ඔබගේ නමට වටිනාකමක් - How to increase your value - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 18,618

Motivation.lk

Motivation.lk

6 ай бұрын

ඔබගේ වටිනාකම දිනෙන් දින අභියෝගයට ලක්වන ලෝකයක අඛණ්ඩව ඒ වටිනාකම ආරක්ෂා කරගෙන පෙරට යන්නට නම් ඔබ කළ යුත්තේ කුමක් ද? මෙන්න මේ ගැන අද අපි කතා කරන්න තීරණය කළා. මේ විඩියෝවේ කියැවෙන කරුණු ඔබට සැබෑ ලෙසින් ම ඔබගේ වටිනාකම ඉහළ නංවා ගන්නට උපකාර කරාවි.
මේ විඩියෝව බලන්න. ගත යුත්ත ගන්න. Like | Comment | Share කරන්න අමතක කරන්න එපා.
අපි 2024 ජනවාරි මාසයේ උසස් පෙළ කරපු දරුවන් වෙනුවෙන් විශේෂ නොමිලේ වැඩමුළුවක් පවත්වනවා කියලා විඩියෝවේ කිව්වනේ. පහත දැක්වෙන්නේ ඒ තොරතුරු.
ඔබ උසස් පෙළ සඳහා 2024 දී පෙනී සිටි සිසුවෙක් නම් මේ FREE Workshop එක ඔබටයි.
හැම නමකට ම වටිනාකමක් බවට පත් වෙන්නට බැහැ. ඒ සඳහා ඒ නාමධාරියාට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. තමන්ගේ නම සන්නාමයක් කරන්නේ කෙසේදැයි ඔහුට හෝ ඇයට සැලසුමක් තිබිය යුතුයි. මේ වැඩමුළුව ඒ සඳහායි.
අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු, International Coaching Federation හි සාමාජික භාතිය අර්ථනායක මේ සම්බන්ධයෙන් මෙවර උසස් පෙළ සිසුන් උදෙසා ම සැසියක් සංවිධාන කර තිබෙනවා. සැසිය පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන් ම නොමිලේ.
මෙහි අපේක්ෂාව වන්නේ මෙවර උසස් පෙළ සිසුන් වඩාත් හොදින් ඉලක්කගත කරමින්, අනාගත ලෝකය ජයගැනීම සඳහා තමන්ටම නායකත්වය දිය හැකි අවබෝධය ඔවුන් තුල ඇති කිරීම. එබැවින් ඔබගේ අසුන වෙන් කර ගැනිමට දැන්ම කටයුතු කරන්න. හේතුව මෙම ZOOM සැසියේ දී අවස්ථාව හිමිවන්නේ 1000 කට පමණක් නිසා.
🔹දිනය - 2024 පෙබරවාරි 07 වැනිදා.
🔹වේලාව - පෙරවරු 09.00 සිට දහවල් 12 දක්වා.
🔹භාෂා මාධ්‍ය - සිංහල
මෙම සැසියට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ Brandix Corporate Campus විසින්. ඔවුන් ඇඟළුම් ක්ෂේත්‍රයේ මෙරට මෙන්ම විදේශයන් හි රැකියාවන් උදෙසා ඩිප්ලෝමා පාඨමාලා පවත්වන ආයතනයක්. භාතියගේ “Become A Brand” සැසියට සහභාගී වන ඔබට ඉන් අනතුරුව ඉහළ වැටුප් සමඟින් ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා පිවිසෙන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් කිරීමට ද අනුග්‍රාහකයින් සූදානමින් සිටිනවා.
මෙම සැසියට ඔබ එක්වන්නේ කෙසේ ද? ඔබ අනිවාර්ය පහත පියවර දෙක අනුගමනය කළ යුතුයි.
01. ඔබ පහත දැක්වෙන Google Form එක අනිවාර්යෙන් පිරවිය යුතුයි.
forms.gle/54J6pEiKu7jSNgSZA
02. ඔබ පහත දැක්වෙන Whatsapp channel එක සමගින් සම්බන්ධ විය යුතුයි. සැසිය පිළිබඳ සියලු ඉදිරි තොරතුරු අප ඔබට ලබාදෙන්නේ මේ චැනල් එක හරහායි. එහි ලින්ක් එක පහත තිබෙනවා.
whatsapp.com/channel/0029VaLX...
අනාගත ලෝකය ජයග්‍රහණය කරන්න අප සමගින් එක් වන්න.
වෙනස් වෙන්න - ඔබත් එන්න.
- TEAM MOTIVATION.LK & PHOENIXSPIRE (Pvt) LTD
-------------------------------------------------------------------------------------------------------------------------
මෙන්න අපි අපගේ සිව්වැනි MASTER CLASS එක පහුගිය දවසක announce කළා. ඔබ ඒ වැඩසටහනට එක්වීමට අපේක්ෂාවක් තිබේ නම් මේ ඒ ගැන තොරතුරු.
බොහෝ මිනිසුන්ට තමන්ව, තමන්ගේ ප්‍රතිඵල වෙනස් කරගනිද්දී වරදින්නේ ඇයි?
ඒ ඔවුන් තමන්ගේ අවිඥාණය සවිඥාණයට ගෙන ඒමට අසමත් වෙන නිසා.
මනෝවිද්‍යාඥ කාල් යුං (Carl Jung) කියන දේ තමයි " ඔබ අවිඥාණිකත්වය සවිඥාණයට ගෙන ඒමට අසමත් වනතෙක්, අවිඥාණය විසින් ඔබගේ ජීවිතය මෙහෙයවනු ඇති අතර, අවසානයේ දී ඔබ එයට දෛවය යැයි නම තබනු ඇත." කියලා. 'Until you make the unconscious conscious, it will direct your life and you will call it fate.'
ඔබ නොදැනුවත් ව කරන දේ දැනුවත්ව කරන තැනට නොගෙනාවොත් ඒක ඔබගේ දෛවය ම තීරණය කරනවා.
බොහෝ මිනිසුන් ඉලක්ක ගොඩක් තියාගෙන නොදැනුවත්ව ම, ඊට ප්‍රතිවිරුද්ධව තමන්ගේ ඇතුලෙන් වැඩ කරනවා.
දින්නන ඕනේ - ඒත් කාලය නොවැදගත් දේට වැය කරමින් ඉන්නවා.
මුදල් ඉතුරු කරන්න ඕනේ - ඒත් කලබලේට වියදම් කරනවා.
පාඩම් කරන්න ඕනේ - ඒත් මොබයිල් ඇඩික්ෂන් එකක් වෙලා.
ඉවසීම හදාගන්න ඕනේ - ඒත් තාමත් තරහා යනවා.
මේ සියල්ල වෙන්නේ, ඔබව සවිඥාණයට වඩා අවිඥාණය බලවත් ව ඉන්නකොට. ඉබේ, නොදැනුවත් ව. පස්සේ කල්පනා කරනවා අනේ එහෙම නොවුණා නම් කියලා.
බොහෝ පුහුණු වැඩසටහන්වලදි කරන්නේ සවිඥාණයට අමතන එක. ඒත් ඔබගේ අවිඥාණය සවිඥාණය කරා ගේන එක ඇත්තට ම පුහුණුවක්. මේ අඩුව පුරවන්න තමයි ICF සාමාජික, NLP Business practitioner භාතිය අර්ථනායක සති 08 ක් පුරා දිවෙන BE UNSTOPPABLE MASTER CLASS එක සංවිධාන කරන්නේ.
මේ ඇරඹෙන්න යන්නේ අපගේ 04 වැනි කණ්ඩායමේ සැසිය. අපේ මුල් කණ්ඩායම් තුන ජයග්‍රාහීව ගමනේ යෙදෙමින් ඉන්නවා. ඒ අතරට ඔබත් එකතු වෙන්න සූදානම් නම් පහත දැක්වෙන Google form එක පළමුව පුරවන්න.
forms.gle/1dqkcJF9FEbWbRdm6
දෙවනුව 071 432 1835 කියන අංකයෙන් තරුෂිට අමතන්න. නැත්නම්, whatsapp msg එකක් දාන්න Master class කියලා. ඔබට අපි තොරතුරු ලබාදෙන්නම්.
අමතක කරන්න එපා. මේ Master Class එක සති 08 ක් දිවෙන, ඒ විතරක් නොවෙයි අවස්ථා එකකදී හෝ දෙකකදී පුහුණුකරු හමුවී සාකච්ඡා කරන එකම මාස්ටර් ක්ලාස් එක.
ඇත්තටම ඔබට වෙනස් වෙන්න අවශ්‍ය නම්,
වෙනස් වෙන්න - ඔබත් එන්න.
- Team Motivation.lk | Phoenixspire (pvt) Ltd
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 76
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 6 ай бұрын
ඔබතුමාගේ නමටම හරියන අර්ථවත් අදහසක්,වගේම දැනට තියෙන වටිනාකම ඉදිරියට ගෙනයන්න දෙන අතදිමක් ලෙසයි මට දැනෙන්නේ ස්තුති තෙරුවන් සරණයි ඔබතුමාට
@sandamalijayakodi7306
@sandamalijayakodi7306 6 ай бұрын
ස්තූතියි සර් අපි වගේ සර්ගෙ වැඩසටහන් වලට සහභාගි වීමට අපහසු අය වෙනුවෙන් කරන මෙවැනි වීඩියෝ අපිට ලබා දෙනවට.ලොකු බලාපොරොත්තුවක් තියෙනවා දවසක සර්ගෙ වැඩසටහන් වලට සජීවිව සම්බන්ද වෙන්නෙ ඒක මගෙ ආසාවක් ❤
@nadeekasamaranayaka4717
@nadeekasamaranayaka4717 6 ай бұрын
Good morning sir දවස පටන්ගන්න ආශිර්වාදයක් සර් විඩියෝ එක ජීවිත රක්ෂණ අලෙවි කරන කෙනෙක් විදියට මට ගොඩාක් ජයග්‍රහණ ලබා ගන්න සර් හැමදාම මට ශක්තික් උණා thanks sir
@asithakumara4575
@asithakumara4575 5 ай бұрын
Excellent speech 🎉
@mudithaweerasekera87
@mudithaweerasekera87 6 ай бұрын
බොහොම ස්තුතියි සර්. උදේම හොද motivation එකක් ලැබුනා..මම නිතරම සර්ගෙ vedios බලන කෙනෙක්....
@hettiperera9012
@hettiperera9012 6 ай бұрын
Again another great video, Thank you so much
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 6 ай бұрын
Super motivation , Thank you So much sir ,God bless .
@thushanperera888
@thushanperera888 6 ай бұрын
Thank you for informative insights in helping to create VALUE to be a brand of self
@seethawickramapala
@seethawickramapala 3 ай бұрын
Thanks a lot.superb explanation
@lalinfernando7438
@lalinfernando7438 6 ай бұрын
Really value adding - Thank you so much
@ramyawasantha6167
@ramyawasantha6167 6 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@prasannadilshan7350
@prasannadilshan7350 6 ай бұрын
සම්ප්‍රදායි චක්‍රයෙන් ඔබ්බට යැමට උබතුමාගෙ උපදෙස් මාරම විටිනාවා💞 මොන ප්‍රශ්නයක් අවත් සර්ගෙ විඩියොවක් බලනවා මාරම ගැම්මක්👊 💞💞💞💞 . අපෙ සිතුවිලි වෙනස් වෙන්න ඔනෙ . නෙද එකනෙ සර් පෑහැදිලි කරන්නෙ??
@sirasmohomed1125
@sirasmohomed1125 4 ай бұрын
Excellent job
@asithakumara4575
@asithakumara4575 5 ай бұрын
Good 👍 job sir 👍 🎉
@user-jk7gy3em8t
@user-jk7gy3em8t 6 ай бұрын
Good Morning Your channel is being helped me and my family to improve our family,. From cyprus Im Rodney ❤❤❤❤❤
@sudarmaperera3009
@sudarmaperera3009 6 ай бұрын
ගොඩාක් ස්තුති ❤🙏❤
@SanjeewaKuruluwansha-po9qs
@SanjeewaKuruluwansha-po9qs 6 ай бұрын
නියමයි...
@aththanayakekalum4965
@aththanayakekalum4965 4 ай бұрын
Excellent ❤❤
@rangayudara
@rangayudara 6 ай бұрын
නියම වීඩියෝ එකක් ❤
@likarose5361
@likarose5361 6 ай бұрын
ගොඩක් පිo සර් ඔබතුමාට
@shandishandi9585
@shandishandi9585 6 ай бұрын
🙏ස්තුතියි
@thilinisamanthka7863
@thilinisamanthka7863 6 ай бұрын
බොහොම ස්තුතියි සර්..🌷
@channajayawardena4081
@channajayawardena4081 4 ай бұрын
❤❤ so valuable
@indurusugathadasa2653
@indurusugathadasa2653 6 ай бұрын
Thank u bathiya sir.....
@user-xv2kr2ep3s
@user-xv2kr2ep3s 6 ай бұрын
Good morning sir godak watina video eka thank you sir 🙏🏻
@darshaniwerakoon6590
@darshaniwerakoon6590 6 ай бұрын
මාව නැවත ප්‍රතිනිර්මාණය වූ බව දැනේ.... Thank you .sir
@ruwanlilantha6769
@ruwanlilantha6769 6 ай бұрын
Good sir❤
@pradeepanishani4966
@pradeepanishani4966 6 ай бұрын
Good morning sir very good video.
@DilshanWijerathne
@DilshanWijerathne 6 ай бұрын
Let's Make Blue Oceans💚👑
@beateka
@beateka 6 ай бұрын
Great ❤
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 6 ай бұрын
Thanks sir
@lanarolmanohari5126
@lanarolmanohari5126 6 ай бұрын
Thank you sir🙏🙏🙏
@SamsungSamsung-je9jy
@SamsungSamsung-je9jy 2 ай бұрын
Nice tanekes
@amjadsiddique
@amjadsiddique 5 күн бұрын
Thank you Sir ❤
@rasikajayamaali8331
@rasikajayamaali8331 3 ай бұрын
Thanks...sar
@rpskumara7942
@rpskumara7942 6 ай бұрын
Bohoma Sthithi Sir
@NilanthiKumari-ld3hf
@NilanthiKumari-ld3hf 6 ай бұрын
Thank you sir
@dhammarathana8053
@dhammarathana8053 6 ай бұрын
ස්තූතියි සර්❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 6 ай бұрын
Tanks
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi 6 ай бұрын
🎉Thank,s sir🎉🎉
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v 6 ай бұрын
Thanks sir ❤
@amalianuradha4120
@amalianuradha4120 6 ай бұрын
Thank you sir 🎉🎉🎉🎉
@udayanganianuradha6532
@udayanganianuradha6532 6 ай бұрын
ස්තුතියි sirb❤❤❤❤❤❤❤❤
@cute_world369
@cute_world369 6 ай бұрын
Thanks Brother ❤❤
@desivaudaya2641
@desivaudaya2641 5 ай бұрын
Tanks 🙏🙏🙏🙏🙏
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 6 ай бұрын
Tks sir sir
@user-yy1io7lh4u
@user-yy1io7lh4u 2 ай бұрын
🎉❤
@Isolatrvels
@Isolatrvels 6 ай бұрын
@sahananssd1619
@sahananssd1619 5 ай бұрын
❤❤
@user-cj5lm4zf6b
@user-cj5lm4zf6b 6 ай бұрын
Mocha ,double expresso, cafe later,machiyato batista art
@hoshithagalagedara5151
@hoshithagalagedara5151 6 ай бұрын
👍
@user-yc7ux3pn5b
@user-yc7ux3pn5b 6 ай бұрын
❤❤❤
@vanniarachchi1569
@vanniarachchi1569 3 ай бұрын
❤🎉❤
@manoribopitiya2744
@manoribopitiya2744 6 ай бұрын
ඇත්ත ඉන්දියාව 2050 වෙනකොට ලොකයේ බලවත්ම රට වෙන්න යනව
@sandupamavihanga1556
@sandupamavihanga1556 6 ай бұрын
❤️✌️
@madushawishmini5420
@madushawishmini5420 6 ай бұрын
❤❤❤❤🔥🔥
@ceynowacoffee
@ceynowacoffee 6 ай бұрын
Api hadanawa new ginger masala coffee
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 6 ай бұрын
❤❤❤👍👍👍
@kalanimenaka7946
@kalanimenaka7946 6 ай бұрын
❤❤❤❤❤❤❤
@dlschemistry
@dlschemistry 6 ай бұрын
❤❤❤❤
@user-bp7hl6pm3i
@user-bp7hl6pm3i 6 ай бұрын
Thank you for great content ❤
@prabathattanayake8750
@prabathattanayake8750 6 ай бұрын
🙏🙏🙏🙏
@lkguys9901
@lkguys9901 5 ай бұрын
Sir Mama business ekak start kale sir ge videos balala. Dan business ekata auruddak. Mama brand ekak wenuwen wada karanawa.
@sandikathilakarathna3497
@sandikathilakarathna3497 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@arunagunarathna7929
@arunagunarathna7929 4 ай бұрын
👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️❤️❤️💖💖💖💖
@NETHU919
@NETHU919 6 ай бұрын
Sirge program walata mata join wenna ona
@TECHWITHME-ml5uz
@TECHWITHME-ml5uz 6 ай бұрын
mama whats app group ekata join wenna baluwa et join wenna ba mokak hari wela mata mee group ekata join wenna oone sir
@user-dh7fs2bm2q
@user-dh7fs2bm2q Күн бұрын
Ou
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi 6 ай бұрын
Sir මම sirge වැඩ සටහන් නිතර බලනවා .ඒත් ඒවා ප්‍රායෝගිකව කරන්න ගියහම ඒ කිසිම දෙයක් මතක නැහැනෙ .
@Motivationlk
@Motivationlk 6 ай бұрын
කන්න අමතක වෙන්නේ නෑ. අඳින්න අමතක වෙන්නේ නෑ. මිතුරන්ගේ නම් අමතක වෙන්නේ නෑ. ඇයි? නිතර නිතර කරන දේ කරන්න ඔබගේ මොළය ඔබට මතක් කරලා දෙන නිසා. මේවා අමතක වෙන්නේ ඇයි? ඒවා ඔබට පුරුදු නැති නිසා. පුරුදු හදාගන්නා ක්‍රමය මොකක්ද? නැවත නැවත ඒවා කිරීම විනා වෙනත් දෙයක් නොවෙයි
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi 6 ай бұрын
@@Motivationlk thank you sir පුරුදු හදාගන්න ඕනෙමයි
@jeewankoswaththa8613
@jeewankoswaththa8613 6 ай бұрын
@ishanishanika1
@ishanishanika1 6 ай бұрын
❤❤
@pradeepsudrshana
@pradeepsudrshana 6 ай бұрын
❤❤❤
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 6 ай бұрын
@naveenviraj
@naveenviraj 6 ай бұрын
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН