Рет қаралды 48,879
The UAE’s highest peak, Jebel Jais is part of the spectacular Hajar mountain range that were formed over 70 million years ago in the eastern part of Ras Al Khaimah, United Arab Emirates and Oman. Towering at 1,934 m above sea level, Jebel Jais boasts breath-taking vistas and thrilling adventures for every visitor.
----------------------------------------------------
කඳු සහ දිය ඇලි මත සිත් සේ ඇවිද ගිය සංචාරකයාගේ හදවත ,කටුනායකින් අඩි ගණනාවක් ඉහල අහසට එසවෙද්දී සිතට දැනුනා වූ අමුතු හුදකලාව සහ තනිකම මෙරටින් විදේශ ගත වන සියලු දෙනාගේම හදවතට මට මෙන්ම දැනෙන්නට හැගෙන්නට ඇතැයි විශ්වාස කරමි. එමෙන්ම විදේශ ගතව තම ආදරණීයයන්, දුවාදරුවන්, මව්පියන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔබ විදින්නා වූ දුක් කම්කටොලු සහ කැපකිරීම් උදෙසා මාගේ හදපිරි ආචාරයත් නොනිමි ගෞරවයත් මේ සංචාරය ආරම්භයේදී ම ලබා දීමට කැමැත්තෙමි.
ගුවන් ගමන සදහා පැය හතරකට අධික කාලයක් ගත වූ අතර ,හරිත පැහැ වූ
ශ්‍රී ලංකාවට සමු දුන් ගුවන් යානය මහා සමුදුර පසු කොට ලගා වූයේ ලෝකයේ කාර්යබහුලතම සහ විශාලතම ගුවන්තොටුපළ වන ඩුබායි ගුවන්තොටුපළ වෙතයි. ඉක්බිතිව ,ගුවන් තොටුපල සිට සාජා දක්වා ගමන් ගත් අතර ඒ වන විට වේලාව මද්‍යහනය පසුව තිබිණි.
"කාලයද ඉතිරි නම්...ඇසුත් තව සොයයි නම්..පාද ඇයි පසුපසින්.”
යන්න මතකයට ගෙන දවසේ ඉතිරිව තිබෙන කාලය තුල මා ඇවිද ගියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතිහාසයත්, ඔවුන් මෙලෙස සංවර්ධන වූ ආකාරයත් සොයා බැලීමට සුදුසු තැනක් සොයමිනුයි. මෙලෙස ගමන් කරමින් සිටි අතර එයට කදිම තෝතැන්නක් වූයේ ,සාජා හි පිහිටා තිබෙන මින්මැදුරයි. කැඩුනු නැවක ආකෘතියකට ඉදිකොට තිබෙන මෙහි ,සංචාරය කරන්නෙකුට විවිද වර්ගයේ මසුන් විශාල ප්‍රමාණයක් දැක බලාගත හැකි වන අතර ,මින්මැදුරේ එක් අන්තයක පිහිටා තිබෙන කෞතුකාගාරය දක්වා සංචාරය කරන්නෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතිහාසයත්, ගොඩ නැගුණු ආකාරයත්, වර්තමානයත් යන තුන් ආකාරයන්ගෙන්ම දැනුමක් ලබා ගත හැකිය. කදු පාමුල සිට කදු මුදුන ආසන්නයට ගමන් කිරීමට මාර්ගය සකසා තිබෙන අතර මග දෙපස සම්පූර්ණයෙන්ම පාහේ කදු හෙල් වලින් සමන්විතය. කදු මුදුනට ලං වත්ම අවටින් එන සුළග සහ සිසිළ කෙමෙන් කෙමෙන් වර්ධනය වේ. මේ සිසිළ තොල් මත ඇති සිනිදු සම ඉරි තැලීමට තරම් පොහොසත් ය. සවස තුන පමන වන විට කදු මුදුන පෙනෙන මානයට පැමිණීමට අප ජීප් රථයට හැකි විය. එතැන් සිට ගමන පා ගමනින් ය.
ගමනේ මුල සිටම පැලද සිටි කොල පැහැති බූට් සපත්තු වලට අමතරව හැද සිටි ඇදුමට උඩින් සීතලට සුදුසු පරිදි ජැකට්ටුවකින් සැරසුණු මා රියදුරු මහතාට විවේකයක් ලබා දී තනිවම කදු මුදුන සොයා ගත්තේ මාගේ කැමරා ආම්පන්න ද කැටුව ය.
කන්ද පුරා තැන තැන විසිරී ඇති ඉතා මුවහත් ලෙස කැඩී ඇති ගල් පතුරු මින් පෙර මා සංචාරය කල කිසිදු තැනෙක දැක නොමැතිය. අතරින් පතර ඇති කුඩා පැලෑටි සම්පූර්ණයෙන්ම උල් කටු වලින් වැසී ගොසිනි. කඳු තරණය කරන්නකුට අවශ්‍ය පහසුකම් තැනින් තැන ඉදි කර තිබෙන අතර එය මනා වූ පිටුවහලකි. පැයක පමණ කාලයකින් අනතුරුව කදු මුදුනට සේන්දු වීමට හැකි වූ අතර ,එහි කෙටි වේලාවක් ගිමන් හැරීමට එක එල්ලේ කඳු තරණය කල ශ්‍රී ලාංකික කඳු නගින්නාට හැකි විය. නන් දෙසින් හමා එන සිසිල් සුලග කදු මුදුනේ සවි කොට ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය ලෙලදවමින් සියුම් හඩක් පරිසරයට එකතු කරවයි. බැලූ බැලූ අත කඳු මුදුන් ය. එක් අන්තයක එකාකාරීව පහලට ඇති විශාල ප්‍රපාතය කි. ඈතින් පෙනෙන නිල් වන් මුහුදු තීරය නෙතට සිතට ගෙන එන්නේ ඉතා සැනසිලි දායක හැගීමකි.
නිල් වන් මුහුදු තීරය රන් පැහැ ගන්වමින් හිරු බැස යාමට සූදානම් වන අතර වාරයේ මා කඳු මුදුනට සමු දී නැවතත් කඳු පාමුල සොයා සෙමින් සෙමින් පියවර තැබුවේ අද රාත්‍රියේ ඈත රටක කඳු මුදුනක අත්දැකීම කෙබදු වේ දැයි සිතමිනි.
මා ඩුබායි හී දී ප්‍රථම වරට දුටු සුන්දරත්වයෙන් ඉහලම හිරුගේ සමු ගැනීම "ජෙබෙල් ජෙයිස්" කඳු මුදුනේ සිට දැක බලා ගැනීමට මම වාසනාවන්ත විය. මා කඳු පා මුලට ලගා වත්ම මාගේ සිහියට ආවේ මොරටුව යි. " ගහට ගහක් මොරටුවේදී මුන ගැහෙනවා" මාගෙ පැමිණීමට සමගාමීව ඉතා කාර්යබහුල අවස්ථාවක මා සොයා පැමිණ සිටියේ ශ්‍රී ලාංකික සහෝදරයන් හතර දෙනෙකි. සිතට දැනෙන්නා වූ හැගීම වචන වලින් විස්තර කල නොහැකිය. අධික සීතල අප වෙලා ගන්නා වූ වේලාවක, කදවුරු බැදීමට සුදුසු තැනක් සොයා යා යුතු වේලාවක.. ගිනි මැලයකට අවශ්‍ය වූ දර සහ ගල් අගුරු ගෙන ,කිලෝමීටර ගනනාවක් දුර ගෙවා පැමිණි සහෝදරයන් මේ කඳු නගින්නාගේ හදවතේ සධාකාලිකවම ජීවමාන වනු ඇත.
ගිනි මැලයක එලියෙන් රාත්‍රි ආහාරය සකස් කොට ගත් අප ගල් ගිනි මැලයකට වට වී තරු එලිය පිරුණු සුන්දර අහස යට "ජෙබෙල් ජෙයිස්" කඳු මුදුනේ කදවුරු බැද පසුදා පාන්දර වන තෙක්ම ආ ගිය තොරතුරු සහ අත්දැකීම් ගැන දොඩමලු වූයේ කඳු නැග වෙහෙසව සිටින බව පවා මා සිතට අමතක කරවමිනි.
රාත්‍රි නින්දට පැමිණෙන විට පාන්දර දෙක පසුව තිබූ අතර,කූඩාරමෙන් පිටත තිබූ සිසිළසට සමාන සිසිලසක් මා මේ වන තුරු නොවිදි තරම් ය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසම කඳු මුදුනේ සිට මා දෑස් පියා ගත්තේ පසු දින මා මේ කඳු මුදුනින් පහලට පැනිය යුතු අතර, ඒ අලුත් අත්දැකීම කෙබදු වේ දැයි සිතමිනි.
ස්තූති..
"සොභාදහම රකින්නා සොභාදහම විසින්ම රකිනු ලබයි"
දිනේෂ්. DAP
Instagram - / dinesh_a_pathum
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
#visitdubai #dubai #uae #JEBELJAIS#jaisasventurehike
#jabeljaishike#dubaimountaincamping
#UAE’shighestpeak#jabeljaismountain #sharjahaquarium #dxb #dubailifestyle #travel #emirates #dubaivlogger #dubaifashion #dubaistyle #sharjah #dubailuxury #dubaitourism #dubainight #photography #unitedarabemirates