Making Kithul Treacle | කිතුල් පැණි හදන හැටි | ගල්ලෙනක දින දෙකක් | 4K

  Рет қаралды 285,453

Dinesh A Pathum

Dinesh A Pathum

11 ай бұрын

නියම කිතුල් පැණි සොයා මහා වනාන්තරයට ගිය සංචාරය
(කිතුල් වාඩියක් වූ ගල් ලෙනක දින දෙකක්)
"තොපි මස් කන්නද කලින් ගියේ?.." මීටර් විස්සකට වැඩි කිතුල් ගහ මුදුනේ සිට කලු මාමා මොර දුන්නේ අපට පෙර ගල් ලෙන දිහාවට ගිය කලු මාමාගෙ දරු දෙදෙනාට යි. "මේ තේලිය භාජනේ අරං පල.." "තොපි ආයෙම ඇවිත්.." යැයි නැවතත් මහ හඩින් කෑ ගැසුවේ මහා වනාන්තරය පුරා රැව් දෙමින් තිබූ රැහැයි හඩ මදකට නවතාලමිනි. මේ කතා බහ සහ සිදුවීම අදටත් මාගේ දෙසවන් තුල සහ හදවත පුරා රැව් පිළිරැව් දෙන්නේ ඉතා ආදරණීය ලෙසයි. මක්නිසාද යත් ඒ සිදුවීම තුල ඇත්තේ පියෙකු සහ දරුවන් අතර ඇති ආදරණීය භූමිකාව යි. කැලේ කොලේ හොදින් හදුනන පියකු ලැබීමත් මේ දරුවන්ට වාසනාවකි. එමෙන්ම මෙහි කතා නායකයා වූ "කලු මාමා" මෙතෙක් මා හට හමු වූ ගහ කොල ගැන දන්නා අය අතර දැනුමෙන් පරිපූර්ණ අයෙකි. මේ ලියා තබන වචන තුලින් මා හට මා ලද අත්දැකීම සම්පූර්ණයෙන් ම ලබා දිය නොහැකි උවත්, මා ලද අත්දැකීම මෙලෙසකින් හෝ ලියා තැබීම මතු අනාගතයේ කැලයට කොලයට ආදරය කල සහ වනාන්තරය රැක බලාගත් "කලු මාමා" වැනි අය ජීවත් වුනා යැයි කීමට සාක්ෂි සාධක සපයනු ඇත. එබැවින් අවසරයි ලියා තබන්නට කිතුල් මලේ රස කථාව , මහා වනාන්තරයක ගල් ලෙනක සිට.
This is an incredible story of Sri Lankan villagers making authentic Kithul palm treacle. We were fortunate to glimpse every step of obtaining the kithul palm treacle, from extracting sap from the palm flower to the end product of dark syrup. I hope you will enjoy the traditional way of making kithul treacle.
Greetings
I am Dinesh

Пікірлер: 888
@subadramahamalage1342
@subadramahamalage1342
ඔයාගේ program බලලා USA වල දිගටම ඉන්න හිතාපු මම සහ මගේ husband ඒ තීරණය වෙනස් කරලා ලන්කාවේ කදු වලින් වටවෙච්චි පරිසරයක ලස්සන ඉඩමක් ගත්තා.
@hasithanawodi835
@hasithanawodi835
මගේ අතිතය මතක් කරලා දුන්නට අයියට ගොඩාක් පිං.අතීතයේ අපේ තාත්තගෙ ජීවනෝපාය.ඉස්සර හැමදාම අපි කිතුල් හකුරු ගෙදර හදලා කනවා.
@Dinidu-K
@Dinidu-K
මගේ ආදරණීය මෑණියන් ජීවිතය හැර ගිහින් හරියටම සති 3යි 😢 , ජීවත් වුණු අවුරුදු 60 ටම මේ වගේ තෙලිජ්ජ තාච්චි කීයක් නම් හැදි ගාන්න ඇතිද 😢, මගේ අප්පච්චි මේ ජිවිතයට කිතුල් ගස් කීයක නම් බඩගාල ඇතිද 😢, ජීවිතය හරිම පුදුමයි , හරි සුන්දරයි ,ඒ වගේම හරි දුශ්කරයි . ඒ විශමාකාර ජීවිතය ජය අරගෙන අපිට හරි පාර පෙන්නන්න දුක් විදපු මගේ මෑණියන්ටත් , තවමත් ජීවිතය නැමති කිතුල් ගහේ වැර බදින මගේ පියාණන්ටත් මේ රූප රචනාව උපහාරයක්ම වේවා ❤
@user_geeth2002
@user_geeth2002
මට දවසක ඕනෙමයි අයියෙ ඔයායි ලොකු පීරිස් අයියා එක්කයි, ඔය වගෙ දුර ගමකට ගිහින් ඒ අත් දැකීම් බෙදාගන්න..මමත් සොබාදහමට සතා සිව්පාවට ආදරෙ කරන රටට ආදරය කරන කෙනෙක්. මට ඉගෙන දේවල් ගොඩයි ඔය අත්දැකීම් වලින්.. අයියා මිනිස්සුන්ට තේරුම් කරලා දෙනවා පාටි ගානෙ ගිහින් බිබි සැප ගන්න එක නෙමෙ ජීවිතෙ විදිනවා කියන්නෙ කියලා. ගොඩක් ගරු කරනවා my brother ඔයාට. එ වගේම ලොකු පීරිස් අයියෙ ඔයාටත්....එ සොබාදහම රසවිදින්න.. නොහොබිනා මිනිස්සුන්ගෙ පාප ක්‍රියා ඇරෙන්න .. මේ මගෙ/අපේ රට කොයි තරම් සුන්දරද යන්න, මේ වීඩියෝ එකෙනුත් හිතට තදින්ම කා වැදුනා දිනේශ් අයියෙ. මනුස්සකම් වලින් පිරුණු සොබාදහමද එ වගේම රැකගන්න කලු මාමා ඇතුලු දිනේශ් අයියෙ ඔයා ලොකු පිරීස් අයියෙ ඔයාට මගෙ උපරිම respect එක මම දෙනවා. චූටි නංගිලා මල්ලිලට ගොඩක් ලොකු ආදර්ශයක් ඔයාල..ඔයලා වගෙ කට්ටිය තව හිටියනම් මෙ රට ගැන කියන්න වචන නැහැ තවත්.. කියන්න තේරෙන්නෙ නැහැ අයියෙ මීට වඩා, හිතේ තියෙන හැමදේම කියන්න මේක මදි මට.. respect brother s.. stay safe..❤️🥺
@user-dh1to5zx9m
@user-dh1to5zx9m
සොබාදහම ආදරය කරන රකින නිතරම සොබාදහම ත් සමග ජිවත් වන ඔබට කිසිදු දුකක් පීඩාවක් ඇති නොවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා අදත් සුන්දර පාරාදීසයකට රැගෙන ගොස් නොදන්නා ගොඩක් දේවල් කියා දුන්නා ට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045
දෙයිහාමුදුරුවනේ, ඒ පරිසරය, කිතුල් රා, තෙලිජ්ජ...පැණි කරන රස කතාව...ඒ වගේම කලු මාමා වගේ අපේ ගැමි ජනතාවගේ දුෂ්කරතා මොනවට කියලා දුන්නා, දිනේෂ් ඔයා....මමත් එදා ඉඳලා ආස කරපු පැණි රසය තමයි කිතුල් පැණි, කිතුල් හකුරු....එංගලන්තයේ අපේ කඩවලින් ගන්නේ බොහොම ගණන් දීලා, ඒත් ඒ නිෂ්පාදන උදවියට සාධාරණ මුදලක් ලැබෙනවද කියන එක සැක සහිතයි...බොහොම පින් දිනේෂ්, ලොකු පීරිස්, අර දරු දෙදෙනා, කලු මාමා ඇතුළු සියළු දෙනාට...🌴🦜🍃🌼
@kelumkumara5364
@kelumkumara5364
මගේ තාත්තවත් මතක් උනා. අපේ තාත්තලත් අපි ජීවත් කරන්න. කරන. කරපු රස්සාවක්. බොහොම පින් දිනේශ් අයියේ. ♥️
@s.kavee1990
@s.kavee1990
KZbin එකේ .මෙතෙක් බලපු video වලින් 1s වත් skip නොකර බලපු එකම Yt channel එක DAP ❤❤❤❤....ඒ මාමා මාරම සොදුරැ මිනිසෙක් .ඒ මාමගේ කතාවෙන්ම එය හැගවෙනවා...සුන්දරම මිනිස්සු.❤️❤️❤️
@dineshperera346
@dineshperera346
අද ඉදන් බලනවා video ඔක්කොම විස්තර කරන විදිහ පට්ට
@FEELANU
@FEELANU
කිතුල් හකුරු මිල වැඩී කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනී අපි .අයියේ ඔයා නියමයි හොද ගමනක් යන්න පරිස්සමෙන්
@ishankadilshan10
@ishankadilshan10
පිස්සුවෙන් වගේ මෙච්චර කල් වීඩියෝ විතරක් බල බල ඉඳල අන්තිමේ කොහොමහරි ඒ වීඩියෝ එකකම අපිත් ඉන්නව කියල දකිද්දි 🥺♥️🌿
@dhanushkakrishankumarathun7995
@dhanushkakrishankumarathun7995
සොබාදහම රකින ආදරණීය මිනිසෙක්ට සොබාදහමේ ආදරණීය සංචාරකයාගේ හමුවීම ❤❤
@prabathranasinghe1711
@prabathranasinghe1711
කලු මාමා කියන්නෙ ම ඇවිදින විශ්ව විද්‍යාලයක්.❤
@Anushambi
@Anushambi
අද තමා බැලුවේ.. මාරම ආසවක් ආවේ ඒ වගෙම අයියා මාර රෙස්පෙක්ට් කතා කරන ව්දිය උනත් ඒ මාමා එක්කලා.. ❤
@dinushikadinurukshi3252
@dinushikadinurukshi3252
ජීවනෝපාය නොව්නත්,වත්තෙ තියන කිතුලක් හැර ගහල,තෙල්දිය ගෙනැල්ල,අදටත් තාත්තා හකුරු හදල දෙනව.❤️...
@nirmalchanuka9588
@nirmalchanuka9588
කොච්චර වයසට ගියත් එ හයිය එ ඇගේ හයිය වෙන්න නම් බැ හිතේ හයිය අපේ දේ රකින්න පොර බදින කලු මමාලා වගේ මහත්තුරුන්ට සමන් දෙවි පිහිටයි අයියාටත් ගොඩක් ස්තුති ❤❤❤❤
@හර්ශ
@හර්ශ
කලු මාමා විස්තර කරාට ඔය ගහකටවත් නගින්න දෙන්නේ නැ වෙන කවුරුවත් කාට්වත් පේන්න නගින්නෙත් නැ ගහකට😊මාමා හිත ගත දෙකම හයිය අහිංසකයෙක් ජය වේවා !!!❤❤❤
@keshara-JA
@keshara-JA
ලංකාවෙ මිනිස්සු හරිම ආදරණීයයි ඒකට ලොකුම උදාහරණය තමා " ලොකු මමා " බුදු සරණයි ලොකු මාමේ 🥺💗
@chamindukulawansha6737
@chamindukulawansha6737
අද නේ මේ නිහතමානී කොල්ලා සෙට් උනේ හරිම සුන්දරයි ඒ වගේම දිනේෂ් නියමයි ලස්සනට විස්තර කරනවා බොහොම නිහතමානී කොල්ලෙක් ගුඩ්ලක් ලoකාවට ආපු කාලෙක මීට් වෙන්න ආසයි මේ මල්ලී වගේම මේ මාමයි ගෙදර කට්ටියයි..ගුඩ්ලක් ආදරෙයි දිනේෂ් ඔයාට.මට ඔයාගේ පෝන් නො එවන්න❤❤❤❤ 🇰🇷🇰🇷🇰🇷
@dulsiriwatawala6414
@dulsiriwatawala6414
මොන තරම් සුන්දර රටක්ද. ඒවගේම මේ රෑප රචනාව ලෙහෙසි පහසු නෑ.කලුමාමාට ඔබ දක්වන ගවුරව හරිම වටිනවා ,කැලෑ පාලුවන් ඉන්නා රටක මොහු රැක් දෙවියකු බඳුයි. ඒවගේම ඔබ ඇතුළු කන්ඩායමට හදපිරි ස්තුතිය පිරිනමමි.ඔස්ට්‍රේලියාවෙ සිට මා ඔබගේ වැඩසටහන් නොවරදවාම බලනවා. ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් 🌹❤
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 554 М.
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 524 М.