAsanga
@NadeeshAsanga 5 күн бұрын
නියමයි..එල...sjs (නදි..යා..)
@idurangahashen7155
@idurangahashen7155 8 күн бұрын
මේවා සින්දු නෙවෙයි මේවා හිත් තුලට කා වැද්දනවා
@ashokakarunarathne-d2p
@ashokakarunarathne-d2p 9 күн бұрын
ලස්සනයි..විචාරයට ලක්වන සුන්දර ගීතයක්..ස්තුතියි
@dahamlikarunarathne3879
@dahamlikarunarathne3879 3 күн бұрын
Lassanai🎉
@ransudarmasooriya5465
@ransudarmasooriya5465 4 күн бұрын
විචාරයක් දෙන්න පුලුවන් කෙනෙක්.....🙏ඒ තරම් දැනෙන ගීතයක්....😢ඔබට ජය.❤
@chathurikaliyanage2693
@chathurikaliyanage2693 3 күн бұрын
📌 කරලා තියෙනවා 👆
@indikadeshapriya1375
@indikadeshapriya1375 7 күн бұрын
අනිවාර්යෙන් විචාරයට ලකවෙන්න ඕනී ගීතයක් ඒ පදවැල් 🤗🥹
@harindrasrimal4130
@harindrasrimal4130 6 күн бұрын
2025 අහපු පළමු ගීතය..හිතට මාරම බරක් දැනෙන්නෙ😢 කාට හරි පුලුවන්ද මේ ගීතය ගැන වීචරයක් කරන්න🙏🙏 ඒ වචන ,ඒ හඩ හදවතට කා වැදුනා..
@anulamalani5413
@anulamalani5413 6 күн бұрын
අවුරුදු තෑග්ගක් ලෙස මෙම ගීතය මම යහළුවන් අතර බෙදා හැරියා කියාගන්න වචන නෑ
@warunayasantha
@warunayasantha 2 күн бұрын
අඩේ.. කොස්සගේ වචන ! ❤‍🩹
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 2 күн бұрын
@RajithaAsela
@RajithaAsela 8 күн бұрын
සූපිරියක්❤❤❤
@kasungamage8928
@kasungamage8928 9 күн бұрын
#ගලප ගලපා..... අකුරු කෙරුවොත් මගෙත් ප්‍රේමය ලියා......පම්💚🤟
@KasunIndika-b3u
@KasunIndika-b3u 6 күн бұрын
සුපිරියක් ❤❤❤
@sajikumara4352
@sajikumara4352 2 күн бұрын
මමත් 2025 දි ඉස්සරලා ම අහපු සිංදුව සිත නිවෙනවා.
@Prasa-xl4lm
@Prasa-xl4lm 3 күн бұрын
ආදරෙයි.....💚
@chandanikarunanayaka4904
@chandanikarunanayaka4904 7 күн бұрын
ඇත්තටම දැනෙනවා මහා මෙරක් තරම් මේ සින්දුව ඇත්තටම මගේ අප්පච්චි කියනවා වගේමයි 🥰🥰🥰
@yowomart4992
@yowomart4992 10 күн бұрын
අඩේ........සුපිරී අයියේ..........💙💙💙💙💙💙💙💙💙💙💙💙
@DanusaGimhan
@DanusaGimhan 5 күн бұрын
හරිම ලස්සනයි❤❤❤🎉
@NimalJayasiri-ui1su
@NimalJayasiri-ui1su 5 күн бұрын
ශ්රී
@bhagyapriyabhashi6109
@bhagyapriyabhashi6109 7 күн бұрын
A wachana❤🎉 great aiye
@sroshana5913
@sroshana5913 10 күн бұрын
මං කවදත් ආදරේයි ඒ හඩට. ලස්සනයි❤
@dilukumari9269
@dilukumari9269 6 күн бұрын
සුපිරි ,kiyanna wachana ne
@lakshithanamal4157
@lakshithanamal4157 5 күн бұрын
හදවතට දැනුන ❤
@sampathwickramasinghe6997
@sampathwickramasinghe6997 10 күн бұрын
සුපිරි 👍👌❤️
@daminduhiroshana1745
@daminduhiroshana1745 7 күн бұрын
මේවා පිස්සුවක් ❤️❤️❤️
@pradeepdaminda8735
@pradeepdaminda8735 6 күн бұрын
මම අහපු පලමු ගිතය 2025 හරිම ලස්සනයි ❤
@hashanrathnathilaka467
@hashanrathnathilaka467 5 күн бұрын
Adwapu sinduwak🥺
@chathurikaliyanage2693
@chathurikaliyanage2693 9 күн бұрын
Maarama lassanayi.. Voice and lyrics ..❣️
@DHEVASHKKANDAMBI
@DHEVASHKKANDAMBI 4 күн бұрын
ලස්සනයි ❤
@risinubopath4398
@risinubopath4398 10 күн бұрын
සුපිරි❤❤❤❤
@lakmalperera9748
@lakmalperera9748 6 күн бұрын
❤️💛💚 වදන්... 💚💛❤️
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 8 күн бұрын
ලස්සනයි අයියේ ❤
@marcapinternational2527
@marcapinternational2527 4 күн бұрын
ආදරෙයි
@uthpalaswarnamaliliyanage1717
@uthpalaswarnamaliliyanage1717 9 күн бұрын
ලස්සන පදවැල්...හැගීම්බර හඬ...🩷
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 7 күн бұрын
@Cookwithlux
@Cookwithlux 6 күн бұрын
Like many others commented here this is the first song I listened to in 2025. I do recall feeling these words few years ago, and today I felt more with the voice. I sincerely hope you will continue to pen more Dheeshana.
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 5 күн бұрын
@chaminidissanayaka4783
@chaminidissanayaka4783 6 күн бұрын
අද අහපු පලවෙනි සිංදුව ❤
@chathu93
@chathu93 10 күн бұрын
Wenasma supiriyak❤
@t.s.hewavitharana214
@t.s.hewavitharana214 10 күн бұрын
❤ ammooo eka...anna sindu..❤️
@RuwanWasana-wv3rh
@RuwanWasana-wv3rh 8 күн бұрын
අදත් සුපිරි ayye❤❤❤
@supunmnanayakkara4415
@supunmnanayakkara4415 9 күн бұрын
පට්ට මචං ❤️
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 9 күн бұрын
@gihan3015
@gihan3015 8 күн бұрын
✍️ mara lassanai brother....harima hagimbarai...❤❤❤❤❤
@maduwijesinghe
@maduwijesinghe 9 күн бұрын
තවත් හදවතේ කතාවක් ..ආදරෙයි ❤❤
@DishanRajeendra-tb4en
@DishanRajeendra-tb4en 9 күн бұрын
❤❤❤❤❤❤ lassanai. Hadawathata danenawa amuwenma.🌹🌹🌹🌹
@sampathranasinghe7400
@sampathranasinghe7400 7 күн бұрын
Amazing😍
@uthpalanijayaweera9392
@uthpalanijayaweera9392 9 күн бұрын
What an emotional masterpiece, delivered with such a perfect voice. The combination of heartfelt lyrics and flawless delivery makes this song truly unforgettable. Absolutely Perfect ❤️❤️❤️❤️❤️❤️❤️
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 9 күн бұрын
@sasmigunathunga7489
@sasmigunathunga7489 9 күн бұрын
Very beautiful voice and lyrics. Proud of you brother Dheeshana… 👏🤗👏
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 7 күн бұрын
@ayeshapriyangani781
@ayeshapriyangani781 4 күн бұрын
2025 අහපු පලවෙනි ලස්සන සින්දුව ❤❤❤❤❤❤❤
@djrosh84
@djrosh84 9 күн бұрын
Wow... This is amazing...❤️❤️❤️
@ChamariAdikari
@ChamariAdikari 9 күн бұрын
Amazing… Nice lyrics. Felt it❤️❤️
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 7 күн бұрын
@shenalijayasingha4767
@shenalijayasingha4767 6 күн бұрын
මගෙත් මේ වසරේ අහපු පලවෙනි ගීතය ❤
@Noname-k4x6q
@Noname-k4x6q 9 күн бұрын
Wow marama lassanai aiye.all the best & thank you for this masterpiece ❤❤❤❤
@SandaruwanJ-mn5sv
@SandaruwanJ-mn5sv 5 күн бұрын
2025 අහපු අලුත්ම සිංදුව . නියමයි ❤️
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 8 күн бұрын
❤❤❤❤❤❤❤wow maara lassanai 😍
@pathumlakshman8745
@pathumlakshman8745 10 күн бұрын
❤❤❤ පලවෙනි comment එක මගෙන්
@AjithKeerthi-mn7gd
@AjithKeerthi-mn7gd 4 күн бұрын
❤❤❤❤❤👍👍👍👍👍👍
@sandunitharanga7677
@sandunitharanga7677 5 күн бұрын
♥️♥️
@shanuvibes_0
@shanuvibes_0 5 күн бұрын
2025 පළවෙනි සින්දුව ඇහුවෝ🙊❤️❤️❤️😌
@yuwanikawindaya6473
@yuwanikawindaya6473 4 күн бұрын
Machan ubanam pissuvak kabulu ave mata විතර da?
@buddhipradeep7806
@buddhipradeep7806 9 күн бұрын
SACN ❤ 2024
@damayanthibalasooriya4500
@damayanthibalasooriya4500 7 күн бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@tonyjaa8968
@tonyjaa8968 6 күн бұрын
Me sinduwe තේරුම kaata hari පැහැදිලි කරන්න puluwanda pls.
@pradeepkumara9425
@pradeepkumara9425 8 күн бұрын
❤❤❤❤❤😊
@ThiliniWijerathne-y8g
@ThiliniWijerathne-y8g 7 күн бұрын
මගෙ තාත්තා 😢
@kumarajayasekara7266
@kumarajayasekara7266 10 күн бұрын
❤🥰🥰🥰🥰🥰❤
@ajithliyanaarachchige8745
@ajithliyanaarachchige8745 7 күн бұрын
❤❤🎉
@anurajayalath402
@anurajayalath402 9 күн бұрын
❤❤❤
@niranjalakariyawasam6148
@niranjalakariyawasam6148 9 күн бұрын
It touched me to the core...
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 7 күн бұрын
@nayaniyasara2496
@nayaniyasara2496 9 күн бұрын
❤❤❤❤❤
@OmanOk-e7z
@OmanOk-e7z 4 күн бұрын
❤❤😂
@nisandukavishka7801
@nisandukavishka7801 9 күн бұрын
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 7 күн бұрын
සිංදුවක් නෙමේ මේක, සිංදුවකට පුලුවන්ද මේ තරමට මනුස්සයෙකුව හිරි වට්ටන්න, පපුව පලාගෙන යන්න පිහියෙන් ඇනලා නොමැරි හිටපන් කියලා කියන්න...ඇස් අගිස්සෙන් පටන්ගෙන මුලු ඇසම කටුවකින් පිරි මැදලා..ඇස් පිරෙන්නම කඳුළු දීලා නාඬා හිටපන් කියන්න 💔
@shashika33
@shashika33 10 күн бұрын
❤❤❤
@omashweerasinghe1973
@omashweerasinghe1973 8 күн бұрын
❤❤❤❤❤❤❤❤
@darshanabandara953
@darshanabandara953 10 күн бұрын
❤🎼🎶🎵
@ireshalakmali2135
@ireshalakmali2135 6 күн бұрын
2025ahapu palamu sinduwa❤
@sanjayabuddika96
@sanjayabuddika96 5 күн бұрын
2025.01.02 ❤
@ckavi62
@ckavi62 10 күн бұрын
❤🎉😊
@rasikalakmali9780
@rasikalakmali9780 9 күн бұрын
❤❤❤❤❤
@sadewanuhas8895
@sadewanuhas8895 8 күн бұрын
Sanjeew ayya ane pissuwak oyanm Age mail kelin wenw oyge voice eka aheddi 😍
@tharindumadhuranga6739
@tharindumadhuranga6739 9 күн бұрын
Dheeshana Kosa 🫶🫡
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 9 күн бұрын
@RangikAPathirana-y8n
@RangikAPathirana-y8n 6 күн бұрын
Mat
@DilshanDilshan-j5w
@DilshanDilshan-j5w 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😢
@pradeepanishashikawijerath4932
@pradeepanishashikawijerath4932 9 күн бұрын
It always makes me 😢. 🫶
@dheeshanakoswatte3839
@dheeshanakoswatte3839 7 күн бұрын
💌
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 7 күн бұрын
🥺
@dilrukshl
@dilrukshl 10 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💎💎💎💎💎💎💎💎💪💪💪💪💪💪💪💪💪💪💪💪
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Uddika Premarathne
Рет қаралды 1,1 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН