No video

Sri lankan Traditional food recipes | Butterfly pea with Fruit Salad | නිල් කටරොඩු ෆෘට් සැලඩ්

  Рет қаралды 1,447

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

ඉංග්‍රීසි භාෂාවෙන් butterfly pea ලෙස හඳුනා ගන්නා නිල් කටරොළු ශාකය ආයුර්වේද විද්‍යාවේදී ඉතාම ගුණදායී ඔසුවක් ලෙස මෙන්ම විශ්මිත ඔසුවක් ලෙසද ප්‍රයෝජනයට ගැනෙයි.
නිල් පැහැයෙන් යුතු ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල්කටරොළු වර්තමානයේ බොහෝ විට බුදුන්ට පූජා කිරීමට, විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම සඳහා ද හින්දු පූජකවරු නවග්‍රහ ශාන්තිය වැනි ශාන්ති කර්මවලට ද විශේෂයෙන් භාවිතයට ගනී.
ආගමික කටයුතුවලට, ඖෂධ කටයුතුවලට මෙන්ම ආහාර වර්ණ ගැන්වීමේදී ද ඉතාම ප්‍රයෝජනවත් ස්වභාවික වර්ණකාරකයක් ලෙස කටරොළු මල හැඳින්විය හැකිය. අතීතයේ කෘෂි කර්මාන්තයේ කෘමි විකර්ශකයක් ලෙසත් කටරොළු මල් භාවිතයට ගෙන ඇත. එම මල්වල ඇති විශේෂිත ප්‍රෝටීනයක් නිසා කෘමින් විකර්ශක හැකියාවක් ස්වභාවයෙන්ම ලැබී ඇත. වර්තමානයේ ගෙවතු වගාවේදී කටරොළු මල් අලංකාර පුෂ්පයක් ලෙස සැලකෙයි.
නිල් කටරොළු ගුණ
ආයුර්වේදයේ සඳහන් පරිදි
රුධිර රෝග, වාත රෝග, දැවිල්ල, ශරීරය ඉදිමුම වැනි රෝග නැසීමට.
ශරීරයේ ඇති විවිධ තුවාල, කුෂ්ඨ ඉක්මනින් සුව කිරීමටත්, තුවාල පිරිසුදු කරන පිරිසුදු කාරකයක් ලෙසත් කටරොළු මල යොදා ගැනෙයි.
කටරොළු තරුණ බව රැකීමේ ඖෂධයක් ලෙසද අතීතයේ ප්‍රසිද්ධය.
මිනිස් රුධිර ගත සීනි මට්ටම සමනය කිරීමට
ශරීරයේ ප්‍රතිඔක්සිකාරක හැකියාව වැඩි කිරීමට
මානසික ආතතියට
ගැස්ට්‍රයිටිස් රෝගය වැනි ආමාශ ගත රෝගවලට
ශරීරයට ඇතුළුවන පරපෝෂිතයන්ට එරෙහිව ක්‍රියා කිරීම
පිළිකා සෛල වර්ධනය වැළැක්වීම
කටරොළු ශාකය භාවිතයට ගත හැකි වෙනත් ක්‍රම
විවිධ රටවල්වල කටරොළු කරල් ළපටි කාලයේදී ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගනියි.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් වියළා කුඩු කර දවසට ග්‍රෑම් 2ක ප්‍රමාණයක් උණුවතුරට දමා තම්බා වේල් කීපයක් පානය කිරීම ගුණදායකය.
කටරොළු මුල් වේළා දුම ඇල්ලීමෙන්ද, කටරොළු ශාකයේ මුල්, පත්‍ර, මල් සියල්ලම තම්බා කසායක් ලෙස සකස් කර පානය කිරීමෙන් ද සෙම රෝග නිට්ටාවට සුව කර ගැනීමේ හැකියාව ඇත.
කටරොළු මුලෙන් සාදා ගත් කසාය කෘමි සතුන්, සර්පයන් දෂ්ට කළ විටදී පානය කිරීමෙන් විෂ නැසීමේ ගුණය ඇත.
අර්ශස් රෝගීන්ගේ රුධිර ගැලීමේ දී හා අර්ශස් ගෙඩිවලට කටරොළු ශාකය ගලේ අඹරා තලපයක් සාදා ආලේප කිරීමෙන් සුවකර ගත හැකිය.
තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ මිටක් ගෙන තළා එයින් යුෂ බින්දු දෙකක් පමණ නහයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණිකව හිසේ කැක්කුම සුව කරගත හැකිය.
ගර්භාෂ රෝගවලට වගේම ආර්තව වේදනාවට ඉක්මන් සහනයක් ලබා ගැනීමට නිල් කටරොළු මල් කසාය ගුණය.
අද අපි මේ විශ්මිත ගුණ සපිරි නිල් කටරොළු මිශ්‍ර ෆෘට් සැලඩ් එකක් ඔබ වෙත ගෙන ආවෙමු.

Пікірлер: 3
@briangriffin4life
@briangriffin4life 2 жыл бұрын
රසකිඳ කියන නමෙත් රසයක් තියෙනවා. ඔබ ගේන හැම වීඩියෝ එකක්ම ඉතාම රසවත්. දිගටම කරගෙන යන්න. ඔබට ජය වේවා...!!! 👌🤗👍
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@warthamana
@warthamana 2 жыл бұрын
Ayya
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 97 МЛН
5 Foods that have More Calcium than Milk (Get Stronger Bones)
12:51
Fit Tuber
Рет қаралды 2,5 МЛН