අධික ඉල්ලුමක් ඇති ගැඩවිල් පනුවෝ 500ක් එක පොච්චියකින් හදන සරල ක්‍රමය

  Рет қаралды 266,850

Science With Ruchira

Science With Ruchira

8 ай бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ගැඩවිල් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ගැඩවිල් පනුවන් කොහොමද ගෙදරම හදා ගන්නේ කියන කරුණ. මේ සඳහා වෙළඳපොලේ මිලදී ගැනීමට මම සොයා බැලීමේදී ඉතා ඉහල මිල ගණන් වලින් මේ පණුවන් අලවි වෙන බව සොයා ගත්තා. ඒ වගේම බොහෝ දෙනෙක් මෙම පණුවන් අන් අයට දීමට අකමැතියි.
මෙවන් තත්වයක් යටතේ මම තීරණය කළා ගැඩවිල් පනුවන් පරිසරයෙන් අල්ලාගෙන ඔවුන්ව ඉතා සරලව අභිජනනය කිරීම සඳහා සරල අටවුමක් ඔබට හඳුන්වා දීමට.
මෙය ඉතා සාර්ථක ලෙස මම කිහිප වතාවක් අත්හදා බලා තිබෙනවා. මේ නිසා ඔබටත් මේ සඳහා ආරාධනා කරනවා.

Пікірлер: 591
@sampathkumara6717
@sampathkumara6717 8 ай бұрын
හැමෝම එකතු වෙලා දෙන්න බලන්න අපේ රුචිරට උනුසුම් අත්පොලසන් නාදයක් සමඟ මජර කුහක පණූ ජාවාරම් කාරයොන්ට හොඳ හූවක්...
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
:-), එහෙම නෙමෙයි. අපි ටිකින් ටික ඉදිරියට යමු !
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 8 ай бұрын
@@ScienceWithRuchira සර්ගෙ වෙනස ❤️
@ireshamaduranthiiresha3481
@ireshamaduranthiiresha3481 Ай бұрын
Niyamai sir. Hoda sewayak .aluth de kisima kuhakathwaýak nathiwa kiyala denawa.
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
ටිකක් දීලා නිකන් ඉන්න තිබ්බ එක දැන් රටටම හදාගන්න විදිය කියලා දුන්නා සර්.ගැඩවිල්ලෝ නොදුන්න අයට ස්තූතියි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
අපි දැනුම බෙදා ගැනීම වැදගත්
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 8 ай бұрын
@@ScienceWithRuchira අපේ රටේ සමහරු කුහකයි සර් දන්න දෙයක් කියලා දෙන්නේ නෑ සමහරු හන්ගනවා.සර් වගේ අය නිසා ලොකු සේවයක් වෙනවා රටට තෙරුවන් සරණයි...!!!
@upekshasathsarani4785
@upekshasathsarani4785 8 ай бұрын
මේ වගේ බුද්ධිමත් මිනිස්සු කී දාහක් රට ගිහින් ඇති ද, මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන. රටට දෙයක් නොකර
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 Ай бұрын
කතාව ඇත්ත. මෙතුම කියල දුන්න ක්‍රමයෙන් මම පනුවො 200ක් විතර ( දල වශයෙන්) හදා ගත්ත.දැන් ඒගොල්ලන්ව වැඩි කරගන්න දෙවෙනි පියවරටත් ආව . ඔහොම ස්තූතිය් 🙏 🙏 🙏
@tissawijesooriya3322
@tissawijesooriya3322 Ай бұрын
Buddimath aya nihathamani...me hodama nidasuna..theruwan saranai methiduni...
@NaleenDilruksha
@NaleenDilruksha 6 ай бұрын
බස්නායක කියන පල් හොරා කිසිම දෙයක් කියා දෙන්නේ නෑ. කියා දෙන මුවාවෙන් ඌ උගේ ගාන කඩනවා පණුවා පවා විකුණන එක ඌ කරන්නේ. විද්‍යාර්ථියෙක් හැටියට නියම තාක්ෂණය කිසිදු ලෝබ කමක් නැතුව මෙහි කියා දෙන එකම කෙනා ඔබ තුමා විතරයි. ඇත්තටම ගොඩක් ස්තුතියි
@wasantha-br3cb
@wasantha-br3cb 3 ай бұрын
සල්ලි ගන්න ඔක්කොම හොරු 😂😂😂😂 උන් ඔක්කොම ලබන ආත්මේ පනුවෝ වෙනවා.
@wasantha-br3cb
@wasantha-br3cb 3 ай бұрын
කුලියාපිටියේ lesli agro සල්ලි කන පප්පෙක් අර හිල් මුට්ටි දෙක රු 10000 යි. 😂😂
@dd5944
@dd5944 2 ай бұрын
රටට දෙයක් කරන්න ඕනේ කියලා තමා බස්නායක කියන්නේ. රට ආගම ජාතිය ඉස්සරහට දාන් එන අය විශ්වාස කරන්න එපා කියන පාඩම කියලා දුන්නේ මහින්ද ලොක්කා.😂
@PunyasenaGodakanda
@PunyasenaGodakanda Ай бұрын
Q
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 8 ай бұрын
රටට සේවය කරන ගමන්ම පුංචි පැටියාටත් ජීවිතේ කියාදෙන එක හරිම වටිනවා ...❤❤❤❤
@chamilrathmalgoda4240
@chamilrathmalgoda4240 8 ай бұрын
ගොඩක් ස්තුති සර් මම යම් ආයතනයකට ගොස් මුදල් ගෙවා පුහුණුව ලබා ගත්තා දැන් හීමීන් වියාපාරයක් ලෙස කරගෙන යාමට අවශ්‍ය පියවර තබමින් සීටීනවා කෙසේ වෙතත් ඔබ තුමාගේ ක්‍රමය භාවිත කර පනුවන් බො කරීමට උත්සාහ කරනවා....ස්තුතිවන්ත වෙනවා.අපී...රට ගොඩ නගනමු
@iwspyapa
@iwspyapa 8 ай бұрын
how did you find the market?
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ඔබට මම ගොඩක් සුබ පතනවා ඉදිරියට යන්න
@creation6985
@creation6985 8 ай бұрын
ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද ?
@dinejaya7836
@dinejaya7836 8 ай бұрын
Mokadda e companey eka
@panapagefernando8055
@panapagefernando8055 8 ай бұрын
බොහොම වටිනව vidio එක... පනුවො කිව්වහම ඒකටම ගන්න පනු වර්ග ඉන්නවද... අපි ඉදුල් දාන පොහොර වලෙත් ඔය පාට උන් ඉන්නෙ ඒ ඔක්කොම එකයිද... නැත්නම් ඒ වර්මි කොම්පොස්ට් කිව්වම වෙනම ඉන්නවද ...ඉන්නවනම් ඒ වර්ග මොනාද... පැහැදිලි කරගන්න පුලුවන්නම් වටිනවා...
@PasinduTheekshana-wt3hd
@PasinduTheekshana-wt3hd 8 ай бұрын
ඔයානම් මාරයි.😊😊 ඔයා මේ කරන පින් වැඩේට ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏. ඒපින් බලයෙන් ජීවිතේ කවදාවත් වරදින්න නම් එපා ❤❤❤ 🙏🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබට, ලොකු සතුටක් මෙය කියවීම
@PasinduTheekshana-wt3hd
@PasinduTheekshana-wt3hd 8 ай бұрын
අනිත් සමහර you tubers ල වගේ වැඩකට නැති පල් හෑලි නැතුව ඔබතුමා මේ කරන සත්කාරය අපි අගයන්නෙ නැත්නම් , අපි ඔබතුමාට කරන අසාදාරනයක්. බුදු සරණින්🙏.දෙවි රැකවරනින් ඔබතුමාට දියුනුවෙන් දියුනුවටම පත්වීමට හැකියාව ලෑබේවා ! .😊😊😊🙏🙏🙏🙏🙏👍👍👍🌹🌹🌹🥳
@MahaarachchiIrangani
@MahaarachchiIrangani 2 ай бұрын
@user-tc6kr8to2r
@user-tc6kr8to2r Ай бұрын
පලවෙනි පාරට ඔබතුමන්ගේ වැඩසටහනක් බැලුවේ සෑහෙන්න පැහැදුනා . යමක් කරන්න මාරම දැනුමක් ලැබුණා . එයට ස්තූතිය 🙏❤️
@yTAnuththara
@yTAnuththara 8 ай бұрын
ගැඩවිලි පනුවො හදන අය පනුවො ටිකක් දුන්න නම් මොකද වෙන්නෙ 😂. දැන් ඉතින් ලංකාවෙම අහිංසක මිනිස්සු මේ ක්‍රමය ඉගෙනගෙන කරනවනෙ . ඇත්තටම සතුටුයි . ❤
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 8 ай бұрын
😂😂 ඒ අයට තෑන්ක්ස්
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
අපි තාක්ෂනය සමාජගත කරමු !
@ranjinishantha2560
@ranjinishantha2560 8 ай бұрын
Ekenma...🤝👍
@malaniweerakoon
@malaniweerakoon 3 ай бұрын
Ii
@Wijerathna408
@Wijerathna408 2 ай бұрын
Food 2:31 ​@@ScienceWithRuchira
@SpectroNaran
@SpectroNaran 6 ай бұрын
ඔබගේ හෘදයාංගම අවංක උත්සා හයක් බව පේනවා. මේ උතුම් සත්ක්‍රියාව ඔබගේත් ඔබගේ සියළු ප්‍රියයන්ගේ යහපත පිනිස වේවා
@ayodyakarunarathna5514
@ayodyakarunarathna5514 2 ай бұрын
සර් වගේ දෙවිවරු තව හදමු මේ රටේ.. ගන්ද ගොහොරු වල නෙලුම් මල් පූදමු අපි තව මඩේ.. ❤
@aminirwana6325
@aminirwana6325 8 ай бұрын
අපූරුයි ! දැණුම නොමිලේ ලබා දෙන ඔබට ස්තූතියි !
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
@sameeradinesh8074
@sameeradinesh8074 8 ай бұрын
කියන්න වචන නෑ නියමයි දැනුම විතරක් නෙවෙයි , සර් දිහා බලල මිනිස්සු personality එකත් හදා ගනීවි. " technology හංගන් ඉදල බෑ " ලංකාවේ පරණ තිබුන යම් යම් technology අද නැති වෙන්න ප්‍රධානම හේතුව.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබටත් දිරිමත් කිරීමට. ටිකින් ටික ඉදිරියට යමු !
@sameeradinesh8074
@sameeradinesh8074 6 ай бұрын
​@@ScienceWithRuchiraමේකෙ ඊළඟ වීඩියෝ එක කවදද සර් දාන්නේ
@upulgamage9268
@upulgamage9268 8 ай бұрын
කර්මාන්තයක් ලෙස දියුණු කළ හැකි සරල කාර්මික නිෂ්පාදන පිළිබඳව දැනුවත් කරනවා නමි වටිනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
මේ වීඩියෝ මාලාවෙන් එහෙම කරන්න උත්සහ කරනවා
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 7 ай бұрын
@@ScienceWithRuchira සර් මට පිටරටර වෙළද පොළට ගැඩවිල් පනුවො අපනයනය කරන්න බැරි වෙයිද
@bimshanimadhuba8630
@bimshanimadhuba8630 8 ай бұрын
ගැඩවිල් පොහොර හදන විදිහ ගැන සර් ගේ වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්නෙ...❤ සර්ට ගොඩාක් ස්තුතියි මේ විදිහට දැනුම බදා නොගෙන බෙදා දෙනවට....🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
අර කවියකුත් තියනවනේ. මගේ සතුට වෙනුවෙන් තමයි ඉතින්
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 8 ай бұрын
සතුන් අයින් කර පොහොර ගන්නා විදිහ පෙන්වන්න ස්තුතියි
@thisarasenadi2839
@thisarasenadi2839 8 ай бұрын
ඹබතුමා එදා කියලා දුන්නා කොලොම්බියා රටේ චන්දය පවත්වපු විදිය. දැන් හරියටම පේන්න තියෙනවා
@SewShimmerings
@SewShimmerings 5 ай бұрын
උගත් බුද්දිමතුන් සැමදා නිහතමානී 🙏 සරල දිවිපැවත්මකින් බලන්න අපේ රටට නිර්ලෝභීව දැනුම බෙදන විදිය 🙏 ස්තූති ඔබතුමාට දීර්ගායුශ ලැබේවා
@user-dw1iu7hv5t
@user-dw1iu7hv5t 8 ай бұрын
සර්ව දැක්කත් හිත පිරෙනවා. ඒ තරම් සිරියාවන්තයි
@chamanirajapaksha9211
@chamanirajapaksha9211 7 ай бұрын
අකුරු කියවූදා සිටම ශිෂ්‍යත්ව පංතියට ලමයි ඇදගෙන යන අම්මලා ට හොඳ පාඩමක් අපේ සර් මේ අතරෙදි ම උගන්වනවා. Thanks sir.
@chamilalankadikara8411
@chamilalankadikara8411 8 ай бұрын
අපට ඉන්න එකම සහුර්දයා ඔබ පමනයි ඔබට බොහෝම ස්තුති සර්..🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
මේ චැනල් එකේම කෙතරම් ඉන්නවාද? :-). ස්තුත්යි ඔබට
@jayanthiwimalasooriya9104
@jayanthiwimalasooriya9104 8 ай бұрын
දැහැමි දුවට හරිම ආදරේ හිතෙනව. ඔබ තුමා ගොඩක් මහන්සි වෙලා රට වැසියන්ට හොඳ අවස්ථාවක් ලබා දෙනව. Dooni ටත් ඔබ තුමාටත් ස්තුතියි. තෙරුවන් සරණයි
@LahiruRoXx411
@LahiruRoXx411 8 ай бұрын
මහන්සි වෙලා මේවගේ ව්ඩ්යෝ හදල වටිනා දැනුමක් ලබා දෙන්නේ..👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබට දිරිමත් කිරීමට
@LahiruRoXx411
@LahiruRoXx411 8 ай бұрын
@@ScienceWithRuchira සර්ටත් ස්තුත්යි දැනුම බෙදලා දේනවට..☺️
@theeventbenchpvtltd4582
@theeventbenchpvtltd4582 8 ай бұрын
ගොඩක් සතුටුයි සර් මේ කරන සත්කාරයට.... විකාර බලනවට වඩා එකෙක් ගෙ හරි ඔළුව හැදෙනවා ... විශිෂ්ඨයි...🙏
@sarathwijerathne6118
@sarathwijerathne6118 8 ай бұрын
Excellent
@LayanMaduka
@LayanMaduka 8 ай бұрын
ගැටවිලි පොහොර නිශ්පාදන වැඩසටහන් සහ ගැඩවිලි පනුවන් විකිනීම ජාවාරමක්. රුචිර ඔබ සමාජයට දෙන ගනිතිය විද්‍යාව සහ දර්ශන වාදය උගන්වා ශ්‍රී ලාංකික අපගේ හනමිටි අදහහස් සහ මොඩ දැනුම පද්දතිය නැති කරන එකට බොහොමත් ස්තුතියි
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
කිහිප දෙනෙක් මට එහෙම කිව්වා. ඇයි මෙවන් වියාපාර, ජාවාරමක් වන්නේ කියලා සිතාගන්න අපහසුයි. මෙහි සුවිසේශී අධිකාරියක් පවත්වා ගන්න විදිහක් නැහැ
@Shanthi11073
@Shanthi11073 5 ай бұрын
සතුන් මැරීම උදෙසා නොවෙයි නම් වටිනව..
@isiwaraya
@isiwaraya 8 ай бұрын
මමත් මේ දවස් වල ගැඩවිලි ගහනය අභිජනනය කරමින් යනවා. දැනුම සොයන්නන්ට ඒ සම්බනධව ඉදිරියේදී වටිනා වීඩියෝ මාලාවක් ගෙනඑන්න අදහස් කරනවා..
@ayama-
@ayama- 4 ай бұрын
මම ආසාවෙන බලන චැනල් එකක් 🌹🌹🥰🙏
@chamithudara3450
@chamithudara3450 7 ай бұрын
''හිතවත් සහෘදයනි" ජාතිය අමතන මිහිරි වචනයකි.
@shortviralvideo8k893
@shortviralvideo8k893 6 ай бұрын
මේ කියන කිසිම දෙයක් තෙරෙන්නේ නැති කෙනෙක්ට ගන්න පුලුවන් ලොකුම දේ තමා ළමයි හදන්නේ කොහොමද කියලා ❤ ළමයට ඒපා එපා කියන්නේ නැතිව එයලාට ලොකේ පෙන්නන විදිහ නම් මාරු සර්
@ant2319
@ant2319 8 ай бұрын
ස්තුතියි, සර් පුළුවන් නම් මේ දේවල් විකිණීම සඳහා කරන්න පුලුවන් ක්‍රම ද ඇතුලත් විඩීයෝ එකකුත් ලබා දෙනවා නම් ගොඩක්ම වටිනවා. මොකද මහන්සි වෙලා කරත් එය වෙළෙඳ පොළ වෙත යොමු කිරීමට අවශ්‍ය දැනුම නොමැති කම නිසා සහ ක්‍රම වේදයන් ගැන අවශ්‍ය තොරතුරු නොමැති නිසා එයට වෙළෙඳ ආදායම ක් ලබා ගැනීමට අපොහොසත් වෙයි..
@nawarathnadissanayake428
@nawarathnadissanayake428 8 ай бұрын
Vedio එක එනකම් බලන් හිටියෙ, මම මාස දෙකක් විතර වැඩෙ පටන් අරගෙන, ඔය විදිය සාර්ථකයි. ස්තුතියි, බොහොම පින් ඔබ තුමාට.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබටත් අදහසට. ඔබට සුභ පතනවා
@chamarithusitha5101
@chamarithusitha5101 2 ай бұрын
ඔබ මේවා හදලා මොකද කරන්නේ දැනගන්න අහන්නේ මට ඒ ගැන කිසිදු දැනුම ක් නැහැ
@ruchirasampath-vz6fh
@ruchirasampath-vz6fh 8 ай бұрын
2022 දී නිලන්ත ජයසූරිය සර් ගෙ පන්තියෙදි ඕක ගැන කිව්වා,මන් exam ඉවර වෙලා ඕක ගැන හෙව්වා,වැඩි විස්තරයක් හම්බුන් නෑ,ආයේ පටන් ගන්න ඕන 👍
@nethuallpositive
@nethuallpositive 8 ай бұрын
Technology karana lamaita uganwanawa bio tech wala..
@ajithgamage5883
@ajithgamage5883 8 ай бұрын
සර්, මගේ තේ වගාවට ගැඩවිලි පොහොර නිෂ්පාදනය පිලිබඳ පුහුනුව ඔබතුමාගෙන් ලැබීම ඉමහත් සතුටක්. පොහොර නිෂ්පාදනය පිලිබඳ ඉතිරි වීඩියෝ එකත් ලබා දෙන්න. පොහොර භාවිතා කරන ආකාරයත් පහදන්න. බොහොම පින් ඔබට මේ කරන සත්කාරයට.❤❤
@gayanmalkam9885
@gayanmalkam9885 10 күн бұрын
ඔබවන් රත්තරන් පුද්ගලයෙක් සමාජයට දායාදකල ඔබගේ දෙමාපියන් දෙදෙනාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 8 ай бұрын
ඒක මරු සර්...තව තවත් මේ වාගේ වීඩියෝ හරහා තාක්ෂණය ජනගත කරන්න ශක්තිය ලැබේවා...❤❤
@isurugamage7992
@isurugamage7992 8 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන. ස්තුතියි . 💐
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 8 ай бұрын
ඇත්තටම ඔබ කරන සේවය ගොඩක් වටිනවා මේ රටේ දියුණුවට ❤ ජයවේවා ❤
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 4 ай бұрын
මේ කරේ ලොකු ජනතා සේවයක් ගෙදරට අවැසි පමනට හදාගන්න ඉතිරි ටිකත් කියලා දෙන්න ස්තුතියි සර්ගොඩක් පින්😊
@damayanthikumari1263
@damayanthikumari1263 3 ай бұрын
ඇතමයි ඔබතුමාට බොහොම ස්තුති .දීර්ඝගායූ වේවා දෙවිපිහිටයි බුදුසරනයි ඔබතුමාට
@simplethinkers9460
@simplethinkers9460 8 ай бұрын
Actually, sir, this channel is my favorite channel on KZbin. Thanks for the free knowledge. This is a big lesson for people who hide technology without sharing it, sir. Indeed, thank you very much for easily distributing such excellent scientific education to the people of this country. I hope that you will get more strength to build our country with this new technological knowledge as well as attitude.🙏
@sujeewapriyadarshani4510
@sujeewapriyadarshani4510 3 ай бұрын
ගැඩවිලි පොහොර නිෂ්පාදන ය පිලිබදව serch කිරීමේදී අහබු ලෙස ඔබ තුමාගේ වීඩියෝ දැක්ක කෙනෙක් මම. ඔබ තුමාගේ අනෙකුත් වීඩියෝ ත් හොයහොයා බැලුවා. මං comment දාන කෙනෙක් නෙවෙයි සාමාන්‍යයෙන්, ඔබ තුමාගේ සත් ක්‍රියාව අගයලා comment එකක් දාගෙනම යන්න ඕනේ හිතුනා. ඔබ වැනි පුද්ගලයන් හරිම අඩුයි. නිර්ලෝබීව දැනුම බෙදාදීම ඉතා අගය කොට සලකමි. දියුණු වෙන්න උත්සහ කරන කෙනෙකුට ඔබ තුමා කියාදෙන දේවල් ගොඩක් වටිනවා. තවත් මෙවන් සත් ක්‍රියාවන් කිරීමට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ පතනවා 🙏🙏
@user-tc6kr8to2r
@user-tc6kr8to2r Ай бұрын
ඔය ටිකමය් මටත් කියන්න උවමනා කලේ ..ස්තූතිය් ..🙏
@nuwangamage4410
@nuwangamage4410 29 күн бұрын
ස්තූතියි ,, පොලොවෙ ඉන්න හැම ගැඩවිලාම හරියන්නෑ. ඒකට හේතු තියෙනවා. මම මේ පිළිබඳව පාඨමාලාවක් කරල ව්‍යාපාරයක් විදියට කරන්න පටං ගත්ත.
@priyangasageewani53
@priyangasageewani53 8 ай бұрын
ගොඩාක් ස්තූතියි sir, ව්‍යාපාරයක් විදිහට කරගෙන යාම සදහා අවශ්‍ය දැනුම ලබාදෙන video එකක් ඉදිරිපත් කරන්න ,ගොඩාක් වටිනවා,,,❤❤❤
@nalakamunasengha3893
@nalakamunasengha3893 7 ай бұрын
ආදරෙයි මහත්තයා.ඔබ වැනි අය අපේ රටේ සම්පතක්
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 3 ай бұрын
ඔබතුමා නියම ගුරුවරයෙක්, ජයෙන් ජයම වෙන්න ඕන ඔබතුමාට🙏🙏🙏🙏
@asankanuwan4723
@asankanuwan4723 8 ай бұрын
ඔබතුමාගේ දැනුම බෙදා දීම බොහොම ස්තූතියි .ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා ජයශ්‍රීමාබෝසමිදු පිහිටයි .
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ඔබටත් එලෙසම පතනවා
@malaniperera8553
@malaniperera8553 3 ай бұрын
මම ඔයාගෙ වීඩියො බලලා අනිත් අයට සෙයා කරනවා හරිම වැදගත්
@samanchathuranga5391
@samanchathuranga5391 6 ай бұрын
හොද දෙයක් දිමට සිතීමම ලොකු පිනක් සර් බුදුසරණයි ❤
@saduniwathsala
@saduniwathsala 8 ай бұрын
මොන වීඩියෝ එක කරත් සුපිරියක් තමා ඉතිං 👍👍👍
@lalithboyagoda1404
@lalithboyagoda1404 3 күн бұрын
මමත් මේවා හදාගන්න හැටි දැනගන්න හිටියෙ .බොහොම ස්තුති ඔබතුමා ට
@ublack8749
@ublack8749 8 ай бұрын
මට මේ සිද්දිය පෞද්ගලිකව චුට්ටක් වත් අදාල කාරණයක් නෙවෙයි. ඒත් මම හරිම සතුටු උනා, ඔබ තුමාගේ මේ සත්පුරුෂ වෑයම දැකලා. ඉතින් අපි මුළු හදවතින්ම සුබ පතනවා, මේ කටයුත්ත හරිආකරයෙන් ජනමත වෙලා, බොහෝ අය මෙයින් ප්‍රයෝජන අරන් රටට, රටේ මිනිස්සුන්ට යහපතට මඟ පැදේවා කියලා.... ඔබ තුමාට බොහොම පින්......
@prabhathbandara
@prabhathbandara 8 ай бұрын
වටින video එකක්..."සෑම තෙත පසකම පණුවෙක් ඉන්නව පුතා" අර viral ගිය පණුවො කොටන Video එකේ කොල්ලා මතක් උනා😂
@gayanmalkam9885
@gayanmalkam9885 10 күн бұрын
දැහැමි දුවටත් සර්, ටත් බුදුසරණයි. ගොඩක් ස්තුතියි මේ කරන්නාඌ මහගු සමාජ සේවයට
@doctorarunapieris9502
@doctorarunapieris9502 8 ай бұрын
Dr. Ruchira This is an impressive and unique video . Thank you for your efforts to improve the knowledge of the farming community of this country
@GamageWeerasinghe
@GamageWeerasinghe 2 ай бұрын
බොහොම ඉස්තුති. මැතිතුමනි. ඔබ තුමාගෙ පැහැදිලි කිරිිම හොදින් කලා. කුහක මිනිස්සු අතරෙ. හොද හදවතක් ඇති. කෙනෙක් ඔබ තුමා. ජයෙන් ජය වේවා..
@Malithvidushan
@Malithvidushan 8 ай бұрын
සර් දරන වෑයමට Respect ❤
@vindyafernando621
@vindyafernando621 5 ай бұрын
බොහොම වැදගත් මාතෘකාවක්. ස්තූතියි ඔබ තුමාට ❤
@user-fz3yh2dp8d
@user-fz3yh2dp8d 4 ай бұрын
කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏
@walkwithdon
@walkwithdon 8 ай бұрын
ඔබගේ දේශන ඉතා විශිෂ්ටයි......අප පාසලේ කළා උළෙලකට ඔබගේ දේශනයක් ලභාගැනීමට ඔබව සම්බන්දකරගන්න දුරක්ථන අංකයක් දිය හැකිනම් බෙහෙවින් අගය කරමි...ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 8 ай бұрын
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් සර් බොහොම පැහැදිලිව කියා දෙනවා බොහොම ස්තුතියි සර් ඒ අතරේ චූන් පානුත් එනවා
@thilinadissanayaka5684
@thilinadissanayaka5684 8 ай бұрын
සර්ටයි දෝනිටයි ගොඩක් පිං මේව මෙහෙම කියල දෙනවට
@harshiw86
@harshiw86 8 ай бұрын
Great video sir. Really glad you are sharing knowledge freely. Currently I'm doing it and banana peels attract ants, therefore use hitline chalk to draw a line around the pot. Me too paid and learned about vermi compost but I gave worms for free for someone who was interested in this field.
@sanojroshan8
@sanojroshan8 6 ай бұрын
දහස් ගානක් වටින දෙයක් කියලා දුන්නේ❤️.මේවා දන්න අය කියලා දෙන්නේ නෑ.
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 Ай бұрын
ඔබ තුමාට සහ දූ පැටියට බුදුසරණයි ❤❤❤❤
@PilituraTV
@PilituraTV 8 ай бұрын
ඔබගේ සේවය අතිවිශිෂ්ඨයි..
@YATSDshanu
@YATSDshanu 3 ай бұрын
නියමයි..සර්...අද තමයි සර්ගෙ වීඩියෝ එක බැලුවෙ...❤
@tharusha-th2vr
@tharusha-th2vr Ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි ඔබතුමා හරි නිහතමානීව පැහැදිලි කලා
@heenmanikewataliyadde5828
@heenmanikewataliyadde5828 2 ай бұрын
ස්තූතියි නියම පාර පෙන්වූට.මම පොහොර ගෙන්නා ගත්තාඒවාඅමු මඅමු ගොම.ඒවගේ.ගැඩවිලුන් පිරිලා පුලුවන් තරම් කුලුනකට දැම්මා .දැන් එයනිවරදිව කරගන්න පුලුවන්.
@ruwanganinammuniarachchige7120
@ruwanganinammuniarachchige7120 8 ай бұрын
Just a suggestion , If you add lime leaves mixed with neem leaves ants will not attack . On top of the 6th layer and around the wormery will keep 🐜away. But have no idea how that will effect the worms. I will try practically and let you know. Thank you for your contribution towards developing of our country. It's very interesting to watch your programs.
@priyanthakarunarathne
@priyanthakarunarathne 8 ай бұрын
ආසාවෙන් හිටියා මේ ගැන දැනගන්න ගොඩක් ස්තූතියි සර්
@DumindaHerath13
@DumindaHerath13 6 ай бұрын
Thank you very much sir. තවදුරටත් මේ ගැන සොයන්න පුලුවන් reference data ටිකක link දන්න පුළුවන් නම් ලොකු උදව්වක්
@maheshsuranga4455
@maheshsuranga4455 7 ай бұрын
සුපිරි සුපිරි හොරුන්ට හොදටම රිදෙන්න දීල තියනවා
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 6 ай бұрын
පණුවන් එකතු කිරීම මරු sir
@nishazharris7556
@nishazharris7556 8 ай бұрын
Really appreciate your knowledge,i watch and hear videos while going back to home everyday in new york.
@patisodagaami3708
@patisodagaami3708 3 ай бұрын
ගෝඩාක් ස්තුතියි සර් ලොබ නැතිව දැනුම බෙදන අයබොහෝම අල්පයි
@karunaratneabeygunawardena1945
@karunaratneabeygunawardena1945 8 ай бұрын
ඔබතුමාගේ සියළු දැණුවත්කිරීම් ඉතාමත් වටිනව. ජීව වායුව නිපදවා ගැනීමට අවශ්‍ය ඒකකයක් සකස් කරගැනීමේ තාක්ෂණය පිළිබඳ වීඩියෝවක් ගේන්න.
@rpsrajapaksha788
@rpsrajapaksha788 7 ай бұрын
ගොඩක්.ස්තූතියි.සර්.ඔබ.මේ.ගැන.උනන්දු.වීම.ගැන.මේ.ගැඩවිලිපනුවා.දිරාගිය.කෙසෙල්.කදන්වලත්.ඉන්නවා.සර්.
@thilankayshith3632
@thilankayshith3632 25 күн бұрын
ගොඩාක් ස්තූති සර් මම ගමේ අයටත් කියල දෙනවා මේක ❤️🌺
@vinithadesilva4333
@vinithadesilva4333 6 ай бұрын
ගොඩාක් පින් සර්.මෙහෙම දැනුමක් ලබා දීම වෙනුවෙන්
@anuradharmasiri8723
@anuradharmasiri8723 5 ай бұрын
මේ පණුවා පිටරටින් ගේනව වගේනේ වයාපර කරන අය කතාකරන්නේ.රූචිර සර් නියම පහරක් දුන්නේ වර්මි කොම්පෝස්ට් මුදලාලිලාට
@dharmapala4759
@dharmapala4759 5 ай бұрын
දැනූවත්කිරිමහරිවටිනවදේදේනාටම. බූදුසරනයී. ❤❤❤
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 4 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට කරලා බලන්න හිතුනා
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 4 ай бұрын
ස්තුතියි සර්..අදහසක් තියනවා පටන්ගන්න..දෝණිටත් ස්තුතියි ..❤️❤️
@ArunaNamal
@ArunaNamal 8 ай бұрын
ගොඩාක් හොඳ පැහැදිලි දැනුවත් කිරීමක්
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබටත් දිරිමත් කිරීමට
@KalukapugeTissaDharmakee-pb3vj
@KalukapugeTissaDharmakee-pb3vj 6 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරිීමක්.අනෙකුත් අය කියාදෙන්නා වගෙ ඇවිත් සඟවනව.ඒ අයගෙ ව්‍යාපාරය නිසා වෙන්න ඇති.වැරදි කියන්නත් බැහැ.කෙසේවෙතත් glaws පාවිච්චි කලානම් හොඳයි tetanus bacteria එක ඔවැනි ස්තානවල හොඳි වැඩෙන නිසා.ස්තුතියි .
@harsha8157
@harsha8157 7 ай бұрын
ගොඩාක් ස්තුතියි සර් දැහැමි දූටත් බුදුසරණයි ❤
@sampathperera5953
@sampathperera5953 8 ай бұрын
සර්ගෙ සංකල්පත් එක්ක අපි වැඩ.....ස්තූතියි.....
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබට, දිරිමත් කිරීමට.
@udayakumarasiri2220
@udayakumarasiri2220 8 ай бұрын
Thanks sir අපේ එඋන් මෙම පනුවන් බාවිතකරන්නේ මාලු අල්ලන්ඩ.
@kanthir380
@kanthir380 3 күн бұрын
ස්තූතියි දැනුවත් කිරීමට
@lahirugamage6958
@lahirugamage6958 Ай бұрын
Thank you very much sir.. You are a true gentleman. I really appreciate you. You are explaining details very cleary. May the tripple gem bless you and your family ❤
@tharakatharanga5294
@tharakatharanga5294 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ස්තූතියි ඔබ තුමාට ...
@mkamal8798
@mkamal8798 7 ай бұрын
Upto my knowledge there are specific earthworms that are widely used for composting rather than the available worms in our earth. Which are known as African worms 1. Eisenia foetida (red winkler) and 2. Eudrilus Eugeniae ( Nightcrawlers). Both are heat tolerance and quickly possible to compost degradable dumps in around 45 days. Our worms take time to compost and don't like to stay on the top surface.
@lalithsriyananda6159
@lalithsriyananda6159 8 ай бұрын
Building up of worm is totally understood.Explain the next step to make fertilizer.
@gaminpramiya
@gaminpramiya Ай бұрын
Loku danumak laba gaththa.obathumata godak pin.math hoya hoya hitiye
@buddhikanuwan141
@buddhikanuwan141 8 ай бұрын
ගොඩක් වැදගත් ,සියලුම තොරතුරු සහිත වීඩියෝ එකක් , ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබටත්. එලෙස කරන්න උත්සහ කරනවා
@UpulNisantha-im6eg
@UpulNisantha-im6eg 8 ай бұрын
මේක දිගටම කරගෙන යන්න සර්
@dsengineering145
@dsengineering145 8 ай бұрын
දැහැමි දෝණි 💝 👍බොහොම ස්තූතියී සර් අපේ රටට කරන මේ සේවයට 💌.
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්ය්ය මගේ ගුරුවරුන්ට සහ දෙමාපියන්ට
@dsengineering145
@dsengineering145 8 ай бұрын
​@@ScienceWithRuchira💐🙏🙏🙏💝
@user-sy8ss6st4u
@user-sy8ss6st4u 8 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 🎉🎉
@ScienceWithRuchira
@ScienceWithRuchira 8 ай бұрын
ස්තුත්යි ඔබටත්
@creation6985
@creation6985 8 ай бұрын
බොහොම ස්තුති සර් ..🙏 වීඩියෝ එකට..❤️
@sameeraudayakumara4538
@sameeraudayakumara4538 5 ай бұрын
සර් පුලුවන් ඉක්මණට වර්මි කොම්පෝස්ට් හදන හැටි ගැන වීඩියෝ එකත් දාන්න. අපි බලන් ඉන්නවා..😊
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 5 ай бұрын
අඩේ මරු ආ...මම දවසක් බූල් ජැකට් එකක් හෝදන්න දැම්ම ටැප් එක ළගට මට ටික දවසක් ඒක හෝදන්න උනේ නෑ..ඕන් දෙයියනේ බලනකොට ඔය පණුවො පිරිල ඒකෙ..ඒ කාල්ව් දන් නෑ ගැඩවිල්ලු ගැන..❤️❤️අශ්ව ගනන් දෙන්න එපා..ආදරෙයි සර්.
@lovetolive23
@lovetolive23 4 ай бұрын
මාත් මුදල් ගෙවා පුහුණුවක් ලබා ගත්තා . තුන් සැරයක් මුදල් ගෙවා පණුවන් ගෙනාවා. පලවෙනි සැරේ මොකෙක් හරි රෑ ඇවිත් පස් හාරල පණුවො කෑවා . දෙවන තුන් වන සැරෙත් ගුණනය වුනේ නෑ 😢 ටැංකියකුත් බැදල තියෙන්නේ . ආයෙත් මේ විදියට කරල බලන්න හිතුනා . Thank you sir . ❤
@janakakasthuri3850
@janakakasthuri3850 Ай бұрын
දැන් තත්ත්වය කොහොමද ...
@no6250
@no6250 8 ай бұрын
රැපිල් 10.00 ගනේ ගනන් හදල බලන්න.සර්ට ජයවෙිවා!
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 3 ай бұрын
Dr. Ruchira, Your explanation is quite successful.People can follow it very well. You are quite exemplary as you try to uplift the conditions of making wormy compost among ordinary people.Please try to put forward a video as to how we could make wormy compost and how to separate worms from the heap of compost finally. Thank you very much !
@dhammikawmdn5533
@dhammikawmdn5533 6 ай бұрын
Thank you so much Sir. Great lesson
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 63 МЛН