පුරාවෘතගත රාක්ෂගල සොයා තනිව ගිය ගමනක් |Solo Camping | Rassagala |Historical places in Sri Lanka|

  Рет қаралды 53,869

Solo Hiker

Solo Hiker

2 жыл бұрын

#Rassagala #Solocamping #darkforest
Buy mi original power bank from
www.boonfair.lk
boonfair.lk/
Redmi 20000MAH : bit.ly/3skKFx9
Mi 10000MAH : bit.ly/3LdJSqj
රාස්සගල සම්බන්ධ මෙහි සඳහන් වන පුරාවෘත සහ කටකතා වල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබද මා වගකීමක් නොගන්නා අතර ඒ පිළිබද තීරණය කිරීම ඔබ සතුය. ඉපැරැණි පුස්කොළ පොත් වල සඳහන් සාක්ෂි සහිතව තිබෙන කරුණු තුලින් යම් කරුණු පිළිබද සත්‍යතාවයක් පැවතුනද ඒවා පිළිබඳවද තීරණය ඔබ සතුය.
තනිව මෙම ගමන මා විසින් ගිය නමුදු කිසිවෙකුට මෙය තනිව නොයන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි.
කණ්ඩායමක් සමඟ වුවද කා බී විනෝද වීමට මෙහි නොයන ලෙසද ඔබගේම යහපත පිණිස ඉල්ලා සිටිමි.
බළල් දිවියන් පමණක් වෙසේ යැයි සිතූවද අති විශාල දිවියෙක් මෙහි සරණ බවට මගෙ ඇස් ඉදිරිපිටම මනාවට පසක් වූ බැවින් ද එය එක් කාරණාවක් පමණක් බවද මෙහි යාමට ඔබ අදහස් කෙරේ නම් සිත් තබාගන්න.
මෙම රූපරාමු පෙළ පැයක පමණ කාලයකට කැටි කරනු ලැබුවේ
ගමනේ මා විඳි හුදෙකලා අත්දැකීම් ඒ අයුරින්ම ඔබට සමීප කිරීමේ අදිටනින්ය.
මෙම රූපරාමු නිදහස් පරිසරයක සිට නිදහස් වෙලාවක සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ඔබට එම අත්දැකීම තරමක් හෝ විඳගැනීමට හැකිවෙතැයි මා විශ්වාස කරමි .
Video ව සම්බන්ධ ඔබගේ අදහස් උදහස් ඉතා ඉහළින් අගයන බැවින් අදහස් වචනයකින් හෝ ප්‍රකාශ කල හැකිනම් මැනවි
ස්තූතියි - Solo Hiker 🙏❤💙🌿
Music provided by HearWeGo (goo.gl/nDS3zR)
Artist: The Ambientalist
Title: Beautiful
Listen on KZbin: • The Ambientalist - Bea...

Пікірлер: 662
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
රාස්සගල සම්බන්ධ මෙහි සඳහන් වන පුරාවෘත සහ කටකතා වල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබද මා වගකීමක් නොගන්නා අතර ඒ පිළිබද තීරණය කිරීම ඔබ සතුය. ඉපැරැණි පුස්කොළ පොත් වල සඳහන් සාක්ෂි සහිතව තිබෙන කරුණු තුලින් යම් කරුණු පිළිබද සත්‍යතාවයක් පැවතුනද ඒවා පිළිබඳවද තීරණය ඔබ සතුය. තනිව මෙම ගමන මා විසින් ගිය නමුදු කිසිවෙකුට මෙය තනිව නොයන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි. කණ්ඩායමක් සමඟ වුවද කා බී විනෝද වීමට මෙහි නොයන ලෙසද ඔබගේම යහපත පිණිස ඉල්ලා සිටිමි. බළල් දිවියන් පමණක් වෙසේ යැයි සිතූවද අති විශාල දිවියෙක් මෙහි සරණ බවට මගෙ ඇස් ඉදිරිපිටම මනාවට පසක් වූ බැවින් ද එය එක් කාරණාවක් පමණක් බවද මෙහි යාමට ඔබ අදහස් කෙරේ නම් සිත් තබාගන්න. මෙම රූපරාමු පෙළ පැයක පමණ කාලයකට කැටි කරනු ලැබුවේ ගමනේ මා විඳි හුදෙකලා අත්දැකීම් ඒ අයුරින්ම ඔබට සමීප කිරීමේ අදිටනින්ය. මෙම රූපරාමු නිදහස් පරිසරයක සිට නිදහස් වෙලාවක සම්පූර්ණයෙන්ම නැරඹීමෙන් ඔබට එම අත්දැකීම තරමක් හෝ විඳගැනීමට හැකිවෙතැයි මා විශ්වාස කරමි . Video ව සම්බන්ධ ඔබගේ අදහස් උදහස් ඉතා ඉහළින් අගයන බැවින් අදහස් වචනයකින් හෝ ප්‍රකාශ කල හැකිනම් මැනවි ස්තූතියි - Solo Hiker 🙏❤💙🌿
@shavindipathirana
@shavindipathirana 2 жыл бұрын
💚
@achinimadhusha2681
@achinimadhusha2681 2 жыл бұрын
වචන කිහිපයක් ප්‍රකාශ කිරිමට කැමැත්තෙමු....මා වෙසෙන්නෙ මෙහි.... ලොකු යාලුවෙක් ඉන්නවා මෙහෙ එයාව ගොඩාක් අය දැකල නෑ...නමුත් මාත් එයාව ලස්සනට දැක්කා...අද වෙනකම් කාටවත්ම කිසිම කරදරයක් කරලා නෑ එයා...ගමට එනවා එයා, හරිම ලස්සනයි ❤️එය ගැන දන්නෙත් නෑ කවුරුවත් , නමුත් ඔයා දැක්කා එකත් වාසනාවක්....නමුත් මේක නිසා එයාට හිරිහැරයක් වෙලා එයා දැන් නෑනේ කියලා අහන්න මමනම් කැමතිම නෑ.... ලංකාවේ මිනිස්සු කියලා ඉන්නෙ අතලොස්සක් විතරයි.....මන් ඔයාගේ ෆේස්බුක් පේජ් එකෙන් වගේම ඔයාගේ මේ චැනල් එකත් බලන විදින කෙනෙක්.....මට ඇත්තටම බයක් දැනුනා එයා ගැන ඔයා කියනකොට නම්..... එකක් කියන්න ඕන එයාගේ එරියා එක විනාස කරන්නෙ නැතුව එයාගේ නිවහනට හානි නොකර ඉන්න තාක් කල් එයා කිසිම දෙයක් අපට කරන් නෑ,බය වෙන්න අවශ්‍යත් නෑ කවුරුත් 💚🙏 ඔබට ජය ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@achinimadhusha2681 මට fb එකෙන් massage එකක් දාන්න පුළුවන්ද ??
@achinimadhusha2681
@achinimadhusha2681 2 жыл бұрын
@@Ceylonsolohiker මම ඔයාගේ වචන දෙක තුන ඇහුන ගමන් ෆේස්බුක් ඔයාගෙ මධුශාන් නෙරංජන් කියන එකවුන්ට් එකට මැසෙජ් එකක් දැම්මා...බලන්න ❤️
@_frame_of_mind_
@_frame_of_mind_ 2 жыл бұрын
E denuna nidahasa api mehe idan winda 🥺❤🔥
@maneeshasangeeth8864
@maneeshasangeeth8864 2 жыл бұрын
ලංකාවේ සුපිරිම හිට් එකක් වෙන්න ඕන කොල්ලෙක්.කැපවීම අධිශ්ඨානය උත්සහය උපරිමයි සහෝ 😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝ 🖤🌿❤
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍💯🔥❤️😍 good luck
@mathewlakruwan1664
@mathewlakruwan1664 2 жыл бұрын
හෙට A/L තියෙද්දිත් අද මේක බැලුවා😍 විභාගෙ හින්දා අවුල් වෙලා තිබ්බ ඔලුවට මාර නිදහසක් ආවේ බලපුහම❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
හොඳටම හෙට ලියලා එන්න ජයම ❤🌿💙
@mansaranna
@mansaranna 2 жыл бұрын
Good job brother! Appreciate! Great experience 💙🌿
@crazykiller1603
@crazykiller1603 2 жыл бұрын
මං සරන්නා💖S͏O͏L͏O͏ h͏i͏k͏e͏r͏ ආසම චරිත දෙක😇💖හැම විඩියො විඩියොස් බලනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank u brother ❤💙
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
👽🧐🥴
@user-im5eq9dr1q
@user-im5eq9dr1q 2 жыл бұрын
mn saranna❤️
@SD-yi6lq
@SD-yi6lq 2 жыл бұрын
Sailor,dinesh a pathum,man saranna,solo hiker Favorite 🔥
@chathurangadissanayaka1507
@chathurangadissanayaka1507 2 жыл бұрын
සොබා දහමට ආදරය කරන සොදුරු මිනිසෙක්. අම්මට උපමා කරලා දුන්න උපදේශය හරිම වටිනවා.මෙවන් සොබාදහමට ආදරය කරන මිනිසුන් රටට වාසනාවන්..🙏🙏🙏🥰 ජය වේවා...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම 💙❤🌿🙏
@chathunikavisha2639
@chathunikavisha2639 2 жыл бұрын
නියමයි අයියේ..යහන්ගල video එක බැලුවම මන් comment එකක් දැම්මා film එකක් බැලුවා වගේ කියලා.ඒත් මේක බලද්දි ඒ feeling එක ඊටත් වඩා දැනුනා..solohiker කිව්වොත් සුපිරියක් තමා ඉතිම්🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💙🌿❤
@user-yx2wj3vd1l
@user-yx2wj3vd1l 2 жыл бұрын
මේ වගේ සරල ,traveller කෙනෙක් දකින්නේ හරි අඩුවෙන් ජය වේවා අයියේ ,😊😊😊👏👏👏👏👏👍👍👍👍🏕️🏕️🏕️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම මලයා 🖤❤🍃
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
අනේ පුතේ ඔයා ඔය යන ගමන් පරිස්සමින් යන්න ඔයාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා දෙවි පිහිටයි
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
කැපවීම උපරිමයෙන්ම..... පරිස්සමින් අයියා !! 🥰🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🌿❤💙
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
"රාස්සගල " මට දැනුනේ බය හිතෙන හීනෙක මහ කැලේක අතරමං වෙලා වගෙ මන්... මේ වීඩියෝ එකෙ සමහර තැන් නොදැනීම තැති ගැන්නුනා හරියට මන් ගියා වගේ... මේ වගේ Risk එකක් ගත්ත එකම එක කොල්ලා ඔයා ද කොහෙද . මේ වීඩියෝ එක නම් ඔයාගෙ පවුලේ අය බලන්න එපා ඇත්තටම බය හිතෙනවා 🌍😭❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🥲 ඔව් ඒකනම් ඇත්ත
@navoddilshan5283
@navoddilshan5283 2 жыл бұрын
තැන තැන කුණු දාන තිරිසන් වැඩ කරන්න එපා කවදාවත් ... 😖😖 මම පෞද්ගලිකව සතුටුවෙනවා මම කවදාවත් කාපු ටොෆියේ කොලේවත් බිම නොදාන එක ගැන..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙❤🌿
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
අනේ පුතේ ඔයා ඔය යන ගමන පරිස්සමෙන් යන්න ඔයාට සියලු දෙවියන්ගේ ආශීර්වාද ලැබේවා තෙරුවන් සරණයි
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
ජය වේවා ❤🍃✌️ කැපවීම තීනවනම් ලංකාව කියන්නෙ Traveling ජීව්තේ කරගත්ත කොල්ලොන්ට ජීවිතයක් ❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම 💚❤🖤
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ගොඩක් වටිනවා මේ වගේ අති සුන්දර තැන් ඉතාම දුශ්කර ගමන් මාර්ග තරණය කර, ඉතාම හොඳ වටිනා අයුරින් ලංකා වාසී, ලෝක වාසී අප සැමටම බලන්නට, රස විඳින්නට සලස්වන දයාබර පුතේ, තුති වේවා ඔබට. සියලුම යහපත් බලාපොරොත්තු Esta Sidda වේවා. 33 n කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා විසින් රැක දේව. ආරක්ෂාකර දේව. ගොඩාක් ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරයක්. පරිසර හිතකාමී මෙවැනි දරුවන් අපේ හෙළ බිමට ආශිර්වාදයක්. බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!!
@user-vy9sr9rs7f
@user-vy9sr9rs7f 3 ай бұрын
මාරම නිදහස් තැනක් අය්යෙ මාරම සැහැල්ලුවක් තියෙන්නේ බලල්දී ලංකාව කියන්නෙම පට්ට ලස්සන රටක්‌ ආදරෙයි ගොඩක් යන අයට කියන්න තියෙන්නේ පරිසරේට ආදරේ කරන්න කුණු දන්න එපා විදලා එන්න අරන් ගියපු දේවල් අරන් මේ සොබාදහම රකිමු අපි අනාගතේ කට්ටියට මේ තැන් සුරකිමු අය්යෙ ඔයට ජයවේවා මේ ලස්සන තැන් අපට පෙන්නවට ආදරෙයි අය්යෙ තව ලස්සන දේවල් කරන්න අය්යට ලොකු ගමනක් යන්න පුළුවන් මං පාර්ථනා කරනවා ආදරෙයි අය්යෙ ❤️❤️🌼
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 2 жыл бұрын
අන්තිම වචන ටික " මේ තමයි අපේ අම්මා..." අම්මාට උපමා කරලා හදවතට දැනේන ලස්සනම වචන ටිකක්..🌎❤️🌳.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤
@rathnasirium21
@rathnasirium21 Жыл бұрын
මං හිතන්නේ රාස්සගල ගමේ මිනිස්සු වත් මේ adventure experience එක විදලා නැතිව ඇති .ජයවේවා environmentalist
@malindupasan
@malindupasan 2 жыл бұрын
Another interesting video & keep doing good things.👌❤🍃
@nisalazdiary
@nisalazdiary 2 жыл бұрын
විඩියෝ එක බලනගමන් කමෙන්ට් බලන්න ආපු අය කෝ ♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
😀🌿💙❤
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
Aththatama marama lassanai macho puduma sanasimak hithata danenne a wage thanaka jiwath wenna thiye nam kiyala hithenawa marama sanasimak ne hithata danenne.. Theruwan saranai saho parissamin ....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏💙🌿❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
සුපිරි අත්දැකීම්ක්..හරිම ලස්සනයි කොල්ලො...ජයම වෙවා 👍👍👍👍
@HorizonTracker
@HorizonTracker 2 жыл бұрын
අම්මෝ සුපිරි වීඩියෝ එක ඒක නම්❤️❤️💪
@anuhas-jt8wn
@anuhas-jt8wn 2 жыл бұрын
Asama charithayak! much love aiye!!!❤💫
@dasunwickramasekara8898
@dasunwickramasekara8898 2 жыл бұрын
Presenting,Camera Angles,Video Quality okkama niyamai ❤️📸 Subscribers la thwa godak inna oni channel ekak.. grow up soon.. All the best bro.. ❤️ Keep up the good work..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you brother 💙❤🌿
@nature8208
@nature8208 2 жыл бұрын
අහම්බෙන් ඔයගෙ video 1 දැකල බැලුව. දැන් නම් video 1 දානකන් බලන් ඉන්නෙ.මාරම සතුටුයි සහෝ ඔයා ගැන . සොබාදහම ට ආදරය කරන මනුස්සයෙක් හොඳ හදවතක් ❤️.ඉස්සහට තව තවත් මේ වගේ video ඔනේ . ජය වේවා.
@imashasewwandi526
@imashasewwandi526 Жыл бұрын
Oya nm pissuwak aiye🥺❤️ Supiri vedio ekk meka nm❤️🔥
@chathurangachathuranga7677
@chathurangachathuranga7677 2 жыл бұрын
Aththatama oyage videos nm niyamai. Lassanai. Asa hithenava. Good luck. Digatama karagena yanna. Budu saranai.
@denuri8892
@denuri8892 2 жыл бұрын
Great brother 💚🌿🍀 Good luck ✊🗺
@hashMadu
@hashMadu 2 жыл бұрын
උදේ අහම්බෙන් වගේ tik tok එකෙන් video දැකලා.youtube එකෙන් හොයන් ආවෙ.උදේ පටං ගතත පාර තාමත් බලනවා වෙලාව 2.44 යි.ඇත්තටම මාරම ලස්සනයි.ඒක වචන වලින් කියන්න බෑ.ඔයා තනියෙන් යන නිසාමද මන්දා අපිටත් ඒ feeling එක ඒ විදිහටම දැනෙනවා.අද දවසෙම ඔක්කොම ටික බලනවා.ඔයාට ගොඩක් ස්තූතියි මේ කරන වැඩේට.පරිස්සමෙන් හැමදාමත්.බුදුසරණයි.
@budgetdara1158
@budgetdara1158 2 жыл бұрын
පට්ට video එක මචන්. තවත් මේ වගේ හොද දේවල් කරලා ලංකාවේ සුන්දරත්වය ලෝකෙට පෙන්නන්න ශක්තිය දෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.ජය වේවා සහෝ 🔥🇱🇰❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🌿❤💙
@niroshawelagedara3838
@niroshawelagedara3838 Жыл бұрын
Ammoooo ,,,හරිම ලස්සනයි ,,video එක බලලා හිතට මෙච්චර සැනසීමක් දැනෙයි නම් ,,ගිහින් බලද්දී කොහොම ඇතිද ......ගොඩක් ස්තූතියි මේ විදියට වීඩියෝ දාන එකට...🙏 පරිස්සමින් මල්ලි .
@madushasilva7286
@madushasilva7286 2 жыл бұрын
ඔබගේ යහපත පිණිස තව යාලුවෙඅක් සමග යනවා නම් හොදයි සොබා දහම විසින් ඔබව රැක ගන්වා සුන්දර දුර්ලබ පරිසරයක් අප රට තුල දැකීමත් බාගයක් ජීවිතේ සුන්දර අත් දැකීමක් ආසයි විදින්න 🌹
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 9 ай бұрын
සුපිරියි අයියා 🔥🔥😍😍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 жыл бұрын
අයියා ජය🔥😍♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ජයම 🌿❤💙
@thetravelerclick
@thetravelerclick 2 жыл бұрын
නියම වැඩක්. 😍💚🍃 නොගිය තැනකට එක්කන් ගියාට බොහොමයක් ස්තුතියි.
@japanagaming2349
@japanagaming2349 2 жыл бұрын
Niyamai film ekk wge okkoma baluwa budusarani 😍♥️
@cooking2673
@cooking2673 2 жыл бұрын
Solo hiker කිව්වොත් සුපිරියක් තමා ජය වේවා අයියේ 🥰❤️‍🔥
@gimarapiyumali9116
@gimarapiyumali9116 2 жыл бұрын
ඒක තවත් වෙනස්ම විදිහේ අද්දැකිමක් මාරම ලස්සනයි පරිස්සමෙන් අයියා ☘️🌿❤️
@milinda_chamara
@milinda_chamara 2 жыл бұрын
Skip කරන් නැතුවම බැලුවා.video එක මාරම ලස්සනයි.ගැම්මක් අයියා ඔයානම්.ජය වේවා ✊❤️🍃
@sumudithaspatabendi
@sumudithaspatabendi 2 жыл бұрын
Supiri ayya💜️ jaya wewaa..
@buddimaludayanga3969
@buddimaludayanga3969 2 жыл бұрын
සුපිරියක් අයියේ 😍❤💪
@chamaradilshan9730
@chamaradilshan9730 2 жыл бұрын
Superb brother 💪👌❤️
@chaniro3273
@chaniro3273 2 жыл бұрын
Video aka damma kiyanna..parissaman ghin avith thiyanawa...video aka pahadili adii❤❤
@slionz1473
@slionz1473 Жыл бұрын
Great work brother....stay safe.... thank for giving real experience... Theruvansaranai
@amandiperera4807
@amandiperera4807 2 жыл бұрын
ඒක නම් පට්ට අයියා . පරිස්සමෙන් . බුදු සරණයි ❤
@kusalranaweera3347
@kusalranaweera3347 2 жыл бұрын
පට්ටයි අයියේ😍 පරිස්සමෙන්. බුදුසරණයි❤️
@nimeshaanuradha3330
@nimeshaanuradha3330 9 ай бұрын
මේකනම් ඇත්තමයි සුපිරියි....❤❤❤
@harshalakmal7692
@harshalakmal7692 2 жыл бұрын
නියමයි අයියේ,,සුපිරිම වීඩියෝ එකක්,ජයවේවා 👍👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා 🌿💙❤
@apekshajayathissa8586
@apekshajayathissa8586 2 жыл бұрын
එක සුපිරි අයියේ
@focalpointcreativehome2094
@focalpointcreativehome2094 Жыл бұрын
වැදගත් වීඩියෝ ඒකක් සුබ පැතුම්
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
රාස්සගල ගැන තිබ්බ වීඩියෝ වලින් මම දැකපු ලස්සනම වීඩියෝ එක කරල තියෙන්නෙ ඔයා අයියේ...😍💕🌍❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි 🌿💙❤
@lahirukahavita723
@lahirukahavita723 2 жыл бұрын
Thank you brother for sharing your quality video with us🙏🏼 Your a great Asset to our Nature
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
U r welcome brother 🌿❤💙
@surangaviraj9359
@surangaviraj9359 2 жыл бұрын
Niyami ayye oyge video mn blnwa rassagala patta👍👍
@sanjithdilhan6465
@sanjithdilhan6465 2 жыл бұрын
Respect මචං.🌱📷👌 සුභ පතනවා.
@nisansalagamage3821
@nisansalagamage3821 2 жыл бұрын
superb aiyyeee…🌸🌸❤️❤️❤️❤️
@user-vy9sr9rs7f
@user-vy9sr9rs7f 3 ай бұрын
අපේ අම්මා රැකගමු ආදරෙයි ❤️❤️
@shanejayasekara2965
@shanejayasekara2965 2 жыл бұрын
Super Malliya jayawewa oyalata budusarany jayawewa
@walpolasilavissuddhihimi7883
@walpolasilavissuddhihimi7883 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි අයියෙ.ඕනෙම කෙනෙක්ට සොභාදහමේ අසිරිය විදින්න පුලුවන්. ඒත් විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ.ඔයා ලස්සනට ඉදිරිපත් කරනව.මොනව කරත් පරිස්සමෙන් කරන්න අයියේ සොභාදහම කියන්නෙ බුදුදහම එක්ක එකට බැදිල තියන දෙයක්.ඔයා ඒක ආරක්ෂා කරන්න ගොඩාක් මහන්සි වෙනව.ඒ හින්ද ඔයාට කරදරයක් නෑ.අයියට තෙරුවන් සරනයි.
@hithaishigimhana565
@hithaishigimhana565 2 жыл бұрын
හැම වැඩේ වගේම අන්තිමට කරපු වැඩෙත් හරීම වටිනවා. ඒකම පිහිට වෙනවා කරදරයක් නැතුව පහලට එන්න ඔය වගේ හරි ලස්සන, යන්න අමාරු, අමුතු, තැන් වලදී. ඒ අත්දැකීම ඉතා සුලුවට මටත් තියනවා. හරි වටින මනුස්සයෙක් ❤🌏 ඔන්න ගලේ නැතත් හිතේ කොටපු වැඩ🔥 ඔතනට යන්න ආසාවක් තියෙනවා. නමුත් සුලුතරයක් කරන දේවල් නිසා යන එකත් සීමා කරයිද කියලා සාධාරණ බයකුත් එනවා. anyway ලස්සන මනුස්සයෙක්ගේ ලස්සන වැඩක්❤🙏🔥 10 න් 10ම දෙනවා🤩👌🤝🏼
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌿❤💙
@uthpaladhananjaya7975
@uthpaladhananjaya7975 2 жыл бұрын
අන්තිමට කිටපු ටිකනම් ඇත්ත අයිය.අපේ ### පුතාල උන්ගෙ ආතල් එක විතරයි ගන්න හදන්නෙ,පරිසරයට සත්තුන්ට අනිත් මිනිස්සුන්ට මොකක් උනත් උන්ට අව්ලක් නැහැ.හරි වේදනයි ඒකට😒.අයිය හරි ලස්සන අත්දැකීමක් අපිට දෙනව.ඒකට ගොඩක් ස්තූතිය අයියෙ .දිගටම කරන්න මේක.බුදුසරණයි 😇❤️
@tariqbutt-rw4hv
@tariqbutt-rw4hv 2 жыл бұрын
ගොඩක් ලස්සනයි . තවත් me wage ලස්සන than අපිට pennanna සක්තිය ධෛර්යය ලැබෙන්න කියලා parrthana කරනවා . රටක inna අපිට me දේවල් මෙහෙම බලන්න labenawata ඔයාට ගොඩක් isthuthi. බුදු සරණයි .
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
අම්බෝ පට්ට සහෝ.සුපිරි විඩියෝ එකක්.solo camping පිස්සුවක් කරපු කෙනෙක් තමයි 💪💪💪💪.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤💙🌿😊
@n.p.1554
@n.p.1554 2 жыл бұрын
Kiyanna wachana na kollo.. ubanam yakek.. ubata jaya apiwa Supiri hike ekak ekkan giyata.. godak vinda me video eka.. thawa thawath travel krnna wasanawa labewa.. budusaranai 👌🏼💯
@sanjeewachathuranga17
@sanjeewachathuranga17 2 жыл бұрын
සුපිරි video එකක්...හැමදාමත් ලස්සන video දෙනවා ....❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🌿💙❤
@nawindakaushal8151
@nawindakaushal8151 2 жыл бұрын
ලස්සනයි නියමයි..වෙලාව ලැබුන වෙලාවෙ ඉක්මනට බැලුවා..😊❤️ 💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙❤🌿
@user-oo2jo2so1x
@user-oo2jo2so1x Жыл бұрын
Supiri aiyee digtma oni vidiyo ❤️
@sumathinandahimi9907
@sumathinandahimi9907 Жыл бұрын
theruwan saranai oyawage gaman yanakota thaniwama noyanna manda yath eka obage jivithayata watinawa
@LahiruRuviniSL
@LahiruRuviniSL 2 жыл бұрын
ලස්සනයි පරිස්සමින් තවත් වැඩ කරන්න ශක්තිය ලැබේවා
@tharindunawod69
@tharindunawod69 2 жыл бұрын
නියමයි අයියා පැයක් තියනවා දිගටම මේ වගෙ දිග වීඩියෝ ඕනි .... පරිස්සමින් brother ✊❤️💚 good luck ❤️👊✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
එලම මලයා ❤💙🌿
@sayuridananjani8632
@sayuridananjani8632 2 жыл бұрын
yann beri ven thenak lassnata pennuvta oyta tnqqqq. prissmen issrhtatath evidinn gihin apitatath ithin e lassna pennanna. jaya weva aiya
@pasindusandaruwan8379
@pasindusandaruwan8379 2 жыл бұрын
gd job mchn perfect.
@chrishticachrish8295
@chrishticachrish8295 2 жыл бұрын
No words to say ඒක සුපිරී ❤️ ඒ වීව් එක ඇත්තටම වචන නෑ ඒක ගැන කියන්න❤️💫
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙🌿❤
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
මේකට මොනවද කියන්නෙ කියල හිතා ගන්න බෑ ,නිරා මං දැකපු ලස්සනම හිරු උදාව මේක බං . මේ වීඩියෝ එක ගැන මොනව හරි දෙයක් අඩුවෙන් කිව්වොත් ඒක මේ මහන්සියට කැපවීමට කරන ලොකු අසාධාරණයක් වෙයි.ඒ නිසා මොකුත් නොකිය ඉන්නං ,මේක නං පිස්සුවක්,,මොනව නැතත් සොබාදම් මෑණියන්ගෙ දරුවෙක් වෙච්ච උබට හැමදාම එතුමියගෙ ආරක්ෂාව ,ආශිර්වාදය තියෙනවා .💚🌿💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මචන් ❤💙🌿🙏
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
@@Ceylonsolohiker එලම
@praveendissanayaka7646
@praveendissanayaka7646 2 жыл бұрын
Hoya hoya hitiye boza
@isharamadushani9180
@isharamadushani9180 2 жыл бұрын
එකෙන්ම ගැම්මක් තමා 💕💕🌿🌿 විඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ බ්‍රෝ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤🌿💙😊
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
නියමයි සහෝදරයා ජය වේවා 👌👌👌👌👌👊👊👊👊👊
@mdsyery9368
@mdsyery9368 2 жыл бұрын
niyamai malli budu saraai oyata
@chinthakabandara4878
@chinthakabandara4878 2 жыл бұрын
Maru aiya සුපිරි 🤩🤩🤩🤩❤️❤️❤️❤️❤️
@pasindudeshan6291
@pasindudeshan6291 2 жыл бұрын
සුපිරි අයියේ ❤️❤️
@lasathrandika96
@lasathrandika96 2 жыл бұрын
Supiriyak tmy madda ayye. Comment nodammata balanawa hama ekama♥️🔥
@ceylon_travel_hacker
@ceylon_travel_hacker 2 жыл бұрын
අයියන්ඩි... වීඩියෝවත් එක්ක අපිවත් රාක්ෂගල එක්කගෙන ගියාට.. ස්තූතියි💖 පරිස්සමින්..අයියා..🍀🍃💚
@prabathchamila5939
@prabathchamila5939 2 жыл бұрын
niyamai aiyaaaa...😄😍
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
අම්මො.ඒක නම්.සුපිරියක් සගෝ ආදරෙයි පරිස්සමින් ජය වේවා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ආදරෙයි 💙🌿❤
@ganganathjayavinda769
@ganganathjayavinda769 2 жыл бұрын
සුපිරි❤🔥
@nadeekasamarasekara8755
@nadeekasamarasekara8755 2 жыл бұрын
Oya Gena hama video ekakma apita godak vatinava thank you 👍🙏💐
@user-up8ru3dt2o
@user-up8ru3dt2o 2 жыл бұрын
ඒකනම් සුපිරී අයියා දිගටම මේවගේ වීඩියෝ ගේන්න ඔයත් පරිස්සම් වෙන්න ජයවේවා ආදරෙයි සගෝ ❤❤✌️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ආදරෙයි ❤💙🌿
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 2 жыл бұрын
ජයවේවා..... වැඩ් වැඩියෙන් ට්‍රැවල් කරන්න හැකිවේවා.....😍😍😍😍
@chamaramadushanka1718
@chamaramadushanka1718 2 жыл бұрын
සුපිරි මචන්... ❤️❤️❤️❤️
@supundilshanphotography5978
@supundilshanphotography5978 2 жыл бұрын
Maru brother jaya wewa .polonnaruwe kollek ❤️❤️❤️
@chamodbandara3
@chamodbandara3 2 жыл бұрын
සුපිරි අයියා❤️💪
@madusankalakmal8804
@madusankalakmal8804 2 жыл бұрын
Good job💙
@aroundsrilanka
@aroundsrilanka 2 жыл бұрын
නියමයි නේ... super 👌👌
@rajithabalasooriya7538
@rajithabalasooriya7538 2 жыл бұрын
ගැම්මක් තමා අයියා ෆිල්ම් එකක් බැලුවා වගේ 💚😍🔥🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ❤🌿💙
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Ammooooo Putha apiwath arangiyawag Hondama video va Samma sambudusarni Manmulawe yaddi bayaine Jayaweva! !!!!.
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ❤
@kavindaliyanage5526
@kavindaliyanage5526 2 жыл бұрын
I breathed with you from the beginning of the hike to the end. stay safe brother.
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Harima lassanai. Paressamin putha
@travelwithnalaka9563
@travelwithnalaka9563 2 жыл бұрын
නියමයි සහෝදරයා ❤️💪
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . ඔබට බොහොම ස්තුතියි . දිරිය , ශක්තිය ලැබේවා . යන තැනක පරිස්සමෙන් . එතන පිරිසිදු කලාට පින් .අපේ අය ගියොත් එතන වනසලා එන්නේ . පරිසරය ගැන කිසිම හැගීමක් නෑ.
@imeshamaduwanthi3262
@imeshamaduwanthi3262 2 жыл бұрын
Bs aiya ❤️
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 80 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 80 МЛН