Mahadorowwa Camping | මකරයට යන අතරමග ගල් ඔය ඉවුරේ අලිත් එක්ක රැයක් | Elephants in Sri Lanka-2 | 4K

  Рет қаралды 86,954

Dinesh A Pathum

Dinesh A Pathum

9 ай бұрын

"අඩ නින්දෙන් මෙන් ඇසෙන්නට වූයේ "දිනේෂ්.." "දිනේෂ්.." යනුවෙනි.. ඉතා අපහසුවෙන් විවර කල දෑස් ඉදිරිපස තනිකරම අන්ධකාරය මිස වෙනයම් ආලෝකයක් නොවීය. "අලියා ගගේ... අහං ඉදපං සද්දේ.." "ගිණි මැලය නිමිලා.. වරෙං ඒක පත්තු කරන්න්න.." රහසින් මෙන් ලොකු පීරිස් මා හට පැවසූ ඒ වදන් කිහිපය මාගේ නිදි බර මනස මොහොතකින් අවධි කරවීය. හෝස්.... හෝස්ස්ස්... යන හඩ නංවමින් වතුරේ එහාට මෙහාට පා කිදවන හඩ ඇසෙන්නේ අප රැදී සිටි කදවුරු භූමියට මීටර් විස්සකට එහායින් ගලා යන ගල් ඔය දිශාවෙනි. හනි හනිකට ගිණි මැලය වෙත ගිය මමත් ලොකු පීරිසුත් විසිරී ගිය බාගයකට දැල් වී අගුරු වී තිබු දර කැබලි එකතු කොට නැවතත් ගිණි මැලය දල්වා ගත්තේ "මේ අප ඉන්නා ඉසව්වයි" යන පණිවිඩය හස්තීරාජයින්ට ලබා දීමටයි. කෙසේ වෙතත් මේ මොහොතේ සිට එළි වන තෙක්ම නිදි වරිජිතව ගෙවා දැමීමට සිදුවීම කදවුරු භූමියක සාමාන්‍යයෙන් සිරිතයි.
මේ මහදොරොව්ව කදවුරු රාත්‍රියේ ලද අත්දැකීම් සමූහයෙන් එකක් පමනකි. තව බොහෝ සිදුවීම් එමටය. ඒ සියල්ල රූප රචනාවෙන් නරඹමු.
ආයුබෝවන් මම දිනේෂ්
This video is the second stage of the incredible journey to learn more about Sri Lankan elephants. This video begins at the Mahadorowwa camping site, where there is no coverage and no humans to be found. It is a forest near Senanayake Samudraya, the most extensive reservoir and man-made lake in Sri Lanka. There were a few unexpected discoveries and interesting incidents where we faced. This is a magnificent experience. I hope you enjoy the video.
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 502
@sagarapeiris1571
@sagarapeiris1571 9 ай бұрын
හැකියාවක් ලැබුනනම් , මේ සුන්දරත්වය ලෝකෙම නොදුටු අයට පෙන්නන්න මගේ රට තමයි ලස්සනම කියා........❤❤❤❤
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 9 ай бұрын
ඔබ හරි ලොකු පීරිස් අපේ රට කොයිතරම් සුන්දර රටක්ද කියලා ලෝකය ම දකින්න ඕනෑ තමයි ඔබට ත් ස්තුති යි
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
දිනේෂ් අයියගේ හෙවණැල්ල ,ලොකු අයියා 💚🙏😇 ඇත්තමයි..🇱🇰😍 ඒ ලස්සන ලෝකය අතරට ගෙන යන්නේ ඔය දෙන්නා🙏🥹 අදත් වික්‍රමාන්විත රූප රචනාවක්, ගොඩාක් ලස්සනයි 💚 පරිස්සමෙන් 🙏
@indikaudayashantha4181
@indikaudayashantha4181 9 ай бұрын
අනිවාර්යයෙන්...සගයා.. දිනේෂ් ,ඔයා මේ පණිවිඩය ලෝකේට දිලා ඉවරයි....ඒකයි ප්‍රේක්ෂකයන් DAP වටා අත් වැල් බැදන් ඉන්නේ...ආදරෙයි ලොකු පිරිස් ❤❤❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
ලොකු හයියක් ජයවේවා!
@sagarapeiris1571
@sagarapeiris1571 9 ай бұрын
@@user-dh1to5zx9m ❤️
@HadeanEon7917
@HadeanEon7917 9 ай бұрын
සති අන්තය ට බලන්න වික්‍රමාන්විත දිගහැරුමක්...ස්තුති...මෙවන් පුතුන් ලබන්න අම්මලා තන්තලා මොන තරං පිං ඇති අය වෙන්න ඕනෙද..! විජය වෙවා.... දිනෙෂ්, ලොකු පීරිස්, සහන් අනිත් සියලු දෙනා...විජය වෙවා....💚💥
@taroisl
@taroisl 9 ай бұрын
කොතන හිටියත් බලන් ඉන්නෙ වෙනසක් එක්ක ඔබේ රූප රචනා බලන්න.. ඊශ්‍රායල් මිනිස්සුන්ට මේවා දැක්කම හිතා ගන්න බැරිලු අපේ රට මේ තරම් ලස්සනද කියල..ස්තූතියි ඔබට🙏
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
ඒ අලි සොබාදහමේ සොඳුරු මිනිසුන් ට නැ කරදයක් මකරය අහලවත් නැ වගේ බලා සිටිමි ජයවේවා!
@YT_Music47
@YT_Music47 9 ай бұрын
ස්භාදහම විදින්න ඉගැන්වූ ගුරුතුමා..🥺❤️
@nilanthinilanthi22
@nilanthinilanthi22 9 ай бұрын
ඇබ්බැහි වෙනවනම් හොදම මත්ද්‍රව්‍ය සොබාදහම❤
@user-wn5zj7wt2x
@user-wn5zj7wt2x 9 ай бұрын
Long Weekend ගෙවාගන්න මේ ඇතී හොදටම ආදරෙයී පරිසරයට ආදරේ කරන සොදුරු සන්චාරකයා💚
@nawodawijekoon9883
@nawodawijekoon9883 9 ай бұрын
DAP♥️ හදවතේ සංචාරකයා💚🤍 ඇත්තටම හරිම ලස්සන රූප රචනයක් අයියේ..
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
නවකතාවක් වගේ තිබුනු පද රචනාව කියවලා මෙහෙම සුන්දර රූප රචනාවකින් ඒ සුන්දර ලෝකය දකින කොට දැනෙන හැගීම💚🥺❤ බොහොම ස්තුතිය අයියේ ❤
@RavinduMalshan9890
@RavinduMalshan9890 9 ай бұрын
❤👣🍃වැස්සයි දිනේෂ් අයියාගේ වීඩියෝ එකයි පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗.
@hornetlovers2023
@hornetlovers2023 9 ай бұрын
ඇත්ත ❤️
@malshanraviranga8163
@malshanraviranga8163 9 ай бұрын
ඔයා වගේ පරිසරයට ආදරය කරන කෙනෙක් මෙලොවට බිහිකරපු අම්මටයි තාත්තාටයි ගොඩක් පින්
@chanakatilina7786
@chanakatilina7786 9 ай бұрын
මචං මම ගුවන් හමුදාවෙ සෙබලෙක් මගෙ මරා ආසවක් සහා සිහිනයක් මේ ට්‍රැවලින් කියන විශය එත් අපට නිවාඩුව ගොඩක් දුරට හරස් වෙනවා එ නිසාම එ සිහිනය සැබෑවක් වෙන්නෙ ඔයාගෙ මෙ විඩියො නිසා ඔයාට ගොඩක් ස්තුති මගෙ මාර ආසවක් තියෙනවා ඔයාලට ජොයින් වෙලා මේ වගෙ සන්චාරයකට
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
mata insta message ekak danna saho
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
🌿 තවත් වික්‍රමාන්විතයක දිගහැරුම❤️🇱🇰🙏 තබන්න DAP මංසළකුණු පුරාවෘත්තයක් පුරාවට❤️🌿 දිනේෂ් අයියත් එක්ක ලොකු අයියා ඉන්නම ඕනේ,ඒ වීඩියෝ සම්පූර්ණයි. වික්‍රමාන්විත බව,හාස්‍යජනකබව ඉහලිනම දකිනවා. කියන්න වචන නැති තරමට මේ වීඩියෝ එකත් ගොඩාක්ම ලස්සන වේවී..දුෂ්කරත්වය කැමරා කාචයකින් අපිට හරි හැටි නොපෙනුනාට,ඔයාලා දෙන්නට ඒ හැම අභියෝගයක්ම ජයගන්න ශක්තිය,දෛහිරිය තියනවා. 🌿දුෂ්කරත්වය නිමා වෙන්නේ සුන්දරත්වයෙන් 🌿 සොබාදහමට ආදරේ කරන ඔයාලට සොබාදහමේ ආරක්ෂාව ආශිර්වාදය තියනවා.🙏 පරිස්සමෙන් හැමදාමත්❤️🙏
@ruvinimedagedara
@ruvinimedagedara 9 ай бұрын
හිත නිවන භාවනාවක්...❤ මොන තරම් නිදහසක් ඇතිද? ☺️😍දවසක යනවමයි මෙහෙම විදින්න සොබාදහම.. බොහොම පින් දිනේෂ් අයියා මේ ලස්සන බලන්න අවස්ථාව දුන්නට...හස්තීන් සහ මිනිසුන් අතර එකල සිට පැවති සංහිඳියාව නැවත ගොඩ නැගේවා... සොබාදහමට, වනසතුන්ට පණ වගේ ආදරය කරන රකින මිනිසුන් බිහිවේවා... 🙏❤ මේ භූමියේ 90% ක්ම අයිතිකරුවන් ගස් කොලන්, වන සතුන්..🌿🐘🐒 මිනිස්සු නම් නෙවෙයි..💚
@kadimai7717
@kadimai7717 9 ай бұрын
සෝලෝ හයිකර් ,මං සරන්නයි සෙට් කරං කෑම්ප්පින්ග් එකක් බලන්න ආස අය මෙ කොනට 🙃
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 9 ай бұрын
මේ වීඩියෝ එකේ අමුතු එකක් තියෙනව විශේෂයෙන්ම අර අලිය කෑ ගහන එකත් එක්ක ඒ පරිසරය එහෙම මාර ලස්සනයි
@dilrukshisanju3483
@dilrukshisanju3483 9 ай бұрын
ලොකු piris අයියාගේ car ekata pin සිද්ධ wenna one
@madhawagamage8000
@madhawagamage8000 9 ай бұрын
Safari jeep < ලොකු පීරිස් අයියගෙ car එක 😅
@yamankohehari
@yamankohehari 9 ай бұрын
බලන්න ගත්තාම නවත්තන්න හිතෙන්නේ නෑ...එකෙන්ම හදවතේ සොදුරු සංචාරකයා ❤❤💯💯
@user-wn5zj7wt2x
@user-wn5zj7wt2x 9 ай бұрын
අපී එකතුවෙලා ඒ අහින්සක සත්තු වෙනුවෙන් දෙයක් කරන්න ඔනී අයීයා මම කැමතියී කොයී හරී තැනකින් ඔයා ඒ වැඩේ පටන්ගන්නවානම් අනීවාර්යෙන්ම පුලුවන් හැමදේකටම උදවු කරනවා මොකක් හරී වැඩපිලිවෙලක් පටන් ගමු ඒ අහින්සකයන්ට සාදාරනයක් ඉටු කරන්න😢
@sagarapeiris1571
@sagarapeiris1571 9 ай бұрын
සමහර රූප රචනා කොටස් ඇසට කඳුළක් උනනවා නොඅනුමානය ....
@chandra1296
@chandra1296 9 ай бұрын
අපේ රටේ සොබාදහම තරම් ලස්සන නැතුව aethi අනෙකුත් රටවල් මේ සොබාදහම ආරක්ෂා කරන්න කවුරුත් පුරුදු වෙන්න ඕනෙ හරිම ලස්සනයි සොබාදහම තියෙන්නේ හැමෝමටම එය විඳින්න සතුටු වෙන්න ඕනෙ දේවල් කැලේ තියෙනවා දෙවියන් බුදුන් වහන්සේගේ පිහිටයි 🙏❤️🙏❤️🙏❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
ඉතිරි රූප රචනාව බලන්න නොඉව සිල්ලෙන් ඉන්නේ.... මම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kassasl7571
@kassasl7571 9 ай бұрын
සහො දානකම් බලන් හිටියෙ ඈ ඔයාගෙ ජන්ගල් බුක් එක කියවල🤪🤪🤪මෙක බලන කම් ඉවසිල්ලක් තිබ්බෙ නැ 🫣අම්බො සිහියිය නැ👊👊👊සුපිරි ලොකු පිරිස් ආදරෙයි ඈ දෙන්නටම බුදු සරනයි ජෙසු පිහිටයි ආදරෙයි මගෙ එවුන් දෙන්න❤️❤️❤️👊👊👊ගැම්මක් තමා❤️❤️👊👊
@sagarapeiris1571
@sagarapeiris1571 9 ай бұрын
❤❤
@malakasilva6026
@malakasilva6026 9 ай бұрын
මේක බලන්නේ 28 වෙනිදා .. මම හිතන්නේ මේ වෙනකොටත් හදවතේ සංචාරකයා තවත් ගමනාන්තයකට ලඟා වෙලා ඇති කියලා මේ දිග නිවාඩුට..😍
@priyangikasewmini6507
@priyangikasewmini6507 9 ай бұрын
හැමදාමත වාගේ අදත් ලස්සන රූප රචනාවක් තෙරුවන් සරණයි . ලොකු පීරිස් , දීනේශ් අයියා ඇතුලු කණ්ඩායම ට 🍃💫🦋🌸
@indikaudayashantha4181
@indikaudayashantha4181 9 ай бұрын
හරිත වර්ණවත් ගහකොළ🏞️ සිතල දිය.. පාරිසරික සත්ව හඩ...කදවුරු රාත්‍රිය 🏕..සද්ධන්තයින් 🐘🐘? කාලාත්මක රූප රාමු අඩුවක් නැ...දිනේෂ් (පරිසර වේදියා ) ලොකු පීරිස් (සගයා ) සහන්... අද කදවුරු අත්දැකිමක් ඔබ සමඟ අපිත් වින්දා....ආදරෙයි දිනේෂ් ❤❤❤ රූප රාමු ඇස් ආදහාගන්න බැ.... DAP ජය❤❤❤❤❤❤🏞️🏞️🏞️🏞️🏞️🌳🌳🌳🗾🗾🐘🐘🐘🐘
@dumindaalexander8033
@dumindaalexander8033 9 ай бұрын
හරිම අපූරු ගමනාන්තයක්. නිදහසේ පරිසරයට සංවේදීව ගතවෙන කාලය රත්තරං හා සමානයි. ජය වේවා දිනේශ්ට..❤️🙏
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 9 ай бұрын
පටන්ගැන්මෙන්ම ඇති වුනේ පුදුමාකාර ආසාවක්... නිල්ල පිරිච්ච පාරාදීසයක දිනගෙවනවා කියන්නේ දවසක් දෙකක් හරි ඒකත් මනසට මාරම නිදහසක්... ඒක දකින්න ලැබෙන එකත් හරි පිනක්... සොභාමවගේ ආශීර්වාදයත් එක්ක තව තවත් ලස්සන ඉම් සොයා පරිස්සමෙන් ගිහින් එන්න... ජය වේවා... 🫡🌻💚
@yakdessalk
@yakdessalk 9 ай бұрын
සමහරවිට ඒ කුංචනාදේ අවසන් පරම්පරාවේ එකක් වෙන්න පුලුවන්. ඒක උන් උන්ගෙ රෑන වෙනුවෙන් කරන අදෝනාවක් ද වෙන්න පුලුවන්.... මේ වෙද්දිත් උන්ගේ ජීවිත ලොකු අනතුරක ! අපි නිවැරදි වුවත් මේක දිගින් දුගටම වුනොත් අපි හැමෝටම ඉස්සරහට ලොකු අමාරු කාලයක් වෙයි 🍃
@OsandhiWidasuneeperera20-yj2vz
@OsandhiWidasuneeperera20-yj2vz 9 ай бұрын
ගොඩක් පින් මේ සොබාදහම අපිට හරි අපූරුවට විදින්න දෙනවට 🙏
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 9 ай бұрын
ආයුබොවන් මම දිනෙශ් එවචන ටික ❤❤ඔයානම් මාර ගැම්මක් මල්ලි සොබා දහමෙ විරයා බුදු සරනයි 🙏🙏 🇰🇼🇱🇰❤❤🔥🔥
@asankaperera9682
@asankaperera9682 9 ай бұрын
වෙනද වගේම ගොඩක් ගොඩක් ගොඩක්.... ලස්සනයි අය්යා 🌿💚🇱🇰 හැමදාම නිහතමානී, හදවතේ සංචාරකයා ලෙසම ඉන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘🧔❤️ DAP
@OneOne-kt9gu
@OneOne-kt9gu 9 ай бұрын
හැමදාම ආසාවෙන් බලන සුපිරිම සංචාරකයා .දිනේශ් අයියා ❤🇱🇰🇰🇷
@RuchiraDilhan-dj4ir
@RuchiraDilhan-dj4ir 9 ай бұрын
දෙවන දිගහැරුම දකින තුරු නොඉවසිල්ලෙන් බලා සිටින මම ..🙌 සොබාදහම ට ආදරය කරන ඔබ සියලු දෙනාට හිස නමා මගේ ආචාරය ... දෙවන දිගහැරුම ඉක්මනින් බලාපොරොත්තු වෙමි....
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 9 ай бұрын
ඊයේ ඉදන් වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ දිනේශ් අයියේ බලනගමන්...තෙරුවන් සරණයි ❤😍🤙
@chathurangabandara8236
@chathurangabandara8236 9 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@maduka_s
@maduka_s 9 ай бұрын
විස්මිත ස්භාවධර්මයේ අසිරිමත් සංචාරකයා dinesh අයියා හදවතේ සංචාරකයා 💚🍃
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 9 ай бұрын
දිනෙශ් ඔබගේ හැම වීඩියෝ එකක් ම ඉතාම වැදගත් මොකද හැම එකකින්ම නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් . එකිනෙකට වෙනස් වූ වීඩීයෝ නිසා ඉතා වටිනවා මේකත් ඉතා ලස්සන යි. මකරය ගැන මීට කලින් දැන තිබුණේ නැත ඔයාලගෙ පරෙස්සම ගැනත් නිතරම හිතන්න
@thusithakumara848
@thusithakumara848 9 ай бұрын
@dinesh aiye ikmanin gamu 4*4 jeep ekk✌💪 ලොකු පීරිස් ඇතුලු අයියලා හැමොටම ජයම වේවා..ආසයි දවසක කොහේහේදී මුනගැහෙන්න.
@khchandana4593
@khchandana4593 9 ай бұрын
Dear dinesh Sundara parisarayaka galoya mitiyawatey❤❤❤ A chamathkaraya sundarathwaya oba men mamada vidin nemi oyage video balamin. Gahata,kolata satha siwpawata adaraya karana.hadawatey lagum gathe manawa hitawadiya dinesh atulu oba samata devirakawaranay.adarey ❤❤❤❤
@shehanmadhawa442
@shehanmadhawa442 9 ай бұрын
Video එක දානකන් බලන් ඉන්න එකත් පිස්සුවක්.ජය වේවා අයියා ❣️🎉
@travelwithnalaka9563
@travelwithnalaka9563 9 ай бұрын
මේ රූප රචනාවක් විතරක්ම නෙවේ දිව්‍යම ඖෂධයක් බඳුය 🫶🌿💚
@sagarapeiris1571
@sagarapeiris1571 9 ай бұрын
❤❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 9 ай бұрын
​@@sagarapeiris1571🤗🥰
@mayurithakshila4352
@mayurithakshila4352 9 ай бұрын
අදනම් video එක දාපුගමන් බලන්න පුළුවන් ගෙදර ඉන්න නිසා 😊😊
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
ආයුබෝවන් .... 🙏💐 ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 දිනේෂ් අයියේ... 🙏💐 ලොකු පීරිස් අයියේ... 🙏💐 සහන් මල්ලි ..... 🙏💐 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 හරිම සුන්දරයි... ලස්සනයි... පරිසරයේ නිහඩ බව පුදුමාකාර නිස්කලන්ක ස්භාදහමට ආදරෙයි හැමදාමත්... 💐❤️ පින් ඔයාලාට ඔබේ ඇසින් අප දකිනා මේ සුන්දරත්වයට... ❤️ ස්භාවදහම රකින්නා ස්භාදම විසින් රකිනු ලබයි... 🙏 රිදුනු හදවත් ස්භාවදහම සුවපත් කරයි.... ❤️🌳🌱🌴🌾🌻
@gamagegamage596
@gamagegamage596 9 ай бұрын
පුතේ ඕයාලට ගොඩක් පින්..🙏🙏
@kavindichamodya6944
@kavindichamodya6944 9 ай бұрын
සුන්දර සංචාරයක් DAP....💚🍃🐘...ඊලග කොටස එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..........💚🐘
@Divanka965
@Divanka965 9 ай бұрын
DAP🎉 හදවතේ සංචාරකයා❤ජය වේවා අයියෙ 🍃💚
@chandanagunathilaka6872
@chandanagunathilaka6872 9 ай бұрын
mamath aurudu17kata kalin me makareta avith thiyanawa harima lassanai dan dakinakota harima asai thanks malli
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 9 ай бұрын
Siyalu Dewi rakawaranth anantha budu guna belenda yahapathak wewa puthu ane paressamin pthe
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
අද ගෙදර නියමයි තව පොඩි වෙලා වකින් බලනව ජයවේවා!
@wasanthakumari4695
@wasanthakumari4695 9 ай бұрын
සිකුරාදා ලංවෙනකොට විඩියෝ එකක් තියනව අනේ හරිම සතුටුයි තෙරුවන්සරණයි පරෙස්සමින්
@travelwithchabiya
@travelwithchabiya 9 ай бұрын
ලොකු අයියා...අදත් පිස්සුවක් ❤🍃👣
@mindfuljournei
@mindfuljournei 9 ай бұрын
මං දන්නවා මට ජීවිතේ කිසිම දවස මේ වගේ අත්දැකීමක් ගන්න බෑ. කසාද බැන්ද දවසක තමා. අපේ ගෙදරින් මෙහෙම යවන්නේ නෑ 😢. ඒ උනාට දිනේශ් අයියා ඒ අත්දැකීම මට දැනෙන්න දුන්නට පින්. මාත් මේ කෑම්ප් එකේ හිටියා වගේ මට දැනුණා.❤❤❤
@Yan-ts1qc
@Yan-ts1qc 9 ай бұрын
නියමයි නියමයි නියමයි දිනෙශ්,ලොකු පීරිස්,සහන් පිස්සුවක්.ගොඩාක් ස්තුතියි 🙏
@user-ik1vy8op3x
@user-ik1vy8op3x 9 ай бұрын
දිනේශ් අයියා ලොකු පීරිස් අයියා... අපි නොදැක්ක අපේ රටේ සුන්දරත්වය අපට පෙන්නන දැවැන්තයෝ දෙන්නා🥰🥰🥰🥰
@user-eb1zz6lg6v
@user-eb1zz6lg6v 9 ай бұрын
Meka nam pissuwak. Supiriyak thamai
@sandunchamara7512
@sandunchamara7512 9 ай бұрын
Dap හදවතට දනෙනන්න කරන සංචාරයක් සුබ පැතුම් අය්යෙ දුර රටක තනිව ඉන්න අපි වගෙ අයට ගොඩක් වටිනවා මෙ රුප රාමු ❤🇱🇰
@Sheeli12
@Sheeli12 9 ай бұрын
මිනිස්සු නැති තැන් හරි ලස්සනයි ❤
@tharindukw
@tharindukw 9 ай бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා 💚💚💚💚 අදත් සුපිරිම සංචාරක අත්දැකීමක් 💕💕💕
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
මේ ස්භාවදහම් හදවත දැකබලා ගැනීමට පුදුමාකාර ආසාවක් බලන්නම් මෙ සුන්දරත්වය 🌱
@kumariherath1726
@kumariherath1726 9 ай бұрын
අපුරුයි ...භාවනාවක් වගෙයි ..ස්තුතියි පුතේ ...
@kanchanarathnayaka9126
@kanchanarathnayaka9126 9 ай бұрын
අයියේ ඔයාගෙ වික්‍රමාන්විත ගමන් ගැන පොතක් ලියන්න.ඔයාගෙ චචන හරි ලස්සනයි.❤❤❤
@tharindujaythunga4982
@tharindujaythunga4982 9 ай бұрын
වවන වලින් හිත ඇදුනු දේ රුප වලින් දකින්නට අපි වාසන වන්ත උනා ........බොහොම ස්තුතියි මල්ලි ........❤❤❤❤❤
@YugaraHerath
@YugaraHerath 9 ай бұрын
දැන්නම් ඇබ්බැහියක් ...❤️❤️
@kasunindika9305
@kasunindika9305 9 ай бұрын
භාවනාවක් වගේ...❤ Thank you Dinesh...🙏
@vinduindiwari1106
@vinduindiwari1106 9 ай бұрын
ලස්සන වීඩියෝවක්❤❤ ලොකු පීරිස් අයියාටත් , දිනේෂ්ටත් බෙහෙවින්ම ස්තූති . තෙරුවන් සරණයි ❤❤❤
@chamodhdilan4497
@chamodhdilan4497 9 ай бұрын
ඉස්සරටත් වඩා දැන් ඔයාගෙ වීඩියෝ කොලිටි එක සුපර් නියමයි ජයවේ
@harshanuwan1679
@harshanuwan1679 9 ай бұрын
ඒ අත්දැකීම් නම් ලබන්නත්, සොබාදහමේ සුන්දරත්වය විදින්නත් ආසයි දවසක . ❤️❤️❤️❤️❤️
@danasgraphy_
@danasgraphy_ 9 ай бұрын
දැන් නම් sounds colity අයියා ❤️💪🏽
@chandrikaperera6969
@chandrikaperera6969 9 ай бұрын
Aka nam භාවනාවක් ලස්සන පරිසරය ඉන්න තියෙනවා නම් ඕයාට පින් ෆොන් එකෙන් හරි අපෙ පින් බිමේ ලස්සන බලන්න සලස්වන එකට යෝදබල යෝද සක්තිය ලැබේවා ඔයාල 3 දෙනාටම 💐💐💐💐💐🙏🙏
@shan9820
@shan9820 9 ай бұрын
sri lanka 's best travaler
@travelwithalonelife6683
@travelwithalonelife6683 9 ай бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ ස්තුතියි පරිස්සමෙන් ❤
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 9 ай бұрын
හදවතේ සංචාරකයා දිනේශ් අයියා 🌸😍
@tharushathathsara5499
@tharushathathsara5499 9 ай бұрын
දානකන් බලන් හිටියෙ ❤
@idusarasudeepa2201
@idusarasudeepa2201 9 ай бұрын
හැමදාමත් වගේ අදත් ලස්සන රූප රචනාවක්❤️✨️ හදවතේ සංචාරකයා DAP❤️
@janithnipuna
@janithnipuna 9 ай бұрын
Dinesh aiya ❤
@user-nb6db9yj1y
@user-nb6db9yj1y 9 ай бұрын
A/L hinda ayyage vidoes balana eka navaththanna una tika kalekata vibage ivara vela polimata balanna ayya vidoes godak dai kiyala hithanava😍😇
@isurusampath6341
@isurusampath6341 9 ай бұрын
Supiriyak dineesh aiyeeee ❤️ane.mn mg ekak daala athii.balannako aiyeee
@nilanthinilanthi22
@nilanthinilanthi22 9 ай бұрын
අවාසනාවට අද අලි හයක් එකම දවසෙ දුම් රියෙ ගැටී මිය ගිහින් 😢💔
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
aththatama puduma dukai
@dush_95
@dush_95 9 ай бұрын
සුපිරි ❤😋
@M_JSICK
@M_JSICK 9 ай бұрын
Aiyage hama video ekamw balapu man 😏
@sampathbandara9080
@sampathbandara9080 9 ай бұрын
සුපිරි යක් තමයි දිනේෂ් අයියේ ❤️❤️🌿🍃
@hornetlovers2023
@hornetlovers2023 9 ай бұрын
අයියගෙ වීඩියෝස් බලද්දි හරිම නිදහසක් හිතට දැනෙන්නෙ ☘️💆 GOOD LUCK AIYA ❤
@APCAdvertising
@APCAdvertising 9 ай бұрын
අන්තිමට තියන කැලෙ මැදින් යන ශොට් එක මාර ලස්සනයි . ඉතිරි ටික දානකං බලන් ඉන්නෙ
@Nethsara-138
@Nethsara-138 9 ай бұрын
Best travelers ❤️
@hashenchamindu7607
@hashenchamindu7607 9 ай бұрын
Dry zone එකේ වීඩියෝ වල තියෙන්නෙ වෙනම Vibe එකක්😍❤️...ඊලඟ කොටසත් ඉක්මන්ටම බලන්න ඕනේ...ජයවේවා අයියේ😍❤️💯
@hiruniudeshika1990
@hiruniudeshika1990 9 ай бұрын
හරිම සුන්දර සොබාදහම ලස්සනටම පෙන්වන වීඩියෝවක් 👏
@chaminduprabodya6022
@chaminduprabodya6022 9 ай бұрын
දිනේශ් අයියගෙ වීඩියෝ බලන හැමවෙලාවකම මට හිතෙන්නෙ දෙයියනේ ඒ සහන් අයියා මම උනානම් කියලා 🥺
@GamingIsuru220
@GamingIsuru220 9 ай бұрын
බුදු සරණයි පරිස්සමෙන් හැමදෙනම 💚🙏 🐘🐃🐄🐇🐒🐣🐸🦉🦔🐾️🐊🦋🐟🌱🌲🌺🌼🐜🌾
@neetharanjani1692
@neetharanjani1692 9 ай бұрын
අලි ඇතුන් වෙනුවෙන් සැබෑවට කෙනෙක් කතා කරන්නේ ද මම ඒ අයට නමස්කාර කරම් ඒ මන්ද යත් දිනෙන් දින අලි ඇතුන් අපට අහිම් වන බවට බොහෝ සාදක තිබේ අද උදෑසනද දුම්‍ රියක හැපී ජීව්ත කීපයක් අහිම් වූ බව දැන ගන්නට ලැබින අපි අපේ සම්පත් රැක ගත යුතුවෙමු ඒ වෙනුවෙන් යමක් ඔබට කරන්නට හැකිවේයැයි මා සිතම් ඒ මුල ඉදන්ම මා මේ ඉමතුල රැදී සිට්ම්න් ඔබ කුමන පුද්ගලයෙක් දැයි වටහාගත් බැව්නි තෙරැවන් සරනයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම
@kmak-jayasingheinfo
@kmak-jayasingheinfo 9 ай бұрын
Hello hello, super
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 9 ай бұрын
පුදුම ලස්සනක් කියන්න වචන නැති තරම්......විටෙක බයකුත් දැනුනාම නොවේ.....දිනේශ් මල්ලි ඔබලා මේ කරන කාර්යනම් ඉතාමත් වටී...හැම වෙලේම අපිත් ඔබත් සමඟ කැලේ සිටිනවා වාගේ....දිනේශ් මල්ලි ඔබටත්,ලොකු පීරිස් මල්ලි සහ සහන් මල්ලිටත් ඉතාමත් ස්තුති.....ඉක්මනින් මකරයේදී හමු වෙමු....හදවතේ සංචාරකයානනි...❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 9 ай бұрын
මකරය.... දකිනකමි නැ ඉවසිල්ලක් 💚🌿
@MalishaThiwanka-zy6zs
@MalishaThiwanka-zy6zs 9 ай бұрын
මේක දානකම් හිටියෙ 🖤😙
@shehanransika861
@shehanransika861 9 ай бұрын
ආදරේයි❤
@thilininsg3175
@thilininsg3175 9 ай бұрын
D A P adath Harima lassanai aiye wade❤❤.jaya wewa dennatama. . Dinesh aiya kiyanne venama brand ekak dan
@ravinchamara8109
@ravinchamara8109 9 ай бұрын
හැමදාම වගේම සුපිරි වීඩියෝ එකක් ❤❤❤❤
@harasaratv8407
@harasaratv8407 9 ай бұрын
හදවතේ සංචාරකයා
@prabathsudarshana1068
@prabathsudarshana1068 9 ай бұрын
ගල්ඔය කියන්නේ අපෙ ඌව වෙිල්ලස්සේ තවත් සුන්දර ඔයක්.👍👍👍
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 9 ай бұрын
❤️😍සොබාදහමේ සොඳුරු සංචාරකයෝ........ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා අදත් වෙනස්ම ගමනාන්තයක්... කියන්න වචන නෑ අයියා ඔයා ටත් ලොකු පීරිස් අයියා සහන් මල්ලි ඇතුලු සියලු දෙනාටම බොහෝ තුති...... දිනේෂ් අයියා ගේ වචන් අහන් ඉන්න ආසයි මේ ලස්සන පාරාදීසේ සුන්දරත්වය අපි ට ඒ අයුරින් ම ලබා දෙන්න දරන උත්සාහය ට අයියා ට ගොඩක් ස්තුති...ජය වේවා 🙏❤️💚💙🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 94 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13
මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊
56:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 135 М.
Хотел вывести 🤣❤️
0:54
Dragon Нургелды 🐉
Рет қаралды 1 МЛН
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 4 МЛН
100❤️
0:19
MY💝No War🤝
Рет қаралды 11 МЛН
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 12 МЛН