Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Lyric Video 1980

  Рет қаралды 150,582

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

2 жыл бұрын

Thunhele Kele Thula(තුන්හෙළේ කැලෑතුළ)
Original Artiste: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Artwork: Sathyaye Geethaya Album
ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් ගුවන් විදුලි සරළ ගී වැඩසටහනක් සදහා මුලින්ම මා නිර්මාණය කළේ "තුන් හෙලේ කැලෑතුල" ගීතයයි. ඒ 1980 දී.
මේ පටිගත කිරීම සිදුකළ අවදියේම ඇය සමග මා ගිය එංගලන්ත චාරිකාවේදී මේ ගීතය ගයමින් ඇය අති මහත් රසික ආකර්ශනයක් දිනාගත් අතරම එවකට ආධුනික ගීතනු රචකයෙකු වූ මටද මේ සදහා ලැබුනේ ගෞරවණීය ප්‍රසාදයකි.
රට අතැර ගොස් එහි ජීවත්වන ජනතාවට යම් අයුරකින් සියුම් ලෙස එල්ලකළ උපහාසයක් මේ තුළ අන්තර්ගත කොට තිබීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුවිශේෂ දක්ෂතාවකි.
එමෙන්ම අද රටතුල පවතින තත්ත්වය අනුව රට අතැර යන්නට තීරණය කරමින් සිටින බොහෝ අයටද මේ ගීතයේ වටිනාකම දැනෙමින් තිබෙන බවද කිවමනාය.

Пікірлер: 111
@thinkermax6478
@thinkermax6478 2 жыл бұрын
බොහෝ දෙනා මෙම ගීතයේ තනුව නිසා මේක රණවිරු උපහාර ගීතයක් කියලා රැවටෙනවා. ඇත්තටම මේක දේශාභිමානී ගීතයක් වගේම ලංකාවේ බුද්ධිගලනය පිළිබඳව කියවෙන අපූර්ව ගීතයක් . අප ධජයේ ඉන්නා සිංහ පැටවුන්ට ජයෙන් ජය වේවා .!
@Induwara
@Induwara 2 жыл бұрын
මේ යන විදිහටනම් ඉක්මනටම මොනව හරි කළේ නැතිනම් ධජයේ ඉන්නා සිංහ පැටවු පැනල ගිහින් ධජයට තරු හරි කරත්ත රෝදයක් හරි එන්න බැරිත් නෑ....
@KM-tq1jo
@KM-tq1jo 2 жыл бұрын
@@Induwara ඔව් අඩ සදක් එන්නත් බැරි නෑ.
@Caldeira198
@Caldeira198 2 жыл бұрын
ජේවීපී කලබල කාලේ හදපු සින්දුවක්. එච්චරයි මම නම් අහල තියෙන්නෙ.
@SKWelagedara
@SKWelagedara 2 жыл бұрын
ඇත්තටම මේක දේශාභිමානී ගීයක් නෙවෙයි.. (නන්දා මාලනියගේම රට කරවන්ට නම් වැනි ගීත වගේම) රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන උපහාසයෙන් කතා කිරීමක් තියෙන්නෙ.. අනෙක් අතට, ඒ මතුකරන උපහාසයේ අරමුණ රට බේරාගැනීම නිසා මෙවැනි ගීතත් දේශාභිමානී ගීත තමයි.. චිත්‍රපට වලත් වීරයින් හා ප්‍රතිවීරයින්/විවීරයින් (heroes & anti-heroes) ඉන්නෙ. අපිත් සමහරවිට වඩා කැමති වෙන්නේ සාම්ප්‍රදායික නීති හා රාමු බිඳගෙන අරමුණ ජයගන්න ප්‍රතිවීරයින්ට, සෘජු වීරයින්ටත් වඩා... ඒ වගේම, සෘජු දේශාභිමානී ගීයකට වඩා, මෙවැනි උපහාසාත්මක ආමන්ත්‍රණයක් තුලින් සමාජයේ ඇති කල හැකි කම්පනය ප්‍රබලයි (ඒ අර්ථය නිවැරදිව වටහා ගත්තොත්..).. තනුව නිසාත්, මුල් පද දෙක අතර පද බෙදා කියවෙන ආකාරය නිසාත් බොහෝ දෙනා මෙය සෘජු දේශාභිමානී ගීයක් ලෙස රැවටෙනවා.. නිදහස් දිනේ වැනි උත්සව වලදී පවා, හමුදා තූර්යවාදන කණ්ඩායම පවා මෙය වාදනය කරනවා, අර්ථය වරද්දගෙන🤣.. එහි කියවෙන්නෙ 'තුන්හෙලේ කැලෑතුළ තවදුරටත් සිංහයින් නෑ... උන් රට දාල ගිහින් .. කූඩු කරල ඉන්න සිංහයින්ටත් මේ සිංහල මිනිස්සු දැක්කම ලැජ්ජයි. මොකද මුං සිංහ රජ්ජුරුවන්ගෙන් පැවතෙන ජාතියක් නම් අනුන්ගෙ ඉඳුල් කාල ජීවත් වෙන් නෑ, බඩගින්නෙ හිටියත්. අපේ කොඩියෙ ඉතුරුවෙලා ඉන්න සිංහයත් මේ රට දාල යන්න කලින්, පිටරටවලින් හිඟා කන එක නවත්තලා, කම්මැලි නොවී වැඩ කරල රට දියුණු කරපල්ලා..' "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් .." ලෙස නොව "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්, නැත උන් රට අතැර ගොසින් .." ලෙස අපට ඇසෙන නිසා වැරදි අර්ථයක් මතුවෙන්නෙ... තනුව හා වාදනයත් දේශාභිමානී ස්වරූපයක් තියෙන්නෙ.. ඒකෙන් බොහෝ දෙනාට ගීතයේ අර්ථය වටහගන්න බැරිවෙනවා.. @Dr.Rohana Weerasinghe official මේ lyrics video එකේදි හරි බොහෝ දෙනාට තේරුම් ගන්න හැකි වන ලෙස නිවැරදිව පද බෙදා දැම්මොත් ගීතයේ වටිනාකම තවත් වැඩිවෙයි..
@mathemagics4497
@mathemagics4497 2 жыл бұрын
@@Caldeira198 iita kalin haduwe.
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 2 жыл бұрын
අඩුම ගානෙ කසිකබල් රේඩියො නාලිකා වල මෙවැනි ගීත ප්‍රචාරය උනා නම් මෙවන් අමන පාලකයින් අප රටේ පත් නොවනු ඇත 💔
@vimukthikumara1419
@vimukthikumara1419 2 жыл бұрын
ලංකාව කියන්නෙ අම්මා කෙනෙක් නම් මේ ඇගේ හඩ ..🙏🙏❤️💐
@MalithWellhealthandfitnes
@MalithWellhealthandfitnes 16 күн бұрын
❤❤❤❤❤
@srilankan436
@srilankan436 2 жыл бұрын
අප රටේ සැඟව සිටිනා සිංහ පැටව් යලි අවදීවන කාලය එලබ ඇත...❤️❤️❤️
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
ශ්‍රී ලාංකික සන්ගීතයෙ නිර්භීතම කාන්තාව. වර්තමාන කලාකරුවන්ට මෙතුමියගේ නිර්භීත කමින් 10%ක් වත් තිබ්බානන් දේශපාලනට වන්දිබට්ටකම් කරන කලාවක්, මිනිසුන් බිහිවෙන්නේ නෑ 😬
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 2 жыл бұрын
නොවේ මෙවන් හඩක් සම කිරීමට ...ඔබයි ජාතියේ අනන්‍යතාව ...බුදු සරනයි දීර්ගායු ...මව්නි
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
❤ඉස්සර ඉස්කෝලෙ බෑන්ඩ් එක මේ සිංදුවේ වාදනය කරද්දි හරිම ආසාවෙන් අහන් ඉන්නව. ඒක ආයම මතක් උනා....❤
@bandulasenevirathna3433
@bandulasenevirathna3433 2 жыл бұрын
බුද්ධියට සහ රසවින්දනයට එකවර රැගෙන යන එඩිතර, ස්වාධීන කලාව. හදවතින්ම කෙරෙන ගෞරවයක් - ලියූ ගැයූ ඔබ දෙපලටම.
@samanmaleejayawardhana2247
@samanmaleejayawardhana2247 2 жыл бұрын
ඒ කටහඬ ට ආදරෙයි හැමදාමත් ❤️💐
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
❤❤❤❤❤❤
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
මේ ගීතය කොරියාවේ සිට ෆේස්බුක් වෙත අප්ලොඩ් කල නොහැක. මේ උතුම් ගීතය ෆේස් බුක් වෙත අප්ලොඩ් කලහැකි වෙන අයුරින් සකසා දෙන මෙන් උගත් බුද්දිමතුන්ගෙන් ඉල්ලා සිටිමි. මෙම ගීතයට වාරන පැනවී ඇත. එහෙත් මෙම ගීතය සමස්ත පොදු ජනතාවගේ හඩයි
@The_Mind_Journey
@The_Mind_Journey 5 ай бұрын
try some VPN
@mohomadrifath7393
@mohomadrifath7393 2 жыл бұрын
විඳින්නට පුලුවන් සාහිත්‍යයක අවසානය.වචන,සංගීතයෙන් ලෝකය විඳින්නට වැඩ කරන්න පුලුවන් කියන දෙයට හොදම උදාහරණයක්.සදාතනික ජයක්ම වේවා ❤️❤️❤️
@dhammakusala7940
@dhammakusala7940 2 жыл бұрын
මෙයින් කියවෙන්නේ උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ රට අතහැර යෑම යාම පිළිබඳවයි
@SKWelagedara
@SKWelagedara 2 жыл бұрын
ඇත්තටම මේක දේශාභිමානී ගීයක් නෙවෙයි.. (නන්දා මාලනියගේම රට කරවන්ට නම් වැනි ගීත වගේම) රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන උපහාසයෙන් කතා කිරීමක් තියෙන්නෙ.. අනෙක් අතට, ඒ මතුකරන උපහාසයේ අරමුණ රට බේරාගැනීම නිසා මෙවැනි ගීතත් දේශාභිමානී ගීත තමයි.. චිත්‍රපට වලත් වීරයින් හා ප්‍රතිවීරයින්/විවීරයින් (heroes & anti-heroes) ඉන්නෙ. අපිත් සමහරවිට වඩා කැමති වෙන්නේ සාම්ප්‍රදායික නීති හා රාමු බිඳගෙන අරමුණ ජයගන්න ප්‍රතිවීරයින්ට, සෘජු වීරයින්ටත් වඩා... ඒ වගේම, සෘජු දේශාභිමානී ගීයකට වඩා, මෙවැනි උපහාසයාත්මක ආමන්ත්‍රණයක් තුලින් සමාජයේ ඇති කල හැකි කම්පනය ප්‍රබලයි (ඒ අර්ථය නිවැරදිව වටහා ගත්තොත්..).. තනුව නිසාත්, මුල් පද දෙක අතර පද බෙදා කියවෙන ආකාරය නිසාත් බොහෝ දෙනා මෙය සෘජු දේශාභිමානී ගීයක් ලෙස රැවටෙනවා.. නිදහස් දිනේ වැනි උත්සව වලදී පවා, හමුදා තූර්යවාදන කණ්ඩායම පවා මෙය වාදනය කරනවා, අර්ථය වරද්දගෙන🤣.. එහි කියවෙන්නෙ 'තුන්හෙලේ කැලෑතුළ තවදුරටත් සිංහයින් නෑ... උන් රට දාල ගිහින් .. කූඩු කරල ඉන්න සිංහයින්ටත් මේ සිංහල මිනිස්සු දැක්කම ලැජ්ජයි. මොකද මුං සිංහ රජ්ජුරුවන්ගෙන් පැවතෙන ජාතියක් නම් අනුන්ගෙ ඉඳුල් කාල ජීවත් වෙන් නෑ, බඩගින්නෙ හිටියත්. අපේ කොඩියෙ ඉතුරුවෙලා ඉන්න සිංහයත් මේ රට දාල යන්න කලින්, පිටරටවලින් හිඟා කන එක නවත්තලා, කම්මැලි නොවී වැඩ කරල රට දියුණු කරපල්ලා..' "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් .." ලෙස නොව "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්, නැත උන් රට අතැර ගොසින් .." ලෙස අපට ඇසෙන නිසා වැරදි අර්ථයක් මතුවෙන්නෙ... තනුව හා වාදනයත් දේශාභිමානී ස්වරූපයක් තියෙන්නෙ.. ඒකෙන් බොහෝ දෙනාට ගීතයේ අර්ථය වටහගන්න බැරිවෙනවා ..
@buddikaprasanna4959
@buddikaprasanna4959 2 жыл бұрын
එදාට කෙසේ වෙතත් අදට ගැලපෙන ගීතයක්
@pearlhettige8052
@pearlhettige8052 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන සින්දු එතරම්ම හැඟීම් බරයි ලස්සනයි
@nirmalaranaweera4312
@nirmalaranaweera4312 2 жыл бұрын
කොච්චර ඇහුව ත් එපා නොවෙන ගීතයක්.....බොහොම ස්තූතියි...ඔබ සැමට .... මෙවන් ගීත අපිට අසන්නට ලබා දීම ගැන...
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
එඩිතර සිංහයන් නැගිටිව් ❤🇱🇰❤
@muthuperera6244
@muthuperera6244 2 жыл бұрын
සින්හ පැටව් 🌎 පුරා ඉන්න දවසක එනවාමයි
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
හරිම හැගුම් බර සින්දුවක් .🙏🇱🇰❤
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
මේ වගේ ගීතයක් නැවත ඕනේ කාලේ එලබිලා තියෙන්නේ.. දෙස්පලුවෝ පස්සේ තාමත් යන මෝඩ වහල්ලුන්නෙ ඔලුවට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ගීතයෙන් මොකද බහුතරයක් ඉන්නෙ සිනමා මානසිකත්වයෙන් එකයි මේ රට අගාදයට දිනෙන් දින යන්නේ
@hasitharanasinghe6399
@hasitharanasinghe6399 Жыл бұрын
how relevant this song to the current situation of sri lanka...my uttermost respect to Prof. Sunil Ariyaratne who is way ahead of most of us
@NilakshiMaduwanthi
@NilakshiMaduwanthi 19 күн бұрын
එඩිතර කාන්තාවක් ❤
@melaniyasodhara3090
@melaniyasodhara3090 2 жыл бұрын
මේක වර්තමානයට ගැලපෙන හොඳටම ගැළපෙන ගීතයක් 👌👌❤
@gorthamora
@gorthamora 2 жыл бұрын
Thank you, dear Lady! My heart weeps when I hear her voice because I am away from my beautiful motherland never ever return back as I was chased out by dirty murderous politicians where they sell and kill us for them to rob and rape my island and my people,,, Chase these MALAYALIS out from our Sinhala Island!
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Niyamai 🙏🙏🙏🙏🙏❣❣❣❣❤❤❤❤
@lahirusamp3731
@lahirusamp3731 2 жыл бұрын
දැන්නම් සිංහ පැටවු බලු පැටවු වෙලා ඉන්නෙ.......😀😀😀😀
@bawanthathennakoon3662
@bawanthathennakoon3662 2 жыл бұрын
ඒක තමයි ගීතයේ තේරුමත්
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Very beautiful meaningful song. 🙏❤
@srilanka5819
@srilanka5819 2 жыл бұрын
අපේ කොල්ලො දැන්නමි නියම සිංහයින් , ජයවෙීවා අරගලයට!
@rv3540
@rv3540 2 жыл бұрын
Mewa ahadsi ena hagima kiyanna wachana na api bashawen duppath e taramata ❤️❤️❤️
@ravidilshan3806
@ravidilshan3806 6 ай бұрын
Hmadam ahna lassana සිංදු w
@danushkaanuhas5024
@danushkaanuhas5024 2 жыл бұрын
Wowwwwww
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 2 жыл бұрын
තෙරුවන් සරනයි
@chamidusandeep6201
@chamidusandeep6201 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏ස්වාමීන් වහන්ස
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Great 👍🏼🇱🇰❤️
@rividusilva6639
@rividusilva6639 Жыл бұрын
Ape amma mata ayage geetha ahanna dunna Mama dn mage puthata ahanna denawa
@user-gr1vt9wl1d
@user-gr1vt9wl1d 2 жыл бұрын
Wow super ...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌👌👌👌👌
@gayanperera5127
@gayanperera5127 2 жыл бұрын
දැන් සිංහ පැටවු වෙනුවට ඉන්නෙ බත් බැලයෝ.
@antonperera1436
@antonperera1436 2 жыл бұрын
Great madam...🙏🎁👩‍🎓💐💯👍🖐
@wasanthaariyathilaka5678
@wasanthaariyathilaka5678 2 жыл бұрын
අම්මෙ ඔයාගෙ කතාව අපි ඉටු කරන්නෙමු
@Induwara
@Induwara 2 жыл бұрын
Godak aya meka Army song ekak kiyala hithan inne.... Meka ranawiruwanta kiyana sinduwak newei. Poddak hondata ahanna.... Sinhalaya karana chater wada hinda sihayontath lajjai. Kalawe sinhayo na. Un rata atha arala gihin. Kotu karala inna ewunuth lajjawen innawa sinhalayage niwata kama dakala. Saru polawa winasha karala pita ratin hingaa kanawa. Sinha rajek ge patawnam mehema anunge indul kanawada? Jathika Kodiye witharai dan sihayo inne. ee sinhayo tikath me ratin panala yanna kalin kammali kama atha arala pita ratin hingaa kana eka nawaththapan. Kiyala kiyanne. Me yana widihata langadima kodye sinhayo tikath panala gihin wena rataka kodiyak ennath bari na,....
@gorthamora
@gorthamora 2 жыл бұрын
Whether I like them or not the answer to our present problem is JVP.. JVP JVP JVP I see them as TRUE PATRIOTS who can build up our MOTHERland SRI LANKA where we could be proud of before we die and turn to dust to nourish the soil of our Motherland paving the way for our darling children to live happily without asking help from other countries.
@GaysnNishantha
@GaysnNishantha 4 ай бұрын
🎉🎉
@kumudurenu4991
@kumudurenu4991 2 жыл бұрын
Very. Very. Nice
@kavindarukshan7384
@kavindarukshan7384 Жыл бұрын
පවන ප්‍රසංගය ආයෙත් ලංකාවේ පටන්ගන්න පුලුවන් වුනානම් කියලා සිය දහස් වතාවක් හිතෙනවා
@gorthamora
@gorthamora 2 жыл бұрын
Nanda Malini is a LEGEND and let us respect her and care for her for comforting us with amazing songs and her mesmerizing beautiful voice which will haunt every one of us forever. Please do not weep and pay like HYPOCRITES when she leaves this world. Respect and look after her and make her happy now! RESPECT AND SHOW YOUR GRATITUDE TO HER when she is there now to her face. What a joy she will get??? People out time is limited in this world.
@lipe2379
@lipe2379 Жыл бұрын
@HeshanRandeepa
@HeshanRandeepa 2 жыл бұрын
🤩❤🙏
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 жыл бұрын
අවුරුදු 74ක් පුරාවට රැවටුන/ බලාපොරොත්තු විනාශ වුන මිනිස්සු දේශපාලනය කල යුතු කාලයේදීම දේශපාලනයෙන් ඉවත් වීම කණගාටුවට කරුණකි.. මේ රට ඉබේම නිවැරදි වෙනකම් සියළු දුක් වේදනා විදගෙන ජීවත් වෙනවද...? නැත්නම් වැටි වැටී හෝ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් එකා මෙන් පෙනී සිටිමින් පාලකයන් නිවැරදි මගට ගැනීම හෝ නිවැරදි පාලකයන් පත් කරගන්නා තුරු සටන් කරනවද...??
@itsmystyless
@itsmystyless 2 жыл бұрын
Tragically these songs getting relevant again in 2022. What an unfortunate situation...... need a revised version of Pawana now.
@hashinthabandara4130
@hashinthabandara4130 2 жыл бұрын
🥰🙏❤️
@dmalith97
@dmalith97 2 жыл бұрын
😍😍😍😍
@dilinamihiranga6028
@dilinamihiranga6028 2 жыл бұрын
❤️❤️❤️❤️
@geeshasenarathna1369
@geeshasenarathna1369 2 жыл бұрын
සියලූ දෙයින් ස්වයංපෝෂිත අපේ මාතෘභූමිය 🙏 🇱🇰 වෙන රටවල් වලින් හිගාකන්න ඕන රටක් නෙවෙයි මේ.මොනවයින් අඩුවක්ද මේ මහපොළවේ..
@sashikadeshaladi2723
@sashikadeshaladi2723 2 жыл бұрын
😍😍❤❤
@gaminisenevirathna3754
@gaminisenevirathna3754 2 жыл бұрын
❤️❤️❤️❤️👍
@AKNet-cd3lb
@AKNet-cd3lb 2 жыл бұрын
🙏❤❤❤
@sampathfernando3079
@sampathfernando3079 2 жыл бұрын
ලංකාවෙ යකඩ ගැහැනිය
@janithherath8409
@janithherath8409 Жыл бұрын
🥰
@nadeeshperera8283
@nadeeshperera8283 2 жыл бұрын
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දා‍වූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින් තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින් තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන්
@muthunilan
@muthunilan Жыл бұрын
💜️💜️💜️
@hevageplus2398
@hevageplus2398 2 жыл бұрын
❤❤❤
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 2 жыл бұрын
🙏🙏🙏
@donchethiyadesilva640
@donchethiyadesilva640 2 жыл бұрын
අරගලයට ජය 🇱🇰.....
@leenafernando5305
@leenafernando5305 2 жыл бұрын
❤🙏🙏🙏🙏🙏
@Pamudisaubhagya
@Pamudisaubhagya 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@atharamaga6222
@atharamaga6222 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👊
@nadeerathakshala
@nadeerathakshala 2 жыл бұрын
🙏🇱🇰
@sldilsh1097
@sldilsh1097 2 жыл бұрын
Sri lankan proud
@user-ds4th2zj8k
@user-ds4th2zj8k 4 ай бұрын
Ape rata gena hari dukai.74 wasarak kewa ape rata.unta ahanna denna oni parliament eke😢😢😢😢
@Samath180
@Samath180 2 жыл бұрын
Kadulak aweee matawitharada..
@yudeeshchanidu5326
@yudeeshchanidu5326 5 ай бұрын
මේ ගීතයේ හඩ අසෙන විට අපේ සිංහලකම ගැන ආඩම්බරයක් හිතෙනවා පුදුම එඩිතරකමක් දැනෙනවා. මිනිසත් බවින් පිරි හොඳ සින්හලයො වෙමු අපි හැමෝම. මේ සුන්ඳර රටේ
@Induwara
@Induwara 4 ай бұрын
Adambarayak, Edithara kamak newei, meke ahenakota lajjawe baaa.... Echchara chater jathiyak wela kiyala me sinduwen kiyanne.
@danushkaanuhas5024
@danushkaanuhas5024 2 жыл бұрын
1 comment
@nalinmadushanka2362
@nalinmadushanka2362 2 жыл бұрын
mama hithanne me giyen kiyawenne wides sra Mikayan ganai e hambena dolar walin sapawidina nayakayan ha unge lamai gana
@wasanthaariyathilaka5678
@wasanthaariyathilaka5678 2 жыл бұрын
අම්මට ආදරේ අපි මිස බයියො නෙවෙයි
@vishwa73
@vishwa73 8 ай бұрын
Where are the Lions....
@prasadmadushanka2891
@prasadmadushanka2891 2 жыл бұрын
අපේ රටේ සිංහ පැටව් තවමත් ඉන්නවා.ඔවුන්ට නැඟිටින්න ඉඩක් නැත්තෙ අපේ රටේ දේශපාලනයේ ගැටලුව නිසා.නමුත් දිනක මේ සිංහ පැටවුන්ට මඟපෙන්වන නායකයෙක් බිහිවූ දිනක අපේ රට ලෝක බලවතෙක් වීම නතර කළ නොහැක.මොකද අපිට බැරි නෑ බලවත් වෙන්න
@lankalanka539
@lankalanka539 2 жыл бұрын
සුනිල් ආරියරත්නයන්ගෙ සුරතින් ලියවුණු නන්දා මාලනියන් සුමිහිරි ගායනයෙන් හැඩ කරන්නේ සරලව කියනවනම් ඇස්ගෙඩ් දෙකට හෙන ගහලද සිහලුන්නෙ... අඩු ගානෙ මේ වගේ ගීතයක් වත් අහනව නම් ලංකාවට මෙහෙම වෙන්නෙ නැහැ
@SKWelagedara
@SKWelagedara 2 жыл бұрын
ඇත්තටම මේක දේශාභිමානී ගීයක් නෙවෙයි.. (නන්දා මාලනියගේම රට කරවන්ට නම් වැනි ගීත වගේම) රට පත් වෙලා තියෙන තත්ත්වය ගැන උපහාසයෙන් කතා කිරීමක් තියෙන්නෙ.. අනෙක් අතට, ඒ මතුකරන උපහාසයේ අරමුණ රට බේරාගැනීම නිසා මෙවැනි ගීතත් දේශාභිමානී ගීත තමයි.. චිත්‍රපට වලත් වීරයින් හා ප්‍රතිවීරයින්/විවීරයින් (heroes & anti-heroes) ඉන්නෙ. අපිත් සමහරවිට වඩා කැමති වෙන්නේ සාම්ප්‍රදායික නීති හා රාමු බිඳගෙන අරමුණ ජයගන්න ප්‍රතිවීරයින්ට, සෘජු වීරයින්ටත් වඩා... ඒ වගේම, සෘජු දේශාභිමානී ගීයකට වඩා, මෙවැනි උපහාසාත්මක ආමන්ත්‍රණයක් තුලින් සමාජයේ ඇති කල හැකි කම්පනය ප්‍රබලයි (ඒ අර්ථය නිවැරදිව වටහා ගත්තොත්..).. තනුව නිසාත්, මුල් පද දෙක අතර පද බෙදා කියවෙන ආකාරය නිසාත් බොහෝ දෙනා මෙය සෘජු දේශාභිමානී ගීයක් ලෙස රැවටෙනවා.. නිදහස් දිනේ වැනි උත්සව වලදී පවා, හමුදා තූර්යවාදන කණ්ඩායම පවා මෙය වාදනය කරනවා, අර්ථය වරද්දගෙන🤣.. එහි කියවෙන්නෙ 'තුන්හෙලේ කැලෑතුළ තවදුරටත් සිංහයින් නෑ... උන් රට දාල ගිහින් .. කූඩු කරල ඉන්න සිංහයින්ටත් මේ සිංහල මිනිස්සු දැක්කම ලැජ්ජයි... මොකද මුං සිංහ රජ්ජුරුවන්ගෙන් පැවතෙන ජාතියක් නම් අනුන්ගෙ ඉඳුල් කාල ජීවත් වෙන් නෑ, බඩගින්නෙ හිටියත්. අපේ කොඩියෙ ඉතුරුවෙලා ඉන්න සිංහයත් මේ රට දාල යන්න කලින්, පිටරටවලින් හිඟා කන එක නවත්තලා, කම්මැලි නොවී වැඩ කරල රට දියුණු කරපල්ලා..' "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් නැත, උන් රට අතැර ගොසින් .." ලෙස නොව "තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්, නැත උන් රට අතැර ගොසින් .." ලෙස අපට ඇසෙන නිසා වැරදි අර්ථයක් මතුවෙන්නෙ... තනුව හා වාදනයත් දේශාභිමානී ස්වරූපයක් තියෙන්නෙ.. ඒකෙන් බොහෝ දෙනාට ගීතයේ අර්ථය වටහගන්න බැරිවෙනවා.. @Dr.Rohana Weerasinghe official මේ lyrics video එකේදි හරි බොහෝ දෙනාට තේරුම් ගන්න හැකි වන ලෙස නිවැරදිව පද බෙදා දැම්මොත් ගීතයේ වටිනාකම තවත් වැඩිවෙයි..
@gorthamora
@gorthamora 2 жыл бұрын
EXODUS has started happening...we call it BRAIN DRAIN...STOP this...Look at me I am out from my motherland never ever return back to my MOTHERland. Who could take this responsibility ? I am hurt..
@user-ny9kr9dn5l
@user-ny9kr9dn5l 2 ай бұрын
ඒ මියුසික් එකටම ඇගේ මයිල් කෙලින් වෙනවා...😮
@anuruddaanu1674
@anuruddaanu1674 2 жыл бұрын
අපේ සින්හ පැටිය අනුර සහෝදරයා තමයි den
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
අනිවා ❤️❤️❤️❤️❤️
@ranjanauransan6561
@ranjanauransan6561 8 ай бұрын
මිනිස්සු වෙනුවෙන් මිනිස්සු හැර පාළකයා නැගීසිටීයි කියල හිතනවනම් ඒතරම් මිත්‍යාවක් තවත් නෑ....
@anuruddaanu1674
@anuruddaanu1674 8 ай бұрын
@@ranjanauransan6561 ඒත් හොදටම විස්වාසයි කවද හරි මේ රට ගොඩ ගන්නෙ අනුර සහෝදරයා තමයි
@gorthamora
@gorthamora 2 жыл бұрын
Jaathi drohhi Malayalli Sakkil Kerralla Rajapakse pawula rattin pannanappan APPI Lankawatta enney naha. Unnwaa barru gahalla daapiiya apey Sinha Niyapoththuwallin. Get rid of Rajapase family now!
@vipulakularathne3664
@vipulakularathne3664 2 жыл бұрын
සිංහල කැලෑ තුල සිංහ පැටව්... දිව යති... ඩොලර් නැතුව දැන් නං
@sumanasiddibothale9573
@sumanasiddibothale9573 2 жыл бұрын
මේ මිනිසුන් එක්කාසු කලයුතුවේලාව.ජාතිකානුරාගය ඇතිකල යුතුයි.
@thilinasandaruwan3203
@thilinasandaruwan3203 2 жыл бұрын
ඩොලර් හිගන සිංහයො
@SLR__VISHU
@SLR__VISHU 8 ай бұрын
@sameerakelum6188
@sameerakelum6188 2 жыл бұрын
🥰
@dinushaprasad143
@dinushaprasad143 Ай бұрын
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දාවූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින් තුන් හෙළේ ... අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින් තුන් හෙළේ ...
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 38 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 44 МЛН
Katu Akule කටු අකුලේ Edward Jayakody
3:40
Torana Music
Рет қаралды 170 М.
Rathnadeepa
5:09
W. D. Amaradeva Official
Рет қаралды 32 М.
Nanda Malani Danno Budunge
5:40
Ceylon Hits
Рет қаралды 379 М.
Kunnimani chepputhurannnu | Ponmuttayidunna Tharavu |Jayaram , Urvashi
4:27
Evergreen Film Songs
Рет қаралды 1,4 МЛН
Obai Ramya Sanda Kirana - Nanda Malini | Sinhala Songs Listing
5:38
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 156 М.
ЖЕСТЬ В КОНЦЕ. ПЛАКАЛ ВЕСЬ САМОЛЕТ
0:20
ДЭВИД ЛАВА
Рет қаралды 5 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 3,9 МЛН
Love Challenge With Mellstroy And Mrbeast
0:19
BigSchool
Рет қаралды 7 МЛН