Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්

  Рет қаралды 164,217

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

රජ සියක්කාරයන් සොයා තලෙයිමන්නාරම තොටේ සිට ඉංදියාවේ රාමේෂ්වරම් දක්වා ඇති වැලි දූපත් වලට බෝට්ටුවෙන්.
මේ අප ගමන් ගන්නේ සිහින සංචාරයක ආරම්භයටයි. නාවික හමුදා මෙරීන්ස් ඒකකය විසින් ආරක්ෂා කරණු ලබන වැලි දූපත් වලින් එක් කොටසක් ඉංදියාවටත් අනෙක් කොටස ලංකාවටත් අයත් වේ. විශේෂ අවසරයකින් තොරව ඇතුලුවීම තහනම් කොට ඇති ප්‍රදේශයක් වන ආදම්ගේ පාලම හෙවත් වැලි පර ආසන්න වෙරළ කලාපයේ මේ මොහොතේදීත් දැඩි ආරක්ෂක විදි විධාන ක්‍රීයාත්මක වන්නේ, ලංකාව සහ ඉංදියාව අතර වන මිනිස් ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි දෑ සිදු කිරීමට ඇති පහසුම ප්‍රදේශය මේ ප්‍රදේශය නිසාවෙනි. මක්නිසාද ‍යත්, තලෙයිමන්නාරම සිට රාමේෂ්වරම් (ධනුෂ්කෝඩි) දක්වා ඇත්තේ සැතැපුම් 18ක් පමණි. එයත් වැලි දූපත් වලින් සහ උපරිමය මීටර දහයක්,පහළොවක් පමණ ගැඹුරින් ඇති වෙරළ තීරයකි.
කෙසේ වෙතත් උදෑසන හිරු කිරණ තලෙයිමන්නාරම වෙරළ සිප ගනිද්දී තලෙයිමන්නාරම කලපුව ප්‍රදේශයේ කුඩා සංචාරයකින් පසු අප තිදෙනා ගොඩ බට වූයේ වැලි දූපත් දක්වා ගමන් කිරීමට නිසි අවසර ගැනීමකින් පසුව නාවුක හමුදාව විසින් ලබා දී තිබූ බෝට්ටුවට යි. ලා නිල් පැහැ වූ පැහැදිලි මුහුදු ජලය මත ඉදිරියට ගමන් ගත් අප රැදී සිටි බෝට්ටුව කෙමෙන් කෙමෙන් තලෙයිමන්නාරම තොටට සමු දී ලගා වූයේ වැලි දූපත් පෙනෙන මානයට යි.
පළමු වැලි දූපත දක්වා පා ගමනින් ගමන් කල හැකි අතර, අප පෙර දින හිරුගේ නික්ම යාම දක්වා සැදෑ කාලය ගෙවා දැමුවේ මේ පළමු දූපතේ කෙලවරේ සිටයි. දෙවන දූපත තරමක් කුඩා දූපතකි. තෙවන දූපත තරමින් වර්ග කිලෝමීටර දෙක තුනක තරම් වූ අතර එහි මදකට නතර වූයේ ඈතින් දුටු "රජ සියක්කාරයන්" රංචුවක් නෙත ගැටුනු පසුවයි. මේ දූපත "කුරුළු දූපත" නමින්ද සංචාරකයන් හදුන්වන අතර ජායාරූප ශිල්පීන්ගේත් සුප්‍රසිද්ධ ගමනාන්තය කි.
පැහැදිලි සහ සීතල මුහුදු ජලය මතට පැන ගත් අප සුදු පැහැ සිනිදු වැලි මත ඒ මේ අත ඇවිද ගියේ තවත් ග්‍රහලෝකයකට ගොඩ බට වූවාක් වැනි හැගීමක් පෙරදැරිව යි. තුන්වන දූපතේ සිට ඈත බැලූ කල ඉන් ඉදිරියට ඇති සෑම දූපතකම "රජ සියක්කාරයන්" අරක් ගෙන තිබුනේ දෑසට මනස්කාන්ත දසුනක් එක් කරමිනුයි.
නැවතත් බෝට්ටුවට ගොඩ බට වූ අප ඒ දෙසට කෙමෙන් කෙමෙන් ලගා වූයේ "රජ සියක්කාරයන්" ගේ සොදුරු ඉරියව් කිහිපයක් ඔවුනට බාධාවක් නොවන සේ ජායාරූප ගත කර ගැනීමටයි. මනස්කාන්ත වූ පක්ෂි සමූහයක් මෙලෙස වැලි දූපතකට වී කුමක් කරණු දැයි පැනයක් ඔබ හදවතේ පැන නැගුනාක් මෙන්ම, මාගේ හදවතේ ද පැන නැගුනේ මීට මාසයකට පමණ පෙර සිට මේ සංචාරය සදහා පිඹුරුපත් සකස් කොට සැළසුම් කල දිනයේ සිටයි.
පක්ෂි විද්යාඥයින්ගේ මතය නම් පක්ෂීන්ගේ ආරම්භය ඩයිනෝසරයන්ගෙන් පැවතගෙන එන වගයි. තවද පෙර ගාත්‍රා සහිතව ආරම්භ වන පක්ෂීන්ගෙන් ආරම්භය මීට වසර මිලියන එකසීය හැටක පමණ කාලයක් දක්වා දිව යයි. ඉන් පසුව පක්ෂීන්ගේ ප්‍රථමයා බිහි වී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් උරගයකුට තටු ලැබුනාක් මෙන්,කෙමෙන් කෙමෙන් විකාශනය වී අද මුලු මහත් ලෝකය පුරාම සිටින පක්ෂීන් විශේෂ ප්‍රමාණය දස දහසක පමණ වේ. තවත් දෙදහසක් පමණ වද වී ගොසිනි.
කෙසේ වෙතත් ලංකාවේ තලෙයිමන්නාරමට ආසන්න වැලි දූපත් දක්වා මෙම "රජ සියක්කාරයන්" එසේත් නැතිනම් "ෆ්ලෙමින්ගෝස්" පක්ෂීන් පැමිණෙන්නේ ලෝකයේ ඈත දේශයන් හී සිට කිලෝමීටර දහස් ගනනක් පියඹා විත් ය. ඒ පැමිණෙන්නේ ඉංදියාවේ නැගෙනහිර වෙරළ තීරය දිගේ රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර වැලි දූපත් සමූහයට යි. තවත් පිරිසක් යාපනයට ආසන්න ප්‍රදේශයන් දක්වා ගමන් ගනී. ශීත කාලය ගෙවී යන තුරු වැලි දූපත් වල සහ මන්නාරම අවට කලපු තීරයේ නිදහසේ කාලය ගත කරණ "රජ සියක්කාරයන්" විසින් මේ වැලි දූපත් වලට සහ ශ්‍රී ලංකාවට ගෙන එන්නේ අපූරු වටිනාකමකි.
අප උදෑසන සිට සැන්දෑ වන තුරුම ලංකාවට අයත් වැලි දූපත් සමූහයේ කෙලවරටම ගමන් කල අතර ඉන් එහා ගමන් කිරීමට නම් අපට විදේශ ගමන් බලපත්‍රයක් අවැසි බව විහිලුවකට මෙන් පැවසූවේ අප බෝට්ටුව පදවාගෙන ගිය නාවුක හමුදා නිළධාරියා විසිනි. තවද වැලි අතර සැගව සිටිනා වැලි පොළගුන් ගැනත් අනතුරු ඇගවූයේ ඔවුන්ට නිරන්තරයෙන් ම මුන ගැසෙන කරදර රහිත සහ විශ සහිත වැලි අතර කාලය ගෙවන තවත් මිත්‍ර‍යකු ලෙසයි.
වෙනස්ම සුන්දරත්වයක් සහ වෙනස්ම පරිසර රටාවකින් හෙබි වැලි දූපත් වලට ඉහලින් රාත්‍රි කාලයට ඉංදියාවේ විදුලි එලි දැක ඇති නාවුක සහෝදරයන්ගේ අත්දැකීම් ගැන සහ තොරතුරු ගැන විමසමින් අප නැවතත් එන්නට පිටත් වූයේ "රජ සියක්කාරයන්" නිදහසේ කාලය ගෙවනා සොදුරු තෝතැන්නක් වූ වැලි දූපත් දෙස බලා සුසුමක් හෙළමිනුයි.
සුන්දර ගමනක අවසානය එසේ සනිටුහන් කල අතර තලෙයිමන්නාරම පුරා තවත් දිනක් හෝ දෙකක් සංචාරය කිරීමට කතිකා කරගත් ලොකු පීරිස් සහ මම වෙරලට ගොඩ බට වූයේ මුහුදු සැතැපුම් ගනනාවක් අප රැගෙන ගිය නාවුක නිලධාරීට සහ සාගරය සහ දේශය දිවි හිමියෙන් රැක ගැනීමට ඇප කැප වී සිටින මුලු මහත් "නාවුක හමුදාවටම" හද පිරි ස්තූතිය පුද කරමිනි.
ආයුබෝවන් මම දිනේෂ්.
A Journey to legendary dancing Islands of Adam’s Bridge || Rama Setu || Unforgettable Trip to far Tip of southern Sri Lanka
This was an incredible journey where we travelled through the thick jungle of Wilpattu and ended up in a once-in-a-lifetime opportunity to visit the talaimannar sand Islands. With proper permission, we were fortunate to get into a Navy boat to ride to 8 sand islands belonging to Sri Lanka. Another highlight of this video is it was the season for many migrant birds, especially Flamingos. It was unforgettable memory when we touched crystal clear sea waters on white beaches. I hope you will enjoy the thrill of the boat ride and the beauty of white beaches along with the wildlife of incredible Sri Lanka.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"

Пікірлер: 805
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
Hi, Just to let everyone know that most of my videos are coming with English subtitles now. Kindly press on CC button to enable the English subtitles. Thank you for all of your support. 🇱🇰
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
❤🙏
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
🙏❤️🌹
@nutl00se73
@nutl00se73 Жыл бұрын
Maybe you've already realised the serious error, but; පේදුරු තුඩුව (Point Pedro) පිහිටා ඇත්තේ යාපනයේය. ඔබ ගියේ මන්නාරම් තුඩුවට නොහොත් තලෙයි මන්නාරමටය.
@dilanpathiranage5888
@dilanpathiranage5888 Жыл бұрын
Hi Dinesh, What's the drone you used for this video? Love you videos brother! Safe travels.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
@@nutl00se73 අවධානයට ස්තූති. මම මහ අමුතු මනුස්සයෙක්. ඒ දේ දැක්කෙ බොහොම කීප දෙනයි. මම එහෙම කරපු හේතුව කියන්නම්
@Wowclips777
@Wowclips777 Жыл бұрын
අහම්බෙන් හමුවූ මේ දිවිකතර විදවන මිනිසුන් අතර විදින මනුස්සයෙක්.... DAP❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
දිනේශ් අයියා.සෑහෙන කාලෙක ඉදන් ඔයගේ බලනවා.ඒත් කමෙන්ට් එකක් දාන්නේ අපි අද. නොච්චියාගම කියන්නේ මගේ ගම.විල්පත්තුව කියනකොටත් තාමත් ඇඟ කිලිපොලා යනවා. අද මේ වීඩියෝ එක බලන්නේ අපි ලංකාවෙන් එලියේ ඉඳන්. එහෙම බලනකොට තමයි ඇත්තම අපේ මේ පුන්චි ලංකාවේ සුන්දර රටේ ලස්සන පේන්නේ. ආයෙම ලංකාවට ආව කාලෙක ඔයා එක්ක යමු ආයෙම විල්පත්තු. හදවතේ සංචාරකයා.ආදරෙයි.අනුරාධපුර රජරට කියන්නේ මිනිහෙක්ට මැරෙනකම් බලල ඉවර කරන්න බැරි තැන් ගොඩාක් තියෙන සුන්දර ප්‍රදේශයක්.ජය වේවා ඔයාට
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
දුෂ්කරතාවය මැදින් සුන්දරත්වය සොයා පරිස්සමින් යන්න.❤ DAP නාමය මුළු ලෝකයක් හඳුනා ගනීවී .. එය දුර ඈතක නොවේ දිගු ගමනක් යන්න.. ශක්තිය , දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. ❤🙏
@travelwiththanushka
@travelwiththanushka Жыл бұрын
"මෙක පිං භුමියක්" ඇත්තමයි දිනේෂ් අයිය ලංකාව තරම් පිං භුමියක් ලොකෙ කොහෙවත් නැතු ඇති ඒතරම් වසනාවන්ත රටක්❤❤❤
@samanthatech6140
@samanthatech6140 Жыл бұрын
" ඉවරයි පුතේ ඒ පාර නම් " අනේ එහෙම කියනකොට ඇත්තටම දුක හිතුනා 😔
@anushakrishanthi929
@anushakrishanthi929 Жыл бұрын
දිනේශ් ඔබටත් , ලොකු පීරිස්ටත් තවත් මෙවන් සුන්දර ගමනාන්තයන් වල ඇවිද යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා.❤
@අපේකම-ඛ2ළ
@අපේකම-ඛ2ළ Жыл бұрын
තමන් ගැන හිතන මිනිස්සු අතරේ රට ගැන හිතන මිනිස්සු ත් ඉන්නාවා. මොහොතක ට නැවතුනෝතින් ඒ සුන්දර ත්වය විදිත හැකි. ඉතින් කලේ යනවා දැනුනේ නෑ. ඒතරමටම සුන්දර යි . ඉතින් රාවණා පුරාවුර්තයේ මාවත එයයි . නියමයි . ඔබ පරිසරය ට ආදරේ කරන විට පරිසරයත් ඔබට පෙරලා ආදරේ කරවී . ඒ හැගීම වචන වලින් කියන්න බෑ . විදින්නම වෙනවා . නියමයි මාරම අත්දැකීමක් . හදවතේ නොමැකෙන චරිතයක් .
@upekshaabeyratne7005
@upekshaabeyratne7005 Жыл бұрын
යන එන මග කිසිදු අතුරු ආන්තරාවක් නොවේවා...! එකම පැතුම සොදුරු සංචාරකයා වෙනුවෙන් ❤ ලොකු පීරිස්ගේ මිත්‍ර සමාගමත් වාසනාවක් 😇🙂 ජය 🙏
@namalgunawardana5399
@namalgunawardana5399 Жыл бұрын
දිනේශ්.. හුග කාලෙකින් කමෙන්ට් එකක් දාන්නෙ..පටන් ගත්ත මුල් කාලේ ඉදන් කමෙන්ට් එකක් දැම්ම.එතකොට කමෙන්ට් තිබුනේ ටිකයි.ඒත් දැං ....උබ මහ ගහක් වෙලා..ඒකෙන් හදපු ඵල වල බීජ හැම තැනම දැං පැල වෙලා...ඒ පොඩි පැල කියන්නේ උබට ආදරේ කරන මිනිස්සු.කමෙන්ට් ලයික් දැක්කම ඒක පේනවා..උන් උබට ආදරේ කරන්නේ හරියට අල්තිනායි පොප්ලර් ගස් වලට ආදරේ කරා වගේ...ඒකේ කිසිම කහටක් නෑ බං.❤️❤️❤️
@KTECHNIC75
@KTECHNIC75 Жыл бұрын
😘👍
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඔව් ගොඩ කාලෙකින් තමා කමන්ට් එකක් දැක්කේ.. අමතක වෙනවද එහෙමත්. 🫡❤️
@namalgunawardana5399
@namalgunawardana5399 Жыл бұрын
@@DineshAPathum ඇත්තක් කියන්නම් DAP,ඉස්සර ගහක් අත්තක් උනත් කපල දාන්න හිතුන පමාව විතරයි,ඒත් දැන් එහෙම නෑ.. ඒ තැනට ගෙනාවෙ දිනේශ් ,ගහට කොලට ආදරේ කරන්න ඉගැන්නුවේ DAP.ඒකට මං ණයගැති.🙏🙏.තව දෙයක් ලොකු පීරිස්, මං දැක්ක ගහට පොත්ත වගේ ඉන්නව DAP එක්ක.සහෝදර බැදීමක්,ඒක මං දැක්කේ ලකේ ගල තරනයේදි,එදා ලොකු පීරිස් නොහිටියා නම්,කියල මං නවත්තන්න,ඉතිරිය වචන ටික DAP ගෙ හදවත ඇතුලෙන් ඒවි..❤️❤️
@shohanfernando9445
@shohanfernando9445 Жыл бұрын
kzbin.info/www/bejne/jqjOeoSbZ918oJo
@vinodmadushan-kd4tf
@vinodmadushan-kd4tf Жыл бұрын
❤❤❤
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
ලංකාවේ තියෙන ලස්සන තැන් තවත් ලස්සන විදිහට පෙන්නන හදවතේ සංචාරකයා දිනේෂ් අයියට ගොඩාක් පිං ❤❤
@shehanvimukthi5252
@shehanvimukthi5252 Жыл бұрын
අයියත් එක්ක පැයයි හිටියෙ මගේ මනසට මාර නිදහසක් දැනෙන්නෙ.කියන්න වචන නෑ. DAP🌿හදවතේ සංචාරකයා🥰.ආදරෙයි දිනේශ් අයියෙ🍀
@noorksa4466
@noorksa4466 Жыл бұрын
මෙන්න වැන්දා 🙏 ඔයවගේ අවදානම් ගන්න එපා නාල ඉවර වෙනකන් baye හිටියේ ❤️
@yohansenadheera682
@yohansenadheera682 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️ අලුත් වීඩීයෝ දානකන් බලන් ඉන්නේ. කොච්චර අවුලෙන් හිටියත් ඒක හිතට සැනසීමක් ගේනවා 😌🧡
@sunilxcode
@sunilxcode Жыл бұрын
හිරු කිරණින් රැස් විහිදෙන​ වැලිපර ගැන කතාවයි🌹 නිල්වන් සයුරු රළ මත සිත​ නැලවෙන ලතාවයි💛🌹 සොබා දමින් සැම තැන මන​ බඳනා රූ රටාවයි💜🌷 දෝත් මුදුන් දී දෙවු බඹ පිරිසම වඳිනා දිශාවයි🙏🙏🌷🌺🌺
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
දෙයියනේ ඒ පද වල ලස්සන
@sunilxcode
@sunilxcode Жыл бұрын
දිනේශ් ඔබ නොදැනම ඔබ හට​ ලෙන් ගතු අය ලෝ පුරාමයි මේ හැම දෙනාගේ ආදරයෙන් ඔබෙ දිවි පුරාමයි💜🌷 කිසිදා හමු නොවු අපි දිනකදි හමුවන දිශාවයි🍁🍁🍂🍂🍀🍀🌿
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
හැමදාම වගේ අදත් කියන්නෙ තව තවත් ශක්තිය ලැබේවා ලන්කාවෙ නම ලෝකෙටම ගෙනියමු අයියේ ❤❤❤බුදුසරනයි
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 Жыл бұрын
දිනේෂ් ඔබ ඉතාමත් ලයාන් විතව මෙම වැඩසටහන ඉදිරිපත් කරන අතර ඉතාමත් පැහැදිලි රුපරාමු නිසා අපද ඹබ හා සංචාරය කරන්නා සේ දැනෙයි . අපේ සුන්දර රට වටා අපව රැගෙන යන ඔබ ඇතුලු කන්ඩායමට බෙහෙවින්ම ස්හූනි.ඹබලාව නිරතුරුවම රැකදෙන සොබාදම් මාතාචටක් විශ්ව මාතාචටක් ස්තූතියි, ස්තූතියි ,ස්තූතියි !
@chathuraprabodya1760
@chathuraprabodya1760 Жыл бұрын
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමයි සොබාදහමට ආදරේ කරන පිස්සුව ඒ වගේම DAP video බලන එක.. හදවතේ සංචාරකයා 😍
@udithudith7185
@udithudith7185 Жыл бұрын
ඔබ තමයි අපේ අදරනීය සන්චාරකයා .. ❤️
@sumanasathkumara3067
@sumanasathkumara3067 Жыл бұрын
ලංකාව කියන්නේ සුන්දර පාරාදීසයක්. .!! මජර දේශපාලකයෝ මේවා දකින්නේ නෑ.උන්ට ඕනි බලය විතරයි !!! වෙනස්ම පරිසර පදධතීන් හැම තැනම.ස්තූතිය් පුතා, දෙවි පිහිටයි, Keep going Love you so much..!
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පුතා ඔබ ලාට බොහෝ පින් ලක්මව තුරුලෙ සැගඋන අති රමණීය ව්චිත්‍ර තැන් තව කොතරම් ඇතිද අපෙ ජීවිතය තිබෙන තුරු ඔවැනි අලන්කාරදේ දකින්නට ලැබේ ද ඔයාලා නාද්දි මාබයේ සිට්යෙ ප්‍රවේසම් වෙන්න පුතාලා බුදු සරනය් දෙව්පිහිටයි
@lifewithnipu
@lifewithnipu Жыл бұрын
මුළු vlog එකම film එකක් වගේ හරිම ලස්සනයි. අපිට කවදාවත් යන්න බැරි ඇස් දෙකෙන් දකින්න බැරි ලංකාවේ එක ඉමක් අපිට පෙන්නුවට ඔයාට අපි ණයගැතියි... හරිම සුන්දර vlog එකක්.. ආදරෙයි හදවතේ සංචාරකයා DAP ❤️
@mihiranfernando5197
@mihiranfernando5197 Жыл бұрын
අයියේ කියන්න කිසිම දෙයක් නැහෑ.. දවසක රූපවාහිනීයක සංචාරක වැඩසටහනකින් දැකගන්න ආසයි.. හදවතේ සංචාරකයා.. ❤️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
අම්මේ බෑ මල්ලි.. නිදහස් මෙහෙම නේ
@shehanvimukthi5252
@shehanvimukthi5252 Жыл бұрын
@@DineshAPathum ඇත්ත
@wasanthakatukurunda5949
@wasanthakatukurunda5949 Жыл бұрын
You are living in 1990.Mihiran. you tubers have long overtaken tv programmes. Nowadays tv presenters are turning into you tubers.
@shakthimanamperi115
@shakthimanamperi115 Жыл бұрын
eka thapparayak miss nokara okkoma baluwa hamadaaama wageema..! meeka supiri Dinesh Ayya..! Loku Pieris ayyai , Ayyai Parissamen..! Bs !❤❤❤❤👌👌👌👌🙏🙏🙏🙏
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
මම දැකපු ලස්සනම වීඩියෝ වලින් එකක්. පුදුම ලස්සන තැනක්... ඒක වචන වලින් කියන්න බෑ...🥰🥰🥰 මුළු ලෝකයක් ඔයා ගැන කතා කරන දවස වැඩි ඈතක නෑ සංචාරකතුමා 😘😘😘 ඔයාටත් ලොකු පීරිස්ටත් නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුශ වේවා ... තෙරුවන් සරණයි මගේ මිත්‍රයා❤️❤️❤️
@gihansenanayake648
@gihansenanayake648 Жыл бұрын
ලංකාවේ ලස්සන තැන් පෙන්නන හදවතේ සංචාරකයා ..ලොකු පිරිස් ආදරෙයි
@Niwanthamccs
@Niwanthamccs 8 ай бұрын
පිට රටකට වෙලා වැඩ අස්සෙම හිරවෙලා ඉන්න මම ඔලුව ටිකක් නිදහස් කරගන්නේ ඔයාගේ වීඩියෝ බලල. තව තවත් ඉස්සරහට තවත් හොඳ සාරවත් වැඩසටහන් ගොඩක් අපිට ගෙනත් දෙන්න ඔය හිතට දිරියත්, කකුල් දෙකට හයියත් ලැබෙන්න කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා. ලබන අවුරුද්දේ ලංකාවට අවහම යන්න තැන් ගොඩක් ඔයාගේ වැඩසටහන් වලින්ම ලකුණු කරගෙනයි ඉන්නේ. ජය
@jenitabologngnage5538
@jenitabologngnage5538 Жыл бұрын
මම සේම බැලුවා කොහොම ස්තූති කරන්නද එච්චරටම මහන්සි වෙලා කැපවීමකින් මේ වැඩ සටහන කරලා තියෙනවා අපිට කවදාවත් ගිහින් බලන්න බැරි වටිනා කියන තැන් අනේ ඕගොල්ලන්ට හරිම පින් ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි😊
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
ගොඩක් සතුටුයි සතියෙන් සතිය video බලන්න පුළුවන් වීම ගැන. මේවා අපිට කවදාවත් දකින්න ලගා වෙන්නවත් බැරි තැන් ගොඩක් ස්තුතියි වැලි දුපත් වලට ඔයාලව රැගෙන ගිය නිලදාරී සැවොම ඇතුළු ඔබ සැම නිදුක් නිරෝගී වේවා බුදුසරණයි පරිස්සමින් 🙏🌹♥️
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සමග ලොකු පිරිස්ට.. තෙරුවන් සරණය් ..🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
ලොකු අවදානමක් අරගෙන අපි වෙනුවෙන් මේ තැන් වලට ගිහින් අපෙ රටේ සුන්දරත්වය අපිට පෙන්වනවට ඔබ තුමන්ලට ගොඩක් පිං...මේ සුන්දරත්වය විනාශ නොකර රැකගෙන මතුපරම්පරාවට දායාද කිරිම අපි හැමෝගෙම වගකීම විශේෂයෙන් ම ඉහල බලධාරීන්ගෙ ❤️🙏
@MsShantha
@MsShantha Жыл бұрын
ලංකාවෙ නම් බලධාරීන් ගෙන් නම් බලාපොරොත්තු වෙන්නෙපා. ඒ අය කරන්නෙම විනාස කරන එක. අමාරුවෙන් උනත් අපිටම තමා රැකගන්න වෙලා තියෙන්නෙ..
@vinodmadushan-kd4tf
@vinodmadushan-kd4tf Жыл бұрын
❤❤❤❤
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
අපේ රටේ සොබාදහමේ සුන්දරත්වය ලොවට ගෙනයන ❤ තේ සංචාරකයා ..😍 DAP..
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
අදරේයි දෙන්නාටම.........................හදවතේ සංචාරකයෝ
@PataliHerath-t3s
@PataliHerath-t3s Жыл бұрын
සියලු බොසත්වරු බුදුවෙන්න උපදින පින් බිමක් ,එය සුරකින මිනිසුන් දෙවිවරු වි උපදිනවා
@sandaruwanrathnayake2798
@sandaruwanrathnayake2798 Жыл бұрын
සොබා දහමේ එක් නියමුවෙක්ගේ සුපිරි සංචාරයක් ❤️
@dinindutharana4027
@dinindutharana4027 Жыл бұрын
හමුවීම වෙනිවීම මෙයයි ජීවිතය✨🍂
@naveenbhanuka1770
@naveenbhanuka1770 Жыл бұрын
මේකනම් පිස්සුවක්........ මාර ලස්සනයි.... ඔයාට ගොඩක් පින් සහෝදරය..... ලොකු පිරිස් ඔයාටත් එ පින අයිතී........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
හැමදාමත් වගේ වැඩේ නම් ඉස්තරම්👌ඔය ලස්සන පාරවල්,මේ තැන් මේ තියෙන විදියටම තිබුනාවේ...ඔයාලා වගේ පරිසරයට ,සත්තුන්ට ආදරේ මිනිස්සු විතරක් අමාරුවෙන් ගිහින් විදපුවාවේ...මොකද අපේ මිනිස්සු බහුතරයක් ඒවයෙ වටිනාකමක් දන්නේ නෑ.. එහෙම අය නොයන කල් මේ තැන් හැමදාමත් ලස්සනට තියේවි...🌿🖤🦩🍃🍂 ජීප් එක අරන් ගියපූ ලොකු පීරිස් නම් 😁😇 ජීප් යාලුවා ඔයත් පිස්සෙක් හොදේ🥰🚗
@kdes1212
@kdes1212 Жыл бұрын
💯
@Travelinparadise-l1y
@Travelinparadise-l1y Жыл бұрын
ලොකු අව්ලකින් ඉදිද්දි අයියාගෙ විඩියො බලද්දී මාරම සැනසිමක් තියෙන්නෙ 🥺🙏
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
දෑත් එක්කොට හිස නමා ආචාර කරනවා දිනේෂ් ඔබටත් ලොකු පීරීස්ටත්. දුෂ්කර මෙන්ම සුන්දර සංචාරයක්. මඩු මෑණීයන් සමග ගෙවෙන අනිත් ගමනාන්තය බලන්න නොඉවසිලිමත්ව ඉන්නවා. බොහොම පිං අපව මේ වගේ සුන්දර තැන්වල රැගෙන යනවාට. තෙරැවණ් සරණයී! දෙවී පිහිටයී !
@pinky5958
@pinky5958 Жыл бұрын
කැලේ මැදින් යද්දි සද්දන්තයෙක් වත් එයිදෝ කියලා මගෙ හිතෙත් පොඩි තිගැස්මක් තිබුනා. යන්තම් කැලෙන් එලියට ආවා විතරයි දෙන්නා නෑවෙ කිඹුල්ලු ඉන්න වැවක ඒ මදිවට. මොනවා වුනත් පරිස්සමින්. වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් මමත් ඔයාලත් එක්ක ඔය ගමන ගියා වගෙයි දැනුනෙ. බොහොම පිං අපි වෙනුවෙන් අපේ රටේ සුන්දරත්වය අප වෙත රැගෙන එනවට. සොභාදහම ඔබවත් ලොකු පීරිස්වත් ආරක්ෂා කරනවා. 💚👍💐
@Liveshow1221
@Liveshow1221 Жыл бұрын
හදවතේ හොදම ගමන් සගයා ලොකු පීරිස් අයියා ආදරෙයි දිනේස් අයියා
@su_pu_na8658
@su_pu_na8658 Жыл бұрын
හැමදාමත් වගේ අදත් නිදහසේ සංචාරයක . දිනේෂ් අයිය එක්ක. ආදරෙයි ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰
@flowers2069
@flowers2069 Жыл бұрын
අයියා ශ්‍රි ලංකාවෙ අපි නොගියපු නොදැකපු දැන් පෙන්නලා කරන්නෙ ලොකු පිනක්.අපි ඒ තැන්වලට ගියෙ නැතත් මනසින් එතනට අරන් යන්න තරම් මේ විඩීයො මේ කතාබහ සමත් වෙනවා😊.yt එකේ දැකපු හොදම traveling yt එක.ඉස්සරහටත් මේ වගේ සුන්දර ස්ථානවලට යන්න ඒ සුන්දර ස්ථාන පෙන්නන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
බොහොමත්ම දුෂ්කරතා මධ්‍යයේ අපටත් විඳින්න සැලැස්වූ මේ සුන්දර විචිත්‍රවත් ගමනාන්තයට ඔබ දෙදෙනාටම කෘතවේදී ප්‍රණාමය ....🙏❤️🇱🇰
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
සුන්දරත්වය වගේම ත්‍රාසයත් මුසු වූ තවත් අද්විතීය සන්චාරයක්..! ❤️
@harshanirandika3991
@harshanirandika3991 Жыл бұрын
මම හරිම ආසාවෙන් බලනව ,ඉස්සර ගිය සැරිසරවගේ ලසිසනට ප්‍රසන්ට් කරනවා
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
මල්ලි ඔයාලා සියලු දෙනාට උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදය වෙිවා
@mdsjayakantha579
@mdsjayakantha579 Жыл бұрын
අපේ රටේ සුන්දරත්වය විඳින්න අපට පේන්නු වාට ඔබට ස්තූතියි
@travelwithgayya6335
@travelwithgayya6335 Жыл бұрын
මාරම ආසාවෙන් බලන්නේ අයියේ ඔයගේ විඩියෝ🎉
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
බොහොම පි0 මල්ලි ඔයාල දෙන්නට .♥️♥️♥️♥️
@travelsoul2842
@travelsoul2842 Жыл бұрын
පැයක් තිස්සෙ බලපු ලස්සනම film එකල්...හදවතේ සංචාරකයා
@hirunibandara1461
@hirunibandara1461 Жыл бұрын
තවත් ලස්සන ගමනාන්තයක් හරිම ලස්සනයි අයියාට පින් මේවා අපිට පෙන්නනවට බුදු සරණයි 💚🌿🕊 DAP
@yumcupi1639
@yumcupi1639 Жыл бұрын
ගිරි දුර්ග කඳු තරණය කරන්න ඔබට ශක්තිය ලැබේවා obata ගැළපෙන වාහනයක් ganna ලැබේවා I will wish from my ❤️🙏🙏
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
වෙනස්ම රූපරාමු පෙළක් වෙනස්ම සංචාරයක් ආදරෙයි දිනේෂ් අයියා❤️💛🤩
@rukshannadeesha2602
@rukshannadeesha2602 Жыл бұрын
දිනේශ් කියන්න වචන නෑ ඒ තරම් හරිම අපූරුවට අපේ හදවත් තුලටම හැම මොහොතක්ම කිදා බස්සවන්න සමත් වෙනව. සෑම නැවතුමක්ම කුතුහලයක් ඉතිරි කර හරිම අපූරුවට නිමා කරනව. ඉතින් දිනේශ් හදවතින්ම සුභ පතනවා සහ ස්තූති වන්ත වෙනව සොදුරු දසුන් අප වෙත ලගාකර දීම පිලිබව. ජය වේවා❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති. ජයවේවා
@Nayomi_Madhushika2124-IN
@Nayomi_Madhushika2124-IN Жыл бұрын
දැකලා නැති සුන්දරත්වය පෙන්නනවට ගොඩාක් පිං දිනේශ් අයියේ. 💓🥺🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ජීවිතය සුන්දරත්වය මේ පරිසරයේ සුන්දරත්වය එක්කම ගත කරන ඔයාලාගේ ජීවිතය හරිඅම සුන්දරයි. පුදුමාකාර වාසනාවයි හරිම සතුටුයි ඔබතුමාට ලොකු පීරිස් ඔබතුමාටත් බොහෝ පින් ඔබේ ඇසින් අප මේ සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය ස්භාදහට ආදරේ කරනවා ❤️ අපේ ස්භාවදර්මයෝ අපි රැකගමු ! සැමට සිත් පහල වේවා ! සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
@Tharindu_S_Withanage
@Tharindu_S_Withanage Жыл бұрын
ජයෙන් ජයම වේවා !!! ආදරෙයි සහෝදරයා ❤
@shashikasadaruwan2209
@shashikasadaruwan2209 Жыл бұрын
සොදුරු සන්චාරකයා ආදරෙයි දීනේශ් අයීයා ඔයා තමා ආසම කෙනා මගේ ජීවීතේ දවසක ඔයා වගේ වෙන්නයී ආස❤️❤️❤️
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
පොඩි කාලෙ ඉදන් තිබුනු travel පිස්සුව මීට අවුරුදු 4 කට ආසන්න කාලයකට කලින් වැඩි කරල මේ වෙද්දු ඒක travel සික් එකක් කරපු මගේ ලෝකෙ වීරයා ❤️( ආයුබෝවන් මම දිනේශ්) 😍
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤️🍃🌍🌳💚😊.
@newstory-24
@newstory-24 Жыл бұрын
හැමදාමත් වගේ මේ පාරත් සුපිරියක්. 👌👌❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ... 💐ලොකු පීරිස් ... 💐 ඔබලාට මගේ හදපිරි ආචාර්ය පුදකරමි !💐 බලන්නම් විඩියෝව 🌱 උතුම් තෙරුවන් සරණයි !🙏
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
ගොඩක් අවදානම් ගමනක් ලොකු පීරිස් ඉන්න නිසා මට නම් බය හිතුනෙම නැහැ තනියම ඔබ සන්චාරය කරන කොට මම ඔබට බනිනවා ඔබ ආරක්ශා ව්‍ ය යුතුමයි තෙරැවන් සරනයි ඔබදෙපලටම🌷🌷🌷
@Madusha1234-f6o
@Madusha1234-f6o Жыл бұрын
විල් පත්තු වනය ටික නම් ගොඩක්ම ලස්සනයි අයියෙ.බුදු සරණයි.
@isharaalokasilva3474
@isharaalokasilva3474 Жыл бұрын
සුපිරියක් දිනේශ් අයියා පෞද්ගලිකව ආසම චරිතයක් ඔයා වැඩි වැඩියෙන් යන්න ලැබෙන්න ඔනේ❤
@shiraniinoka4182
@shiraniinoka4182 Жыл бұрын
හදවතේ රැදෙන මතකයන් ගොන්නක්...😍හදවතේ සංචාරකයා 'දිනේෂ්' එක්ක.. 💚🌿🙏
@kumarihmakherath5694
@kumarihmakherath5694 Жыл бұрын
අයියෙ ඔයාගෙ විිඩියො හරිම ලස්සනයි ❤❤❤
@sithumihansima1643
@sithumihansima1643 Жыл бұрын
මගේ ජිවිතේ මන් දැකපු වාසනාවන්තම ඇස් තියෙන්නේ අයියට........මන් එහෙම කියන්න හේතුව මේ වගේ ලස්සන හිත නිවන දර්ශන හැමෝටම දකින්න ලැබෙන්නේ නැ ......☺️☺️
@manjulasampat5764
@manjulasampat5764 Жыл бұрын
කියන්න වචන නෑ දිනෙෂ් අයියේ ඔයාලාට බුදු සරණයි ...ජයයෙන් ජයම වේවා.... ආදරෙයි
@sithumiahinsa1410
@sithumiahinsa1410 Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ අපේ රටේ මේවගේ සුන්දර තැන් වලට දුශ්කර ගමනාන්තයන් ඔස්සේ අපිව එක්කන් යනවට.. දවසේ මහන්සිය විනාඩි කිහිපයකින් නැති කරන්න පුලුවන් භාවනාවක් වගේ.. කවදහෝ ඔබව දැක කතා කරන්න පුලුවන් දවසක් හමුවේවා ප්‍රාර්ථනා කරමින් මුලු ලොවක් හදුනන හදවතේ සංචාරකයා වෙන්න හදවතින් සුභ පතන්නෙමි.. තෙරුවන් සරනයි ..💚💛
@chathurikasubashini3839
@chathurikasubashini3839 Жыл бұрын
ඔයා වගේ මේ තැන් වගේ හිත.නිවෙන භාවනවක් වෙන කොහෙද ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අපි මන්නාරම ගියත් ඔය වැලිපර වලට යන්න බැරි වුණා. ඔයාට ඒ වාසනාව ලැබ්ලා මල්ලී.. ඇත්තටම සන්තොෂයි.. ජයවේවා මල්ලී..
@sampathjayakody-oi1il
@sampathjayakody-oi1il Жыл бұрын
ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගෙ අපේ රටේ ලස්සන අපිට යන්න බැරි උනත් මේ විදිහකට හරි දැක ගන්න සලස්සන එකට..❤❤
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
❤❤❤❤❤ කියන්න වචන නැහැ ජෙසු පිහිටයි හදවතේ සංචාරකයෝ ඔබ සමග සැම තැනම සංචාරය කරන සියලුම දෙනා ❤❤❤❤❤
@irosha2102
@irosha2102 5 ай бұрын
සොබාදහම ට ලං වෙන්න ආදරේ කරන්න පුරුදු කරපු මිනිස්සු ඔයාලා.ආදරෙයි ට්‍රැවල් පිස්සුව හදපු හැමෝටම ❤
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Man hithane kawruth me thanwalata gihin nathuwa athi pennala nathuwa athi godak lassanai apita kawadawathdakinna labenne nane apiwa ekkagena giyata godak pin parissamen dennatama bs
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
එක හුස්මට වීඩියෝ එක ඉවරවෙනකන්ම බැලුව..ඒක වෙනමම එකක්....උබ ආයෙ ආයෙ මට සංචාරක හීන පෙන්නනව බං ...ආදරෙයි...💚💚 දවසක හමුවෙමු
@chathushan5588
@chathushan5588 Жыл бұрын
අවදානම් ගැනීම නිසා ඔයා කරපු වැඩේ ගොඩක් ලස්සනට තියෙනවා. බලන අයටත් ලස්සනට බලන්න හිතෙනවා. එත් ගොඩක් පරෙස්සම්න් එහෙම දේවල් කරන්න. ඔයලා ලස්සන, හිත ලස්සන ,හදවත ලස්සන අපේම සහෝදරයන් නිසා කියන්නෙ. බුදු සරණයි.. සොබාදහමට ආදරෙ කරන කිසිවෙකුට සොබාදහම නපුරක් කරන්නෙ නෑ..ආශිර්වාද කරනව.. චිරං ජයතු.....
@ishialo18
@ishialo18 Жыл бұрын
ආයුබෝවන් දිනේෂ් අයියේ 🙏 මේ tour එකේදි අයියා හරියට pirates of the caribbean කතාවේ Jack Sparrow වගේ....(ඒ 🎩 &⛵⚓️🚤 නිසා ) Hee....🤣 මිනිස්සු නැති තැන්වල කොච්චර ලස්සනයි ද... ඒකට තවත් හොද example එකක් Mannar Sand Island එක.... Beach එකයි ඒ වටපිටාවේයි ලස්සන ❤️.. Respect Srilankan Navy & Army💂👮️ එක අතකින් හමුදාවේ අවසරයක් නැතිව එහෙට යන්න දෙන්නේ නැති එක හරියටම හරි.නැත්නම් අපේ මිනිස්සු ඒ පරිසරයත් විනාශ කරලා..දැනට මම බලපු වීඩියෝ අතරින් පොලිතින් එකක්වත් නොපෙන්නපු එකම වීඩියෝ එක (තාම පොඩ්ඩයි ඉස්සරහට අනිත් ඒවා බලද්දී කියන්නම් 😊) නිදහසේ ජීවිතය ගත කරන්න ඒ කුරුල්ලොත් 🦩 ඒ මුහුදු ජීවිනුත් හරි වාසනාවන්තයි..... හැමදාටම මේ පරිසරය රැකෙන්න....❤️
@dyapattiwila8660
@dyapattiwila8660 Жыл бұрын
Very nice putha. Theruwan saranai !
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
සුන්දර සිත් ඇති මිනිසුන් සොබාදහම් මාතාව රකින්නව දිනේෂ් .ඒ නිසාම ඔබේ ගමන සිතගි පරිදි දිගටම යන්න පුලුවන් අපගේත් සිත් සනසමින්න්ම.
@rusirulakshithaphotography
@rusirulakshithaphotography Жыл бұрын
ලංකාවේ ට්‍රැවල් කරන KZbinrs ලා අතරේ ඉන්න හරි අවංක සහ නියම සහෝදරයෙක් දිනේෂ් කියන්නේ. හදවතින් සුභ පතනවා තවත් ලස්සන වීඩියේ ටිකක් අරන් එන්න ලැබේවා කියලා ❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
සුන්දර සහෝදරයෙක් සුපිරි
@tharindudakshina674
@tharindudakshina674 Жыл бұрын
දැනට දන්නා විදිහට ආදම්ගේ පාලමේ ඉස්සලම program එකක් කලේ ජාතික රූපවාහිනියේ සැරිසර team එක.. ඒ 2010-12 වගේ කාලෙදි....එකේදි එයාලා කියනවා දූපත් වල camping කරපු පළවෙනි කට්ටිය එයාලා කියල... 8වෙනි දූපතට වෙනකල් යනවා...දුක් වෙන්න හේතුව අදටත් ඒ video එක හොයාගන්න නෑ 😢😢..thank you දිනේශ් අයියේ අවුරුදු ගානක මතකයක් අලුත් කළාට ❤
@maduka_s
@maduka_s Жыл бұрын
මගේ ආසම සංචාරකයන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් ඔයා අයියේ මෙික නියමෙටම කරනවා ❤️
@ѕтнкѕєтнмтн
@ѕтнкѕєтнмтн Жыл бұрын
මම මීට කලින් දැම්ම වීඩියෝ එකත් බැලුව❤️🔥. ඒ වීඩියෝවෙ තියෙන තැන් වගේම මේ වීඩියෝවෙ තියෙන වැලි දූපත් වලට වගේම ලංකාව වටේටම තියෙන මුදටත් දූපත් රැසකටත් මම ගිහින් තියෙනව අයියෙ. ඒ දේවල් ඔක්කොම මට ලැබුනෙ මගෙ තාත්තා නිසා....❤️❤️ ඉදිරි වැඩ වලට සුභ පතනව ඔය දෙන්නටම. ඊලග ගමනාන්තයේදි හම්බෙමු ❣️.
@janithjeewantha2754
@janithjeewantha2754 Жыл бұрын
ඒ සුන්දරත්වය අපිට පෙන්නුවට බොහොම පින් සහොදරයා. ❤❤ තවත් ඒ වගෙ ලස්සන තැන් වලට යන්න ලැබේවා ❤🤝
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
පුදුම ලස්සන මෙතෙක් නොදුටු අපේ රටේ තවත් සුන්දරතම දසුන් ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුති වෙමින් නැරබුව . තවත් මෙවන් සුන්දරතම දසුන් සමගින් වීඩියෝ අපට ගෙනෙන්න ට ඔබට ශක්තිය ධර්‍ය් ලැබේවා 🙏
@nilushikashayamalie-4074
@nilushikashayamalie-4074 Жыл бұрын
හදවතේ සංචාරකයා හදවතින්ම සුබ පතනවා.. ගොඩාක් දුෂ්කර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට ගොඩාක් ස්තුති .. ගොඩාක් පින්.. බුදු සරණයි අයියෙ ඔයාටත් ලොකු පිරිස් අයියාටත්..
@chamodlakshan5164
@chamodlakshan5164 Жыл бұрын
අන්තිමට සමුගන්නවා කියද්දිනම් හිතට මාරම දුකක් එනවා..
@gayanmaduranga9312
@gayanmaduranga9312 Жыл бұрын
ඉස්සර ඉදන්ම බලනවා අයියා...දැන් ඉස්සරත් වඩා මරු...ඒකාකාරී බවෙන් මිදිලා වගේ හිතෙනවා...ඉතිහාසික වටිනා තැන්,පුරාවිද්‍යා ස්තාන,(අපිට යන්න බැරි තැන්),ගග දිගේ,මහා සංචාරේ වගේ වැඩසටහන් ආසාවෙන් බලපු අපිට ආයෙත් ඒ දේවල් මතක් කරනවට ,පෙන්වනවට පිං අයියේ❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Harima ලස්සනයි vloge eka අයියා jaya wewaaa..!!
@pjaya
@pjaya Жыл бұрын
අපේ හමුදාවෙ කොල්ලො හොදට ගහගත්ත / මාතෘභූමියෙ හෙට දවස වෙනුවෙන් ජීවිත පූජාකරපු තැන් ඕවා🥺❤
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Жыл бұрын
Hamadamat jatiyama gawrawYa apa hamda virayanta
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
හදවතේ සංචාරකයා ❤ ආදරෙයි සුපිරියක් 🔥❤🌍
@HasanthaIshan
@HasanthaIshan Жыл бұрын
හදවතින්ම නිහතමානී සංචාරකයා❤️
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
අම්මෝ ඒකනම්!😂 හදවතේ සංචාරකයා ට ලොකු පිරිස් ගොඩක් දෙන්න නියමයි හරිම සුන්දරයි ජයවේවා!
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
සොබාදහම රකින ලස්සනට විදින අනික් අයටත් විදින්න සලස්වාන සොදුරු සංචාරකයෝ ❤️ ජය වේවා ඔබ දෙදෙනාටම 🙏❤️💚💙 බොහෝ තුති
@warunkarunarathna8336
@warunkarunarathna8336 Жыл бұрын
තවත් එක් සංචාර සිහිනයක්... රූප මාධ්‍ය මගින් ... ලං කලේ.මතු දිනකයාමට පෙර අපට.. පින්. DAP Dinesh තව දුර යන්නට අප වෙනුවෙන් ධෛර්යය..
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46