යානාවේ තිබූ බරපතල තාක්ෂණික දෝෂය නියමුවන් දැන සිටියේ නැහැ | Martin Air DC-8 Crash in Sri Lanka

  Рет қаралды 86,083

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

කටකතා වලින් වැසීගිය ගුවන් අනතුරක සැබෑ තාක්ෂණික විග්‍රහය.
ඉන්දුනීසියාවේ සිට සෞදි අරාබියේ මක්කම බලා පියාසර කරමින් තිබූ ඕලන්දයේ Martin Air ගුවන් සමාගමට අයත් DC-8 වර්ගයේ ගුවන් යානාව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි සප්ත කන්‍යා කඳුවැටියේ හැපී විනාශ වන්නට හේතු වූ සියළුම සිදුවීම වල පූර්ණ තාක්ෂණික විග්‍රහයයි මේ.
Subscribe : @Aviocrat
Music Tracks:
------------------------------
Andrew Langdon - On The Hunt
------------------------------
------------------------------
Track: Voyage - Lucjo [Audio Library Release] Music provided by Audio Library Plus
Watch:
• Voyage - Lucjo | Free Background Musi...
Free Download / Stream: alplus.io/voyage
------------------------------
#aircraft #aviation #technology
Special thanks go to Eng. Sisil Karunananda - The Chief Engineer of Laxapana Hydro Power Plant and Eng. Thilina Guluvita - Electrical Engineer (Operations) Upper Kotmale Power Station.

Пікірлер: 426
@senuththewjan-q9q
@senuththewjan-q9q 9 ай бұрын
ගුවන් සේවා ක්ශේත්‍රයේ සිටින ආධූනිකයන් වශයෙන් අපට , ගුවන් යානා ඉංජිනේරුවකු වන ඔබ මේ කරන තාක්ශණික කරුනු අනර්ඝයි වගේම ඉතාමත් වටිනවා😊❤🙏
@මධුරආරාධනා
@මධුරආරාධනා 9 ай бұрын
මේ පුද්ගලයා ඔබේ ගුරුවරයකු විය යුතුයි.ලංකාවේ මෙවැනි දක්ශයන්ගෙන් වැඩක් ගන්නෙ නෑ...අපරාදෙ... අමුක ඩුමුකනම් පෝම් කරනව අමු හරක්..😢😢😢
@senuththewjan-q9q
@senuththewjan-q9q 9 ай бұрын
@@මධුරආරාධනා aniwaryen oba hari👍
@tarushhashen
@tarushhashen 8 ай бұрын
Ayya oya field ekata ave komada kiyannako, Asayi dena gnna❤
@srilankanlibrary3263
@srilankanlibrary3263 8 ай бұрын
මාලිමාවෙ රජයක් තිබුන නම් මේ අනතුර වෙන්නෙ නෑ
@Stormed_the_duck
@Stormed_the_duck 8 ай бұрын
​@@srilankanlibrary3263ehemada
@harischandra475
@harischandra475 9 ай бұрын
මේ ගුවන් අනතුර ගැන ඉතාමත් නිවරදි ලොකු මහන්සියක් වෙලා සවිස්තර කිරීම ගැන ගොඩාඩාඩාක් ස්තුති , ගොඩාඩාඩාක් ආදරෙයි . ධනංජය මල්ලිට . ❤❤❤❤❤
@shamalperera4875
@shamalperera4875 9 ай бұрын
කාලාන්තරයක් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිය අපේ රටේ සිදුවු ගුවන් අනතුර පිලිබදව වීඩියෝ එකක් ගෙන ඒමට ඔබතුමාගේ මහන්සිය කැපවීම ට ගොඩාක් ස්තුතියි .නොදන්නා තොරතුරු රාශියක් දැනගත්තා .🙏.❤❤❤
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 9 ай бұрын
අපි දැනගෙන හිටියෙත් කටුනායකින් දුන්න වැරදි උපදෙස් නිසා අනතුර සිදුවූ බවයි. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
@gihanmadu6404
@gihanmadu6404 9 ай бұрын
හැමදාම කියනවා වගෙ හොදටම පැහැදිලි කරා.ඊලගට Mh 370 ප්ලයිට් එකට උන දෙ ගැනත් වීඩියො එකක් කරමු අයියේ 🙏❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 9 ай бұрын
ඒ බිහිසුනු ගුවන් අනතුර සම්බන්ධව සතය තොරතුරැ සොයා බලා අප දැනුවත්කිරීම සම්බන්ධව ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@kasundissanayaka6438
@kasundissanayaka6438 9 ай бұрын
ඇත්තම කතාව අද තමයි දැන ගත්තේ තාක්ෂණය තොරතුරු සමග. ඔබට බොහොම ස්තුතියි සර්..
@chandrasirikulanayake9789
@chandrasirikulanayake9789 4 ай бұрын
මමත් black box සොයා ගැනීමට සහභාගි කණ්ඩායමේ අයෙක් .major laki algama අපිව මෙහෙය wuwa.captain vipul botheju සමඟ අපිට black box එක සොයා ගැනීමට හැකි una.එය තැඹිලි pata පෙට්ටියක් .කළු akurin flight data recoder යනුවෙන් සටහන් තිබුණේ .එය අණදෙන නිලධාරි colonel thambirajah වෙත කඳු pamuladee major algama bara දුන්නා .හමුදා ජීවිතයේ labapu honda අත්දැකීමක් .
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 ай бұрын
Vipula sir contact karanna vidihak nedda?please.
@ampjayasiri5169
@ampjayasiri5169 4 ай бұрын
29:18 මේ පිළිබඳ pahadili අවබෝධයක් ලබාදීමට ගත් උත්සාහයට ගොඩාක් ස්‍තුතියි
@chandrasirikulanayake9789
@chandrasirikulanayake9789 4 ай бұрын
Sorry . I dont have contact number ​@@chamanthawijesinghe5581
@dinukahasaranga6077
@dinukahasaranga6077 9 ай бұрын
අද තමයි මේ කතාව හරියටම දැනගත්තේ.... ගොඩාක් ස්තුතියි ඔබ තුමාට...❤❤❤❤
@solodesigner2765
@solodesigner2765 Ай бұрын
ඔබ තුමා ඉතාම පැහැදිලිව සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරනවා.ස්තූතියි , දිගටම කරගෙන යන්න.
@manojsaranga6462
@manojsaranga6462 9 ай бұрын
(PH-MBH) registration එක කට පාඩම්... ගොඩක් කුතුහලයෙන් තොරතුරු හොයපු සිදුවීමක්....ස්තූතියි සර් ඔබට ....❤.
@pathumsameera5978
@pathumsameera5978 9 ай бұрын
දැනුම ලබා දීම පිලිබදව බොහොම ස්තූතියි, මේ සමගම කටුනායකදි crash උන අනිත් DC-8 එක ගැනත් කරන්න, එකත් Jeddah සිට surabaya ගිය වන්දනා කරුවෝ හිටියේ,
@Aviocrat
@Aviocrat 9 ай бұрын
කරනව ඉස්සරහට
@jayasiri1000
@jayasiri1000 7 ай бұрын
මේ කියන්නෙ ගුවන්තොටුාපලෙ පෙනි පෙනි කිඹුලාපිටියෙ වැටුන ICELANDIC ගුවන් යානය.
@ishankapriyasad2619
@ishankapriyasad2619 9 ай бұрын
ගුවන් ගමන් වලදී වේලාව සදහන් කරන ආකාරය පිළිබඳව තිබූ ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලැබුණා.... බොහොම ස්තූතියි!!!
@madhavi_ssng
@madhavi_ssng 9 ай бұрын
රට වෙනුවෙන් ජීවතේ හොඳම කාලේ කැපකරලා දැනුත් රටේ විශේෂයෙන් තරුණ පරපුරට වැදගත් දෙයක් ලබා දෙන්න විශාල පරිශ්‍රමයක් දරන කාලයක් කැප කරන ඔබ උතුම් මනුෂ්‍යයෙක්. Huge respect!❤
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 9 ай бұрын
ඔබගේ මේ කරැණු ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.ගොඩක් ස්තූතියි ඔබට.❤❤❤❤
@irangalakshithakariyawasam9858
@irangalakshithakariyawasam9858 9 ай бұрын
අපේ රටේ Aviation field එකේ ඉන්න තරැණ පරපුර වෙත ඔබේ වටිනා දැනුම ගුරුවරයෙක් ලෙස බෙදා දෙනවනම් ඉතා වටිනවා❤❤❤නමුත් රටේ පාලකයින්ට ඔබ වැනි අයගෙන් මේ ක්ෂේත්‍රයට වැඩක් ගැනීමට නෙසිතීම රටේ අවාසනාවකි😔😔😔May all the very best AVIOCRAT...!❤❤❤❤
@Aviocrat
@Aviocrat 8 ай бұрын
Thank you very much
@bandusuriyapperuma2978
@bandusuriyapperuma2978 4 ай бұрын
මේ අනතුර සිදුවන විට මම අවුරුදු අටක ළමයෙක්, අපේ අයිය ගෙදරට හොරෙන් එයාගෙ යාළුවන් සමඟ මේ සිදුවීම බලන්න ගිහින් තිබුණ, යානයේ කුඩා තහඩු කෑල්ලක් සැමරුමක් ලෙස ගෙනත් තිබුණ, ගෙදර ආවට පස්සෙ අම්ම අයීයට හොදටම ගැහැව්ව, ඒක ගුවන් අණ්නතුරට වඩා ප්‍රබලයි, නමුත්, එහි සත්‍ය තොරතුරු මම දැනගත්තෙ අද, ඔබට ගොඩක් ස්තුතියි ,
@shanthajayaweera403
@shanthajayaweera403 9 ай бұрын
ඇත්තටම මම දැනගෙන හිටිය කාරණාවට වඩා අද ඔබගේ විග්‍රහය ඉතාම පැහැදිළියි..ස්තුතිය ඔබට..
@dhananjayabandara9087
@dhananjayabandara9087 4 ай бұрын
නියමයි, පැහැදිලි කිරීම අනර්ඝයි
@Design.Studio-DS
@Design.Studio-DS 9 ай бұрын
ශ්‍රී ලංකා ගුවන් සීමාව තුල සිදු වූ මේ අවාසනාවන්ත අනතුර පිළිබඳව ඉතා විශිෂ්ඨ විග්‍රහයක් ගෙන ඒමට ඔබ දැරූ පරිශ්‍රමයට බෙහෙවින්ම ස්තුති වන්ත වනවා..❤
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 9 ай бұрын
මාස කීපයකට කලින් තමයි ඔබතුමාගේ චැනල් එකට සම්බන්ධ වුනේ ..සියලුම වීඩියෝ ඉතාමත් ආසාවෙන් බලනවා ..පැහැදිලි කිරීම ඉතාමත් විශිෂ්ඨ යි ❤❤...
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
ඔබතුමාගේ කරුණු සහිත ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. අහන් ඉන්න ආසයි. මම ගුවන් යානා සහ එහි තාක්ෂණය ගැන උනන්දු උසස් පෙළ ගණිත අංශයෙන් හදාරන සිසුවෙක්
@nishansangeeth208
@nishansangeeth208 8 ай бұрын
මෙම අනතුර ගැන මෙතෙක් විවිද කතා මතවාද අප අසා ඇත අද තමයි මෙම ගුවන් අනතුරට හේතු උන තාක්ශනික හෙතුව අනතුර සිදු වෙච්ච ආකරය දැනගත්තෙ. ඉතිං මෙම අනතුරෙ ඇත්ත කතාව රටට කිව් ඔබට අපගෙ විශේෂ ස්තූතිය !
@nalakajayasingha6426
@nalakajayasingha6426 9 ай бұрын
ඇත්තටම ඔබතුමාට ස්තුතියි ,,සත්‍ය තාක්ෂණික තොරතුරු එළිදැක්වීම පිළිබඳව,,,මා එම පරදේශයේ නිතර ගැවසුන කෙනෙක් ලෙස මෙම අනතුර ගැන ඇති සැමරැම් නිතර දකිනවා,,ස්තුතියි නැවතත් ඔබට,,ජය,,,👍
@lahiruliyanage6508
@lahiruliyanage6508 9 ай бұрын
වීඩියෝ එක දානකම් බලාගෙන හිටිය. ගොඩක් ස්තූතියි ❤❤❤
@anushanilmini1163
@anushanilmini1163 4 ай бұрын
මෙ මගෙ ගම.ඒ වෙලාවෙ අපෙ තාත්තලා දුවල ගිහින් බලල.උදෙට මෙ කන්දට අව්ව වැටුනම හරිම ලස්සනයි.එදා මැරුණ අයගෙ මස් ගස් වල එල්ලිලා දැකල තියෙනව .දැනූත් ගුවන් යානාවෙ රොදයක් තියෙනවා.
@sameerapriyasanka9279
@sameerapriyasanka9279 9 ай бұрын
Aiye godak thank you සප්තකන්‍යා කන්දේ වුන ගුවන් අනතුර ගැන කරපු මේ විග්‍රහයට ඒකේන් දන්නේ නැති ගොඩාක් වැදගත් කරුනු දැන ගන්න පුළුවන් වුනා
@jayathnandana7955
@jayathnandana7955 9 ай бұрын
කන්දේ හැපුණු මහා වනන්තරේ -DC 8 අහස යන්තරේ .... අපියොවුන් වියේ සිටියදී සිදුඋන මේ අනතුර තාම මතකයි සහ ඔබ සඳහන් කල " කටකතාත් " ඔක්ක්කොම ඔහොමම තමයි ඒ කාලේ ඔබේ u tiube channel එක වත් තිබුනානම් ඇත්ත දැනගම්ම තිබුන !!!!!( ලන්කදීපයි දිනමිණයි දවසයි ආණ්ඩුව ගුවන්විදුලියයි විතරක් ම තිබුබ් "සුන්දර " යුගයක් ඒක ඔබට ස්තුතියි !
@Aviocrat
@Aviocrat 9 ай бұрын
ඇත්තමයි
@m.a.cooraycooray5499
@m.a.cooraycooray5499 9 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි මෙතෙක් දැනසිටි කාරනා නිවැරදි කරගන්න පුළුවන් උනා.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 9 ай бұрын
මගේ ගම තියෙන්නෙත් දුර සිට බැලුවම සප්තකන්‍යා කන්ද පෙනෙණ මානයේ. ගුවන් අනතුර වෙච්ච කාලය වෙනකොට නම් මම ඉපදිලා තියා ඉපදෙන්න හිතලවත් නෑ. 😁මෙහේ ප්‍රදේශවාසීන් අතර තියන කතා ටිකක් මම කියන්නම්. එයින් එකක් තමයි ගුවන් නියමුවන්ගේ නොදැනුවත්භාවය නිසා ගුවන් යානය ශ්‍රීපාද කන්දට ඉහළින් ගමන් කිරීම නිසා ඔය අවාසනාවන්ත අනතුර සිද්ධ වුණා කියන එක. එතනින් කියවෙන්නෙ හරියට ඔවුන් සාපයකට අහුවුණා වගේ කතාවක්. ඒ වගේම අනතුර වුණු වකවානුවේ බොහෝ පිරිසක් එය නැරඹීම සඳහා ගොස් තිබෙනවා. ඒ අනුව සමහර අය කියන කතාවක් තමයි මිය ගිය ගුවන් මගීන්ගේ සිරුරු තවමත් ඔය ගල්දෙබොක්කාවල සිරවෙලා තියනවා කියන කතාව. මියගිය අයගේ සිරුරු ලබා ගන්න ආරක්ෂ අංශ වලට ගම්වල මිනිස්සු ගොඩක් උදව් කරලා තියනවා. නමුත් කෙසේවත් ලගාවිය නොහැකි මහා ප්‍රපාත වලට වැටුණු ගුවන් යානයේ කොටස් සහ සිරුරු කොටස් එහෙම්ම අතහැරලා දැම්මලු. ඒ වගේම යානයේ බඳ කොටස ප්‍රථම වරට ගැටුණු ස්ථානයට මදක් පහලට වෙනකම් පසුකාලීන ප්‍රදේශවාසීන් පිරිසක් බොහෝ දුශ්කර මාර්ග ඔස්සෙ ගිහිල්ලා මියගිය සියළු දෙනා සිහිපත් කරමින් එම ස්ථානයේ බුදුපිළිමයක් තැනපත් කරලා ආවලු. අදට උනත් නිවැරදිව ගමන් මාර්ගය දන්න ප්‍රදේශ වාසීන් සමඟ එම ස්ථානයට ලඟාවීමට හැකියිලු. මම දන්න මේ කරුණු ටික දීර්ඝ කමෙන්ට් එකක් විදිහට කියන්න හිතුනේ අයියා මේ ගුවන් අනතුර පිළිබඳව නිවැරදිම තොරතුරු සමාජගත කරන්න වෙලා තියන කැපවීම සහ මහන්සියට තවදුරටත් අගය කිරිම වෙනුවෙනුයි. ඉතින්.අපි වෙනුවෙන් මේවගේ ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් අරගෙන ආවට අයියට බොහොම ස්තූතියි. ❤
@Aviocrat
@Aviocrat 9 ай бұрын
Final investigation report එකට අනුව ශ්‍රීපාදස්ථානයට ඉහළින් යානය ගියපු කතාවක් නං සත්‍යයි කියල පිලිගත හැකි සාක්ෂි නැහැ. නමුත් ඔබ කියපු අනිත් කාරණා ඇත්ත. ස්තුතියි
@nishanthajayasundera2383
@nishanthajayasundera2383 7 ай бұрын
මම අහලා තියෙන විදියට ගුවන් යානයේ නියමුවා දැකලා තියෙනවා ලක්ෂපාන විදුලි බලාගාරයේ දෙපැත්තේ දැල්වෙන විදුලි පහන් වැට කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථයේ (Run a way)දැල්වෙන විදුලි පහන් වැට ලෙස වරදවා වටහාගෙන "මට දැන් කටුනායක ගුවන් පථය පෙනෙනවා" යනුවෙන් කියා ඇති බවත් ,එසේනම් යානය අඩි 5000 ක් දක්වා පහලට ගන්නා ලෙසට කටුනායක පාලක මැදිරියෙන් ගුවන් නියමුවාට උපදෙස් ලබා දී තිබෙන බවයි මම එකල අසා තිබුණේ ...අදටත් ලක්ෂපාන බලාගාරයේ විදුලි ආලෝක වැටත්, කටුනායක ගුවන් ධාවන පථයේ ගුවන් යානයක් ගොඩ බස්වන හා නංවන විටත් දකින්නට ලැබෙන දර්ශනය නම් එක සමානයි..මට හිතෙන්නේ ගුවන් නියමුවාට ලංකාව පිලිබද අත්දැකීම් අඩු නිසා කටුනායක හා ලක්ෂපාන වැරැදි ලෙස අවබෝධ කර ගන්නට ඇති බවයි.එසේම 1974 දී දැනට අවුරුදු 50 කට පෙර තාක්ෂණය මෙතරම් දියුණු නැති නිසා ගුවන් නියමුවාට හා ගුවන් ගමන් පාලක වරයා යන දෙදෙනාටම වරදින්නට ඇති අවකාශය උපරිමයි.. ඔබතුමාගේ වැඩ සටහන ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී .මගේ සුභාශිංසන ❤
@himalkosala8136
@himalkosala8136 4 ай бұрын
​@@nishanthajayasundera2383විකාර බහුබූත් කමෙන්ට් කරන්න එපා බන්
@himalkosala8136
@himalkosala8136 4 ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් මේ ලංකාවෙ ගොඩ වෙද්දු තමා මේක ශ්‍රී පාදයට උඩින් ගිය හන්ද කඩාගෙන වැටුන වගෙ පට්ට බොරු සමාජ ගත කලේ.. මේ පැහැදිලි කිරීම නම් අතිවිශිස්ටයි
@දේශාටන
@දේශාටන 9 ай бұрын
ස්තුතියි,...හදපුරා ...ඔබටත් ජය,සතුට,..............තෙරුවන්සරණයි...!!!
@jayasinghearachchibandumit890
@jayasinghearachchibandumit890 3 ай бұрын
අද තමයි මේ අනතුරේ ඇත්තම තොරතුරු දැනගන්නට ලැබුනෙ..ස්තුතියි සහෝදරයා !!♥️♥️♥️
@YTNET1
@YTNET1 9 ай бұрын
ස්තූති ඔබේ පැහැදිලි කිරිමට.
@samithatennekoon4007
@samithatennekoon4007 9 ай бұрын
ඉතා වැදගත් තේරුම් කර දීමක්. ඔබට බොහොමත් ස්තූතියි. බොරු සෝභන නැති ඉතා වැදගත් වචන භාවිතය ගැනත් අගය කරනවා. ස්තූතියි ඔබට❤
@LaksmanLaal-kv6lk
@LaksmanLaal-kv6lk 9 ай бұрын
කාලකන්නි මරාගන්න යූ ටියුබ් කාරයන්ට වඩා මේවගේ දැනුමක් දෙන එක කොච්චර වටිනවද ඔය අනතුරවෙනකා ළයේ අපි පාසල් යනවා ඔබ‍ට ජය
@camildavid14
@camildavid14 9 ай бұрын
Very informative and extremely understandable way of explaining point to point thoroughly . Truly amazing 🙏🏻
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 9 ай бұрын
මට.අවුරුදු පහලොවයි ඔය සිද්ධිය වෙන වට එත් ඇත්තටම සිද්ධ උන දේ දැන ගත්තේ ඔබතුමා ගෙන් ගොඩක් ස්තුතියි ඔයාට 🎉❤❤❤
@shalithasachithra2455
@shalithasachithra2455 9 ай бұрын
ඇත්ත ..මාත් කොච්චර උනන්දුවෙන් හෙව්වත් ,කටකතා තමා අහලා තිබිලා තියෙන්නෙ.. විස්තරේ සම්පූර්ණයෙන්ම පැහැදිලියි .. ස්තුතියි පැහැදිලි කිරීම ගැන..👌👌👌
@thilinajayasinghe2468
@thilinajayasinghe2468 9 ай бұрын
අවුරුදු 15ක් තිස්සෙ මේ ගැන ඇත්ත ඇති සැටියෙන් දැනගත්තෙ අදයි.ඔබතුමාට බෙහෙවින්ම ස්තුති. එහෙම බලද්දි පුංචිම පුංචි උපකරණයක තිබ්බ වැරැද්දක් නිසා ජීවිත කීයක් නම් අහිමි උනාද.😔😔😔😔
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 9 ай бұрын
මෙම ගුවන් අනතුර පිළිබඳ බොහෝ කතා අසා තිබුණද නිවැරදි පැහැදිලි කිරීමක් ලැබුණේ අද තමයි ස්තුතියි ඔබතුමාට...
@saliyaweerasinghe9940
@saliyaweerasinghe9940 8 ай бұрын
සතුටුයි ඔබතුමා මෙවැනි වැඩසටහන් වලින් සමාජය දැනුවත් කිරීම පිලිබදව. 🌹🌹🌹
@senakawijesuriya7240
@senakawijesuriya7240 8 ай бұрын
මෙම කදු පංතිය මම 1984 වර්ෂයේ දී තරණය කළා. ඔබගේ ඉදිරිපත් කිරිම විශිෂ්ට යි.
@ruwanelapatha9256
@ruwanelapatha9256 9 ай бұрын
මට ගුවන පිළිබඳ පිස්සුව නිසාම මේ ගුවන් අනතුර පල වු සියලුම ලිපි මම එකතු කලා. එම කාලයේ කටුනායක ගුවන් තොටුපලේ රේඩාර් පද්ධතියක් නොවු බවත් සඳහන්ව තිබුනා. මෙම ගුවන් යානයේ සිට ඕලන්දයේ ගෙන ගිය ( මල සිරුර ) ගුවන් සේවිකාව ගේ නම හෙටී බොගොල්ස් යනුවෙන් මගේ මතකයේ ඇත්තේ. ඒ වගේම මෙම යානාවේ ප්‍රධාන නියමුවා දෙවන ලෝක මහා යුද්ධ සමයේ ශ්‍රී ලංකාවේ සේවය කල ගුවන් නියමුවෙක් බවත් සඳහන්ව තිබුණා මතකයි. ඒ බව ඔවුන් සඳහන් කර තිබුනේ ගුවන් යානයේ වම් තටුව කන්දේ මීටර් සියයක් පමණ දුරක් ඇඳී තිබුනේ පහල සිට ඉහලට පවතින අයුරින් නිසා විය හැකියි.
@DKCinematic
@DKCinematic 8 ай бұрын
ගොඩක් වටින තොරතුරු ❤ thank you
@chamarasuranga5212
@chamarasuranga5212 9 ай бұрын
නොදන්න දේවල්නම් ගොඩක් දැනගන්න ලැබෙන වැඩසටහනක්.දිගටම කරගෙන යන්න සක්තිය ලැබෙවා.
@Aviocrat
@Aviocrat 9 ай бұрын
ස්තුතියි
@neethasarojani4452
@neethasarojani4452 9 ай бұрын
මේ ගුවන් අනතුර වෙනකොට මගේ වයස අවුරුදු 12. ඒ කාලෙ මේක මහා ආන්දෝලනයකට හේතු උනා. මම දැනගෙන හිටියෙත් එහෙන් මෙහෙන් අහුලා ගත්තු වැරදි තොරතුරු. නිවැරැදි තොරතුරු වෙහෙස මහන්සි වෙලා සපයා දුන්නු ඔබට අනේකවාරයක් ස්තුතියි !
@harischandralokuwithana2715
@harischandralokuwithana2715 9 ай бұрын
අවුරුදු 49කට පස්සේ අද තමයි හරිම දේ දැන ගත්තේ බොහොම ස්තුතියි ❤
@dilipdealwis7113
@dilipdealwis7113 9 ай бұрын
Thank you for taking me down the memory lane. When this incident happened in the middle of the night I was under training as a trainee cadet in Air Ceylon. When the messages about the crash was received we were taken to the crash site to have a look about the site. It was a very sad moment to see the dead bodies of the passengers lying all over the ground and the cap of the captains uniform was hanging on a tree that was broken in to parts.
@jayasenamaddumage3083
@jayasenamaddumage3083 8 ай бұрын
හොද පැහැදිලි කිරිමක්...ස්තුයි.ඔබට..💐💐
@ranjithbalasuriya5491
@ranjithbalasuriya5491 8 ай бұрын
ඔබ ගේ දැනුවත් කිරීමට, ඉගැන්වීම ට සහ sweet cheese theory එක කියාදීම පිළිබඳව ඉතාමත්ම ස්තුතියි. මම දැනුවත්ව සිටියේ Martin Air ගුවන් යානය සුරබයා සිට මක්කමට යන ගමනේ දී නොව මක්කම සිට එන අතරවාරේදී ගුවන්යානයට තෙල් ලබාගැනීම ට කොළඹට ඒමේදී අනතුර සිදුවූ බව යි. Japanese Red Army plan එක ලංකාවට ඒම පිළිබඳව vidio එක ක් කරන්න . Wish you all the best. Good luck. Thanks!
@ridmawarakapitiya6931
@ridmawarakapitiya6931 9 ай бұрын
ඉල්ලීමක් ලෙස ලංකාවේ සිදුවූ දෙවන දරුණුම ගුවන් අනතුර වු Icelandic Airline අනතුර ගැනත් විස්තරයක් බලාපොරොත්තුවෙන් සිටිමි. මේ සවිස්තරාත්මක අන්තර්ගතය ලබාදුන්නාට ස්තුතියි!!
@Aviocrat
@Aviocrat 9 ай бұрын
අනිවාර්‍යයෙන්
@SarathHewage-e8t
@SarathHewage-e8t 9 ай бұрын
මෙච්චර කාලයක් කන වැකිල තිබුනෙ තනිකර බොරු කියල අද අවබෝධ උනා , බොහොමයක් ස්තූතියි ඔබ තුමාට
@indikaroshan785
@indikaroshan785 8 ай бұрын
Sri padeta udin giya kiyalada oya hithan hitiye api maha gon jathiyak pas kandakata flight wattanna baha
@PasinduSampath-qs2sj
@PasinduSampath-qs2sj 9 ай бұрын
සර් Air Asia flight 8501 ගුවන් යානා අනතුර ගැනත් වීඩියෝ එකක් කරන්න අද වීඩියෝ එකෙන් ගොඩක් දැනුම ඉගෙන ගත්තා thank you
@shamalperera4875
@shamalperera4875 9 ай бұрын
දැන් අපිට තියෙනවා ප්‍රශ්නයක් ඩොප්ලර් පද්දතිය ක්‍රියාකරන්නේ කොහොමද කියලා,,ඔබතුමා ට පුලුවන් නම් මේ අනතුර ට හේතු වූ ඩොප්ලර් පද්දතියක් ගැන සම්පුර්ණ වීඩියෝ එකක් ගේන්න.❤
@manukaliyanage7759
@manukaliyanage7759 8 ай бұрын
අයියේ මගේ ගම තියෙන්නේ සප්ත කණ්‍යා කන්ද අසල මම මේ ගුවන් යානයට උනේ මොකද කියලා අවුරුදු 20ක් තිස්සේ හෙව්වා...ඒත් මට කිසිම පිලිගත හැකි නිවැරදි පිලිතරක් ලැබුණේ නෑ...මම ගුවන් යානය අනතුරු වුන දවස් වල හිටපු මිනිස්සු එක්ක පවා කතා කරලා තියනාව එහෙත් මට නිවැරදි තොරතුරක් ලැබුනේ නෑ...හැබැයි finaly ඔයා හරිම උත්තරය ලබා දුන්නා..thanks අයියා අවුරුදු ගානක් හෙව්ව දෙයක් මේක මම....මම දැනට සතියකට පෙර ඒ සොහොන් බිමට පවා ගිහින් ආවා...මොකද මට එක මාර කුතුහලයක් දෙන තැනක් මේකට මොකද උනේ කියන එක.....බොහොම ස්තූතියි මේ නිවැරදි තොරතු ලබා දුන්නාට❤
@Aviocrat
@Aviocrat 8 ай бұрын
බොහොම සන්තෝෂයි නිවැරදිම කරුණු සමාජගත කරන්න ලැබීම සම්බන්ධයෙන්. ඒ වගේම, ස්තුතියි මේ ඇගයීමට
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 9 ай бұрын
Very sad...I was at age 10 at the time of crash...still I remembered the incident very well ...!
@anandajayawicrema9636
@anandajayawicrema9636 9 ай бұрын
Great video and explained! DC8 crashed accident was an unanswered questions for me for last 50 years. figured out each and everything by bit and bit what went wrong with it pretty clearly. each and every questions answered!
@AriKara-z9q
@AriKara-z9q 9 ай бұрын
❤❤ඇත්තටම ගොඩක් බොහොම ස්තූතියි මේ සම්බන්ධව අපිට දැනගන්න ලැබුණට ඇත්ත තොරතුරු❤❤
@harischandra475
@harischandra475 9 ай бұрын
මේ කියන කාලය වෙනකොට මට අවු. 04 යි. අපි ඒ කාලෙ කියන්නෙ අහස් යාත්‍ර්‍රා කියල . මම ඉස්සර ඉදල අහසෙ වෙන දේවල් එක්ක හරිම interest . ඒ හින්දම මේ වෙනකොට මම හතලිස් වාරයක් ගුවනින් එහා මෙහා ගමන් කරල තියෙනවා . මම කියන්න හදන්නෙ ඒ කාලෙ මගේ කන වැකුණු කට කතාව. ඒක තමයි භාෂාවෙ ප්‍රශ්නයක් කියන එක . ඒ ගුවන් යානාවෙන් දීපු පණිවුඩය වෙලා තියෙන්නේ fourty (40) , ඒක Air traffic controler ට ශ්‍රවණය වෙලා තියෙන්නේ fourteen (14) කියල , තම යානය සිටින දුර ප්‍රමාණය , එතකොට මීගමුව දිහාවට කිට්ටු නිසා පොලවට කිට්ටු දුරකට පහත් කරන්න ඇති , ඒ වෙනකොට ගුවන් යානය කදු තියෙන හරියෙන් ඉවතට ඇවිත් කියන එක හිතාගෙන. ඕක තමයි මම දන්න කටකතාව. අනික මම අවිස්සාවේල්ලේ . මේ ශබ්දය පවා අපේ සීයලට ඇහිල තියෙනවා . රාත්‍රි 10 කියන්නෙ ඒ තරම්ම ලොකු වෙලාවක් නෙමෙයි අපේ පැත්තෙ අයට. දැන් තමයි මම හරිම දේ හරිම සිද්දිය දැනගත්තේ . මේ අනතුර ගැන කියන්න කියල අපේ ධනංජය මල්ලිට නොයෙක් වාරවල මම comments කරල තියෙනවා . ඒ දැනගැනීමේ උවමනාව නිසාමයි. මට තිබුන කටකතාවෙ ,,,සත්‍ය සිව්ද්දියට සම්බන්ධ යාන්තම් හෝ නෑකමක් තිබුන වගේ දැනෙනවා .
@Aviocrat
@Aviocrat 9 ай бұрын
බොහොම ස්තුතියි
@දේශාටන
@දේශාටන 9 ай бұрын
ඒ කතාව පැහැදිලි කරන්නගියොත් දිග වැඩියි,...කෙටියෙන්ම කිව්වොත් ඔබේකතාව මටනනම් අදටත් හරි. මටදැනගන්න ලැනුනේ fifteen / fifty (භාෂා උච්චාරණය) කදු වැටිය සහ කටුනායක අතර ඇත්තේ ද, නාඃ සැතපුම් 50ක් පමණ නේද?...
@suneetharanaweera8795
@suneetharanaweera8795 9 ай бұрын
ස්තූතියි .අනිවාර්යයෙන් මේ තොරතුරු නිවැරදි ව අද දැනගත්ත
@priyangalankeshwara426
@priyangalankeshwara426 3 ай бұрын
සුපිරි . කවදාවත් ahapu nati විස්තර ගොඩාක් ahuwa.. Thanks a lot Ape air traffic controlersla gahapu bul tika black box eke na නේද . Meka lankawane
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 9 ай бұрын
I have heard this story many times before but this is the most detailed and accurate one❤️
@Cobra385
@Cobra385 9 ай бұрын
මග බලාගෙන හිටිය video එක 👍👍👍👍👍👌👌👌👌 Tanks you so much ❤️
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 7 ай бұрын
ස්තූතියි ඔබට. හරිම ආශාවෙන් හා කුතුහලයෙන් බලාගෙන හිටියේ මේ ගුවන් අනතුර ගැන විස්තරාත්මක ලෙස දැන ගැනීමට. කටුනායක ඉද්දැගොඩැල්ල්දි මේ වගේම ඩී සී 8 ගුවන් යානයක් අනතුරට පත්වුනා නේද? මම නිවැරදි ද දන්නෙ නැහැ. ඒ පිළිබඳවත් වීඩියෝවක් ගෙන එන්න. ස්තූතියි.
@kassagesawariya6722
@kassagesawariya6722 8 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි
@kumudusandamal5950
@kumudusandamal5950 9 ай бұрын
මම මේ channel එක දකින්නේ Air crash investigation ගැන කරන channel එකක් වගේම වෘත්තීය භාවය කියන්නේ මොකක්ද කියලා අනික් අයට කියලා දෙන channel එකක් විදිහට .
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 4 ай бұрын
You are such an intelligent person the way you bring this presentation and the effort you put into this. Respect 🙏. I'll request from you or someone else to do an interview with you about your Sri Lanka Air Force experience. Please 🙏 ❤❤❤
@ajithubeynarayana6117
@ajithubeynarayana6117 9 ай бұрын
Thanks for your amazing presentation about saptha kanya flight disaster in 1974
@Aviocrat
@Aviocrat 9 ай бұрын
Thanks
@Din123456able
@Din123456able 8 ай бұрын
Really glad that this type of channel exists. kind of reminds me the Mentour Pilot channel. Keep it up brother.
@Aviocrat
@Aviocrat 8 ай бұрын
We were inspired by him
@sajithlakshitha1415
@sajithlakshitha1415 9 ай бұрын
බොහෝම ස්තුතියි sir ♥️... බලන් හිටපු වීඩියෝ එකක්... Sir mh 370 ගැන ත් ඕනේ
@koskadawalamirigama7577
@koskadawalamirigama7577 4 ай бұрын
හරිම වටිනා ලස්සන පැහැදිලි කිරීමක්.👍ස්තුතියි.
@vijithawaguregama6069
@vijithawaguregama6069 8 ай бұрын
Sir gen me gena video ekak karanaka balaganama hitiye man sirgen meka illuwa thank you sir 🙏🙏🙏
@PWimalsiri-cd3mo
@PWimalsiri-cd3mo 8 ай бұрын
ඒකාලේ මම ඉස්කෝලේ හතේ පන්තියේ හිටියේ. අපි සිරිපාදේ යනකොට තාත්තා අපිට ඒ කන්දේ ප්ලේන් එක හැපුන තැන පෙන්නුවා. මේ විස්තර මාව අතීතයට ගෙන ගියා. ගියා.. ස්තුතියි.
@veebee3969
@veebee3969 9 ай бұрын
Thank you. Excellent video. Clear voice. Just the right amount of details.
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 9 ай бұрын
සෞදියේ මක්කම ඉදන් ආව තවත් ගුවන් යානයක් ගුවන්තොටුපල ආසන්නයේ පොල් වත්තකට කඩාගෙන වැටුනා.. ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න ❤
@Aviocrat
@Aviocrat 9 ай бұрын
කරමු
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 9 ай бұрын
@@Aviocrat ❤️❤️
@KosalaWanniarachchi
@KosalaWanniarachchi 8 ай бұрын
Thanks for providing this valuable data regarding that incident.
@maheshmadushan469
@maheshmadushan469 9 ай бұрын
බොහොම ස්තූතියී ❤❤❤
@chamanthawijesinghe5581
@chamanthawijesinghe5581 4 ай бұрын
Brother,ගොඩක් ස්තූතියි!!ඔයාට තවත් මේ ගැන විස්තර දැන ගන්න පුලුවන් මේ flight එකේ black box එක හොයාගත්ත Mr.Vipula bothju.එතුමා 2004 හිටියෙ Ceylinco cisco එකේ ඉහළම පුටුවේ.මම පුද්ගලිකව හම්බවුනා.ඒත් දැං කොහෙද දන්නේ නෑ.මම 2004 වල මේ ගැන දිනමිණ පත්තරේට ලිපියක් ලීවා.එතුමා ගෙන් ගොඩක් විස්තර ගත්තා.පොඩ්ඩක් try කරන්න එතුමා හොයා ගන්න.
@pathumsandaruwan613
@pathumsandaruwan613 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබට..❤️❤️❤️❤️❤️
@indikaroshan785
@indikaroshan785 8 ай бұрын
Sir thank you aththa siduweema gana wisthara karata.api mulin ahala thibune boru katha godak.good luck sir
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 9 ай бұрын
කටහඩ ඇහුනත් ඇති ❤👍
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 9 ай бұрын
Thanks Mr Dhananjaya........Next..... second lesson of aerodynamics....pl...I already subscribed.have a good day
@hilmynizar
@hilmynizar 9 ай бұрын
Thank you very much for your detailed information❤
@anurasampath8173
@anurasampath8173 9 ай бұрын
මම 0/L පාස් නැති ංකනක් ප්ලයිට් වලට මාරම ආසයි එ ආසාව නිසාම ගොඩක් දුක් ව්දලා pastry cook ංකනක් උනා අද new zealand වල hotel එක වැඩ කරනවා අදටත් ප්ලන් එකක් යනකොට අහස දියා බලන් ඉන්නවා 😊 මම මුලින්ම ප්ලයිට් එකට නැග්ග 2012 මුලින්ම ගිය singapore ජොබ් එකට ❤
@Sameewithsouthkorea1
@Sameewithsouthkorea1 9 ай бұрын
මම හිතුව හරි සර් කොච්චර ඉල්ලුවත් කාලයක් යනව දෙන්න කිව්වම මම හිතුව සර් එතනට ගිහිල්ලම වීඩියෝ එක කරයි කියලා❤❤❤❤❤
@dhammikaperera6312
@dhammikaperera6312 9 ай бұрын
ස්තූතියි, අද තමයි හරියටම ඇත්ත දැනගත්තෛ්.
@bgchampikabandara2896
@bgchampikabandara2896 9 ай бұрын
Oyage video harima pehedili...video ekak danakamma balagena inne...nenasat mama hemadama balanawa...budusarani....oyage siyalu weda sartaka wewa....
@Aviocrat
@Aviocrat 9 ай бұрын
ස්තුතියි
@NuwanJayasinghe-x2f
@NuwanJayasinghe-x2f 8 ай бұрын
My father was a member of the search team from SLAF on that crash site, as per him they went there by a Bell 206 helicopter and unexpectedly that helicopter got technical issue, finally they had to land on a nearest safe area and done an engine change, spare engine was delivered by a Camov KA 26 helicopter
@dinethweerasinghe571
@dinethweerasinghe571 8 ай бұрын
Valuable informations good luck keep it uppp!❤🔥
@BinaraGta
@BinaraGta 9 ай бұрын
Wow ඒ තැනටම ගිහින් කරන එක ලස්සනයි 🙂
@MrGee1990
@MrGee1990 9 ай бұрын
ප්‍රථමයෙන් කිව යුතුයි අද video එක පට්ට. ඔබ කැමති නම් 1993 fifa world cup එකේ තරගයකට Senegal බලා පිටත් වු සැම්බියා national football team එක ගුවන් අනතුරට පත් කල DHC 5 Buffalo ගුවන් යානය පිළිබඳව video එකක් කරන්න. ස්තුතියි
@shanthiperera2096
@shanthiperera2096 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට
@SurangaU.Bandara
@SurangaU.Bandara 8 ай бұрын
ඔයා මාර පොරක් අයියා... මම ඔයාගේ වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ.. මට ඔයා කියන සමහර ඒවා තේරෙන්නේ නෑ (Aviation එක සම්බන්ධව).. ඒ උනාට ඔයා හරීම ලස්සන ඒවා එකින් එක ගලපලා ඕනම නොදන්න කෙනෙක්ට තේරෙන විදිහට කියලා දෙනවා.. හරිම ආසයි ඒ කියන විදිය අහගෙන ඉන්න. සමජර වෙලාවට මම පාරේ යනකොටත් කොක්පිට් කියලා නිකන්ම මිමිණෙනවා 😂😂 සමහර වචන සහ සමහර තාක්ශණික දේවල් නම් විද්‍යා විෂය හදාරපු නැති අයට තේරෙන්නේ නැතුව ඇති. ඒත් ඔයා ඒවා ඔයාගේ උපරිමෙන්ම කියලා දෙන්න උපරිම try කරනවා... මම කවදාවත් plane එකක ගිහිල්ලා නෑ.. ඔයාගේ වීඩියෝ බලන වෙලාවට මම plane එකක යනවා වගේ දැනෙනව... ඊටත් හපන් මම pilot කියලම හිතෙනවා 🤣🤣 සතියකට1ක් අනිවාර්‍යයෙන්ම දාන්න... හරිම වැදගත් දේවල් මේවා.. හරිම interesting ❤❤❤ අනතුරු ගැන වගේම, අනතුරු වෙන්න ගිහින් බේරගත්තු ඒවත් දාන්න.. එකක් අනතුරක් ගැන දැම්මොත්, අනික අනතුරකින් බේරගත්ත එකක් දාන්න 😬😬😁😁 keep it up.. Love your channel ❤❤❤
@Karu9062
@Karu9062 8 ай бұрын
කියන්ඩ වචන නෑ..ඒ තරමට විශිෂ්ට ඉදිරිපත් කිරීමක්..✌ මේ දක්වා ඒ අනතුර ගැන අහල තිබුනු හුඟක් දේවල් වල ඇත්ත නැත්ත පැහැදිලි උනා..
@HishamShirazMohamed
@HishamShirazMohamed 7 ай бұрын
great job thanks a lot if you could bro please reveal the other story that another Indonesian flight crashed near katunayake airport.
@mmgunawardana8668
@mmgunawardana8668 8 ай бұрын
I hope if you could kindly Explained Regarding Black Box collected Army Team. Thanks lot Hon Dananjaya.
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 4 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@dinethweerasinghe571
@dinethweerasinghe571 8 ай бұрын
ඔබතුමා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුනේ කොහොමද මේ ක්ෂේත්‍රයට පැමිණීමට කැමති කෙනෙක්ට වැදගත් වන වීඩියෝ එකකුත් කරනව නම් හරිම වටිනවා🔥
@mahindam3005
@mahindam3005 9 ай бұрын
මම බලාපොරොත්තුව සිටි ගුවන් අනතුරක් 😢😢😢😢😢
@nihalepa8174
@nihalepa8174 8 ай бұрын
😂
@Hellomyfrndss
@Hellomyfrndss 4 ай бұрын
අපෝ තවත් නම් බලාපොරොත්තු වෙන්න එපා plz
@paranormalcreation1084
@paranormalcreation1084 9 ай бұрын
Mr ඔයාට පුලුන්වද ලෝකේ ගුවන් යානා අතුරැදහන වීම ගැන video එකක් කරන්න ,
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 30 МЛН
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,6 МЛН