කැබලිත්ත දේවාලයට ගිය රෝද දෙකේ යක්කු | Kabiliththa Wandanwa | Kataragama | Travel with Baja Baby

  Рет қаралды 338,945

Travel With Baja Baby

Travel With Baja Baby

Күн бұрын

#Kabaliththa_Dewalaya #Kebaliththa #Travel_with_Baja_Baby
Travel with Baja Baby
KZbin | Facebook | Instagram | Tiktok
කැබිලිත්ත වන්දනාව... 🙏
කොහේද මේ "කැබිලිත්ත" කියන්නෙ? කොයි වගේ තැනක්ද?
ගමන පටන් ගන්න කලින් යමු පොඩ්ඩක් ඉතිහාසයට...
කැබිලිත්ත වන්දනා කරන්න එන්න පුලුවන් මාර්ග 3 යි..
01) යාල අංක 2 න් මැණික් ගග හරහා
02) ගල්ගේ මුරපොල අසලින්
03) කොටියාගල ගම්මානය හරහා
ඉතිහාසයේ සදහන් ආකාරයට කතරගම දේවාලය ඉදි වෙන්නත් කලින් ඉදන් කතරගම දෙවියන් කැබිලිත්ත දේවාලය භූමියේ තම අනසක පතුරවා තිබෙනවා..
කැබිලිත්ත භූමිය ඉතිහාසිකව වැදගත් වෙන්නෙ මෙහි තිබෙන ගුප්ත ස්වභාවයත් හාස්මක් නිසාත්‍ ය.
1602 දී ඕලන්දක්කාරයන්ගේ ආක්‍රමණයන් ක්‍රියාත්මක වී තිබූ පන්සල් පල්ලි කෝවිල් වල වස්තූන් කොල්ල කමින් විනාශ කරමින් සිටි කාලයේ කතරගම දේවාලයේ වස්තූන් ‍රැක ගන්න දේවාලයේ පාරම්පරික කපු මහතුන් බොහෝ වෙහෙසක් දරමින් දිවි හිමියෙන් කැප උනා. දේවලයේ වටිනාම වස්තූන් ටිකත් අරන් ආවෙ මේ සියඹලාව තියෙන ස්ථානයටයි. කැබිලිත්තේ රාළ නමින් හිටපු පුද්ගලයාට සියලු වස්තුව ආරක්ෂා කර දෙන ලෙස අසල සියඹලා බෙනයක ආරක්ෂා සහිතව තබා ඉල්ලා සිටියා.. කැබිලිත්තෙ රාළ යනු එසේ මෙසේ තැනැත්තෙකු නම් නොවේ.. දුව යන ගවයන් අල්ලා ගස් බැදිය හැකි ඉතා ශක්තිවන්තයෙකි. ඔහුගෙ ඇග පසගින්ද එසේ හැඩි දැඩි පුද්ගලයෙකි.
කැබිලිත්තෙ රාළ උදේ සවස මෙම සියඹලා ගසට පුද සත්කාර කොට දෙවියන්ගේ වස්තූන් දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන මාස කිහිපයක් ගත උනා.
දිනක් පානමට පැමිනි ඕලන්දක්කාරයෝ කතරගම වස්තුව හොයාගෙන සියඹලා ගහ ගාවටත් සේනාව අරගෙන ආවා. ඕලන්දක්කාරයෝ සහ රාළ අතර ඉතා දරුණු මාරාන්තික සටනක් ඇති උනා. එහිදී රාලට දරුනු තුවාල උන අතර ඕලන්දක්කාරයෝ සියල්ලන්ම මරා දමා සමූලික ඝාතනයකින් විනාශ කර දැම්මා. මරනාසන්න තුවාල ලැබූ කැබිලිත්තෙ රාළ මේ භූමියේම සිය අවසන් හුස්ම හෙලුවා. අවසන් හුස්ම ගිලිහෙන අවස්ථාවෙත් රාළගේ ප්‍රාර්ථනය උනේ කුමන හෝ බලවේගයකින් හෝ පැමින ආරක්ෂා කරන බවයි. රාළ මිය ගිය පසු යම් අදෘශ්‍යමාන බලවේගයක් මගින් මේ භූමියේ අරක්ගෙන ඉන්න බව තමයි සදහන් වෙන්නෙ. සගවා තිබූ වස්තූන් නැවත දේවාලයට රැගෙන ගිය අතර මෙම ස්ථානය කැබිලිත්ත නමින් නම් කරනු ලැබූ අතර මෙහි කිසිදු නිධන් හොරෙකුට නොපෙනෙන දේවාලයත් තලගොලු වෙහෙර සහ නිල් මානෙල් පැලැස්සත් මෙම භූමියේ පිහිටා ඇති බවට විශ්වාස කරනවා. තවද කතරගම දෙවියන් භාවනායෝගීව සිටින ස්ථානයක් බවටත් විශ්වාස කරනවා. ඒ නිසාම බොහොම නිශ්ශබ්දතාවකින් යුත් ස්ථානයක් කියන්නත් පුලුවන්.
1818 ඌව කැරැල්ල සමයේ කැප්පෙටිපොල නිලමේ කැබිලිත්තට පැමින පුද පූජා සිදු කොට දේව ආශිර්වාදය ලබා ගත් බවත් ඉතිහාසයේ සදහන් වෙනවා..
කෙසේ නමුත් කැබලිත්ත වන්දනා කරනවනම් වත් පිලිවෙත් සහ පේ වී යා යුතු වෙන අතර කාන්තා පාර්ශ්වයට නම් අකපැයි කියලා තමයි ජනප්‍රවාද වල මත පල වෙන්නෙ. (තර්ක කිරීම් අවශ්‍ය නොවේ)
කැබිලිත්ත බොහෝ හාස්කම් සහිත ස්ථානයක් යැයි ජනප්‍රවාද වල කියවෙන යම් උදාහරණයක් නම්.
01) වනජීවි සංරක්ෂණ නිළදාරියෙකු මෙහි ගොස් වළි කුකුලෙකු මරා පුලුස්සා කෑමට සැරෙසෙන වේලාවෙ ඔහුගේ නහයෙන් කටින් ලේ දමා ඇති අතර ඔහුව රෝහලට රැගෙන යාමට ජිප් රියට නංවා ගෙන එන අතර තුර ජිප් රිය සමග ගිනි ගෙන විනාශ උනා යැයි කියනු ලැබේ..
02) තවද කැලේ තිබුන කුඹුක් ගස් කපා යෑමට සැරසුනු පුද්ගලයා හට සිදු වූ දේ අදටත් සොයා ගැනීමට නොහැකි වී ඇත. ඔහු අතුරුදහන්‍ ය.
තවද කාන්තාවන් සමග පැමිනො බොහෝ පිරිස් වලට බොහෝ කරදර වලට ලක් වීමට සිදු වුනු බවද සදහන් වේ.
කැබිලිත්ත දේවාලයේ පිහිට ලැබූවන් බොහෝ පිරිසක් ඇති අතර කිසි දිනෙක එහි සත් මහල් ප්‍රාසාධ හෝ දේවාල තැනිය නොහැකිය. මංද යත් එහි ඉදි කරන කුඩා නම් සහිත නාම පුවරු මල් වැටවල් අලි ඇතුන් විසින් විනාශ කර දමන නිසායි. වලසුන් නාගයින් ඉද හිට පැමිනෙන අතර මෙම භූමිය ආරක්ෂා කරන්නෙ මොවුන් විසිනි. විෂේශ චරිත දෙකක් මෙහි සිටී. ඒ මද්දු සහ දගයායි. දගයා යනු හීලෑ කමින් සිටින තරමක් පලතුරු වලට ප්‍රිය මනාප අයෙකි.කිසිවෙකුටත් කරදරයක් නොමැති අතර පලතුරු බේරා ගැනීමට නම් දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදු වේ...
මද්දු නම කියනකොටත් යම් කුතුහලයක් නැගෙනවා සේම ටිකක් දඩබ්බර චරිතයකි. මද්දු එනවා කිව්වමත් හැමෝගෙම ඇගේ මවිල් කෙලින් වෙනවා නොඅනුමානයි. මක් නිසාද යත් හරියට තිතට හැමදේම බලන සතෙක් තමයි මද්දු. භූමියට ගැලපෙන්නෙ නැති කෙනෙක් ඇවිත් ඉන්නවා නම් අනිවාර්යයෙන් ඔහු දඩුවම් කරනවාමයි. තවද නිදා ගෙන සිටින සමහර නඩ රැය පහන් වන තුරු නිදි වර්ජිතව තබන්නටත් දගයා සහ මද්දු පසුබට වන්නෙ නැත.. 😬
කැබිලිත්ත දේවාලයට පැමිනෙනවානම් අවම දින 21 පමන පේ විය යුතුය.. මේ පේ වීම නම් අංක එකටම සිදු කල යුතුය.. එනම් මස් මාංශ පමනක් නොවේ තමන්ගෙ චර්යාවන් සිත කය වචනය පවා සංවර කර ගත යුතුය.
මෙහි යන බොහෝ පිරිස් පේ වෙන කාලය තුල පිටින් එනම් කෑම කඩයකින් හෝ කිසිවක් නොගෙන බිත්තර ‍යොදන ආහාර කිසිවක් නොගෙන බොහොම පරිස්සමින් තම පේ වීම් කටයුතු කරගෙන කට පරිස්සමින් යන ගමනකි...
කැබිලිත්ත ගමනේදී ප්‍රවාහනය සදහා බොහෝ සෙයින් භාවිතා කරන්නෙ ට්‍රැක්ටර් වන අතර බොලෙරො ජිප් රථ ද 4 wheel රථද යොදා ගැනෙනවා. එයට හේතුව නම් බොහෝ දුශ්කර බාදක මද්‍යයේ යා යුතු ගමනක් නිසාවෙනි..
ලිපියේ ඉතිරි කොටස Facebook පිටුවෙහි පල කොට ඇති බව කරුණාවෙන් දැනුවත් කරමි.
තෙරුවන් සරණයි..
01) Music in this video
Learn more
Song - Final Song
Artist -MØ
Licensed to KZbin by - SME (on behalf of Chess Club/RCA Victor); LatinAutor - SonyATV, CMRRA, Polaris Hub AB, Sony ATV Publishing, Warner Chappell, PEDL, LatinAutor - Warner Chappell, ASCAP, UNIAO BRASILEIRA DE EDITORAS DE MUSICA - UBEM, LatinAutor, Kobalt Music Publishing, LatinAutorPerf, and 11 Music Rights Societies
02) Music in this video - Forest Dogs (Edward Karl Hanson) - www.epidemicso...

Пікірлер: 535
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 5 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН