අපෙ හැඟුම්වලට | Ape Hangum Walata Idadee Mohothak - Victor Rathnayake

  Рет қаралды 1,660,536

Victor Ratnayake

Victor Ratnayake

Күн бұрын

Artist: Victor Rathnayake
Lyrics: Premakeerthi de Alwis
Composed: Victor Rathnayake

Пікірлер: 486
@chamodyajayarathne5999
@chamodyajayarathne5999 Жыл бұрын
"අපි හැඟුම් වලට..."ප්‍රේමය සහ ලිංගිකත්වය එකිනෙකට මුසු වූ, ඕනෑම වයසක කෙනෙකුට රසවිඳිය හැකි සුන්දර ගීතයක්. පෙර කලෙක ප්‍රේමයෙන් බැඳී සිටි යුවලක් කුමක් හෝ කරුණක් නිසා වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්. පෙර කළ කී දෑ මතක් වී මෙතෙක් කල් අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 'හඳ පාන' යන්නෙන් සංකේතවත් වෙන්නෙ ඔවුන් වෙනුවෙන් උදා වූ රාත්‍රිය.රාත්‍රි කාලය මිනිසුන්ගේ රාගික සිතුවිලි යහමින් මතු වෙන කාලයයි. අඩ අඳුර කියන්නෙ ලිංගික ඇසුරකට හොඳින්ම ගැළපෙන වේලාව. මේ තමයි ඔවුන් අතීතයේ විඳි සතුට ආයෙත් විඳින්න හොඳම වෙලාව. වසර ගණනකින් පසු හමු වූ මේ දෙඅත පටලාගෙන ඒ සුවය යලි විඳින්නයි ඔවුන්ගේ මේ සූදානම. *"ඔබ ඔබේ* *සෙවනැල්ලෙන් මිදී* *මම මගේ* *සෙවනැල්ලෙන් මිදී..."* මේ පද පේළි මෙතෙක් සැඟවූ යම් රහසක් හෙළි කරනවා. මෙතනදී හෙවනැල්ල කියන්නෙ තම තමන්ගේ සහකරු හා සහකාරියයි.ඔව්...මේ දෙදෙනාම දැන් විවාහකයි.නැත්නම් මේ දෙදෙනාටම නියම් ප්‍රේම සම්බන්ධතා තියෙනවා. කෙනෙක්ගෙ ජීවිතයේ හෙවනැල්ල ඔහුගේ හෝ ඇයගේ සහකාරිය හෝ සහකරුයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ආරාධනයක් කරනවා. "ඔබ ඔබේ සහකරු පිළිබඳ සිතුවිල්ලෙන් මිදෙන්න. මම මගේ සහකාරිය පිළිබඳ සිතුවිල්ලෙන් මිදෙන්නම්. ඉන් පසු අපි අපේ සුවය විඳිමු."මේක ඇත්තටම අනියම් ඇසුරක්. මේ යුවලට වෙන් වෙන්න වුණු හේතුව බොහෝ දුරට බාහිර බලපෑමක්. මේවගේ සංස්කෘතික රටක ඒ වගේ හේතු ඕන තරම්නෙ.😏 මොන හේතුවකට වෙන් උනත් තවමත් ඒ ආදරේ, ඒ රාගික සිතිවිලි තිබුණු විදිහටම දෙන්නගෙම හිත් වල තියෙනවා. ඔවුන් තමන්ගෙ ඉදිරි ජීවිත සැලසුම් කරලා අවසන්. ආපසු හැරීමක් නැහැ. ඒ නිසා මේ ඇසුර අනියම් ඇසුරකට සීමා කරන්න සිද්ධ වෙලා. "තාමත් ඉස්සර වගේමයි. මගේ ලඟට ඇවිල්ල ඒ ආදර වදන් රහසින් තෙපුලනවා. මේ රාත්‍රියේ මද අඳුරෙ අපි විඳිමු ඒ ආදරේ...." පෙම්වතියනම් තවමත් දුකින්.තමන් ආසාවෙන්ම විඳි සුවය තමන්ගෙන් දුරස් වීම සහ තමන්ගෙ වත්මන් සහකරුට කරන්නෙ ද්‍රෝහි කමක් කියලා දැනෙද්දි ඇගේ දෙනුවනින් උණු වූ කඳුලු කඩා හැලෙනවා. පෙම්වතා ඔහුගේ දුක තදකරගෙන තමන්ගෙ අනියම් නොවන අනියම් පෙම්වතියගෙ හිත සනසනව. "අපි හැමදාම කළා වගේ මේ දුක හසරැල් සිනාවෙන් හිරකරගමු...... මේ ආත්මයේ මොන දේ උනත් මතු භවයකදී හෝ අපි අපේම වෙන්න කියලා කරන ප්‍රාර්ථනයත් එක්ක හිමිදිරියෙ වෙන් වෙලා අපි අපේ සහකරුවන් ලඟට යමු." බොහෝ අනියම් ප්‍රේම කතාවල යථාර්ථය තමයි මේ...රාත්‍රියේ ආදර සහ ලිංගික ඇසුර අවසන් කරලා හිමිදිරි උදයේ අරුණාලෝකය වැටෙන්න කලින් කාටත් හොරා වෙන්වී යායුතුමයි....සමාජයේ කතා බහට ලක් නොවුනත්,පිළිතුරක් නොමැති උභතෝටික ප්‍රශ්නයක් ගැන හරි සංවේදිව කතා කරන්න නිර්මාණකරු දැරූ උත්සාහ අති සාර්ථකයි. රසය විඳින්නාට සිතන්නට අවස්ථාවක් දෙමින් හරි ලස්සනට පද අමුණන්න ප්‍රේමකීර්ති අල්විස් මහතාට තියෙන්නෙ අසාමාන්‍ය හැකියාවක්. ඒ පද සහ වික්ටර් රත්නායකයන්ගේ හඬ අපූරු සුසංයෝගයක්. මේ ගීතය රසවිඳිදිද්දි මට දැනුණු අදහස් තමයි මේ. සමහර විට මේ හරිම අදහස නොවෙන්න පුලුවන්.ඕනෑම නිර්මාණයක් ඕනෑම කෝණයකින් දකින්න රසවිඳින්නාට නිදහසක් තියෙනවා. මේ මම දකින එක කෝණයක්....💗✨
@isharasarangi5220
@isharasarangi5220 Жыл бұрын
ඇත්තටම. මෙක තමයි නියම තෙරුම
@nipunasandaruwan8152
@nipunasandaruwan8152 Жыл бұрын
Super super , thank , meeeka thama harima theeruma
@NisansalaBomiriyaacharige
@NisansalaBomiriyaacharige 10 ай бұрын
මටම ලිව්වා වගේ...
@nishanthagunatilake2424
@nishanthagunatilake2424 9 ай бұрын
😢❤
@shiraniwijerathna8271
@shiraniwijerathna8271 7 ай бұрын
👌👌👌🤜🤛
@nethsaraisuru7298
@nethsaraisuru7298 Жыл бұрын
අවුරුදු 18 -22 වගේ අතර අහන අය ඉන්නවද ❤😊
@lasithkalhara14
@lasithkalhara14 Жыл бұрын
☺💪👋
@nimeshruvindu
@nimeshruvindu Жыл бұрын
@nethsaraisuru7298
@nethsaraisuru7298 Жыл бұрын
@@lasithkalhara14 ❤️
@nethsaraisuru7298
@nethsaraisuru7298 Жыл бұрын
@@nimeshruvindu ❤️
@aparnanonis1464
@aparnanonis1464 Жыл бұрын
☺️
@Mahie12
@Mahie12 Жыл бұрын
always favorite 💕🥺 හේතුවක් නම් දන් නෑ පාන්දර මේ සින්දුව තනියම අහනකොට ඇඩෙනව. ලබන ආත්මෙත් මනුස්සයෙක්. වෙලා ඉපදුනොත් අහන්න වාසනාවක් ලැබෙන්න ඔනේ මට . 🥺
@bpjayasinghe5091
@bpjayasinghe5091 9 ай бұрын
සහතික ඇත්ත මෙතරම්ම හදවත ස්පර්ශ කරන තවත් ගීතයක් නැතිතරම්
@WerassingheKaudumuththalage
@WerassingheKaudumuththalage 4 ай бұрын
එක ඇත්ත හිතට දැනෙන සින්දුවක් ❤
@edirimuniadithya4062
@edirimuniadithya4062 Жыл бұрын
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්...// හඳපානේ - මද අඳුරේ අත් පටලා යමු ආයේ...// ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හැවනැල්ලෙන් මිදී...// අවුදින් හෙමින් රහසින් මුමුණා හඳපානේ - මද අඳුරේ... හඳපානේ - මද අඳුරේ... අත් පටලා යමු ආයේ...// හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා පැතුම්...// මතු ආත්මයේ හමුවන පැතුමින් යමු වෙන් වී - හිමිදිරියේ.. හඳපානේ... - මද අඳුරේ.../// අත් පටලා යමු ආයේ....///
@senukiaranya3147
@senukiaranya3147 2 жыл бұрын
මිනිස්සුන්ට ආදරේ දැනෙන තැන මේ සංස්කෘතිය නිසා අහිමි වෙනවා. මිනිස්සු විශ්වාසය රකින්න දන්නේ නෑ.ඒකත් එකක් තමන්ට දැනේන කෙනා හොයගන්න බෑ. කොලේක ලියපු සංස්කෘතිය අස්සේ නම්බුව අස්සේ තමන්ට ආදරේ අහිමි වෙනවා. ගොඩක් අය අසම්මතයේ වේදනා විදිනවා. හිරකර හසරැල්ලෙන් හැගුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමු වෙන පැතුමෙන් යමු වෙන්වී හිමිදිරියේ ❤😥
@shanuu302
@shanuu302 2 жыл бұрын
Oya hari .mata mehema ekak nathi unath ehama widawana kollo kello diha balan inna kota daraganna amarui.eyalage hithe kisima sathutak na.eka munenma dakala thinawa lankawe public weccha ayage😌😌
@chathu9029
@chathu9029 2 жыл бұрын
නංගී ඔයා මාරම දෙයක් දැනෙන කෙනෙක්,ඔයාගෙ comment එක ආත්මයක්❤මගේ විදියට හිතන කෙනෙක්.කියන්න ඕනෙ දේ කෙලින්ම කිව්ව.👍👍👍😘
@dilshanirupasinghe8942
@dilshanirupasinghe8942 2 жыл бұрын
ඔයා හරී
@priyantharathnathilaka2195
@priyantharathnathilaka2195 Жыл бұрын
හද පානේ මද අදුරේ .අත් පටලා යමු ආයේ.🥲🥲🥲🥲🥲🥲💖🥲🥲💖💖.dinika .
@innerpeace1024
@innerpeace1024 10 ай бұрын
මේ දේ එක පැත්තකින් විතරක් හිතල මදි නේද
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 Жыл бұрын
‍රුදුරු උන්ඩයකින් සිදුරු කෙරුනේ සුන්දර හදවතකි...අමිල කලාකරු ප්‍රේම් ඔබ සදා අමරණීයයි,...ගායනයෙන් ප්‍රේම්ගේ අකුරට ප්‍රාණය දෙන වික්ටර් වැනි සුසංයෝගයක් නැවත මෙබිම බිහි නොවනු ඇත❤💔
@harshapavithra1457
@harshapavithra1457 Жыл бұрын
😢
@naradarajakaruna
@naradarajakaruna Жыл бұрын
වික්ටර් රත්නායක ,හේ අකුරු රත්කොට සප්ත සවරයෙන් තලා දිගහැර සැදුූ සියුම් ඊතල, සවකිිය අනන්‍ය හඞ නමැති දුන්නෙහි රැවා, අනුකම්පා රහිතව අපේ හදවත් වලට විදියි.
@harshapavithra1457
@harshapavithra1457 Жыл бұрын
😢😢 pram sada amaraniyai.
@mudithaamali-uc9gc
@mudithaamali-uc9gc Жыл бұрын
@vindyapriyadarshani4964
@vindyapriyadarshani4964 Жыл бұрын
😭
@dedunuabeyrathna7111
@dedunuabeyrathna7111 Жыл бұрын
ඔබගේ තරුණ වියේ කටහඩ මේ ගීතවලට මැනවින් සාධාරණය ඉටු කර ඇතැයි මා සිතමි..මෙම ගීත නිදියන්න තනි ඇදට ආ විට අසන්නෙකුට ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ තරුණ කාලයට හෝ ඈත රසබර දුක්මුසු වූ අතීතයට නිතැතින්ම ගෙනියන බව අත්දැකීමෙන් හෝ මට සිතෙයි ❤
@hgsenarathna4629
@hgsenarathna4629 Жыл бұрын
ඔබ හරි
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
Of course
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
Of course
@mangala.madushankanuwan.ku1436
@mangala.madushankanuwan.ku1436 Жыл бұрын
@Aruni Koralege 🙏🙏🙏👍🙋‍♂️
@merldesoisa2287
@merldesoisa2287 Жыл бұрын
👍👍🙏🙏
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
වික්ටර් රත්නායකයන්ගේ ගීත අතුරින් මම කැමතිම ගීතය...භාවනාවකට සමවැදී සේ, අහගෙන ඉන්න පුලුවන්..එයටම මුසුවූ සංගීතය , විශිෂ්ටයි ...
@nethugirl3782
@nethugirl3782 2 жыл бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් නම් ප්‍රේමයේ කීර්තියයි.
@menakajayasinghe4595
@menakajayasinghe4595 Жыл бұрын
අම්මෝ ඒ වචන පේලීයේ ලස්සන
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
මගේ ජීවිතේ වැඩියෙන්ම කැමති ගීත දෙකෙන් එකක්, අනිත් ගීතය ඔබේ ගෙටත් උඩ. ඇත්තටම ලස්සනයි. ප්‍රේමකීර්තිද අල්විස් මහතා මිය යනකොට මගේ වයස අවුරුදු 7යි ඒත් මට අද වගේ මතකයි අපේ අප්පච්චී.. අම්මා ඇඬුවා එතුමාගේ නිර්මාණ හැම එකකටම මම පණ වගේ ආදරෙයි.. ඒ හැඟීම් වලට ජීවය දුන් ඔබට ගොඩාක් ස්තූතියි.. දීර්ගායුෂ ලැබේවා.. සදාදරනීය ප්‍රේම් අන්කල් ඔබට නිවන් සුව ලැබේවා...
@sameerarangana1969
@sameerarangana1969 Жыл бұрын
ආදරණීය පොඩි මාස්ටර් ..ප්‍රේමකීර්තිද අල්විස්...අසාමාන්‍ය හැකියාවත් තිබ්බ මනුස්සයෙක්.ආදරෙයි අදටත් ඒ පන්හිදෙන් ලියවුන හැම ගීතයකටම.❤
@nilwellavms2018
@nilwellavms2018 Жыл бұрын
මැරෙන්න කලින් එක මොහොතක් බලන් ඉන්නවා ඒත් කවදාවත් නොලැබෙන බව දන්නවා තරහා නෑ කවදාවත් ඒක තමා ලස්සනම ආදරේ
@thiloshakalharigunawardene7308
@thiloshakalharigunawardene7308 Жыл бұрын
Me too
@filmsanddramas4010
@filmsanddramas4010 Жыл бұрын
තේරුමක් නෑ යාලු.. කොහොම කලත් අතෑරල යන්නම වෙනව. මේක ඉවරම කරන්න උත්සහ කරන්න. ඔයා වගේම මමත් ඉන්නව. තේරුමක් නෑ
@binarasehan8448
@binarasehan8448 Жыл бұрын
....බැදිම්...? ....පල ..නළ ගැහෙන තුරැ... .....ඉතිම්...! ........ආදරෙයි...කල්සදා......................?
@bineth5648
@bineth5648 Жыл бұрын
Mn wage thawa sahodarayek inw eka sathutak,habai balan inna eka sundara adaraneeya dukak ❤️
@maduwijesooriya7309
@maduwijesooriya7309 Жыл бұрын
මමත්
@sudamchathuranga3894
@sudamchathuranga3894 Жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා නොවන දෙසවන අතර රැව් පිළිරැව් දෙන ගීතයක්,තවත් චිරාත් කාලයක් අසන්නට ලැබේවා,මෙම ගීත රචනා කල අයටත් සංගීතවත් කල අයටත් ගායනය කන්නාටත් බොහොම පිං,
@buddy8363
@buddy8363 2 жыл бұрын
ආදරයත් ලැව් ගින්නකට හසු වූ වරා මලක් වැනිය ❤️
@life-dw5yf
@life-dw5yf Жыл бұрын
❤️🙏
@life-dw5yf
@life-dw5yf Жыл бұрын
❤️🙏
@zoeyj2568
@zoeyj2568 9 ай бұрын
මම 60 plus අහන්නෙ 18 plus මානසිකත්වයෙන් අතීතයේ ඉදන්,,,
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
පුදුම හිතෙන නිමැවුමක් ❤️
@sinhalauniversity2512
@sinhalauniversity2512 2 жыл бұрын
ඇඬෙනව පදවලට
@saharamadushani4954
@saharamadushani4954 Жыл бұрын
හුස්මගන්න වචන....❤️
@craftworlds19
@craftworlds19 4 ай бұрын
මේ සිංදු අපිව නොමරා මරනවා ❤️
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
හැඟුම් වලට ඉඩදී වියතක දුරක්වත් තියාගන්නෙ කොහොමද ඒ තරමටම ආදරෙයි ....❤️❤️🌹🌹
@MrDpsrilanka
@MrDpsrilanka 4 ай бұрын
❤❤❤
@nawa3805
@nawa3805 Жыл бұрын
මට මාව මැරි මැරි උපද්දවනව මේ සිංදුව 😇❤️ඒ වයිබ් එක මාරයි 🌠
@bpjayasinghe5091
@bpjayasinghe5091 9 ай бұрын
ආදරය කොහොමද මෙතරම්ම වේදනාවක් වෙන්නෙ ආදරණීය හදවතක ගැඹුරැම තැන් ස්පර්ශ කරන ගීතයක්
@pushpikakariyawasam8264
@pushpikakariyawasam8264 2 жыл бұрын
🥺❤️❤️ ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී..... හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුම් යමු වෙන්වී හිමිදිරියේ...
@pinkiart7862
@pinkiart7862 2 жыл бұрын
හිතට වැදුනම කොටස🥺💔
@sadewgimhanasadewgimhana4841
@sadewgimhanasadewgimhana4841 Жыл бұрын
Dukai et dara gannnawa taharak na hinekinwat...oba satutinma inna
@selmarakela
@selmarakela 2 жыл бұрын
තව එකම එක දවසක්,එක නිමේශයක් ඔබේ රුව දුරින්හෝ දකින්න ට පුලුවන් වේවා ඔයා වෙනුවෙන් ඔයාව අතරින්න පුලුවන් තරම් ආදරේ කලා 🌞රාන්
@jaya-zf9djJ
@jaya-zf9djJ 2 жыл бұрын
ලස්සන comment එකක්.
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
🌼🌼🌼
@sitharamadushan8729
@sitharamadushan8729 2 жыл бұрын
😍
@nilwellavms2018
@nilwellavms2018 Жыл бұрын
හමුවේවිිිිිි
@silvapriyankara2148
@silvapriyankara2148 2 жыл бұрын
ඔබගෙන් පසු මේ සුභාවිත ගීත කළාවත් අවසන් වේවි
@sithu-ti5ek
@sithu-ti5ek 2 жыл бұрын
ඒක නම් ඇත්තක් 🙂
@අනුරදිනේෂ්
@අනුරදිනේෂ් Жыл бұрын
ආදරණීය ප්‍රේමකීර්ති.. ජීවිතය දඹ රන් පිරවූ බඳුනක්ය .. ඔබ මළ පුවත ඇත්තක් වූ බොරුවක්ය ..
@neathusha.
@neathusha. Жыл бұрын
ඔහුගේ පුද්ගලික ජිවිතය මොකක් උනත් ඒ් ගිත හදවතට දැනෙනවා.
@prasadmadusanka9679
@prasadmadusanka9679 Жыл бұрын
එකම එක දවසක එකම එක විනාඩියක් මට ඔයාගෙ ලග ඉස්සර වගෙ හිතේ ප්‍රස්න සේරම අමතක කරලා හරිම සැනසිල්ලෙ ඔයගේ ඔඩෙක්කුවේ ඔලුව තියාගෙන ඇස් දෙක පියාගන්න තිබුනනම් 💔
@සදරූ-ධ1ඵ
@සදරූ-ධ1ඵ Жыл бұрын
ආදරේ කරලා තනි උනාමයි වේදනාව දැනෙනේ..
@prasadmadusanka9679
@prasadmadusanka9679 Жыл бұрын
@@සදරූ-ධ1ඵ ඔව් හුගාක් දැනෙනවා ඒ ඉස්සර දවස් 😥💔
@සදරූ-ධ1ඵ
@සදරූ-ධ1ඵ Жыл бұрын
@@prasadmadusanka9679 😓😓😓
@tharindudias314
@tharindudias314 Жыл бұрын
මේ ගීතය දවසකට අසන වාර ගනන මටම සිතා ගන්න බැරි තරම් . ඒ තරම් දැනෙන ගීතයක් ...❤❤❤
@ManjulaMalkanthi-cn8ib
@ManjulaMalkanthi-cn8ib 10 ай бұрын
මමත්
@ManjulaMalkanthi-cn8ib
@ManjulaMalkanthi-cn8ib 10 ай бұрын
මමත්
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 2 жыл бұрын
ලස්සනම ලස්ස්ස්ස්ස්ස්සන සින්දුවක්. මගෙ ප්‍රියතම ගීතයක්.
@djdulex8893
@djdulex8893 2 жыл бұрын
සොභාදහමත් මැවිලා පේන, පරණ මතක ගොඩක් හිත අස්සේ රිංගන් පිස්සු නටන්න හදවන සිංදුවක්. මේ සිංදුව නිසා හැඟීම් ඇවිස්සෙන්නේ නෑ. මතකය ලස්සනට අලුත් වෙලා විරහව දරාගන්න පුලුවන් වෙනවා. පුදුම ගීයක් 💓
@sureshnanayakkara555
@sureshnanayakkara555 2 жыл бұрын
Etta haggem awissenne ne Eat Ea haggem samaga ataraman uw atitaya .......
@indikadissanayaka5616
@indikadissanayaka5616 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥀
@maheeshavihagajith3245
@maheeshavihagajith3245 Жыл бұрын
මගේ මල. ඒ වියතේ දුර........ හදපානේ අපි..... අත් පටලාගෙන යන්න ආයෙත්....,😢🌻🖤
@bpjayasinghe5091
@bpjayasinghe5091 9 ай бұрын
ප්‍රේමයේ කීර්තිමත් තරැව ............... ප්‍රේමකීර්ති අල්විස් කලාකරුවාණෙනි මේ ගීතයේ පද වැල් පුරා. දැනෙන ආත්මීය රසය නිසා ඔබ වෙනුවෙන්ම කඳුලක් නැගෙන්නේ මට පමණක්ම ද... ......
@nishannishagee9785
@nishannishagee9785 5 ай бұрын
හිතේ දුක හංගන් හිනාවෙලා ඉන්න අහිංසක ආදරවන්තයො කොච්චර ඉන්නවද කියලා හිතුනා කමෙන්ට් කියවද්දි❤️ ඔයාලා හැමෝටම ලස්සන ආදරයක් හම්බෙන්න ඕනෙ.
@SamanPrasath-d2s
@SamanPrasath-d2s 2 күн бұрын
Thamasha Kauamadi❤🎉
@harshadeepal8443
@harshadeepal8443 2 жыл бұрын
There is no word to explain this song!! Only I can say I am addicted to this diamond 💎❤️!!.. Everyone is saying nothing is permanent but this kind of song defeated it!!
@ashanmadusanka5693
@ashanmadusanka5693 Жыл бұрын
ආදරේ අහිමි උන කෙනෙකුට නම් අහන්න බැරි වෙයි කවදාවත් 😢
@Perfectly_imperfect2
@Perfectly_imperfect2 Жыл бұрын
හුගක් විශේෂ සිංදුවක් මේක මට මම ආදරය කරන කෙනාගෙ කටහඩ පලවෙනියට ඇහුනෙ මේ සිංදුව කියද්දි 🥺
@mudithaamali-uc9gc
@mudithaamali-uc9gc Жыл бұрын
අපිට අපිව හමුවන, ආයෙත් අතරමංවන ......ඒ වචන...❤
@vishmimapalagama
@vishmimapalagama 6 ай бұрын
හඳපානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ...🥺
@ManjulaMalkanthi-cn8ib
@ManjulaMalkanthi-cn8ib 9 ай бұрын
ආදරයට කොහෙන්ද සීමා.එය කොතැන හටගනීදැයි කියන්න පුළුවන් කාටද.
@සදරූ-ධ1ඵ
@සදරූ-ධ1ඵ Жыл бұрын
මැරෙන්න කලින් එකම එක සැරයක් ඔයාව බලන්න මට පුලුවන් නම්.....අනේ මං අහන්නේ ,,,, ජීවිතේ තියෙන කල් මාත් එක්කම ඉන්නවා කියලා කොහොමද මාව දාලා ගිහින් ඔහොම හිටියේ කියලා😞😞...ඒ වේදනාව😓...කවදාවත් ඔයාට දැනෙන්න එපා...
@nilwellavms2018
@nilwellavms2018 Жыл бұрын
ඔය වේදනාව සතුටින් විදින්න පුලුවන් ලස්සන දවසක් ඒවී
@navodyaperera7559
@navodyaperera7559 2 жыл бұрын
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී අත් පටලා යමු ආයේ.. ❤️
@katakarapenchi3416
@katakarapenchi3416 7 ай бұрын
අත් පටලා යමු ආයේ...😢😊නෑ කොහොම හරි දරා ගන්නම්...
@kaveeshawijerama4638
@kaveeshawijerama4638 Жыл бұрын
මතු ආත්මයෙ හමු වෙන පැතුමින් යමු වෙන් වී හිමි දිරියේ .... ❤️❤️❤️❤️😥😥😥😥😥🌺👥😞😖😖😖
@mangesh8470
@mangesh8470 Жыл бұрын
මෙය මා වෙනුවෙන් ම ලියු ගීයක් යැයි හැඟේ.....
@dishanindika6882
@dishanindika6882 2 жыл бұрын
man asama gayakaya Victor mahatmaya.mawa mohotakin atheethayata aran yanawa metumage geetayan.oba tumata teruwan saranay.
@jothithekkaapi313
@jothithekkaapi313 Жыл бұрын
ඉතාමත් සුන්දරයි 🙏🌹අතිශය ආදරණීය ගීතයක්.. ලයාන්විත ගායනයක් ❤️❤️❤️
@peshalasanduni1117
@peshalasanduni1117 12 күн бұрын
හද පානෙ මද අදුරේ අත් පටලා යමු ආයේඑ......
@niruthchamika9403
@niruthchamika9403 3 жыл бұрын
අපි හැගුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් අපි හැගිම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හදපානේ මද අදුරේ අත් පටලා යමු ආයේ අත් පටලා යමු ආයේ ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී ඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී මම මගේ හෙවනැල්ලෙන් මිදී අව්දින් එමුත් රහසින් මුමුණා හදපානේ මද අදුරේ හදපානේ මද අදුරේ අත් පටලා යමු ආයේ හිරකර හසරැල්ලෙන් හැඩුම් අපි හිනහෙමු සපුරා පැතුම් හිරකර හසරැල්ලෙන් හැඩුම් අපි හිනහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුමින් යමු වෙන්වී හිමිදිරියේ හදපානේ මද අදුරේ අත් පටලා යමු ආයේ
@manjalithathsarani1770
@manjalithathsarani1770 2 жыл бұрын
Thank you ♥️
@wasanabandara5510
@wasanabandara5510 2 жыл бұрын
ලස්සනයි ❤
@thilinimadara5857
@thilinimadara5857 Жыл бұрын
හිතට බෙහෙත්
@rmjayalatha5497
@rmjayalatha5497 Жыл бұрын
මතු ආත්මයේ හමුවෙන පැතුමෙන් යමු වෙව්..........
@ishanichathurika9902
@ishanichathurika9902 Жыл бұрын
මාර ලස්සන song එකක්.භාවනාවක් වගේ 🥰
@kamalperera4085
@kamalperera4085 3 жыл бұрын
හිත අතීතයට දිව යනවා...😍😍😍
@sinhalauniversity2512
@sinhalauniversity2512 2 жыл бұрын
පිස්සු හැදෙනවා
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
Adaraye mihiriyawa wadathma widaganna p wan sundarathama kala horawak thamai sada paya athi rathriya. Me sinduwa aheddi a mihiriyawa ayasayakin thorawa sithata kawadenawa. Ithin kisi witakath virahawak nowewa..... mata me sinduwa aheddi ahema thamai prarthana karanna hithenne. 👍💕💕
@mherath3797
@mherath3797 3 жыл бұрын
victor sir... my all time Fav singer is you sir.
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
මේ සිංදුවට මං ගොඩාක් ❤️❤️❤️❤️❤️ආදරේයි
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 2 ай бұрын
Aadaraniya premakeerthi athinliyauna lassanapadawela.hitha niwenawa ahenakota.
@wrestle-buddy
@wrestle-buddy Жыл бұрын
මමත් බලාගන ඉන්නවා කවදා හරි දකින තුරු❤❤❤
@lalithjayarathna4246
@lalithjayarathna4246 Жыл бұрын
රසයේ ඉමක් නැති නිර්මාණයක්
@rohinirohini9118
@rohinirohini9118 3 жыл бұрын
අතීතය හා බැදුනු හිතට දැනෙන පුදුමාකාර වින්දනයක් තියෙන ගිතයක්
@sinhalauniversity2512
@sinhalauniversity2512 2 жыл бұрын
මත්වෙන ගමන් අහන සින්දුවක් 😔
@signarcade4436
@signarcade4436 2 жыл бұрын
මතට තිත තියලා මේ song එක අහන්න බෑ
@binushikadillrukshi209
@binushikadillrukshi209 2 жыл бұрын
@@sinhalauniversity2512 be o98u
@kavindushehan1461
@kavindushehan1461 2 жыл бұрын
හිරකර හසරැල්ලෙන් හැඩුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුමෙන් යමු වෙන් වී හිමිදිරියේ...❤adrei oyt M❤
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
මගෙ ප්‍රියතම ගීතය වික්ටර් රත්නායකයන් ගෙ 🎶❤️🎶
@rgsaliya
@rgsaliya Жыл бұрын
Vews 900 k.වගේ අර ...තියෙන්නෙ ...අර නිකම්මු ටිකක් බීච් එකක හදපානේ ගගා අඩා වැටෙන එකට vews 2 m...තියෙනවා ....සිංදුවේ වේරියස් එක කනවා ...උන් ටික ඒත් ජනප්‍රිය වෙලා...ලංකාවේ සංගීතය දන්න අය නෙමෙ සිංදු අහන්නෙ.....මේ සිංදුව හා ඒ සිංදුව ඇහුවම...හිතන්න තියෙන්නෙ එච්චරයි ..😢😢😢😢😢
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Жыл бұрын
Ada hitiyanam thavath apata honda nirmana resak rasavindinna thibuna ...
@anjulaerandini9227
@anjulaerandini9227 Жыл бұрын
Lassanai..atheethayata yanawa.
@miu...
@miu... 3 жыл бұрын
This song reminds me someone who would never mine..💔
@sunandahettiarachchi1863
@sunandahettiarachchi1863 3 жыл бұрын
👌🏻
@bandusilwa7967
@bandusilwa7967 Жыл бұрын
ආදරයෙ සුන්දරත්වය හඩගා කියන ගීතයක් වික්ටර් රත්නායකයානෙනි ඔබ අපේ සිත් තුල සදා අමරනීයයි .
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N. Cha. - Balangoda. You will never go old. Wish you long life.
@rakithagayansagaranayake4216
@rakithagayansagaranayake4216 Жыл бұрын
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් හඳ පානේ... මඳ අඳුරේ... අත් පටලා යමු ආයේ... ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ... අත් පටලා යමු ආයේ... හිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා පැතුම් මතු ආත්මයේ හමුවෙන පැතුම් යමු වෙන්වී හිමිදිරියේ... හඳ පානේ... මඳ අඳුරේ... අත් පටලා යමු ආයේ.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
සදාකාලික ගීත ❤
@kanishkaprasad9004
@kanishkaprasad9004 Жыл бұрын
හදපානේ ... මද රදුරේ ... අත් පටලා යමු ආයේ ..... ♥️
@PrabathBalasooriyabc
@PrabathBalasooriyabc 2 жыл бұрын
හඳපානේ මඳ අඳුරේ.. අත් පටලා යමු ආයේ..
@shanaka2473
@shanaka2473 2 жыл бұрын
හද පානේ මද අදුරේ අත් පටලා යමු ආයේ.....😍😍😍
@dimuthusilva4365
@dimuthusilva4365 2 жыл бұрын
Harima adaneeya sithuwillak
@mapanissanka7723
@mapanissanka7723 2 жыл бұрын
Athtatama harima lassana sinduwak meka asama ekak
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 6 ай бұрын
Oba oba hawanallan midi mama mage hawanallan midi..hada pane mada adure ath patala yamu aye..hagum wala idadi mohotak .idalabaganimu wiyatak..ehma wnna puluwanda..coment krnna blanna
@amithsuranga2013
@amithsuranga2013 3 жыл бұрын
හදවත් සැනහූ ගී පබැදුම්
@buvindu6109
@buvindu6109 3 жыл бұрын
Wonderful Song victor sir
@Chandimasiriwardana-g5q
@Chandimasiriwardana-g5q Жыл бұрын
සිරකර හසරැල්ලෙන් හැඬුම් අපි හිනැහෙමු සපුරා පැතුම් 💛💛
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 3 ай бұрын
very nice sinhala song thanks
@viduruvans
@viduruvans 3 жыл бұрын
Premakeerthi mahaththaya Ada hitiyanam
@VIMUKTHIHETTIARACHCHI-z9u
@VIMUKTHIHETTIARACHCHI-z9u Ай бұрын
මාගේ ම පාසලේම ආදි ශිෂ්‍යයෙක් වන ප්‍රේමකීර්ති ද අල්විස් උතුමන්ට ද වික්ටර් රත්නායක උතුමන්ට ද වයස අවුරැදු 16 ක් වන මාගේ ප්‍රණාමය
@VIMUKTHIHETTIARACHCHI-z9u
@VIMUKTHIHETTIARACHCHI-z9u Ай бұрын
මගේ වයසෙ අය තවත් ඉන්නවද මේ ගීතය රසවිඳින?
@gamingab5946
@gamingab5946 Жыл бұрын
මේ සිංදුවෙන් විරහවේ ආතල් එක විඳින්න පුළුවන් බූට් කාපු අයට එතකොට විරහවේ දුක විඳින්න පුළුවන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට තමන් කැමති නැතුව බූට් එක තියපු හරි තියන්න යන හරි කෙනෙක්ට
@dineshlakmalherathmudiyans650
@dineshlakmalherathmudiyans650 3 ай бұрын
Mevanan sindu nemei Mano loka ❤
@rohanchamara9834
@rohanchamara9834 2 жыл бұрын
සදා අමරණීය .
@dulansamaratunga6414
@dulansamaratunga6414 2 жыл бұрын
No words to express my feelings. So relaxing
@harshiranasingha9313
@harshiranasingha9313 2 жыл бұрын
Never enough of listening, voice, lyrics and music beautifully done ❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 2 жыл бұрын
මං ආසම තවත් ගීතයක්....
@vindyadissanayake5284
@vindyadissanayake5284 11 ай бұрын
ජීවිතේ අයෙම කවද හරි දවසක් එවි ද? 💔
@vagiraboccadasse797
@vagiraboccadasse797 2 жыл бұрын
04 me super & thanks from europ .
@prtrkumarasinghe1029
@prtrkumarasinghe1029 2 жыл бұрын
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී අත් පටලා යමු ආයෙ
@adesilva3576
@adesilva3576 Жыл бұрын
Epa...😥
@shakilasi3786
@shakilasi3786 2 ай бұрын
2003 අය✊
@skss6581
@skss6581 3 жыл бұрын
Hada pane Mada adure Ath patala yamu Aye ......👫
@chathurinandasena1167
@chathurinandasena1167 Жыл бұрын
Sha..... Maru👍
@Dilshanyapa-v3v
@Dilshanyapa-v3v Жыл бұрын
Paattai
@sarathrajapaksha8237
@sarathrajapaksha8237 Ай бұрын
Ela❤
@monikasubashini8843
@monikasubashini8843 3 жыл бұрын
Ahan inna asama sinduwa ❤️
@sumedhawimalasiri2542
@sumedhawimalasiri2542 4 ай бұрын
Kee gahala adanna hithenawa mata e tharam dukai😢😢😢
@kmlsrilanka6100
@kmlsrilanka6100 3 жыл бұрын
Its like coken to me 😍😍😍😍
@nisansalamadhubhashini6408
@nisansalamadhubhashini6408 3 жыл бұрын
අමරණීය ගීතයක්...
@sriyanilahandapurage4991
@sriyanilahandapurage4991 Жыл бұрын
අහිමි ආදරයෙන් කීදෙනෙක් දුක් වෙනවද
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,4 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 521 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 849 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН