අතීතයේ ආපස්සට - අමරසිරි පීරිස් Atheethaye Apassata - Amarasiri Pieris

  Рет қаралды 644,597

Innit

Innit

Күн бұрын

අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී
හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරී
හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී
එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී
ආදරේ පිරි දෑස් ගාව
අන් සතු වී වාසනාව
නුඹ හෙලනා සුසුම් රාව
අහගෙන ඉන්නවා තාම
නුඹ හෙලනා සුසුම් රාව
අහගෙන ඉන්නවා තාම
අප අතරේ දුරක් වේද
නැති විට සැනසුමක් නේද
පළඳන්නට ප්‍රේම සේල
තවකල් තියනවා නේද
පළඳන්නට ප්‍රේම සේල
තව කල් තියනවා නේද
ගායනය - අමරසිරි පීරිස්
තනුව සහ සංගීතය - අරුණ ගුණවර්ධන
ගේය පද රචනය - තුෂාන් නිසංසල
අධ්‍යක්ෂණය - තුෂාන් නිසංසල
Vocals : Amarasiri Peiris
Music Director : Aruna Gunawardane
Lyrics : Thushan Nisansala
Audio Mix Mastered by : Janaka Daladawatta @ Pansilu Music Studio
Production House : Innit Creativity
Producer : Pubudu Sanjeewa, Thushan Nisansala
Visual Director : Thushan Nisansala
Still Graphics : Thivanka Perera @ Niks Moving Images
Video Editor : Nalaka Thusitha
Director of Photography : Nalaka Thusitha
Production Manager (Visual) : Kaveesha Sathsara
Casting : Nandun Wijesinghe, Chathurya Jeevanjalee Rupasinghe, Milantha Hettige
Special Thanks : Kanishka Jananath, Sameera Jayasekara @ Sameera Furniture Pannipitiya, Thilak Elvitigala @ Elvitigala & Sons Watch Center Pannipitiya,
Sudath Abeysekara @ Artway Gallery Thalawathugoda, Sabuddhi (Organization), Aluthin Hithana Api (Organization)

Пікірлер: 914
@ireshamaduwanthi9030
@ireshamaduwanthi9030 Ай бұрын
මේ රට සෙක්ස් වලටම ඇබ්බැහි වෙලා ජාරාවක් වෙලා කියලා හරිම කනගාටුවක් හිතෙ තිබ්බා...ඒත් මේ කමෙන්ට් සෙක්ශන් එක නිසක් ලස්සන කවි පොතක් වගේ...තාමත් ආදරේ පුරෝ ගත්ත ආදරනීය හිත් අපි අතරේ ජීවත් වෙනවා කියල අද දැක්කා ❤❤❤
@HEO05
@HEO05 Ай бұрын
සිංදුවට වඩා අවුල් Comment කියවනකොට
@mycelltechnology1680
@mycelltechnology1680 Ай бұрын
😂
@VenVsd
@VenVsd 3 ай бұрын
"දැනුන ප්‍රේමය කිසි කලෙකත් හිමි වූයේම නැත."
@thanujaamarasinghe4213
@thanujaamarasinghe4213 Ай бұрын
True
@achalapriyangasapuarachchi5465
@achalapriyangasapuarachchi5465 4 ай бұрын
මේ ගීතය ඇහෙද්දී අදටත් හිත පාසල් කාලයට දුවනවා.ඇය හමුවූ මගේ ජීවිතයේ සිහිවෙන හොඳම කාලය 💔අවුරුදු 28 ගිහිල්ලා ඒත් මතකය අද වගේමයි 💔...දන්නවා අපි දැන් මාර්ග දෙකක...නැවත හැරෙන්නට හිතාගන්නවත් බැරි බැඳීම් ගොන්නක.🥲......ඒත් අදටත් ඔය ඇස්දෙක මතක් වෙද්දී ...සසරේ කුමන ගනුදෙනුවක්ද? මොන මතකයක්ද කියලා හිතෙනවා.මම වැරදිද දන්නෑ...ඒත් ඔබ හමුවූ සෑම අවස්ථාවකම ඔබේ හිතෙත් මම ගැන විශේෂත්වයක් තිබුනා වගේ දැනුනා... අදටත් දන්නෑ...ඒත් මගේ ආදරේ ඇත්ත ❤️ එදා ඒක මට ඔයාට කියාගන්න බැරි උනා..සමාවෙන්න මට 🙏 ඒත් අද කියනවා ඔයාට ගොඩක් ආදරේ කරා කියලා...පුලුවන් නම් ඊළඟ බවයේදීවත් මේ ඇස්දෙක ඔයාට අදුරගන්න පුලුවන් වෙන්න කියලා 🥲 ප්‍රාර්ථනා කරනවා.ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න .හැම සතුටක්ම ලැබෙන්න කියලා..බුදු සරණයි ඔයාට !!! ගීතය හරි භාවනාවක් වගේ...පද සංගීතය ගායනය මට මගේ කතාව මතක් කළා...😢😢😢💔
@dinushapriyadarshani142
@dinushapriyadarshani142 7 ай бұрын
කවදාවත් අමතක කරන්න බැරි හිතේ හැංගුනු අාදරයක් මටත් තියෙනවා.එක පැතුමක් පතනවා මම මැරෙන්න කලින් තව එක සැරයක් මට එයාව දකින්න ලැබෙන්න කියලා.
@NishaDammage
@NishaDammage 7 ай бұрын
ඔයාගේ ඒ පැතුම ඉටු වේවා. ❤❤
@dinushapriyadarshani142
@dinushapriyadarshani142 6 ай бұрын
❤❤❤❤​@@NishaDammage
@Rangotv-cf1ew
@Rangotv-cf1ew 2 ай бұрын
අතීතයට ආදරෙයි ඒත් ආපහු යන්න තරම් හයියක් දැන් මට නෑ මගෙ රත්තරන්.කොටින්ම උඹත් මමත් දැන් ඒ අතීයට කොහෙත්ම අයිති නෑ.උඹ කාගෙවත් වෙලා මම තවකාගෙවත් වෙලා අපේ ලෝක වල දැන් අලුත් දළු ලියලලා ගලවගන්න බැරි තරමටම මුල් ඇදලා.😢ඒ්ත් තාමත් ඒ මිහිරි මතක තුරු වෙලා තනිවුනු දවස් කුරුණෑගල වැව රවුමෙ ගෙවපු මතක.දුන්නු හාදු මැවුව හීන ඒ විඳපු ආදරේ හිතේ යටම අඩියෙ තැන්පත් වෙලා තියෙනවා.උඹව අන්තිමට දැක්ක දවසෙ මුලු ලෝකෙම එතන කඩන් වැටුණා රත්තරනෙ.උඹ පුංචි පැටියෙකුට අම්මෙක් වෙලා.පුංචි බන්ඩියකුත් උස්සගෙන යනව දැක්කම පපුවට මොකද්දෝ උනා.අද මමත් පුංචි පැටියෙක්ගෙ තාත්තෙක්❤.හැබැයි අවුරුදු 16ක් පරන අපේ ඒ අතීතෙට තාමත් මම හොරෙන් ආදරේකරනවා.
@lifeitnow4162
@lifeitnow4162 Ай бұрын
😢
@hasanichethana2885
@hasanichethana2885 Жыл бұрын
මට හමුවුණා අතීතයේ ආපස්සට හැරී යන්න අවස්ථාවක්,ගොඩක් පරක්කු වෙලා ,මගේ ආදරේත් මම එනකම් බලන් හිටියා, ඉතිං මට මගේ ආදරේ හමුවූනා... දැන් අපි හරිම සතුටින් ඉන්නවා...මේ ගීතය හරියට අපිට ලියු ගීතයක් වගේ , බොහොම ස්තූතියි..
@Fagjshx
@Fagjshx Жыл бұрын
Teruwan saranay satutiin inna
@watapitadewal1396
@watapitadewal1396 Жыл бұрын
වාසනාවන්තයි....පින මතුවෙන්න ප්‍රමාදවෙලා....
@krish1552
@krish1552 Ай бұрын
ඔයාට ඔයාව අමතක වුන ඔයාගෙ ජීවිතේ කටුකම කාර්තුවක මට ඔයාව මුණගැහුන. ඇති නැති පරතරයක් හින්දා කවදාවත්ම විවාහයකින් කෙලවර නොවෙන බව දැනගනත් අපි අපිට ආදරේ කළා.කාලය ගෙවෙද්දී කවදාවත්ම නොවෙන විවාහය වෙන තැනට පෙර මං ලකුණු හැදෙනකොට ඒ හැමදේම ඔයාගේ හිත රිද්දන්න තියෙන නොහැකියාව හින්දා කළ බොරුවක් කියලා මුලින්ම මාව දැනුවත් කලෙත් ඔයාගෙන් ඈත් වෙන්න කියලා ඉල්ලීමක් කලෙත් ඔයාගේ අයමයි.ඒත් ඔයා කිවුවේ කෙනෙක් එනකල් ඔයා එක්ක ඉන්න කියලා.ඉතින් කොහොමද ඒ තරම් කැපකිරීමක් කරලා ගොඩ ගත්ත ඔයාව තනි කරන්නේ.ජීවිතේට අහලා නොතිබ්බ අපවාද සාප කිරීම් ගොඩක් ඔයා ඉන්න පැත්තෙන් ඇහෙද්දි මම නිශ්ශබ්දව ඔයා එක්කම හිටියා. ඔයාගේ රිදුන හිත හදලා ජීවිතේ ගැන බලාපොරොත්තු ආයේ ඇති කරගන්න කියල දෙනකොට ඔයාගේ පැත්තෙන්ම ඔයාට ගැලපෙන ඇතිහැකිකම් ඇති උසස් සමාජ තත්වක් දරණකෙනෙක් හොයලා තිබුණා.ඔයා එයාට ලංවෙන්න පටන් ගත්තා.ඉතින් ඔයාට පොරොන්දු වුණ විදිහට මම අයින් වුනා.ජීවිතේ එකම එක පාරක් විතරක් දැනෙන ඒ ආදරය මම අහිමි කරගත්තේ ඔයාලා හැමෝම වෙනුවෙන්.දැන් අවුරුදුම 9ක්.දැන් ඔයා ආදරණීය ස්වාමිපුරුෂයෙක් විශ්වාසවත්ත තාත්තා කෙනෙක්.මම මවපු හීන හැම එකක්ම ඇත්තක් වෙලා මම නැතිවම.ස‍ංසාර ගමනෙ මතුවටත් ඔයා තනිවෙන අසරණ වෙන මොහොතක මට ඔයා ලගට එන්නත් ඔයාව ආරක්ෂා කරන්නත් ඉඩ ලැබෙන්න ඕනේ.මම තාමත් මම ඔයාගෙන් වෙන්වුන තැනම නිශ්ශබ්දව බලාගෙන ඉන්නව.ඒ ඔයා ආයේ එයි කියලා නෙවේ.මම ඔයාට කියලා දුන්න ජීවිතේ ඔයා ගෙවෙන විදිහ බලන් ඉන්න.❤❤❤❤ප්‍රේමය කියන්නෙම පරිත්‍යාගයක් ❤❤❤
@kumarijayakodi3842
@kumarijayakodi3842 Ай бұрын
😢හැමදාම සතුටින් ඉන්න ❤
@bagyagamage6746
@bagyagamage6746 Ай бұрын
🥺🙏
@tmawtennakoon9943
@tmawtennakoon9943 21 күн бұрын
දුකයි සහොදරිය..
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 20 күн бұрын
@@krish1552 ලබා ගන්නට නොහැකි වූවද අත් හැරීමම නොවේ ප්‍රේමය.... දරාගන්න බැරි ආදරයක් ඔයාට ලැබේවා....
@ireshalakmali988
@ireshalakmali988 20 күн бұрын
Oya pinwanthai...me සංසාර ගමනේ oyage බැඳීම adu kara ganna dunna chance akak
@m.samsudeen952
@m.samsudeen952 Жыл бұрын
මට ආදරය කල ❤️☘️.අදටත් මම ඔයා ගැන හිතනවා.කවදා හො දවසක ඔයාට මාව මතක්වෙලා ඇවිල්ලා කතා කරාවි කියලා.නමුත් මම දන්නවා එවා මටම දැනෙන හින.දැනට අවුරැදු 20ක් වෙනවා දකින්නේ නැතිව.නමුත් ගමට ගිය හැම මොහොතේ දිම ඔයා ගැන සොයා බලනවා.ඔයා හොදින් කියන ආරංචිය සමග සිත සැනසුනා.ඔයාගේ මතකයන් සමග අදටත් හිර කාරියක් වි දුක් විදිනවා.දෙමාපියන් නිසා ⁣මාව එපා කියලා ගිය ඔයාට මම තරහා නැ.මතු බවයකවත් ඔයා සමග ජිවත් වෙන්න ලැබේවා කියා පාර්තනා කරනවා.😥😥
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
මටත් එදා කියාගන්න බැරි උනා...ආයෙත් පස්සට යන්න විදියක් නෑ...ඉන්නා තැනක මගේ රත්තරනේ පරිස්සමට ඉන්න...ඔයාව අන්‍තිමට දැකලත් අදට අවුරුදු 15යි මාස 3යි...දවස්11යි...😥😥😥
@Ovindirandihari40
@Ovindirandihari40 Жыл бұрын
එහෙනං පොඩිඑකා O/L වලට ක්ලාස් යනව ඇති....
@Fagjshx
@Fagjshx Жыл бұрын
අතීතයට යන්න පුළුවන් nam සියල්ල අත්හැර yanawamai
@GihanNirosh
@GihanNirosh Жыл бұрын
ආදරේ එහෙමයි 😥😥😥😥
@maliperera9307
@maliperera9307 Жыл бұрын
Káuda me adare
@Ashaasha-oq7iv
@Ashaasha-oq7iv Жыл бұрын
එහෙම තමයි ආදරය කවදාවත් වියපත් වෙන්නෑ... මගෙත් ජීවිතේ මේ හා සමානවම ආදරයේ මතක සටහන් වලින් හිත තමත් පිරිලා..
@Talkingtothetechnology
@Talkingtothetechnology Жыл бұрын
ගීහයට වඩා හැගුම් බරයි සමහරුන්ගේ කොමෙන්ට් මේ තරම් ආදරයට ආදරය කරම්න් ජීවත් වෙන අය ඉන්නව ..❤
@nilakshimanjula1155
@nilakshimanjula1155 11 ай бұрын
Matath okama hithuna..sinduwata wada comments tika lassanai...
@MrMashi1984
@MrMashi1984 3 ай бұрын
100%true...mama godak Comment kiyeuwa...jeewitha wala kochchara dewal wenas welada?
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Ай бұрын
@@Talkingtothetechnology අනේ දෙයියනේ!
@Rangotv-cf1ew
@Rangotv-cf1ew Ай бұрын
@@Talkingtothetechnology ඇත්ත.මේ ලෝකෙ හැම කෙනෙක්ටම ලස්සන හෝ දුක්බර ආදර කතාවක් තියෙන්න පුලුවන්.හොරෙක්ද මිනීමරුවෙක්ද අපරාදකරුවෙක්ද මංකොලාල්කකරුවෙක්ද කියල අදාල නෑ.ඒහිත් වලටත් අාදරය දැානනවා විරහව දැනෙනවා.
@AravindaKumarasiri
@AravindaKumarasiri 6 ай бұрын
ප්‍රේමයේ අතීතය යනු බොහෝ විට සුවනොවූ තුවාලයකි.ආදර ලෝකයේ අතීතය තුල සැරිසරන්නා සැමදා තම ලය වූ තුවාලය නැවත නැවතත් පාරවමින් විදවමින් ජීවත් වෙයි.අතීතය මුලින් උපුටාදමා ජීවිතය දකින්නට හැකියාව ලැබේවා සැමට..
@drl495
@drl495 Жыл бұрын
විරහව පුදුමාකාර හැගීමකින් ගායනා කරන්න පුළුවන් අසහාය ගායන ශිල්පියා අමරසිරි පීරිස් මහතා,ඒ වචන අස්සේ ඒ හඩ අස්සේ කොහෙදෝ තැනක ගිහින් අතරමං උනා වගේ දැනුනා,කාත් කවුරුවත් ගීත්‍යත් එහෙමයි ,මේවා අමුර්ත විතරක් නෙවේ අධි මාත්‍රා ❤🥺
@yas5071
@yas5071 Жыл бұрын
කියාගන්න බැරි වූ සිත හරි ලස්සනට කියවලා ඇති අපූරුව... බොහොම අගේ ඇති නිර්මාණයක් . ජය ..!!!
@shashendrawickramaarachchi2256
@shashendrawickramaarachchi2256 11 ай бұрын
ගීතයට වඩා රසවින්ද අයගෙ හැඟීම් සංවේදී යි
@pavithramadushani4186
@pavithramadushani4186 11 ай бұрын
අපිට ආදරෙ හිතුනෙ අපි ගැන කිසිම හැඟීමක් නැති අයටනෙ... ජිවිත කාලයෙන් භාගයක්ම ගෙවුනෙ එයාගේ ජිවිත ලස්සන කරන්න..ඒත් ඇත්තටම ඒක පව්කාර ආදරයක්...මාව විනාශ කරපු, ජීවිතයම නැති කරපු ආදරයක් ..තරහක් නැහැ කවදාවත්..දැඩි කලකිරීමක් මිසක..ඒත් විදවන්නෙ ඒ නිසා රත්තරන් වටින මනුස්සයෙක් පෙනි පෙනිම මග හැරුණු එකට... සංසාරේ කවදාවත් ආයිමත් එහෙම ආදරයක් ලැබෙන එකක් නැහැ..හැම ආත්මයකම අපි අපෙම වෙන්න පතනවා හැර අපිට ආයි ආපස්සට යන්න බැහැ 😥😥
@Dulanisagarika-z1h
@Dulanisagarika-z1h 8 ай бұрын
Hmm
@VenVsd
@VenVsd 3 ай бұрын
"දැනුන ප්‍රේමය කිසි කලෙකත් හිමි වූයේම නැත."
@prabhathmalindaranaweera8887
@prabhathmalindaranaweera8887 Ай бұрын
අකුරු කැටි කොට ලියු කවි වල ඔබේ රුව සිත්තම් උනා යනෙන හැම තැන ඔබව මැවි මැවී ඔබත් මා ලග දැවටුනා ඔබත් සමගින් ගෙවුන කාලය නිතර මා හට සිහිවුනා ඔබේ මතකය අලුත් කරමින් මාත් සැමදා සැනසුනා....
@madhu7593
@madhu7593 Жыл бұрын
අයිති කරගන්න බැරි උනු ආදරයක් අපි හැමෝගෙම ජීවිත වල තියනවා...
@dilkinayomi4536
@dilkinayomi4536 8 ай бұрын
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී.. හිතේ තිබුන ආදරේ ගැන කියමි කොහොම හරී.. හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී.. එක් රැස් කල නුබගෙ මතක තාම හුස්ම ගනී.. ආදරේ පිරී දෑස් ගාව අන්සතු වී වාසනාව.. නුබ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම..// අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් වේද.. පලදන්නට ප්‍රේම සේල තව කල් තියෙනවා නේද..// අතීතයේ ආපස්සට ....❤❤
@MkMr-p9i
@MkMr-p9i 9 ай бұрын
අපි හැමෝම ආපස්සට යන්න පුළුවන් නම් පියඹන්නෙ ආදරය හොයාගෙන ❤
@AnushkaIroshini
@AnushkaIroshini Жыл бұрын
අතීතයට යන්න තිබ්බනම්,,,,මන් කවදාවත් මගෙ ජීවිතයට ඔයාට එන්න දෙන්නෑ....මන් අදටත් විදවන්නෙ ඒ අතීතය නිසා
@achaladharmawardhana9169
@achaladharmawardhana9169 6 ай бұрын
ආපස්සට යන්න තියෙනවා නම්.. අද මීට වඩා වෙනස් වෙන්න තිබුණා මගෙ ජීවිතේ 🙂
@GSR522
@GSR522 6 ай бұрын
ජීවිතේ කවදාවත් හදාගන්න බැරි වැරැද්දක් .දැන් තියෙන හිතේ ශක්තිය එදා තිබ්බනම් .ඒත් නොලැබීම තමයි ඒකට හේතුව 💙💙💙
@sujeewapanamaldeniya756
@sujeewapanamaldeniya756 3 ай бұрын
මේකෙ මට දැනෙනම කොටස " එක් රැස් කල නුඹගෙ මතක තාම හුස්ම ගනී" . 😢😢
@madaramahanama7002
@madaramahanama7002 2 ай бұрын
ඉන්න තැනක හොදින් ඉන්න. අනේ මට සමාවෙන්න. ඔයා තරන් ආදරණීය කෙනෙක් මට කවදාවත් හම්බ වෙලා නෑ. ආය මේ ආත්මෙට හම්බ වෙන්නෙත් නෑ. මට කවදාවත් බැරි වුනා ඔයාගේ ආදරේ තේරුන් ගන්න. ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 🙏🙏🙏🙏🙏
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
අතීතයේ ආපස්සට යන්නට තිබුනනම් කියල ජීවිතේ හිතුන වාර අනන්තයි 🥺😞💙
@sakunthalamayadunna7714
@sakunthalamayadunna7714 Жыл бұрын
පැල්ලමක්වත් නැතුව මරන්න ඕනේ නම් ආදරේ කරල මගින් හැරෙන්න ඕනේ... ඒත් මගේ පපුව පැලෙද්දිත් හුස්ම ගත්තා.. මං ගාව නෙමේ මම වැඩිපුරම ජීවිතේ හිටියෙ. ඔයා ගාව .. 1998 අපිට අපිව අහිමි වුනා.
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 Жыл бұрын
මාරම කමෙන්ට් එකක් .....සින්දුවටත් වඩා ඒක රිදුනා.....දැනුනා
@Magic4444-yf5ob
@Magic4444-yf5ob Жыл бұрын
Very touching..it happened to most of us..
@samanthibadullage5837
@samanthibadullage5837 Жыл бұрын
හ්ම්ම් 😢
@thanujasilva3130
@thanujasilva3130 10 ай бұрын
shakshi nathi mini marum....
@ChinthaNilani-r1i
@ChinthaNilani-r1i 9 ай бұрын
Javethe ahemma tahmi godak tahnwaldi harenna wenwa aka harum laksayk karagnnath marama wedanwak uhulnnma wenwa rudum dee ikigauwa atheeka wedana harenna wenwami liyu kaveyakth tibuna nubata mata heutuwada ahema na tawth heth tibuna adre ahemmai galu kadulakt ahemma kiyawuna❤️
@lahirunishshanka8490
@lahirunishshanka8490 3 ай бұрын
මමත් බැඳලා ,ඇය බැඳලා පුතෙකුත් ඉන්නවා. හැබැයි අපි අදටත් කතා බහ කරනවා. වචනෙකින්වත් රන්ඩුනොවුන අපිට අපි මගහැරුනෙ ඇයි කියලා අපි තාම හොයනවා.
@pradeeppathirana9794
@pradeeppathirana9794 Жыл бұрын
අප්‍රකාශිත ආදර කතාවක් අපි හැමෝටම තියෙනවා...හදවත කියෙව්වට ස්තූතියි
@danushkakarunasinghe1087
@danushkakarunasinghe1087 2 ай бұрын
අහිමි වෙලා අවුරුදු විසි ගාණක් වෙනවා. ඒත් හැම අවුරුද්දකම සැප්තැම්බර් 14 උපන් දිනය මතක් වෙනවා. ලංකාවේ ඉද්දි එදාට පංසලක පහනක් හෝ පත්තු කරලා නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කලා. මැරෙනකම්ම ආදරෙයි ...
@jinanimanik7796
@jinanimanik7796 Жыл бұрын
ඉතා වටිනා ගීතයක් .. ආපහු හැරිල යන්න පුලුවන්නම් ඒක තමයි ජීවිතේ ලබන ලොකුම බාග්‍යය...❤
@NadeeGayathri
@NadeeGayathri 9 ай бұрын
ජීවිතේ තියෙනවා කොච්චර රිදුනත් කවදාවත් අමතක කරන්න බැරි ආදරයක් ❤
@NaliniRanathunga
@NaliniRanathunga 9 ай бұрын
මේ වගේ අය කීදෙනෙක් ඇද්ද තාමත්දුක්විඳින විඳවන
@Thekeeper-fz4wx
@Thekeeper-fz4wx 26 күн бұрын
අතීතයේ ආපස්සට යා හැකිනම් හැරි.... මම කවදාවත් අපේ මුල්ම හමුවීම වෙන්න ඉඩ දෙන්නෙ නැ... අපේ අවුරුදු කතාවට අවුරුදු දොලහක්... මට දැන් 32ක් . අපි ඈත් වෙලා අවුරුදු 2ක්.... කෙල්ලෙක් වෙච්ච ඔයාලට ආදරවන්තයෝ. පෝලිමට ජීවිතේට එන්න හිටියට කොල්ලොන්ට හොදම හමුවීම නැති උනාම ජීවිතෙ තනිවෙනවා කියලා තේරුම් ගත්තෙ මගෙ ආදර කතාවෙන්මයි
@Shegiproduction
@Shegiproduction 19 күн бұрын
😢😢😢😢😢😢
@KG_MoTa
@KG_MoTa Жыл бұрын
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරි හිත නොකියා කල් ගෙවිලා යද්දී මග හැරී එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී... ආදරේ පිරි දෑස් ගාව අන් සතු වී වාසනාව නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම නුඹ හෙලනා සුසුම් රාව අහගෙන ඉන්නවා තාම අප අතරේ දුරක් වේද නැති විට සැනසුමක් නේද පළඳන්නට ප්‍රේම සේල තවකල් තියනවා නේද පළඳන්නට ප්‍රේම සේල තව කල් තියනවා නේද...
@rangabalasooriyabalasooriy8240
@rangabalasooriyabalasooriy8240 2 жыл бұрын
සොඳුරු ගීතයක් .ඉතාමත් මිහිරි ගීතයක් .සියලුම දෙනාට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා අමරසිරි මහතා ඔබට
@ChamilaIlangarathne
@ChamilaIlangarathne 3 ай бұрын
සිය පාරකට වඩා ඇහුවා 😢😢😢❤
@gayanidilrukshi4108
@gayanidilrukshi4108 6 ай бұрын
දෙයියනේ සිංදුවකට මෙච්චර හිත රිද්දන්න පුලුවන් උනේ....😥😥 පපුව හූරන ගීත
@pushpadissanayake9328
@pushpadissanayake9328 10 ай бұрын
ගායනය හරි භාවාත්මකයි. හිතේ තිබුන ආදරෙ ගැන කියමි කොහොම හරී.... හැමෝටම ඇති එහෙම අත්දැකීමක් . ඒත් එදා ආදරය තරම් මේ යුගයේ ආදර කතා භාවාත්මක.නෑ. තියෙන්නෙ රාගයක් විතරයි. පිරිසිදු ආදරය හරි ගැඹුරුයි. ඒක දෙන්නත් ලබාගන්නත් ලේසි නෑ. සසරේ පින් තියෙන අයට විතරයි එහෙම ආදරය ක් ලැබෙන්නෙ .❤
@prasadiniwathsala3014
@prasadiniwathsala3014 Жыл бұрын
එ අතීතයට මම අදත් තවම අාදරෙයි ....හැම මොහොතකම හදවත පාරවනවා.....දෑස් වලට පෙනි පෙනි එ දෑස් අදටත් විදවනවා මම ....අමතක කරන්න බැරි තරමට විදවනවා
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 4 ай бұрын
ඔයාලගේ ආදර කතා ...ගැන කියන්න පුලුවන්ද...මම කතා ලියන කෙනෙක්...
@manojsampath2767
@manojsampath2767 Жыл бұрын
අතින් අල්ලගත්ත ඒ ආදරේ මට අතෑරුණා, ඒ ගැන හිත හිතා මම අනේක වාරයක් දුක් වෙනවා ඒත් මක් කරන්නද දැන් මටවත් එයාටවත් ආපහු හැරෙන්න බෑ
@tharunadhikari8028
@tharunadhikari8028 2 ай бұрын
මම කලින් මේ වගේ සිංදු ඕන තරම් ගායනා කරලා තියෙනවා .....ඒත් එයා ගියාට පස්සෙ දැන් මට මේ වගේ විරහ සිංදු කියන්න බෑ.........වරදිනවා....... ඇස්වලින් කදුලු වැටිලා ඇඩෙනවා..........මන් මේ වගේ සින්දු අහන්න ආස උනාට අහන්නෙ නැති තරම්.....අවුරුදු 11ක ආදරය නෑ මගේ ලග... අදටත් මන් තනියෙන් ඉන්නවා තවම...
@moon.1111.
@moon.1111. Жыл бұрын
කවදාවත් දුකක් වේදනාවක් දැනෙන්නෙ නැ ගොඩක් ආදරේ කරලත් ආදරෙයි නොකිව්ව මිනිස්සු ජිවිතේ කීපදෙනෙක්ම හිටියත් 🙂❤️. එයාල සතුටින් සැනසීමෙන් ජීවිතේ දිනලා ඉන්නවා දකිද්දි ඇත්තටම සතුටු වෙන්න පුලුවන් මං කදුලු හංගලා එයාලට දුන්න ජීවිතේ එයාලට ගැලපෙන ආදරණීය කෙනෙක් එක්ක ලස්සනට විදිනවා දකිද්දි ❤️😊
@pathumikumarika6849
@pathumikumarika6849 Жыл бұрын
Saththai mata aduna me comment eka dakala math oya wagemai hamotama dinana udaw karala loketa penna sathutin idala thaniyema adanawa
@shashi....333
@shashi....333 Жыл бұрын
සිය දහස් වාරයක් හිතුනා අතීතයේ ආපස්සට යන්න පුලුවන්නන් කියලා🥺🥺
@nalinliyanarachchi4023
@nalinliyanarachchi4023 11 ай бұрын
අතීතයේ ආපස්සට යන්නට තිබුනානම් ...2004 දේසැම්බර් මාසෙ එයාගේ ගෙදරින් මට අකමැති නිසා මගෙත් එක්ක යන්න ආපු එයාව ආපසූ ගෙදර යවල මට එතකොට එයාව මගේම කරගන්න පුළුවන් තත්වයක නොසිටි නිසා මම එයාව මග හැරිය හබැයි හිතකින් නොවේ අන්තිමට මුනගැහිලා අවරුදු 19 යි ඒ වෙච්ච දේට දුකයි එයාදැන් හොදින් කියලා මම දන්නවා ඉදිරි අනාගතයට සුභ පතනවා අතීතය සිහිනයක්‌ වගේ ආපසූ හැරෙන්න බැනේ එකයි ජීවීතේ........
@champaperera8487
@champaperera8487 10 ай бұрын
ඔබ ලස්සනට ආදරය දැකපු කෙනෙක් .බොහොම වටිනවා ඔබ වැනි අය
@niroshikadilani1714
@niroshikadilani1714 9 ай бұрын
අවුරුදු 7ක් තිබුනු මගේ පළවෙනි ආදරේ නැතිවෙලා අදට අවුරුදු 3යි දවස් 15යි. ඔයා ගැන කිසිම තොරතුරක් දන්නේ නෑ මම. ඒත් හම්බ උනු මුල්ම දවසෙ වගේම මම තාමත් ඔයාට ආදරෙයි. හැමදාම ඔයාව මතක් වෙනවා. තාමත් මම තනිකඩයි. මැරෙනකන් ඔයාව හිතේ තියන් ඉන්නවා මම
@btsarmygirl604.
@btsarmygirl604. 2 ай бұрын
අතීතයේ , මටත් මේ හෙගීම් බර සින්දුව ඇහෙන විට මගේ අවුරුදු 25 ක ආදරය මතක් වෙනවා. මම තාම තනියෙන්. මගේ ආදරය පරිතයග කරලා ඊ ආදරය හිතේ තියන් ජිවත් වෙනවා. ❤🌹
@Seetha-pj8yi
@Seetha-pj8yi 2 ай бұрын
😢😢😢😢
@sanja-yl9hl
@sanja-yl9hl 6 ай бұрын
මන් පුලුවන් තරම් උත්සහ කරා රත්තරන් ඔයාව අතාරින්නැතුව කොහොමහරි ඔයා ලගම ඉන්න ,ඉවසන්න බැරිම තැන් වලත් ම්න් ගොඩක් ඉවසුවා ,, ඔයා ට මාව ඕනි නැ ඔයාට මාව කරදරයක් කියලා දවසින් දවස ඔයාගෙ කටින් අහන් ඉන්න බැරිම තැනම ඔයාට ඔයාගෙ නිදහස දීලා ම්න් පැත්තකට උනා රත්තරන් ... අදටත් ඔයාට ම්න් ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් ..කොහෙ හිටියත් මොනව කරත් පරිස්ස්මට ඉන්න මගෙ වස්තුවෙ,🥺❤️ ඔයාගෙ තෝත මලයා ඔයාට ගොඩක් ආදරෙයි එදා වගේම.. 🥺💔
@dilinitharuka5272
@dilinitharuka5272 Жыл бұрын
එක් රැස් කළ නුඹගේ මතක තාම හුස්ම ගනී♥️🥺🥺
@harinithilakarathna7640
@harinithilakarathna7640 Жыл бұрын
අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී.....
@samanthachandani2276
@samanthachandani2276 Жыл бұрын
කියාගන්න බැරි ආදරයේ වේදනාව මේලොව කිසිම කෙනෙකුට නොදැනේවා😥😥😥 හිත පාරන song ekak❤❤❤❤❤ ඒත් ආදරෙයි
@mohandarshana7051
@mohandarshana7051 2 ай бұрын
මටත් තියෙනවා මාරම මාර ආදරයක් වචන වලට පෙරලා කියන්න බැරි මිය යනතෙක් මතකයේ රැඳුන ආදරයක් ඉන්න හොදින් සතුටින් මා කෙරු තරම් ආදරයක් කිසිම බවයක ඔබට ලැබෙවි යැයි මා නොසිතයි.....
@Hansa764
@Hansa764 Ай бұрын
සිංදුව දාගන comment කියෙව්වා.ඒ තරම් හැගුම්බරයි..සිංදුව ඉවරවෙලා..මම අහලා නෑ..😢
@AnushaPriyadarshani-tw2cs
@AnushaPriyadarshani-tw2cs 6 күн бұрын
Me sinduw. Achala. Mm godaaak aduwa eywa mathk wela
@Jeewaka3
@Jeewaka3 Ай бұрын
අදහස් කියවූ විට අපේ මිනිසුන් තැවෙන හැටි!😂 කුසලය අකුසලය කුමක්දැයි ඒ අයට අවැසි නැත. සිහින ලෝකවලම එල්බ සීටීමටමයි සිත. එවන් පස්චාත්තාපයෙන් යුත් පසුගාමි හිත් කවදාවත් විශේෂත්වයකට පත් නොවේ. එවන් සමාජයක් පිරිහීම හෝ බංකලොත් ස්වභාය යන කාරණා දෙකෙන්ම මේ රට පිරී පැවතීම අරුමයක් නොවේ.......
@teesha789
@teesha789 Күн бұрын
හම්බුනේ නැති නිසා තමා මෙහෙම කියන්නේ. හම්බුනනම් අතීතයේ හිරවෙලා මේ වගේම හීන දකිනවා වෙන කෙනෙක් ගැන. කලාව සුන්දරයි නමුත් සත්‍ය මේකයි.
@prabathkrishantha9021
@prabathkrishantha9021 Жыл бұрын
අනේ මටත් යන්න තිබනා නම්...දුවලා යන්නේ...එක වතාවක් මම මගේ කැමත්ත ඇහුව්වාම බැහැ කියපු කෙනා අවුරැදු ගානකට පසුව මුන ගැසුනාම ඔයා මට කැමති වුනේ නැහැනේ ඒ කාලේ...එයා දුන්න උත්තරය මට එක පාරක් අහලා තව පාරක් අහන්න තිබ්බනෙ කිව්වා.....එයා තාම බැඳලා නෑ....
@samadhiwasundara9945
@samadhiwasundara9945 9 ай бұрын
කවදාවත් අමතක කරන්නත් බැරි කවදාවත් හිමි වෙන්නෙත් නැති ආදරයක් මටත් තියෙනවා😢
@dulajnirman8621
@dulajnirman8621 Жыл бұрын
ආපස්සට යන්න පුලුවන්නම් දෙපාරක් හිතන්නෙ නෑ... ගිහින් එදා දවස වෙනස් කරනවා.. වැරදි නැති ඔයාට නිකරුණේ දොස් කියන්නෙ නෑ.. අද ඔයා මගේ ලග නෑ.. ඒත් මං ඔයාට ගොඩක් ආදරෙයි... හිතේ තිබුන ආදරේ ගැන කියනවා කොහොමහරි සත්තයි ජීවිතේ ආපස්සට යන්න පුලුවන්නම්
@chathuri638
@chathuri638 5 ай бұрын
ප්‍රේමය නම් තේරුමක් නොමැති දෙයකී ❤️ මා හා ඔහු ප්‍රේමයෙන් බැදුනේ වසර පහකී , ප්‍රේමයට ආරම්භයත් අවසානයක් සනිටුහන් වුයේ නුවර වැවරවුම තුලය , ඔහු අන්‍යආගමික වූවත් මා ඔහුට ප්‍රේම කලේ ඔහු සතු වූ නිමා කල නොහැකි සෙනෙහසට ලොල් වූ නිසාය , නමුත් සියල්ලන්නට ඉහලින් දෙමාපිය සෙනෙහස වැඩි බව හෙලි කරමින් ඔහු ගිහින් අදට වසර 4කී ❤️.... තාමත් ඉදහිට ඔහු දකින විට ඔහු අතැගිලි බැදී අගනා ස්ත්‍රියකී ,... මා දැකූ සිහිනයකි සිටී පුන්චී දුවෙකී , ප්‍රේමය අර්ථ නොමැති දෙයක් වන්නේ මා තාමත් ඔහුගේ ජීවිතය දෙස බලා සතුටු වන නිසා විය හැකිය ..........❤️ අතීතය, වර්තමානය , අනාගතය මා ඔහුගේ සිහින තුල ජීවත් වන්නේ ඒ නිසා වෙන්න ඇතී .. තාමත් හවසට වැවරවුමේ හිදගෙන නුබ සහ දුව බිරිද දැක අහින්සක හිනාවකින් මුන සරසගන්නෙ ඒ ප්‍රේමය නිසා වෙන්න ඇති ❤️😊
@DiliniMadushika897
@DiliniMadushika897 5 ай бұрын
😢❤
@emeraldtv8410
@emeraldtv8410 5 ай бұрын
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
@chathuri638
@chathuri638 5 ай бұрын
@@emeraldtv8410 🥺❤
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 5 ай бұрын
පිස්සු හැදෙනවා නේහ්.. 🥺🥺
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 5 ай бұрын
ඒ ආදරේ.. 👌👌❤️
@Teelsh2004
@Teelsh2004 9 ай бұрын
මැයි මාර ප්‍රසංගය😖😞💗
@pavithrasajeevani3730
@pavithrasajeevani3730 2 жыл бұрын
Very beautiful and touching lyrics 😍
@ChathuYapa
@ChathuYapa Ай бұрын
අදට අවෘදු 10 යි මගේ සමීර අයියේ ඔයාගෙන් වෙන්වෙලා...ඔයා මගෙන් වෙන් උනත් ඔයාට කියාගන්න බැරි උන දෙයක් මන් මැරෙන්න මොහොතක් තියලා හරි කියන්න ඔයා කතා කරනකල් බලන් ඉන්නවා😢
@Jeewaka3
@Jeewaka3 7 күн бұрын
දකින දකින දෙස බලන බලන දෙස පාරෙදි මගතොටෙදී පෙනුනේ මාධ්‍ය තුලින් මනුස්ස සිත කුසීත වී පිරිහී ගියේ මන්දැයි නොදනිමි.... නොහැකියි ආපස්සට යන්නට අතීතයේ සිහින දකින අනාගතය තවම පැමිණ නැති.... කලයුතු දේ මේ මොහොතේ නොකරන තුරු විවර නොවේ දියුණුවේ මාවත... ජීවක...
@adithyagaweshani7789
@adithyagaweshani7789 6 ай бұрын
එක් රැස් කල නුඹේ මතක තාම හුස්ම ගනි💔😢
@tharakawijesinghe7716
@tharakawijesinghe7716 5 ай бұрын
@MaheshPathirana-g9d
@MaheshPathirana-g9d Жыл бұрын
අන්තිමට දැකල අවුරුදු 19.eka පන්තියේ එකට අකුරු kala.හිතේ තියාගෙන හිටියේ .කිව්වොත් තරහ wei කියලා .eka kude යටින් .gurupare ගිය හැටි .eth kiyaganna බැරි una.මම ada 9000km දුරකින් හිටියත් .me ගීත නිසා මතකය අලුත් wenawa.ලස්සනයි
@nihalpremakumara3535
@nihalpremakumara3535 Жыл бұрын
මටත් ආපස්සට යන්න පුළුවන් නම් මම යන්නේ 1976 අවුරුද්දට. කොච්චර ලස්සන කාලයක් ද ? එයා අපේ ගෙවල් ලඟ. එයාගේ තාත්තාට ස්ථාන මාරුවක් ලැබිලා මොණරාගල ගියා. ඒ කාලේ කොයින්ද cell phones..sms..e mail? අපිට අපි මග ඇරුනා. ලඟදී ආරංචි උනා Facebook එක මාර්ගයෙන්... පිලිකාවක් හැදිලා එයා මැරුණා කියල. මට දැනුනේ ශෝකය විස්තර කරන්න බෑ. මට දැන් 65 ක්...සංසාරේ හැටි..
@wasanaishani4840
@wasanaishani4840 Жыл бұрын
😢
@abayakumarawasantha2517
@abayakumarawasantha2517 Жыл бұрын
Malaunge Nagaraye... Mamai..... Mamai..... Hamu Wunaa Malaunge Nagaraye Obai..... Obai.... Hamu Wunaa.
@milanfernando2071
@milanfernando2071 Жыл бұрын
Paw
@abayakumarawasantha2517
@abayakumarawasantha2517 Жыл бұрын
@@milanfernando2071 thanks 🙏
@sunethrasenadheera4426
@sunethrasenadheera4426 Жыл бұрын
මාත් යන්නෙ පුලුවන් නම් 1977 ට. 😥😥
@dilinithakshila355
@dilinithakshila355 Жыл бұрын
අපිට සිතින් ආපසු හැරෙන්න පුලුවන්...ඒත් ඡීවිතෙන් අපිට ආපසු යන්න බෑ....වැරදුන තැන් හදාගෙන අපිට ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය වටපිටාව අපිට ම හදාගෙන ඉස්සරහට යන්න වෙනවා....අතීතය මතක් වෙනකොට ලොකු වේදනාව ක්...
@wasanthakumara6919
@wasanthakumara6919 Жыл бұрын
සමහර දේවල් ඒ විදිහටම උන එකත් හොඳයි, හිමි නැති දේවල් හැමදාම වටිනවා...😢
@dilinithakshila355
@dilinithakshila355 10 ай бұрын
ඒක ඇත්ත කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මම අතීතයට යන්න පුළුවන්නම් මම යන්නේ මගේ තාත්තා ලඟට.මොකද තාත්තා තරම් ආදරය කරපු කෙනෙක් මිහිපිට නොමැත...ඒත් එයා මාව සඳහටම දාලා ගිහින් අවු.37 ක්...මට අවු. 5 ඉන්න ලැබුණේ...තාත්තා ලඟ...මම ගොඩක් ආදරෙයි තාත්තේ
@wasanthakumara6919
@wasanthakumara6919 10 ай бұрын
@@dilinithakshila355 අනිවාර්යයෙන්ම...දෙමාපියන්ගේ ආදරය ලෝකේ කිසිම කෙනෙක් ළඟ හොයාගන්න බෑ, ඒක තමයි ලෝක ස්වභාවය....
@gothamisakitha1398
@gothamisakitha1398 6 ай бұрын
අනේ මටත් එයාව නවත්තගන්න බැරි උනා.තාමත් මම ඒ මතක එක්ක ජීවත් වෙන්නේ .මට කවදාවත් ඒ මතක ඒ ආදරය අමතක කරන්න බෑ අනේ ආයෙමත් එකම එක දවසක් මට හම්බෙන්න එයාව
@Shegiproduction
@Shegiproduction 19 күн бұрын
අතිතයේ ආපස්සට යා හැකිනම් හැරී ඔබෙයි මගෙයි මුනගැසීම වලකමි මම මැරී
@DSharmila-m3v
@DSharmila-m3v 16 күн бұрын
එක්රැස් කළ නුඹේ මතක මහවැලියට දමා යමි
@nuwanchinthaka2292
@nuwanchinthaka2292 Жыл бұрын
අන්තිමට දැකල අවරුදු 17ක්‌. පාසල් ප්‍රේමය. මම එයාට ගොඩාක් ආදරේ කරා. ඒත් මට එයාට කියන්න බය හිතුන,ලගදි එයා මට කතා කරා, මම දැන් බැදලා බබාලා දෙන්නෙකුගේ අම්මා කෙනෙක්, එයා කතා කරාම මට හැමදේම අමතක උනා, ඒත් මම තේරුම් ගත්ත ආයෙ මට හැරෙන්න බෑ කියල,මගෙ මුළු ආත්මෙන්ම එයාට ආදරෙයි. ඉන්න තැනක හොදින් ඉන්න රත්තරන් ❤️
@dmniro
@dmniro Жыл бұрын
🙏❤️🙏 එක් රැස්කල නුබගේ මතක තාම හුස්ම දනි😔
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 2 ай бұрын
සිතින් මකා දමන්නට නොහැකිව ලතවන කුසල් නොවන අතීත සැමරුම් දුකක්ම බව දැන නොවෙතත් කුසල් අනාගත සිහිනත් දුක්මබව දැන ලද සතුටෙන් ජීවත් වී ගෙවනා කාලය සැනසුමකි.... ගුණ නැණයෙන් යුත් සිතිවිලිවල මතකයන් අවදි වේද...එවන් සිතුම් අනාගතේ ගෙනේ වාසනා ධහමින් පිරි ජීවිතයක් ලද හැකිනම් හැමදාමත් ගෙනෙනා ඒ සැනසුම් ජීවිතයට ගෙනේ වාසනා.... ජීවක....
@aruna12322
@aruna12322 2 ай бұрын
අදට ඔයාව දැකලා අවුරුදු 9 ඔයා අම්මා කෙනෙක් ඒත් මම තාම ඉස්සර වගේමයි තිනියම. සතුටින් ඉන්න. ඔයයි මට කියලා දුන්නේ ආදරය කියන්නේ හිමි කර ගැනීමම නෙවෙයි කියලා.
@RaveenJ
@RaveenJ 4 ай бұрын
පැරදුන හැමෝම දිනුව නම්
@samsanfernando9516
@samsanfernando9516 Жыл бұрын
එක් රැස් කල නුබගෙ මතක තාම හුස්ම ගනී.
@niwanthisasinika2074
@niwanthisasinika2074 Жыл бұрын
කෑ ගහලා අඩන්න හිතෙනවා..
@BpCHANDU-io6qg
@BpCHANDU-io6qg 5 ай бұрын
අතීතය ආපස්සට ගන්න පුලුවන් වුනානම්... මම ඔබට ආදරෙයි කියපු ඒ දවසෙ ආදරෙයි නොකියා ඉන්න තිබුනා...එහෙනම් ඔයාට ඕනි විදියට මට හොද යාලුවෙක් සහෝදරයෙක් විදියට ඔයා ලගම ඉන්න තිබුනා ❤️‍🩹😔
@KAWIJARASHMITHA-gx9lo
@KAWIJARASHMITHA-gx9lo 6 күн бұрын
මටත් මගෑරුන ආදරේ හම්බුනා අවුරුදු 19කට පස්සෙ . ඒත් මං නිසා ඒ ජීවිතේ කාලකන්නි වෙලා කියලා දැනගද්දි, ලස්සනට ජීවත් වෙන්න හිටිය මනුස්සයෙක්ගෙ ජීවිතේ හැඩිවෙලා කියල දැනෙද්දි ,ඊටත් වඩා ඒ හිතේ ඒ ආදරේ එහෙමමයි කිය්ලා දැනගනිද්දි දැනෙන වේදනාව .......ඒක මං මේ වෙලාවෙ විදිනව
@තරා-Official2004
@තරා-Official2004 5 күн бұрын
මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කලින් පොඩ්ඩක් හිතපම්. බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ හිත මුලු ජීවිතේම විදවනවා අතෑරලා ගිය එකා ආතල් එකේ ඉන්නවා👍 pake ලෝකයක් මේක
@Ashani-H
@Ashani-H Ай бұрын
🥺 ආපස්සට යන්න පුළුවන් උනානම් හොදා ඒත් ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් නේ .. 🙂❤ .... කාලය කොහොම කොච්චර ගත උනත් ආදරේ නම් හිත ඇතුලෙ ඒ කාලෙ තිබුන විදියටත් වඩා වැඩියෙන් තියනවා ...මතක හැමදාමත් අලුත් ❤ 🥺
@iru-ambalangoda
@iru-ambalangoda 6 ай бұрын
රලු පිරිමි පපුවකත් මතක අවුස්සන අකුරු එකතුව කාටවත් නොපෙනෙන රෑක හොරාට රැවුල් ගස් අස්සෙන් වැටුන කඳුලු පිහිදුවට පලක් නෑ 😢
@sepalikasepalika6182
@sepalikasepalika6182 Жыл бұрын
අවුරුදු 26 ක් ආපස්සට යන්න පුළුවන් නම් එක දෙයක් වෙනස් කරනවා...අදටත් ඒ ගැන හිතලා ජීවිතේ මාර විදියට විදවනවා...
@anusasanjiwani2034
@anusasanjiwani2034 Жыл бұрын
❤❤
@user-bt5373
@user-bt5373 Ай бұрын
එක් රැස්කළ නුබේ මතක තවම හුස්ම ගැනී
@naveenchaminda94
@naveenchaminda94 6 ай бұрын
මාර විදිහට හිතට වදිනවා
@gayanisajeewanialwis3276
@gayanisajeewanialwis3276 Жыл бұрын
නුඹේ මතක හිත ඇතුළේ පරිස්සම් කරගෙන කදුළු හංගගෙන ඉන්නම් හැමදාම.නුඹේ සතුට වෙනුවෙන්.
@kokiladissanayaka1223
@kokiladissanayaka1223 Жыл бұрын
😭😭😭👍🌹💯💯💯❤️❤️❤️
@BeliveArts
@BeliveArts 6 ай бұрын
ඒවන් ප්‍රේමයක් සංසාරේ කිසිම දිනක මා හට මුන නොගැසේවා 💔
@BeliveArts
@BeliveArts 6 ай бұрын
@@dilandeepthaabhishek163ඔව් වටිනම දේවල් වෙන කෙනෙක්ට දිලා හිත හදාගත්ත මිනිස්සු අපි❤
@isuruekanayaka903
@isuruekanayaka903 6 ай бұрын
බලන් ඉන්නවා..මොකද මතක තාම අලුත්❤‍යන්න ගියේ ආයේ එනවා කියලා..සමහර කඩයිම් වලට අපි ඉඩදීලා බලන් ඉන්න ඕනි..
@dilandeepthaabhishek163
@dilandeepthaabhishek163 6 ай бұрын
@@BeliveArts ඒක ඇත්ත❤
@Hiroshan2009
@Hiroshan2009 Жыл бұрын
"අතීතයේ ආපස්සට යා හැකි නම් හැරී හිතේ තිබුණ ආදරේ ගැන කියමි කොහොම හරී..."
@isurikarathnayaka2615
@isurikarathnayaka2615 2 ай бұрын
හැම වචනයක්ම මගේ 🥺🥺🥺
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
මටත් හිතෙනවා , අතීතයට යන්න. සුන්දර campus කාලය. එහෙනම් , මම එයාට ආදරය කියලා කියනවා. එහෙනම් , මම මෙහෙම දරුවත් එක්ක තනි වෙන්නේ නැහැ . ඒත් අතීතයට යන්න බැහැ . මේ ගීතය මටම කියුව එකක් වගේ .
@moon.1111.
@moon.1111. Жыл бұрын
😒❤️
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
😥😥
@TechNoD24.7
@TechNoD24.7 3 ай бұрын
සිංදුව ලස්සන උනාට මතක එක්ක තනි වෙන එක ලස්සන නෑ. ඒකෙ දන්නෙ තනි උන මිනිහෙක් විතරයි
@GayanKumara-t7l
@GayanKumara-t7l 3 ай бұрын
අනේ මේක අහද්දී එකින් එක මතක් වෙනවා අවුරුදු 21ක අතීතය ඇහුවෙ කිව්වෙ නැති උනාට එතනින් ජීවිතේම වෙනස් උනා ....ඒත් එයා දන්නෙත් නෑ කමක් නෑ... ඒ ආදරය හිතේම තිබ්බදෙන්... එලියට ආවොත් විනස වෙයි හැමදේම..
@MrMashi1984
@MrMashi1984 3 ай бұрын
සුභාවිත ගීතයට කල ඉහල සාධාරණ පද වැලක් එක්ක මිමිනු මහා හඩ පෞර්ෂයක්.❤❤ නිර්මාණයට නිර්වචනය ගීතයේ භාවය තුලින්ම හිත් වලට කා වැද්දීම ඉතා විශිෂ්ඨයි... නිහැඩියාව එක්ක විදින්න පුලුවන් ලස්සන නිර්මාණයක් ❤❤
@Piyumichamo
@Piyumichamo Ай бұрын
ආදරෙ කියන්නෙම මිනිස්සුන්ගෙ ජීවිතේ අහිමිඋනු ජීවිතයක්මයි ඒකයි මෙච්චර දැනෙන්නෙ 🥺🫀
@lewkmax440
@lewkmax440 9 ай бұрын
අතීතයේ ආපස්සට ඇත්තටම යන්න පුලුවන්නම් මගෙ රත්තරන්ට් මගේ ආදරේ දැනෙයි. කමක් නැ මැනික ඉන්න කෙනෙක් එක්ක පරිස්සමින් .ඉන්න.ඔයාගෙ මතකත් එක්ක මන් ජීවත් වෙන්නම් මැනික ඒ ඇති මට 😪😘😘ආදරෙයි
@sujanidissanayake3405
@sujanidissanayake3405 Жыл бұрын
සමාවෙන්න කියලා පව් පුරෝගන්න මන් බයයි ...ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න
@Chathu_imaya
@Chathu_imaya 11 ай бұрын
අතීතය ආපස්සට යන්න පුළුවන් උනා නම් කුල මල වලට යට උන අපේ ආදරේ නැති කරගන්නේ නෑ
@harindramohottala4550
@harindramohottala4550 Жыл бұрын
අවුරුදු 35 කට කලින් කියන්න තිබුනා ... මං හිතුවා ඒක ඒකපාර්ශවික ආදරයක් කියලා .. මට වැරදුනා ..
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q 4 ай бұрын
ව් අවුරුදු 35ක්...😢
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
ගීතය ඉතාම මිහිරියි.ස්තූතියි
@anushkaperers6670
@anushkaperers6670 2 ай бұрын
යා හැකි වුනානම් ආපස්සට වසර 17 පමන කාලයක් එක හිතින් කරන මේ ප්‍රේමය ගැන ඔයාට කියලදෙන්න තිබුනා .ඒක පාර්ශ්වික ආදරේ තරම් වේදනාකාරී සහ සුන්දර හැගීමක් ලොවේ තවත් තිබේද , කාලය ඒ හැගීම් සමගින් ඉදිරියට ගියත් ඒ ප්‍රේමය එසේමය .
@kumarijayakodi3842
@kumarijayakodi3842 Ай бұрын
අනිවාර්යයෙන්ම 🥺
@thilinamallawaarachchi9617
@thilinamallawaarachchi9617 Жыл бұрын
පුදුම පද රචනා අප්පා මේවා.........
@JenukiAhassna
@JenukiAhassna Жыл бұрын
Aithikaraganna බැරි ආදරයක් ගොඩක් අයට තියෙනවා
@jayanthachandrasiri4378
@jayanthachandrasiri4378 Жыл бұрын
❤hummmmmmmmm😊🎉
@PiumaliKumarasiri
@PiumaliKumarasiri 8 ай бұрын
මටත් තියෙනවා කවදාවත් හිමි වෙන්නැති ඒ උනත් පනටත් වඩා ආදරේ කරන පන තරම්ම ආදරේ කරන ලස්සන ආඅරයක්😍😍😍 ඒක මගේ ජීවිතේ
@Sadaruwan611
@Sadaruwan611 5 ай бұрын
ජීවිතේ දරාගන්න බැරි තිබ්බ දුක් තිබ්බ කාලෙක මන් ලගට ඇවිත්,අම්මා කෙනෙක් වගේ ළගින් ඉදලා,කවදාවත් නොදැකපු නොහිතපු විදියේ අවංක ආදරයක් දීලා මගේ වැරදි නිසා මට නැතිවුනු ඔයාට මම අදටත් ආදරෙයි....වෙන කවුරු වෙනුවෙන් වත් ආයෙමත් කිසිදවසක ආදරයක් ඇතිවෙන එකක් නෑ...ඔය ජීවිතේ මගෙන් අයින්වුනාම සතුට ලැබුනු එකට ආස කරපු කෙනාම ආස කරපු ජීවිතේම ලැබුනු එකට මන් සතුටුවෙනව මගෙ රත්තරන් ......ඉන්න තැනක ඔයා හොදින් ඉන්නයි ඕන....ඇහැටවත් නොදැක,මේතරම් ආදරේ කරාට ඔයාට ගොඩක් පිං ! " එක් රැස් කළ නුඹගෙ මතක තාම හුස්ම ගනී ! " ❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 830 М.
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН