Pilkington & Millennium Viewpoints Poonagala | Misty Mountain Viewpoints | අලි මංකඩින් මිලේනියම් වලට

  Рет қаралды 64,376

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

අලි ඇත්තු මැදින් පූනාගල සිට පිල්කින්ග්ටන් පොයින්ට් එක සහ මිලේනියම් පොයින්ට් එක සොයා ගිය සුන්දර චාරිකාවේ රූප රචනාව
පූනාගල කදු මුදුනේ එක් අන්තයක පිහිටි පිල්කින්ග්ටන් පොයින්ට් නැමැති නැරඹුම් ස්ථානයේ සිට පහල බලන්නෙකුට දිස් වන්නේ කදු වලල්ලකින් වට වුනු වලාකුළු වලටත් ඉහල සිටින්නාක් වැනි හැගීමකි. තරමක් දුශ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කල යුතුව තිබෙන පිල්කින්ග්ටන් පොයින්ට් එකේ සිට මිලේනියම් පොයින්ට් එක දක්වා ගමන නම් තරමක් අනතුරු දායකයි. මක් නිසාද යත් තනි තනිව වෙසෙනා සද්ධන්තයන් කිහිප දෙනෙකු මේ ඉසව්වේ කරක් ගහන බැවිනි.
කෙසේ නමුත් අප මේ සුන්දර ගමනාන්තයන් දෙකටම ගමන් කලේ මීදුම පිරුණු සුන්දර පාරක් දිගේ කදු අතරින් ඉහලට ගමන් ගැනීමෙන් අනතුරුවයි. එය. සැබැවින්ම සොදුරු අත්දැකීමක්.
විවිධ අතිශෝක්තින් වලින් සහ මති මතාන්තර වලින් පිරී ගිය සුන්දර ගමනාන්තයන් දෙකක නිදහස් මනසින් ගත කල දින කිහිපය කිසිදා අමතක නොවනු ඇත. එමෙන්ම අලි ඇතුන් මුන ගැසුනු ගම්මුන් සහ කතා බහක යෙදීමටත් අමතක නොකිරීමට මේ සංචාරයේදි අපට හැකි විය. එමෙන්ම සුන්දර පරිසරයක සැරිසරණ හස්තිරාජයන් දැක බලාගැනීමටත් අපට පසුව හෝ හැකි විය.
මේ ඒ සුන්දර සංචාරයේ රූප රචනාවයි. තවත් මෙබදුම සුන්දර සංචාරයකින් මුන ගැසෙමු. ඉතිං මේ ඔබේ අවස්ථාවයි.
ආයුබෝවන් මම දිනේෂ්.
Instagram - / dinesh_a_pathum
Message or information - / dinesh_a_pathum
DAP production
"සොබාදහම රකින්නා සොබාදහම විසින් රකිනු ලබයි"
විශේෂ ස්තූතිය -
විහග රුක්ෂාන්
භාතිය ලක්ශාන් ( Drone video )
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
This vlog is based on an adventurous journey we made through the paths where Elephants live.
Pilkington viewpoint is one end of the Poonagala Mountain range. This viewpoint shows off a range of blue mountains one after the other, and it stands above the misty clouds.
From Pilkington's viewpoint, it is one stretch of the off-road towards the Millennium viewpoint, but both of these viewpoints are two spectacular arrangements of our Motherland. Whoever wants to visit these places must be careful of wild Elephants.
Greetings. I am Dinesh
ආයුබෝවන් මම දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
පූනාගල කදු මුදුනට - • Poonagala | Misty Moun...
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
කැලේ පාරෙන් අවාරයේ - • අවාරේ සිරිපා | Off sea...
මස්කෙලියේ ලස්සනම තැන - • Video
මානිගල රැයක් - • Manigala Camping | මාන...
පාදයාත්‍රාව(කැලේ මැදින් දින හතරක් ) - • Kataragama Pada Yatra ...
සිංහරාජය මැද හදපාන් ඇල්ල සොයා - • Hadapan Ella Camping |...
කටුසු කොන්දට (නුවර තියෙන පාරාදීසයන් හොයා) - • Kandy As You've Never ...
DAP production

Пікірлер: 590
@jaliyaroshenjayarathne370
@jaliyaroshenjayarathne370 Жыл бұрын
අටුවා ටීකා අවශ්‍ය නැත. අවිවාදයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයන් සම්බන්ධයෙන් බිහිවූ හොදම youtube වැඩසටහන් සහිත KZbin නාලිකාව. පරිසරයට ආදරය කරන සොදුරු ප්‍රේක්ෂකයන් ආසාවෙන් එකතුවන , ස්වාභාදහමේ නොදුටු මානයන් විදින්න එකතු වන තැන. දිනේශ් අයියේ ඔබට සහ ඔබේ කණ්ඩායමට ජය.
@dineshprasanna3801
@dineshprasanna3801 Жыл бұрын
Agree with you
@charithjayarathna5329
@charithjayarathna5329 Жыл бұрын
මම ජීවත් වෙන්නේ ස්වීඩනයේ. වැඩ ඇරිලා ඇවිත් කලා බීලා ඉවර වෙලා, කම්මැලිකමට ඊයේ රෑ utube බලන්න කියලා tv එකත් on කරගෙන soffa එකේ 4න් එකත් අතට අරන් දිග ඇරුනේ රෑ 10ට විතර. අවාරේ සිරිපාදේ vedio එක auto play උනා. බලන්න ගත්තා ගත්තමයි මං addict උනා බං කොල්ලෝ දිනේශ් උඹේ vedio ටික ❤️. 4n එක පැත්තක. එක දිගට බැලුවේ කුඩු ගහන එකෙක් ඇබ්බැහි වුන එකෙක් ගානට.. නිකමට වගේ වෙලාව බැලුවා. පාන්දර 4යි වෙලාව. මතක් උනා උදේ වැඩ නේද කියලා. ඒ නිසාම නිදාගත්තා මිසක් උඹේ vedio ටික අතරමග දාලා යන්න හිතක් තිබුනේ නෑ. අදත් ආවා උඹේ channel එක හොයාගෙන.. පුදුම ලස්සනයි. මං ආසම උඹේ සංවර පිළිවෙලක් ඇති කතා විලාසයට.. ඒක වෙනම කලාවක්.. මමත් travel කරන්න ආසම එකෙක්. හැබැයි මම දැකපු ලංකාවේ ලස්සනම travel vedios කරන එකා උඹ දිනේශ්. ජය වේවා ඉදිරියටම යන්නට 😍
@heshanshanaka1494
@heshanshanaka1494 Жыл бұрын
ආයුබෝවන් මම දිනේෂ් ...ඒ වචන ටික....dap කියන්නේ වෙනම brand එකක්.. දිනේෂ් සහෝදරයා ඔබට තවත් දිගු කාලයක් අපගේ මනස සොබාදම් මාතාවගේ අසිරියෙන් පුරවාලන්නට ශක්තිය දිරිය ලැබේවා !! Sri Lanka's No.1 Travel channel.
@malithi103
@malithi103 Жыл бұрын
🙂
@sureshharshana1053
@sureshharshana1053 Жыл бұрын
Aniwa ❤️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති .. 🇱🇰🙏
@lahiruliyanage660
@lahiruliyanage660 Жыл бұрын
උබේ වචන භාවනාවක් අයියේ..❤
@sehasgaming6000
@sehasgaming6000 Жыл бұрын
අද විබහගෙ ඉංග්‍රීසි තිබ්බෙ රචනාවට ලිව්වෙ උදේ ජනේලෙ ඇරියම පේන සුන්දරත්වය ඒ වෙලාවෙ Dinesh අයියව මතක් උනේ වීඩියෝ වල අයියා කතා කරන වචන ලස්සනයි ඒකෙන් ගේමක් ගහගත්තා ඒ වෙලාවෙ එඩිශම් බංගලාවත් මතක් උනා විඩියො බලන එකේ ප්‍රයෝජනය අද තමයි දන්නෙ ආදරෙයි කොල්ලෝ ❤️❤️✌️
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 Жыл бұрын
"මේකා විකුණන් නෑ නේ විස්තර අහනවා මිසක් " 😂 ඒක තමා ආතල්ම 😆😆
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
ලෝකයේ උතුම්ම දේශය මගෙ මව්බිමයි නිර්වචන නැත සහෝදරයා අප ණයගැති නුඹ ඇතුළු කණ්ඩායමට 🙏🌿
@manjulasampat5764
@manjulasampat5764 Жыл бұрын
කියන්න වචන නෑ දිනෙෂ් අයියා ඔයා මාරම වාසනාවන්තයි . ඇත්තටම මට මෙ විඩීයෝ ඒක ඉවර වෙනකොට මගේ ඇස් වලට කදුළු ආවා.අයියෙ ...ඔයා අපෙ ශ්‍රී ලංකාවට පහාල වුණු සොබාදහම විසින් දයාද කර .. මනුෂ්‍යයෙක් දිනෙෂ් අයියා ...ඔයාට වගෙම ඔයාව මෙලෙවට බිහි කරපු ඔයාගේ මෑණියන්ටත් ... තෙරුවන් සරණයි
@navodasandaruwan4437
@navodasandaruwan4437 Жыл бұрын
vlog ටික වැටෙනකම් පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ ❤️‍🔥🍃
@slshorts2314
@slshorts2314 Жыл бұрын
සොභාදහම දෙන දෙයක් තමයි එයා ඕනෙ වෙලාවට මාව ගනී එතෙක් අපි ඇවිදිමු ❤🥺 හදවතින් කියවෙන සජීවී කතන්දර මාර ලස්ස්නයි. අයියා පිනක් කරගන්නව ඔයා අපෙ මානසික සතුට අපිට ගෙනත් දීලා ❤
@pinky5958
@pinky5958 Жыл бұрын
ශ්‍ර්‍රී ලංකාව, සොභා සුන්දරත්වයෙන් මෙතෙකැයි කියා නිම කල නොහැකි රටක්/පාරාදීසයක්. 💚🙏
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
හිතේ මහන්සියට හැම සිකුරාදාම ඔයාගෙ video එකක් බලනවා කියන්නෙ කොව්වර සුන්දර දෙයක් ද. කියන්න වවන නැ .ඒක හදවට දැනෙන දෙයක් .බුදු සරනයි මල්ලි .ඔයාල ඔක්කොටම ......♥️♥️♥️♥️
@DtvCeylon
@DtvCeylon Жыл бұрын
කොහේ ගියත් පරෙස්සමෙන් ... හොදම සංචාරක යූටියුබ් වැඩසටහන මේක තමයි. ලංකාවේ ටීවී චැනල් එකකින් වත් කරන්නෙ නැති දේවල් තියන අඩු පහසුකම් වලින් දිනේෂ් කරනවා. ජයවේවා
@piumikothalawala857
@piumikothalawala857 Жыл бұрын
භාවනාවක් ...❤️😍🍃🌏
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Жыл бұрын
ඉතිරි ටික බලන්න මග බලා හිටියා .ඒත් දැන්ම බලන්නේ නෑ. හැමදාම වගේ , රෑට නින්දට යනකොට ලස්සන හීනයක් වගේ. ...සුන්දර සංචාරයක් එක්ක . ස්තුතියි ඔබට.❤️❤️❤️
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
කෝවිල ලග වීව් පොයින්ට් එකනම් මාරම ලස්සනයි... මීදුම අතරින් අපිවත් එක්කන් ගියාට ගොඩක් පිං... අර අලියා දැක්කාමනම් සෑහෙන්න බය හිතුනා. ❤️❤️❤️ හැමදාම වගේ මේ පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖💖
@rajithapushpakumara4348
@rajithapushpakumara4348 Жыл бұрын
මම ඉතාලියේ හිටියට උබේ video එකක් එනකම් බලාගෙන ඉන්නේ යාලුවා. අපේ රටේ ලස්සන පෙන්නනවට ගොඩක් පින් ......❤ බුදුසරණයි
@naveenmadushan5211
@naveenmadushan5211 Жыл бұрын
හිත නිවන සොදුරු මිතුරා ♥️🎊️
@iroshanithilakarathna7940
@iroshanithilakarathna7940 Жыл бұрын
ඇත්තමයි .....❤❤❤
@dulakshamalshitha488
@dulakshamalshitha488 Жыл бұрын
ඇත්ත ❤🫂
@pasanbuddhika867
@pasanbuddhika867 Жыл бұрын
Ratata aadare minissu dakiddi hithata danene sathuta.. ❤
@virajlakshan2305
@virajlakshan2305 Жыл бұрын
2:09 "මේකා විකුණන්නෑනේ විස්තර අහනවා මිසක්" 😂❤️
@ravidugihan8802
@ravidugihan8802 Жыл бұрын
😅
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
අැත්තම අැත්ත මල්ලි හොඳ මිනිස්සුන්ට සොබාදහම උදව් කරනව බුදු සරණයි දෙවි පිහිටයි
@peoplesuniversity7758
@peoplesuniversity7758 Жыл бұрын
තමන්ගේ ජිවිතේ කොයි වගේ වර්ණ වලින්ද හැඩ ගන් වන්නේ කියන එක තමන්ට අයිති කාරණාවක්.. ආදරෙයි මචං ඒ වචන වලට ❤❤
@KasunGunasekara9716
@KasunGunasekara9716 Жыл бұрын
කොස්ලන්දෙන් කදු නගින අලි ඇත්තටම අලින්ගේ පැත්තෙන් බැලුවොත් උන්ට මේක හොදයි ව්යළි කලාපේ වගේ නෙමෙයි හොදට කෑම තියනවා
@adithyaminidum7448
@adithyaminidum7448 Жыл бұрын
වචනවලින් කියන්න බැරි හැගීමක් දෙන වීඩියෝ...... හදවතේ සංචාරකයා දිනේෂ් ❤
@maduranga4803
@maduranga4803 Жыл бұрын
හදවතේ සංචාරකයන්ම් දිනෙෂ් අයියා තමා 🥰❤️ bs 🙏
@reshainelands3631
@reshainelands3631 Жыл бұрын
පරෙස්සමෙන් සොදුරු ගමන් යන්න.. තව බොහෝ කාලයක් ❤❤❤
@Tharindu_S_Withanage
@Tharindu_S_Withanage Жыл бұрын
38:36 " සල්ලි වලට සහ වෙනයම් හේතු වලට කොටුවෙනවට වැඩිය හොදයි මේ වාහනත් එක්ක මේ සොහොබාදහමත් එක්ක ගෙවිල යන ජීවිතය..." ඇත්තම කතාවක් සහෝදරයා...❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
🫡🇱🇰
@Tharindu_S_Withanage
@Tharindu_S_Withanage Жыл бұрын
@@DineshAPathum ❤
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
ජීවිතේ විදින සොදුරු මිනිසා.....🙏❤
@kavinduheshan3578
@kavinduheshan3578 Жыл бұрын
දිනේෂ් අයියගෙ වීඩියෝ බලන්නෙ මුල් කාලෙ ඉදන් ... අයියගෙ channel එකේ ඒ කාලේ subscribe ගාන පෙන්නුවෙ නෑ ඒත් මේ ලගකදි ඉදලා පෙන්නනවා.. මන් හිතුවෙ අපිව මේ තරම් සොබාදහම අතර අතරමන් කරන අයියගෙ මේ channel එකේ subscribers ලා ගොඩක් ඇති කියලා ...එත් හිතුව තරම් එහෙම නෑ ... මට පුදුමයි ඒ ගැන... ඉතින් අයියා වෙන මහන්සියට අපි අයියට gift එකක් දෙමු .. share කරමු යාලුවනේ ... අපි වගෙ මේ නිදහසට ආස කරන තව ගොඩක් අය ඇති ...ඒ අයවත් අපි එකතු කර ගමු. මන් මේ you tube channel එකක comment එකක් දාන පලමුවෙනි අවස්තාව .. අයියා එයා විදින සුන්දරත්වය ලෝභ නැතුව අපිට දෙනවා ...ඒකමයි මම මේ විදියට comment එකක් දාන්න හිතුවෙ .... අයියට පින් මෙහෙම අපිව එක්කන් යනවට ... god bless you aiye .
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 Жыл бұрын
ඊළග පාරත් බණ්ඩාරවෙල එන්න❤❤❤🌹🌹🙏🙏🙏,,,මතක ඇතුව ලොකු පීරිස් වත් එක්කගෙන ම,,,😊😊😊😊👍👍👍👍 ගොඩාක් පිං ගමේ ලස්සන ලෝකෙට ම පෙන්නුවාට,,ජය වේවා 🌹 හදවතේ සංචාරකයා,,,❤❤❤❤👍👍👍❤❤
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
නියමයි මාරම ලස්සනයි ගොඩක් පින් අපිට මෙ වගෙ තැන් පෙන්නවට අලියෙකුත්🐘🐘 දැක්කා මාරම සතුටුයි තෙරුවන් සරණයි 👍❤️
@dhanushkakalubowila4334
@dhanushkakalubowila4334 Жыл бұрын
Lankawa kochchara lassana ratakda kiyala hithuna..❤️❤️
@Cookandcook-i2p
@Cookandcook-i2p Жыл бұрын
ඒ කටහඬ භාවනාක් වගේ.අහන් ඉන්නේ ගොඩාක් ආසාවෙන්.ඔයාට ගොඩාක් පින් මේ රටේ සුන්දරත්වය සුන්දර විදියට බෙදා ගන්නවාට🙏🙏🙏
@harshadezoysa8177
@harshadezoysa8177 Жыл бұрын
අයියේ ඔයා මාර පිනක් කරන්නේ ඕවා අපට පෙන්නලා ඔයාට බුදු සරණයි අපි රට්ට ඉඳගෙන ඔයාගේ ඔව්වා බලලා pension එක අඩු කර ගන්නවා නැවතත් ඔයාලට බුදු සරණයි ❤️❤️‍🔥
@Kasun3588
@Kasun3588 Жыл бұрын
ගෙදරින් කිසිමදිහාක යන්න නොදෙන නිසා ලන්කාවෙ ලස්සන තැන් ගැන කියාදෙන දිනේශ් අය්යට ආදරෙයි පින්....🥺🌍💜️
@chaniduperera1739
@chaniduperera1739 Жыл бұрын
සොබාදහමට මෙච්චර ආදරය කරන අයියට සොබාදහමෙන් කරදරයක් වෙන්න විදිහක් නෑ.අයිය තරම් හොදට ඒ කියන්නෙ අපිත් අයිය එක්ක ඉන්නව වගේ දැනෙන්න ඉදිරිපත් කරන්නෙ අයිය විතරයි.අයියට ආදරේ නිසා දෙයක් කියන්නම්.මේ හිත් හොද මිනිසුන්ට කරදර වෙන කාලයක් කියල අයියත් දන්නව.ආදරේ නිසයි අයියෙ මතක් කරේ ඒ කාරනාව.පරිස්සමෙන් හිත හොද සංචාරකයාණෙනි!❤️❤️
@devikaranasinghe6968
@devikaranasinghe6968 Жыл бұрын
දැන් මේක බලන එක අැබ්බැහියක් වෙලා. හරිම ලස්සනයි . අ⁣පිට යාගත නොහැකි ඉසව් කරා අපිව ගෙනියන ඔයාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි පුතා. රටේ සියලු දෙනාටම ඔයා දෙන අාදර්ශය විශිෂ්ටයි . අපේ ගෞරවනීය ප්‍රණාමය ඔයා ඇතුළු මුළු කණ්ඩායමටම.❤️❤️❤️👌🌹🌹
@aselaroshan9152
@aselaroshan9152 Жыл бұрын
අපේ සොඳුරු සංචාරකයා යන හැමතැනම ඔබට මාහාසැයේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@ridmasampath5708
@ridmasampath5708 Жыл бұрын
අයියට පිං සිද්ධ වෙනවා මේ රූපරාමු අපේ ඇස් දෙකට පේන සලස්සනවා ට...🙏🏼🗾⛰️❤️🤍
@sasaninavodya4925
@sasaninavodya4925 Жыл бұрын
අපේ රටේ තියෙන ලස්සන, අපි නොදැකපු තැන්❤️අයියගේ ඇස් දෙකෙන්, වචන වලින් මේ විදියට, බලනකොට හිතට දැනේන සතුට කියලා වැඩක් නෑ අයියේ ❤️ ඒ හැමදේකටම ⁣අයියට ගොඩක් පිං❤️ හදවතේ සංචාරකයා❤️❤️ DAP❤️❤️
@GXM363
@GXM363 Жыл бұрын
Hadawathe sancharakaya ❤
@nethminarchandrasiri5577
@nethminarchandrasiri5577 Жыл бұрын
හදවතේ සංචාරකයා🙂💫
@kalumpriyasad3316
@kalumpriyasad3316 Жыл бұрын
Thumbnail eka😍
@bhashithadumindu7366
@bhashithadumindu7366 Жыл бұрын
ඔය ඔක්කොගෙම දින තුනක ගමනකින් 13 වෙනිද මාත් ආවෙ....මාරම ලස්සනයි
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
පුදුමාකාර අසිරිමත් සුන්දරත්වයක්!! බොහෝ පින් දිනේෂ් .. හදවතේ සොදුරැම තැනකට කතාකරන , විඩාබර ජීවීතවලට සොදුරැ අත්දැකීම් එකතුකරන, අපට ලගාවිය නොහැකී තැන් නිර්ලෝභීව අපට පෙන්වන ඔබ ඇතුළු සගයීන්ට කොපමණ තුතී පිදුවත් ප්‍රමාණවත් නොවන බවයී මට හිතෙක්නේ…තෙරැවණ් සරණයී! දෙවී පිහිටයී ඔබ ඇතුළු බලමුළුවට….
@sadram4084
@sadram4084 Ай бұрын
ආදරෙන් බලනව පරෙස්සමින් ඉන්න❤❤❤
@haza2147
@haza2147 Жыл бұрын
සොබාදහමට ආදරය, ගෞරව කරන අයව සොබාදහමෙන්ම ආරක්ෂා කරනවා 🍃🙏❤💯 මේ පාර video එකත් හැමදාම වගේ හරිම ලස්සනයි අයියෙ. 😍❤💯 ...දිනේෂ් අයියා කොතනද වැස්ස එතන🤭🍃❤💙💚 ....සිකුරාදා කියන්නේ මගෙ ආසම දවස ❤💯
@nadeeshakumari8613
@nadeeshakumari8613 Жыл бұрын
🙏සිත ..සිතෙන් නිදහස් වන තුරුම යහපතෙහිම යෙදෙන්න..ඔබට යහපතක්ම වේවා! ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏
@susabro3362
@susabro3362 Жыл бұрын
සිත සදා නිවන්නා වූ එකම තැන - DAP 💞
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 Жыл бұрын
නිකමට හිතන්න පරිසරයට අපිව කොච්චර නිවන්න පුලුවන්ද , මෙ මනුස්සයා පරිසරයෙ ඉදලා කොච්චර නිවිලා ඇත්ද, මම you teub එකෙන් ආසම එක මෙක, මෙක බෙලුවාම සැනසිමක් මිසක් වෙනත් කිසිදෙයක් ලැබෙන්නති නිසා ❤️🌿
@dharanaperera2322
@dharanaperera2322 Жыл бұрын
Kiyanna wachana naha aiye…..hithata kisima deyak enne naha kiyanna.a tharam hitha pirenawa aiyage video walin.echcharai kiyanna thiynne.thank you apita mahema videos walin ape rate sundarathwaya genawata.Budusaranai ❤
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
සොඳුරැ මිනිස්සුන්ට තමයි සොඳුරැ තැන්වල අගය දන්නෙ superb bro wish you all the best 😍😍
@PawanPawan-fb3rw
@PawanPawan-fb3rw Жыл бұрын
හිතුව අද විඩියො එකක් දායි කියල ආසාවෙන් බලන්න පුලුවන් ඔයාගෙ විඩියො
@kemeshprasanna
@kemeshprasanna Жыл бұрын
DAP කියන්නේ treval ලෙජන්ට් කෙනෙක්
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
දිනේෂ් කියන නම ඒ අහිංසක පැතුම් සියල්ල එක්කරන් හරිම සුන්දර ගමනාන්තයකට එක්කරන් ගියා. ඒ තරමට මම බයික් එකේ ගියා වගේ දැණුනා. හරිම ආසාවෙන් ඔබේ විඩියෝ දැකබලා ස්භාවදහමේ මෑණියන්ගේ ආශිර්වාද මැද ඔබ යන මේ මාවත මේ ලෝකය පාට කරමින් මා ප්‍රීතියෙන් භාවනාවක් වගේ බලා සිටියෙමි . 🙏
@raweenchinthaka4298
@raweenchinthaka4298 Жыл бұрын
මේ හැම episode එකක්ම බැලුවා.පුදුම සතුටක් දැනෙන්නේ. දිගටම කරගෙන යන්ඩ දිනේෂ් අයියා.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
විඩියෝ එක බැලුවා හැම විඩියෝ එකක්ම එකකට එකක් දෙවෙනි නැ ලක්මෑණියණි මේ ස්භාවදහමේ විරුවා ඇතුළු මිතුරන් රැකදේවා! 🙏
@Divanka965
@Divanka965 Жыл бұрын
ආදරනීය හදවතේ සංචාරකයා 🌿❤️
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
පරිසරයට ආදරය කරන්නත්, විදින්නත් පුරුදු උනේ ඔබ නිසයි අයියේ 🍃❤️
@tharakawithanage497
@tharakawithanage497 Жыл бұрын
2019 ගියා Pilkington Point බලන්න. ගුගල් මැප් එකෙන් හපුතලේ අවට බලන්න තියන තැන් ගැන පොඩි සර්ච් එකක් දාද්දි හම්බුනේ. මට හිතාගන්න බැරිඋනා ඒ වීව් එක දැකලා. ලංකාවේ මක් දැක්ක ලස්සනම වීව් පොයින්ට් එක. ස්තූතියි ඒ මතකය අලුත්කරාට ❤❤
@Himansha_wishmika
@Himansha_wishmika Жыл бұрын
දවසට එකපාරක් හරි අයියාගෙ වීඩියෝ එකක් බලලා ඔලුව නිදහස් කරගන්න පුලුවන් . ඒ ලස්සන .සුන්දරත්වය කියලා නිම කරන්න බෑ ❤️🙏
@RavinduMalshan9890
@RavinduMalshan9890 Жыл бұрын
❤️🌄නිර්වචනයන් කුමකටද හරිතපැහැ නිදහසට ❤💚💆 නියමයි දිනේෂ් අයියා❤️🌿💚
@mohomadhamza6975
@mohomadhamza6975 Жыл бұрын
හදවතෙහි සංචාරකයාට ඉක්මනින්ම රුපවාහිනි වැඩසටහනක් මෙහෙයවන්න අවස්ථාවක් හිමි වෙවා ❤❤❤❤❤
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Жыл бұрын
සුන්දර පූනාගල සංචාරය දෑසින් සංචාරය කලා. මේ ලස්සන රටේ, තවත් මායිමක් ලකුණු කරන්න... ඔබට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා .❤️ දෑස් දහසක් සිටියත් ඔබ පසුපස, තනිමග නොයන්න සොයුර, අපටත් දැනෙනවා .පාලුව,අනාරක්ෂිතය... .
@oshanvlogs7861
@oshanvlogs7861 Жыл бұрын
මොන වැඩේ තිබ්බත් අතනොහරින වීඩියෝ ස් ❤️❤️
@lakshanssithara1180
@lakshanssithara1180 Жыл бұрын
තවත් සුපිරියක්❤️❤️❤️❤️
@travel4604
@travel4604 Жыл бұрын
මං දැකපු සුපිරිම, සොදුරුම, නිහතමානීම, ආදරණීයම, දක්ෂම සංචාරකයා තමයි දිනේශ් අයියා🥰❤ කතා විලාශේ ඉදන්ම අපිව වීඩියෝවෙ රදවගන්න පුලුවන් මාරම හැකියාවක් තියෙනවා... travel channel ලොවේ අංක එක ❤ DAP bro.... ආදරෙයි... "ආයුබෝවන්, මම දිනේශ්" අයියට ආසම එකෙක්
@sunendrawijesinghe988
@sunendrawijesinghe988 Жыл бұрын
Niyamai.... Mamath pilkington point ekata gihin thiyenawa... Awurudu 3 kata withara kalin... Millennium point ekata giye nae kattiya adu Hinda...
@mr.entertainmentsl1152
@mr.entertainmentsl1152 Жыл бұрын
සුපිරියක් ඉතා අගනේය....
@DKcenematic
@DKcenematic Жыл бұрын
සුපිරියක්❤💖
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
Niyamai patta ලස්සනයි 👍👍👍
@hasindubuddhima6214
@hasindubuddhima6214 Жыл бұрын
ලස්සන vidio එකක් අයියේ හෑමදාම බලනවා
@nuwanmadu7296
@nuwanmadu7296 Жыл бұрын
සුපිරියි ❤️
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri malli e gamana .. niyamai kiyanda wachana na ..👌👌👌👌 Jayawewa sahodaraya ❤️❤️
@shashikachathuranga9960
@shashikachathuranga9960 Жыл бұрын
ලස්සනයි විඩියෝ 2 ම
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි නියමයි 👊👊👊👊👊👊 ජය වේවා
@sanjuboy2083
@sanjuboy2083 Жыл бұрын
තවත් සොදුරු ගමනාන්තයක්❤️
@supunamarasooriya6561
@supunamarasooriya6561 Жыл бұрын
ජය වෙවා ❤️❤️❤️
@travelrosa
@travelrosa Жыл бұрын
මේක බාවනාවක් කියනවා හැර තව මොනවා කියන්නද🌿🍃❤️ ජයවේවා දිනේශ් අයියෙ🍃🫡❤️
@chariththimantha
@chariththimantha Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා 💐
@jeewankumara1683
@jeewankumara1683 Жыл бұрын
සුපිරියක් ආදරේයි ❤️❤️
@ruwanalgama4210
@ruwanalgama4210 Жыл бұрын
වීඩියෝ තුන හතරක්ම තියෙන්ව බලන්න. වෙලාවක් ලැබුනු ගමන් ඔක්කොම එකදිගට බලන්න ඕනේ.. ජය වේවා අයියේ.💪💪❤️❤️
@carcollection9157
@carcollection9157 Жыл бұрын
සුපිරි අයියෙ vlog එක😘❤️
@deemanthabasnayaka5659
@deemanthabasnayaka5659 Жыл бұрын
හැමදාම වගේ වෙනස්ම වීඩියෝ එකක්.මාරම ලස්සනයි 😍❤️
@sahananuranga1058
@sahananuranga1058 Жыл бұрын
ජය වේවා.පරිස්සමෙන් ♥️
@danushkapathirana8228
@danushkapathirana8228 Жыл бұрын
ලස්සනයි ...💚💚💚💚💚
@dinithrajapaksha
@dinithrajapaksha Жыл бұрын
jaya wewa ayyaa ❤❤❤
@ajithjayasinghe6
@ajithjayasinghe6 Жыл бұрын
දෙයියනේ..... පුදුම ලස්සනක්...පිස්සු හැදෙනවා දැක්කම. බොහොම පින් ඔයාට මේ දේවල් අපිට පෙන්වනවට ... ඔයා මේ රටට අපිට වටින සම්පක්. කොහේ කොහොම ගියත් ඔබ ඔබව පරිස්සම් කරගන්න. තෙරුවන් සරණයි ඔබට හදවතේ සංචාරකයා
@user-id3vn2hc9d
@user-id3vn2hc9d Жыл бұрын
ටැවල් පිස්සුව 🙂💜️
@kalyanimenika3741
@kalyanimenika3741 Жыл бұрын
හරිම ලස්සනයි.හිත නිවන භාවනාව
@sameeerakarunarathna
@sameeerakarunarathna Жыл бұрын
හදවතේ සංචාරකයා 😍
@danidunawanjana4880
@danidunawanjana4880 Жыл бұрын
අපිට යන්න බැරි උනාට දිනේෂ් අයියා ඒ feeling එක ඒ විදියටම දුන්නා .🖤😍
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
A very beautiful destination😍👌👌❤❤👍
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
පරිසරවේදියාගේ තවත් නිමවාක්.. නියමයි සහෝදරයා ...ඔයාට ගොඩක් පින්..අපේ රටෙ ලස්සන පෙන්නනවට...🙏🙏🙏🙏
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany oyalata jayawewa
@sithumiahinsa1410
@sithumiahinsa1410 Жыл бұрын
පූනාගල යන්න ඕනි නෑ.. ගියා වගේ තමා.. ඒ හැගීම් ඒ විදියටම දැනුනා.. අයියට ගොඩක් ස්තූතියි ගොඩක් පින් මේ ස්ථානවල සුන්දරත්වය අපිට පෙන්නනවට.. අයියට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා .. තෙරුවන් සරනයි 💚💛
@samanwickramasinghe9495
@samanwickramasinghe9495 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඉදිරියටත් මේ වගේ ලස්සන ගමන් යාමට වාසනාව ලැබේවා
@viranganimnada
@viranganimnada Жыл бұрын
මරු අයියේ ❤
@rasikasadaruwan5412
@rasikasadaruwan5412 Жыл бұрын
සුපිරි බොසා ❤️💪
@chandanaupul6501
@chandanaupul6501 Жыл бұрын
හිත නිවන භාවනාවක් වගේ.♥️♥️♥️💪💪💪
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 63 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 3,3 МЛН
Oi Oi Oi & E E Ei Meme Looking For a Girlfriend
0:26
Mischief time
Рет қаралды 41 МЛН
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 11 МЛН
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 1,8 МЛН