Rupalena | රූපලෙන | Limestone Cave in Sri Lanka | Underground Crystal Lake | 4K |

  Рет қаралды 78,855

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

හුණුගල් රූ සොයා මීටර් ගණනාවක් පොළව යට කල අමතක නොවන සංචාරය.
"මීටර විස්සකටත් වඩා පොළව යට ඇති අඩි දෙකක් පමණ වූ උමං දොර හරහා මීටර දහයකට වැඩි දුරක් රිංගා යා යුතුය. නිරන්තරයෙන්ම රූරා වැටෙන දිය බිදිති සහ උමග ඉහල ඇති ඉරි තලා ගිය හුණුගල් තට්ටුව කොයි මොහොතක හෝ පහලට කඩා වැටී අප සියලු දෙනා මේ අදුරු උමග තුල සිර වේවිද යනුවෙන් යටි සිත මා හට මැසිවිලි නගයි. "කෙසේ වෙතත් උමගේ ඉහල පස් සහ ගල් තට්ටුව කඩා වැටුන හොත් නිසැකවම අප සියලු දෙනා මේ තුලම පන පිටින් මිහිදන් වන බව නිසැකය."
ලොකු පීරිස් ලණුවෙහි එක් කොනක් ගල් කොණක සවි කොට අනෙක් කොන ගෙන ලිද තුලට බැස ගත්තේ විමසිල්ලෙන් ය. මක්නිසාද ‍යත් ලිං පතුල තුල කාලයක් එකතු වූ රොන් මඩ මිනිසෙකු ජලයේ ගිලී මැරීමට යාමටත් වඩා අනතුරුදායක නිසාවෙනි. ඉන් පසු මමත් ලිද තුලට බැස ගත්තද අවාසනාවකට මා පැලද සිටි අත්වැසුම් ඇගිලි තුඩු ආවරණය නොවීම නිසා ලනුවේ මතුපිට අල්ලාගැනීමේදී ඇති වූ ලිස්සා යාමත්, එහි රත් වීමත් නිසා මාගේ දෑත් යුගලයේම සෑම ඇගිල්ලකම පාහේ දිය පට්ටා දමා දැඩි වේදනාවකට ලක් වීමට සිදු වීමයි.
දෑස සෙවූ සුන්දරත්වයත් මනස සෙවූ නිදහසත් වෙනුවෙන් මාගේ දෙපා සහ දෑත් විදි කටුක අත්දැකීම් එමටය. ඔවුනටද පිං දී බැසගත් හුණුගලින් නිම වූ ලිං පතුලෙන් දිය පහරක හඩ නැගෙන ඉසව්ව සොයා නැවතත් ලොකු පීරිස් සහ මා ගමන් ඇරඹුවේ තවත් මීටර හයක පමන උමගකට රිංගා ගනිමිනුයි. එම උමග කෙලවරේ ගලා යන්නේ නිල්වන් වූ දිය පහරකි. ලහි ලහියේ ගලා යන දිය පහර හුණුගල් මත ගැටී සිහින් හඩක් නංවන්නේ පොලව යට සැගව ඇති නැළවිලි ගීයක රසයක් මතු කරවමිනි.
මීටර තිහකට ආසන්න දුරක් පොළව යටට ගොස් ඒ වෙනුවෙන් වැය වූ වෙහෙස සහ මහන්සිය වෙනුවෙන් සොබාදහම දුන් තිලිණය නම් මේ සීතල දිය පහරයි. පිපාසය සංසිදෙන තෙක් දිය පහරෙන් දිය පානය කොට නැවතත් උමං ලිදෙන් ඉහලට නැග ගත්තේ තවත් දිනෙක තවත් වතාවක් මෙහි පැමින යුතු යැයි මා මාහටම කියා ගනිමිනි.
මූලිකව ගත් කල ශ්‍රී ලංකාවේ පොලවෙහි සියයට දහයක පමණ ප්‍රමාණයක් ඇත්තේ හුණුගල් ය. වර්ශ ගණනාවක් මුලුල්ලේ නිර්මාණය වන හුණුගල් ජලය සමග පවත්වන්නේ ලග නෑ කමකි. මක්නිසාද ‍යත් හුණුගල් ඇති සෑම තැනකම පාහේ ජලයත්, ජලය ඇති සෑම තැනෙකම පාගේ හුණුගලුත් දැක බලාගත හැකිය. හුණුගල් වල විපරීත අවධිය මගින් කිරිගරුඬ නිර්මාණය වේ. කෙසේ වෙතත් මා හට නම් මෙය අමිල වූ නිර්මාණයකි.
පොළව යට ඇති මේ සොදුරු හුණුගල් ගුහාව තුල ඇති මිනිසෙකුට යා හැකි සෑම උමගකම අප සියලු දෙනා රිංගා ගියේ එකිනෙකට වෙනස් සහ සොදුරු වූ රූ රටා මවනා හුණුගල් නිර්මාණයන් දැක බලා ගනිමිනුයි. හවස් වීමට මත්තෙන් නැවතත් මග සොයාගෙන ඉහලට පැමිනීමට අපට හැකි විය. පැය ගණනාවක් අදුරේ සිටි අපට කොල පැහැති වට පිටාව රැගෙන ආවේ සැනසීමකි. තවත් මීටර පනහක පමන ඈතින් තවත් උමගක් වූ අතර එයටද රංග මල්ලී සමග ගමන් කිරීමට අපට හැකි විය. ඒ උමග වවුලන්ගෙන් පිරී පැවති අතර මීටර විසි පහක පමන උමග අවසානයේ මීටර තුනක පමන පලලකින් යුක්තව ගැඹුරු වූ දිය පහරක් ගලා යනු දැක බලා ගැනීමට අපට හැකි විය.
දිනයක් පුරා පොළව යට ගතකල අප උමගේ සිට තවත් කිලෝමීටර තුනක පමන දුරකින් ඇති දිය ඇල්ලක් වෙත ගමන් කලේ වෙහෙස සහ මහන්සිය සංසිදුවා ගැනීමට සීතල දිය පහරක පහස විද ගැනීමටයි. ගමේ ගැමියන්ගෙන් ලැබුණු ගෙදර හැදූ කිතුල් හකුරුත්, කලු දොදොලුත් අපගේ දහවල් ආහාරය විනි. මේ සොදුරු ගමන අවසානයේ නැවතත් ලොකු පීරිස් සහ මා කොළඹට ඒමට පිටත් වූයේ රංග මල්ලී සග චානක මල්ලී පෙන් වූ විශාල කදු මුදුනක් දෙස බලා නැවත මෙහි ආ යුතුය යන අදහස ඇතිව සුසුමක්
හෙළමිනුයි.
ආයුබෝවන් මම දිනේෂ්.
Limestone Cave in Sri Lanka | Underground Crystal Lake
“Rupa” means pictures in Sinhalese, a spectacular Limestone cave in Sri Lanka. It was a task to get into the cave because there was no particular way to get into the Forrest or to the cave. However, with the help of two of my friends, we got into the cave more easily. Miraculous! What a beautiful experience it was.. we forgot all our tiredness after seeing this wonderful natural creation. Limestones make many different shapes which our eye reads as pictures. There was not only one cave inside this cave. Many doors to our left and right open this cave to endless paths. Another surprise, we found an underwater lake, a crystal water lake inside this cave. So, it was a one-time experience that we would never forget in our life. I hope you will enjoy the video
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“
#limestone #rupalena #hunugal #underground #caveinsrilanka

Пікірлер: 599
@anulawijewaedana1356
@anulawijewaedana1356 29 күн бұрын
මෙච්චර කාලෙකට මංබලපු සුන්දර ,බියකරු,,අානන්දනීය,අර්ථවත්,අධ්‍යාපනික වීඩියෝවක්.හරි වටිනව තරුණයින් හැටියට මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕන.පින්සිදු වේවා පුතතණුවනි.වයසක අපිට බලන්න බැරිතැන්වල එක්ක යනවට
@riyacom6812
@riyacom6812 Жыл бұрын
සංචාරකයෙක්ට එහා ගිය ගවේශකයෙක්,ලේඛකයෙක්.සුබපැතුම් කරන කියන හැමදේටම.❤❤❤
@darshanan3244
@darshanan3244 Жыл бұрын
Marvelous ❤ DAP
@imeshupamal1544
@imeshupamal1544 Жыл бұрын
@nilankaprasad දිනේෂ් SF එකේද ඉන්නේ
@samanbandara6261
@samanbandara6261 Жыл бұрын
දැකපු නිර්භීත ම vedio එක...ජයවෙිවා
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
පිටරට දේවල් පිටරට්ටු ලෝකේට පෙන්නුවාට ලංකාවේ දේ ලෝකේට ගෙනියන්න දිනේෂ් (පරිසර වේදියා ),ලොකු පීරිස් ලොකු වෙහෙසක් ගන්නවා ....ඔබලාට හදවතින් ම ස්තුතිය ...❤❤❤මෙ vidioව බලන්න ආසාවෙන් හිට්යේ අපෙ පොඩ්ඩා ......(පොමිත ) ලංකාවේ සොඳුරු සංචාරකයන් අතරෙ... ආදරෙයි දිනේෂ් ...ලොකු පීරිස් ...❤❤❤❤❤❤❤❤❤❤❤😍🙏🙏
@praveenchathuranga59
@praveenchathuranga59 Жыл бұрын
අපේ කාලයේ සොදුරු ගවේෂකයා ❤ DAP
@worldbikelovers........
@worldbikelovers........ Жыл бұрын
ඔයානම් පිස්සුවක් අයියේ.කියන්න වචන නෑ❤
@traveler900
@traveler900 Жыл бұрын
ලොකූ පීරිස් ගේ කටහඩ අහන්න තියෙන අමාරැව.😁👍👍👍🌿🇱🇰
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
ඒක මාරම අත්දැකීමක්..💪 මමත් හැබැහින්ම ගියා වගේ..😍 හදවතේ සොඳුරු සංචාරකයා ..💜️ DAP..❤
@technophile741
@technophile741 Жыл бұрын
මේ මාගේ පුණ්‍ය භූමියයි ❤️🙏 ගොඩක් පිං දිනේෂ්, ලොකු පීරිස් සහ අනෙක් සොහොයුරන් දෙදෙනාටත් මෙවැනි වටිනා රූප රචනාවක් අප වෙත ගෙන ආවට ❤️
@nadeekatharangani6069
@nadeekatharangani6069 Жыл бұрын
ලොකු අවදානමක් අරගෙන සැගවී තිබෙන සොබාදහමේ විස්මිත නිර්මාණයක් රූප රචනයක් ලෙසින් අප වෙත ගෙන ආවට ගොඩාක් ස්තූතියි ..💚💚
@Himansha_wishmika
@Himansha_wishmika Жыл бұрын
ඊලගට නිල් දිය පොකුණෙත් යමු ජය වේවා අයියා බුදු සරණයි ❤️🍀🙏
@kanthiranatunga4865
@kanthiranatunga4865 Жыл бұрын
අපිට ලගා නොවිය හැකි ශ්‍රී ලංකාවේ සැගවුනු සුන්දර ස්ථාන හා ඔබ වැනි තරුණ පුතුන් හා දියණියන්ට ගවේශනය කල හැකි ස්ථාන දැක බලා ගන්නට සැලැස්වීම මහත්වු පිනකි. තව තවත් මෙවැනි අගනා රූප රචනා කිරීමට ධෛර්‍ය් වීර්්‍යය ලැබේවා.😊 ඔබට සහාය වන ලොකු පීරිස් ටද සෙත් වේවා.!!😊 දෙදෙනාටම තෙරුවන් සරණයි.!!
@chathurangawanniarachchi
@chathurangawanniarachchi Жыл бұрын
භයානක සංචාරයක්
@travelwiththanushka9508
@travelwiththanushka9508 7 ай бұрын
හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් සුභ පැතුම් අපෙ සොදුරු ගවේෂක දෙපලට ❤❤❤
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
ආසාවෙන් travel videos බලන එකම channel එක. 🤍😇🇱🇰 මේකෙ තියෙන්නෙ වෙනම රසක්. අනිත් channel වල වගේ නෙවෙයි 😊
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
මං කලින් බැලුව මේක ජැක්සන් ඇන්තනීගෙ කලු ගග දිගේ එකේ.. එතුමට වඩා හොද පැහැදිලි කිරීමක් දුන්නට බොහොම ස්තූතියි ❤️👌
@user-cm7fy5pn1k
@user-cm7fy5pn1k Жыл бұрын
අපේ ගම 😊
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
පට්ට 🥺🌻💚 ඉක්මනටම කන්දක් නගිමු
@kindu5757
@kindu5757 Жыл бұрын
අම්මෝ අයියේ පිස්සුවක් දෙයියනේ මේක ❤දිනේශ් අයියේ ලොකු පීරිස් පරිස්සමට මට මෙහෙම බලලා බය හිතනවා අනේ මේවා බලන්න පිං කරලා තියෙනවා ❤
@jalithalankanathvithana8549
@jalithalankanathvithana8549 Жыл бұрын
හැමදාම වෙනස්ම විදිහෙ තැන් වලට අපිව එක්ක යන මේ සොදුරු ගවෙශකයාට ගොඩක් පින්...❤️
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Ape rate lassana than apita pennuwata obata pin❤🎉
@shakthimanamperi115
@shakthimanamperi115 Жыл бұрын
adath supiri... dinesh ayya & loku peries !
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 9 ай бұрын
සොඳුරු ගවෙශකයා❤
@maneludawatta4888
@maneludawatta4888 Жыл бұрын
Harima Awadanam wadak Ayye harima lassanai parissamen Budu saranai ❤❤❤
@mak11647
@mak11647 Жыл бұрын
හත්දෙයියනේ.....🌺🌺🌺🌺🌺💪♥️
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
ලොකු පීරිස් හා නුඹගේ සුසංයෝගය ඉතා විශිෂ්ටයි ❤️🤝
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
❤❤
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
​@@sagarapeiris1571 🥰🤝
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤ ලොකු awadamak අරගෙන රටේ සැඟවී තිබෙන දේවල් පෙන්නුම් කරනවාට බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤
@hesaraenterprises279
@hesaraenterprises279 2 күн бұрын
අපිට කවදාවත් ලබන්න බැරි සුපිරි අත්දැකීමක් ලබාදුන්නාට ඔයාට ස්තුතියි 👍,
@shanukathiwanka8212
@shanukathiwanka8212 Жыл бұрын
ලොකු පිරිස්තුත් සුපිරි නියමයි ,හොඳ සහොදරයො දෙන්නෙක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@amilasampath3822
@amilasampath3822 Жыл бұрын
එල
@namalgunawardana5399
@namalgunawardana5399 Жыл бұрын
ආයුබෝවන් දිනේශ් 🙏🙏🙏...පපුව ඇතුලෙ තියෙන ලෙන්ගතු කම වචන වලට පෙරලන්න අමාරුයි මිත්‍රයා ❤️❤️❤️..
@asankadimal5019
@asankadimal5019 Жыл бұрын
කොච්චර අවදානමක් උනත් ඔයාගේ හිනාවත් එක්ක බලන අපිට ඒ අවදානම නැතිකරනවා මල්ලී ඔයා. බුදු සරණයි ඔයාට ලොකුපීරිස්ට
@thilinishanika1732
@thilinishanika1732 Жыл бұрын
Polowa yatath wenasma sundara lokayak. Lassanai. B.S
@dhananjayahasitha6227
@dhananjayahasitha6227 Жыл бұрын
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කියාපාන විශ්මයජනක සංචාරයක් 🍀🏞️🔥 DAP 🔥❤️
@ishaanavishka
@ishaanavishka Жыл бұрын
දැන් හදවතේ සංචාරකයා නෙමෙයි හදවතේ ගවේශකයා 🥺🥺💪💪❤️❤️❤️
@thimanksdhahampriya4664
@thimanksdhahampriya4664 Жыл бұрын
Good job
@kasunherath9445
@kasunherath9445 Жыл бұрын
හරිම ලස්සන වැඩක්
@khettiarachchi3892
@khettiarachchi3892 Жыл бұрын
බුදුසරණය🙏🙏👍🌹
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
සංචාරය කරමින් දැනුම බෙදාහරිද ලස්සන හදවතක් ඇති හදවතේ සංචාරකයා දිනේශ් ❤❤
@nandanajayantha2211
@nandanajayantha2211 7 күн бұрын
විශිෂ්ඨයි .ජයවේවා .තෙරුවන් සරනයි .
@gayang1773
@gayang1773 Жыл бұрын
Harima lassanai dinash ayya apa rata a unata parissamin ayya siyalu dannatama bs
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
සොබාදහම රකින්නා සොබාදහම විසින්ම ආරක්ෂා කරනවා වගේ අයියාවත් මේ විශ්වය ආරක්ෂා කරවී ඉදිරියටත් මේ වගේ සුන්දර, සැගවී ඇති තැන් අපිත් එක්ක සංචාරය කරන්න. ලොකු අවදානමක්‌ අරගෙන ගොඩක් දෙනෙක්ට කොහොමත් යන්න බැරි මේ වගේ දුර්ලභ ලස්සන තැන් අපිටත් විදින්න සලස්වනවට thank you ♥️ දිනේෂ් අයියේ 💗💗💗💗. ඔයාට ජේසු පිහිටයි 🌻
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
❤ 👍 fantastic.. amazing. Thanks. ලස්සන video වක්. පරිස්සමින්... Jackson Anthony කළු ගග දිගේ යද්දී රූපලෙනට ගියා මතකයි.
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
සොබාදහමේ අනගි සහ විශ්මිත නිමැවුමක් සොයා ගිය වික්‍රමාන්විත ත්‍රාසජනක සන්චාරයක්...!! ගොඩක් ස්තූති මෙවැනි සොබාදහමේ සුන්දර නිර්මාන රටට ලෝකයට ගෙන යන්න දරන වෙහෙසකර ප්‍රයත්නයට ❤🙏
@damayanthigamage8344
@damayanthigamage8344 2 ай бұрын
ඔබ වැනි ගවේෂණ කෙනෙක් සොබාදහම අසිරිමත් දායාදය ❤❤ ❤❤ n
@anushirangani8005
@anushirangani8005 Жыл бұрын
හරිම අපූරුයි. ගවේෂණාත්මකයි මෙතෙක් කාගෙත් ඇස් නොගැටුණු අලුත්ම වෙනස්ම රූප රචනාවක්... 💚♥️
@techhelp2268
@techhelp2268 Жыл бұрын
DAP ❤ බලාගෙන හිටපු එක ❤❤
@ashahemage7610
@ashahemage7610 Жыл бұрын
හැමෝටම සුබ වේවා. බය හිතෙන ගවේෂණයන් සම්බන්ධ කර ගෙන තෙරුවන් සරණයි ඹයාලට.
@randikamiyumal5823
@randikamiyumal5823 Жыл бұрын
සුපිරි නියමයි film එකක් දිහා බලන් හිටියා වගේ ❤❤❤
@nilentir9599
@nilentir9599 Жыл бұрын
dalada.sameduge.pihitai..oyala.siyalu.denatama..❤❤❤❤
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
මෙ වගේ අරැම පුදුම දෙය ගේන ඔයාට ගොඩක් පින්❤
@gggghhhjjjjj
@gggghhhjjjjj Жыл бұрын
අම්මෝ අයියෙ,,,ol ලියල ඉවරවෙලා ආව විතරයි,,වීඩියෝ එකක් දාල තියනව කියල දැක්කහම ඒ සතුට,,,,💯
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ...💐 ලොකු පීරිස් ...💐 සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
පුදුමාකාර ගමනාන්තයක් දිනා ඔබ නම් ප්‍රදානයක් රටට සම්පතක් 🇱🇰 පාසල් ළමුන්ට බලන්න ඕනිම දැනුම් ගබඩාවක් ඔබ ගමන් ආරක්ෂා ලොකු පීරිස් ඔබට ස්තූතී ❤ පින් නොදැක්ක ලොවක් මෙය දැනුම් ගබඩාවක් වෙනස්ම ඇස් දෙකක් ගවේෂකයෙක් ලේඛකයන් පීවයක් ජය බුදු සරණයි ජේසු පිහිටයි
@sithijahasarel4406
@sithijahasarel4406 Жыл бұрын
කාලයක් තිස්සෙ කාදනයට ලක් උන තැනක් වගේ සමහර විට භූගත ගගක් හිදිල වෙන්න පුලුවන්. කොහොම උනත් ලස්සනයි .. බුදු සරණයි !!
@ashenmenuka3286
@ashenmenuka3286 Жыл бұрын
සොදුරු මිනිසා🧗🙏🌷🙏
@Gossiplabhot
@Gossiplabhot Жыл бұрын
ආදරණීය දිනේෂ් මිනිරන් තිබුනට අදාළ පුද්ගලයන් දැනුවත් නොකරණවානම් හොදයැයි සිතමි. මන්දයත් මෙහි සිටිනා බොහොමයක් ඔබ වැනි මිනිසුන් නොවෙනා බැවිනි. ආදරෙයි ඔබගේ සිතුවිලි වලට ❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
මිනිරන් නෑ එතන 🫡🌿❤️🤭
@Gossiplabhot
@Gossiplabhot Жыл бұрын
@@DineshAPathum ❤❤❤
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
ලන්කාවේ නම ගෙනියනවා ලෝකෙම අනිව DAP❤❤හදවතේ සංචාරකයා budusarni
@ravindunadeeshan1114
@ravindunadeeshan1114 Жыл бұрын
අපේ ගෙවල් වලට උඩ ඔය ලෙන තියෙන්නෙ.😍❤️
@gayanpriyankara2606
@gayanpriyankara2606 11 ай бұрын
Koheda Brother eka thiyenne..❤
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
නිල්දිය පොකුණ හා සමානයි😮😊
@janaagri257
@janaagri257 Жыл бұрын
සුපිරි මචෝ..ගොඩක් පින්..
@jayaniwasana7764
@jayaniwasana7764 Жыл бұрын
ජීවිත අවදානමත් නොතකා අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරන මේ සංචාරයන්ට ගොඩක් පිං තව ගොඩාක් කල් මේවගේ සංචාරයන් කරන්න රූපරචනයන් කරන්න dinesh ඔයාට ශක්තිය වාසනාව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️
@MuyauAnum
@MuyauAnum 5 күн бұрын
දීර්ඝායු වේවා
@Kithcaption
@Kithcaption Жыл бұрын
පෙරැම් පුරලා අද දානවා මං පලවෙනි comment එක❤❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
ඔබත් ..ලොකු පීරිස් ..ස්භාදහමේ මැව්ම් අති උතුම් මනුෂ්‍ය රත්නයකි.❤❤❤❤
@kukumuse
@kukumuse Ай бұрын
ඇත්තටම මචං හරිම සතුටුයි ලංකාවේ කොල්ලෙක් තව සෙට් එකක් එක්ක එකතුවෙලා පට්ටම තැන් ටිකක් Cover කරනව වෙනම Level එකකින්. ඇත්තටම හරි සතුටුයි වගේම ලංකාවට ආපු වෙලාවක හරි උබලව සෙට් වෙලා මෙහෙම ගමනක් යන්න ආසයි මචං .. ජය වෙවා ❤
@wasanapathirana3285
@wasanapathirana3285 Жыл бұрын
හදවතේ සංචාරකයා... අදත් වෙනස්ම රූප රචනාවක් අරගෙන ඇවිත්... ආදරෙයි අයියේ.... 🍀🍀ඇබ්බැහි වූ භාවනාව🍀🍀💜
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
ලොකු පීරිස් අයියා කිව්වා වගේ ඇත්තටම Sanctum ෆිල්ම් එක තමයි මතක් උනේ මේ වීඩියෝ එක බලද්දි🤩...මහ පොලොව උඩ වගේම මහ පොලොව යටත් වෙනමම ලෝකයක අපිව සංචාරය කරන්න එක්කන් ගියාට අයියටත්, ලොකු පීරිස්ටත් ගොඩක් ස්තූතියි...ජයවේවා!❤️💯
@user-yx2wj3vd1l
@user-yx2wj3vd1l Жыл бұрын
නියමයි හදවතේ සන්චාරකයාට ජය වේවා ❤❤
@shashith3832
@shashith3832 Жыл бұрын
වව්ල්පනේ ලෙනත් ඔය වගේ ❤❤
@janakabuddhika8162
@janakabuddhika8162 Жыл бұрын
සුපිරි
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
අප වෙනුවෙන් රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් අපේ රටේ ස්වභාව සුන්දරත්වය ගැන මාහැගීමෙන් මේ ගන්නා උත්සාහය සුලු පටු නැහැ . ස්වාභාව ධර්මයට ආදරය කරන ඇලුම් කරන අප හැම දෙනාගෙම හදපිරි උත්මාචාරය ඩිනෙශ් ලොකු පීරිස් ඇතුළු හැම දෙනාටම පුද කර සිටිනවා හදවතින්ම . .ස්තූති කරන්න වචන නැහැ .ස්වභාව ධර්මය ඔබ සැමදා සුරකිත්වා...🙏❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති. වෙහෙස මහන්සිය නිවන වචන ගොන්නක්..!
@LaLaLa-rx5vn
@LaLaLa-rx5vn Жыл бұрын
වික්‍රමාන්විත ගමානාන්තයක්..ආදරෙයි දිනේශ් අයියේ..❤🔥දළදා සමිදු පිහිටයි
@user-jr2ff5lg3x
@user-jr2ff5lg3x Жыл бұрын
රත්නපුරේ රත්ගග
@janindubhanuka545
@janindubhanuka545 Жыл бұрын
Punchi dabadiwa para neda
@ureshlasantha6009
@ureshlasantha6009 Жыл бұрын
❤❤❤❤❤
@nuwanproduction2807
@nuwanproduction2807 Жыл бұрын
සුපිරියි දිනේශ් අයියා.පැයක් ගත වුනා නොදැනීම. 💯👍
@tiran760
@tiran760 Жыл бұрын
විඩියෝ එක දානකන් බලාගෙන හිටියෙ ස්භාව ධර්මයෙහි විශ්මිත මෙවැනි නිර්මාණ ලොකයාට දකින්න සලස්වනවාට බොහොමයක් පිං දිනෙශ් අයියා ලොකු පිරිස් ඔබ දෙපලට ආදරෙයි හදවතෙ සංචාරකයා...♥️🌎🍃
@isharasewwandi2022
@isharasewwandi2022 Жыл бұрын
රත්නපුර ඉපදීම ආඩම්බරයක්❤
@asanthamahesh2765
@asanthamahesh2765 Жыл бұрын
පිස්සු හැදුන දෙයියනේ. ඒක දැක්ල පින් මල්ලි ඔයටනම්❤
@user-hl3rb7pt1s
@user-hl3rb7pt1s 8 ай бұрын
හරිම සුන්දර වගේ ම භයානක තැනක්.ඔයාලා ගිය නිසා තමයි අපිට දකින්න ලැබුනේ. සොබා දහමේ අසිරිය පෙන්වුවාට ස්තුතියි ඔයාලා හැමෝටම.පරිස්සම ගැන මීටත් වඩා හිතන්න.🥰🥰🥰
@user-yx2wj3vd1l
@user-yx2wj3vd1l Жыл бұрын
මාරම හැගීමක් ඇති උනේ video eka අවසානයේදී ඒ හැගීම වචන වලට පෙරලන්න හරි අමාරුයි . හෙලයන්ගේ අභිමානය යක්ක ලේ . අනේ මන්දා මෙච්චර සුන්දර ත්වය තියගෙන රට කරවන උදවිය උඩ බලාගෙන ඉන්නේ ඇයි කියලා නමුදු යම්කිසි දිනෙක හෙලයන්ගේ අභිමානය ජය ගනී. Dinesh අය්යේ ඔයාට පින් මේ දේවල් අවධාරණය කරන එකට . රාවණා පරපුරේ උරුමය ❤❤❤❤❤
@vihangasadakalum9791
@vihangasadakalum9791 Жыл бұрын
සොබාදහම සුවපත් කරනවා මිනිසා 💚 DAP ❤
@himadarideepika8171
@himadarideepika8171 25 күн бұрын
බොහොම ස්තූතියි. අපට යා නොහැකි සුන්දර තැන් පෙන්වනවට..
@pradeeyaavlogs3793
@pradeeyaavlogs3793 Жыл бұрын
ගහපු මනෝපාර ඇස් දෙකෙම් බලන මොහොතක්.😍❤️🙏
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
ඊයෙ කියවු පද රචනයෙන් ගිය මනෝ ලෝකයට අද හැබැහින් පියමැන්නා... 💫 බොහොම ස්තුතිය දිනේෂ් අයියෙ ❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
මුලු හදවතින්ම ඔබතුමන්ලාට බොහෝ පින් 🙏 දෙවියන් ආරක්ෂා කරත්වා! 🙏
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq Жыл бұрын
හැමදාම kiyanwa wage parissamen අයියේ ......subawadahama oyawa ආරක්ෂා karanwa...khomath.....❤❤❤ .
@pereradenuwan4465
@pereradenuwan4465 Жыл бұрын
සංචාරකයා#DAP❤
@Dinuwantha_Samarathunga
@Dinuwantha_Samarathunga Жыл бұрын
පලවෙනියා❤️❤️❤️❤️ සුපිරිම වීඩියෝ එකක් අයියේ. හැමදේම පරිස්සමින්❤. බුදුසරණයි. සොබාදහම රකින කෙනාව අනිවාරෙන් සොබාදමත් රකිනව.
@user-od1ln6ct4w
@user-od1ln6ct4w 5 ай бұрын
ඔයාගේ වීඩියෝ අතර බලපූ සුපිරිම එකක්.. බුදු සරණයි ඔයාට..
@tharindudasun6323
@tharindudasun6323 Жыл бұрын
සොදුරු රූපරචනාවකින් පිරුණු වික්‍රමාන්විත ගමානාන්තයක්..ආදරෙයි දිනේශ් අයියේ..🇱🇰❤️🔥
@wajirak.g2458
@wajirak.g2458 8 ай бұрын
තෙරැවන් සරනයි ඔබලාට ගොඩාක් පින් ජයවෙිවා
@user-rh1yr8ou8q
@user-rh1yr8ou8q Жыл бұрын
Lssn wadk. Suba pathum idiri wd wlt💗💗
@Malithvidushan
@Malithvidushan Жыл бұрын
හදවතේ සන්චාරකයා
@pethumpramod609
@pethumpramod609 Жыл бұрын
අයියගෙ වචන ටික තමා මරුම 🌸.. බාවනාවක් වගේ 🙂
@skstar3855
@skstar3855 Жыл бұрын
දිනේෂ් මල්ලි ගොඩක් ලොකු පිනක් ඔයා මේ අපේ ලංකාවේ සැගවී ගිය සොදුරු තැන් පෙන්වනවාට. ඉතාලි, තුර්කි, ආමෙරිකා රටවලත් තියනව ඒ රටවල් මේවා ලස්සනට සංරක්ෂණය කරලා විධිමත් ක්‍රමවේදයකට මිනිස්සුන්ට බලන්න දීල රජයට ආදායමක් ලබාගන්නවා. රජයේ අවධානය යොමුවේවා කියලා ප්‍රර්ථනා කරනවා.
@arunagayan1406
@arunagayan1406 Жыл бұрын
ජය sodaraya
@maduka_s
@maduka_s Жыл бұрын
අපි ඔහොම ගඟක් දිගේ යං ඒකට හරියනම කෙනා ඔයා තමයි අයියේ 💚🍃
@imadithpunsara7535
@imadithpunsara7535 Жыл бұрын
Wow 🤩
@oshadipathirage5010
@oshadipathirage5010 9 ай бұрын
Wow 🙌💫
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 36 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 24 МЛН
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 11 МЛН
Vampire Girls FIGHT Over Boy 😈
0:32
Alan Chikin Chow
Рет қаралды 8 МЛН
I Outsmarted My Bully Brother And Ate His Cotton Candy🤫😎
0:33
Giggle Jiggle
Рет қаралды 9 МЛН