වාහලනාග උපසම්පදාව - ශ්‍රී දළදා මාලිගාව තුල පවතී උපසම්පදා විනය කර්මය

  Рет қаралды 1,709

MOONVIDE CINEMA

MOONVIDE CINEMA

Жыл бұрын

2022 මැයි මස 15 වන දින මහනුවර මල්වතු මාහා විහාරිය මංගල උපොසථාගාරයේදී අරඹේගම ගුණරතන පොඩි හාමුදුරුවන් වහන්සේ වාහලනාග නාමයෙන් අධිශ්‍රිල සංඛ්‍යාත උපසම්පදා විනය කර්ම සිදුකිරිම සහ මැයි මස 16 වන දින ගිනිගත්හෙන, අඹගමුව ශ්‍රි විජයබා පිරිවෙන් විහාරස්ථානයේ සිට පෙරහැරකින් ගිනිගත්හෙන ශ්‍රි අභිනවාරාම විහාරස්ථානය වෙත සිව්වාමින් වහන්සේ වැඩමවිම.
____________________________________
සියම් මහා නිකායේ වාහලනාග උපසම්පදාව
මෙරට වැඩ වාසය කළ වැලිවිට ශ්‍රී සරණංකර සාමණේර හිමියන්ගේ නායකත්වය හා අප්‍රතිහත ධෛර්යය පරිහානිය කරා ගමන් කරමින් තිබූ බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට මහත් පිටුවහලක් විය. මේ සඳහා පාලක අනුග්‍රහය ද අවශ්‍ය වූ බැවින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ සහ විජය රාජසිංහ රජුගේ සහාය මේ සඳහා ලබා ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස දූත පිරිසක් සියම් දේශයට යවා නැවත මෙරට උපසම්පදාව පිහිටුවීමට අවශ්‍ය සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩමවාගෙන ඒමට සරණංකර හිමියන්ට හැකි විය. ඒ අනුව උපාලි නම් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා විසිපස් නමක් ත්‍රිකුණාමලයට 1753 ජුනි මස 14 වැනි දින ළඟා විය. ඉන් පසු මහනුවර බලා වැඩම කළ මෙම පිරිසට මල්වතු මහා විහාරයේ වැඩ විසීමට අවශ්‍ය පහසුකම් සැලසිණි.
ඒ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු උපාලි ස්වාමීන් වහන්සේට වටාපතක් පිළිගන්වා විනය කර්ම ආරම්භ කරන ලෙස 1753 ජූලි 14 වැනි දින ආරාධනා කළ අතර ඉන්
අනතුරුව විසුංග්‍රාමසීමා ලකුණු කොට මහනුවර මල්වතු සීමාමාලකයේදී උපසම්පදා විනය කර්ම ආරම්භ විය. වැලිවිට සරණංකර මාහිමියන් ඇතුළු මෙරට භික්ෂූන් උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වෙතින් උපසම්පදාව ලැබ ආරම්භ වූ මෙම භික්ෂූ වංශය මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ශ්‍යාමෝපාලි වංශික (සියම්) මහානිකාය නමින් ව්‍යවහාරයට පත්විය.
ඉන් අනතුරුව වැලිවිට සරණංකර හිමියන් සංඝරාජ ධූරය ලැබ වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ලෙස ගෞරවට පත් වූ අතර මල්වතු හා අස්ගිරි විහාර සියම් නිකායේ ප්‍රධාන පාර්ශ්ව බවට පත් විය.
මල්වතු-අස්ගිරි මහා විහාරය ශාසනයෙහි පැවැත්ම උදෙසා සංවිධානය කරන චාරිත්‍රවිධි අතර වාර්ෂික උපසම්පදා උත්සවය ප්‍රමුඛස්ථානයක් ගනියි. මෙහිදී දිවයින පුරා විසිරී සිටින ඒ ඒ විහාර නිකාය පාර්ශවයන්ට අයත් විසි වයස් සම්පූර්ණ කොට ඇති උපසම්පදාව අපේක්ෂා කරන සාමණේරයන් වහන්සේලා අස්ගිරි සහ මල්වතු මහනායක හිමිවරුන් වෙත එම වසරේ උපසම්පදා උළෙලේ දී උපසම්පදා වීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අයදුම් පත්‍ර යොමු කළ යුතු යි.
උපසම්පදාව සම්බන්ධ ව එම විහාරය පාර්ශවයන්හි ඇති චාරිත්‍ර විධි අනුව කටයුතු කිරීමෙන් පසුව උපසම්පදාව ලැබීම සඳහා දවස් නියම කරයි. මෙහිදී උපසම්පදාව ලබන සාමාන්‍ය සාමණේරයන් වහන්සේලා ‘නාග’ යන නාමයෙන් හඳුන්වයි.
මෙම චාරිත්‍රයට වාහලනාග ලෙසින් නම් ලැබුණේ එය පෙර දවස රජවාසල මුල් කොට ගෙන සිදු කිරීම නිසා ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් උපසම්පදා උත්සව පැවැත්වෙන අවස්ථාවේදී රජවාසල සිට සාමණේරයන් වහන්සේලා උපෝසථඝරයට මහ පෙරහරින් වැඩවීම සිහිපත් වීම පිණිස මෙසේ වාහලනාග උපසම්පදාව පවත්වන බව කියැවේ.
වාහල යන්නෙන් රජ වාසලත් නාග යන්නෙනේ උපසම්පදා අපේක්ෂක සාමණේරයන් වහන්සේ යන්නත් අර්ථවත් වේ. මෙහිදී උන්වහන්සේලාගේ උපාධ්‍යායන් වහන්සේ "තිස්ස ථේර" ලෙස හඳුන්වයි. එකල රජවාසලේ දී සිදු වූ මෙම චාරිත්‍රය වර්තමානයේ දළදා මාලිගාව මූලික කරගෙන සිදු කරයි.
මල්වතු-අස්ගිරි උභය මහා විහාරය මගින් වසරකට වාහලනාගයන් වහන්සේලා දස නමක් නම් කරයි.
ඒ මල්වතු විහාරයෙන් පහක් සහ අස්ගිරි විහාරයෙන් පහක් බැගිනි. වෙසක් පුන් පොහෝ දින, අව අටවක, අමාවක, පොසොන් පුර අටවක හා පොසොන් පුර පසළොස්වක යන දිනයන්හිදී මේ චාරිත්‍රය සිදු කරයි. එක් දිනකට එක් පාර්ශවයකින් එක් නම බැගින්, දෙනමක් වෙනුවෙන් මෙම චාරිත්‍රය ඉටු කරයි. ‌බොහෝ විට මේ සඳහා තෝරාගන්නා සාමණේරයන් වහන්සේලා ධර්ම විනයෙහි දක්ෂ වූ හිමිවරු වෙති. උඩරට ප්‍රදේශවලින් පරිබාහිර සඟ පරම්පරා වෙත ද මෙම අවස්ථාව ලැබුණු බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යයි.
ගිහි වෙස්, නැතහොත් කුමාර වෙස් ගෙන ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරන සාමණේර හිමිවරු දෙදෙනා වැඩ හිඳින මාලිගාවේ රිදී දොරටුව අභියසට පැමිණෙති. ඒ අවස්ථාවේ දී උභය මහා විහාර වෙනුවෙන් සියම් රජු පූජා කර ඇති ඔටුනු විසිතුරු වස්ත්‍රයන්ගෙන් ආවරණය කොට ගෙන ඇවිත් ඒ ඒ විහාරය වෙනුවෙන් වැඩම කර සිටින සිටින භික්ෂූන් වහන්සේලා දෑත් මත තබා ගෙන සිටිති.
ඉන් අනතුරුව පැමිණෙන දියවඩන නිලමේතුමන්, කාරියකරවන කෝරාළගේ උපකාරය ද සහිත ව ඔටුනු පළඳවයි. පසුව
වෙස්නැටුම් කණ්ඩායම් හේවිසි මණ්ඩපයේ දී නැටුම් සංදර්ශනයක් පවත්වා එම සාමණේර දෙනම මහ වාහල්කඩ වෙත කැඳවාගෙන යයි. උපසම්දාව සඳහා අවශ්‍ය අටපිරිකර සහිත සෙසු පිරිකර ද සාමණේරයන් වෙත දියවඩන නිලමේතුමන් පූජා කරන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සිදු කළ උදාරතර ශාසනික මෙහෙවරට කෘතගුණ සිහිපත් කිරීමක් වශයෙන් බව කියැවේ.
වාහලනාග පෙරහර;
ඔටුනු පළඳා රජ වෙස් ගැන්වූ න ලද සාමණේරයන් වහන්සේ දෙනම මහවාහල්කඩ අසල දී ඇතුන් දෙදෙනකු පිට නැගීම සාමාන්‍ය චාරිත්‍රය වේ. දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින පෙනුමැති දළ ඇතුන් දෙදෙනකු බොහෝ විට මේ රාජකාරිය ඉටු කරයි. වර්තමානයේ මේ රාජකාරිය වැඩි වශයෙන් බුරුම රාජා හා මියන් රාජා ඇත්තු ඉටු කරති. එසේ සාමණේරයන් දෙදෙනා වහන්සේ ප්‍රමුඛ කොට ගෙන නර්තන කණ්ඩායම් මහමලුව ඔස්සේ පෙරහරෙන් ගමන් කරති.
සාමණේර වහන්සේලා දෙනම පිටුපසින් ස්වකීය විහාරස්ථානවල දායකකාරකාදීන් හා ගිහි කල ඥාතිහිතමිත්‍රාදීන් ද ගමන් කරයි. මහමලුව අවසානයේ දී දෙපසට බෙදෙන මේ පෙරහරේ එක් කොටසක් මල්වතු මහා විහාරය බලා ද අනික් කොටස අස්ගිරි විහාරය බලා ද ගමන් කරයි.
____________________________________
⭕ Contact us
🌐
🌐 / manusha.nirmal.9
🌐
🌐 / ruwan.jayasekara.3
Editor :- ‪@manushanirmal‬
#sridaladamaligawa

Пікірлер: 7
@user-fn2zv6ld2v
@user-fn2zv6ld2v 2 ай бұрын
All the best thero
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
ඉන්දියන් දෙමළ වෙල්ලාල (ගොවිගම) කුලයේ උපසම්පදා උත්සවය පාරම්පරික හනමිටි යුගයේ සිරිත් විරිත් වලින් බහුලයි.😮
@norwoodsmv1098
@norwoodsmv1098 Жыл бұрын
🙏🙏🙏
@rumeshkavishka8233
@rumeshkavishka8233 Жыл бұрын
Great work brother 🥰
@moonvide326
@moonvide326 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
සල්ලි ගරන්නයි. පුහු මාන්නයටයි කරන ගොං බූරු වැඩ .. අන්තිමට මහනායකලාගෙ ඉදලා යන්නේ සතර අපායටම තමා
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 153 МЛН
Anunayaka Theros & Diyawadana Nilame Met Malcolm Cardinal Ranjith | 25.04.2019
4:48
Temple of the Tooth Relic
Рет қаралды 11 М.
CHINA TOWN ,චයිනා ටවුන්
4:17
Siyanetha Roo
Рет қаралды 626 М.
28 July 2023
10:51
MOONVIDE CINEMA
Рет қаралды 151
ЕНЕШКА 2 СЕЗОН | 1-бөлім | Қашан туады?
19:02
Өзіміз Bilemiz
Рет қаралды 385 М.
#Mama și #bebe Ți s-a întâmplat vreodată așa ceva? TraLaLa #shorts #tralala #cantececopii
0:28
TraLaLa - Cantece si desene animate pentru copii
Рет қаралды 11 МЛН