වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් සොයාගත් තාක්ෂණයක් Production of biochar කරදහයියා karadahayiya ජීවඅගුරු

  Рет қаралды 33,279

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

3 жыл бұрын

වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් සොයාගත් තාක්ෂණයක් Production of bio char කරදහයියා karadahayiya ජීවඅගුරු
වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් සොයාගත් තාක්ෂණයක්
* පසට යෙදිය යුත්තේ ජීවිතයටම එක්වරයි
* නොදිරන බඩඉරිඟු වහලූ ටොන් 40000 ක් වසරක් තුළ මෙරට පරිසරයට
* ජීව අඟුරු පොහොරක් නොවේ, පසේ පොහොර රකිනා මුරකරුවෙක්
n7 1වැසි වනාන්තරවල පස පෝෂණ ද්‍රව්‍යයන්ගෙන් හීනවූ ඵලදායීතාවය අතින් දුර්වල පසක් යයි මා පැවසුවහොත් ඔබ අතරින් කීප දෙනෙක් හෝ බර අවි අමෝරාගෙන මා දෙසට කඩා පනින බව මම හොඳාකාරවම දනිමි. ඊට හේතුව සේ මා දකින්නේ ශ‍්‍රී ලංකාව වනාහී, හිතට එන සිතුවිලිවලට ජීවය කවා, සත්‍යය එය යයි තමා පිළිගන්නවාට අමතරව අන් අයද එසේම සිතිය යුතුයයි සලකන පිරිසක් සමාජය මෙහෙයවීමේ වගකීම භාරගත් රටක් වීමය. අනෙකාගේ මතයට සාවධානව සවන්දීම සහ එහි ගතයුත්තක් ඇතිදැයි මැදිහත් සිතින් විමසා බැලීමේ සිරිතක් නැති බහුතරයක් සිටිනා රටක් වීමය. අප බොහෝ දෙනා සිතා සිටියත් වැසි වනාන්තරයන්ගේ පස පෝෂණය අතින් අන්තිම දුර්වලය. එසේ කටයුතු සලස්වා ඇත්තේ අපට වඩා බුද්ධිමත් සොබා දහමේ මැවුම්කරු විසිනි. නිරන්තරයෙන්ම වැසි පතිත වෙනවිට, පසේ ගතයුත්තක් ඉතිරි නොවන බව දන්නා සොබාදහම, පසෙහි ඇති සාරය හැකි පමණ වෘක්ෂලතාදිය තුළට අවශෝෂණය කරවා ඒ තුළ ගබඩා කර තිබේ. අහස සිඹිනා තරමට උස් වෙමින් වැසි වනාන්තර සරසන මේ දැවැන්ත වෘක්ෂයන්ගේ ජෛව දේහය තුළ ඒ සියල්ල තැන්පත්කර ඇති නිසා පස නිසරුයි කීම ප‍්‍රලාපයක් වන්නේ නැත. මේ ගහකොළ තම ජීවිතය නිමවා පොළොවට කඩා වැටෙන විට ඔවුන් තුළ ගබඩා කර තිබූ පදාර්ථ නැවත භූගත වෙමින් තවෙකෙකුට පෝෂණය සපයයි. මෙය සිදුවන්නේ හෙමිහිටය. ක‍්‍රමක‍්‍රමයෙන්ය. හදිසියේ පාත්වෙන කැලෑ පාලූවෙකු විසින් වනයේ කොටසක් කපාදමා කුදලාගෙන මේ පරිසර පද්ධතියෙන් ඉවතට රැුගෙන ගියේ නැත්නම්, වැසි වනාන්තරය සතු පදාර්ථ සංචිතය වැස්සටවත් සෝදා නොයන පරිදි සොබාදහම විසින්ම මේ ආකාරයට රැුක බලාගනු ලබයි. කැලෑවට පොහොර දැමිය යුතු නැතැයිද, එහි පස සාරවත්යයිද, කවුරුන් වෙතින් හෝ නොදැනුවත්කමට හදිස්සියට කියවුණත් තෙත් වනාන්තරයේ පස නම් නිසරුය. එහි වවන්නට ගියහොත් පොහොර දමන්නටද උවමනාය. අප ලැජ්ජා විය යුත්තේ ඈත අතීතයේ විසූ ආදිවාසීන්ද මේ ටික අවබෝධ කරගෙන සිටි බැවිනි. ඔවුන් කළ කී දෑ ගැනවත් සිතන්නේ නැතිව අප තවමත් හිතට එන දේ කියමින්, මහා වීර චරිත රඟපාමින්, ස්වයං වින්දනයක් ලබමින් සිටින්නෙමු.
මීට වසර පන්සීයකට පමණ ඉහතදී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය. කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට n7 2වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍ය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි. මේ සොයා ගැනීමත් සමග පාංශු විද්‍යාවේ ඇතිවූ කලබැගෑනිය නම් සුළුපටු නොවේ. ආදිවාසීන් මෙම කර්තව්‍යය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරුවලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ. 1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත්වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” (ඊසදජය්ර* වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදී. එයටිඊසද’ හෙවත් ජීව යන පදය එකතුකර තිබුණේ, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හෙවත් ජීවී ද්‍රව්‍යයන් වෙතින් සම්භවය ලබා තිබෙන නිසාය.ික්‍ය්ර’ පදය ලැබී ඇත්තේ ‘චාකෝල්’ (ක්‍ය්රජද්ක* නොහොත් අඟුරු යන තේරුම ඇති ඉංග‍්‍රීසි වචනයෙනි.
අඟුණකොළපැලැස්සේ මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පාංශු හා ශාක පෝෂණය පිළිබඳ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තිලක් මුණසිංහ මහතා මෙම ද්‍රව්‍යයෙහි උපයෝගිතාවය ලාංකික කෘෂිකර්මයට බලපාන අන්දම සෙවීමට පියවර ගත් තරුණ විද්වතෙකි.
How to use and make biochar for your home garden
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page Agriculture-...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක Agriculture-...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
kzbin.info?searc...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 122
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
සියලුම විමසීම සදහා 0773875589 මීට වසර පන්සීයකට පමණ ඉහත දී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය. කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍යය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි. ආදිවාසීන් මෙම කර්තව්‍යයය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරු වලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ. 1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත් වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” Biochar වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදි. මෙය මෙරට දී අප ‘ජීව අඟුරු’ ලෙස හඳුන්වමු. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප‍්‍රධාන ගැටලූව වන්නේ ජීව අඟුරු නිසි ලෙස නිෂ්පාදනය කරගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව ගොවි ජනතාව තුළ ප‍්‍රමාණවත් අවබෝධයක් නොතිබීමයි. දහයියා, බඩඉරිගුු වහලූ වැනි ඉවතලන ශාක කොටස් මේ සඳහා භාවිතා කළහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලීම් වලින් තහවුරුවී තිබේ. ලංකාවේ දහයියා මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 8 ක් පමණ වාර්ෂිකව නිපදවෙතත් ඉන් සැළකිය යුතු ප‍්‍රමාණයක් තවමත් අපතේ යයි. බඩඉරිගුු වහලූ ද වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 40,000 ක් පමණ නිපදවෙන අතර ඉන් කිසිදු ප‍්‍රයෝජනයක් ගන්නේ නැත. මේවාහි අන්තර්ගත ඉහළ කාබන් ප‍්‍රතිශතය නිසා ”ජීව අඟුරු” නිෂ්පාදනය උදෙසා මේවා කදිම අමුද්‍රව්‍ය වේ. තාප විච්ෙඡ්දන ක‍්‍රියාවලියක් Physiography වන ජීව අඟුරු නිපදවීමේ දී ඔක්සිජන් රහිත හෝ අඩු පරිසරයක දී 400-7500ක්‍ අතර උෂ්ණත්වයකට අදාළ අමුද්‍රව්‍ය භාජනය කරනු ලබයි ක‍්‍රියාවලිය අවසන් වූ වහාම ජලය දමා ජීව අගුරු මිශ‍්‍රණය නිවා දැමිය යුතුවේ. ඒ තවදුරටත් අළුවීම වැළැක්වීම සඳහාය. නමුත් මෙම උපකරණයෙන් බඩඉරිඟු වහලූ ක‍්‍රමවත්ව දහනය කළ නොහැකිය. දහයියා මෙන් ඉරිඟු වහලූ තදින් ඇහිරී නැති බැවින් අතරමැද ඇති වාත අවකාශයන් නිසා ඒවා ගිනිගනී. ඒ මත දහනයක් විනා තාප විච්ඡේදනයක් සිදුවන්නේ නැත. ද්විත්ව බැරල් ක‍්‍රමය හඳුන්වාදීමට පර්යේෂකයින් කටයුතු කර ඇත්තේ මේ නිසාය. ජීව අඟුරු කැබලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කෙරුවොත් පේනවා ඒවාහි ව්‍යුහය සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවඅඟුරු තුළ ඉතා කුඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක් තියෙනවා. ඒවා පියවි ඇසට තියා අන්වීක්ෂයකටවත් පෙන්නේ නැති තරම්. ඒ තුළ ජලය සංචිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවඅඟුරු දැමූ පසක තෙතමනය රැඳෙනවා. අනෙක මේ තුළ පෝෂ්‍ය පදාර්ථයන්හි අයන වර්ග ගබඩා වෙලා, ඒවා හෙමිහිට නිදහස් කරමින් ශාකයට කලක් තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සේදී යන්නේ නෑ.
@logonff1712
@logonff1712 3 жыл бұрын
Good report.thanks lot mr.nihal
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@kaluarachchiharischandram2633
@kaluarachchiharischandram2633 2 жыл бұрын
m
@asankajayasundara6431
@asankajayasundara6431 2 жыл бұрын
කර දහයියා දාපුවාම එකවර නිසරු වීම මට තිබ්බ ප්‍රශ්නයක්. ඒකට පිලිතුරු මේ වීඩියෝ එකෙන් ලැබුනා. මේ කරුනු කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නෑ. ඔබලාට ස්තූතියි.
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
කාලීනව ඉතාමත් වටිනා වැඩසටහනක් . ලෙස්ලි මහත්මාණන්ටත් , නිහාල් මහත්මාණන්ටත් බොහොමත්ම ස්තුතියි . සජීවී සංඝටක මිශ්‍ර කරන ලද කර දහයියා පැලෑටි වලට යෙදීමේදී ඒවා පැලෑටි වටා පස මතුපිටින් යෙදිය යුතුද , එහෙම නැත්නම් පසට යොදා පස පෙරළා දැමිය යුතුද යන්න වෙනත් අවස්ථාවකදී කරුණාකර පහදා දෙන්න .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
අනිවාර්යයෙනම පසට යටවෙන්න දාන්න්න ඔනේ ගොඩක් ස්තූතියි
@nimalfernando1053
@nimalfernando1053 3 жыл бұрын
ඉතාමත්ම හොඳ අංගසම්පූර්ණ demonstration එකක් ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@harendrak.perera8640
@harendrak.perera8640 3 жыл бұрын
හැමදාම වගේ ඉතා වටිනා හරවත් දැනුම් සම්භාරයක්. බොහොම ස්තූතියි 💐
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nirosharohini9387
@nirosharohini9387 3 жыл бұрын
නිහාල් අයියා පවතින තත්වය තුල මෙවැනි වටිනා දැනුවත් කිරීම් සමාජයට දායාද කිරීම පිලිබද මුලින්ම ස්තුතියි .නෑ.බෑ නොකියා වැඩ කිරීම තුලින් සියලු අභියෝග ජයගන්න හැකි.ඔබ දෙපලගේ ප්‍රායෝගික දැනුම් සම්භාරය ඉතාමත් වටිනවා මේ අවස්තාවෙ රටට .බොහොම අගෙයි.ජයවේවා !!!තෙරුවන් සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@premalalpremalal8076
@premalalpremalal8076 Жыл бұрын
නිහාල් අයියේ මම ඩුබායි ඉන්නෙ ඔයාගෙ වීඩියෝ හැමදාම මම බලනවා..මෙි ලෙස්ලි අයියා කිසිම ගුරු මුස්ටියක් නැතිව සරලව කියා දෙනවා කරන්න ඔීන විදිහ .මම ලංකාවට ඇවිත් ලෙස්ලි අයියාගේ වියාපාරයට සමිබන්ද වෙන්න අදහස් කරගෙන ඉන්නෙ ❤❤❤👍👍💪
@ranganahettiarachchi9888
@ranganahettiarachchi9888 3 жыл бұрын
ඇත්තටම වටිනා වැඩ සටහනක් .ඔබලාට jayen ජය .ඇත්තටම අපිත් බලාගෙන ඉන්නේ ලෙස්ලි මහතා ge පුහුණු වැඩසටහන ta එන්න .පටන් ගත්තාම ඉක්මනින් අපිට කියන්න .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@ajithpriyankara1165
@ajithpriyankara1165 2 жыл бұрын
Highly appreciate your generous support! It's a very worth watching! You both are nature lovers!
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
බොහොම වැදගත් පනිවිඩයක් දුන්නා ගොඩක් ස්තුතියි ඔබලගේ වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@krishanthakumara1531
@krishanthakumara1531 2 жыл бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ගොඩක් වැදගත් ගොඩක් වටිනා විඩියෝවක්. ආදරෙ කරන දෙපලක්💞💞. ඉදිරියෙදි කිරිමට බලාපොරොත්තුවන සියලුම වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා අයිය. ජයවෙවා බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලට 💞🙏🙏💪💪
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@adikarimudiyanselagesamant1243
@adikarimudiyanselagesamant1243 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි නොදන්නා කරුනු ගොඩාක් ඉගෙන ගත්තා
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
ගොඩක් වටින වැඩ සටහනක්, බොහෝම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@user-cb5gf2gn4g
@user-cb5gf2gn4g 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි දෙදෙනාටම 👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@Realeye66
@Realeye66 2 жыл бұрын
Very nice 👍 thank you 🙏
@chamindajanaka4101
@chamindajanaka4101 3 жыл бұрын
niyamai sir 👨‍✈️ wonderful program
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@mallikamj2630
@mallikamj2630 3 жыл бұрын
බොහොම ස්තුතියි අපිත් දැනුවත් කරනවට. තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 3 жыл бұрын
නිහතමානී නිහාල්. ඔබට ජය.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Niyamai nihal mahathmaya.oba apata loku denumak laba denawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@hashanlochana5036
@hashanlochana5036 3 жыл бұрын
Jaya wewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@janakatissera
@janakatissera 3 жыл бұрын
බොහෝම ස්තුතියි...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@VIEW-zf1lx
@VIEW-zf1lx 3 жыл бұрын
බොහොම ස්තූතියි නිහාල් සර් 🌱🌿🌻
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
නිහාල් අයියා දෙයක් කරොත් ඉතින් සුපිරිම තමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@upulbandara4601
@upulbandara4601 3 жыл бұрын
හොඳ vedio එකක් malli.api godak kal edan oyage vedio බලනවා .malli 20kg කීයක් wenawada
@yasarathanabandara5513
@yasarathanabandara5513 Жыл бұрын
ලෙස්ලි+නිහාල් ප්‍රායෝගිකව දෙයක් නිවැරදිව කියා දෙන වටිනා මහත්වරු දෙන්නෙක් මෙහෙම දකිනකොට සතුටකි. අගෙයි.
@laljayatilaka2330
@laljayatilaka2330 3 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nicholasmirandu6104
@nicholasmirandu6104 3 жыл бұрын
Super no words
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@pickme7456
@pickme7456 2 жыл бұрын
Me pohora ganne kohenda.kiyak wenawada.kuburu walata hodayda me pohora
@sarathkumara1055
@sarathkumara1055 3 жыл бұрын
නියමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nissankatharaka8730
@nissankatharaka8730 Жыл бұрын
නිහාල් මහත්තයා මම බටු වගාවක් ආරම්භ කිරීමට සූදානමින් ඉන්නවා කුකුල් පොහොර කර දහයියා කොපමණ යොදනවාද බටු වලක් සඳහා ඔබ තුමාගෙන් දැනගැනීමට කැමති ස්තුති.
@asankaralapaanage5492
@asankaralapaanage5492 2 жыл бұрын
ස්තූතිය ඔබ තුමාට පැහැදිලි වැඩ සටහනක් ලබා දීම පිලිබද. එහෙත් ගින්දර ලබා ගැනීමට පොල් කටු නැවත නැවත එකතු කරගන්නවාද යන්න පුන්චි පැහැදිලි කිරීමක් කරනවා ද?
@manojrohana9157
@manojrohana9157 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කළාට .mata දැනගන්න පුළුවන්ද හිතකර බැක්ටීරියා හදාගන්නේ කොහොමද කියල ??
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0773875589 ගොඩක් ස්තූතියි
@derickranasinghe4211
@derickranasinghe4211 2 жыл бұрын
👍👍👍
@saronipeiris712
@saronipeiris712 3 жыл бұрын
Oyalata godak pin...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@chamilsameera3985
@chamilsameera3985 3 жыл бұрын
👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@kaushalyathilini1694
@kaushalyathilini1694 2 жыл бұрын
Dara yedimak karanne nathuwa paya 3k ekadigata dahaiya pulussanna puluwanda mahathmaya??? Godak pin obathumata 🙏🙏🙏
@nissankatharaka8730
@nissankatharaka8730 Жыл бұрын
කර දහයියා පොළවට පොහොර නිදහස් කිරීමට කොපමණ කාලයක් යනවද කියලා දැනගැනීමට කැමතියි බොහොම ස්තුතිය
@shamanmsr840
@shamanmsr840 3 жыл бұрын
adarei nihal aiya hamadama
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@rameshrameshramesh8282
@rameshrameshramesh8282 3 жыл бұрын
මල් ලි.ඹයාට.ජය.මම.ඹයාගෙ.හැමවැඩසටහනකම.බලනව...මමත්.ගොවියක්..දැනට.කූවෙට..රටෙ.සෙවයකරනව.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@mendismendis321
@mendismendis321 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@harshiw86
@harshiw86 3 жыл бұрын
Mama Leslie mahathamayagen kara dahayya miladee gaththa. Superb quality 💯
@upulbandara4601
@upulbandara4601 3 жыл бұрын
Price please
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@harshiw86
@harshiw86 3 жыл бұрын
@@upulbandara4601 please contact Mr.Lesley. Thank you
@patumfernando5839
@patumfernando5839 2 жыл бұрын
🙏🙏🙏❤
@dtagro3690
@dtagro3690 3 жыл бұрын
Super 💓
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dayantyrehouse9782
@dayantyrehouse9782 Жыл бұрын
දහයියා ගෝනි 7 ක් යොදලා කරදහයියා නිෂ්පාදනය කරාම අවසානයේ මුලින් යොදපු ප්‍රමාණයේ අඩු හෝ වැඩි වීමක් සිදු වෙනවා ද....? බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම
@dtagro3690
@dtagro3690 3 жыл бұрын
Super
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@hameedakundih8134
@hameedakundih8134 3 жыл бұрын
👍👍👍👍👍👌👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@amilapasan1139
@amilapasan1139 2 жыл бұрын
ela
@indikaperera4250
@indikaperera4250 3 жыл бұрын
නිහාල් මහතාණෙනි, පතෝල සහ කැරට් වගාව පිළිබඳව සම්පුර්ණ වීඩියෝවක් දමන්න. විශේෂයෙන් පතෝල මල් පරාගණය කරන හැටි අපි දන්නේ නෑ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@craaaaaaazy22
@craaaaaaazy22 Жыл бұрын
From where can we buy bio char?
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 2 жыл бұрын
නිහාල් මහත්මයා 👍👍👍
@villagelifetravel2023
@villagelifetravel2023 2 жыл бұрын
❤️❤️❤️❤️
@mazeerahmadh7158
@mazeerahmadh7158 3 жыл бұрын
✌♥️♥️♥️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@planttechnology
@planttechnology 3 жыл бұрын
❤️❤️❤️🌱✌️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@dilakshierandika3201
@dilakshierandika3201 2 жыл бұрын
බොහොම ස්තුතියි ..
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 2 жыл бұрын
Leslis Agri Agreat very much greater
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dushanthiherath8817
@dushanthiherath8817 3 жыл бұрын
Aiya diyara pohora hadala wikunanna barida kal tiyaganna puluwan kochchara kalayakda wadi wisthara danaganna number ekak denna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0773875589 ගොඩක් ස්තූතියි
@camilsuravira5154
@camilsuravira5154 2 жыл бұрын
මෙම පොහොර අනුරාධපුර ඉන්න අපට ගන්න පුළුවන් කොහෙන්ද?
@isururuvinda3326
@isururuvinda3326 3 жыл бұрын
Godakma satutui obalage utsahaya pilibandawa.kalu rattaran kiyannet okamada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 3 жыл бұрын
Aubowan ,nihal mahaththayo ithihasaya hariyata hoyanna.suddata kalin ape peranno heen govithanadi denada 1000-15000 kata kalin oya aguru bavitha karala thiyanawa.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nadee53
@nadee53 3 жыл бұрын
Eya kiwwe research ekak gena....nethuwa nehei kiwwe nene
@dulajkavindu8246
@dulajkavindu8246 Жыл бұрын
බුලත් වලට හොදයිද
@kaluarachchiharischandram2633
@kaluarachchiharischandram2633 2 жыл бұрын
nihal
@nadeeradilshan7826
@nadeeradilshan7826 3 жыл бұрын
මට කියනවද බන්ඩක්කා මෑ පැල බදුන් වල ගෙවත්තේ පස් වලින් හිටෙවුවෙ මතු පිටින් මොනවද දාන්න පුලුවන් පොහෙර
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කොම්පස් ,ගොම ,එලු පොහොර ,කුකුල් පොහොර ගොඩක් ස්තූතියි
@lawranceranjith7146
@lawranceranjith7146 3 жыл бұрын
Isthuthi.agayame.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@jadrshan
@jadrshan 3 жыл бұрын
අපේ ලංකාවේ වසර 2500 ට පෙර හේන් වගාව තිබිලා තියෙනවනේද ? ඔය ඇමසන් වනාන්තරේ කතාවට පෙරයි bio char ලංකාවේ භාවිතා කලේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@nimalshantha4201
@nimalshantha4201 3 жыл бұрын
කරදහයියා ඇත්තටම ඔිකිඩි වගාවට යොදන්න පුළුවන් ද නිහාල් මහත්තයා ....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පුලුවන් ගොඩක් ස්තූතියි
@dineshdammika1909
@dineshdammika1909 Жыл бұрын
12
@kandiahjegatheesan3906
@kandiahjegatheesan3906 2 жыл бұрын
English tamil
@prasannawickramasinghe7657
@prasannawickramasinghe7657 2 жыл бұрын
ඉතින් මහත්තයා අපේ හේන් ගොවිතැන ඕකනේ
@wijeratnehewage8540
@wijeratnehewage8540 2 жыл бұрын
W5"
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 152 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН